Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොඩමුල්ලගේ විස්මිත නිල වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩමුල්ලගේ විස්මිත නිල වෙදකම

මගේ අප්පච්චි හොඳ ගොවියෙක්. ඒ වගේම පරම්පරාගත වෙදෙක්. එයා අපි නඩත්තු කරන්න ගොවිතැන කළාට මිනිස්සුන්ගෙ යහපතට වෙදකම් කළා. ඒත්, ඉඳල හිටල තමයි ගමේ අයට වෙදකමක් කළේ. මොකද අද වගේ අපි පොඩි කාලෙ මිනිස්සු ඒ තරම් ලෙඩ වුණේ නැති නිසා."

ගොඩමුල්ලගේ සුබනේරිස් වෙද මහතා අප සමඟ සිනහසෙමින් කීවේය. ඔහුගේ මුව පුරා නිරන්තරයෙන් රැඳි සිනහව රෝගීන්ට තවත් ප්‍රතිකාරයක් සේ පෙනුණි.

සුදු වතින් සැරසී සිටි මේ වෙදැදුරුගේ මේසය මත වෙද නලාව, රුධිර පීඩන යන්ත්‍රය හා උණ පරීක්ෂා කරන කටුව තිබුණේ නැත. ඒ වෙනුවට තෙල් බහාලූ භාජන කිහිපයක් හා ඖෂධ පොට්ටනි කිහිපයක් හැරෙන්නට තවත් වූයේ බුලත් හුරුළු කිහිපයකි.

මීට අමතරව පසෙකින් වූ ලී වැට හා කොට්ට මෙට්ටවලින් වැසී තිබූ ආසනය වෙදැදුරුගේ ප්‍රතිsකාර ක්රමයේ ස්වභාවය කියා පෑවේය.

"මොකක්ද මේ නිල වෙදකම කියන්නේ? මේ සියල්ල දැකීමෙන් පසු කුතුහලයට පත් මම ඇසීමි.

"අපේ වෙදකමට දිග ඉතිහාසයක් තියෙනවා. රාවණා රඡ්ජුරුවන්ගෙ කාලෙ ඉඳල තමයි පැවතගෙන එන්නෙ. මට මතක අපේ අප්පච්චි වෙදකම් කරනවා විතරයි. එයා අවුරුදු 103 ක් වෙදකම් කර කර ඉඳලා හොඳ සනීපෙන් තමයි නැතිවුණේ."

"මේක කොඳු නාරටිය ආශ්‍රිතව ඇති නිල අල්ලල කරන වෙදකමක්. ඉන් එහාට මහ ලොකු දෙයක් නැහැ වගේ පේන්නෙ."

කිසියම් සැහැල්ලුවකින් පිළිතුරු සැපයූ වෙදැදුරුගේ දැනුම හා අත්දැකීම් තුළින් දිස් වූයේ හෙළ වෙදකමේ අභිමානයයි.

"ගොඩක් රෝගවලට බලපාන්නෙ කොඳු ඇට පේළියෙ ආබාධ වගේම ඒ ආශ්‍රිතව ඇති නිල අවහිර වීම. මේව අපි මුලින්ම හඳුනාගන්නෙ ලෙඩා සමඟ කතා කිරීමෙන්. සමහර උදවිය තමන්ගෙ රෝග ගැන හරියට කියන්න දන්නෙ නැහැ. අතන මෙතන රිදෙනව කියනව මිස පැහැදිලි යමක් කියන්නෙ නැහැ. එහෙම වුණොත් අපිට නිවැරැදි නිගමනයකට ඒම තරමක් ගැටලු සහගතයි. ඒත් අපි දිගින් දිගටම ප්‍රශ්න කරන්නෙ රෝගියාගේ මානසික සුවය ඇති කරන්නත් එක්ක."

"අපේ කොඳු නාරටියෙ ඇට තිස් තුනක් තියෙනවනේ. ඉන් අන්තිම පුරුක හැරෙන්න අනෙක් තිස් දෙකටම පොඩි ආබාධයක් ඇති වුණොත් ශරීරය ලෙඩ කරනවා."

"මේ නිල වෙදකමට අනුව කොඳු ඇට පෙළ කොටස් හතරකට බෙදා දැක්වෙනවා. මේක තීරණය කරන්නේ අතේ වියත් ප්‍රමාණයෙන්. සාමාන්‍යයෙන් කොඳු ඇට පෙළ ඉහළ ප්‍රදේශයේ සිට පහළට වියතක ප්‍රමාණය මුල් කොටස හැටියට ගණන් ගන්නවා. මේ කොටස තමයි ශරිරයෙ සියයට 90 ක් ම රෝග හටගන්න හේතු පාදක වෙලා තියෙන්නෙ. පාදවල ආබාධ හට ගන්නෙ දෙවැනි කොටසෙන්. තුන්වැනි වියත් ප්‍රදේශය හරිම සංකීර්ණයි. හතිය, කැස්ස. දියවැඩියාව, හෘද රෝග විශේෂයෙන් හටගන්නෙ මේ කොටස දුර්වල වීමෙන්.

"හතරවැනි වියත් කොටසෙ ඇතිවන වෙනස්වීම බලපාන්නෙ බෙල්ලෙන් උඩ කොටසට. ඇස්, කන් නාසාදියෙහි රෝග හටගන්නවා නම් ඒ හතරවන කොටසේ තිබෙන වෙනස්වීම්"

"මේ ප්‍රතිකාර ක්‍රමය යමෙකුට පැහැදිලි කරන්න අමාරුයි. ඒ තරමටම ගැඹුරුයි. ඒත් අපිට පළපුරුද්දෙන් හා දැක පුරුද්දෙන් ලබපු අත්දැකීම් නිසා රෝගය හඳුනාගන්න පහසුයි."

හඳුනාගත් මේ රෝග සඳහා සුබනේරිස් වෙදැදුරු මුලින්ම කරන්නේ පිට කොඳු නාරටිය ආශ්රයෙන් ඇති නිල ඇල්ලීමයි. ඉන් පසු අදාළ තැන්වල තෙල් ගල්වා පාදයේ විළිඹට ද බෙහෙත් බැඳීමෙන් නිසි ප්‍රතිකාරය ලබාදීම මෙහි සුවිශේෂී තත්ත්වයයි.

තවත් නිල ප්‍රතිකාර ක්රමයකි ශරීරය පුරා ලේ විසුරුවා හැරීම

මෙහිදී රෝගියාගේ පාදයේ බල නහර තෙරපන ගමන් පපුව, උරහිස හා දෙඅත් ගොබ ඉහළ ඇති ප්‍රධාන නිලවල තෙල් ගල්වා පිරිමැදීමෙන් මෙය සිදු කරනු ලබයි.

මේ තත්ත්වය යටතේ දැනට හතලිස්පන්දහසකට ප්‍රතිකාර කර ඇති බව ලිතව සටහන් වී තිබුණත් සටහනක් නොයොදා ප්‍රතිකාර කළ රෝගීන්ගේ සංඛ්‍යාව කීම ඔහුටද මතක නැත.

සිංහල වෙදකමට අනුව කසාය නැලි ගණන් පානය කළ යුතු වුවත් මෙම නිල වෙදකමට එසේ අවශ්‍ය වන්නේ නැත. එනිසාම බොහෝ පිරිස් මේ සඳහා වැඩි වැඩියෙන් නැඹුරු වන බවක් පැමිණ සිටි පිරිසගෙන් අවබෝධ කර ගැනීමට හැකි විය.

ප්‍රතිකාර ගන්නා අවදියේදී රෝගියා කෑම පාලනය කිරීම ඉහළින්ම අගේ කරන වෙදැදුරු, එය ද වසරකට පමණ සීමා කරයි. මස්, බිත්තර, මෝර මාළු, මෝර කරවල, මත්ද්‍රව්‍ය හා දුම් පානයට විරුද්ධ වන ඔහු තක්කාලි, අච්චාරු, ලුණු දෙහි, වම්බටු, බණ්ඩක්කා, මCඳ්ෙC¹ක්කා හා කරවිල වැනි කෑමවලට සීමා බන්ධන පනවන්නේ අත්දැකීම් තුළින් ලැබූ දැනුමත් සමගය.

"රෝගීන්ට ඕන ඕන විදියට අපට වෙදකම් කරන්න බෑ. වෙදාට ඕන හැටියටයි වෙදකම් කරන්න ඕන. එහෙම නොවුනොත් මේ ප්‍රතිකාරය අපට දිගට කරගෙන යන්න බැරි වෙනවා."

හීන් උඳුපියලිය, හාතවාරිය, ඉරමුසු, කුප්පමේනිය වැනි ඖෂධවලින් හදාගන්න බීම ශරීර සෞඛ්‍යයට ඉතාමත් හිතකරයි.

තේ, කිරි වගේ දේවල් නම් පානයට හොඳ මදි. ඒත් ඒ වෙනුවට බෙලිකොල, බෙලිමල්, රණවරා පාවිච්චි කළාම හැම පැත්තෙන්ම ගුණදායකයි.

මේ නිල වෙදකමට සුව කළ නොහැකි රෝගයක් නැත. පපුවේ වේදනාව, පීනස, හිසේ වේදනාව, ඇදුම, දියවැඩියාව, අත් පා හිරි වැටීම, නින්ද නොයැම, හන්දි ඉදිමීම, හෘදය වස්තුවේ නහර කුඩාවීම, ලේ ගමනය අඩුවීම හා වැඩිවීම, අත් පා කොරවීම. උන්මාදය, ස්නායු දුර්වලතාව කොඳු ඇට පෙළ වෙනස් වීම, තුනටියේ අමාරුව, බෙල්ලේ වේදනාව, අධික වෙහෙස, ඇස්වල දුබලතා, කන් නොඇසීම, අර්ශස්, වායුගෙඩි හා පිළිකාව ආදී රෝග ප්‍රධාන තැනක් ගනී.

"අපේ පරපුරේÊ නිල වෙදකම ඉදිරියට ගෙන යන්න මම ඉදිරිපත් වුණේ හරිම කැමැත්තෙන්. මේකටත් පූරුවේ පිනක් තියෙන්න ඕන. පුංචි කාලෙ ඉඳල අපේ මාම රෝගීන්ට කරන ප්රතිකාරවලින් මට දැනුණේ අසීමිත සතුටක්. ගොඩක් වෙලාවට කෙඳිරි ගගා අනුන්ගේ දැත් වාරුවෙන් මෙහෙට එන ලෙඩ්ඩු මාමගේ ප්රතිකාරවලින් සුවවෙලා යන්නෙ හරිම සතුටෙන් සිනහ වෙවි."

"මේව මගේ හිතේ දොaංකාර දුන්නෙ පුංචි කාලෙ ඉඳල. සල්ලි හම්බ කරනවට වඩා අනුන්ගෙ නිරෝගී බව දිහා බලා සතුටු වෙන්න පුළුවන් නම් තවත් පිනක් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ."

සුබනේරිස් වෙදදුරුගේ ඥති දියණියක කීවේ ඔහුට ප්‍රතිකාර සඳහා සහාය වන ගමන්ය.

මේ කෙටි කාලය තුළ රෝගී තරුණියක හා කතාබහ කරන්නට අපට අවස්ථාව උදා වූයේ නොසිතූ මොහොතකය. ඇය අගලවත්තේ සිට පැමිණි නිරූපා සංජීවනී නමැති තරුණියයි. වසර හතක පමණ කාලයක සිට රෝගාතුරව සිටි ඇයට වෛද්‍යවරු කියා තිබුණේ උකුල් ඇටය දියවී යැමේ රෝගයකට ගොදුරු වී ඇති බවකි.

"මේ අසනීපය නිසා ජීවිතය එපා වෙලා තිබූ මට නැවත ජීවත්වීමේ ආශාව ඇති කළේ මේ වෙද මහත්තයා. මෙයා වෙද මහත්තයෙක් නොවෙයි දෙවි කෙනෙක්. ඉසිවරයෙක්."

මුලින්ම අප හා කතා බහට අවතීර්ණ වෙමින් ඇය පැවසුවේ උතුරා යන සතුටත් සමගය. එහෙත් ඇය එම වචන දෙක තුන සමඟ තත්පර කිහිපයක් නිහඬ වූවාය.

"කකුලෙන් පටන් ගත්ත වේදනාව උකුලු ඇටය දක්වා වැඩිවුණා. ඒකෙන් දැනුණ වේදනාව මුළු ජීවිතයම එපා කළා. පස්සෙ අන්තිමට මුණ ගැහුණු දොස්තර මහත්තය මට කිව්වෙ උකුල් ඇටය දියවේගෙන එනව කියලා. එතකොට මට මහ බයක් ඇතිවුණා. මම හිතුවෙ මම සදාකාලික අබ්බගාතයෙක් වෙයි කියලා."

වෙදැදුරුට සිහින් සිනහවක් පහළ වෙද්දී අපට තවත් කුතුහලයක් ඇති විය.

"ඊට පස්සෙ දොස්තර මහත්වරු මට කිව්වෙ උකුළු ඇටයක් දාන්න වෙයි කියලා. ඒකට ලක්ෂ දෙකක් විතර යයි කියලත් කිව්වා. අපි කොහොම හරි මේ කරුමක්කාර ලෙඩෙන් මිදෙන්න සල්ලිත් යෙදෙව්වා. ඒ අතරතුර තමයි මට දැනගන්න ලැබුණෙ දෙවි කෙනෙක් වගේ මේ වෙද මහත්තය ගැන."

ඇය සුබනේරිස් වෙදැදුරුගෙන් ප්‍රතිකාර ගෙන තිබුණේ දින 10 ක් වැනි කෙටි කාලයකි. එම කාලය තුළ සියයට හැත්තෑපහක් පමණ සුවය ලැබූ ඇයට අනුන්ගේ අත්වාරුවෙන් පැමිණියත් ඒ වන විට දෙපයින් ඇවිදීමට තරම් සුවයක් ලැබී තිබිණි.

"මේ දැරිවිට හැදිල තිබුණෙ උකුළු ඇටය දියවීමේ රෝගයක් නොවෙයි. කොඳු ඇට පෙළේ දෙවන වියත ප්‍රදේශය ඇදවී උකුළු ප්‍රදේශය කැරකීම. ඒකෙන් තමයි මෙයාට මෙච්චර අමාරු වෙලා තියෙන්නේ. වෙදැදුරු ලැබු අත්දැකීම් තුළින් කීවේ රෝගය නිශ්චිතවම හඳුනාගෙනය.

ගොඩමුල්ලගේ සුබනේරිස් වෙදැදුරුගෙන් ප්‍රතිකාර ගැනීමට මැති ඇමැතිවරු ද පැමිණෙති. යුද්ධයේදී ආබාධ වූ රණවිරුවෝ ද පැමිණෙති. ඊට අමතරව විදේශිකයෝ ද දේශීය රෝගීන් ද විශාල වශයෙන් පැමිණෙති.

සෑම දෙනකුටම ඇති නැති පරතරයකින් තොරව ප්‍රතිකාර කරන මේ අසහාය වෙදැදුරු මුදලට ගිජු බවක් නැත. එහෙත් නිරෝගී සුවය ලැබූ බොහෝ ධනවතුන් ඔහුගේ කැපවීම හා දක්ෂතාව කිසි විටෙක අමතක නොකර තිබූ බව අවට පරිසරය දෙස බැලීමෙන් වටහා ගත හැකි විය.

විමලසිරි අගලකඩ - දිවයින ඉරිදා සංග්‍රහය

[QUOTE="jaya91, post: 16401597, member: 500565"] [b]ගොඩමුල්ලගේ විස්මිත නිල වෙදකම[/b] [SIZE="3"][COLOR="Black"]මගේ අප්පච්චි හොඳ ගොවියෙක්. ඒ වගේම පරම්පරාගත වෙදෙක්. එයා අපි නඩත්තු කරන්න ගොවිතැන කළාට මිනිස්සුන්ගෙ යහපතට වෙදකම් කළා. ඒත්, ඉඳල හිටල තමයි ගමේ අයට වෙදකමක් කළේ. මොකද අද වගේ අපි පොඩි කාලෙ මිනිස්සු ඒ තරම් ලෙඩ වුණේ නැති නිසා." ගොඩමුල්ලගේ සුබනේරිස් වෙද මහතා අප සමඟ සිනහසෙමින් කීවේය. ඔහුගේ මුව පුරා නිරන්තරයෙන් රැඳි සිනහව රෝගීන්ට තවත් ප්‍රතිකාරයක් සේ පෙනුණි. සුදු වතින් සැරසී සිටි මේ වෙදැදුරුගේ මේසය මත වෙද නලාව, රුධිර පීඩන යන්ත්‍රය හා උණ පරීක්ෂා කරන කටුව තිබුණේ නැත. ඒ වෙනුවට තෙල් බහාලූ භාජන කිහිපයක් හා ඖෂධ පොට්ටනි කිහිපයක් හැරෙන්නට තවත් වූයේ බුලත් හුරුළු කිහිපයකි. මීට අමතරව පසෙකින් වූ ලී වැට හා කොට්ට මෙට්ටවලින් වැසී තිබූ ආසනය වෙදැදුරුගේ ප්‍රතිsකාර ක්රමයේ ස්වභාවය කියා පෑවේය. "මොකක්ද මේ නිල වෙදකම කියන්නේ? මේ සියල්ල දැකීමෙන් පසු කුතුහලයට පත් මම ඇසීමි. "අපේ වෙදකමට දිග ඉතිහාසයක් තියෙනවා. රාවණා රඡ්ජුරුවන්ගෙ කාලෙ ඉඳල තමයි පැවතගෙන එන්නෙ. මට මතක අපේ අප්පච්චි වෙදකම් කරනවා විතරයි. එයා අවුරුදු 103 ක් වෙදකම් කර කර ඉඳලා හොඳ සනීපෙන් තමයි නැතිවුණේ." "මේක කොඳු නාරටිය ආශ්‍රිතව ඇති නිල අල්ලල කරන වෙදකමක්. ඉන් එහාට මහ ලොකු දෙයක් නැහැ වගේ පේන්නෙ." කිසියම් සැහැල්ලුවකින් පිළිතුරු සැපයූ වෙදැදුරුගේ දැනුම හා අත්දැකීම් තුළින් දිස් වූයේ හෙළ වෙදකමේ අභිමානයයි. "ගොඩක් රෝගවලට බලපාන්නෙ කොඳු ඇට පේළියෙ ආබාධ වගේම ඒ ආශ්‍රිතව ඇති නිල අවහිර වීම. මේව අපි මුලින්ම හඳුනාගන්නෙ ලෙඩා සමඟ කතා කිරීමෙන්. සමහර උදවිය තමන්ගෙ රෝග ගැන හරියට කියන්න දන්නෙ නැහැ. අතන මෙතන රිදෙනව කියනව මිස පැහැදිලි යමක් කියන්නෙ නැහැ. එහෙම වුණොත් අපිට නිවැරැදි නිගමනයකට ඒම තරමක් ගැටලු සහගතයි. ඒත් අපි දිගින් දිගටම ප්‍රශ්න කරන්නෙ රෝගියාගේ මානසික සුවය ඇති කරන්නත් එක්ක." "අපේ කොඳු නාරටියෙ ඇට තිස් තුනක් තියෙනවනේ. ඉන් අන්තිම පුරුක හැරෙන්න අනෙක් තිස් දෙකටම පොඩි ආබාධයක් ඇති වුණොත් ශරීරය ලෙඩ කරනවා." "මේ නිල වෙදකමට අනුව කොඳු ඇට පෙළ කොටස් හතරකට බෙදා දැක්වෙනවා. මේක තීරණය කරන්නේ අතේ වියත් ප්‍රමාණයෙන්. සාමාන්‍යයෙන් කොඳු ඇට පෙළ ඉහළ ප්‍රදේශයේ සිට පහළට වියතක ප්‍රමාණය මුල් කොටස හැටියට ගණන් ගන්නවා. මේ කොටස තමයි ශරිරයෙ සියයට 90 ක් ම රෝග හටගන්න හේතු පාදක වෙලා තියෙන්නෙ. පාදවල ආබාධ හට ගන්නෙ දෙවැනි කොටසෙන්. තුන්වැනි වියත් ප්‍රදේශය හරිම සංකීර්ණයි. හතිය, කැස්ස. දියවැඩියාව, හෘද රෝග විශේෂයෙන් හටගන්නෙ මේ කොටස දුර්වල වීමෙන්. "හතරවැනි වියත් කොටසෙ ඇතිවන වෙනස්වීම බලපාන්නෙ බෙල්ලෙන් උඩ කොටසට. ඇස්, කන් නාසාදියෙහි රෝග හටගන්නවා නම් ඒ හතරවන කොටසේ තිබෙන වෙනස්වීම්" "මේ ප්‍රතිකාර ක්‍රමය යමෙකුට පැහැදිලි කරන්න අමාරුයි. ඒ තරමටම ගැඹුරුයි. ඒත් අපිට පළපුරුද්දෙන් හා දැක පුරුද්දෙන් ලබපු අත්දැකීම් නිසා රෝගය හඳුනාගන්න පහසුයි." හඳුනාගත් මේ රෝග සඳහා සුබනේරිස් වෙදැදුරු මුලින්ම කරන්නේ පිට කොඳු නාරටිය ආශ්රයෙන් ඇති නිල ඇල්ලීමයි. ඉන් පසු අදාළ තැන්වල තෙල් ගල්වා පාදයේ විළිඹට ද බෙහෙත් බැඳීමෙන් නිසි ප්‍රතිකාරය ලබාදීම මෙහි සුවිශේෂී තත්ත්වයයි. තවත් නිල ප්‍රතිකාර ක්රමයකි ශරීරය පුරා ලේ විසුරුවා හැරීම මෙහිදී රෝගියාගේ පාදයේ බල නහර තෙරපන ගමන් පපුව, උරහිස හා දෙඅත් ගොබ ඉහළ ඇති ප්‍රධාන නිලවල තෙල් ගල්වා පිරිමැදීමෙන් මෙය සිදු කරනු ලබයි. මේ තත්ත්වය යටතේ දැනට හතලිස්පන්දහසකට ප්‍රතිකාර කර ඇති බව ලිතව සටහන් වී තිබුණත් සටහනක් නොයොදා ප්‍රතිකාර කළ රෝගීන්ගේ සංඛ්‍යාව කීම ඔහුටද මතක නැත. සිංහල වෙදකමට අනුව කසාය නැලි ගණන් පානය කළ යුතු වුවත් මෙම නිල වෙදකමට එසේ අවශ්‍ය වන්නේ නැත. එනිසාම බොහෝ පිරිස් මේ සඳහා වැඩි වැඩියෙන් නැඹුරු වන බවක් පැමිණ සිටි පිරිසගෙන් අවබෝධ කර ගැනීමට හැකි විය. ප්‍රතිකාර ගන්නා අවදියේදී රෝගියා කෑම පාලනය කිරීම ඉහළින්ම අගේ කරන වෙදැදුරු, එය ද වසරකට පමණ සීමා කරයි. මස්, බිත්තර, මෝර මාළු, මෝර කරවල, මත්ද්‍රව්‍ය හා දුම් පානයට විරුද්ධ වන ඔහු තක්කාලි, අච්චාරු, ලුණු දෙහි, වම්බටු, බණ්ඩක්කා, මCඳ්ෙC¹ක්කා හා කරවිල වැනි කෑමවලට සීමා බන්ධන පනවන්නේ අත්දැකීම් තුළින් ලැබූ දැනුමත් සමගය. "රෝගීන්ට ඕන ඕන විදියට අපට වෙදකම් කරන්න බෑ. වෙදාට ඕන හැටියටයි වෙදකම් කරන්න ඕන. එහෙම නොවුනොත් මේ ප්‍රතිකාරය අපට දිගට කරගෙන යන්න බැරි වෙනවා." හීන් උඳුපියලිය, හාතවාරිය, ඉරමුසු, කුප්පමේනිය වැනි ඖෂධවලින් හදාගන්න බීම ශරීර සෞඛ්‍යයට ඉතාමත් හිතකරයි. තේ, කිරි වගේ දේවල් නම් පානයට හොඳ මදි. ඒත් ඒ වෙනුවට බෙලිකොල, බෙලිමල්, රණවරා පාවිච්චි කළාම හැම පැත්තෙන්ම ගුණදායකයි. මේ නිල වෙදකමට සුව කළ නොහැකි රෝගයක් නැත. පපුවේ වේදනාව, පීනස, හිසේ වේදනාව, ඇදුම, දියවැඩියාව, අත් පා හිරි වැටීම, නින්ද නොයැම, හන්දි ඉදිමීම, හෘදය වස්තුවේ නහර කුඩාවීම, ලේ ගමනය අඩුවීම හා වැඩිවීම, අත් පා කොරවීම. උන්මාදය, ස්නායු දුර්වලතාව කොඳු ඇට පෙළ වෙනස් වීම, තුනටියේ අමාරුව, බෙල්ලේ වේදනාව, අධික වෙහෙස, ඇස්වල දුබලතා, කන් නොඇසීම, අර්ශස්, වායුගෙඩි හා පිළිකාව ආදී රෝග ප්‍රධාන තැනක් ගනී. "අපේ පරපුරේÊ නිල වෙදකම ඉදිරියට ගෙන යන්න මම ඉදිරිපත් වුණේ හරිම කැමැත්තෙන්. මේකටත් පූරුවේ පිනක් තියෙන්න ඕන. පුංචි කාලෙ ඉඳල අපේ මාම රෝගීන්ට කරන ප්රතිකාරවලින් මට දැනුණේ අසීමිත සතුටක්. ගොඩක් වෙලාවට කෙඳිරි ගගා අනුන්ගේ දැත් වාරුවෙන් මෙහෙට එන ලෙඩ්ඩු මාමගේ ප්රතිකාරවලින් සුවවෙලා යන්නෙ හරිම සතුටෙන් සිනහ වෙවි." "මේව මගේ හිතේ දොaංකාර දුන්නෙ පුංචි කාලෙ ඉඳල. සල්ලි හම්බ කරනවට වඩා අනුන්ගෙ නිරෝගී බව දිහා බලා සතුටු වෙන්න පුළුවන් නම් තවත් පිනක් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ." සුබනේරිස් වෙදදුරුගේ ඥති දියණියක කීවේ ඔහුට ප්‍රතිකාර සඳහා සහාය වන ගමන්ය. මේ කෙටි කාලය තුළ රෝගී තරුණියක හා කතාබහ කරන්නට අපට අවස්ථාව උදා වූයේ නොසිතූ මොහොතකය. ඇය අගලවත්තේ සිට පැමිණි නිරූපා සංජීවනී නමැති තරුණියයි. වසර හතක පමණ කාලයක සිට රෝගාතුරව සිටි ඇයට වෛද්‍යවරු කියා තිබුණේ උකුල් ඇටය දියවී යැමේ රෝගයකට ගොදුරු වී ඇති බවකි. "මේ අසනීපය නිසා ජීවිතය එපා වෙලා තිබූ මට නැවත ජීවත්වීමේ ආශාව ඇති කළේ මේ වෙද මහත්තයා. මෙයා වෙද මහත්තයෙක් නොවෙයි දෙවි කෙනෙක්. ඉසිවරයෙක්." මුලින්ම අප හා කතා බහට අවතීර්ණ වෙමින් ඇය පැවසුවේ උතුරා යන සතුටත් සමගය. එහෙත් ඇය එම වචන දෙක තුන සමඟ තත්පර කිහිපයක් නිහඬ වූවාය. "කකුලෙන් පටන් ගත්ත වේදනාව උකුලු ඇටය දක්වා වැඩිවුණා. ඒකෙන් දැනුණ වේදනාව මුළු ජීවිතයම එපා කළා. පස්සෙ අන්තිමට මුණ ගැහුණු දොස්තර මහත්තය මට කිව්වෙ උකුල් ඇටය දියවේගෙන එනව කියලා. එතකොට මට මහ බයක් ඇතිවුණා. මම හිතුවෙ මම සදාකාලික අබ්බගාතයෙක් වෙයි කියලා." වෙදැදුරුට සිහින් සිනහවක් පහළ වෙද්දී අපට තවත් කුතුහලයක් ඇති විය. "ඊට පස්සෙ දොස්තර මහත්වරු මට කිව්වෙ උකුළු ඇටයක් දාන්න වෙයි කියලා. ඒකට ලක්ෂ දෙකක් විතර යයි කියලත් කිව්වා. අපි කොහොම හරි මේ කරුමක්කාර ලෙඩෙන් මිදෙන්න සල්ලිත් යෙදෙව්වා. ඒ අතරතුර තමයි මට දැනගන්න ලැබුණෙ දෙවි කෙනෙක් වගේ මේ වෙද මහත්තය ගැන." ඇය සුබනේරිස් වෙදැදුරුගෙන් ප්‍රතිකාර ගෙන තිබුණේ දින 10 ක් වැනි කෙටි කාලයකි. එම කාලය තුළ සියයට හැත්තෑපහක් පමණ සුවය ලැබූ ඇයට අනුන්ගේ අත්වාරුවෙන් පැමිණියත් ඒ වන විට දෙපයින් ඇවිදීමට තරම් සුවයක් ලැබී තිබිණි. "මේ දැරිවිට හැදිල තිබුණෙ උකුළු ඇටය දියවීමේ රෝගයක් නොවෙයි. කොඳු ඇට පෙළේ දෙවන වියත ප්‍රදේශය ඇදවී උකුළු ප්‍රදේශය කැරකීම. ඒකෙන් තමයි මෙයාට මෙච්චර අමාරු වෙලා තියෙන්නේ. වෙදැදුරු ලැබු අත්දැකීම් තුළින් කීවේ රෝගය නිශ්චිතවම හඳුනාගෙනය. ගොඩමුල්ලගේ සුබනේරිස් වෙදැදුරුගෙන් ප්‍රතිකාර ගැනීමට මැති ඇමැතිවරු ද පැමිණෙති. යුද්ධයේදී ආබාධ වූ රණවිරුවෝ ද පැමිණෙති. ඊට අමතරව විදේශිකයෝ ද දේශීය රෝගීන් ද විශාල වශයෙන් පැමිණෙති. සෑම දෙනකුටම ඇති නැති පරතරයකින් තොරව ප්‍රතිකාර කරන මේ අසහාය වෙදැදුරු මුදලට ගිජු බවක් නැත. එහෙත් නිරෝගී සුවය ලැබූ බොහෝ ධනවතුන් ඔහුගේ කැපවීම හා දක්ෂතාව කිසි විටෙක අමතක නොකර තිබූ බව අවට පරිසරය දෙස බැලීමෙන් වටහා ගත හැකි විය. විමලසිරි අගලකඩ - දිවයින ඉරිදා සංග්‍රහය[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom