Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය දැනුනාද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභය දැනුනාද...?

* අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී මට, ඇමරිකන් පුරවැසිභාවයෙන් ඉල්ලා අයින් වෙන්න පුළුවන්...

* ෆාදර් එම්මනුවෙල් මේ රටට ආවාහම විදේශ ලේකම් තුමා එයාව බදා ගත්තනේ... මේ අයට විලි ලැඡ්ජ නැද්ද...?

* අපේ පවුල හොඳ එකමුතුකමක් තියෙන සමඟියක් තියෙන පවුලක්. මම ඒක බය නැතුවම, ඒ වගේම ආඩම්බරයෙන් කියනවා.

මීට මාස ගණනාවකට පෙර එක්තරා ඊළාම් මතවාදී කල්ලියක් විසින් රටපුරා පෝස්ටරයක් අලවා තිබුණේය. "ගෝඨාභය දැනුණාද...?" යනුවෙන් යුත් එම පෝස්ටරය නැවත සිහිපත් වූයේ, පොහොට්ටුවේ ජයග්‍රහණය සමඟය. ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව බොහෝ දෙනා අනාවැකි කියන ලද්දේ, එම ජයග්‍රහණය මතින් පාර ඉදිවන්නේ 2020 ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂට බවය. පොහොට්ටුවට ඡන්දය දුන් පිරිසට ගෝඨාභය දැනී තිබුණේ එලෙසය. ගෝඨාභයට වත්මන් දේශපාලනය දැනෙන්නේ කෙසේද...? ඒ පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දිවයින ඉරිදා සංග්‍රහය කරන ලද සාකච්ඡාවයි මේ.

ප්රශ්නය - මැතිවරණ කාලය පුරා ඔබ සිටියේ විදේශ ගත වෙලයි. අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබුණේ, ඔබ රටින් පැන ගොස් ඇති බවයි. මෙවර ඔබ විදේශ ගත වුණේ කුමක් හෝ බියක් නිසා ද...?

පිළිතුර - මම එහෙම පැනලා ගියේ නැහැ... ජනාධිපතිවරණයෙන් පස්සේ, නඩු දාද්දී මම පැනලා ගියේ නැහැ. ඒ අය දූෂණ හොයන්න කියලා පිහිටවපු සියලු තැන් වලට මම ගියා... ඒ සියල්ලටම මම මුහුණ දුන්නා. ඒ නිසා කිසිදේකට බය වෙන්න දෙයක් මට තිබුණේ නැහැ. ඡන්දයට ඉස්සෙල්ලා මම ඇමරිකාවට යන්න සුදානම් වෙලයි තිබුණේ. මම එහේ ඉද්දී තමයි, මැතිවරණයට දින නියම කළෙත්. මගේ පුතා, නැන්දම්ම, සහෝදරයෝ ඉන්නේ එහේ... ඒ නිසා ඒ අය බලන්න මම කලින් යොදාගෙන තිබුණා. ඒ නිසයි මම ඇමරිකාවට ගියේ. අනික මම කිසිම අවස්ථාවක දේශපාලනය කළේ නැහැනේ... මම කවදාවත් ඡන්ද කළේ නැහැනේ...

ප්රශ්නය - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වී බැසිල් රාජපක්ෂ මහතා, ඔබව හිරේ දැමීම සඳහා උත්සාහ කිරීම හේතුවෙන්, ආරක්ෂාව සඳහා ඔබ රටින් පිටත ගොස් ඇති බව බස්නාහිර පළාත් මහා ඇමැති ඉසුර දේවප්‍රිය සඳහන් කළා... එහෙම කුමන්ත්‍රණයක් තිබ්බාද...?

පිළිතුර -බැසිල් රාජපක්ෂ මහතාට එහෙම කිසිම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. "සහෝදර එකමුතුව" කියලා මේ අයම එක වෙලාවකට කියනවා, තව වෙලාවකට සහෝදර ගැටුම් කියනවා. ඔය වගේ බොරු කියලා තමා, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලුවේ... ඒ අය ආණ්ඩුව කරගෙන යන්න හදන්නෙත් එහෙම තමයි. අපේ පවුල හොඳ එකමුතුකමක් තියෙන සමඟියක් තියෙන පවුලක්. මම ඒක බය නැතුවම, ඒ වගේම ආඩම්බරයෙන් කියනවා. අපි එකිනෙකා ගහගන්න සහෝදර පිරිසක් නෙමෙයි. පවුලක් හැටියට සමාදානයෙන් ජීවත්වීම, එකට වැඩ කිරීම අපේ රටේ සංස්කෘතියෙන් අගය කරන දෙයක්. අපි හැමදාම එකට හිටිය සහෝදර පිරිසක්. අපි සියලු දෙනා රට වෙනුවෙන් එකතුවෙලා වැඩ කළා. ඒක ආදර්ශවත් දෙයක්.

ප්රශ්නය - බරපතළ අපරාධ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අනුව, ඔබ වරදකරුවෙක් කරලත් නැහැ. නොකර තිබුණෙත් නැහැ. මෙහිදී ඇතිවෙලා තිබෙන තත්ත්වය කුමක්ද...?

පිළිතුර - එම වාර්තාවේ එවැනි තත්ත්වයක් තිබෙනවා. මේ කොමිෂන් සභාවට අවංකව තීන්දුවක් දෙන්න පුළුවන්කමක් නැති බවයි එයින් පෙනෙන්නේ... මෙහිදී අධිකරණයෙන් අපි සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. ජනතාවට තිබෙන එකම සාධාරණය තිබෙන්නේ අධිකරණය තුළ. අධිකරණය කිසිම බලපෑමකට යටත් නොවී, සිය තීන්දු තීරණ ගනීවි කියලා අපි හිතනවා. ඒ එක්කම මම කියන්න ඕනේ, අපේ රටේ විතරක් නෙමෙයි මේ ලෝකයේ බොහෝ රටවල ජාතික නායකයන් සිටින අවස්ථාවල බටහිර බලවේගයන් ක්‍රියා කරපු ආකාරය පිළිබඳව. බටහිර බලවේගයන්ට ගැතිවුණු දේශීය බලවේග සමඟ එකතුවෙලා, එම රටේ ජාතික නායකයන් එලවන්න භාවිතා කරන ලද ක්‍රමවේද දෙකක් තිබෙනවා. එම ජාතික නායකත්වය දුෂිතයි කියන එක සහ ඒකාධිපති කියන එක තමා එම ක්‍රම දෙක. මේ ක්‍රම දෙක පාවිච්චි කරලා ජනතාව මුලා කරනවා. ඒ මුලාව තුළින් බලයට එන රජයන්, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට තිබෙන ආයතන මාර්ගයෙන්ම, අර ජාතික නායකයන්ව තළා පෙළන්නට, දේශපාලන පළිගැනීම් සිදුකිරීමට ක්‍රියා කරනවා. පොලීසිය, අධිකරණය ආදී ආයතන ඒ සඳහා පාවිච්චි කරනවා. එමගින් ජනතාවට පෙන්වන්න හදන්නේ, අපි සාධාරණ ලෙස ක්‍රියා කරන බවයි. මේවා ලෝකයේ බොහෝ තැන් වල ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදයන්. මේක ජනතාව හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ ආණ්ඩුව කරගෙන යන්නෙත් ඒකමයි. ඒ මිසක් මේ පිළිබඳව කොමිසම තේරුම් අරගෙන ක්‍රියා කරපු බවක් නම් මට පේන්නේ නැහැ. රක්නා ලංකා ආයතනය පටන් ගත්තේ රුපියල් මිලියන හතරකින්. එය බිලියන පහක් වටින ආයතනයක් බවට පත් කළා. විශේෂයෙන්ම අඩු වයසින් විශ්‍රාම යන රණවිරුවන් විශාල ප්‍රමාණයකට රැකී රක්ෂා ලබා දුන්නා. ඒ කාරණයවත් මෙතැනදී පෙන්වලා දුන්නේ නැහැනේ. ඒ විශාල ලාභය ලැබුවේ එම ආයතනයේ හිටපු කළමනාකාරිත්වයේ සහ සේවකයන්ගේ කැපවීම මත. ආණ්ඩු මාරුවත් සමග සිද්ධ වුණේ එම පිරිස්වලට තමන් ලබා දුන්න ජයග්‍රහණය වෙනුවෙන් දඬුවම් විඳින්නයි. මේ පූර්වාදර්ශය අනුව, කිසිම නිලධාරියෙක් මීට පස්සේ වැඩ කරයිද...?

ප්රශ්නය - රාජිත සේනාරත්න, චම්පික රණවක කියන ඇමැතිවරු දෙදෙනා නිතරම ඔබට එරෙහිව චෝදනා එල්ල කරන බව පෙනෙනවා. ඔවුන් නිරන්තරයෙන් පවසන්නේ ඔබ අත්අඩංගුවට ගත යුතු බවයි...

පිළිතුර - ඒවා ඒගොල්ලන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කරන අභූත චෝදනා. මෙවැනි චෝදනා කරන එක මිසක් වෙන කිසිම වැඩක් මේ ඇමැතිවරු කළේ නැහැනේ. මම ඔය කාටවත් චෝදනා කර කර හිටියේ නැහැ, මට ලැබුණු වගකීම ඉෂ්ට කරා මිසක්. ගිය ආණ්ඩුව කාලේ මම රාජ්‍ය නිලධාරියෙක්. මිට පෙර මම හමුදා නිලධාරියෙක් විදිහට අවුරුදු විසි එකක් සේවය කරලා තිබෙනවා. මගේ හමුදා කාලයේදී මම වැඩියෙන්ම වැඩ කරලා තිබෙන්නේ එජාප ආණ්ඩු යටතේ. ත්‍රස්තවාදී කාලයේදී මම කිසිම පැකිලීමක් නැතුව ක්‍රියාන්විත ප්රදේශවලමයි සේවය කළේ. ජෙනරල් කොබ්බැකඩුව, ජෙනරල් විමලරත්න යටතේ මම වැඩ කළා. වඩමරච්චි මෙහෙයුමේ බලඇණි හතරෙන් එකක අණදෙන නිලධාරියා ලෙස සේවය කළේ මම. යාපනය කොටුව මුදා ගැනීමේ මෙහෙයුමට බලඇණි දෙකක් තමයි, ඉදිරියෙන් මුහුණ දුන්නේ. එහි එක බලඇණියකට අණදුන්නේ මම. මම රාජ්‍ය සේවකයකු වශයෙන් මගෙන් විය යුතු සේවය හැම ආණ්ඩුවකටම ඉෂ්ට කළා. ඒ මිසක් මම දේශපාලනයක් කළේ නැහැ.

ප්රශ්නය - එසේ වුවත් සමහරු චෝදනා කරන්නේ, යුද්ධය අතර මගදී ඔබ බයේ පැනලා ගියා කියලයි...

පිළිතුර - හමුදාවේ අමාරුම කාලය තමයි ලුතිනන් කර්නල් දක්වා කාලය. ඊට පස්සේ තිබෙන්නේ, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරාල් කාලය. වැඩියෙන්ම තුවාල ලබපු, මිය ගිය නිලධාරීන් අයත් වන්නේ ලුතිනන් කර්නල් දක්වා කාලයට. ඊට උඩ නිලධාරීන්ට එවැනි අවස්ථා අත්වෙච්ච් වාර ගණන අතේ ඇඟිලි ගණනටත් අඩුයි. බ්‍රිගේඩියර් සහ මේජර් ජෙනරාල් තනතුරු කියන්නේ හමුදාවට තිබෙන වරප්‍රසාද ලැබෙන කාලයක්. මම අමාරු කාලයේ හමුදාවේ හිටියා. මම විශ්‍රාම ගියාට පසු, මාත් එක්ක එකට හමුදාවට බැඳුණු අය කර්නල්, සහ බ්‍රිගේඩියර් තනතුරු සඳහා පත් වුණා. එහෙම උසස්වීම් ලැබෙන බව මමත් දන්නවා. ඒ අවස්ථාව වන විට මට තේරුණා මේ යුද්ධය වන විදිහ. මම විශ්වාස කරපු නායකයන් නැති වෙලා ගියා. ඒ තුළ හමුදාවෙන් යන්න ඕනේ කියලා මම කල්පනා කළා. හමුදා සේවයේ අමාරුම කාලයේ මම සේවය කළා. වරප්‍රසාද ලැබෙන කාලයේ මම විශ්‍රාම ගියා. වරප්‍රසාද ලැබෙන කාලවල බයේ පැනලා යන්න ඕනේ නැහැ... ඒ කාලවල හිටපු සෑම ජනාධිපතිවරයකුගෙන්ම මට හමුදා ඇගයීම් සම්මාන ලැබී තිබෙනවා. ජනාධිපති ජයවර්ධන, ප්‍රේමදාස, විඡේතුංග කියන සෑම නායකයකුගෙන්ම මට ඒවා ලැබිලා තියෙනවා. ඒවා ඒගොල්ලෝ දෙන ඒවා නෙමෙයි. මගේ හමුදා නායකයන් අනුමත කරලා යවන දේවල්. මම මේකෙන් කියන්න හදන්නේ, මොන ආණ්ඩුව තිබුණත් මම මගේ සේවය නිවැරදිව රට වෙනුවෙන් ඉටුකළා කියන එකයි.

ප්රශ්නය - මේ වන විට සමහරු ඔබව හඳුන්වන්නේ විස්සයි විස්සේ ජනාධිපතිවරයා ලෙසයි. නිලධාරියකුගේ භූමිකාව හමාර කරමින් දේශපාලනය සදහා ඔබට පිවිසෙන ලෙස රටෙන් ආරාධනා තිබෙනවා...

පිළිතුර - ඒකට හේතුව, රටේ සාමාන්‍ය ජනතාව දේශපාලකයන් කෙරෙහි තිබෙන බලාපොරොත්තුව, විශ්වාසය බිද වැටිලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි ඒ අයට තිබෙන්නේ, දේශපාලකයකු කෙරෙහි තිබෙන ආකල්පය නොවෙයි. රටට වැඩ කරපු නායකයකු සඳහා තියෙන ගෞරවය. පවතින තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් නැහැ. එතකොට ඒ අය බලනවා, ඒ සඳහා වෙන කවුද සුදුසු කියලා. ඒ අනුව ඒ අය එහෙම කියන්නේ... මේ රට හදන්න නම්, ඒ කාර්යයට මෙවැනි කෙනෙක් අවශ්‍යයි කියලා ජනතාව හිතනවා.

ප්රශ්නය - ඔබ ඒ සඳහා සූදානම් ද...?

පිළිතුර - ඒක තනියෙන් ගතයුතු තීරණයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය නැතුව කිසිම දෙයක් මම කරන්නෙත් නැහැ. කරන්න පුළුවන්කමකුත් නැහැ. ඊළඟට බැසිල් රාජපක්ෂ... මේ දේශපාලනික සැලසුම සහ යාන්ත්‍රණය පිළිබඳව ඔහුට තිබෙන දැනුම, අවබෝධය සහ අත්දැකීම් කියන එක වැදගත්. දේශපාලනය සඳහා ඔහුට විශාල හැකියාවක් තිබෙනවා. ප්‍රාදේශීය සභා ආදියේ සිට සම්බන්ධකම් ජාලයක් ඔහුට තිබෙනවා. ඒ ශක්තිය සහ දැනුම තිබෙන්නේ ඔහු ළඟ. ඔහු මේ සඳහා කැමතිද...? ආදී දේ සමගයි මගේ තීරණය ගත හැකිව තිබෙන්නේ...

ප්රශ්නය - ඔබ ඇමරිකන් පුරවැසියෙක් වීම එවැනි තනතුරක් සඳහා නෛතික බාධාවක් නේද...?

පිළිතුර - මම ශ්‍රී ලාංකික පුරවැසියෙක්... නමුත් ඇමරිකාවට ගියහම මට එහේ පුරවැසිභාවයත් ලැබුණා. දැන් මම ද්විත්ව පුරවැසියෙක්. අපේ රටේ ව්‍යවස්ථා සංශෝධන හදන්නේ රාජපක්ෂලා ඉලක්ක කරගෙන. එතැනදී ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයන්ට ඡන්දය ඉල්ලන්න බැහැ කියලා, වගන්තියක් ඇතුල් කළා. ඒක නම් ප්‍රශ්නයක් නෙමෙයි... අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී මට, ඇමරිකන් පුරවැසිභාවයෙන් ඉල්ලා අයින් වෙන්න පුළුවන්... මේ රජය බලයට ආපු මුල් දවසේ ඉඳන් කළේ, රාජපක්ෂලා සහ පසුගිය ආණ්ඩුවේ වැඩක් කරපු පිරිස පස්සේ එළව එළවා පළිගැනීම මිසක් වෙන දෙයක් නෙමෙයි. ව්‍යවස්ථාව පවා සංශෝධනය කළේ රටේ අවශ්‍යතාවයට නෙමෙයි, පළිගන්නයි. මේ අවුරුදු තුනටම වෙන මොනවක්වත් කළේ නැහැනේ. තවම කතා කරන්නේ රාජපක්ෂලා හිරේ දාන එක විතරයි. ඔය කතා කරන රාජිතලා, චම්පිකලා, ෙෆාන්සේකලා, චන්ද්‍රිකාලා මොනවද කරලා තියෙන්නේ... චන්ද්‍රිකාගේ කාලයේ ආයුධ නැව් පිටින් නැති වුණා. වැඩක් නැතුව ඉරානයෙන් පවා ආයුධ ගෙනාවා.

ප්රශ්නය - පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව ලබපු ජයග්‍රහණය පිළිබඳව ඔබේ ඇගයීම කුමක්ද...?

පිළිතුර - පළමුවැනි දේ තමයි මේ සඳහා මූලික වුණේ මහින්ද රාජපක්ෂ කියන චරිතය. එය ඔහුගේ නායකත්වයේ ජයග්‍රහණයක්... දෙවැනි එක තමයි, මේ ආණ්ඩුව බලයට එන්න කියපු බොරු පිළිබඳව ජනතාවට අවබෝධයක් ලැබුණා. මහින්ද ජනාධිපතිතුමාගේ කාලය තුළ රටට කරපු සේවයත් මේ අයගේ කාලයේ කිසිදු දෙයක් නොකිරීමත් ජනතාව සංසන්දනය කළා. කිසිදු සංවර්ධනයක් නොකළා විතරක් නොවෙයි, අපේ රටේ ආරක්ෂාව, රණවිරුවන්ගේ ආරක්ෂාව, ඒකීයභාවය, ආර්ථිකය, සංවර්ධනය කියන හැම එකම කඩා වැටුණා. ඒ ගැන ජනතාව කල්පනා කරලා තීන්දුවක් දුන්නා.

ප්රශ්නය - මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තවමත් ඔබට චෝදනා එල්ල වෙනවා. ඒ සඳහා මැදිහත්කාර ප්රයත්නයක යෙදුණා යෑයි කියමින් උදයංග වීරතුංග අල්ලා ගැනීම සඳහා ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා...

පිළිතුර - මිග් යානා ගැන චෝදනාවත් කිසිදු විටක ඔප්පු කර නැති කතාවක් විතරයි. මගේ අදහස නම් උදයංග වීරතුංග සිය කැමැත්තෙන් ලංකාවට ඇවිල්ලා, මේ ගැන ප්‍රකාශයක් කරන්නට ඕනේ. මම එක පුද්ගලයෙක් යවලා, ඊට පස්සේ තව නිලධාරීන් දෙන්නෙක් යවලා තමයි කේ.පී. ගෙනාවේ. ඒ ත්‍රස්තවාදී නායකයෙක්... කේ.පී.ව මෙහාට ගේනකන් ඒ ගැන කවුරුවත් දන්නෙත් නැහැ. ජාත්‍යන්තරය එක්ක අපි වැඩ කළේ එහෙමයි.

ජාත්‍යන්තරය දින්නා කියන මේ අයට උදයංග වීරතුංගව ගේන්න තවම බැරි වුණා. ඔහුව ගේන්න විදේශ ඇමැතිවරයා යනවා. මුළු සංහතියම රට යනවා. මොකක්ද මෙයා කරලා තියෙන වරද...? මේවට කියන්නේ රඟපෑම් කියලා. ජනතාවගේ මුදල් නාස්ති කර කර මේ අය රඟපානවා. වෙන වැඩක් කරන්න බැරි නිසා මේවා කරනවා. මහ දවාලේ මහ බැංකුව හොරා කාපු, ජනාධිපති කොමිසමකින් චෝදනා ලබපු අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව උදයංගට වගේ ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි...? මහේන්ද්‍රන්ව ගේන්න කවුරුත් ගියාද...? එයාට විරුද්ධව රෙඩ් නෝටිස් එකක් ගත්තද...? උදයංග වීරතුංග නඩුවකින් වැරදිකාරයෙක් වුණාද...? බොරුවට හිරේ දානවා කියන බය නිසා එයා ලංකාවට එන්නේ නැහැ. මම නම් එයාට කියන්නේ, ඉක්මනට ඇවිල්ලා සාක්ෂියක් දෙන්න කියලයි. නැත්නම් බොරු ප්‍රචාර කිය කියා, අපිට මඩ ගහනවා. කාලයකට ලසන්ත වික්රමතුංගව ගොඩගන්නවා. මේ රටේ ජනතාව දන්නවනේ, ලසන්තව මැරුවේ කවුද කියලා. එක්නැලිගොඩට අතුරුදන් වුණේ කොහොමද කියලා ජනතාව දන්නවා. ඒවා ගැන හොයා ගන්න හරි මාර්ගය තියෙද්දී, අපිට මඩ ගහන්න වැරදි මාර්ගයේම යනවා. සීඅයිඩි එක, පවා යොදා ගන්නවා. ඒ නිලධාරීන්ට මම කියනවා, ඒවා කරන්න එපා... ඒ සඳහා ඔබට වගකියන්න වේවි... විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා පරීක්ෂණ කරන්න කියලා, අපේ කාලයේදී මම කවදාවත්ම සීඅයිඩී එකට හෝ වෙනත් අයකුට අණ දීලා නැහැ. මේ නිලධාරීන් ඔය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ... ඔය කොන්ත්‍රාත් ඉෂ්ට කරන්න ගියොත් කවදා හෝ ඒවාට ඒ අයට දඬුවම් ලැබෙයි. පොලිසිය සහ අධිකරණය පිළිබඳව ජනතාව තවම වගකීමෙන් හිතනවා. එක එක දේශපාලනඥයන් සතුටු කිරීම ඒ අයගේ කාර්යය නෙමෙයි. උසස් වීම් සඳහා සමහරු ඒවා කරනවා. තමන්ට ඒවාට වන්දි ගෙවන්න වෙන කොට, ඔය දේශපාලනඥයන් එන්නේ නැහැ. එදාට තමන් තනි වෙනවා. ඒ බවත් මතක තියා ගන්න.

ප්රශ්නය - පසුගියදා ලන්ඩනයේදී එල්ටීටීඊ ඩයස්පෝරාවේ පිරිසක් එහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා. එම අවස්ථාවේ දී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධව යම් සිද්ධියක් ඇති වුණා... මේ සිද්ධිය ඔබ දකින්නේ කොහොමද...?

පිළිතුර - සංහිඳියාව ඇති කරලා ජාත්‍යන්තරය ජයගත්තා කියන අයට, ඇයි මේ වගේ දේවල් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කියලා නවත්වගන්න බැරි. අපේ කාලයේ මෙහෙම දෙයක් වුණා නම් කමක් නැහැ කියන්න පුළුවන්... එල්ටීටීඊ ඩයස්පෝරාව කියන කියන එක කරලා දුන්න මේ ආණ්ඩුවට ඒ වගේ දෙයක්වත් නවත්ත ගන්න බැරිද...? ෆාදර් එම්මනුවෙල් මේ රටට ආවාහම විදේශ ලේකම් තුමා එයාව බදා ගත්තනේ... මේ අයට විලි ලැඡ්ජ නැද්ද...? ඒ මිනිහා බදාගන්න තරම් කෙනෙක්ද...? ඒ බදා ගන්න ගමන් කියන්න තිබුනණේ, මේ වගේ වැඩ කරන්න එපා කියලා... ඕවා නිසා තමයි ඡන්දය පැරදුනේ... අපේ ජාතිය තුච්ඡකරපු දේවල්නේ මේ අය කළේ... අතුරුදන්වුවන්ගේ පනත ගෙනාවා. යුද්ධය කරපු රණවිරුවෝ නඩු නැතිව හිරේ දැම්මා... එහෙම කරලත් ඇති කරපු සංහිඳියාව මේකද...?

ප්රශ්නය - ආණ්ඩුව සහ දෙමළ සන්ධානය පවසන්නේ, පසුගිය ආණ්ඩුව මෙන් නොව, මේ වන විට රටේ සංහිඳියාව පවතින බවයි...

පිළිතුර - මොකක්ද සංහිඳියාව කියන්නේ...? ඊළමට ඉඩ දීලා බලාගෙන ඉන්න එකද...? ඒක කරන්න ආණ්ඩුවක් ඕනේ නැහැනේ. ඒවාට කියන්නේ රට අයාලේ යවනවා කියලා. ත්‍රස්තවාදය නැති කළාට, කාලයක් යනකං සමහරුන්ගේ ඔළුවල ඔය මනස්ගාත තිබෙනවා. ඒ ඔළු සුද්ද වෙනකං, කළ යුතු දේවල් තිබෙනවා. විමර්ශන සහ බුද්ධි අංශ ක්‍රියාමාර්ග ඔස්සේ, වසර කිහිපයක් ඒ කාර්යයන් කළ යුතු වෙනවා. දෙමළ දේශපාලනඥයන් හිතන්නේ, තමන්ගේ දේශපාලන හීනය ගැන මිසක් දෙමළ ජනතාව ගැන නෙමෙයි. අපි යුද්ධය අවසන් කරලා, උතුරට විශාල වැඩ කොටසක් කළානේ... මේ ආණ්ඩුව උතුරට මොනවද කළේ...? කිසිම දෙයක් කළේ නැහැ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උතුරට කොයි තරම් සංවර්ධනයක් කළාද...? පාලම් හැදුවා... පාරවල් හැදුවා... දුම්රිය මාර්ග දෙකක් හැදුවා...විදුලිය ලබා දුන්නා. පානීය ජලය ලබා දුන්නා. මේ සංවර්ධන කටයුතු කරන අතරේ, බිම් බෝම්බ ඉවත් කළා. යළි පදිංචි කිරීම් සිදු කළා. ජනතාවගේ ඉඩම් වලින් සීයයට අනූවක් ආපසු බාර දුන්නා. ජනතාවගේ නිවාසවලින් සීයට අනූවක් බාර දුන්නා. හැම තැනම තිබුණු හමුදා කඳවුරු ඉවත් කරලා, උපාය මාර්ගිකව වැදගත් කඳවුරු පමණක් තියා ගත්තා. ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කරමින් පළාත් සභා ඡන්දය තිබ්බා. ඒ ඡන්දය අපි නිදහස්ව සහ සාධාරණව පැවැත්වුවා. අද බලන්න උතුරේ දරුවන්ගේ විභාග ප්‍රතිඵල කොයිතරම් ඉහළ ද කියලා. එදා අපි උතුරේ පාසල් අධ්‍යාපනයට කරපු සේවයේ ප්‍රතිඵල ලැබෙන්නේ දැන්. එදා එල්ටීටී ඊයේ ළමා සොල්දාදුවන් විදිහට තුවක්කුවක් අතට අරගෙන සයිනයිඩ් කරලක් බෙල්ලේ එල්ලාගෙන හිටපු දරුවන්ට, පාසලට මග පෙන්නුවේ අපි. ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ අරගලයට නායකත්වය දුන්න දෙන්නෙක් හිටියා. කනිෂ්ඨ මාටින් ලූතර් කිං සහ මැල්කම් එක්ස් කියන මේ දෙන්නාගෙන් මාටින් ලූතර් කතා කළේ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව. මැල්කම් එක්ස් සඳහන් කළේ ඊට වඩා වෙනස් කාරණයක්. ඔහු සඳහන් කළේ, කළු ජාතිකයන්ට ආර්ථික නිදහස නැතුව ඔය අයිතිවාසිකම් ලැබුණාට වැඩක් නැහැ කියලයි. ඔහු ප්‍රර්ථනා කළේ ආර්ථිකයෙන් සවිමත් කළු සමාජයක්. කනිෂ්ඨ මාටින් ලූතර් කිං මිය යන්න ආසන්න කාලයේදී ඔහු කිව්වේ ඔව්... මැල්කම් එක්ස් කියන කතාව හරි. අපේ මිනිස්සු ආර්ථිකයෙන් දියුණු වෙන්න ඕනේ... එහෙම නැත්නම් මොනවා දුන්නත් වැඩක් නැහැ...' කියලා.

එදා කළු ජාතිකයන්ට තිබ්බ තත්ත්වය මේ රටේ දෙමළ ජනතාවට කවදාවත් අත්වෙලා නැහැ. එසේ තිබියදීත් අපි ඒ අයගේ ආර්ථිකයට විශාල සේවයක් කළා. ඒ මිනිස්සුන්ට ආර්ථික අතින් දියුණු වෙන්න අපි අවස්ථාව දුන්නා. මේක තමයි සැබෑ සංහිඳියාව. අද තියන්නේ සංහිඳියාව නෙමේ... පාවාදීම.

[QUOTE="DANUSHKA637, post: 22873014, member: 409323"] [b]ගෝඨාභය දැනුනාද...?[/b] [color=blue][size=5][b]* අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී මට, ඇමරිකන් පුරවැසිභාවයෙන් ඉල්ලා අයින් වෙන්න පුළුවන්... * ෆාදර් එම්මනුවෙල් මේ රටට ආවාහම විදේශ ලේකම් තුමා එයාව බදා ගත්තනේ... මේ අයට විලි ලැඡ්ජ නැද්ද...? * අපේ පවුල හොඳ එකමුතුකමක් තියෙන සමඟියක් තියෙන පවුලක්. මම ඒක බය නැතුවම, ඒ වගේම ආඩම්බරයෙන් කියනවා. [Img]https://scontent-iad3-1.xx.fbcdn.net/v/t31.0-8/fr/cp0/e15/q65/27993345_554199241612394_981726048009759867_o.jpg?efg=eyJpIjoiYiJ9&oh=227ada893ddf68601dd11a86bbfdd395&oe=5B0009D6[/img] මීට මාස ගණනාවකට පෙර එක්තරා ඊළාම් මතවාදී කල්ලියක් විසින් රටපුරා පෝස්ටරයක් අලවා තිබුණේය. "ගෝඨාභය දැනුණාද...?" යනුවෙන් යුත් එම පෝස්ටරය නැවත සිහිපත් වූයේ, පොහොට්ටුවේ ජයග්‍රහණය සමඟය. ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව බොහෝ දෙනා අනාවැකි කියන ලද්දේ, එම ජයග්‍රහණය මතින් පාර ඉදිවන්නේ 2020 ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂට බවය. පොහොට්ටුවට ඡන්දය දුන් පිරිසට ගෝඨාභය දැනී තිබුණේ එලෙසය. ගෝඨාභයට වත්මන් දේශපාලනය දැනෙන්නේ කෙසේද...? ඒ පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දිවයින ඉරිදා සංග්‍රහය කරන ලද සාකච්ඡාවයි මේ. ප්රශ්නය - මැතිවරණ කාලය පුරා ඔබ සිටියේ විදේශ ගත වෙලයි. අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබුණේ, ඔබ රටින් පැන ගොස් ඇති බවයි. මෙවර ඔබ විදේශ ගත වුණේ කුමක් හෝ බියක් නිසා ද...? පිළිතුර - මම එහෙම පැනලා ගියේ නැහැ... ජනාධිපතිවරණයෙන් පස්සේ, නඩු දාද්දී මම පැනලා ගියේ නැහැ. ඒ අය දූෂණ හොයන්න කියලා පිහිටවපු සියලු තැන් වලට මම ගියා... ඒ සියල්ලටම මම මුහුණ දුන්නා. ඒ නිසා කිසිදේකට බය වෙන්න දෙයක් මට තිබුණේ නැහැ. ඡන්දයට ඉස්සෙල්ලා මම ඇමරිකාවට යන්න සුදානම් වෙලයි තිබුණේ. මම එහේ ඉද්දී තමයි, මැතිවරණයට දින නියම කළෙත්. මගේ පුතා, නැන්දම්ම, සහෝදරයෝ ඉන්නේ එහේ... ඒ නිසා ඒ අය බලන්න මම කලින් යොදාගෙන තිබුණා. ඒ නිසයි මම ඇමරිකාවට ගියේ. අනික මම කිසිම අවස්ථාවක දේශපාලනය කළේ නැහැනේ... මම කවදාවත් ඡන්ද කළේ නැහැනේ... ප්රශ්නය - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වී බැසිල් රාජපක්ෂ මහතා, ඔබව හිරේ දැමීම සඳහා උත්සාහ කිරීම හේතුවෙන්, ආරක්ෂාව සඳහා ඔබ රටින් පිටත ගොස් ඇති බව බස්නාහිර පළාත් මහා ඇමැති ඉසුර දේවප්‍රිය සඳහන් කළා... එහෙම කුමන්ත්‍රණයක් තිබ්බාද...? පිළිතුර -බැසිල් රාජපක්ෂ මහතාට එහෙම කිසිම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. "සහෝදර එකමුතුව" කියලා මේ අයම එක වෙලාවකට කියනවා, තව වෙලාවකට සහෝදර ගැටුම් කියනවා. ඔය වගේ බොරු කියලා තමා, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලුවේ... ඒ අය ආණ්ඩුව කරගෙන යන්න හදන්නෙත් එහෙම තමයි. අපේ පවුල හොඳ එකමුතුකමක් තියෙන සමඟියක් තියෙන පවුලක්. මම ඒක බය නැතුවම, ඒ වගේම ආඩම්බරයෙන් කියනවා. අපි එකිනෙකා ගහගන්න සහෝදර පිරිසක් නෙමෙයි. පවුලක් හැටියට සමාදානයෙන් ජීවත්වීම, එකට වැඩ කිරීම අපේ රටේ සංස්කෘතියෙන් අගය කරන දෙයක්. අපි හැමදාම එකට හිටිය සහෝදර පිරිසක්. අපි සියලු දෙනා රට වෙනුවෙන් එකතුවෙලා වැඩ කළා. ඒක ආදර්ශවත් දෙයක්. ප්රශ්නය - බරපතළ අපරාධ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අනුව, ඔබ වරදකරුවෙක් කරලත් නැහැ. නොකර තිබුණෙත් නැහැ. මෙහිදී ඇතිවෙලා තිබෙන තත්ත්වය කුමක්ද...? පිළිතුර - එම වාර්තාවේ එවැනි තත්ත්වයක් තිබෙනවා. මේ කොමිෂන් සභාවට අවංකව තීන්දුවක් දෙන්න පුළුවන්කමක් නැති බවයි එයින් පෙනෙන්නේ... මෙහිදී අධිකරණයෙන් අපි සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. ජනතාවට තිබෙන එකම සාධාරණය තිබෙන්නේ අධිකරණය තුළ. අධිකරණය කිසිම බලපෑමකට යටත් නොවී, සිය තීන්දු තීරණ ගනීවි කියලා අපි හිතනවා. ඒ එක්කම මම කියන්න ඕනේ, අපේ රටේ විතරක් නෙමෙයි මේ ලෝකයේ බොහෝ රටවල ජාතික නායකයන් සිටින අවස්ථාවල බටහිර බලවේගයන් ක්‍රියා කරපු ආකාරය පිළිබඳව. බටහිර බලවේගයන්ට ගැතිවුණු දේශීය බලවේග සමඟ එකතුවෙලා, එම රටේ ජාතික නායකයන් එලවන්න භාවිතා කරන ලද ක්‍රමවේද දෙකක් තිබෙනවා. එම ජාතික නායකත්වය දුෂිතයි කියන එක සහ ඒකාධිපති කියන එක තමා එම ක්‍රම දෙක. මේ ක්‍රම දෙක පාවිච්චි කරලා ජනතාව මුලා කරනවා. ඒ මුලාව තුළින් බලයට එන රජයන්, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට තිබෙන ආයතන මාර්ගයෙන්ම, අර ජාතික නායකයන්ව තළා පෙළන්නට, දේශපාලන පළිගැනීම් සිදුකිරීමට ක්‍රියා කරනවා. පොලීසිය, අධිකරණය ආදී ආයතන ඒ සඳහා පාවිච්චි කරනවා. එමගින් ජනතාවට පෙන්වන්න හදන්නේ, අපි සාධාරණ ලෙස ක්‍රියා කරන බවයි. මේවා ලෝකයේ බොහෝ තැන් වල ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදයන්. මේක ජනතාව හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ ආණ්ඩුව කරගෙන යන්නෙත් ඒකමයි. ඒ මිසක් මේ පිළිබඳව කොමිසම තේරුම් අරගෙන ක්‍රියා කරපු බවක් නම් මට පේන්නේ නැහැ. රක්නා ලංකා ආයතනය පටන් ගත්තේ රුපියල් මිලියන හතරකින්. එය බිලියන පහක් වටින ආයතනයක් බවට පත් කළා. විශේෂයෙන්ම අඩු වයසින් විශ්‍රාම යන රණවිරුවන් විශාල ප්‍රමාණයකට රැකී රක්ෂා ලබා දුන්නා. ඒ කාරණයවත් මෙතැනදී පෙන්වලා දුන්නේ නැහැනේ. ඒ විශාල ලාභය ලැබුවේ එම ආයතනයේ හිටපු කළමනාකාරිත්වයේ සහ සේවකයන්ගේ කැපවීම මත. ආණ්ඩු මාරුවත් සමග සිද්ධ වුණේ එම පිරිස්වලට තමන් ලබා දුන්න ජයග්‍රහණය වෙනුවෙන් දඬුවම් විඳින්නයි. මේ පූර්වාදර්ශය අනුව, කිසිම නිලධාරියෙක් මීට පස්සේ වැඩ කරයිද...? ප්රශ්නය - රාජිත සේනාරත්න, චම්පික රණවක කියන ඇමැතිවරු දෙදෙනා නිතරම ඔබට එරෙහිව චෝදනා එල්ල කරන බව පෙනෙනවා. ඔවුන් නිරන්තරයෙන් පවසන්නේ ඔබ අත්අඩංගුවට ගත යුතු බවයි... පිළිතුර - ඒවා ඒගොල්ලන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කරන අභූත චෝදනා. මෙවැනි චෝදනා කරන එක මිසක් වෙන කිසිම වැඩක් මේ ඇමැතිවරු කළේ නැහැනේ. මම ඔය කාටවත් චෝදනා කර කර හිටියේ නැහැ, මට ලැබුණු වගකීම ඉෂ්ට කරා මිසක්. ගිය ආණ්ඩුව කාලේ මම රාජ්‍ය නිලධාරියෙක්. මිට පෙර මම හමුදා නිලධාරියෙක් විදිහට අවුරුදු විසි එකක් සේවය කරලා තිබෙනවා. මගේ හමුදා කාලයේදී මම වැඩියෙන්ම වැඩ කරලා තිබෙන්නේ එජාප ආණ්ඩු යටතේ. ත්‍රස්තවාදී කාලයේදී මම කිසිම පැකිලීමක් නැතුව ක්‍රියාන්විත ප්රදේශවලමයි සේවය කළේ. ජෙනරල් කොබ්බැකඩුව, ජෙනරල් විමලරත්න යටතේ මම වැඩ කළා. වඩමරච්චි මෙහෙයුමේ බලඇණි හතරෙන් එකක අණදෙන නිලධාරියා ලෙස සේවය කළේ මම. යාපනය කොටුව මුදා ගැනීමේ මෙහෙයුමට බලඇණි දෙකක් තමයි, ඉදිරියෙන් මුහුණ දුන්නේ. එහි එක බලඇණියකට අණදුන්නේ මම. මම රාජ්‍ය සේවකයකු වශයෙන් මගෙන් විය යුතු සේවය හැම ආණ්ඩුවකටම ඉෂ්ට කළා. ඒ මිසක් මම දේශපාලනයක් කළේ නැහැ. ප්රශ්නය - එසේ වුවත් සමහරු චෝදනා කරන්නේ, යුද්ධය අතර මගදී ඔබ බයේ පැනලා ගියා කියලයි... පිළිතුර - හමුදාවේ අමාරුම කාලය තමයි ලුතිනන් කර්නල් දක්වා කාලය. ඊට පස්සේ තිබෙන්නේ, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරාල් කාලය. වැඩියෙන්ම තුවාල ලබපු, මිය ගිය නිලධාරීන් අයත් වන්නේ ලුතිනන් කර්නල් දක්වා කාලයට. ඊට උඩ නිලධාරීන්ට එවැනි අවස්ථා අත්වෙච්ච් වාර ගණන අතේ ඇඟිලි ගණනටත් අඩුයි. බ්‍රිගේඩියර් සහ මේජර් ජෙනරාල් තනතුරු කියන්නේ හමුදාවට තිබෙන වරප්‍රසාද ලැබෙන කාලයක්. මම අමාරු කාලයේ හමුදාවේ හිටියා. මම විශ්‍රාම ගියාට පසු, මාත් එක්ක එකට හමුදාවට බැඳුණු අය කර්නල්, සහ බ්‍රිගේඩියර් තනතුරු සඳහා පත් වුණා. එහෙම උසස්වීම් ලැබෙන බව මමත් දන්නවා. ඒ අවස්ථාව වන විට මට තේරුණා මේ යුද්ධය වන විදිහ. මම විශ්වාස කරපු නායකයන් නැති වෙලා ගියා. ඒ තුළ හමුදාවෙන් යන්න ඕනේ කියලා මම කල්පනා කළා. හමුදා සේවයේ අමාරුම කාලයේ මම සේවය කළා. වරප්‍රසාද ලැබෙන කාලයේ මම විශ්‍රාම ගියා. වරප්‍රසාද ලැබෙන කාලවල බයේ පැනලා යන්න ඕනේ නැහැ... ඒ කාලවල හිටපු සෑම ජනාධිපතිවරයකුගෙන්ම මට හමුදා ඇගයීම් සම්මාන ලැබී තිබෙනවා. ජනාධිපති ජයවර්ධන, ප්‍රේමදාස, විඡේතුංග කියන සෑම නායකයකුගෙන්ම මට ඒවා ලැබිලා තියෙනවා. ඒවා ඒගොල්ලෝ දෙන ඒවා නෙමෙයි. මගේ හමුදා නායකයන් අනුමත කරලා යවන දේවල්. මම මේකෙන් කියන්න හදන්නේ, මොන ආණ්ඩුව තිබුණත් මම මගේ සේවය නිවැරදිව රට වෙනුවෙන් ඉටුකළා කියන එකයි. ප්රශ්නය - මේ වන විට සමහරු ඔබව හඳුන්වන්නේ විස්සයි විස්සේ ජනාධිපතිවරයා ලෙසයි. නිලධාරියකුගේ භූමිකාව හමාර කරමින් දේශපාලනය සදහා ඔබට පිවිසෙන ලෙස රටෙන් ආරාධනා තිබෙනවා... පිළිතුර - ඒකට හේතුව, රටේ සාමාන්‍ය ජනතාව දේශපාලකයන් කෙරෙහි තිබෙන බලාපොරොත්තුව, විශ්වාසය බිද වැටිලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි ඒ අයට තිබෙන්නේ, දේශපාලකයකු කෙරෙහි තිබෙන ආකල්පය නොවෙයි. රටට වැඩ කරපු නායකයකු සඳහා තියෙන ගෞරවය. පවතින තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් නැහැ. එතකොට ඒ අය බලනවා, ඒ සඳහා වෙන කවුද සුදුසු කියලා. ඒ අනුව ඒ අය එහෙම කියන්නේ... මේ රට හදන්න නම්, ඒ කාර්යයට මෙවැනි කෙනෙක් අවශ්‍යයි කියලා ජනතාව හිතනවා. ප්රශ්නය - ඔබ ඒ සඳහා සූදානම් ද...? පිළිතුර - ඒක තනියෙන් ගතයුතු තීරණයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය නැතුව කිසිම දෙයක් මම කරන්නෙත් නැහැ. කරන්න පුළුවන්කමකුත් නැහැ. ඊළඟට බැසිල් රාජපක්ෂ... මේ දේශපාලනික සැලසුම සහ යාන්ත්‍රණය පිළිබඳව ඔහුට තිබෙන දැනුම, අවබෝධය සහ අත්දැකීම් කියන එක වැදගත්. දේශපාලනය සඳහා ඔහුට විශාල හැකියාවක් තිබෙනවා. ප්‍රාදේශීය සභා ආදියේ සිට සම්බන්ධකම් ජාලයක් ඔහුට තිබෙනවා. ඒ ශක්තිය සහ දැනුම තිබෙන්නේ ඔහු ළඟ. ඔහු මේ සඳහා කැමතිද...? ආදී දේ සමගයි මගේ තීරණය ගත හැකිව තිබෙන්නේ... ප්රශ්නය - ඔබ ඇමරිකන් පුරවැසියෙක් වීම එවැනි තනතුරක් සඳහා නෛතික බාධාවක් නේද...? පිළිතුර - මම ශ්‍රී ලාංකික පුරවැසියෙක්... නමුත් ඇමරිකාවට ගියහම මට එහේ පුරවැසිභාවයත් ලැබුණා. දැන් මම ද්විත්ව පුරවැසියෙක්. අපේ රටේ ව්‍යවස්ථා සංශෝධන හදන්නේ රාජපක්ෂලා ඉලක්ක කරගෙන. එතැනදී ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයන්ට ඡන්දය ඉල්ලන්න බැහැ කියලා, වගන්තියක් ඇතුල් කළා. ඒක නම් ප්‍රශ්නයක් නෙමෙයි... අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී මට, ඇමරිකන් පුරවැසිභාවයෙන් ඉල්ලා අයින් වෙන්න පුළුවන්... මේ රජය බලයට ආපු මුල් දවසේ ඉඳන් කළේ, රාජපක්ෂලා සහ පසුගිය ආණ්ඩුවේ වැඩක් කරපු පිරිස පස්සේ එළව එළවා පළිගැනීම මිසක් වෙන දෙයක් නෙමෙයි. ව්‍යවස්ථාව පවා සංශෝධනය කළේ රටේ අවශ්‍යතාවයට නෙමෙයි, පළිගන්නයි. මේ අවුරුදු තුනටම වෙන මොනවක්වත් කළේ නැහැනේ. තවම කතා කරන්නේ රාජපක්ෂලා හිරේ දාන එක විතරයි. ඔය කතා කරන රාජිතලා, චම්පිකලා, ෙෆාන්සේකලා, චන්ද්‍රිකාලා මොනවද කරලා තියෙන්නේ... චන්ද්‍රිකාගේ කාලයේ ආයුධ නැව් පිටින් නැති වුණා. වැඩක් නැතුව ඉරානයෙන් පවා ආයුධ ගෙනාවා. ප්රශ්නය - පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව ලබපු ජයග්‍රහණය පිළිබඳව ඔබේ ඇගයීම කුමක්ද...? පිළිතුර - පළමුවැනි දේ තමයි මේ සඳහා මූලික වුණේ මහින්ද රාජපක්ෂ කියන චරිතය. එය ඔහුගේ නායකත්වයේ ජයග්‍රහණයක්... දෙවැනි එක තමයි, මේ ආණ්ඩුව බලයට එන්න කියපු බොරු පිළිබඳව ජනතාවට අවබෝධයක් ලැබුණා. මහින්ද ජනාධිපතිතුමාගේ කාලය තුළ රටට කරපු සේවයත් මේ අයගේ කාලයේ කිසිදු දෙයක් නොකිරීමත් ජනතාව සංසන්දනය කළා. කිසිදු සංවර්ධනයක් නොකළා විතරක් නොවෙයි, අපේ රටේ ආරක්ෂාව, රණවිරුවන්ගේ ආරක්ෂාව, ඒකීයභාවය, ආර්ථිකය, සංවර්ධනය කියන හැම එකම කඩා වැටුණා. ඒ ගැන ජනතාව කල්පනා කරලා තීන්දුවක් දුන්නා. ප්රශ්නය - මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තවමත් ඔබට චෝදනා එල්ල වෙනවා. ඒ සඳහා මැදිහත්කාර ප්රයත්නයක යෙදුණා යෑයි කියමින් උදයංග වීරතුංග අල්ලා ගැනීම සඳහා ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා... පිළිතුර - මිග් යානා ගැන චෝදනාවත් කිසිදු විටක ඔප්පු කර නැති කතාවක් විතරයි. මගේ අදහස නම් උදයංග වීරතුංග සිය කැමැත්තෙන් ලංකාවට ඇවිල්ලා, මේ ගැන ප්‍රකාශයක් කරන්නට ඕනේ. මම එක පුද්ගලයෙක් යවලා, ඊට පස්සේ තව නිලධාරීන් දෙන්නෙක් යවලා තමයි කේ.පී. ගෙනාවේ. ඒ ත්‍රස්තවාදී නායකයෙක්... කේ.පී.ව මෙහාට ගේනකන් ඒ ගැන කවුරුවත් දන්නෙත් නැහැ. ජාත්‍යන්තරය එක්ක අපි වැඩ කළේ එහෙමයි. ජාත්‍යන්තරය දින්නා කියන මේ අයට උදයංග වීරතුංගව ගේන්න තවම බැරි වුණා. ඔහුව ගේන්න විදේශ ඇමැතිවරයා යනවා. මුළු සංහතියම රට යනවා. මොකක්ද මෙයා කරලා තියෙන වරද...? මේවට කියන්නේ රඟපෑම් කියලා. ජනතාවගේ මුදල් නාස්ති කර කර මේ අය රඟපානවා. වෙන වැඩක් කරන්න බැරි නිසා මේවා කරනවා. මහ දවාලේ මහ බැංකුව හොරා කාපු, ජනාධිපති කොමිසමකින් චෝදනා ලබපු අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව උදයංගට වගේ ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි...? මහේන්ද්‍රන්ව ගේන්න කවුරුත් ගියාද...? එයාට විරුද්ධව රෙඩ් නෝටිස් එකක් ගත්තද...? උදයංග වීරතුංග නඩුවකින් වැරදිකාරයෙක් වුණාද...? බොරුවට හිරේ දානවා කියන බය නිසා එයා ලංකාවට එන්නේ නැහැ. මම නම් එයාට කියන්නේ, ඉක්මනට ඇවිල්ලා සාක්ෂියක් දෙන්න කියලයි. නැත්නම් බොරු ප්‍රචාර කිය කියා, අපිට මඩ ගහනවා. කාලයකට ලසන්ත වික්රමතුංගව ගොඩගන්නවා. මේ රටේ ජනතාව දන්නවනේ, ලසන්තව මැරුවේ කවුද කියලා. එක්නැලිගොඩට අතුරුදන් වුණේ කොහොමද කියලා ජනතාව දන්නවා. ඒවා ගැන හොයා ගන්න හරි මාර්ගය තියෙද්දී, අපිට මඩ ගහන්න වැරදි මාර්ගයේම යනවා. සීඅයිඩි එක, පවා යොදා ගන්නවා. ඒ නිලධාරීන්ට මම කියනවා, ඒවා කරන්න එපා... ඒ සඳහා ඔබට වගකියන්න වේවි... විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා පරීක්ෂණ කරන්න කියලා, අපේ කාලයේදී මම කවදාවත්ම සීඅයිඩී එකට හෝ වෙනත් අයකුට අණ දීලා නැහැ. මේ නිලධාරීන් ඔය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ... ඔය කොන්ත්‍රාත් ඉෂ්ට කරන්න ගියොත් කවදා හෝ ඒවාට ඒ අයට දඬුවම් ලැබෙයි. පොලිසිය සහ අධිකරණය පිළිබඳව ජනතාව තවම වගකීමෙන් හිතනවා. එක එක දේශපාලනඥයන් සතුටු කිරීම ඒ අයගේ කාර්යය නෙමෙයි. උසස් වීම් සඳහා සමහරු ඒවා කරනවා. තමන්ට ඒවාට වන්දි ගෙවන්න වෙන කොට, ඔය දේශපාලනඥයන් එන්නේ නැහැ. එදාට තමන් තනි වෙනවා. ඒ බවත් මතක තියා ගන්න. ප්රශ්නය - පසුගියදා ලන්ඩනයේදී එල්ටීටීඊ ඩයස්පෝරාවේ පිරිසක් එහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා. එම අවස්ථාවේ දී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධව යම් සිද්ධියක් ඇති වුණා... මේ සිද්ධිය ඔබ දකින්නේ කොහොමද...? පිළිතුර - සංහිඳියාව ඇති කරලා ජාත්‍යන්තරය ජයගත්තා කියන අයට, ඇයි මේ වගේ දේවල් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කියලා නවත්වගන්න බැරි. අපේ කාලයේ මෙහෙම දෙයක් වුණා නම් කමක් නැහැ කියන්න පුළුවන්... එල්ටීටීඊ ඩයස්පෝරාව කියන කියන එක කරලා දුන්න මේ ආණ්ඩුවට ඒ වගේ දෙයක්වත් නවත්ත ගන්න බැරිද...? ෆාදර් එම්මනුවෙල් මේ රටට ආවාහම විදේශ ලේකම් තුමා එයාව බදා ගත්තනේ... මේ අයට විලි ලැඡ්ජ නැද්ද...? ඒ මිනිහා බදාගන්න තරම් කෙනෙක්ද...? ඒ බදා ගන්න ගමන් කියන්න තිබුනණේ, මේ වගේ වැඩ කරන්න එපා කියලා... ඕවා නිසා තමයි ඡන්දය පැරදුනේ... අපේ ජාතිය තුච්ඡකරපු දේවල්නේ මේ අය කළේ... අතුරුදන්වුවන්ගේ පනත ගෙනාවා. යුද්ධය කරපු රණවිරුවෝ නඩු නැතිව හිරේ දැම්මා... එහෙම කරලත් ඇති කරපු සංහිඳියාව මේකද...? ප්රශ්නය - ආණ්ඩුව සහ දෙමළ සන්ධානය පවසන්නේ, පසුගිය ආණ්ඩුව මෙන් නොව, මේ වන විට රටේ සංහිඳියාව පවතින බවයි... පිළිතුර - මොකක්ද සංහිඳියාව කියන්නේ...? ඊළමට ඉඩ දීලා බලාගෙන ඉන්න එකද...? ඒක කරන්න ආණ්ඩුවක් ඕනේ නැහැනේ. ඒවාට කියන්නේ රට අයාලේ යවනවා කියලා. ත්‍රස්තවාදය නැති කළාට, කාලයක් යනකං සමහරුන්ගේ ඔළුවල ඔය මනස්ගාත තිබෙනවා. ඒ ඔළු සුද්ද වෙනකං, කළ යුතු දේවල් තිබෙනවා. විමර්ශන සහ බුද්ධි අංශ ක්‍රියාමාර්ග ඔස්සේ, වසර කිහිපයක් ඒ කාර්යයන් කළ යුතු වෙනවා. දෙමළ දේශපාලනඥයන් හිතන්නේ, තමන්ගේ දේශපාලන හීනය ගැන මිසක් දෙමළ ජනතාව ගැන නෙමෙයි. අපි යුද්ධය අවසන් කරලා, උතුරට විශාල වැඩ කොටසක් කළානේ... මේ ආණ්ඩුව උතුරට මොනවද කළේ...? කිසිම දෙයක් කළේ නැහැ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උතුරට කොයි තරම් සංවර්ධනයක් කළාද...? පාලම් හැදුවා... පාරවල් හැදුවා... දුම්රිය මාර්ග දෙකක් හැදුවා...විදුලිය ලබා දුන්නා. පානීය ජලය ලබා දුන්නා. මේ සංවර්ධන කටයුතු කරන අතරේ, බිම් බෝම්බ ඉවත් කළා. යළි පදිංචි කිරීම් සිදු කළා. ජනතාවගේ ඉඩම් වලින් සීයයට අනූවක් ආපසු බාර දුන්නා. ජනතාවගේ නිවාසවලින් සීයට අනූවක් බාර දුන්නා. හැම තැනම තිබුණු හමුදා කඳවුරු ඉවත් කරලා, උපාය මාර්ගිකව වැදගත් කඳවුරු පමණක් තියා ගත්තා. ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කරමින් පළාත් සභා ඡන්දය තිබ්බා. ඒ ඡන්දය අපි නිදහස්ව සහ සාධාරණව පැවැත්වුවා. අද බලන්න උතුරේ දරුවන්ගේ විභාග ප්‍රතිඵල කොයිතරම් ඉහළ ද කියලා. එදා අපි උතුරේ පාසල් අධ්‍යාපනයට කරපු සේවයේ ප්‍රතිඵල ලැබෙන්නේ දැන්. එදා එල්ටීටී ඊයේ ළමා සොල්දාදුවන් විදිහට තුවක්කුවක් අතට අරගෙන සයිනයිඩ් කරලක් බෙල්ලේ එල්ලාගෙන හිටපු දරුවන්ට, පාසලට මග පෙන්නුවේ අපි. ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ අරගලයට නායකත්වය දුන්න දෙන්නෙක් හිටියා. කනිෂ්ඨ මාටින් ලූතර් කිං සහ මැල්කම් එක්ස් කියන මේ දෙන්නාගෙන් මාටින් ලූතර් කතා කළේ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව. මැල්කම් එක්ස් සඳහන් කළේ ඊට වඩා වෙනස් කාරණයක්. ඔහු සඳහන් කළේ, කළු ජාතිකයන්ට ආර්ථික නිදහස නැතුව ඔය අයිතිවාසිකම් ලැබුණාට වැඩක් නැහැ කියලයි. ඔහු ප්‍රර්ථනා කළේ ආර්ථිකයෙන් සවිමත් කළු සමාජයක්. කනිෂ්ඨ මාටින් ලූතර් කිං මිය යන්න ආසන්න කාලයේදී ඔහු කිව්වේ ඔව්... මැල්කම් එක්ස් කියන කතාව හරි. අපේ මිනිස්සු ආර්ථිකයෙන් දියුණු වෙන්න ඕනේ... එහෙම නැත්නම් මොනවා දුන්නත් වැඩක් නැහැ...' කියලා. එදා කළු ජාතිකයන්ට තිබ්බ තත්ත්වය මේ රටේ දෙමළ ජනතාවට කවදාවත් අත්වෙලා නැහැ. එසේ තිබියදීත් අපි ඒ අයගේ ආර්ථිකයට විශාල සේවයක් කළා. ඒ මිනිස්සුන්ට ආර්ථික අතින් දියුණු වෙන්න අපි අවස්ථාව දුන්නා. මේක තමයි සැබෑ සංහිඳියාව. අද තියන්නේ සංහිඳියාව නෙමේ... පාවාදීම. [/b][/size][b][/b][/color] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom