Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙවල් හැදිල්ල - මගේ අත්දැකීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dark mode අයට

මම මේ අවුරුද්දේ මුල මගේ අලුත් ගෙදර හදලා ඉවරවෙලා පදිංචියට ගියා.. ගේ හදද්දි මට ලැබුන අත්දැකීම්, වෙච්ච හොද දේවල්, අඩුපාඩු, සැලකිලිමත් විය යුතු දේවල් එලකිරි එකේ කට්ටිය එක්ක බෙදාගන්නවා කියලා හිතුවා, එහෙනම් පටන් ගමු.

ගෙයක් හදන්න කලින් පලවෙනියටම හිතන්න ඕන දේ තමයි ඉඩම, ඉඩමක් තියෙනව නම් එහෙමයි, නැත්නම් ඉඩමක් ගන්න ඕන, ඉඩමක් ගන්න කොට පත්තිරු බලලා ලෝයර් කෙනෙක් හරහා ගන්න ඕන, මොකද මේ දවස් වල පට්ට හොරු ඉන්නේ,කාලයක් පිටරට ඉන්න උන්ගේ ඉඩම් හොර ඔප්පු හදලා විකුණනවා.ඒ ගැන සැලකිලිමත් වෙන්න.

ඉඩම හරි නම් ඊලඟට හිතන්න ඇත්තටම ඔයාට ගේ හදන්න කීයක් වියදම් කරන්න පුළුවන්ද?(ලෝන් ඔක්කොම එක්ක) භාගයක් හදාගෙන යන්න හිතාගෙන ඉන්නවද සම්පූර්ණ කරගෙනම යනවද කියන එක ඔයා තීරණය කරන්න.

බජට් එකත් දන්නව නම් ප්ලෑන් එකක් ඇදගන්න.ආකිටෙක්ට් ඉඩමට ඇවිල්ලම බලනව නම් හොදයි.තමන්ගේ අවශ්‍යතාව කියලා එයාගෙත් උපදෙස් අරගෙන ප්ලෑන් එක කරගන්න.ඒ අවට ගෙවල් බලලා අයිඩියා එකක් ගන්න.වහල,ජනෙල් කැනපි වැහිපීලි වගේ දේවල් ගැන,ඔයාලට ඒවා බැලුවම හිතාගන්න පුළුවන් ඒ දේවල් වල කල්පැවැත්ම කොහොමද කියලා.

ප්ලෑන් එක ඇදලා ඉවර නම්,ප්‍රාදේශීය හෝ නගර සභාවෙන් පාස් කරගන්න.ඊට පස්සේ කරන්ට් එක වතුර වගේ දේවල් වලට ඉල්ලුම් කරන්න.මොකද ඒවා ලැබෙන්න යම් කාලයක් යනවා.ඊට පස්සේ කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි ඔයා ගේ හදන්න දෙන්න ඉන්න කොන්ත්‍රාත්කරු හෝ හෙඩ් බාස් හෝ ස්ට්‍රක්චරල් ඉංජිනියර් ගෙනල්ලා පොලව හාරලා පසේ තත්වය බලන්න.මොකද ෆවුන්ඩේශන් එකට යන ගාන කාටවත් හරියට කියන්න බැහැ පසේ තත්වය නොදැන.

ගේ හදන්න දෙන එක ගැන කියනව නම් ලාභම විදිය තමයි තමන් බඩු අරගෙන දීලා, පියවරෙන් පියවර බාස් එක්ක ගානක් පොරොන්දු වෙලා වැඩ කරන එක. එහෙම බැරි නම් කොන්ත්‍රාත් දීලා තමයි කරන්න වෙන්නේ.මම කරේ එහෙම මොකද මගේ බිසී ලයිෆ් එක,මට මේ වැඩ ගැන තියෙන අඩු දැනුම සහ මට වැඩිහිටියෙක් උපදෙස් ගන්න හිටියෙ නැති එක.කාත් එක්ක වැඩ කරත් ලිඛිත ගිවිසුමක් අත්සන් කරන්න.ඒක නම් අනිවාර්යයි,ඒකෙදි මුලදිම හැම දෙයක් ගැනම එකඟතාවයකට එන්න.ගෙවන්නේ අඩි ගානටද?දික් අඩිද වර්ග අඩිද?නැත්නම් ෆවුන්ඩේශන් වෙනම,යට බිත්ති ස්ලැබ් මට්ටමට උස්සන්න වෙනම වගේ වැඩේට ගානක්ද?කියලා.ගෙවීම් කරන විදියත් කතා කරගන්න.කොන්ත්‍රාත් නෙමෙයි නම් අපි බාස්ලට මඩුව,ටොයිලට් හදලා දෙන්න ඕන.

හදන්න දෙන විදිය ගැන තීරණයකට ආව නම් පාවිච්චි කරන බඩු ගැන සැලකිලිමත් වෙන්න.බිත්ති බැන්දම ස්ලැබ් කෑලි එලියට පේනවට කැමති නැත්නම් මුලදිම බාස්ට කියලා 9 ගඩොලෙන් බදින්න.සිමෙන්ති නම් සංස්ථා මම දැම්මේ.ස්ලැබ් එකට ටෝකියෝ සුපර්.කම්බි ලංවා

අපි අතින් වෙන වැරදි තීරණ ගැන මම මට හිතෙන විදියට කියන්නම්, පොලවට ලී හෝ විනිල් ෆ්ලෝරින් දාන එක ටයිල් වලට වඩා අසාර්ථකයි,ටයිටේනියම් උනත් එහෙමයි,ඩැමේජ් උනොත් ආපහු පරන තත්වෙට ගන්න අමාරුයි.ඒ නිසා ටයිල් වලට යන එක තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන්,බොක්ස් ටයිප් ගෙයක් නම් අනිවාර්යෙන්ම ජනෙල් දොරවල් තෙමෙන එක ගැන සැලකිලිමත්වෙන්න. ඒ වගේම තමයි ෆ්‍රෙන්ච් වින්ඩෝ යටින් වතුර එන්නේ නැති වෙන්න පොලව හද්දිම පොඩි ගැට්ටක් තියලා හදන්න,ඒකට නම් උළුවහු කරන අයයි පොලව කරන අයයි කෝඩිනේට් වෙන්න ඕන,මොකද මෙශර්මන්ට්ස් මුලදිම ගන්න ඕන.

වහල ගැන කියනව නම් උළු, ඇස්බැස්ටස් තමයි ගැලපෙන්නේ, පීවීසී, සිවිලිම වගේ ප්ලාස්ටික් ශීට් නම් දාන්න එපා.ආනිවාර්යෙන් ෆොයිල් එකක් දාන්න.ෆිනිශින් වහලක් ගහනව නම් සිවිලිම, අයි පැනල් වගේ සිවිලිං ශීට් එක හොදයි,කල් පවතිනවා,පාට වෙනස් වෙන්නේ නැහැ.

ටයිල් සහ බාත් රූම් ෆිටින්ස් ගන්න කොට නම ගැන විතරක් හිතලා ගන්න එපා.ඒ නමට ලොකු ගානක් ඇඩ් වෙලා තියෙනවා.ඊට ගොඩක් අඩුවෙන් සමාන කොලිටියේ බඩු ගන්න පුළුවන්,දන්න කෙනෙක් එක්ක යන්න.මිල ගනන් සසදලා බලන්න.බැල්කනි වලට,කාපෝට් එකට,වැරෙන්ඩා වලට වගේ ටයිල් ගන්න කොට ගොඩක් දූවිලි බදන රෆ් ටයිල් ගන්න එපා.සුද්ද කරන්න ගියාම අමාරුයි.

වතුර බට නම් එස්ලෝන් දාන්න.වතුර ටැකිය උනත් එහෙමයි ඇතුල සුදු එක දාන්න. වතුර මෝටර් එක හොද වොරන්ටි සර්විස් තියෙන එකක් ගන්න. හොට් වෝටර් කරනව නම් ඒවට හරියන බට ගම් එක දාන්න.සෝලර් හොට් වෝටර් ගන්නව නම් ප්ලම්බින් කරන කෙනාට මුලින්ම කියලා තියන්න බට අදින්න.

වැදගත්ම දෙයක් තමයි මුලදිම තීරණය කරන්න ටොයිලට් වලවල් එන්නේ කොහේටද කියලා.ඒ අනුව තමයි අපිට මෑන්හෝල් සහ වතුර බහින ස්ලෝප් එක තීරණය කරන්න වෙන්නේ.යම් කාලෙකදි ටොයිලට් වලවල් අස් කරන්න වෙන නිසා ඒ ගැනත් හිතලා තැනක් තෝරගන්න.

පෑන්ට්‍රි එක ගහනකොට වතුරට ඔරොත්තු දෙන ග්‍රිෆින් බෝඩ් හෝ ඇලුමිනියම් වගේ එකක යන්න පුළුවන් නම් කල්පැවැත්ම හොදයි,ගානත් සාපේක්ෂව අඩුයි.ඉඩ තියෙනව නම් පොඩි දර කුස්සියක් ගහගන්න.දානයක් පාටියක් වෙලාවට වටිනකම කියන්න බැහැ.ගෑස් එක අනිවාර්යෙන්ම එලියට ගන්න,ඒක කපරාරු කරන්න කලින් බටයක් එලියට දාගන්න බිත්තිය ඇතුලෙන්.

ලයිට් ෆිටින්ස් ගන්නවා නම් පලවෙනි හරස්වීදියෙ තියෙනවා ගොඩක් කඩ, ඒවා කොමන් වැඩී වගේ හිතෙනව නම් තව ශොප් ඕන තරම් තියෙනවා

දොරලොක්,සරනේරු,දොර හැඩල් වගේ ඒවා මම ගත්තේ චානක බ්රාස් ඩීලර්ස් කිරිබත්ගොඩ,කියන්න අවුලක් නැහැ..

ගේ වැඩ ඉවර වෙන්න මාස 3-4කට කලින් ලෑන්ඩ්කේපින් කරන්න හිතාගෙන ඉන්නව නම්,පොලවට ඉන්ටලොක් තනකොල අල්ලන්න ඉන්නව නම් ඒවා කරන කෙනෙක් එක්ක වැඩේ පෙන්නලා කතාකරගන්න.

තාප්පේ බදිනවා නම් දැන් ඒකටත් ප්ලෑන් එකක් පාස් කරගන්න ඕන සභාවෙන්,මම රෝලර් ගේට් දැම්මේ එල්කාඩෝ එකෙන්.

වැහිපීලි, ඩවුන් පයිප්,ෆ්ලෑෂින් වගේ ඒවා තිතටම ගහගන්න,නැත්නම් වැස්සට වතුර ගේ ඇතුලේ.සිලිකන් ගම් දාන්න කියන්න ජොයින්ට් වලට.

ඔන්න මට මතක විදියට හැමදේම ටයිප් කරා,මේක මමත් හදපු පලවෙනි ගේ,තාත්තා දීපු එකේ තමයි කලින් හිටියේ.කාටහරි ප්‍රයෝජනවත් උනා නම් ඒක තමයි මගේ අරමුණ.වැඩ අස්සේ ටයිප් කරේ,දැනගන්න ඕන දෙයක් තියෙනව නම් අහන්න,මම ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි ඒත් ගේ හදපු අත්දැකීම් වලින් යම් දෙයක් කියන්න පුළුවන් වෙයි.එහෙනම් කොල්ලෝ අපි ගියා.. ජය වේවා!

[QUOTE="Master malli, post: 25624890, member: 567582"] Dark mode අයට [B]මම මේ අවුරුද්දේ මුල මගේ අලුත් ගෙදර හදලා ඉවරවෙලා පදිංචියට ගියා.. ගේ හදද්දි මට ලැබුන අත්දැකීම්, වෙච්ච හොද දේවල්, අඩුපාඩු, සැලකිලිමත් විය යුතු දේවල් එලකිරි එකේ කට්ටිය එක්ක බෙදාගන්නවා කියලා හිතුවා, එහෙනම් පටන් ගමු.[/B] [LIST] [*][B]ගෙයක් හදන්න කලින් පලවෙනියටම හිතන්න ඕන දේ තමයි ඉඩම, ඉඩමක් තියෙනව නම් එහෙමයි, නැත්නම් ඉඩමක් ගන්න ඕන, ඉඩමක් ගන්න කොට පත්තිරු බලලා ලෝයර් කෙනෙක් හරහා ගන්න ඕන, මොකද මේ දවස් වල පට්ට හොරු ඉන්නේ,කාලයක් පිටරට ඉන්න උන්ගේ ඉඩම් හොර ඔප්පු හදලා විකුණනවා.ඒ ගැන සැලකිලිමත් වෙන්න.[/B] [*][B]ඉඩම හරි නම් ඊලඟට හිතන්න ඇත්තටම ඔයාට ගේ හදන්න කීයක් වියදම් කරන්න පුළුවන්ද?(ලෝන් ඔක්කොම එක්ක) භාගයක් හදාගෙන යන්න හිතාගෙන ඉන්නවද සම්පූර්ණ කරගෙනම යනවද කියන එක ඔයා තීරණය කරන්න.[/B] [*][B]බජට් එකත් දන්නව නම් ප්ලෑන් එකක් ඇදගන්න.ආකිටෙක්ට් ඉඩමට ඇවිල්ලම බලනව නම් හොදයි.තමන්ගේ අවශ්‍යතාව කියලා එයාගෙත් උපදෙස් අරගෙන ප්ලෑන් එක කරගන්න.ඒ අවට ගෙවල් බලලා අයිඩියා එකක් ගන්න.වහල,ජනෙල් කැනපි වැහිපීලි වගේ දේවල් ගැන,ඔයාලට ඒවා බැලුවම හිතාගන්න පුළුවන් ඒ දේවල් වල කල්පැවැත්ම කොහොමද කියලා.[/B] [*][B]ප්ලෑන් එක ඇදලා ඉවර නම්,ප්‍රාදේශීය හෝ නගර සභාවෙන් පාස් කරගන්න.ඊට පස්සේ කරන්ට් එක වතුර වගේ දේවල් වලට ඉල්ලුම් කරන්න.මොකද ඒවා ලැබෙන්න යම් කාලයක් යනවා.ඊට පස්සේ කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි ඔයා ගේ හදන්න දෙන්න ඉන්න කොන්ත්‍රාත්කරු හෝ හෙඩ් බාස් හෝ ස්ට්‍රක්චරල් ඉංජිනියර් ගෙනල්ලා පොලව හාරලා පසේ තත්වය බලන්න.මොකද ෆවුන්ඩේශන් එකට යන ගාන කාටවත් හරියට කියන්න බැහැ පසේ තත්වය නොදැන.[/B] [*][B]ගේ හදන්න දෙන එක ගැන කියනව නම් ලාභම විදිය තමයි තමන් බඩු අරගෙන දීලා, පියවරෙන් පියවර බාස් එක්ක ගානක් පොරොන්දු වෙලා වැඩ කරන එක. එහෙම බැරි නම් කොන්ත්‍රාත් දීලා තමයි කරන්න වෙන්නේ.මම කරේ එහෙම මොකද මගේ බිසී ලයිෆ් එක,මට මේ වැඩ ගැන තියෙන අඩු දැනුම සහ මට වැඩිහිටියෙක් උපදෙස් ගන්න හිටියෙ නැති එක.කාත් එක්ක වැඩ කරත් ලිඛිත ගිවිසුමක් අත්සන් කරන්න.ඒක නම් අනිවාර්යයි,ඒකෙදි මුලදිම හැම දෙයක් ගැනම එකඟතාවයකට එන්න.ගෙවන්නේ අඩි ගානටද?දික් අඩිද වර්ග අඩිද?නැත්නම් ෆවුන්ඩේශන් වෙනම,යට බිත්ති ස්ලැබ් මට්ටමට උස්සන්න වෙනම වගේ වැඩේට ගානක්ද?කියලා.ගෙවීම් කරන විදියත් කතා කරගන්න.කොන්ත්‍රාත් නෙමෙයි නම් අපි බාස්ලට මඩුව,ටොයිලට් හදලා දෙන්න ඕන.[/B] [*][B]හදන්න දෙන විදිය ගැන තීරණයකට ආව නම් පාවිච්චි කරන බඩු ගැන සැලකිලිමත් වෙන්න.බිත්ති බැන්දම ස්ලැබ් කෑලි එලියට පේනවට කැමති නැත්නම් මුලදිම බාස්ට කියලා 9 ගඩොලෙන් බදින්න.සිමෙන්ති නම් සංස්ථා මම දැම්මේ.ස්ලැබ් එකට ටෝකියෝ සුපර්.කම්බි ලංවා[/B] [*][B]අපි අතින් වෙන වැරදි තීරණ ගැන මම මට හිතෙන විදියට කියන්නම්, පොලවට ලී හෝ විනිල් ෆ්ලෝරින් දාන එක ටයිල් වලට වඩා අසාර්ථකයි,ටයිටේනියම් උනත් එහෙමයි,ඩැමේජ් උනොත් ආපහු පරන තත්වෙට ගන්න අමාරුයි.ඒ නිසා ටයිල් වලට යන එක තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන්,බොක්ස් ටයිප් ගෙයක් නම් අනිවාර්යෙන්ම ජනෙල් දොරවල් තෙමෙන එක ගැන සැලකිලිමත්වෙන්න. ඒ වගේම තමයි ෆ්‍රෙන්ච් වින්ඩෝ යටින් වතුර එන්නේ නැති වෙන්න පොලව හද්දිම පොඩි ගැට්ටක් තියලා හදන්න,ඒකට නම් උළුවහු කරන අයයි පොලව කරන අයයි කෝඩිනේට් වෙන්න ඕන,මොකද මෙශර්මන්ට්ස් මුලදිම ගන්න ඕන.[/B] [*][B]වහල ගැන කියනව නම් උළු, ඇස්බැස්ටස් තමයි ගැලපෙන්නේ, පීවීසී, සිවිලිම වගේ ප්ලාස්ටික් ශීට් නම් දාන්න එපා.ආනිවාර්යෙන් ෆොයිල් එකක් දාන්න.ෆිනිශින් වහලක් ගහනව නම් සිවිලිම, අයි පැනල් වගේ සිවිලිං ශීට් එක හොදයි,කල් පවතිනවා,පාට වෙනස් වෙන්නේ නැහැ.[/B] [*][B]ටයිල් සහ බාත් රූම් ෆිටින්ස් ගන්න කොට නම ගැන විතරක් හිතලා ගන්න එපා.ඒ නමට ලොකු ගානක් ඇඩ් වෙලා තියෙනවා.ඊට ගොඩක් අඩුවෙන් සමාන කොලිටියේ බඩු ගන්න පුළුවන්,දන්න කෙනෙක් එක්ක යන්න.මිල ගනන් සසදලා බලන්න.බැල්කනි වලට,කාපෝට් එකට,වැරෙන්ඩා වලට වගේ ටයිල් ගන්න කොට ගොඩක් දූවිලි බදන රෆ් ටයිල් ගන්න එපා.සුද්ද කරන්න ගියාම අමාරුයි.[/B] [*][B]වතුර බට නම් එස්ලෝන් දාන්න.වතුර ටැකිය උනත් එහෙමයි ඇතුල සුදු එක දාන්න. වතුර මෝටර් එක හොද වොරන්ටි සර්විස් තියෙන එකක් ගන්න. හොට් වෝටර් කරනව නම් ඒවට හරියන බට ගම් එක දාන්න.සෝලර් හොට් වෝටර් ගන්නව නම් ප්ලම්බින් කරන කෙනාට මුලින්ම කියලා තියන්න බට අදින්න.[/B] [*][B]වැදගත්ම දෙයක් තමයි මුලදිම තීරණය කරන්න ටොයිලට් වලවල් එන්නේ කොහේටද කියලා.ඒ අනුව තමයි අපිට මෑන්හෝල් සහ වතුර බහින ස්ලෝප් එක තීරණය කරන්න වෙන්නේ.යම් කාලෙකදි ටොයිලට් වලවල් අස් කරන්න වෙන නිසා ඒ ගැනත් හිතලා තැනක් තෝරගන්න.[/B] [*][B]පෑන්ට්‍රි එක ගහනකොට වතුරට ඔරොත්තු දෙන ග්‍රිෆින් බෝඩ් හෝ ඇලුමිනියම් වගේ එකක යන්න පුළුවන් නම් කල්පැවැත්ම හොදයි,ගානත් සාපේක්ෂව අඩුයි.ඉඩ තියෙනව නම් පොඩි දර කුස්සියක් ගහගන්න.දානයක් පාටියක් වෙලාවට වටිනකම කියන්න බැහැ.ගෑස් එක අනිවාර්යෙන්ම එලියට ගන්න,ඒක කපරාරු කරන්න කලින් බටයක් එලියට දාගන්න බිත්තිය ඇතුලෙන්.[/B] [*][B]ලයිට් ෆිටින්ස් ගන්නවා නම් පලවෙනි හරස්වීදියෙ තියෙනවා ගොඩක් කඩ, ඒවා කොමන් වැඩී වගේ හිතෙනව නම් තව ශොප් ඕන තරම් තියෙනවා[/B] [*][B]දොරලොක්,සරනේරු,දොර හැඩල් වගේ ඒවා මම ගත්තේ චානක බ්රාස් ඩීලර්ස් කිරිබත්ගොඩ,කියන්න අවුලක් නැහැ..[/B] [*][B]ගේ වැඩ ඉවර වෙන්න මාස 3-4කට කලින් ලෑන්ඩ්කේපින් කරන්න හිතාගෙන ඉන්නව නම්,පොලවට ඉන්ටලොක් තනකොල අල්ලන්න ඉන්නව නම් ඒවා කරන කෙනෙක් එක්ක වැඩේ පෙන්නලා කතාකරගන්න.[/B] [*][B]තාප්පේ බදිනවා නම් දැන් ඒකටත් ප්ලෑන් එකක් පාස් කරගන්න ඕන සභාවෙන්,මම රෝලර් ගේට් දැම්මේ එල්කාඩෝ එකෙන්.[/B] [*][B]වැහිපීලි, ඩවුන් පයිප්,ෆ්ලෑෂින් වගේ ඒවා තිතටම ගහගන්න,නැත්නම් වැස්සට වතුර ගේ ඇතුලේ.සිලිකන් ගම් දාන්න කියන්න ජොයින්ට් වලට.[/B] [/LIST] [B]ඔන්න මට මතක විදියට හැමදේම ටයිප් කරා,මේක මමත් හදපු පලවෙනි ගේ,තාත්තා දීපු එකේ තමයි කලින් හිටියේ.කාටහරි ප්‍රයෝජනවත් උනා නම් ඒක තමයි මගේ අරමුණ.වැඩ අස්සේ ටයිප් කරේ,දැනගන්න ඕන දෙයක් තියෙනව නම් අහන්න,මම ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි ඒත් ගේ හදපු අත්දැකීම් වලින් යම් දෙයක් කියන්න පුළුවන් වෙයි.එහෙනම් කොල්ලෝ අපි ගියා.. ජය වේවා![/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom