ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ මගියා කොටුවෙයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,462
    8,616
    113
    ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    අද (12) අලුයම ගුවන් තොටුපොළ පොලීසිය මඟින් අදාළ මගියාව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    මොහු ස්වීඩනයේ සහ යාපනය, නාගද්වීපය ප්‍රදේශයේ පදිංචි, දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවයහිමි 65 හැවිරිදි අයෙකි.

    මොහු අද අලුයම 12.45ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, අධික ලෙස මත්පැන් පානය කර තිබේ.

    ඉන් අනතුරුව එම ගුවන් යානය තුළ සිටි මගීන්ට කරදර වන ආකාරයට හැසිරීමට පටන් ගෙන ඇති අතර පසුව එම යානය තුළ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු වෙත ලිංගික අඩන්තේට්ටම් කිරීමට ද ඔහු තැත් කර ඇත.

    පසුව ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීන් ඔහු මැඩ පවත්වා තිබූ අතර, මෙම සිදුවීම පිළිබඳව, ගුවන් නියමුවා දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබුණි.

    ඒ අනුව සිදුකළ දැනුවත් කිරීම අනුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස වූ පසුව, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන්, ගුවන් තොටුපොළ පොලීසිය සමග පැමිණ, මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන තිබේ.

    ගුවන් මගියාව පොලීසිය විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබූ අතර, එහිදී මොහු මත්පැන් පානය කර ඇති බවට කරුණු සනාථ වී ඇත.

    ඒ අනුව මොහු අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අංක 01 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,324
    35,024
    113
    පයිලට් කාරයා ස්ට්‍රයික් කරලා නැද්ද ප්ලේන් එක අහසේ තියෙද්දි? මට බෑ මේක පදවන්න කීලා.
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER