Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතට අවංකවම ඇත්ත කියන්නම්. උඹලට වැදගත් කියල දෙයක් තියෙනවනම් ගනිල්ලා.

මම අවුරුදු 21 ඉඳල ගෙදරට බරක් වුණේ නෑ. පුළුවන් උපරිමෙන් මම මොකක්ම හරි කරල කීයක් හරි හම්බුකරගෙන ජීවත්වෙන්න පුරුදුවෙලා හිටියෙ. අපේ තාත්ත රජයෙ සේවකයෙක්. අම්ම රැකියාවකට ගියේ නෑ. පවුලෙ වැඩිමලා මම.

උසස්පෙළ ඉවරවෙලා ටික කාලයක් ගමේම එක එක මගුල් කර කර ඉඳල මම කොළඹ එද්දි මට අවුරුදු 21යි. ඒ ආවෙ තව මොනවහරි ටිකක් වැඩිපුර ඉගෙනගන්න. කොළඹ ආවෙ මගේ ගමේ යාළුවෙක් නිසා. ඇත්තටම මගේ යාළුව මට උදවු කරා. එයාලට නුගේගොඩ ගෙයක් තිබුණා. ඒ ගෙදර මට ඉන්න පහසුකම් දුන්නා. ඒක මට සෑහෙන්න ලොකු දෙයක් වුණා.

කොළඹ ආවට පස්සෙ වයිට් කොලර් ජොබ් එකක් සෙට් වුණා හැබැයි ෂිෆ්ට් එකට වැඩ. මට සෙට් වෙන්නෙම නයිට් ෂිෆ්ට්. මාස තුනකට වැඩිය එතන හිටියෙ නෑ මොකද මගේ ඉගෙනගන්න එකට ඒක ටිකක් කරදර වගේ දැනුන නිසා.

ඊට පස්සෙ මගේ වියදමට සල්ලි හොයාගන්න නොකරපු දෙයක් නැති තරම්.

මම ඉගෙනගත්ත ක්ෂේත්රයට අදාල රැකියාව ලැබෙනකොට මට වයස 27ක්. ඒ රස්සවෙන්ම මම පරස්තාවත් හොයාගත්තා.

මම කසාද බඳිද්දි මට රුපියල් 80,000ක වගේ මූලික වැටුපක් තිබුණෙ. ඒ වෙද්දි මම ලංකාවෙ ප්‍රධාන ඉදිකිරීම් ආයතනයක ඉංජිනේරුවෙක්. කසාදෙ වැඩ ටික කරගන්න මම බැංකුවෙන් ලෝන් එකක් ගත්තා. යාළුවෙක්ගෙන් පොඩි ණයක් ලැබුණා. දෙපැත්තෙම කට්ටියට තිබුණෙ එක දවසෙ උත්සවයක්. ඒක බජට් එක ගැන හිතලම තමයි කරේ. හෝම් කමින් එකට ගෙදර පොඩි උත්සවයක් තිබුණා. ඇත්තම කිව්වොත් බං සල්ලි මදි වුණා වැඩ ටික ඉවර වෙද්දි. තාත්තා ඒ වෙලාවෙ මට පොඩි ගාණක් දුන්නා ගෙදර තිබුණ වාහනේ ලීස් කරල.

කසාද බඳින්න කලින් ඉඳන්ම මම හිතන් හිටියෙ අපේ දෙමවුපියො එක්ක ඉන්නෙ නෑ කියන එක. ඒක නිසා මම වැඩට යන්නත් පහසු විදියට කොළඹින් පොඩි තැනක් කුලියට අරන් ඒකට ගියා. එක කාමරයයි. සාලෙයි, කුස්සියයි, බාත් රූම් එකයි. අපි දෙන්නට ශේප් ඉතින්.

ඒ අතරෙ තමයි වයිෆ්ට රජයෙ රස්සාවක් ලැබෙන්නෙ. ඒ අපේ ගමේ. ඒක නිසා අන්තිමට එයාට ගමේ නතරවෙන්න වුණා. නිල නිවාසයක් ලැබුණත් තනියම ඒකෙ නතරවෙන්න බැරි නිසා එයාට සිද්දවෙනව අපේ ගෙදර නතරවෙන්න. ටික කාලයක් මෙහෙම ඉඳල එයා ජොබ් එක මාරු කරා. රජයේ වෙන දෙපාර්තමේන්තුවකට පත්වීම ලැබෙනව කොළඹට ආසන්නයෙන්. මේ වෙද්දි මම මගේ ඩිප්ලෝමා එක විතරයි ඉවරකරල තිබුණෙ. වයිෆ් මගේ ලඟට ආව නිසා මම කල්පනා කරා උපාධියත් කරන්න. සල්ලි අතේ තියාගෙන පටන්ගත්ත නෙවෙයි බං. මූලික ගාස්තුව හැරුණුකොට ඉතුරු සල්ලි ඔක්කොම ගෙව්වෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්... ඉන්ස්ටෝල්මන්ට් විදියට. නිකන් ලැබෙන ක්‍රෙඩිට් කාඩ් වල වටිනාකම අන්න ඒකයි. මේ අතරෙ අපේ ප්‍රොජෙක්ට් එක ඉවරවුණු නිසා වෙන ජොබ් එකක් හොයාගන්න වුණා. තිබුණ සුදුසුකම් එක්ක මට ගත්ත වගේ දෙගුණයක පඩි ලැබෙන ජොබ් දෙකක් සෙට් වුණා. ඒකෙන් Loan එකක් දාල, ඉඩමක් ගන්න ට්‍රයි කරා කොළඹින්ම. අපේ තාත්තගෙ ඉඩම් කීපයක් තිබුණා මේ වෙද්දි ගමේ. ගමේ පදිංචි වෙන්න යන්න අදහසක් නොතිබුණ නිසා තාත්තත් එක්ක කතා කරල කොළඹ අවට ඉඩම් හොයන්න පටන් ගත්තා. හිතට හරියන ඉඩමක් ලැබුණා හැබැයි ඒකට ලක්ෂ 60ක් විතර සම්පූර්ණ ගාණ ඒ වෙද්දි. එතනදි තාත්ත මට අර තිබුණ එක ඉඩමක් විකුණල සල්ලි ටිකක් දුන්න ඒක ගන්න. මට ලැබුණෙ ලක්ෂ 20යි. ඔප්පු ගාස්තු අනංමනං එක්ක ඔක්කොම ලක්ෂ 65කට කිට්ටුව ගාණක් ඕනි. ලෝන් එකක් දැම්මා ලක්ෂ 44ක. වාරිකේ 60,000යි. අවුරුදු 10ක්... ලොකු අවුලක් නෑ බං. පඩියෙ තරමට ඒක ගෙවාගෙන යන්න පුළුවන්.

මගේ වයිෆ් වුණත් සෑහෙන්න කට්ටක් කාපු කෙල්ලෙක්. වයිෆ්ලත් ලොකු සල්ලි තියෙන ෆැමිලි එකක නෙවෙයි. එයාටත් සල්ලි ප්‍රශ්ණ නිසාම ඉගෙනගන්න එක මග නතර කරන්න වෙලා තියෙනවා. මම එයාට කිව්වෙ පුළුවන් තරම් ඉගෙනගන්න කියල. ඒ වගේම එයාව එයා කැමති ෆීල්ඩ් එකෙන් උසස් අධ්‍යාපනයට යොමු කරා. එයාගෙත් ඩිප්ලෝමා එක ඉවරවුණු හැටියෙ තමයි අපි කසාද බැන්ඳෙ. පස්සෙ එයත් උපාධිය කරන්න පටන්ගත්තා. එයා උපාධිය කරන අතරෙ තමයි පුතා ලැබෙන්න ආවෙ. සමහර දවස්වල එක්සෑම් වලට මෙයාට බස් එකේ යන්න එන්න අමාරු නිසා තාත්ත මට ගෙදර වාහනේ ගෙනල්ල දුන්නා. කොහොමහරි වයිෆ් එයාගෙ උපාධියත් සම්පූර්ණ කරා.

පුතා ලැබිල ටික කාලෙකින් මට රට එන්න චාන්ස් එකක් වැදුනා. මට ලැබුණෙ හොඳම අවස්ථාවක් නෙවෙයි. හැබැයි මම හිතුව ඒක තමයි ඒ වෙලාවෙ හැටියට හොඳම අවස්ථාව කියල. මම රට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට වැඩියි දැන්. ඒ අතරේ මම ගත්ත ඉඩමෙ ගේ හැදුවා. වයිෆ්, පුතා දෙන්න විසිට් වලට මම ගෙන්නගන්නවා. මමත් අවුරුද්දකට දෙතුන් වතාවක් ලංකාවට යනවා.

ඇත්තම කිව්වොත් බං අපේ අම්ම, තාත්තා අපි උසස්පෙළ කරනකම් අපිට වියදම් කරල, පස්සෙන් ඉඳගෙන හැමදේම පුළුවන් විදියට හොයල බලල කරල දුන්නත් අපි ගෙදරින් ඈත් වුණාම එයාල අපි ගැන ලොකුවට හොයන්න බලන්න, අපේ පස්සෙන් පන්නන්න එන්නෙ නෑ. හැබැයි හරි ගෑණියෙක් අපේ ජීවිතේට ආවොත් ඒ ගෑණි අපිට යන්න ඕනි තැනට යන්න ඕනි ටාර්ගට් එකට අපිට යවන්න පස්සෙන් ඉඳන් තල්ලුවක් දෙනවා. මටත් එහෙම වයිෆ් කෙනෙක්ව ලැබුණා.

උඹලට ගැලපෙන, උඹලව තේරුම්ගත්ත එහෙම කෙනෙක් ඉන්නවනම් තියෙන දේවල් ගැන නොහිත, දෙන්නත් එක්ක හරියට හිතල බලල, පුළුවන් හැටියට ජීවිතේ පටන්ගනිල්ලා.

වරදින එකක් නෑ.

ඒ වගේම තමයි තමන් නිරතවෙන වෘත්තියෙ පේපර් කොලිෆිකේෂන් ටික හදාගන්න බලපන් උපරිමෙන්. මම දන්න තරමින් මේ එළකිරියෙ කල් ගෙවන ගොඩක් එවුන් මොකක් හරි ක්ෂේත්රයක වැඩ්ඩෙක්. හැමෝටම දක්ෂතා තියෙනවා. ඒ දක්ෂතාවලින් වැඩ ගන්න අපි දැනගන්න ඕනි.

[QUOTE="cmtwap, post: 30476744, member: 7404"] [B]හිතට අවංකවම ඇත්ත කියන්නම්. උඹලට වැදගත් කියල දෙයක් තියෙනවනම් ගනිල්ලා. [/B] මම අවුරුදු 21 ඉඳල ගෙදරට බරක් වුණේ නෑ. පුළුවන් උපරිමෙන් මම මොකක්ම හරි කරල කීයක් හරි හම්බුකරගෙන ජීවත්වෙන්න පුරුදුවෙලා හිටියෙ. අපේ තාත්ත රජයෙ සේවකයෙක්. අම්ම රැකියාවකට ගියේ නෑ. පවුලෙ වැඩිමලා මම. උසස්පෙළ ඉවරවෙලා ටික කාලයක් ගමේම එක එක මගුල් කර කර ඉඳල මම කොළඹ එද්දි මට අවුරුදු 21යි. ඒ ආවෙ තව මොනවහරි ටිකක් වැඩිපුර ඉගෙනගන්න. කොළඹ ආවෙ මගේ ගමේ යාළුවෙක් නිසා. ඇත්තටම මගේ යාළුව මට උදවු කරා. එයාලට නුගේගොඩ ගෙයක් තිබුණා. ඒ ගෙදර මට ඉන්න පහසුකම් දුන්නා. ඒක මට සෑහෙන්න ලොකු දෙයක් වුණා. කොළඹ ආවට පස්සෙ වයිට් කොලර් ජොබ් එකක් සෙට් වුණා හැබැයි ෂිෆ්ට් එකට වැඩ. මට සෙට් වෙන්නෙම නයිට් ෂිෆ්ට්. මාස තුනකට වැඩිය එතන හිටියෙ නෑ මොකද මගේ ඉගෙනගන්න එකට ඒක ටිකක් කරදර වගේ දැනුන නිසා. ඊට පස්සෙ මගේ වියදමට සල්ලි හොයාගන්න නොකරපු දෙයක් නැති තරම්. මම ඉගෙනගත්ත ක්ෂේත්රයට අදාල රැකියාව ලැබෙනකොට මට වයස 27ක්. ඒ රස්සවෙන්ම මම පරස්තාවත් හොයාගත්තා. මම කසාද බඳිද්දි මට රුපියල් 80,000ක වගේ මූලික වැටුපක් තිබුණෙ. ඒ වෙද්දි මම ලංකාවෙ ප්‍රධාන ඉදිකිරීම් ආයතනයක ඉංජිනේරුවෙක්. කසාදෙ වැඩ ටික කරගන්න මම බැංකුවෙන් ලෝන් එකක් ගත්තා. යාළුවෙක්ගෙන් පොඩි ණයක් ලැබුණා. දෙපැත්තෙම කට්ටියට තිබුණෙ එක දවසෙ උත්සවයක්. ඒක බජට් එක ගැන හිතලම තමයි කරේ. හෝම් කමින් එකට ගෙදර පොඩි උත්සවයක් තිබුණා. ඇත්තම කිව්වොත් බං සල්ලි මදි වුණා වැඩ ටික ඉවර වෙද්දි. තාත්තා ඒ වෙලාවෙ මට පොඩි ගාණක් දුන්නා ගෙදර තිබුණ වාහනේ ලීස් කරල. කසාද බඳින්න කලින් ඉඳන්ම මම හිතන් හිටියෙ අපේ දෙමවුපියො එක්ක ඉන්නෙ නෑ කියන එක. ඒක නිසා මම වැඩට යන්නත් පහසු විදියට කොළඹින් පොඩි තැනක් කුලියට අරන් ඒකට ගියා. එක කාමරයයි. සාලෙයි, කුස්සියයි, බාත් රූම් එකයි. අපි දෙන්නට ශේප් ඉතින්. ඒ අතරෙ තමයි වයිෆ්ට රජයෙ රස්සාවක් ලැබෙන්නෙ. ඒ අපේ ගමේ. ඒක නිසා අන්තිමට එයාට ගමේ නතරවෙන්න වුණා. නිල නිවාසයක් ලැබුණත් තනියම ඒකෙ නතරවෙන්න බැරි නිසා එයාට සිද්දවෙනව අපේ ගෙදර නතරවෙන්න. ටික කාලයක් මෙහෙම ඉඳල එයා ජොබ් එක මාරු කරා. රජයේ වෙන දෙපාර්තමේන්තුවකට පත්වීම ලැබෙනව කොළඹට ආසන්නයෙන්. මේ වෙද්දි මම මගේ ඩිප්ලෝමා එක විතරයි ඉවරකරල තිබුණෙ. වයිෆ් මගේ ලඟට ආව නිසා මම කල්පනා කරා උපාධියත් කරන්න. සල්ලි අතේ තියාගෙන පටන්ගත්ත නෙවෙයි බං. මූලික ගාස්තුව හැරුණුකොට ඉතුරු සල්ලි ඔක්කොම ගෙව්වෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන්... ඉන්ස්ටෝල්මන්ට් විදියට. නිකන් ලැබෙන ක්‍රෙඩිට් කාඩ් වල වටිනාකම අන්න ඒකයි. මේ අතරෙ අපේ ප්‍රොජෙක්ට් එක ඉවරවුණු නිසා වෙන ජොබ් එකක් හොයාගන්න වුණා. තිබුණ සුදුසුකම් එක්ක මට ගත්ත වගේ දෙගුණයක පඩි ලැබෙන ජොබ් දෙකක් සෙට් වුණා. ඒකෙන් Loan එකක් දාල, ඉඩමක් ගන්න ට්‍රයි කරා කොළඹින්ම. අපේ තාත්තගෙ ඉඩම් කීපයක් තිබුණා මේ වෙද්දි ගමේ. ගමේ පදිංචි වෙන්න යන්න අදහසක් නොතිබුණ නිසා තාත්තත් එක්ක කතා කරල කොළඹ අවට ඉඩම් හොයන්න පටන් ගත්තා. හිතට හරියන ඉඩමක් ලැබුණා හැබැයි ඒකට ලක්ෂ 60ක් විතර සම්පූර්ණ ගාණ ඒ වෙද්දි. එතනදි තාත්ත මට අර තිබුණ එක ඉඩමක් විකුණල සල්ලි ටිකක් දුන්න ඒක ගන්න. මට ලැබුණෙ ලක්ෂ 20යි. ඔප්පු ගාස්තු අනංමනං එක්ක ඔක්කොම ලක්ෂ 65කට කිට්ටුව ගාණක් ඕනි. ලෝන් එකක් දැම්මා ලක්ෂ 44ක. වාරිකේ 60,000යි. අවුරුදු 10ක්... ලොකු අවුලක් නෑ බං. පඩියෙ තරමට ඒක ගෙවාගෙන යන්න පුළුවන්. මගේ වයිෆ් වුණත් සෑහෙන්න කට්ටක් කාපු කෙල්ලෙක්. වයිෆ්ලත් ලොකු සල්ලි තියෙන ෆැමිලි එකක නෙවෙයි. එයාටත් සල්ලි ප්‍රශ්ණ නිසාම ඉගෙනගන්න එක මග නතර කරන්න වෙලා තියෙනවා. මම එයාට කිව්වෙ පුළුවන් තරම් ඉගෙනගන්න කියල. ඒ වගේම එයාව එයා කැමති ෆීල්ඩ් එකෙන් උසස් අධ්‍යාපනයට යොමු කරා. එයාගෙත් ඩිප්ලෝමා එක ඉවරවුණු හැටියෙ තමයි අපි කසාද බැන්ඳෙ. පස්සෙ එයත් උපාධිය කරන්න පටන්ගත්තා. එයා උපාධිය කරන අතරෙ තමයි පුතා ලැබෙන්න ආවෙ. සමහර දවස්වල එක්සෑම් වලට මෙයාට බස් එකේ යන්න එන්න අමාරු නිසා තාත්ත මට ගෙදර වාහනේ ගෙනල්ල දුන්නා. කොහොමහරි වයිෆ් එයාගෙ උපාධියත් සම්පූර්ණ කරා. පුතා ලැබිල ටික කාලෙකින් මට රට එන්න චාන්ස් එකක් වැදුනා. මට ලැබුණෙ හොඳම අවස්ථාවක් නෙවෙයි. හැබැයි මම හිතුව ඒක තමයි ඒ වෙලාවෙ හැටියට හොඳම අවස්ථාව කියල. මම රට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට වැඩියි දැන්. ඒ අතරේ මම ගත්ත ඉඩමෙ ගේ හැදුවා. වයිෆ්, පුතා දෙන්න විසිට් වලට මම ගෙන්නගන්නවා. මමත් අවුරුද්දකට දෙතුන් වතාවක් ලංකාවට යනවා. *** ඇත්තම කිව්වොත් බං අපේ අම්ම, තාත්තා අපි උසස්පෙළ කරනකම් අපිට වියදම් කරල, පස්සෙන් ඉඳගෙන හැමදේම පුළුවන් විදියට හොයල බලල කරල දුන්නත් අපි ගෙදරින් ඈත් වුණාම එයාල අපි ගැන ලොකුවට හොයන්න බලන්න, අපේ පස්සෙන් පන්නන්න එන්නෙ නෑ. හැබැයි හරි ගෑණියෙක් අපේ ජීවිතේට ආවොත් ඒ ගෑණි අපිට යන්න ඕනි තැනට යන්න ඕනි ටාර්ගට් එකට අපිට යවන්න පස්සෙන් ඉඳන් තල්ලුවක් දෙනවා. මටත් එහෙම වයිෆ් කෙනෙක්ව ලැබුණා. උඹලට ගැලපෙන, උඹලව තේරුම්ගත්ත එහෙම කෙනෙක් ඉන්නවනම් තියෙන දේවල් ගැන නොහිත, දෙන්නත් එක්ක හරියට හිතල බලල, පුළුවන් හැටියට ජීවිතේ පටන්ගනිල්ලා. වරදින එකක් නෑ. ඒ වගේම තමයි තමන් නිරතවෙන වෘත්තියෙ පේපර් කොලිෆිකේෂන් ටික හදාගන්න බලපන් උපරිමෙන්. මම දන්න තරමින් මේ එළකිරියෙ කල් ගෙවන ගොඩක් එවුන් මොකක් හරි ක්ෂේත්රයක වැඩ්ඩෙක්. හැමෝටම දක්ෂතා තියෙනවා. ඒ දක්ෂතාවලින් වැඩ ගන්න අපි දැනගන්න ඕනි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom