Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගුවනේ දී ඉන්ධන ලබා දීම - Aerial Refueling
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවනේ දී ඉන්ධන ලබා දීම - Aerial Refueling

ගුවනේ දී ඉන්ධන ලබා දීම - Aerial Refueling

ගුවනේදී එක් ගුවන් යානයකින් තවත් ගුවන් යානයකට ඉන්ධන පිරවීම “ගගන ඉන්ධන පිරවීම“ (Aerial refueling) යනුවෙන් හඳුන්වයි. මෙහිදී ඉන්ධන ගෙන යන යානය Tanker යනුවෙන්ද අනෙක් යානය ඉන්ධන ලබන්නා වශයෙන්ද හඳුන්වයි.

මෙම ක්‍රමය මගින් ඉන්ධන ලබන යානයට දිගු දුරක් ගමන් කිරීමට හෝ වැඩි වේලාවක් ගුවනේ සැරි සැරීමට පහසුකම ලැබේ. මේ ආකාරයේ ඉන්ධන පිරවීම් කීපයක් මගින් වැඩි වේලාවක් ගුවනේ රැඳී සිටීමට හැකියාව තිබුණද ගුවන් යානා එන්ජින් වල තත්වය වැනි ඉංජිනේරුමය තත්වයන් හා කාර්ය මණ්ඩලයේ විඩාව වැනි දේ අනුව එසේ රැඳී සිටීමේ කාලය සීමා වේ.

ඕනෑම ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී තිබිය හැකි උපරිම බරක් තිබේ. මෙම උපරිම බර සීමාවට වඩා අඩුවෙන් ගුවන් යානය ගුවන් ගත වන අවස්ථාවේ තබා ගත යුතු අතර ගමන යාමට අවශ්‍ය ඉන්ධන සහ හදිසියේ වෙනත් ගුවන් තොටුපලකට යාමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දී උපරිම මගී සංඛ්‍යාවක් හෝ භාණ්ඩ ප්‍රමාණයක් ගෙනයාම සාමාන්‍යයෙන් සිදු කරයි. යානයේ ඉන්ධන ප්‍රමාණයන් අඩු වැඩි කිරීම මගින් උපරිම එසවීමේ බරට වඩා අඩුවෙන් යානය පවත්වාගැනීමට හැකියාව ලැබේ. වැඩි මගීන් ප්‍රමාණයක් හෝ භාණ්ඩ ප්‍රමාණයක් ගෙන යාමට ඇති අවස්ථාවක අඩු ඉන්ධන ප්‍රමාණයක් ලබාගෙන යානය ඉහළට ඔසවා ගුවනේ දී ඉන්ධන ලබා දීම මගින් ආර්ථික වාසි ලබා ගැනීමට හැකියාව ලැබේ.

ඒ වගේම අඩු ඉන්ධන ප්‍රමාණයක් සමග ගුවන් ගත වීමේදී බර අඩු නිසා කෙටි දුරකින් ගුවන් ගත වීමට හැකියාව ලැබෙනවා. තවද දිගු දුර ගුවන් ගමන් වලදී බිමට ගොඩ බා ඉන්ධන ලබා ගැනීමට වඩා මේ ක්‍රමය වාසි දායකයි.

ගුවනේදී ඉන්ධන ලබා දීම මගින් 35-40% ප්‍රමාණයක ඉන්ධන ඉතිරියක් කරගත හැකි බවට ගණන් බලා ඇති අතර මගී ගුවන් යානා සඳහා මෙසේ ඉන්ධන ලබා දීම සිදු නොවෙන තරම්.

මෙහිදී භාවිතා කරන තාක්ෂණය හා උපකරණ ඉතා වියදම් සහිත බැවින් වාණිජමය වශයෙන් එතරම් භාවිතයක් නැති මුත් යුධ ගුවන් යානා සඳහා භාවිතා කෙරේ. විශේෂයෙන් පසුගිය කාලයේ පැවති ගල්ෆ් යුද්ධය, ඉරාක යුද්ධය ආදියේදී මෙම ක්‍රමය භාවිතා කරනු දැකිය හැක.

ඉතිහාසය

මේ ක්‍රමයට ඉන්ධන ලබා දීම දෙවන ලෝක යුද්ධයට ප්‍රථම ආරම්භ වුවද එතරම් ප්‍රචලිත වූයේ නැහැ. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව මෙම ක්‍රමය වඩා වැඩි භාවිතයක් සිදු වුණා.

මුලින්ම මෙම ක්‍රමය පරීක්ෂණ මට්ටමෙන් අරම්භ වී තිබෙන්නේ 1920 තරම් ඈත අතීතයේදී. එහිදී සැහැල්ලු ගුවන් යානා වලට මෙසේ ඉන්ධන ලබා දීමට උත්සහ කර තිබෙන අතර එක් ගුවන් යානයක තබා ගෙන සිටි ඉන්ධන බහාලුමක සිට අනෙක් යානයේ සාමාන්‍ය ඉන්ධන ටැංකිය වෙත යොමු කරන ලද බටයක් ආධාරයෙන් මෙසේ පරීක්ෂණ කර තිබේ.

මේ ආකාරයට සාර්ථක ලෙස ඉන්ධන ලබා දීමක් මුලින්ම සිදු කර ඇත්තේ 1923 ජූනි මස 27 වන දින වන අතර ඒ සඳහා යොදා ගෙන ඇත්තේ Airco DH-4B Biplanes වර්ගයේ ඒක්සත් ජනපද හමුදාව සතු යානා දෙකකි. ඉන්පසුව එම වසරේම අගෝස්තු මස 27 හා 28 යන දෙදින ඉන්ධන පිරවුම් 9 ක් සමග පැය 37 ක් ගුවනේ රැඳී වාර්තාවක් තැබීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ.

1923 ජූනි 27 වන දින ඉන්ධන ලබා දුන් ආකරය ඡායාරූපයට නගා තිබුනේ මෙසේය.

ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් මෙම ගුවනේදී ඉන්ධන ලබා දීමේ තාක්ෂණය දියුණු කරනු ලැබු අතර අද එම තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක තිබේ.

ප්‍රධාන ක්‍රම

Probe-and-Drogue හා Flying Boom යනුවෙන් ඉන්ධන ලබා දෙන ක්‍රම දෙකක් තිබේ.

ගුවනේදී ඉන්ධන ලබා දීමට අතීතයේ සිට විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කල අතර දැනට එයින් ඉහත ක්‍රම දෙක දියුණුවට පත්ව තිබේ.

මෙයින් වඩා ප්‍රචලිත ක්‍රමය වන්නේ Probe-and-Drogue වන අතර එහිදී ඉන්ධන ටැංකිය සහිත යානයේ දිගු බටයක් පැමිණෙන අතර එහි අග කෙළවර මලක් මෙන් හැඩයක් ගනී. 1949 දී එක්සත් රාජධානියේ Flight Refuelling Ltd සමාගම විසින් මෙම ක්‍රමය සංවර්ධනය කරන ලදී. මෙම ක්රමයේ දී නම්‍යශීලි බටයක් භාවිතා කරන අතර ඉන්ධන ගලා යාමේ වේගය අඩුය. විශාල ගුවන් යානා වලට ඉන්ධන සැපයීමට මෙම ක්‍රමයේදී බොහෝ වේලාවක් ගතවේ. නමුත් එකවර යානා දෙකකට වුවද ඉන්ධන ලබා දිය හැකිය.

Flying Boom ක්‍රමයේදී නලයේ අග කෙළවරට ආසන්නයේ ගුවන් යානයක මෙන් කුඩා තටු දෙකක් දක්නට හැකිය. මෙය ගුවන් යානයෙන් පිටතට දික්ව පවතින අතර ඉන්දන ලබා ගන්නා යානය විසින් මෙය නළය වෙත පැමිණ ඉන්ධන ලබා ගත යුතුය. බෝයිං සමාගම විසින් වැඩි දියුණු කරනු ලැබූ මෙම ක්‍රමය ඇමරිකානු හමුදා ගුවන් යානා විසින් භාවිතා කරයි. මෙම ක්‍රමයේදී එක් ටෑන්කර් යානයකින් ඉන්ධන ලබා දිය හැක්කේ එක් යානයකට පමණි. නමුත් දෘඩ බටයක් භාවිතා කරන නිසා වැඩි වේගයකින් ඉන්ධන ලබා දීමට හැකිය.

යුධ ගුවන් යානයකට ඉන්ධන ලබා දෙන අවස්ථාවක්

ටෑන්කර් යානයේ ඉන්ධන ලබා දීමේ මෙහෙයුම් කුටිය.

උපුටා ගැනීමකි

[QUOTE="mic, post: 13428568, member: 10532"] [b]ගුවනේ දී ඉන්ධන ලබා දීම - Aerial Refueling[/b] ගුවනේ දී ඉන්ධන ලබා දීම - Aerial Refueling [IMG]http://lh4.ggpht.com/-MMvJT7Y_tmw/UFMBm-BN6eI/AAAAAAAAAwM/vEdcJcAGa5g/fueling_thumb3.jpg?imgmax=800[/IMG] ගුවනේදී එක් ගුවන් යානයකින් තවත් ගුවන් යානයකට ඉන්ධන පිරවීම “ගගන ඉන්ධන පිරවීම“ (Aerial refueling) යනුවෙන් හඳුන්වයි. මෙහිදී ඉන්ධන ගෙන යන යානය Tanker යනුවෙන්ද අනෙක් යානය ඉන්ධන ලබන්නා වශයෙන්ද හඳුන්වයි. මෙම ක්‍රමය මගින් ඉන්ධන ලබන යානයට දිගු දුරක් ගමන් කිරීමට හෝ වැඩි වේලාවක් ගුවනේ සැරි සැරීමට පහසුකම ලැබේ. මේ ආකාරයේ ඉන්ධන පිරවීම් කීපයක් මගින් වැඩි වේලාවක් ගුවනේ රැඳී සිටීමට හැකියාව තිබුණද ගුවන් යානා එන්ජින් වල තත්වය වැනි ඉංජිනේරුමය තත්වයන් හා කාර්ය මණ්ඩලයේ විඩාව වැනි දේ අනුව එසේ රැඳී සිටීමේ කාලය සීමා වේ. ඕනෑම ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී තිබිය හැකි උපරිම බරක් තිබේ. මෙම උපරිම බර සීමාවට වඩා අඩුවෙන් ගුවන් යානය ගුවන් ගත වන අවස්ථාවේ තබා ගත යුතු අතර ගමන යාමට අවශ්‍ය ඉන්ධන සහ හදිසියේ වෙනත් ගුවන් තොටුපලකට යාමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දී උපරිම මගී සංඛ්‍යාවක් හෝ භාණ්ඩ ප්‍රමාණයක් ගෙනයාම සාමාන්‍යයෙන් සිදු කරයි. යානයේ ඉන්ධන ප්‍රමාණයන් අඩු වැඩි කිරීම මගින් උපරිම එසවීමේ බරට වඩා අඩුවෙන් යානය පවත්වාගැනීමට හැකියාව ලැබේ. වැඩි මගීන් ප්‍රමාණයක් හෝ භාණ්ඩ ප්‍රමාණයක් ගෙන යාමට ඇති අවස්ථාවක අඩු ඉන්ධන ප්‍රමාණයක් ලබාගෙන යානය ඉහළට ඔසවා ගුවනේ දී ඉන්ධන ලබා දීම මගින් ආර්ථික වාසි ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ වගේම අඩු ඉන්ධන ප්‍රමාණයක් සමග ගුවන් ගත වීමේදී බර අඩු නිසා කෙටි දුරකින් ගුවන් ගත වීමට හැකියාව ලැබෙනවා. තවද දිගු දුර ගුවන් ගමන් වලදී බිමට ගොඩ බා ඉන්ධන ලබා ගැනීමට වඩා මේ ක්‍රමය වාසි දායකයි. ගුවනේදී ඉන්ධන ලබා දීම මගින් 35-40% ප්‍රමාණයක ඉන්ධන ඉතිරියක් කරගත හැකි බවට ගණන් බලා ඇති අතර මගී ගුවන් යානා සඳහා මෙසේ ඉන්ධන ලබා දීම සිදු නොවෙන තරම්. මෙහිදී භාවිතා කරන තාක්ෂණය හා උපකරණ ඉතා වියදම් සහිත බැවින් වාණිජමය වශයෙන් එතරම් භාවිතයක් නැති මුත් යුධ ගුවන් යානා සඳහා භාවිතා කෙරේ. විශේෂයෙන් පසුගිය කාලයේ පැවති ගල්ෆ් යුද්ධය, ඉරාක යුද්ධය ආදියේදී මෙම ක්‍රමය භාවිතා කරනු දැකිය හැක. ඉතිහාසය මේ ක්‍රමයට ඉන්ධන ලබා දීම දෙවන ලෝක යුද්ධයට ප්‍රථම ආරම්භ වුවද එතරම් ප්‍රචලිත වූයේ නැහැ. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව මෙම ක්‍රමය වඩා වැඩි භාවිතයක් සිදු වුණා. මුලින්ම මෙම ක්‍රමය පරීක්ෂණ මට්ටමෙන් අරම්භ වී තිබෙන්නේ 1920 තරම් ඈත අතීතයේදී. එහිදී සැහැල්ලු ගුවන් යානා වලට මෙසේ ඉන්ධන ලබා දීමට උත්සහ කර තිබෙන අතර එක් ගුවන් යානයක තබා ගෙන සිටි ඉන්ධන බහාලුමක සිට අනෙක් යානයේ සාමාන්‍ය ඉන්ධන ටැංකිය වෙත යොමු කරන ලද බටයක් ආධාරයෙන් මෙසේ පරීක්ෂණ කර තිබේ. මේ ආකාරයට සාර්ථක ලෙස ඉන්ධන ලබා දීමක් මුලින්ම සිදු කර ඇත්තේ 1923 ජූනි මස 27 වන දින වන අතර ඒ සඳහා යොදා ගෙන ඇත්තේ Airco DH-4B Biplanes වර්ගයේ ඒක්සත් ජනපද හමුදාව සතු යානා දෙකකි. ඉන්පසුව එම වසරේම අගෝස්තු මස 27 හා 28 යන දෙදින ඉන්ධන පිරවුම් 9 ක් සමග පැය 37 ක් ගුවනේ රැඳී වාර්තාවක් තැබීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a1/Refueling%2C_1923.jpg/782px-Refueling%2C_1923.jpg[/IMG] 1923 ජූනි 27 වන දින ඉන්ධන ලබා දුන් ආකරය ඡායාරූපයට නගා තිබුනේ මෙසේය. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් මෙම ගුවනේදී ඉන්ධන ලබා දීමේ තාක්ෂණය දියුණු කරනු ලැබු අතර අද එම තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක තිබේ. ප්‍රධාන ක්‍රම Probe-and-Drogue හා Flying Boom යනුවෙන් ඉන්ධන ලබා දෙන ක්‍රම දෙකක් තිබේ. ගුවනේදී ඉන්ධන ලබා දීමට අතීතයේ සිට විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කල අතර දැනට එයින් ඉහත ක්‍රම දෙක දියුණුවට පත්ව තිබේ. මෙයින් වඩා ප්‍රචලිත ක්‍රමය වන්නේ Probe-and-Drogue වන අතර එහිදී ඉන්ධන ටැංකිය සහිත යානයේ දිගු බටයක් පැමිණෙන අතර එහි අග කෙළවර මලක් මෙන් හැඩයක් ගනී. 1949 දී එක්සත් රාජධානියේ Flight Refuelling Ltd සමාගම විසින් මෙම ක්‍රමය සංවර්ධනය කරන ලදී. මෙම ක්රමයේ දී නම්‍යශීලි බටයක් භාවිතා කරන අතර ඉන්ධන ගලා යාමේ වේගය අඩුය. විශාල ගුවන් යානා වලට ඉන්ධන සැපයීමට මෙම ක්‍රමයේදී බොහෝ වේලාවක් ගතවේ. නමුත් එකවර යානා දෙකකට වුවද ඉන්ධන ලබා දිය හැකිය. [IMG]http://lh3.ggpht.com/-LpoEOrOdXgw/UFMBqDejiYI/AAAAAAAAAwc/eg_-__h22yk/Refueling-Probe1_thumb2.jpg?imgmax=800[/IMG] [IMG]http://lh3.ggpht.com/-JRfQRUj9-DI/UFMBrxhoT-I/AAAAAAAAAwk/jMj5oQRapxI/Prog13.jpg?imgmax=800[/IMG] Flying Boom ක්‍රමයේදී නලයේ අග කෙළවරට ආසන්නයේ ගුවන් යානයක මෙන් කුඩා තටු දෙකක් දක්නට හැකිය. මෙය ගුවන් යානයෙන් පිටතට දික්ව පවතින අතර ඉන්දන ලබා ගන්නා යානය විසින් මෙය නළය වෙත පැමිණ ඉන්ධන ලබා ගත යුතුය. බෝයිං සමාගම විසින් වැඩි දියුණු කරනු ලැබූ මෙම ක්‍රමය ඇමරිකානු හමුදා ගුවන් යානා විසින් භාවිතා කරයි. මෙම ක්‍රමයේදී එක් ටෑන්කර් යානයකින් ඉන්ධන ලබා දිය හැක්කේ එක් යානයකට පමණි. නමුත් දෘඩ බටයක් භාවිතා කරන නිසා වැඩි වේගයකින් ඉන්ධන ලබා දීමට හැකිය. [IMG]http://lh3.ggpht.com/-LfCS9YSyKgk/UFMByQWmnpI/AAAAAAAAAw0/LfxG4DJBWls/flying-boom14.jpg?imgmax=800[/IMG] [IMG]http://lh5.ggpht.com/-uVnYkT9dEDM/UFMB14xyM9I/AAAAAAAAAxE/PHL8ug0TLHk/boom24.jpg?imgmax=800[/IMG] යුධ ගුවන් යානයකට ඉන්ධන ලබා දෙන අවස්ථාවක් [IMG]http://lh5.ggpht.com/-5Z0h-BFH7bU/UFMB6zA6LtI/AAAAAAAAAxc/nb5ScJxk2C4/Ops-Room_thumb1.jpg?imgmax=800[/IMG] ටෑන්කර් යානයේ ඉන්ධන ලබා දීමේ මෙහෙයුම් කුටිය. උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom