Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගෙදරදී තෙරුවන් නැමදීම - අවබෝධයෙන් කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන් සූත්‍රය

මහා මංගල සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ, අථඛො අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කෙවල කප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

තේරුම

මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයේ වැඩ වසන සේක.

එකල්හි වනාහි නාම ග්රෝත්රයෙන් අප්‍රසිද්ධ වූ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ප්‍රථම යාමය ඉක්ම වූ කල්හි යහපත් ශරීර වර්ණය ඇතිව සියලු ජේතවනය බබුලුවාගෙන යම් තැනෙක්හි බුදුරජාණන් වහන්සේ වසන සේක් ද එතැනට එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ ඒ දිව්‍ය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කරුණක් සැලකෙළේ ය.

බහූ දේවා මනුස්සා ච

මංගලානි අචින්තයුං

ආකංඛමානා සොත්ථානං

බ්‍රෑහි මංගල මුත්තමං

තේරුම

දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මංගල කාරණයන් සිතූහ. එම දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව ඵලවන මංගලයන් දේශනා කළ මැනවි.

අසෙවනා ච බාලානං

පණ්ඩිතානඤ්ච සෙවනා

පූජා ච පූජනීයානං

එතං මංගල මුත්තමං

තේරුම

අනුවණ බාලයන් සේවනය නොකිරීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, බුද්ධාදී පිදිය යුත්තන්පිදීම ද දෙලොව දියුණුව ගෙන දෙන කරුණු ය.

පතිරූප දේස වාසො ච

පුබ්බේ ච කත පුඤ්ඤතා

අත්ත සම්මා පණීධි ච

එතං මංගල මුත්තමං

තේරුම

සුදුසු පෙදෙසක විසීම ද, පෙර කළ පින් ඇති බව ද, සිත මනාව පිහිටුවීම ද, උතුම් මංගල කරුණු ය.

බාහු සච්චං ච සිප්පං ච

විනයො ච සුසික්ඛිතො

සුභාසිතා ච යා වාචා

එතං මංගල මුත්තමං

තේරුම

බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්ප දැනීම ද, මනා හික්මවීම ද, සුභාෂිත වචන බිණීම ද යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.

මාතා පිතු උපට්ඨානං

පුත්තදාරස්ස සංගහො

අනාකුලා ච කම්මන්තා

එතං මංගල මුත්තමං

තේරුම

මවුපියනට උවටැන් කිරීම ද, අඹුදරුවනට සංග්‍රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත ද යන මේ කාරණා උතුම් මඟුල් ය.

දානං ච ධම්මචරියා ච

ඤාතකානඤ්ච සංගහො

අනවජ්ජානි කම්මානි

එතං මංගල මුත්තමං

තේරුම

දන්දීම ද, දස කුසල්හි හැසිරීම ද නෑයනට සංග්‍රහ කිරීම ද නිරවුල් කර්මාන්ත ද යන මේ කාරාණා උතුම් මඟුල් ය.

ආරති විරති පාපා

මජ්ජපානා ච සඤ්ඤමො

අප්පමාදො ච ධම්මෙසු

එතං මංගල මුත්තමං

තේරුම

පාපයෙහි නො ඇල්ම ද, අකුසලයෙන් වෙන්වීම ද, මත් පැනින් වැළකීම ද, හැම කුසල් දහම්හි පමා නොවීම ද උතුම් මඟුල් ය.

ගාරවො ච නිවාතො ච

සන්තුට්ඨි ච කතඤ්ඤුතා

කාලේන ධම්ම සවනං

එතං මංගල මුත්තමං

තේරුම

ගරුකළ යුත්තනට ගරු කිරීමද, යටහත් පහත් බව ද, ලද දෙයින් සතුටු වීම ද, කළගුණ සැළකීම ද සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මඟුල් ය.

ඛන්තී ච සොවචස්සතා

සමණානං ච දස්සනං

කාලෙන ධම්ම සාකච්ඡා

එතං මංගල මුත්තමං

තේරුම

ඉවසීම ද, කීකරු බව ද, ශ්රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මඟුල් ය.

තපො ච බ්‍රහ්ම චරියඤ්ච

අරියසච්චාන දස්සනං

නිබ්බාණ සච්ඡි කිරියා ච

එතං මංගල මුත්තමං

තේරුම

තපස ද, උතුම් හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් ය.

ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි

චිත්තං යස්ස න කම්පති

අසොකං විරජං ඛෙමං

එතං මංගල මුත්තමං

තේරුම

අටලෝ දහමින් සිත කම්පා නොවේද, ශෝක රහිත ද, රාගාදී කෙලෙස් දූලි නැත් ද, බිය රහිත ද මේ උතුම් මඟුල් ය.

ඵතාදිසානි කත්වාන

සබ්බත්ථ මපරාජිතා

සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති

තං තෙසං මංගල මුත්තමන්ති.

(බුදුසරණ අන්තර්ජාල කලාපය )

මහා මංගල සූත්‍රය (ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ ) මේ මහඟු ග්‍රන්ථය කියවා අවබෝධයෙන් මේ සූත්‍රය සඤ්ඤායනා කරන්න.

රතන සූත්‍රය

යානීධ භූතානි සමාගතානි

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

සබ්බේ ව භූතා සුමනා භවන්තු

අථොපි සක්කච්ච සුනන්තු භාසිතං

තේරුම

1. භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ වචනය මනාකොට අසත්වා.

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ

මෙත්තං කරොථ මානුසියා පජාය

දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං

තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා

තේරුම

2. අමනුෂ්යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා

සග්ගෙසු වා යං රතනං පණීතං

න නො සමං අත්ථි තථාගතෙන

ඉදම්පි බුද්ධෙ රතනං පණීතං

එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම

3. මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

ඛයං විරාගං අමතං පණීතං

යදජ්ක්ධගා සක්ය මුනී සමාහිතො

න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි

ඉදම්පි ධම්මෙ රතනං පණීතං

එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම

4. ආය¸මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක්‍ය කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්‍රණීත යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං

සමාධිමානන්තරිකඤ්ඤ මාහු

සමාධිනාතෙන සමොන විජ්ජති

ඉදම්පි ධම්මෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු

තේරුම

5. බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්‍රශංසා කොට ප්‍රකාශ කෙළේ ද? එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා

චත්තාරි එතානි යුගානි හොන්ති

තෙ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා

එතෙසු දින්නානි මහප්ඵලානි

ඉදම්පි සඞඝෙ රතනං පණීතං

එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම

6. බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් එක් සිය අටක් ආර්‍ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්‍රාවක වූ ඒ ආය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන

නික්කාමිනො ගොතම සාසනම්හි

තෙ පත්තිපත්තා අමතං විගය්හ

ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා

ඉදම්පි සංඝෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතු

තේරුම

7. යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යථින්ද ඛීලො පඨවිංසිතො සියා

චතුබ්භිවාතෙහි අසම්පකම්පියො

තථූපමං සප්පුරිසං වදාමි

යො අරියසච්චානි අවෙච්ච පස්සති

ඉදම්පි සඞඝෙ රතනං පණීතං

එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම

8. ඉන්ද්රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආය¸ සත්‍යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්‍රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්‍රණීත රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

යෙ අරිය සච්චානි විභාවයන්ති

ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි

කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා

න තෙ භවං අට්ඨමං ආදියන්ති

ඉදම්පි සඞඝෙ රතනං පණීතං

එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම

9. යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආය¸ සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද,ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

සහාවස්ස දස්සන සම්පදාය

තයස්සුධම්මා ජහිතා භවන්ති

සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච

සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි

චතූහපායෙහිච විප්පමුත්තො

චඡාභිඨානානි අභබ්බොකාතුං

ඉදම්පි සඞඝෙ රතනං පණීතං

එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම

10. දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්‍ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං

කායෙන වාචා උද චෙතසා වා

අභබ්බො සො තස්ස පටිච්ඡාදාය

අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා

ඉදම්පි සඞඝෙ රතනං පණීතං

එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම

11. ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ

ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ

තථූපමං ධම්මවරං අදෙසයි

නිබ්බාණගාමිං පරමං හිතාය

ඉදම්පි බුද්ධෙ රතනං පණීතං

ඒතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම

12. ගී‍්‍රෂ්ම ඍතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වරො වරඤ්ඤු වරදො වරාහරො

අනුත්තරො ධම්මවරං අදෙසයි

ඉදම්පි බුද්ධෙ රතනං පණීතං

එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම

13. උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්‍රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං

විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං

තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා

නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ

ඉදම්පි සඞඝෙ රතනං පණීතං

එතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම

14. යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්ෂය කළ ප්රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

තථාගතං දෙව මනුස්ස පූජිතං

බුද්ධං නමස්සාම සුවත්ථි හොතු

තේරුම

15. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

තථාගතං දෙව මනුස්ස පූජිතං

ධම්මං නමස්සාම සුවත්ථි හොතු

තේරුම

16. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු.

යානීධ භූතානි සමාගතානී

භුම්මානි වා යානිව අන්තලික්ඛෙ

ථාගතං දෙව මනුස්ස පූජිතං

සඞඝං නමස්සාම සුවත්ථි හොතු

තේරුම

17. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් ;ම තැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්‍රාවක සඞඝයා වහන්සේ වඳිමු.

15,16,17 ශක්රදේවේන්ද්රයා විසින් කියන ලද ගාථා තුනකි. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්‍රය දෙසන ලදී.උදේ සවස උවදුරු දුරු කර ගැනීම සඳහා භාවිතා කළයුතු උතුම් සෙත් පිරිතකි

(බුදුසරණ අන්තර්ජාල කලාපය )

රතන සූත්‍රය (ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ ) මේ මහඟු ග්‍රන්ථය කියවා අවබෝධයෙන් මේ සූත්‍රය සඤ්ඤායනා කරන්න.

කරණීය මෙත්ත සූත්‍රය

කරණීය මත්ථ කුසලෙන

යං තං සන්තං පදං අභිසමෙච්ච

සක්කො උජූ ච සූජූ ච

සුවචො චස්ස මුදු අනතිමානි

තේරුම

1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.

සන්තුස්සකො ච සුභරො ච

අප්පකිච්චො ච සල්ලහුකවුත්ති

සන්තින්ද්රියො ච නිපකො ච

අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

තේරුම

2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.

නච ඛුද්ධං සමාචරේ කිඤ්චි

යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං

සුඛිනො වා ඛෙමිනො හොන්තු

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

තේරුම

3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.

යෙ කෙචි පාණ භූතත්ථි

තසා වා ථාවරා වා අනවසෙසා

දීඝා වා යෙ මහන්තා වා

මජ්ඣිමා රස්සඛාණුකථූලා

තේරුම

4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?

දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා

යෙච දූරෙ වසන්ති අවිදූරෙ

භූතා වා සම්භවෙසීවා

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

තේරුම

5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?

නපරො පරං නිකුබ්බේථ

නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි

ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා

නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

තේරුම

6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.

මාතා යථා නියං පුත්තං

ආයුසා එක පුත්ත මනුරක්ඛෙ

එවම්පි සබ්බභූතෙසු

මානසං භාවයෙ අපරිමානං

තේරුම

7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.

මෙත්තං ච සබ්බලොකස්මිං

මානසං භාවයෙ අපරිමානං

උද්ධං අධො ච තිරියඤ්ච

අසම්බාධං අවෙරං අසපත්තං

තේරුම

8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.

තිට්ඨං චරං නිසින්නෝ වා

සයානො වා යාවතස්ස විගතමිද්ධො

එතං සතිං අධිට්ඨෙය්‍ය

බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

තේරුම

9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා

දස්සනේන සම්පන්නො

කාමෙසු විනෙය්ය ගෙධං

නහිජාතු ගබ්භසෙය්යං පුනරෙතීති

තේරුම

10. මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය

(බුදුසරණ අන්තර්ජාල කලාපය )

කරණීය මෙත්ත සූත්‍රය (ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ ) මේ මහඟු ග්‍රන්ථය කියවා අවබෝධයෙන් මේ සූත්‍රය සඤ්ඤායනා කරන්න.

තුන් සූත්‍රය සඤ්ඤායනා කිරීමේදී නිවැරදිව උච්චාරණය ඉතාම වැදගත් වේ. ඒ ගැන සැලකිළිමත් වන්න.

ආර්ය උපවාදයන් ට තෙරුවන් කමා කර ගැනීම

අනන්ත සසරේ ඉපිද මැරෙමින් අප එන මේ ගමනේදී බුදුරජණන්වහන්සේ කෙනෙකුන් හට, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්හට, ධර්ම රත්නයට හෝ, සෝවාන් මාර්ග, ඵලලාභී , සකදාගාමී, මාර්ග ඵල ලාභී, අනාගාමී මාර්ග ඵල ලාභී, අරහත් මාර්ග ඵල ලාභී වශයෙන් ද, නැවත ඒ ඒ මඟ ඵල ලාභයට පිළිපන් ලෙසද වන ආර්ය පුද්ගලයන් වහන්සේ ලාට අප සිතෙන්, කයින් වචනයෙන් යම් උපහාසයක්, අපහාසයක්, කරදරයක්, දෝශාරෝපණයක් කරගත්තේ නම් ඒ ආර්ය උපවාද අකුසලයකි. මහා සාවද්‍ය අකුසල කර්ම වන මේවා භයානක විපාක දෙන අකුසල කර්මයන් බව දන්නේ ටික දෙනෙකි. ඒ නිසා වර්ථමානයේද ජනයා මේ අකුසල කර්මය සිදුකරගනිති. ඒ නිසා ආර්ය උපවාදයන් ගෙන් සිත, කය, වචනය වලක්වා ගැනීම මෙන්ම සෙර සසරේ කරගත් ආර්ය උපවාදයනට සමාව ගැනීමද ඉතා වැදගත් ය.

ඉතසිතින් , දැඩි උවමනාවෙන්, මෙලෙස මෙනෙහි කරන්න:

අනන්ත සසරේ මගේ සිතෙන් කයින් වචනයෙන් කුමන හෝ දොසක්, හිරිහැරයක්, කරදරයක්, අවමානයක්, අපහාසයක්, යනාදි උපවාදයක් බුදු රජාණන්වහන්සේට හෝ ධර්ම රත්නයට හෝ, අටවැදෑරුම් ආර්ය පුද්ගලයන් ට හෝ සිදු වුනි නම් මට එවාට සමාව ලැබේවා, දෙවනුවද සමාව ලැබේවා, තෙවනුවද සමාව ලැබේවා, අනන්ත වාරයක් මට සමාව ලැබේවා. මතු සසරේ දීත් මගේ සිතෙන් කයින් වචනයෙන් ආර්ය උපවාද සිදු නොවේවා. මගේ ශීල සමාධි ප්‍රඥා වැඩී මේ උපවාද වලින් මා මිදේවා

ලෙසින් අධිශ්ඨාන කරන්න. මහත් ඕනෑකමින් බැති සිතෙන් අදිටන් කරන්න.

කායෙන වාචා චිත්තේන - පමාදේන මයා කථං

අච්චයංකම මේ භන්තේ - භූරී පඤ්ඤ තථාගතං

අච්චයංකම මේ ධම්ම - සන්දිට්ඨික අකාලික

අච්චයංකම මේ සංඝ - සුපටිපන්න අනුත්තර

බුද්ධ රත්නයට , ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ කයෙන් වචනයෙන්, සිතෙන් කිසියම් වරදක් සිදු වූවා නම් මා කෙරෙහි අනුකම්පාවෙන් සමාවන සේක්වා! යි කියා සමාව ගත යුතුයි.

(ආර්ය උපවාද ගැන මෙතැනින් කියවා දැනගන්න.... ඉතා වැදගත් !!!!)

පින් අනුමෝදන් කිරීම

නිවැරදි අවබෝධයෙන් තෙරුවන් නැමදීමෙන්, බුදුපියාණන් වහන්සේට ආහාර, පැන් මල්, සුවඳ, පහන් පූජාවෙන් ඔබ දැන් බොහෝ පින් රැස් කර ගත්තා. මීලඟට අපි ඒ රැස් කරගත් පින් මෙන් ම මේ අනන්ත සසරේ ඔබ රැස්කර ගත් සියළු පින් සම්භාරයත් අනුමෝදන් කරමු.

(බය වෙන්න එපා, ඒ පින් දුන්නා කියා ඔබේ පින් අඩුවෙන්නේ නෑ. පත්තානුමෝදනාපින නිසා තවත් වැඩි වෙනවා. නිතර මෙනෙහි කිරීම නිසා බල-ගැන්වෙනවා )

පුහුදුන් අය ලෙස සසර ගමන පටන් ගත් තැන මෙන්ම සසර කෙළවරක් ද අප නොදන්නෙමු. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයෙහි නිවනට සපැමිණීම අපගේ ද ඒකායන පැතුම විය යුතුය.

බෝධිසත්වයන් වහන්සේලාට

නිවන් දකින්නට හැකියාව තිබියදීත් සියලු සත්වග කෙරෙහි මහා අනුකම්පාවෙන්, මහා කරුණාවෙන් මතුබුදුබව පතන්නාවූ සියළු බෝධිසත්වයන් වහන්සේලාට අප මුලින්ම ඒ පින්පෙත් අනුමෝදන් කරමු.

"අනන්ත සසරේ දුක් විඳිනා අසරණ අප කෙරෙහි පතල මහා කරුණාවෙන් මතු ලොව්තුරා බුදුවන්නට පෙරුම් පුරන්නාවූ උත්තම බෝධිසත්වයන් වහන්සේලාට මාගේ මේ සියළු පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ පාරමිතාවන් ඉෂ්ඨ සිද්ධ වේවා"

ලෙස අධිශ්ඨාන කරන්න.

දෙවි දේවතාවන් වහන්සේලාට

ශ්‍රී සම්බුධ ශාසනයත් ශ්‍රී සද්ධර්මයත් තිලෝ වැසි අප වත් ආරක්ෂා කරන්නාවූ දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු:

ආකාසට්ඨා ච භුම්මට්ඨා

දේවා නාගා මහිද්ධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා

චිරං රක්ඛන්තු සාසනං

ආකාසට්ඨා ච භුම්මට්ඨා

දේවා නාගා මහිද්ධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා

චිරං රක්ඛන්තු දේසනං

ආකාසට්ඨා ච භුම්මට්ඨා

දේවා නාගා මහිද්ධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා

චිරං රක්ඛන්තු මං පරං

(අර්ථය: අහසෙහි පොළොවෙහි වාසය කරන මහා තේජසක් ඇති දෙවියන් මේ පින අනුමෝදන් වී ශාසනය (දේශනය/ මා හා අනුන්) බොහෝ කාලයක් ආරක්ෂා කෙරේවා!)

ඉතා වැදගත්: කරුණාකර මේ ගාථාවන්හි නිවැරදි උච්චාරණය ගැන මෙතැනින් කියවන්න

[QUOTE="චගු, post: 13222645, member: 343912"] [SIZE="5"][B]තුන් සූත්‍රය [/B][/SIZE] [SIZE="4"][B][U]මහා මංගල සූත්‍රය[/U][/B] [COLOR="navy"]එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ, අථඛො අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කෙවල කප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.[/COLOR] තේරුම මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයේ වැඩ වසන සේක. එකල්හි වනාහි නාම ග්රෝත්රයෙන් අප්‍රසිද්ධ වූ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ප්‍රථම යාමය ඉක්ම වූ කල්හි යහපත් ශරීර වර්ණය ඇතිව සියලු ජේතවනය බබුලුවාගෙන යම් තැනෙක්හි බුදුරජාණන් වහන්සේ වසන සේක් ද එතැනට එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ ඒ දිව්‍ය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කරුණක් සැලකෙළේ ය. [COLOR="navy"]බහූ දේවා මනුස්සා ච මංගලානි අචින්තයුං ආකංඛමානා සොත්ථානං බ්‍රෑහි මංගල මුත්තමං[/COLOR] තේරුම දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මංගල කාරණයන් සිතූහ. එම දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව ඵලවන මංගලයන් දේශනා කළ මැනවි. [COLOR="navy"]අසෙවනා ච බාලානං පණ්ඩිතානඤ්ච සෙවනා පූජා ච පූජනීයානං එතං මංගල මුත්තමං[/COLOR] තේරුම අනුවණ බාලයන් සේවනය නොකිරීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, බුද්ධාදී පිදිය යුත්තන්පිදීම ද දෙලොව දියුණුව ගෙන දෙන කරුණු ය. [COLOR="navy"]පතිරූප දේස වාසො ච පුබ්බේ ච කත පුඤ්ඤතා අත්ත සම්මා පණීධි ච එතං මංගල මුත්තමං[/COLOR] තේරුම සුදුසු පෙදෙසක විසීම ද, පෙර කළ පින් ඇති බව ද, සිත මනාව පිහිටුවීම ද, උතුම් මංගල කරුණු ය. [COLOR="navy"]බාහු සච්චං ච සිප්පං ච විනයො ච සුසික්ඛිතො සුභාසිතා ච යා වාචා එතං මංගල මුත්තමං[/COLOR] තේරුම බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්ප දැනීම ද, මනා හික්මවීම ද, සුභාෂිත වචන බිණීම ද යන මේ කාරණා උතුම් මංගල කරුණු ය. [COLOR="navy"]මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංගහො අනාකුලා ච කම්මන්තා එතං මංගල මුත්තමං [/COLOR] තේරුම මවුපියනට උවටැන් කිරීම ද, අඹුදරුවනට සංග්‍රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත ද යන මේ කාරණා උතුම් මඟුල් ය. [COLOR="navy"]දානං ච ධම්මචරියා ච ඤාතකානඤ්ච සංගහො අනවජ්ජානි කම්මානි එතං මංගල මුත්තමං[/COLOR] තේරුම දන්දීම ද, දස කුසල්හි හැසිරීම ද නෑයනට සංග්‍රහ කිරීම ද නිරවුල් කර්මාන්ත ද යන මේ කාරාණා උතුම් මඟුල් ය. [COLOR="navy"]ආරති විරති පාපා මජ්ජපානා ච සඤ්ඤමො අප්පමාදො ච ධම්මෙසු එතං මංගල මුත්තමං[/COLOR] තේරුම පාපයෙහි නො ඇල්ම ද, අකුසලයෙන් වෙන්වීම ද, මත් පැනින් වැළකීම ද, හැම කුසල් දහම්හි පමා නොවීම ද උතුම් මඟුල් ය. [COLOR="navy"]ගාරවො ච නිවාතො ච සන්තුට්ඨි ච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං එතං මංගල මුත්තමං[/COLOR] තේරුම ගරුකළ යුත්තනට ගරු කිරීමද, යටහත් පහත් බව ද, ලද දෙයින් සතුටු වීම ද, කළගුණ සැළකීම ද සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මඟුල් ය. [COLOR="navy"]ඛන්තී ච සොවචස්සතා සමණානං ච දස්සනං කාලෙන ධම්ම සාකච්ඡා එතං මංගල මුත්තමං[/COLOR] තේරුම ඉවසීම ද, කීකරු බව ද, ශ්රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මඟුල් ය. [COLOR="navy"]තපො ච බ්‍රහ්ම චරියඤ්ච අරියසච්චාන දස්සනං නිබ්බාණ සච්ඡි කිරියා ච එතං මංගල මුත්තමං[/COLOR] තේරුම තපස ද, උතුම් හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් ය. [COLOR="navy"]ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්ස න කම්පති අසොකං විරජං ඛෙමං එතං මංගල මුත්තමං[/COLOR] තේරුම අටලෝ දහමින් සිත කම්පා නොවේද, ශෝක රහිත ද, රාගාදී කෙලෙස් දූලි නැත් ද, බිය රහිත ද මේ උතුම් මඟුල් ය. [COLOR="navy"]ඵතාදිසානි කත්වාන සබ්බත්ථ මපරාජිතා සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති තං තෙසං මංගල මුත්තමන්ති.[/COLOR] ([URL="http://www.lakehouse.lk/budusarana/2012/02/14/tmp.asp?ID=vision03"]බුදුසරණ අන්තර්ජාල කලාපය[/URL] ) [IMG][URL="http://www.srikalyanadharma.org/pages/prakashana/prakashana_main.php"]http://www.srikalyanadharma.org/images/pages/prakashana/book.jpg[/URL][/IMG] මහා මංගල සූත්‍රය (ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ ) මේ මහඟු ග්‍රන්ථය කියවා අවබෝධයෙන් මේ සූත්‍රය සඤ්ඤායනා කරන්න. [B][U]රතන සූත්‍රය[/U][/B] [COLOR="navy"]යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානිව අන්තලික්ඛෙ සබ්බේ ව භූතා සුමනා භවන්තු අථොපි සක්කච්ච සුනන්තු භාසිතං[/COLOR] තේරුම 1. භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ වචනය මනාකොට අසත්වා. [COLOR="navy"]තස්මාහි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරොථ මානුසියා පජාය දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා[/COLOR] තේරුම 2. අමනුෂ්යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු. [COLOR="navy"]යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගෙසු වා යං රතනං පණීතං න නො සමං අත්ථි තථාගතෙන ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු[/COLOR] තේරුම 3. මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා. [COLOR="navy"]ඛයං විරාගං අමතං පණීතං යදජ්ක්ධගා සක්ය මුනී සමාහිතො න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු[/COLOR] තේරුම 4. ආය¸මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක්‍ය කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්‍රණීත යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා. [COLOR="navy"]යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං සමාධිමානන්තරිකඤ්ඤ මාහු සමාධිනාතෙන සමොන විජ්ජති ඉදම්පි ධම්මෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු[/COLOR] තේරුම 5. බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්‍රශංසා කොට ප්‍රකාශ කෙළේ ද? එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා. [COLOR="navy"]යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති තෙ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා එතෙසු දින්නානි මහප්ඵලානි ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු[/COLOR] තේරුම 6. බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් එක් සිය අටක් ආර්‍ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්‍රාවක වූ ඒ ආය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා. [COLOR="navy"]යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන නික්කාමිනො ගොතම සාසනම්හි තෙ පත්තිපත්තා අමතං විගය්හ ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා ඉදම්පි සංඝෙ රතනං පණීතං එතෙන සච්චෙන සුවත්ථි හොතු[/COLOR] තේරුම 7. යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා. [COLOR="navy"]යථින්ද ඛීලො පඨවිංසිතො සියා චතුබ්භිවාතෙහි අසම්පකම්පියො තථූපමං සප්පුරිසං වදාමි යො අරියසච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු[/COLOR] තේරුම 8. ඉන්ද්රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආය¸ සත්‍යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්‍රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්‍රණීත රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා. [COLOR="navy"]යෙ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා න තෙ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු[/COLOR] තේරුම 9. යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආය¸ සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද,ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා. [COLOR="navy"]සහාවස්ස දස්සන සම්පදාය තයස්සුධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි චතූහපායෙහිච විප්පමුත්තො චඡාභිඨානානි අභබ්බොකාතුං ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු[/COLOR] තේරුම 10. දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්‍ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා. [COLOR="navy"]කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං කායෙන වාචා උද චෙතසා වා අභබ්බො සො තස්ස පටිච්ඡාදාය අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු[/COLOR] තේරුම 11. ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා. [COLOR="navy"]වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ තථූපමං ධම්මවරං අදෙසයි නිබ්බාණගාමිං පරමං හිතාය ඉදම්පි බුද්ධෙ රතනං පණීතං ඒතෙන සච්චේන සුවත්ථි හොතු [/COLOR] තේරුම 12. ගී‍්‍රෂ්ම ඍතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා. [COLOR="navy"]වරො වරඤ්ඤු වරදො වරාහරො අනුත්තරො ධම්මවරං අදෙසයි ඉදම්පි බුද්ධෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු[/COLOR] තේරුම 13. උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්‍රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා [COLOR="navy"]ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු[/COLOR] තේරුම 14. යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්ෂය කළ ප්රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා. [COLOR="navy"]යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛෙ තථාගතං දෙව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ථි හොතු [/COLOR] තේරුම 15. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා. [COLOR="navy"]යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛෙ තථාගතං දෙව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ථි හොතු[/COLOR] තේරුම 16. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු. [COLOR="navy"]යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛෙ ථාගතං දෙව මනුස්ස පූජිතං සඞඝං නමස්සාම සුවත්ථි හොතු[/COLOR] තේරුම 17. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් ;ම තැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්‍රාවක සඞඝයා වහන්සේ වඳිමු. 15,16,17 ශක්රදේවේන්ද්රයා විසින් කියන ලද ගාථා තුනකි. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්‍රය දෙසන ලදී.උදේ සවස උවදුරු දුරු කර ගැනීම සඳහා භාවිතා කළයුතු උතුම් සෙත් පිරිතකි ([URL="http://www.lakehouse.lk/budusarana/2012/02/14/tmp.asp?ID=vision03"]බුදුසරණ අන්තර්ජාල කලාපය[/URL] ) [IMG][URL="http://www.srikalyanadharma.org/pages/prakashana/prakashana_main.php"]http://www.srikalyanadharma.org/images/pages/prakashana/book.jpg[/URL][/IMG] රතන සූත්‍රය (ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ ) මේ මහඟු ග්‍රන්ථය කියවා අවබෝධයෙන් මේ සූත්‍රය සඤ්ඤායනා කරන්න. [B][U]කරණීය මෙත්ත සූත්‍රය[/U][/B] [COLOR="navy"]කරණීය මත්ථ කුසලෙන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කො උජූ ච සූජූ ච සුවචො චස්ස මුදු අනතිමානි[/COLOR] තේරුම 1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය. [COLOR="navy"]සන්තුස්සකො ච සුභරො ච අප්පකිච්චො ච සල්ලහුකවුත්ති සන්තින්ද්රියො ච නිපකො ච අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො [/COLOR] තේරුම 2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය. [COLOR="navy"]නච ඛුද්ධං සමාචරේ කිඤ්චි යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා[/COLOR] තේරුම 3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා. [COLOR="navy"]යෙ කෙචි පාණ භූතත්ථි තසා වා ථාවරා වා අනවසෙසා දීඝා වා යෙ මහන්තා වා මජ්ඣිමා රස්සඛාණුකථූලා[/COLOR] තේරුම 4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද? [COLOR="navy"]දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා යෙච දූරෙ වසන්ති අවිදූරෙ භූතා වා සම්භවෙසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා[/COLOR] තේරුම 5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද? [COLOR="navy"]නපරො පරං නිකුබ්බේථ නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය[/COLOR] තේරුම 6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය. [COLOR="navy"]මාතා යථා නියං පුත්තං ආයුසා එක පුත්ත මනුරක්ඛෙ එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමානං[/COLOR] තේරුම 7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය. [COLOR="navy"]මෙත්තං ච සබ්බලොකස්මිං මානසං භාවයෙ අපරිමානං උද්ධං අධො ච තිරියඤ්ච අසම්බාධං අවෙරං අසපත්තං[/COLOR] තේරුම 8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය. [COLOR="navy"]තිට්ඨං චරං නිසින්නෝ වා සයානො වා යාවතස්ස විගතමිද්ධො එතං සතිං අධිට්ඨෙය්‍ය බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු[/COLOR] තේරුම 9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය. [COLOR="navy"]දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නො කාමෙසු විනෙය්ය ගෙධං නහිජාතු ගබ්භසෙය්යං පුනරෙතීති[/COLOR] තේරුම 10. මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය ([URL="http://www.lakehouse.lk/budusarana/2012/02/14/tmp.asp?ID=vision03"]බුදුසරණ අන්තර්ජාල කලාපය[/URL] ) [IMG][URL="http://www.srikalyanadharma.org/pages/prakashana/prakashana_main.php"]http://www.srikalyanadharma.org/images/pages/prakashana/book.jpg[/URL][/IMG] කරණීය මෙත්ත සූත්‍රය (ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ ) මේ මහඟු ග්‍රන්ථය කියවා අවබෝධයෙන් මේ සූත්‍රය සඤ්ඤායනා කරන්න. [COLOR="red"][B]තුන් සූත්‍රය සඤ්ඤායනා කිරීමේදී නිවැරදිව උච්චාරණය ඉතාම වැදගත් වේ. ඒ ගැන සැලකිළිමත් වන්න.[/B][/COLOR] [SIZE="5"][B]ආර්ය උපවාදයන් ට තෙරුවන් කමා කර ගැනීම[/B][/SIZE] අනන්ත සසරේ ඉපිද මැරෙමින් අප එන මේ ගමනේදී බුදුරජණන්වහන්සේ කෙනෙකුන් හට, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්හට, ධර්ම රත්නයට හෝ, සෝවාන් මාර්ග, ඵලලාභී , සකදාගාමී, මාර්ග ඵල ලාභී, අනාගාමී මාර්ග ඵල ලාභී, අරහත් මාර්ග ඵල ලාභී වශයෙන් ද, නැවත ඒ ඒ මඟ ඵල ලාභයට පිළිපන් ලෙසද වන ආර්ය පුද්ගලයන් වහන්සේ ලාට අප සිතෙන්, කයින් වචනයෙන් යම් උපහාසයක්, අපහාසයක්, කරදරයක්, දෝශාරෝපණයක් කරගත්තේ නම් ඒ ආර්ය උපවාද අකුසලයකි. මහා සාවද්‍ය අකුසල කර්ම වන මේවා භයානක විපාක දෙන අකුසල කර්මයන් බව දන්නේ ටික දෙනෙකි. ඒ නිසා වර්ථමානයේද ජනයා මේ අකුසල කර්මය සිදුකරගනිති. ඒ නිසා ආර්ය උපවාදයන් ගෙන් සිත, කය, වචනය වලක්වා ගැනීම මෙන්ම සෙර සසරේ කරගත් ආර්ය උපවාදයනට සමාව ගැනීමද ඉතා වැදගත් ය. ඉතසිතින් , දැඩි උවමනාවෙන්, මෙලෙස මෙනෙහි කරන්න: අනන්ත සසරේ මගේ සිතෙන් කයින් වචනයෙන් කුමන හෝ දොසක්, හිරිහැරයක්, කරදරයක්, අවමානයක්, අපහාසයක්, යනාදි උපවාදයක් බුදු රජාණන්වහන්සේට හෝ ධර්ම රත්නයට හෝ, අටවැදෑරුම් ආර්ය පුද්ගලයන් ට හෝ සිදු වුනි නම් මට එවාට සමාව ලැබේවා, දෙවනුවද සමාව ලැබේවා, තෙවනුවද සමාව ලැබේවා, අනන්ත වාරයක් මට සමාව ලැබේවා. මතු සසරේ දීත් මගේ සිතෙන් කයින් වචනයෙන් ආර්ය උපවාද සිදු නොවේවා. මගේ ශීල සමාධි ප්‍රඥා වැඩී මේ උපවාද වලින් මා මිදේවා ලෙසින් අධිශ්ඨාන කරන්න. මහත් ඕනෑකමින් බැති සිතෙන් අදිටන් කරන්න. [COLOR="navy"]කායෙන වාචා චිත්තේන - පමාදේන මයා කථං අච්චයංකම මේ භන්තේ - භූරී පඤ්ඤ තථාගතං අච්චයංකම මේ ධම්ම - සන්දිට්ඨික අකාලික අච්චයංකම මේ සංඝ - සුපටිපන්න අනුත්තර [/COLOR] බුද්ධ රත්නයට , ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ කයෙන් වචනයෙන්, සිතෙන් කිසියම් වරදක් සිදු වූවා නම් මා කෙරෙහි අනුකම්පාවෙන් සමාවන සේක්වා! යි කියා සමාව ගත යුතුයි. ([URL="http://www.lakehouse.lk/budusarana/2009/06/29/PrintPage.asp?REF=vision05"][SIZE="4"]ආර්ය උපවාද ගැන මෙතැනින් කියවා දැනගන්න[/SIZE][/URL].... [B][COLOR="red"]ඉතා වැදගත්[/COLOR][/B] !!!!) [SIZE="5"][B]පින් අනුමෝදන් කිරීම[/B][/SIZE] නිවැරදි අවබෝධයෙන් තෙරුවන් නැමදීමෙන්, බුදුපියාණන් වහන්සේට ආහාර, පැන් මල්, සුවඳ, පහන් පූජාවෙන් ඔබ දැන් බොහෝ පින් රැස් කර ගත්තා. මීලඟට අපි ඒ රැස් කරගත් පින් මෙන් ම මේ අනන්ත සසරේ ඔබ රැස්කර ගත් සියළු පින් සම්භාරයත් අනුමෝදන් කරමු. ([COLOR="red"]බය වෙන්න එපා, ඒ පින් දුන්නා කියා ඔබේ පින් අඩුවෙන්නේ නෑ. [URL="http://www.dahamsayura.lk/index.php?option=com_content&view=article&id=240&Itemid=257"]පත්තානුමෝදනාපින [/URL]නිසා තවත් වැඩි වෙනවා. නිතර මෙනෙහි කිරීම නිසා බල-ගැන්වෙනවා[/COLOR] ) පුහුදුන් අය ලෙස සසර ගමන පටන් ගත් තැන මෙන්ම සසර කෙළවරක් ද අප නොදන්නෙමු. [B][U]ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයෙහි නිවනට සපැමිණීම අපගේ ද ඒකායන පැතුම විය යුතුය.[/U][/B] [B][I]බෝධිසත්වයන් වහන්සේලාට[/I][/B] නිවන් දකින්නට හැකියාව තිබියදීත් සියලු සත්වග කෙරෙහි මහා අනුකම්පාවෙන්, මහා කරුණාවෙන් මතුබුදුබව පතන්නාවූ සියළු බෝධිසත්වයන් වහන්සේලාට අප මුලින්ම ඒ පින්පෙත් අනුමෝදන් කරමු. "[COLOR="Navy"]අනන්ත සසරේ දුක් විඳිනා අසරණ අප කෙරෙහි පතල මහා කරුණාවෙන් මතු ලොව්තුරා බුදුවන්නට පෙරුම් පුරන්නාවූ උත්තම බෝධිසත්වයන් වහන්සේලාට මාගේ මේ සියළු පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ පාරමිතාවන් ඉෂ්ඨ සිද්ධ වේවා[/COLOR]" ලෙස අධිශ්ඨාන කරන්න. [B][I]දෙවි දේවතාවන් වහන්සේලාට[/I][/B] ශ්‍රී සම්බුධ ශාසනයත් ශ්‍රී සද්ධර්මයත් තිලෝ වැසි අප වත් ආරක්ෂා කරන්නාවූ දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු: [COLOR="navy"]ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං[/COLOR] (අර්ථය: අහසෙහි පොළොවෙහි වාසය කරන මහා තේජසක් ඇති දෙවියන් මේ පින අනුමෝදන් වී ශාසනය (දේශනය/ මා හා අනුන්) බොහෝ කාලයක් ආරක්ෂා කෙරේවා!) ඉතා වැදගත්: කරුණාකර මේ ගාථාවන්හි නිවැරදි උච්චාරණය ගැන [URL="http://www.namaskara.lk/?sid=article&dt=2012/06&id=2012/06/npg84_0"][SIZE="4"]මෙතැනින් [/SIZE][/URL]කියවන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom