Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ගොඩනැගිලි කුළියට දීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩනැගිලි කුළියට දීම

ටිකක් ලොකු මුදලක් ආයෝජනය කළ හැකි අය අපි අතර ඉන්නවා ඕනතරම්. ඉතාලි, කොරියා ගිහින් ආව අය ඒ අතරින් විශේෂයි. ලක්ෂ 50 ක් 60 ක් වියදම් කරන්න පුළුවන් නම් මේක ඉතාම හොද ආයෝජනයක්.

නගරයට කිට්ටුව ඉඩමක් එහෙම තියනවා නම් තවත් වැඩේ ලේසියි. ඕනම නගරයක බැංකු, ෆුඩ් සිටි, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රෝහල්, පාසල් වලට පිටතින් සේවකයෝ වැඩට එනවා. සමහර ආයතන වලින් ඒ ආයතන වල සේවකයන්ට නවාතැන් පහසුකම් වෙනුවෙන් වියදම් දරනවා. එහෙම දරන්නැති ආයතන වල සේවකයන් තමන්ගේ මුදිලින් හෝ නවාතැන් ගන්න තැනක් හොයනවා. ඒ සදහා පහසුකම් සපිරි තැන් සපයන්න පුළුවන් නම් ඒක හොද ආයෝජනයක්.

සාමාන්‍යයෙන් පර්චස් 10 ක් 15 ක් නගර සීමාවෙන් පදිංචියට සුදුසු ඉඩමක් තිබුනාම ඇති මේ වැඩේට. බිම් මහළ තුළ කාමර 2 යි, බාත්රූම් එකයි, පුංචි සාලෙකුයි එක්ක පොඩි හවුසින් යුනිට් තුනක් හෝ හතරක් හදන්න පුළුවන්. වාහන කිහිපයක් නවත්වන්න තැනක් තියන්නත් ඕන. පළමු මහළත් ඒ වගේමයි. මුලින් බිම් මහළ හදලා ඒක කුළියට දීලා ඒ ආදායමෙන් පළමු, දෙවන හා තෙවන මහල් හදන්නත් පුළුවන්. සල්ලි අතේ තියනවා නම්, එකපාරම හදලා ඉවර කරන්නත් පුළුවන්.

එක් එක් හවුසින් යුනිට් එකට වෙන වෙනම විදුලි මීටර් දාන්න පුලුවන් නම් වඩාත් හොදයි. කුළියට ගන්න කෙනාගෙන් රුපියල් විසි තිස් දාහක "කී මනී" එකක් තියා ගන්න ඕන. ගෙදරට, ගෘහ උපකරණ වලට පදිංචි අය අතින් හානියක් උනොත් ඒක පියවා ගන්න තමයි ඒ මුදල තියා ගන්නේ. එහෙම හානියක් නොවුනොත් පදිංචිය අතහැරලා යන වෙලාවේ ඒ මුදල ආපසු දෙන්න ඕන. ඒ මුදල අරන් වියදම් නොකර ඒක බැංකුවක ස්ථාවර තැන්පතුවක් දාන්න. පොඩි මුදලක් උනත් ස්ථාවර තැන්පතු දාන්න පුළුවන් කියලා ගොඩක් අය දන්නැහැ. රු විසි තිස් දාහක් උනත් ස්ථාවර තැන්පත් දාන්න පුලුවන්. කී මනී එක නිකන්ම වියදම් කරොත් පදිංචි වෙච්ච අය ආපහු යන දවසේ දෙන්න අතේ සල්ලි නැති වෙන්නෙ නැහැ එතකොට.

සාමාන්‍යයෙන් හවුසින් යුනිට් එකක් රු. පහලොස් දාහක්, විසි දාහක් වගේ මුදලකට කුළියට දෙන්න පුළුවන්. ටයිල් කරලා, බාත්රූම් එහෙම ටිකක් පිළිවෙළට හදන්න ඕන. එක යුනිට් එකක ඉන්න අයට කරදරයක් නොවන ආකාරයට අනෙක් යුනිට් එකේ ඉන්න අයට යන්න එන්න පුළුවන් වෙන්න මේක ප්ලෑන් කරන්න ඕන. උඩම මහළේ හෝදන රෙදි වේලන්න ස්ලැබ් එක උඩ හෝ තැනක් වෙන් කරන්න ඕන. මොකද හැමෝටම වොෂින් මැෂින් නැති වෙන්න පුළුවන් නිසා.

කුළියට දෙන අය එක්ක මුලදී ගිවිසුමකට එළඹෙන්න ඕන. හවුසින් යුනිට් එකට හෝ ගෘහ භාණ්ඩ වලට හානියක් නොකරන බවටත්, එසේ හානියක් වුවහොත් කී මනී එකෙන් ඒක අය කර ගන්නා බවටත්, නිවසේ පදිංචි අය විසින් එහි පදිංචිව සිටිමින් කිසිදු නීති විරෝධී කටයුත්තක නිරත නොවන බවටත්, අසල්වැසියන්ට කරදරයක් නොවන අයුරින් ජීවත් වන බවටත්, ස්ථිර පදිංචියට ආ, ගිවිසුමෙන් බැදුන පුද්ගලයන් හැර ඔබේ අවසරය නොමැතිව වෙනත් අයට එම නිවස කුළියට නොදෙන බව හා වෙනත් අයෙක් එහි පදිංචි කරවා නොගන්නා බවටත් ගිවිසුම මගින් පදිංචියට එන අය එකඟ කරවාගෙන ගිවිසුමට අත්සන් තබා ගත යුතුය. පදිංචියට එන අයගේ හැදුනුම්පත් පිටත් වෙනම ගොණුවක ගොණු ගත කර තබා ගත යුතුය. හැකිනම් ගුාමසේවක සහතිකයක්ද තබා ගත යුතුය.

ඉඩම පිහිටා ඇත්තේ නගරයේම පුධාන මාර්ගයක් අසලම නම්, බිම් මහළ හා පළමු මහළ වාණිජ ගොඩනැගිල්ලක් ලෙසද, දෙවන මහළ හා ඉන් පසුව ඉදි වන මහල් නිවාස ඒකක වලින්ද සමන්විත වන ආකාරයට සැලසුම් කළ යුතුය. බිම් මහළ බැංකු, සුපිරි වෙළෙදසැල්, වෙනත් වෙළෙදසැල් සදහා කුළියට දිය හැක. පළමු මහළ රක්ෂණ ආයතන, රූපලාවන්‍යාගාර වැනි දෑ සදහා කුළියට දිය හැක.

බැංකුවක් හෝ වෙනත් එවැනි සංවිධානාත්මක ආයතනයකට කුළියට දීම පිණිස ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ නම්, පාරට සමාන්තරව අඩි 40 ක් පළල තිබිය යුතුය. කාන්තා, පිරිමි දෙපාර්ශවයටම වැසිකිලි හා බාත්රූම් පැවතිය යුතුය. එසේම වාහන පහක් හයක් නැවැත්වීමට පහසුකම් තිබිය යුතුය. ගොඩනැගිල්ලේ පිටුපස ජෙනරේටරයක් ස්ථාපිත කිරීම සදහා ඉඩකඩ පැවතිය යුතුය. ජලය ගබඩා කිරීම සදහා ලීටර් දෙදහසක ටැංකියක් තිබිම අනිවාර්ය වේ. ගොඩනැගිලි සැලැස්ම ඉදිරි දශක දෙක තුනකට ගැලපෙන සේ පිළියෙළ විය යුතුය. අත්තිවාරම හැකි තරම් ඉහළට ඉදි කළ යුතුය. මහා මාර්ගයේ කාපට් ලේයර් කිහිපයක් දැමූ විට, ඔබ ඉදි කරන ගොඩනැගිල්ලේ අත්තිවාරමට වඩා පාර ඉහළින් පිහිටයි නම්, විවිධ ගැටළු ඇති වේ. ජලය බැස යාම අපහසු වීම ඉන් මූලිකම ගැටළුව වේ. එබැවින් ගොඩනැගිල්ලට පඩි දෙක තුනක් නැග යාමට හැකි වන ලෙස අත්තිවාරම දැමිය යුතුය. කෙටියෙන් කියතොත් දැනට ඉඩම ඉදිරියෙන් දිවෙන මාර්ගයට වඩා අවම වශයෙන් අඩියක් වත් අත්තිවාරම ඉහළින් පැවතිය යුතුය.

මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට අඩි 50 ක් එපිටින් ගොඩනැගිල්ල ඉදි කළ යුතුය. එම සීමාව මාර්ග සංවර්ධන අධ්කාරියට අයත් පාරක් අද්දර නම් අඩි 50 ක් ද, නගර සභා හෝ පුාදේශීය සභා පාරක් අද්දර පිහිටි ඉඩමක් නම් අඩි විසි පහක් එපිටින්ද අත්තිවාරම් දැමිය යුතුය. එය හදුන්වන්නේ "ගොඩනැගිලි සීමාව" ලෙසය.

සාමාන්‍යයෙන් වාණිජ ගොඩනැගිලි ඉදි කිරීම, පදිංචිය සදහා නිවසක් ඉදිකරනවාට වඩා වියදම් අඩු කටයුත්තකි. ඊට හේතුව බේස් වළවල් දමා අත්තිවාරම දැමූ විට වට බිත්ති හතර පමණක් බැදීම පුමානවත් නිසාය. කාමර වෙන් කර බිත්ති බැදීමක් අවශ්‍ය නොවේ. කාමර වෙන් කරනු ලබන්නේ එය කුළියට ගන්නා ආයතනය විසිනි. ඒ සදහා එම ආයතනය විසින් වියදම් දරයි.

බැංකුවකට ගොඩනැගිල්ල කුළියට දීමට බලාපොරොත්තු වේ නම්, වයරින් කිරීමක්ද අවශ්‍ය නොවේ. එය බැංකුව විසින් සිදු කරනු ලැබේ.

බැංකුවක් මාසික කුළිය පිළිබදව ගිවිසුම් සාමාන්‍යයෙන් අත්සන් කරනු ලබන්නේ වසර පහකටය. ඉන් පළමු වසර 3 අවසානයේ දී, මාසික කුළිය 10% කින් වැඩිවන ආකාරයට ගිවිසුමට එළඹීම සාමාන්‍ය සිරිත වේ. වසර පහ අවසානයේ දී තවත් වසර 5 කට නැවත ගිවිසුම් අත්සන් කිරීම සලකා බැලේ.

ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් යනු ඉක්මනික් නරක් වන පතෝළ කරළක් නොවේ. වටිනාකම දිනෙන් දින වැඩි වනවා මිස අඩු වන්නේ නැත. අද රුපියල් ලක්ෂ 50 කට හදන ගොඩනැගිල්ල තවත් වසර 10 කින් ඉදි කරන්න නම්, රුපියල් කෝටි දෙක තුනක් අවශ්‍ය වේ.

තට්ටු තුනක නිවාස ඒකක 12 ක් 15 ක් පමණ සාදා ගත හොත් මාසිකව රුපියල් ලක්ෂ දෙකකට වැඩි ආදායමක් ඉපයිය හැක. වාණිජ ගොජනැගිල්ලක් නම් ඊටත් වැඩියෙන් ඉපයිය හැක.

ගොඩනැගිල්ල සාදන පුද්ගලයාට අවධානමක් නොමැති තරම්ය. විශාල මුදලක් වැය වුවද, ඊට නොදෙවෙනි ආදායමක් දිගු කාලීනව උපයා ගත හැක. පූර්ණ කාලීනව ව්‍යාපාරයක යෙදිය නොහැකි අය හට මෙතරම් ගැළපෙන ආයෝජන මාර්ගයක් තවත් නොමැති තරම් ය. බැංකුවක් වැනි සංව්ධානාත්මක ආයතනයකට කුළියට දෙන්නේ නම්, ඔබ විදෙස්ගත වී සිටියද, නියමිත දිනයේ දිම, නිසි පරිදි කුළිය, ඔබේ බැංකු ගිණුමට බැර කරනු ඇත.

මොකද හිතන්නේ? නාගරික සීමාවට ආසන්නයේ ඉඩමක් තියනවා නම් නිවාස ඒකක ටිකක් හෝ පුධාන පාර අද්දර නගරයේම ඉඩමක් තියනවා නම් වාණිජ ගොඩනැගිල්ලක් ඉද කිරීම ගැන හිතමුද ? විදෙස්ගත වූ අය හැම මොහොතකම හිතන්න ඕන මේවගේ ආයෝජන ගැන තමයි. මොකද හැමදාම රට ඉන්න බැහැ. ජීවිතේ හොදම කාලේ පිටරටක වැඩ කරලා ජීවිතේ අවසාන කාලේ කරදරයක් නැතිව, අවධානමක් නැතිව ඉන්න මේ වගේ ආයෝජනයක් තමයි හරියටම ගැලපෙන්නේ .

Crishantha Dissanayake

https://www.facebook.com/permalink.php?story_fbid=840041032997120&id=433703176964243&__tn__=K-R

[QUOTE="kavindu84, post: 24343986, member: 561840"] [b]ගොඩනැගිලි කුළියට දීම[/b] [IMG]https://i.ibb.co/B3mNr5y/55929373-840041016330455-3630028409217744896-n.jpg[/IMG] [SIZE="4"]ටිකක් ලොකු මුදලක් ආයෝජනය කළ හැකි අය අපි අතර ඉන්නවා ඕනතරම්. ඉතාලි, කොරියා ගිහින් ආව අය ඒ අතරින් විශේෂයි. ලක්ෂ 50 ක් 60 ක් වියදම් කරන්න පුළුවන් නම් මේක ඉතාම හොද ආයෝජනයක්. නගරයට කිට්ටුව ඉඩමක් එහෙම තියනවා නම් තවත් වැඩේ ලේසියි. ඕනම නගරයක බැංකු, ෆුඩ් සිටි, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රෝහල්, පාසල් වලට පිටතින් සේවකයෝ වැඩට එනවා. සමහර ආයතන වලින් ඒ ආයතන වල සේවකයන්ට නවාතැන් පහසුකම් වෙනුවෙන් වියදම් දරනවා. එහෙම දරන්නැති ආයතන වල සේවකයන් තමන්ගේ මුදිලින් හෝ නවාතැන් ගන්න තැනක් හොයනවා. ඒ සදහා පහසුකම් සපිරි තැන් සපයන්න පුළුවන් නම් ඒක හොද ආයෝජනයක්. සාමාන්‍යයෙන් පර්චස් 10 ක් 15 ක් නගර සීමාවෙන් පදිංචියට සුදුසු ඉඩමක් තිබුනාම ඇති මේ වැඩේට. බිම් මහළ තුළ කාමර 2 යි, බාත්රූම් එකයි, පුංචි සාලෙකුයි එක්ක පොඩි හවුසින් යුනිට් තුනක් හෝ හතරක් හදන්න පුළුවන්. වාහන කිහිපයක් නවත්වන්න තැනක් තියන්නත් ඕන. පළමු මහළත් ඒ වගේමයි. මුලින් බිම් මහළ හදලා ඒක කුළියට දීලා ඒ ආදායමෙන් පළමු, දෙවන හා තෙවන මහල් හදන්නත් පුළුවන්. සල්ලි අතේ තියනවා නම්, එකපාරම හදලා ඉවර කරන්නත් පුළුවන්. එක් එක් හවුසින් යුනිට් එකට වෙන වෙනම විදුලි මීටර් දාන්න පුලුවන් නම් වඩාත් හොදයි. කුළියට ගන්න කෙනාගෙන් රුපියල් විසි තිස් දාහක "කී මනී" එකක් තියා ගන්න ඕන. ගෙදරට, ගෘහ උපකරණ වලට පදිංචි අය අතින් හානියක් උනොත් ඒක පියවා ගන්න තමයි ඒ මුදල තියා ගන්නේ. එහෙම හානියක් නොවුනොත් පදිංචිය අතහැරලා යන වෙලාවේ ඒ මුදල ආපසු දෙන්න ඕන. ඒ මුදල අරන් වියදම් නොකර ඒක බැංකුවක ස්ථාවර තැන්පතුවක් දාන්න. පොඩි මුදලක් උනත් ස්ථාවර තැන්පතු දාන්න පුළුවන් කියලා ගොඩක් අය දන්නැහැ. රු විසි තිස් දාහක් උනත් ස්ථාවර තැන්පත් දාන්න පුලුවන්. කී මනී එක නිකන්ම වියදම් කරොත් පදිංචි වෙච්ච අය ආපහු යන දවසේ දෙන්න අතේ සල්ලි නැති වෙන්නෙ නැහැ එතකොට. සාමාන්‍යයෙන් හවුසින් යුනිට් එකක් රු. පහලොස් දාහක්, විසි දාහක් වගේ මුදලකට කුළියට දෙන්න පුළුවන්. ටයිල් කරලා, බාත්රූම් එහෙම ටිකක් පිළිවෙළට හදන්න ඕන. එක යුනිට් එකක ඉන්න අයට කරදරයක් නොවන ආකාරයට අනෙක් යුනිට් එකේ ඉන්න අයට යන්න එන්න පුළුවන් වෙන්න මේක ප්ලෑන් කරන්න ඕන. උඩම මහළේ හෝදන රෙදි වේලන්න ස්ලැබ් එක උඩ හෝ තැනක් වෙන් කරන්න ඕන. මොකද හැමෝටම වොෂින් මැෂින් නැති වෙන්න පුළුවන් නිසා. කුළියට දෙන අය එක්ක මුලදී ගිවිසුමකට එළඹෙන්න ඕන. හවුසින් යුනිට් එකට හෝ ගෘහ භාණ්ඩ වලට හානියක් නොකරන බවටත්, එසේ හානියක් වුවහොත් කී මනී එකෙන් ඒක අය කර ගන්නා බවටත්, නිවසේ පදිංචි අය විසින් එහි පදිංචිව සිටිමින් කිසිදු නීති විරෝධී කටයුත්තක නිරත නොවන බවටත්, අසල්වැසියන්ට කරදරයක් නොවන අයුරින් ජීවත් වන බවටත්, ස්ථිර පදිංචියට ආ, ගිවිසුමෙන් බැදුන පුද්ගලයන් හැර ඔබේ අවසරය නොමැතිව වෙනත් අයට එම නිවස කුළියට නොදෙන බව හා වෙනත් අයෙක් එහි පදිංචි කරවා නොගන්නා බවටත් ගිවිසුම මගින් පදිංචියට එන අය එකඟ කරවාගෙන ගිවිසුමට අත්සන් තබා ගත යුතුය. පදිංචියට එන අයගේ හැදුනුම්පත් පිටත් වෙනම ගොණුවක ගොණු ගත කර තබා ගත යුතුය. හැකිනම් ගුාමසේවක සහතිකයක්ද තබා ගත යුතුය. ඉඩම පිහිටා ඇත්තේ නගරයේම පුධාන මාර්ගයක් අසලම නම්, බිම් මහළ හා පළමු මහළ වාණිජ ගොඩනැගිල්ලක් ලෙසද, දෙවන මහළ හා ඉන් පසුව ඉදි වන මහල් නිවාස ඒකක වලින්ද සමන්විත වන ආකාරයට සැලසුම් කළ යුතුය. බිම් මහළ බැංකු, සුපිරි වෙළෙදසැල්, වෙනත් වෙළෙදසැල් සදහා කුළියට දිය හැක. පළමු මහළ රක්ෂණ ආයතන, රූපලාවන්‍යාගාර වැනි දෑ සදහා කුළියට දිය හැක. බැංකුවක් හෝ වෙනත් එවැනි සංවිධානාත්මක ආයතනයකට කුළියට දීම පිණිස ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ නම්, පාරට සමාන්තරව අඩි 40 ක් පළල තිබිය යුතුය. කාන්තා, පිරිමි දෙපාර්ශවයටම වැසිකිලි හා බාත්රූම් පැවතිය යුතුය. එසේම වාහන පහක් හයක් නැවැත්වීමට පහසුකම් තිබිය යුතුය. ගොඩනැගිල්ලේ පිටුපස ජෙනරේටරයක් ස්ථාපිත කිරීම සදහා ඉඩකඩ පැවතිය යුතුය. ජලය ගබඩා කිරීම සදහා ලීටර් දෙදහසක ටැංකියක් තිබිම අනිවාර්ය වේ. ගොඩනැගිලි සැලැස්ම ඉදිරි දශක දෙක තුනකට ගැලපෙන සේ පිළියෙළ විය යුතුය. අත්තිවාරම හැකි තරම් ඉහළට ඉදි කළ යුතුය. මහා මාර්ගයේ කාපට් ලේයර් කිහිපයක් දැමූ විට, ඔබ ඉදි කරන ගොඩනැගිල්ලේ අත්තිවාරමට වඩා පාර ඉහළින් පිහිටයි නම්, විවිධ ගැටළු ඇති වේ. ජලය බැස යාම අපහසු වීම ඉන් මූලිකම ගැටළුව වේ. එබැවින් ගොඩනැගිල්ලට පඩි දෙක තුනක් නැග යාමට හැකි වන ලෙස අත්තිවාරම දැමිය යුතුය. කෙටියෙන් කියතොත් දැනට ඉඩම ඉදිරියෙන් දිවෙන මාර්ගයට වඩා අවම වශයෙන් අඩියක් වත් අත්තිවාරම ඉහළින් පැවතිය යුතුය. මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට අඩි 50 ක් එපිටින් ගොඩනැගිල්ල ඉදි කළ යුතුය. එම සීමාව මාර්ග සංවර්ධන අධ්කාරියට අයත් පාරක් අද්දර නම් අඩි 50 ක් ද, නගර සභා හෝ පුාදේශීය සභා පාරක් අද්දර පිහිටි ඉඩමක් නම් අඩි විසි පහක් එපිටින්ද අත්තිවාරම් දැමිය යුතුය. එය හදුන්වන්නේ "ගොඩනැගිලි සීමාව" ලෙසය. සාමාන්‍යයෙන් වාණිජ ගොඩනැගිලි ඉදි කිරීම, පදිංචිය සදහා නිවසක් ඉදිකරනවාට වඩා වියදම් අඩු කටයුත්තකි. ඊට හේතුව බේස් වළවල් දමා අත්තිවාරම දැමූ විට වට බිත්ති හතර පමණක් බැදීම පුමානවත් නිසාය. කාමර වෙන් කර බිත්ති බැදීමක් අවශ්‍ය නොවේ. කාමර වෙන් කරනු ලබන්නේ එය කුළියට ගන්නා ආයතනය විසිනි. ඒ සදහා එම ආයතනය විසින් වියදම් දරයි. බැංකුවකට ගොඩනැගිල්ල කුළියට දීමට බලාපොරොත්තු වේ නම්, වයරින් කිරීමක්ද අවශ්‍ය නොවේ. එය බැංකුව විසින් සිදු කරනු ලැබේ. බැංකුවක් මාසික කුළිය පිළිබදව ගිවිසුම් සාමාන්‍යයෙන් අත්සන් කරනු ලබන්නේ වසර පහකටය. ඉන් පළමු වසර 3 අවසානයේ දී, මාසික කුළිය 10% කින් වැඩිවන ආකාරයට ගිවිසුමට එළඹීම සාමාන්‍ය සිරිත වේ. වසර පහ අවසානයේ දී තවත් වසර 5 කට නැවත ගිවිසුම් අත්සන් කිරීම සලකා බැලේ. ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් යනු ඉක්මනික් නරක් වන පතෝළ කරළක් නොවේ. වටිනාකම දිනෙන් දින වැඩි වනවා මිස අඩු වන්නේ නැත. අද රුපියල් ලක්ෂ 50 කට හදන ගොඩනැගිල්ල තවත් වසර 10 කින් ඉදි කරන්න නම්, රුපියල් කෝටි දෙක තුනක් අවශ්‍ය වේ. තට්ටු තුනක නිවාස ඒකක 12 ක් 15 ක් පමණ සාදා ගත හොත් මාසිකව රුපියල් ලක්ෂ දෙකකට වැඩි ආදායමක් ඉපයිය හැක. වාණිජ ගොජනැගිල්ලක් නම් ඊටත් වැඩියෙන් ඉපයිය හැක. ගොඩනැගිල්ල සාදන පුද්ගලයාට අවධානමක් නොමැති තරම්ය. විශාල මුදලක් වැය වුවද, ඊට නොදෙවෙනි ආදායමක් දිගු කාලීනව උපයා ගත හැක. පූර්ණ කාලීනව ව්‍යාපාරයක යෙදිය නොහැකි අය හට මෙතරම් ගැළපෙන ආයෝජන මාර්ගයක් තවත් නොමැති තරම් ය. බැංකුවක් වැනි සංව්ධානාත්මක ආයතනයකට කුළියට දෙන්නේ නම්, ඔබ විදෙස්ගත වී සිටියද, නියමිත දිනයේ දිම, නිසි පරිදි කුළිය, ඔබේ බැංකු ගිණුමට බැර කරනු ඇත. මොකද හිතන්නේ? නාගරික සීමාවට ආසන්නයේ ඉඩමක් තියනවා නම් නිවාස ඒකක ටිකක් හෝ පුධාන පාර අද්දර නගරයේම ඉඩමක් තියනවා නම් වාණිජ ගොඩනැගිල්ලක් ඉද කිරීම ගැන හිතමුද ? විදෙස්ගත වූ අය හැම මොහොතකම හිතන්න ඕන මේවගේ ආයෝජන ගැන තමයි. මොකද හැමදාම රට ඉන්න බැහැ. ජීවිතේ හොදම කාලේ පිටරටක වැඩ කරලා ජීවිතේ අවසාන කාලේ කරදරයක් නැතිව, අවධානමක් නැතිව ඉන්න මේ වගේ ආයෝජනයක් තමයි හරියටම ගැලපෙන්නේ . Crishantha Dissanayake[/SIZE] [URL="https://www.facebook.com/permalink.php?story_fbid=840041032997120&id=433703176964243&__tn__=K-R"]https://www.facebook.com/permalink.php?story_fbid=840041032997120&id=433703176964243&__tn__=K-R[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom