Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් එළකිරි එකේ පොස්ට් එකක කිව්වා අපි ගෙදර කෑමට අවශ්‍ය වෙන පොල් තෙල් ගෙදරීම හදාගන්නේ කියලා. ඉතින් මේ සිංහල අවුරුදු කාලේ පොල් තෙල් ටිකක් හදා ගත්තා ගෙදරදීම.

මේ තියෙන්නේ එකේ ෆොටෝස් කීපයක්.

මුලින්ම පැහිලා තියෙන පොල් ටිකක් කඩා ගන්න ඕනි. පොල් ගෙඩිය වේලිලා වගේ තියෙනවා නං පොල් තෙල් වලට හොදයි. ඒ නිසා අලුතින් කඩා ගත්තු පොල් සති දෙක තුනක් තියලා ගත්තත් කමක් නැහැ.

පොල් කඩන කෙනා පොල් ගස් වල තියෙන වෙළුණු අතු අයින් කරනවා. මෙහෙම පෝල් ගස් වල තියෙන වියලි කොළ, නටු ආදිය ඉවත් කරාම ඵලදාවත් හොදයි.

ඊට පස්සේ පොල් ගෙඩිවල ලෙල්ල ඉවත් කර ගන්න ඕනි. අපේ නං පොල් කඩන්න එන කෙනාම පොල් කඩලා, ගිය වතාවේ කඩපු පොල් ගබඩාවේ තියෙනවා නං ඒවා අරගෙන ලෙල්ල ඉවත් කරලා, අලුත් ගෙඩි ගබඩාවට දාලා යනවා.

පොල් කඩන්න එක ගහකට ගන්නේ පොල් ගෙඩියක වර්ථමාන මිල. ඒ කියන්නේ දැන් පොල් ගෙඩියක් රුපියල් 250 ක් වෙන නිසා ගහකට ඒ ගාන දෙනවා. ඊට අමතරව ගස් කීපයක පොල් කැඩුවම පොල් ගෙඩියක් දෙකක් ගෙනියන්න දෙනවා. ඉවත් කරන පොල් ලෙලි, පොල් අතු ආදිය එයාම අරගෙන යනවා ගින්දර අවුළුවා ගැනීම පිණිස.

අපේ නං එක පාර පොල් ගස් 3 - 4 ක වගේ තමයි පොල් කඩන්නේ. ඒ ටික අපිට එක වතාවකට කෑමට ඇති. මේ සැරේ ගස් 5 ක පොල් ගෙඩි 100 ක් වගේ තිබුනා. පොල් කඩලා, අවශ්‍ය ප්‍රමාණයට ලෙල්ල ඉවත් කරලා, ඉතිරිය පිළිවෙලකට අහුරලා දීලා ගියා. ඉතින් රුපියල් 1,700 ක් සහ පොල් ගෙඩි දෙකක් දුන්නා.

සමහර පොල් කඩන අය පොල් ටික කැඩුවා ගියා යන්න. අපි ඒවා එකතු කරගන්න ඕනි. ඊට වඩා මේක ලේසි.

ඊට පස්සේ හොදට පායන දවසක පොල් ගෙඩි ටික බිඳගෙන අව්වේ වේලාගන්න ඕනි. හොදට අව්ව තියෙනවා නං ඒ දවසක් වෙළුනාම මේවයේ පොල් කට්ට නිකන්ම ගැලවිලා යනවා.

මේ තියෙන්නේ කට්ට ඉවත් කරගත් පොල් ගෙඩියේ මදය.

ඊට පස්සේ මේක පොඩි කෑලි වලට කපා ගන්න ඕනි. ඊට පස්සේ ආයේ අව්වේ වෙලා ගන්න ඕනි දවසක් දෙකක්. හොදට දුඹුරු පාටට හුරු වෙන්න වේලාගන්න ඕනි. මම නං පොල් කෑලි බ්ලෙන්ඩර් කරලා ගන්නවා පොඩියට එන්න. එතකොට ඉක්මනට වේලෙනවා.

ඊට පස්සේ තෙල් හිදින මෝලකට අරගෙන ගිහින් තෙල් හිඳගෙන එන්න තියෙන්නේ. තෙල් හිඳින්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. අපේ නං පොල් ගෙඩි විසිපහක තෙල් හිදින්න විනාඩි 10 ක් වගේ ගියේ.

තෙල් හිඳින මැෂින් එකක්. ජයාරුපය අන්තර්ජාලයෙනි.

මේ තියෙන්නේ අපේ තෙල් ටික මම බෝතලයකට දාගෙන ආව. මෙතන පොල්ගෙඩි විසිපහක තෙල්. බෝතල් 5 ක්.

ඊට පස්සේ මේ බෝතලය දවසක් දෙකක් හෙලවෙන්නේ නැතිව තියන්න ඕනි. එතකොට තෙල් මන්ඩ් ටික අඩියේ තැන්පත් වෙනවා. ඊට පස්සේ මේ ටික පෙරාගෙන බෝතල් වලට දාගෙන අවශ්‍ය වෙලේට කෑම හදාගන්න ගන්න තියෙන්නේ.

ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ ඒ තෙල්. මේවා සුදු පාටයි. ෆොටෝ එකට ටිකක් ලා කොළ වගේ වැදිලා තියෙන්නේ. බෝතලේ අඩියේ තෙල් මන්ඩ් තැන්පත් වෙලා තියෙනවා දකින්න පුළුවන්.

මේ පහල ෆොටෝ එකේ තියෙන්නේ ගෙදර හින්දපු පොල් තෙල් බෝතලයක් සහ කඩෙන් ගත්තු තෙල් බෝතලයක්. වම් පැත්තේ එක ගෙදර හින්දපු එක. දකුණු පැත්තේ තියෙන්නේ කඩෙන් ගෙනාපු එක. කඩෙන් ගත්තු තෙල් එක දුඹුරු පාටයි. රුපියල් 650 යි.

මේකෙදි වියදම ගැන කියනවා නං පොල් ගෙඩි පහකින් එක තෙල් බෝතලයක් තමයි එන්නේ. ඒ කියන්නේ අපේ නං ඒක තමයි සාමාන්‍ය. මම තෙල් හිදින්න ගන්නේ පොඩි පොල් ගෙඩි. ඒවා කඩේ රුපියල් 150-200 වගේ අතර වෙනවා. ලොකු පොල් ගෙඩි තමයි රුපියල් 250 ක් වෙන්නේ.

ඉතින් පොඩි පොල්ගෙඩි 5 ක් කියන්නේ රුපියල් 1,000 ක වගේ වියදමක් යනවා පොල් වලට. ඊට අමතරව තෙල් හිඳින්න එක බෝතලයකට රුපියල් 60 ක් යනවා. ඊළගට පොල් කඩන්න යන වියදම, මහන්සිය එහෙම බලද්දී පොල්තෙල් බෝතලයක මිල රුපියල් 1,300 ක් වගේ වෙනවා.

සුපර්මාර්කට් වල පිරිසිදු සුදු පොල්තෙල් බෝතලයක් කීයද දැන්? මම හරියටම මිල දන්නේ නැහැ. කවලම් ෆාම් තෙල් බෝතලයක් නං රුපියල් 650 යි.

ඉතින් මෙහෙම හදාගන්න පොල්තෙල් සමහර අය නං රත් කරලාලු බෝතල් වලට දාලා තියාගන්නේ. මොකද මේවා අමු පොල්තෙල් කියලා කියන්නේ. අපි නං එහෙම කරන්නේ නැහැ. මේවා ඉතින් මාස කීපයක් තියාගන්න පුළුවන් වතුර අහුනොවී තියාගන්නවා නං.

හොද සුවදක්, කෑම උයද්දී හොද රසක් තියෙනව. අපේ දේශීය කෑම හදනවා නං මෙහෙම ගෙදර හින්දපු තෙල් හොදයි. හැබැයි ප්‍රයිඩ් රයිස් වගේ දේවල් වලට නං එච්චරම හරි යන්නේ නැහැ. ඒවායේ බැදුම් වලට බැදුම් තෙල් වර්ගයක් තමයි හරි යන්නේ.

[QUOTE="Janatha Jhon, post: 30640490, member: 585434"] මම කලින් එළකිරි එකේ පොස්ට් එකක කිව්වා අපි ගෙදර කෑමට අවශ්‍ය වෙන පොල් තෙල් ගෙදරීම හදාගන්නේ කියලා. ඉතින් මේ සිංහල අවුරුදු කාලේ පොල් තෙල් ටිකක් හදා ගත්තා ගෙදරදීම. මේ තියෙන්නේ එකේ ෆොටෝස් කීපයක්. මුලින්ම පැහිලා තියෙන පොල් ටිකක් කඩා ගන්න ඕනි. පොල් ගෙඩිය වේලිලා වගේ තියෙනවා නං පොල් තෙල් වලට හොදයි. ඒ නිසා අලුතින් කඩා ගත්තු පොල් සති දෙක තුනක් තියලා ගත්තත් කමක් නැහැ. [IMG]https://i.postimg.cc/5NhzmtRw/1.jpg[/IMG] [IMG]https://i.postimg.cc/T3RpYWLY/2.jpg[/IMG] පොල් කඩන කෙනා පොල් ගස් වල තියෙන වෙළුණු අතු අයින් කරනවා. මෙහෙම පෝල් ගස් වල තියෙන වියලි කොළ, නටු ආදිය ඉවත් කරාම ඵලදාවත් හොදයි. [IMG]https://i.postimg.cc/rs8vtcSW-/3.jpg[/IMG] ඊට පස්සේ පොල් ගෙඩිවල ලෙල්ල ඉවත් කර ගන්න ඕනි. අපේ නං පොල් කඩන්න එන කෙනාම පොල් කඩලා, ගිය වතාවේ කඩපු පොල් ගබඩාවේ තියෙනවා නං ඒවා අරගෙන ලෙල්ල ඉවත් කරලා, අලුත් ගෙඩි ගබඩාවට දාලා යනවා. පොල් කඩන්න එක ගහකට ගන්නේ පොල් ගෙඩියක වර්ථමාන මිල. ඒ කියන්නේ දැන් පොල් ගෙඩියක් රුපියල් 250 ක් වෙන නිසා ගහකට ඒ ගාන දෙනවා. ඊට අමතරව ගස් කීපයක පොල් කැඩුවම පොල් ගෙඩියක් දෙකක් ගෙනියන්න දෙනවා. ඉවත් කරන පොල් ලෙලි, පොල් අතු ආදිය එයාම අරගෙන යනවා ගින්දර අවුළුවා ගැනීම පිණිස. අපේ නං එක පාර පොල් ගස් 3 - 4 ක වගේ තමයි පොල් කඩන්නේ. ඒ ටික අපිට එක වතාවකට කෑමට ඇති. මේ සැරේ ගස් 5 ක පොල් ගෙඩි 100 ක් වගේ තිබුනා. පොල් කඩලා, අවශ්‍ය ප්‍රමාණයට ලෙල්ල ඉවත් කරලා, ඉතිරිය පිළිවෙලකට අහුරලා දීලා ගියා. ඉතින් රුපියල් 1,700 ක් සහ පොල් ගෙඩි දෙකක් දුන්නා. [IMG]https://i.postimg.cc/8sgfbKzh/4.jpg[/IMG] සමහර පොල් කඩන අය පොල් ටික කැඩුවා ගියා යන්න. අපි ඒවා එකතු කරගන්න ඕනි. ඊට වඩා මේක ලේසි. ඊට පස්සේ හොදට පායන දවසක පොල් ගෙඩි ටික බිඳගෙන අව්වේ වේලාගන්න ඕනි. හොදට අව්ව තියෙනවා නං ඒ දවසක් වෙළුනාම මේවයේ පොල් කට්ට නිකන්ම ගැලවිලා යනවා. [IMG]https://i.postimg.cc/zvh1n5vG/5.jpg[/IMG] මේ තියෙන්නේ කට්ට ඉවත් කරගත් පොල් ගෙඩියේ මදය. [IMG]https://i.postimg.cc/wTTDwvHP/6.jpg[/IMG] ඊට පස්සේ මේක පොඩි කෑලි වලට කපා ගන්න ඕනි. ඊට පස්සේ ආයේ අව්වේ වෙලා ගන්න ඕනි දවසක් දෙකක්. හොදට දුඹුරු පාටට හුරු වෙන්න වේලාගන්න ඕනි. මම නං පොල් කෑලි බ්ලෙන්ඩර් කරලා ගන්නවා පොඩියට එන්න. එතකොට ඉක්මනට වේලෙනවා. [IMG]https://i.postimg.cc/5NPJcPzg/7.jpg[/IMG] [IMG]https://i.postimg.cc/gcNQrx0k/8.jpg[/IMG] ඊට පස්සේ තෙල් හිදින මෝලකට අරගෙන ගිහින් තෙල් හිඳගෙන එන්න තියෙන්නේ. තෙල් හිඳින්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. අපේ නං පොල් ගෙඩි විසිපහක තෙල් හිදින්න විනාඩි 10 ක් වගේ ගියේ. තෙල් හිඳින මැෂින් එකක්. ජයාරුපය අන්තර්ජාලයෙනි. [IMG]https://i.postimg.cc/Hk4Qsyp6/9.jpg[/IMG] මේ තියෙන්නේ අපේ තෙල් ටික මම බෝතලයකට දාගෙන ආව. මෙතන පොල්ගෙඩි විසිපහක තෙල්. බෝතල් 5 ක්. [IMG]https://i.postimg.cc/mrpFv7sJ/10.jpg[/IMG] ඊට පස්සේ මේ බෝතලය දවසක් දෙකක් හෙලවෙන්නේ නැතිව තියන්න ඕනි. එතකොට තෙල් මන්ඩ් ටික අඩියේ තැන්පත් වෙනවා. ඊට පස්සේ මේ ටික පෙරාගෙන බෝතල් වලට දාගෙන අවශ්‍ය වෙලේට කෑම හදාගන්න ගන්න තියෙන්නේ. ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ ඒ තෙල්. මේවා සුදු පාටයි. ෆොටෝ එකට ටිකක් ලා කොළ වගේ වැදිලා තියෙන්නේ. බෝතලේ අඩියේ තෙල් මන්ඩ් තැන්පත් වෙලා තියෙනවා දකින්න පුළුවන්. [IMG]https://i.postimg.cc/Pr6hzyzg/11.jpg[/IMG] මේ පහල ෆොටෝ එකේ තියෙන්නේ ගෙදර හින්දපු පොල් තෙල් බෝතලයක් සහ කඩෙන් ගත්තු තෙල් බෝතලයක්. වම් පැත්තේ එක ගෙදර හින්දපු එක. දකුණු පැත්තේ තියෙන්නේ කඩෙන් ගෙනාපු එක. කඩෙන් ගත්තු තෙල් එක දුඹුරු පාටයි. රුපියල් 650 යි. [IMG]https://i.postimg.cc/FsK147PQ/12.jpg[/IMG] මේකෙදි වියදම ගැන කියනවා නං පොල් ගෙඩි පහකින් එක තෙල් බෝතලයක් තමයි එන්නේ. ඒ කියන්නේ අපේ නං ඒක තමයි සාමාන්‍ය. මම තෙල් හිදින්න ගන්නේ පොඩි පොල් ගෙඩි. ඒවා කඩේ රුපියල් 150-200 වගේ අතර වෙනවා. ලොකු පොල් ගෙඩි තමයි රුපියල් 250 ක් වෙන්නේ. ඉතින් පොඩි පොල්ගෙඩි 5 ක් කියන්නේ රුපියල් 1,000 ක වගේ වියදමක් යනවා පොල් වලට. ඊට අමතරව තෙල් හිඳින්න එක බෝතලයකට රුපියල් 60 ක් යනවා. ඊළගට පොල් කඩන්න යන වියදම, මහන්සිය එහෙම බලද්දී පොල්තෙල් බෝතලයක මිල රුපියල් 1,300 ක් වගේ වෙනවා. සුපර්මාර්කට් වල පිරිසිදු සුදු පොල්තෙල් බෝතලයක් කීයද දැන්? මම හරියටම මිල දන්නේ නැහැ. කවලම් ෆාම් තෙල් බෝතලයක් නං රුපියල් 650 යි. ඉතින් මෙහෙම හදාගන්න පොල්තෙල් සමහර අය නං රත් කරලාලු බෝතල් වලට දාලා තියාගන්නේ. මොකද මේවා අමු පොල්තෙල් කියලා කියන්නේ. අපි නං එහෙම කරන්නේ නැහැ. මේවා ඉතින් මාස කීපයක් තියාගන්න පුළුවන් වතුර අහුනොවී තියාගන්නවා නං. හොද සුවදක්, කෑම උයද්දී හොද රසක් තියෙනව. අපේ දේශීය කෑම හදනවා නං මෙහෙම ගෙදර හින්දපු තෙල් හොදයි. හැබැයි ප්‍රයිඩ් රයිස් වගේ දේවල් වලට නං එච්චරම හරි යන්නේ නැහැ. ඒවායේ බැදුම් වලට බැදුම් තෙල් වර්ගයක් තමයි හරි යන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom