ගෙදරදීම කබර හමක් සාදා ගනිමු.

udesh.roach

Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    අවශ්‍ය ද්‍රව්‍ය :
    1. Facebook එකෙන් හෝ Youtube එකෙන් ගත් සබන් රෙසපියක්
    (සිංහලෙන් තියන බොහොමයක් ඒවයෙ කබර quality එක ගොඩක් හොදයි)

    2. නානකාමරයේ සෙවල කැඩීමට ගන්නා කෝස්ටික් සෝඩා ඇතුළු රෙසපියේ ලටපට
    (එක රෙසපියක සුවදකාරක හැටියට කෑම හදන්න ගන්න එසන්ස් දාල තිබ්බා, ඔබේ වටිනා කබර හම කෙහෙල් ගෙඩි සුවදින් ලබා ගන්න ඕනි නම් ඉතින් එහෙම කෙහෙල් එසන්ස් ගන්න පුළුවන්)

    3. ඉතුරු උපකරණ

    සාදා ගන්නා ආකාරය :-
    ප්‍රථමයෙන් ඔබ තෝරාගත් රෙසපියේ ආකාරයට ලටපට සියල්ල සාස්පානකට කවලම් කර ලිපේ තබා පිසගෙන කැමති හැඩයේ අච්චුවක දමා "සබන්" කැට සාදා ගත යුතුය. නැතහොත් ඉහත රෙසපියකට ලාබෙට හැදු සබන් කැටයක් කඩෙන් ලාබෙට ගත යුතුය.
    ඉන් අනතුරුව ඒ homemade සබන් කැටේ ඔබගේ ශ්‍රී දේහයේ රිසි සේ අතුල්ලමින් දිනපතා දින කිහිපයක් නාන්න, මුහුණ සේදීම්, ඇග සේදීම් ආදී සියලු කටයුතු වලට ඉහත සබන් කැටේම භාවිතා කරන්න.
    දින කිහිපයකින් අගනා කබර හමක්....
    ❤️

    අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි....!!

    ප.ලි
    දශක 4කට වැඩි කාලයක සිට ලංකාවේ ක්‍රියාත්මක වන්නේ විවෘත ආර්ථික ක්‍රමයක්. ඒකෙ ප්‍රතිපලයක් තමයි තරගකාරී වෙලදපොල ක්‍රමයක් බිහි වෙච්චි එක. ඒක ඇතුලෙ සබන් වගේ consumer goods වලට තියෙන්නෙ පට්ට තරගයක්, ඒ තරගෙ ප්‍රතිපලයක් තමයි අඩි 10ක් විතර දිග තට්ටු 3-4ක් තියන සුපර් මාකට් රාක්ක පිරෙන්න එක එක සබන් වර්ග වෙලදපොලට පැමිණිච්ච එක. ඒ තරගෙත් එක්ක අඩු මිලට හොද ප්‍රමිතියෙ තමන් කැමති සුවද, පාට, වෙනත් වාසි ලැබෙන තෝරා ගැනීම් සියගාණක් ලංකාවෙ පාරිභෝගිකයට ලැබෙනවා.

    ඒ වෙළදපොල ක්‍රමය ඊට කලින් තිබ්බ සංවෘත ආර්ථික ක්‍රමයට වඩා බිලියන ගුණයක් පට්ට. මොලේ අමාරුවක් නැති, අඩුම තරමෙ අබ ඇටේක මොල පරිමාවක් තියන, හොද සිහිකල්පනාව තියන එකෙක් තරගකාරී විවෘත වෙලදපොල අතෑරල දාල සිරිමගෙ සමූපකාර කිරිමණ්ඩල ක්‍රමේට ආයෙ යන් කියල නොකියන්නෙ ඒකයි.

    ඉතින් ඔය වෙළදපොල කතාවක් මේ පෝස්ට් එකට දැම්මෙ ආයෙ වෙන මොකටවත් නෙමෙයි, ලාබෙට දෙන්න පුළුවන්කමක් තියනවා නම් එච්චර තරගකාරී වෙළදපොලක සබන් කැටේ රුපියල් 137ක් වෙනකම් උස්සන්න සමාගම් වලට පිස්සු නෑ.

    එහෙනම් ඇයි ගණන් ඉස්සුවෙ?
    සබන් කියන්නෙ අලයි, ලූණුයි, පොල් කිරියි, කුළුබඩුයි දාල හැදිගාල හදන කිරි හොද්දක් වගේ දෙයක් නොවන නිසා.

    පිස්සගෙ මෝඩ ආර්ථික ප්‍රතිපත්ති නිසා අමුද්‍රව්‍ය වල ගාණ ඉස්සුනා, සමහර අමුද්‍රව්‍ය ආනයන කිරීමට ඩොලර් පොහොට්ටු හිතවත්තුන්ට විතරක් දුන්න නිසා විවෘත වෙලදපොල වෙනුවට වෙළදපොල ඒකාධිකාරයක් පොහොට්ටුවට අරන් හිතූ මතේ ඒවයෙ ගණන් ඉහල දාල පට්ට ලාභ පක්ෂෙයි පවුලෙයි හිතවත්තු අරගත්තා.

    දැන් විදුලි බිලත් ඉස්සෙන්න නියමිතයි, ඇරත් පැය ගණන් කරන්ට් කපන රටේ continuous production එකක් ගෙනියන්න නම් ජෙනරේටර් දාගෙන මැෂින් දුවන්න ඕනි. ඔය සේරගෙන්ම unit production cost එක වැඩි වෙනවා.ඒ නිසා සබන් මිල ඉහළ ගියා.
    එහෙනම් කොහොමද ලාබෙට සබන් ගෙදර හදන්නෙ?

    පොඩියට හරි economy පොඩ්ඩක් ඉගෙනගෙන තියන ඕනි කෙනෙක් දන්නව සුළුපරිමාණ නිෂ්පාදයකට සාපේක්ෂව මහා පරිමාණ නිෂ්පාදනයක unit cost එක අඩුයි කියල, එහෙම දන්න ඕනි කෙනෙක්ට එන්න ඕනි ප්‍රශ්නෙ තමා ඇත්තටම කොහොමද ලාබෙට දෙන්නෙ?
    උත්තර දෙකයි

    1. ලාබ බඩුවෙ හිලක්
    2. ඇත්තටම ලාබයක් නෑ

    වැදගත්ම දීර්ඝ සාකච්ඡාව වෙච්චි පලවෙනි උත්තරේ ටිකක් පැත්තකින් තියල දෙවැනි උත්තරේට මුලින් ගියොත් සමහර ඔය කියන සබන් රෙසපි අරන් ඇත්තටම හදන්න ගියොත් සබන් කෑල්ලක් රුපියල් 200ක් විතර වෙනවා ( අමුද්‍රව්‍ය මිල විතරක් නෙමෙයි, ගෑස්, කාලය, අමුද්‍රව්‍ය නාස්තිය ඔක්කොම ගණන් කරොත්). ඒවා ගණන් නොකර උඩින් බැලුවොට් පට්ට ලාබයි, හැබැයි ඒවා ගණන් කරොත් තරු විසිවෙයි.

    ආයෙ පලවෙනි උත්තරේට ගියොත් ඒක තමයි මෙතන වැදගත්ම,
    ඔය මං දාල තියෙන්නේ සන්ලයිට් කෑල්ලකයි, ලයිෆ්බෝයි කෑල්ලකයි, බේබි සබන් කෑල්ලකයි Total Fatty Matter අගය හෙවත් TFM අගය, සරලව කිව්වොත් TFM අගය වැඩි වෙන තරමට සබන් කැටේ හොදයි, අඩු උනොත් හමේ තියන කුණු ටික වෙනුවට හමේ තියෙන්න ඕනි තෙතමනය ටිකත් උරාගෙන තමයි සබන් ටික දියවෙලා යන්නෙ.

    සරලව කිව්වොත් හම වේලගෙන කබර හමක් කරල තමා සබන් ටික හේදෙන්නෙ.
    ඉතින් දැන් ඔය ගෙදර හදන සබන් වල TFM හොයන්න ඔයාල දන්නවද?
    ඒකට වෙනම විද්‍යාගාරයක් ඕනි, සාමාන්‍යයෙන් TFM අගය 65%ක්වත් තියනව නම් ඇගේ ගාණ සබන් කැටේකට හොදයි කියනවා, Grade 1 type bathing soap එකක් TFM 75%+.
    ඊලඟ කතාව තමා pH අගය, ගොඩක් මං දැක්ක සිංහල රෙසපි වල කියල තිබ්බෙ කෝස්ටික් සෝඩා ගන්න කියල, ඇත්ත කෝස්ටික් සෝඩා වල තියෙන්නේ NaOH කියන ප්‍රභල භෂ්මය, ඒකෙන් සබන් වල මූලික අමුද්‍රව්‍ය වන අදාල මේද ප්‍රභවයේ මේද අම්ල වල සෝඩියම් ලවණය හදාගන්න පුළුවන්. සරලව කිව්වොත් සබන් හැදෙනවා.

    හැබැයි NaOH කියන්නෙ ප්‍රභල භෂ්මයක්, මේද අම්ල NaOH ප්‍රතික්‍රියාව බොහෝවිට 1:1 අනුපාතයක් දරන්නෙ, ඒ නිසා තමයි ඔය ගොඩක් රෙසපි වල ඔය ප්‍රතික්‍රියාව 1:1 ලැබෙන හැටියට කවලම් කරන්න උපදෙස් දෙන්නෙ.

    මෙතන අවුල තියෙන්නේ ඔයා කඩෙන් ගන්න කෝස්ටික් සෝඩා වල NaOH ප්‍රතිශතය ඔයා හරියට දන්නෙත් නෑ, ඔය process එකේදි මේද ප්‍රභවයෙන් හරියට මේද අම්ල වෙන් නොවුනොත් ඒකක තෙල් පරිමාවකින් නිකුත් වෙච්චි මේද අම්ල ප්‍රමාණය ඔයා දන්නෙත් නෑ.
    අන්න එතෝට ඉතුරුවෙන කෝස්ටික් සෝඩා එක්ක හැදෙන්න පුළුවන් pH අගය ඉතාමත් ඉහළ භාෂ්මික අගයක් ගන්න සබන් කෑල්ලක්.

    අමුද්‍රව්‍ය ගන්නකොට කිරුම් මිනුම් පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් ඔය දේම වෙන්න පුළුවන්. Chemistry සම්බන්ධ ප්‍රායෝගික දැනුම පොඩ්ඩක් හරි තියන කෙනෙක් දන්නව NaOH එක්ක වැඩ කරද්දි කොච්චර පොඩි ප්‍රමාණයකින් pH අගය කොච්චර ඉහළ අගයකට වැඩි වෙනවද කියන එක.

    එතෝට ආයෙ ඉතින් A/L note එක බලලා මට කියන්න එපා මේද අම්ල කියන්නෙ දුභල අම්ලයක්, NaOH ප්‍රභල භෂ්මයක් එතෝට ඒ දෙක කවලන් කරාම ස්වාරක්ෂක ද්‍රාවණයක් (Buffer solution) හැදෙනවා එතෝට pH අගය යාමනය වෙනවා වගේ බයිලා.

    Buffer solution එකක buffer capacity එකක් තියනවා, ඒ solution එකේ buffering capacity එක ගණනය කරන්න ඕනි, කෝස්ටික් සෝඩා එකේ සාන්ද්‍රණයවත්, නිදහස් වෙච්චි මේද අම්ල ප්‍රමාණයවත් calculate කරගන්න බැරුව කොහොමද buffer capacity බලන්නෙ,
    එහෙම calculate කරන්න පුළුවන් lab තියන සබන් කොම්පැණිවලත් එහෙම ලේසියෙන් pH control කරන්න බැරි නිසා තමයි ඔය පහල පින්තූරෙ සබන් කැටේ ingredients හැටියට තියන EDTA වගේ buffer chemicals සබන් කැටේට add කරල තියෙන්නේ.
    තව ඔය අධි සාන්ද්‍ර භෂ්ම එක්ක වැඩ කරද්දි එන්න පුළුවන් අනතුරු ගැන වෙනම post එකක්ම ලිව්වෑකි.

    ඒ නිසා මෙන්න වැන්දා,
    පිස්සු කෙලලා ප්‍රමිතියෙන් තොර සබන් ගාලා හොදට තියන හම කබර හමක් කරගන්න එපා.

    භෂ්ම එක්ක සෙල්ලම් කරලා පුච්චගන්න යන්නත් එපා.
    ලගදිම ලාබෙට වෙලදපොලට සබන් වර්ග එයි. මහාපරිමාණ සබන් කොම්පැණියකට වඩා ලාබෙට මෙයාලට සබන් කැටයක් දෙන්න පුළුවන් උනේ කොහොමද කියල දෙපාරක් හිතල බලන්න.

    (ප.ප.ලි - ඕනි නම් පොඩි tip එකක් දෙන්නම්, හොද සබන් කෑල්ලක් අරන් හීනි නූලකින් 4ට කපල පාවිච්චි කරොත් වැඩි කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්,
    තව සබන් කෑල්ල කෙලින්ම ඉර අවුව වැටෙන්නෙත් නැති, වතුර විසිවෙන්නෙ හෝ රැදෙන්නෙත් නැති පෙට්ටියක හරි උස තැනක හරි තිබ්බත් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.)
    ස්තූතියි.
    --හර්ෂ එස්. ජයවික්‍රම--



     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    සබන් වලට දඩ ටැක්ස් ඒකක් ගහලා කියලත් ආරන්චියි.. සබන් වලත් බෙබි සබන් ටයිප් වලට තමයි වැඩියෙන් ගහලා තිය‌ෙන්න‌ෙ..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    (ප.ප.ලි - ඕනි නම් පොඩි tip එකක් දෙන්නම්, හොද සබන් කෑල්ලක් අරන් හීනි නූලකින් 4ට කපල පාවිච්චි කරොත් වැඩි කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්,
    උබ දන්නවා නම් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න.