Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභයගෙන් සරත්ට පිළිතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රශ්නය- නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපතිව සිටියදී හමුදා මූලස්ථානයේ මුqරය කිරීම සඳහා පත් කර තිබූ සිංහ රෙජිමේන්තුවේ එම සේවා මුරයෙන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණා. එය සරත් ෆොන්සේකා මහතා නොසලකා හැර කටයුතු කිරීමක් නොවෙයිද?

පිළිතුර - ජෙනරාල් ජගත් ජයසූරිය, හමුදාපති වනතෙක්, යුද හමුදා මූලස්ථානයේ මුqරය සිද්ධ කළේ, යුද හමුදාපතිවරයා පත්වන රෙජිමේන්තුවෙන්. සාමාන්‍යයෙන් මෙය සිවිල් ජනතාව දන්නේ නැහැ. නමුත් හමුදා නිලධාරීන් මේ බව දන්නවා. ඒ අනුව සරත් ෆොන්සේකා යුද හමුදාපති කාලයේ, එම මුqරය සිද්ධ කළේ, සිංහ රෙජිමේන්තුව. ඊට පෙර ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා යුද හමුදාපති කාලයේ, එම කාර්යය සිදු කළේ පාබල හමුදාව. ඒ, ඔහු පාබල රෙජිමේන්තු නිලධාරියෙකු නිසා. ඊට පෙර ජෙනරාල් දළුවත්ත මහතා හමුදාපති කාලයේ එම මුqරය සිදු කළේ සන්නාහ සන්නද්ධ බලකායයි. මේ වගේ ඒ ඒ හමුදාපතිවරුන් පැමිණි රෙජිමේන්තුව තමයි, යුද හමුදා මූලස්ථානයේ මුqරය ඇති කළේ. නමුත් ජගත් ජයසූරිය හමුදාපති වුණු අවස්ථාවේ, සරත් ෆොන්සේකා ඊට ඉඩ දුන්නේ නැහැ. තමන් හමුදා මූලස්ථානයේ සිටි නිසා සිංහ රෙජිමේන්තුවම මේ මුqරය පවත්වාගෙන යා යුතු බව, සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. යුද හමුදා සම්ප්රදාය කඩලා, සිංහ රෙජිමේන්තුවෙන්ම එම කටයුත්ත කරගෙන යැමට ඔහුට අවසර ලබා දුන්නා.

මෙය යුද හමුදාවේ සම්ප්රදාය කැඩීමක්. සරත් ෆොන්සේකා යුද හමුදාවේ රකින නිලධාරියෙක් නම් එම කටයුත්ත අසාධාරණ බව ඔහුම පිළිගත යුතුයි. නව හමුදාපතිතුමාට සහයෝගය ලැබෙන පරිදි එම හමුදාපතිතුමාගේ ඒකකයෙන් එම මුqරය කරන්නට දෙන්න තිබුණා. මේ සියලු දේ සිදු කර, අවසානයේදී මහජනතාවට පෙන්නුම් කළේ, වෙනත් දෙයක්. තමාගේ ආරක්ෂක මුqරය ඉවත් කළ බව සරත් ෆොන්සේකා මහජනතාවට අසත්‍ය ප්‍රකාශයක් කළා. තත්ත්වයක් නිර්මාණය කර, අසත්‍ය චෝදනා කරමින්, තමාට අසාධාරණයක් සිදුවන බව ජනතාවට මවා පෑමට ෆොන්සේකා මහතා කටයුතු කළා.

ප්රශ්නය - සරත් ෆොන්සේකා මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, යුද්ධය කිරීම සඳහා දේශපාලන නායකයන්ට අවශ්‍යතාවක් තිබුණත්, හමුදාවට එම කාර්යය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වූ බවයි. ඔබ මේ ප්‍රකාශය පිළිගන්නවාද?

පිළිතුර - එල්. ටී. ටී. ඊ. සංවිධානය විනාශ කිරීමට සිදු කළ මෙහෙයුමේදී රණවිරුවන් විශාල සංඛ්‍යාවක් ජීවිත පූජා කර තිබෙනවා. ආබාධිත තත්ත්වයට පත්වී සිටිනවා. මේ ලෙස විශාල පරිත්‍යාගයක් කර තිබෙනවා. එසේම ජනතාවගේ පූජිත තත්ත්වයට පත්වූ ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විමලරත්න, ජෙනරාල් ජානක පෙරේරා, ජෙනරාල් ලකී විඡේරත්න, ජෙනරාල් ලකී අල්ගම, ජෙනරාල් නලින් අංගම්මන වැනි නිලධාරීන් මෙම උසස් තත්ත්වයට හමුදාව ගෙන ඒමට දායකත්වය ලබා දුන්නා. විශේෂ බලකාය සකස් කිරීමට කටයුතු කළ ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චි වැනි නිලධාරීන් ඉන්නවා. කොමාන්ඩෝ බල ඝනය ඇති කිරීමට මුල් වූ නිලධාරීන් ඉන්නවා. ඔවුන් සියලුදෙනාගේ වෙහෙස නිසයි, හමුදාව මේ තත්ත්වයට පත් වූයේ. නමුත් ඔවුන්ගේ කැපවීමේ ප්‍රතිඵල දැක ගැනීමට නොහැකි වූයේ, රටේ නායකයන්ගේ කැපවීම නොතිබුණු නිසා. ඒ ඒ අවස්ථාවන්හිදී ඒ දේශපාලන නායකයන් විදේශ බලපෑම්වලට යටත්වී වැරැදි තීරණ ගත්තා. හමුදාවට අවශ්‍ය තරම් සෙබළුන් වැඩි කිරීමට එම දේශපාලන නායකයන් ඉඩ ලබා දුන්නේ නැහැ. හමුදාවට අවශ්‍ය භාණ්ඩ ලබාදීමට එම දේශපාලන නායකයන්, සමහර අවස්ථාවලදී මැලි වුණා. සමහර නායකයන් වැරැදි මතවල එළඹගෙන සිටියා. සමහර දේශපාලන නායකයන් සිටියේ, යුද්ධය දිනන්න බැහැ. මෙය යුද්ධයකින් විසඳන්න බැහැ. මෙය සාකච්ඡාවකින් විසඳිය යුතුයි කියන මතයේ. යුද හමුදාවට බැඳීම නැවැත්වීමට නොයෙක් ව්‍යාපාර කරපු අය හිටියා. සෙබළුන්ට සමච්චල් කරපු අය හිටියා. සාම ගිවිසුම්වලට ගියා.

හමුදා ක්‍රියාමාර්ගයකට යනවාද? නැත්නම් සටන් විරාමයකට යනවාද? කියන තීරණය ගන්නේ, රටේ දේශපාලන නායකත්වය. සාම ගිවිසුම් අත්සන් කරනවාද ආදී තීරණ ගන්නේ හමුදාව නොවෙයි. රටේ දේශපාලන නායකත්වය විසින්. වඩමාරච්චි ක්‍රියාන්විතය නතර කරන්න තීරණය කළේ, ජනාධිපතිතුමා. සාම ගිවිසුම්, සටන් විරාමවලට යන්න තීරණය කළේ එවකට හිටපු ජනාධිපතිතුමා. සාම හමුදාව ගෙන්වීම තීරණය කළෙත් ජනාධිපතිතුමා. හමුදාව යෑවීමට තීරණය කළෙත් ජනාධිපතිතුමා. ඒ හැමදේකටම ඉවහල් වුණේ ජනාධිපතිතුමා. එල්. ටී. ටී. ඊ. නායකයන් සමග අතට අතදීලා සාකච්ඡා කරන්න හමුදා නිලධාරීන් කැමැති වුණේ නැහැ. ඒ අවස්ථාවේ තිබු රජයේ ප්‍රතිපත්තිය වුණේ ඒකයි. ඒ ප්‍රතිපත්තියට විරුද්ධව ගිහිල්ලා, හමුදාවට වැඩ කරන්න බැහැ. රණවිරුවන්ට සටන් කරන්න කිව්වා නම් ඔවුන් සටන් කළා. ඔවුන්ට ආයුධ දුන්නා නම් ඔවුන් ඒක කළා. හමුදා නිලධාරීන්ගෙ වැරැද්ද නිසා තමයි, ඒක කරන්න බැරි වුණේ. දේශපාලන තීරණය හරිහැටි ගත්තා යෑයි කීම අසත්‍යයක්. හමුදාවට අපහාසයක්.

හමුදාවක් වැඩි කිරීමේ බලය, බල ඇණි ඇති කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. ඒ අවස්ථාවේ හිටපු නායකයන්, එක්කෝ හමුදා වැඩිවීමට බය හිතෙන්න ඇති. එක්කෝ හමුදාව වැඩි කිරීම අවශ්‍ය නැති බව සිතන්න ඇති. එහෙම නැත්නම් ආර්ථික හේතු පිළිබඳව බලන්නට ඇති. මේ මොන හේතු නිසා හෝ ඒ අවස්ථාවේ හිටපු නායකයන් ඒ තීරණය ගත්තේ නැහැ. ඒ නිසා, මේක අවසන් කරන්න බැරි වුණා. නමුත් මෙවර අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ ආරක්ෂක ප්‍රතිපත්තිය ලෙස හමුදාමය වශයෙන් එල්. ටී. ටී. ඊ. ය පරාජය කළ යුතු බවත්, ඊට අවශ්‍ය සියලුම හමුදා බලය වැඩි කළ නිසාත් මේක කරන්නට පුළුවන් වුණා. තිබුණු හමුදාවට වඩා දෙගුණයකින් හමුදා පිරිස වැඩි කිරීමට අතිගරු ජනාධිපතිතුමා බය වුණෙත් නැහැ. මැලි වුණෙත් නැහැ. මේ නිසා යුද්ධයේදී මූලික වුණේ ජනාධිපතිතුමාගේ තීරණය බව පැහැදිලියි.

[QUOTE="tharinda07, post: 6030188, member: 21844"] [SIZE=4]ප්රශ්නය- නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපතිව සිටියදී හමුදා මූලස්ථානයේ මුqරය කිරීම සඳහා පත් කර තිබූ සිංහ රෙජිමේන්තුවේ එම සේවා මුරයෙන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණා. එය සරත් ෆොන්සේකා මහතා නොසලකා හැර කටයුතු කිරීමක් නොවෙයිද? පිළිතුර - ජෙනරාල් ජගත් ජයසූරිය, හමුදාපති වනතෙක්, යුද හමුදා මූලස්ථානයේ මුqරය සිද්ධ කළේ, යුද හමුදාපතිවරයා පත්වන රෙජිමේන්තුවෙන්. සාමාන්‍යයෙන් මෙය සිවිල් ජනතාව දන්නේ නැහැ. නමුත් හමුදා නිලධාරීන් මේ බව දන්නවා. ඒ අනුව සරත් ෆොන්සේකා යුද හමුදාපති කාලයේ, එම මුqරය සිද්ධ කළේ, සිංහ රෙජිමේන්තුව. ඊට පෙර ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා යුද හමුදාපති කාලයේ, එම කාර්යය සිදු කළේ පාබල හමුදාව. ඒ, ඔහු පාබල රෙජිමේන්තු නිලධාරියෙකු නිසා. ඊට පෙර ජෙනරාල් දළුවත්ත මහතා හමුදාපති කාලයේ එම මුqරය සිදු කළේ සන්නාහ සන්නද්ධ බලකායයි. මේ වගේ ඒ ඒ හමුදාපතිවරුන් පැමිණි රෙජිමේන්තුව තමයි, යුද හමුදා මූලස්ථානයේ මුqරය ඇති කළේ. නමුත් ජගත් ජයසූරිය හමුදාපති වුණු අවස්ථාවේ, සරත් ෆොන්සේකා ඊට ඉඩ දුන්නේ නැහැ. තමන් හමුදා මූලස්ථානයේ සිටි නිසා සිංහ රෙජිමේන්තුවම මේ මුqරය පවත්වාගෙන යා යුතු බව, සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. යුද හමුදා සම්ප්රදාය කඩලා, සිංහ රෙජිමේන්තුවෙන්ම එම කටයුත්ත කරගෙන යැමට ඔහුට අවසර ලබා දුන්නා. මෙය යුද හමුදාවේ සම්ප්රදාය කැඩීමක්. සරත් ෆොන්සේකා යුද හමුදාවේ රකින නිලධාරියෙක් නම් එම කටයුත්ත අසාධාරණ බව ඔහුම පිළිගත යුතුයි. නව හමුදාපතිතුමාට සහයෝගය ලැබෙන පරිදි එම හමුදාපතිතුමාගේ ඒකකයෙන් එම මුqරය කරන්නට දෙන්න තිබුණා. මේ සියලු දේ සිදු කර, අවසානයේදී මහජනතාවට පෙන්නුම් කළේ, වෙනත් දෙයක්. තමාගේ ආරක්ෂක මුqරය ඉවත් කළ බව සරත් ෆොන්සේකා මහජනතාවට අසත්‍ය ප්‍රකාශයක් කළා. තත්ත්වයක් නිර්මාණය කර, අසත්‍ය චෝදනා කරමින්, තමාට අසාධාරණයක් සිදුවන බව ජනතාවට මවා පෑමට ෆොන්සේකා මහතා කටයුතු කළා. ප්රශ්නය - සරත් ෆොන්සේකා මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, යුද්ධය කිරීම සඳහා දේශපාලන නායකයන්ට අවශ්‍යතාවක් තිබුණත්, හමුදාවට එම කාර්යය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වූ බවයි. ඔබ මේ ප්‍රකාශය පිළිගන්නවාද? පිළිතුර - එල්. ටී. ටී. ඊ. සංවිධානය විනාශ කිරීමට සිදු කළ මෙහෙයුමේදී රණවිරුවන් විශාල සංඛ්‍යාවක් ජීවිත පූජා කර තිබෙනවා. ආබාධිත තත්ත්වයට පත්වී සිටිනවා. මේ ලෙස විශාල පරිත්‍යාගයක් කර තිබෙනවා. එසේම ජනතාවගේ පූජිත තත්ත්වයට පත්වූ ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විමලරත්න, ජෙනරාල් ජානක පෙරේරා, ජෙනරාල් ලකී විඡේරත්න, ජෙනරාල් ලකී අල්ගම, ජෙනරාල් නලින් අංගම්මන වැනි නිලධාරීන් මෙම උසස් තත්ත්වයට හමුදාව ගෙන ඒමට දායකත්වය ලබා දුන්නා. විශේෂ බලකාය සකස් කිරීමට කටයුතු කළ ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චි වැනි නිලධාරීන් ඉන්නවා. කොමාන්ඩෝ බල ඝනය ඇති කිරීමට මුල් වූ නිලධාරීන් ඉන්නවා. ඔවුන් සියලුදෙනාගේ වෙහෙස නිසයි, හමුදාව මේ තත්ත්වයට පත් වූයේ. නමුත් ඔවුන්ගේ කැපවීමේ ප්‍රතිඵල දැක ගැනීමට නොහැකි වූයේ, රටේ නායකයන්ගේ කැපවීම නොතිබුණු නිසා. ඒ ඒ අවස්ථාවන්හිදී ඒ දේශපාලන නායකයන් විදේශ බලපෑම්වලට යටත්වී වැරැදි තීරණ ගත්තා. හමුදාවට අවශ්‍ය තරම් සෙබළුන් වැඩි කිරීමට එම දේශපාලන නායකයන් ඉඩ ලබා දුන්නේ නැහැ. හමුදාවට අවශ්‍ය භාණ්ඩ ලබාදීමට එම දේශපාලන නායකයන්, සමහර අවස්ථාවලදී මැලි වුණා. සමහර නායකයන් වැරැදි මතවල එළඹගෙන සිටියා. සමහර දේශපාලන නායකයන් සිටියේ, යුද්ධය දිනන්න බැහැ. මෙය යුද්ධයකින් විසඳන්න බැහැ. මෙය සාකච්ඡාවකින් විසඳිය යුතුයි කියන මතයේ. යුද හමුදාවට බැඳීම නැවැත්වීමට නොයෙක් ව්‍යාපාර කරපු අය හිටියා. සෙබළුන්ට සමච්චල් කරපු අය හිටියා. සාම ගිවිසුම්වලට ගියා. හමුදා ක්‍රියාමාර්ගයකට යනවාද? නැත්නම් සටන් විරාමයකට යනවාද? කියන තීරණය ගන්නේ, රටේ දේශපාලන නායකත්වය. සාම ගිවිසුම් අත්සන් කරනවාද ආදී තීරණ ගන්නේ හමුදාව නොවෙයි. රටේ දේශපාලන නායකත්වය විසින්. වඩමාරච්චි ක්‍රියාන්විතය නතර කරන්න තීරණය කළේ, ජනාධිපතිතුමා. සාම ගිවිසුම්, සටන් විරාමවලට යන්න තීරණය කළේ එවකට හිටපු ජනාධිපතිතුමා. සාම හමුදාව ගෙන්වීම තීරණය කළෙත් ජනාධිපතිතුමා. හමුදාව යෑවීමට තීරණය කළෙත් ජනාධිපතිතුමා. ඒ හැමදේකටම ඉවහල් වුණේ ජනාධිපතිතුමා. එල්. ටී. ටී. ඊ. නායකයන් සමග අතට අතදීලා සාකච්ඡා කරන්න හමුදා නිලධාරීන් කැමැති වුණේ නැහැ. ඒ අවස්ථාවේ තිබු රජයේ ප්‍රතිපත්තිය වුණේ ඒකයි. ඒ ප්‍රතිපත්තියට විරුද්ධව ගිහිල්ලා, හමුදාවට වැඩ කරන්න බැහැ. රණවිරුවන්ට සටන් කරන්න කිව්වා නම් ඔවුන් සටන් කළා. ඔවුන්ට ආයුධ දුන්නා නම් ඔවුන් ඒක කළා. හමුදා නිලධාරීන්ගෙ වැරැද්ද නිසා තමයි, ඒක කරන්න බැරි වුණේ. දේශපාලන තීරණය හරිහැටි ගත්තා යෑයි කීම අසත්‍යයක්. හමුදාවට අපහාසයක්. හමුදාවක් වැඩි කිරීමේ බලය, බල ඇණි ඇති කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. ඒ අවස්ථාවේ හිටපු නායකයන්, එක්කෝ හමුදා වැඩිවීමට බය හිතෙන්න ඇති. එක්කෝ හමුදාව වැඩි කිරීම අවශ්‍ය නැති බව සිතන්න ඇති. එහෙම නැත්නම් ආර්ථික හේතු පිළිබඳව බලන්නට ඇති. මේ මොන හේතු නිසා හෝ ඒ අවස්ථාවේ හිටපු නායකයන් ඒ තීරණය ගත්තේ නැහැ. ඒ නිසා, මේක අවසන් කරන්න බැරි වුණා. නමුත් මෙවර අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ ආරක්ෂක ප්‍රතිපත්තිය ලෙස හමුදාමය වශයෙන් එල්. ටී. ටී. ඊ. ය පරාජය කළ යුතු බවත්, ඊට අවශ්‍ය සියලුම හමුදා බලය වැඩි කළ නිසාත් මේක කරන්නට පුළුවන් වුණා. තිබුණු හමුදාවට වඩා දෙගුණයකින් හමුදා පිරිස වැඩි කිරීමට අතිගරු ජනාධිපතිතුමා බය වුණෙත් නැහැ. මැලි වුණෙත් නැහැ. මේ නිසා යුද්ධයේදී මූලික වුණේ ජනාධිපතිතුමාගේ තීරණය බව පැහැදිලියි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom