Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය යන්නේත් මෛත්‍රී මාවතේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභය යන්නේත් මෛත්‍රී මාවතේද?

හාල් කැවීම

හඬ පට කරළියට එන විට ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් වී තිබුණේ හාල් මිල සහ එළවළු මිල ඉහළයාමය. ඉහළ ගිය හාල් සහ එළවළු මිල පිළිබඳව සමාජයේ ප්‍රබල කතාබහක් ඒ වන විට ඇතිවෙමින් තිබුණි. එයට රජය විසින් තමන්ගේ ගැලවුමට සහල් හිඟයක් පවතින බව පැවසීය. ඒ හරහා සමාජයේ සහල් මාෆියාවක් පිළිබඳව කතා බහක් ආරම්භ වුණි. ඒ හරහා පහර වැදුණේ ඩඞ්ලි. සිරිසේන, සිරිපාල ගම්ලත් ඇතුළු සහල් ව්‍යාපාරයේ ලොකු අතුවලටය. එතැන් සිට ජනාධිපති ගෝඨාභය පාලනය සහ එහි ප්‍රබල ආධාරකරුවෙකු වූ ඩඞ්ලි අතර සීතල යුද්ධයක් ඇරඹිණි. ඊට ප්‍රධාන හේතුවක් වූයේ දෙපිරිසටම රැවුල බේරාගෙන කැඳ බීමට උවමනා වූ බැවිනි. සහල් මාෆියාව සම්පූර්ණයෙන්ම පෝෂණය කිරීම රජයේ කාර්යය විය. වත්මන් රජය විසින් බලය ලබාගත් විගසම සිදු කළේ සහල් මාෆියාවේ වර්ධනය සඳහා අවශ්‍ය මුල් පියවර තැබීමය. ඔවුහු වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී මෙටි්රක් හතළිස් නවදහසෙන්, හතළිස් දහසක් පෞද්ගලික සහල් ව්‍යාපාරිකයන් වෙත විකුණා දැමූහ.

එවිට රජය සතුව පවතින සහල් මෙටි්රක් ටොන් නවදහස සහල් වෙළඳපොළ පාලනය කිරීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවුණි. අනූ දෙකට තිබූ සහල්වලට අනූ අටක පාලන මිලක් රජය දැමූ බව කීවේ ඩඞ්ලි සිරිසේන විසින්මය.

එළවළු මිලද ඉහළ ගියේය. ලිපිය ලියන්නට දිනකට පෙර කැරට් කිලෝවක මිල රුපියල් හයසීයක් පමණ විය. ලොකු ලූණු කිලෝවක් රුපියල් එකසිය අසූවක් වූ අතර ලංකා අල කිලෝවක් රුපියල් දෙසීයකට ආසන්න විය. ලීක්ස්, බෝංචි, අමු මිරිස් ඇතුළු එළවළු රැසක මිල මේ ආකාරයට ඉතාම ඉහළ මට්ටමක විය. එහෙත් ඔබට මතක නම් දෙදහස් දහහත වසරේ මෙම කාලවකවානුවේදීම විශාල එළවළු අතිරික්තයක් වාර්තා වී විශාල ලෙස එළවළු මිල පහළ යාමක් සිදුවිය. එකල දේශපාලකයන් පැවසූවේ ශීතකරණ සහිත විශාල ගබඩා ඉදිකොට එළවළු ගබඩාකර එළවළු මිල ස්ථාවරව පවත්වා ගන්නා බවයි. එහෙත් පක්ෂ භේදයකින් තොරව මේ දේශපාලකයන්ගේ අදූරදර්ශීබව හේතුවෙන් නැවත වසර දෙකකට පසු විශාල ලෙස එළවළු මිල ඉහළ ගියේය. යහපාලන රජය බලයේ සිටියා නම් මේ මුට්ටිය වැටෙන්නේ ඔවුන්ගේ කරටය. කෙසේ වෙතත් රන්ජන්ගේ හඬපට වලට පින්සිදු වන්නට රජයට සහල් හා එළවළු මාරකයෙන් ගැලවීමට හැකිවිය.

ගැබිණි පෝෂණ මල්ල

ආර්ථික අපහසුතාවන් ඇති අඩු ආදායම්ලාභී ගැබිනි කාන්තාවන් සඳහා පසුගිය යහපාලන රජය විසින් ලබාදීම ආරම්භ කරන ලද පෝෂණ මල්ල ගෝඨාභය ප්රමුඛ රජය විසින් අහෝසිකර දමන ලද්දේද මේ රන්ජන්ගේ හඬපට අලකලංචිය අස්සේය. එය පෝෂණ මලු ව්‍යාපෘතිය යටතේ මාස දහයක කාලයක් පුරා රුපියල් විසිදහසක් වටිනා පෝෂණ මල්ලක් මාසයකට වතාවක් බැගින් ලබාදීම සිදුවිය.

මේ හේතුවෙන් බොහෝ කෝප්සිටි වෙළෙඳ සැල්වල පෝෂණ මල්ල නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට දැන්වීම් පළකර තිබිණි. එහෙත් ඒවා ඡන්දදායකයින් කී දෙනෙකු කියෙව්වාදැයි සැකසහිතය.

දකුණු ආසියා කලාපයේ කුඩා දරුවන්ගේ මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ වඩාත් ඉහළ තැනකය. ඊට හේතුව ලංකාවේ දුප්පත් ආහාර සංස්කෘතිය හා පෝෂ්‍යදායක ආහාර ඉහළ මිලකින් යුක්තවීමය. ගැබිනි කාන්තාවට පෝෂණ මල්ලක් දීම ලංකාවේ පෝෂණ ගැටලුවට විසඳුමක් නොවුණද, එය සංකූලතාවන්ගෙන් තොර දරුවකු බිහිකර ගැනීමට උපකාරී වන බවට විවාදයක් නැත.

වර්තමාන රජයේ මෙම ක්‍රියාමාර්ගය ජුගුප්සාජනක වන්නේ ඔවුන් බලයට පත්වීමට පෙර ගැබිනි මව්වරුන්ගේ පෝෂණ මල්ල පමණක් නොව අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක් ලබාදෙන බවටද පොරොන්දු ලබාදීම නිසාය.

කෙසේ හෝ රන්ජන්ගේ හුටපට නිසා ගැබිනි මල්ලද අමතක වී ගියේය. රජය එයින්ද අපූරුවට ගැලවී යාමට හැකියාව ලැබුණි.

සුරක්ෂා

වර්තමාන රජය මීළඟට සිදුකළේ සුරක්ෂා රක්ෂණය තාවකාලිකව අත්හිටුවා දැමීමය. පසුගිය යහපාලන රජය විසින් ආරම්භ කළ මෙම රක්ෂණ ක්‍රමය පාසල් දරුවන්ගේ සෞඛ්‍ය කටයුතු සඳහා වෙන් කළ රක්ෂණයකි. ඒ අනුව එම රක්ෂණ ක්‍රමය 2018 වසරේ දෙසැම්බර් පළමුවන දින සිට 2019 නොවැම්බර් 30 දින දක්වා සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ ගෙවීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් ආයතනය සමග අධ්‍යාපන අමාත්‍යාංශය ගිවිසුම් ගතව සිටියේය.

මෙම සෞඛ්‍ය රක්ෂණාවරණය යටතේ පෞද්ගලික හෝ රජයේ රෝහල්ගතවීම සදහා රුපියල් 200,000/ක් ද, බාහිර ප්‍රතිකාර සදහා රුපියල් 200,000ක් ද, අසාධ්‍ය රෝග ආවරණය සදහා රු 200,000 සිට අවශ්‍යතාව අනුව එම මුදල, හිමිකම් ලෙස පවතියි. රජයේ රෝහල්ගතවන දිනක් සදහා රු 3000/ක් හිමි වේ හදිසි අනතුරු රක්ෂණාවරණය යටතේ පූර්ණ අකර්මණ්‍යතාවක් සදහා රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක් සදහා රු 150,000 සිට රු 200,000ක මුදලක් දක්වාද, හිමිකම් ලබයි.

ඒ අනුව ජීවිතාරක්ෂණය යටතේ ස්වාභාවික හෝ හදිසි අනතුරු විපත් යන දෙකම ආවරණය වන අතර, දෙමාපිය මරණයක දී එක් අයෙකු සඳහා රු 200,000ක් ද, සිසු වියෝවක දී අවමංගල්‍ය සහන ලෙස රු 150,000ක් ද හිමිවේ. පවුලේ පාසල් යන සියලුම ළමයින්ට මව්පියන් මියයාමක දී ප්රතිලාභ ලබාගත හැකියාව ලැබුණි. ඒ අනුව මේ හරහා පාසල් සිසුන්ට රජයේ රෝහල්වල තදබදය සහ අඩු පහසුකම් යටතේ ප්‍රතිකාර ලබා ගන්නවාට වඩා වැඩි පහසුකම් සහිතව ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ලැබුණි.

මෙවන් ඉහළ ප්‍රතිලාභී රක්ෂණ ක්‍රම අහෝසිකර දැමීමද රන්ජන්ගේ හඬ පටයෙන් වැසී ගියේය. එසේම මේ පිළිබඳව ආණ්ඩුව සිය මතය ප්‍රකාශ කර තිබූ නැති අතර මේ ගැන කිසිදු සාකච්ඡාවක්ද මාධ්‍ය හරහා සිදු වූ බවක් දැකගැනීමට ලැබුණේ නැත.

නිල ඇඳුම් වවුචරය සහ පාසල් පාවහන්

ඊළඟට පහර වදින්නේ පාසල් සිසුන් වෙනුවෙන් ලබා දුන් නිල ඇඳුම් වවුචරයටය. පසුගිය රජයෙන් රුපියල් දහසක වටිනාකමකින් යුක්තව ලබා දුන් නිල ඇඳුම් වවුචරය වර්තමානය රජය ලබා දී ඇත්තේ රුපියල් පන්සිය හැත්තෑ පහක අගයකටය. සහන ලබා දෙනවායැයි කියූ රජය සහන අපූරුවට කපා හැර ඇත. ඊට ගොදුරු වී ඇත්තේ රටේ සිසු පරපුරය.

මෙම වවුචර ක්‍රමය පිළිබඳව විවිධ චෝදනා තිබුණද රජය කළයුතු වන්නේ වවුචරයේ අගය අඩු කිරීම නොව ඒ අක්‍රමිකතා මගහැරෙන ලෙස ක්‍රියා කිරීම බව ජනතාව නොතෙරේන ලෙස මේ මගඩියද අපූරුවට රන්ජන්ට යටකර දැම්මේය.

එපමණක් නොව රජය බලයට පත්වීමට ප්‍රථමව, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ වේදිකා වලදී පැවසූවේ ඔහු බලයට පත් වුවහොත් පාසල් දරුවන්ට පාසල් පාවහන් ලබාදීමටද කටයුතු කරන බවකි. එහෙත් පාසල් පාවහන් ලබාදීම නොව ඔහු සිදු කලේ ලබා දුන් නිල ඇඳුම් වවුචරය කප්පාදු කිරීමය.

නාමල්ගේ මාමණ්ඩී සහ චිචීගේ නැන්දම්මා

ජනාධිපතිවරයා බලයට පත්වූ විගස ඔහු විසින් කියා සිටියේ තමා ඥාති සංග්‍රහය නවතා දමන බවයි. එසේම ඔහු පැවසුවේ රජයේ සියලු තනතුරුවලට සුදුස්සන් පත්විය යුතු බවත්ය. ඒ සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පවා පත්කළේය. එහෙත් එයද හුදු දෘෂ්ටි මායාවක් බව රන්ජන්ගේ හුටපට අස්සේ තහවුරු කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා ඥාති සංග්‍රහය ආරම්භ කළේ තමන්ගේ අයියාගේ දරුවන්ගේ පාර්ශ්වයෙනි. ඒ නාමල්ගේ බිරිඳගේ පියාට සහ රෝහිත රාජපක්ෂගේ නැන්දම්මාට ගුවන් තොටුපල සහ ගුවන් සේවා ආයතනයේ අධ්යක්ෂවරුන් ලෙස පත්කරමින්ය. පසුගිය වතාවේ රාජපක්ෂලා පරාජයට පත්වීමට මේ ඥාති සංග්‍රහය ප්‍රබල හේතුවක් වූ බව එකල ඔවුන්ම ප්‍රකාශ කළේය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ අධිතක්සේරුවක සිට ඥාති සංග්‍රහය ආරම්භ කර ඇත්තේ තමන්ගේ ඡන්දදායකයන් තමන් කුමක් කළද තමාව අදහන බව සිතා විය හැකිය.

වර්තමාන ජනාධිපතිවරයා, කියන්නේ එකකි, කරන්නේ එකකි. ඒ අතින් ඔහු දෙවැනි වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පමණි.

චීනෙට ඉඩම්

රාජපක්ෂවරු බලයට පැමිණියේ ලංකාවේ ඉඩම් විදේශයන් වෙත විකිණීම නවතා දමන බවටත්, විකුණූ ඉඩම් සිය රජයක් පැමිණි පසු නැවත පවරා ගන්නා බවටත් වහසිබස් දොඩමින්ය. එහෙත් ඔවුන් බලයට පත්වූ විගස ෂැංගිලා හෝටලය අසල අක්කර තුනක ඉඩමක් සිංගප්පූරු සමාගමකට ලබාදීමට කටයුතු කළේය. රාජපක්ෂ රජය කියන්නේ එය විකුණා නොදැමූ බවත් අවුරුදු අනූ නවයේ බද්දට ලබා දුන් බවත්ය. වසර අනූ නවයක බද්දට ඉඩමක් ලබා දුන් පසු එය විකිණීමෙන් වෙනස් වන්නේ නම් ඒ තාර්කිකව පමණි.

එතැනින්ද නොනවතින රාජපක්ෂ රජය නැවත සූදානම් වන්නේ ලේක් හවුස් වටරවුම අසල ඇති අක්කර හයක ඉඩමක් ෂැංග්‍රීලා සමාගම වෙත ලබා දීමටය. කෙසේ වෙතත් මේ සම්බන්ධව ලබා ගත් කැබිනට් තීරණය රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තු වෙබ් අඩවියේ පළවී තිබුණද පසුව ඉවත් කර තිබුණි. කෙසේ වෙතත් රන්ජන් හුටපට සමග ජනතාවට මේවාට අවධානය යොමු කරනවාට වඩා රන්ජන්ගේ කෝල් ඇසීමට උවමනාව තිබුණි.

රජයේ සේවක දීමනා

එසේම රන්ජන්ගේ හඬ පට අතර රජය විසින් රාජ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදු කිරීමටද පියවර ගත්තේය. ඒ පිළිබඳව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත්කර තිබුණි.

”2019 ජනවාරි 07 දින නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 18/2015 (ඓඪ) මගින් පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට රු. 5000 ක ද, වසර 6 කට වැඩි සේවා කාලයක් සහිත දෙවන හා තුන්වන ශ්‍රේණියේ නිලධාරියෙකුට රු. 10,000 ක ශුද්ධ පාඩුවක් ද මෙම චක්‍ර ලේඛනය නිසා සිදුවේ. වසර 6 ට අඩු සේවා කාලයක් සහිත විධායක නිලධාරීන්ට රු. 12,000 ට වැඩි මූල්‍යමය පාඩුවකි. විශේෂ ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට ශුද්ධ මූල්‍යමය පාඩුවක් නැත.

මෙම දීමනා කප්පාදු කොට ඇති නිලධාරීන් වන්නේ පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගණකාධිකාරි සේවය, ක්‍රම සම්පාදන සේවය, විද්‍යාත්මක සේවය, කෘෂිකාර්මික සේවය යි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් 2200කට මෙම දීමනා කප්පාදුව බලපානු ඇත. අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම නිලධාරීන්ට මෙම තත්ත්වය බලපානු ලබයි. ක්‍රමසම්පාදන සේවයේ 800කට පමණ ද, ගණකාධිකාරි සේවයේ 1600 කට ද, අධ්‍යාපන පරිපාලන සේවයේ 2697 කට ද, “අතට ලැබෙන මුදල” මෙම චක්‍රලේඛනය නිසා අහිමි වේ. අධ්‍යාපන පරිපාලන සේවයේ 238 දෙනෙකුට රු. 5000 බැගින් ද, 2449 දෙනෙකුට රු. 10,000 බැගින් ද වන මුදලක් අහිමි වේ.

රජයේ වියදම් පාලනය කිරීම සඳහා නිලධාරීන්ගේ දීමනා පමණක් කපා දැමීම කිසි ලෙසකින් හෝ යුක්තිසහගත නොවේ. ඇමතිවරුන්ගේ වියදම්ද පාලනය විය යුතුය. රාජ්‍ය නිලධාරීන් තනතුරු ලබා ගැනීම සඳහා මේ දිනවල දේශපාලනඥයින් පසුපස වැටී ඇති බැවින් මෙම දීමනා කප්පාදුවට එරෙහිව නිලධාරීන්ගේ වෘත්තීය සමිති මට්ටමින් විරෝධයක් මේ දක්වාම එල්ල වී නොමැත.”

ජනතාවට තමන්ගේ ප්‍රශ්න දැන් නොදැනෙන තරමට ප්‍රශ්න පත්තියම් වී ඇත. ඔවුන්ට ප්‍රශ්න වසා දැමීමට ලබා දෙන ගුණ්ඩු මහා ඉහළින් වැලඳගන්නේ ඒ නිසාය. රජය පළිහක් ලබාදෙන විට ඒ පළිහෙන් තාප්ප බැඳ ගැනීමට ජනතාව සමත් වී ඇත.

source : https://ravaya.lk/ගෝඨාභය-යන්නේත්-මෛත්‍රී-ම/

[QUOTE="pocahontas.1, post: 25098336, member: 569378"] [b]ගෝඨාභය යන්නේත් මෛත්‍රී මාවතේද?[/b] [B]හාල් කැවීම[/B] හඬ පට කරළියට එන විට ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් වී තිබුණේ හාල් මිල සහ එළවළු මිල ඉහළයාමය. ඉහළ ගිය හාල් සහ එළවළු මිල පිළිබඳව සමාජයේ ප්‍රබල කතාබහක් ඒ වන විට ඇතිවෙමින් තිබුණි. එයට රජය විසින් තමන්ගේ ගැලවුමට සහල් හිඟයක් පවතින බව පැවසීය. ඒ හරහා සමාජයේ සහල් මාෆියාවක් පිළිබඳව කතා බහක් ආරම්භ වුණි. ඒ හරහා පහර වැදුණේ ඩඞ්ලි. සිරිසේන, සිරිපාල ගම්ලත් ඇතුළු සහල් ව්‍යාපාරයේ ලොකු අතුවලටය. එතැන් සිට ජනාධිපති ගෝඨාභය පාලනය සහ එහි ප්‍රබල ආධාරකරුවෙකු වූ ඩඞ්ලි අතර සීතල යුද්ධයක් ඇරඹිණි. ඊට ප්‍රධාන හේතුවක් වූයේ දෙපිරිසටම රැවුල බේරාගෙන කැඳ බීමට උවමනා වූ බැවිනි. සහල් මාෆියාව සම්පූර්ණයෙන්ම පෝෂණය කිරීම රජයේ කාර්යය විය. වත්මන් රජය විසින් බලය ලබාගත් විගසම සිදු කළේ සහල් මාෆියාවේ වර්ධනය සඳහා අවශ්‍ය මුල් පියවර තැබීමය. ඔවුහු වී අලෙවි මණ්ඩලය සතුව තිබූ වී මෙටි්රක් හතළිස් නවදහසෙන්, හතළිස් දහසක් පෞද්ගලික සහල් ව්‍යාපාරිකයන් වෙත විකුණා දැමූහ. එවිට රජය සතුව පවතින සහල් මෙටි්රක් ටොන් නවදහස සහල් වෙළඳපොළ පාලනය කිරීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවුණි. අනූ දෙකට තිබූ සහල්වලට අනූ අටක පාලන මිලක් රජය දැමූ බව කීවේ ඩඞ්ලි සිරිසේන විසින්මය. එළවළු මිලද ඉහළ ගියේය. ලිපිය ලියන්නට දිනකට පෙර කැරට් කිලෝවක මිල රුපියල් හයසීයක් පමණ විය. ලොකු ලූණු කිලෝවක් රුපියල් එකසිය අසූවක් වූ අතර ලංකා අල කිලෝවක් රුපියල් දෙසීයකට ආසන්න විය. ලීක්ස්, බෝංචි, අමු මිරිස් ඇතුළු එළවළු රැසක මිල මේ ආකාරයට ඉතාම ඉහළ මට්ටමක විය. එහෙත් ඔබට මතක නම් දෙදහස් දහහත වසරේ මෙම කාලවකවානුවේදීම විශාල එළවළු අතිරික්තයක් වාර්තා වී විශාල ලෙස එළවළු මිල පහළ යාමක් සිදුවිය. එකල දේශපාලකයන් පැවසූවේ ශීතකරණ සහිත විශාල ගබඩා ඉදිකොට එළවළු ගබඩාකර එළවළු මිල ස්ථාවරව පවත්වා ගන්නා බවයි. එහෙත් පක්ෂ භේදයකින් තොරව මේ දේශපාලකයන්ගේ අදූරදර්ශීබව හේතුවෙන් නැවත වසර දෙකකට පසු විශාල ලෙස එළවළු මිල ඉහළ ගියේය. යහපාලන රජය බලයේ සිටියා නම් මේ මුට්ටිය වැටෙන්නේ ඔවුන්ගේ කරටය. කෙසේ වෙතත් රන්ජන්ගේ හඬපට වලට පින්සිදු වන්නට රජයට සහල් හා එළවළු මාරකයෙන් ගැලවීමට හැකිවිය. [B]ගැබිණි පෝෂණ මල්ල[/B] ආර්ථික අපහසුතාවන් ඇති අඩු ආදායම්ලාභී ගැබිනි කාන්තාවන් සඳහා පසුගිය යහපාලන රජය විසින් ලබාදීම ආරම්භ කරන ලද පෝෂණ මල්ල ගෝඨාභය ප්රමුඛ රජය විසින් අහෝසිකර දමන ලද්දේද මේ රන්ජන්ගේ හඬපට අලකලංචිය අස්සේය. එය පෝෂණ මලු ව්‍යාපෘතිය යටතේ මාස දහයක කාලයක් පුරා රුපියල් විසිදහසක් වටිනා පෝෂණ මල්ලක් මාසයකට වතාවක් බැගින් ලබාදීම සිදුවිය. මේ හේතුවෙන් බොහෝ කෝප්සිටි වෙළෙඳ සැල්වල පෝෂණ මල්ල නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට දැන්වීම් පළකර තිබිණි. එහෙත් ඒවා ඡන්දදායකයින් කී දෙනෙකු කියෙව්වාදැයි සැකසහිතය. දකුණු ආසියා කලාපයේ කුඩා දරුවන්ගේ මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ වඩාත් ඉහළ තැනකය. ඊට හේතුව ලංකාවේ දුප්පත් ආහාර සංස්කෘතිය හා පෝෂ්‍යදායක ආහාර ඉහළ මිලකින් යුක්තවීමය. ගැබිනි කාන්තාවට පෝෂණ මල්ලක් දීම ලංකාවේ පෝෂණ ගැටලුවට විසඳුමක් නොවුණද, එය සංකූලතාවන්ගෙන් තොර දරුවකු බිහිකර ගැනීමට උපකාරී වන බවට විවාදයක් නැත. වර්තමාන රජයේ මෙම ක්‍රියාමාර්ගය ජුගුප්සාජනක වන්නේ ඔවුන් බලයට පත්වීමට පෙර ගැබිනි මව්වරුන්ගේ පෝෂණ මල්ල පමණක් නොව අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක් ලබාදෙන බවටද පොරොන්දු ලබාදීම නිසාය. කෙසේ හෝ රන්ජන්ගේ හුටපට නිසා ගැබිනි මල්ලද අමතක වී ගියේය. රජය එයින්ද අපූරුවට ගැලවී යාමට හැකියාව ලැබුණි. [B] සුරක්ෂා[/B] වර්තමාන රජය මීළඟට සිදුකළේ සුරක්ෂා රක්ෂණය තාවකාලිකව අත්හිටුවා දැමීමය. පසුගිය යහපාලන රජය විසින් ආරම්භ කළ මෙම රක්ෂණ ක්‍රමය පාසල් දරුවන්ගේ සෞඛ්‍ය කටයුතු සඳහා වෙන් කළ රක්ෂණයකි. ඒ අනුව එම රක්ෂණ ක්‍රමය 2018 වසරේ දෙසැම්බර් පළමුවන දින සිට 2019 නොවැම්බර් 30 දින දක්වා සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ ගෙවීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් ආයතනය සමග අධ්‍යාපන අමාත්‍යාංශය ගිවිසුම් ගතව සිටියේය. මෙම සෞඛ්‍ය රක්ෂණාවරණය යටතේ පෞද්ගලික හෝ රජයේ රෝහල්ගතවීම සදහා රුපියල් 200,000/ක් ද, බාහිර ප්‍රතිකාර සදහා රුපියල් 200,000ක් ද, අසාධ්‍ය රෝග ආවරණය සදහා රු 200,000 සිට අවශ්‍යතාව අනුව එම මුදල, හිමිකම් ලෙස පවතියි. රජයේ රෝහල්ගතවන දිනක් සදහා රු 3000/ක් හිමි වේ හදිසි අනතුරු රක්ෂණාවරණය යටතේ පූර්ණ අකර්මණ්‍යතාවක් සදහා රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක් සදහා රු 150,000 සිට රු 200,000ක මුදලක් දක්වාද, හිමිකම් ලබයි. ඒ අනුව ජීවිතාරක්ෂණය යටතේ ස්වාභාවික හෝ හදිසි අනතුරු විපත් යන දෙකම ආවරණය වන අතර, දෙමාපිය මරණයක දී එක් අයෙකු සඳහා රු 200,000ක් ද, සිසු වියෝවක දී අවමංගල්‍ය සහන ලෙස රු 150,000ක් ද හිමිවේ. පවුලේ පාසල් යන සියලුම ළමයින්ට මව්පියන් මියයාමක දී ප්රතිලාභ ලබාගත හැකියාව ලැබුණි. ඒ අනුව මේ හරහා පාසල් සිසුන්ට රජයේ රෝහල්වල තදබදය සහ අඩු පහසුකම් යටතේ ප්‍රතිකාර ලබා ගන්නවාට වඩා වැඩි පහසුකම් සහිතව ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ලැබුණි. මෙවන් ඉහළ ප්‍රතිලාභී රක්ෂණ ක්‍රම අහෝසිකර දැමීමද රන්ජන්ගේ හඬ පටයෙන් වැසී ගියේය. එසේම මේ පිළිබඳව ආණ්ඩුව සිය මතය ප්‍රකාශ කර තිබූ නැති අතර මේ ගැන කිසිදු සාකච්ඡාවක්ද මාධ්‍ය හරහා සිදු වූ බවක් දැකගැනීමට ලැබුණේ නැත. [B]නිල ඇඳුම් වවුචරය සහ පාසල් පාවහන්[/B] ඊළඟට පහර වදින්නේ පාසල් සිසුන් වෙනුවෙන් ලබා දුන් නිල ඇඳුම් වවුචරයටය. පසුගිය රජයෙන් රුපියල් දහසක වටිනාකමකින් යුක්තව ලබා දුන් නිල ඇඳුම් වවුචරය වර්තමානය රජය ලබා දී ඇත්තේ රුපියල් පන්සිය හැත්තෑ පහක අගයකටය. සහන ලබා දෙනවායැයි කියූ රජය සහන අපූරුවට කපා හැර ඇත. ඊට ගොදුරු වී ඇත්තේ රටේ සිසු පරපුරය. මෙම වවුචර ක්‍රමය පිළිබඳව විවිධ චෝදනා තිබුණද රජය කළයුතු වන්නේ වවුචරයේ අගය අඩු කිරීම නොව ඒ අක්‍රමිකතා මගහැරෙන ලෙස ක්‍රියා කිරීම බව ජනතාව නොතෙරේන ලෙස මේ මගඩියද අපූරුවට රන්ජන්ට යටකර දැම්මේය. එපමණක් නොව රජය බලයට පත්වීමට ප්‍රථමව, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ වේදිකා වලදී පැවසූවේ ඔහු බලයට පත් වුවහොත් පාසල් දරුවන්ට පාසල් පාවහන් ලබාදීමටද කටයුතු කරන බවකි. එහෙත් පාසල් පාවහන් ලබාදීම නොව ඔහු සිදු කලේ ලබා දුන් නිල ඇඳුම් වවුචරය කප්පාදු කිරීමය. [B] නාමල්ගේ මාමණ්ඩී සහ චිචීගේ නැන්දම්මා[/B] ජනාධිපතිවරයා බලයට පත්වූ විගස ඔහු විසින් කියා සිටියේ තමා ඥාති සංග්‍රහය නවතා දමන බවයි. එසේම ඔහු පැවසුවේ රජයේ සියලු තනතුරුවලට සුදුස්සන් පත්විය යුතු බවත්ය. ඒ සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පවා පත්කළේය. එහෙත් එයද හුදු දෘෂ්ටි මායාවක් බව රන්ජන්ගේ හුටපට අස්සේ තහවුරු කළේය. ඒ අනුව ජනාධිපතිවරයා ඥාති සංග්‍රහය ආරම්භ කළේ තමන්ගේ අයියාගේ දරුවන්ගේ පාර්ශ්වයෙනි. ඒ නාමල්ගේ බිරිඳගේ පියාට සහ රෝහිත රාජපක්ෂගේ නැන්දම්මාට ගුවන් තොටුපල සහ ගුවන් සේවා ආයතනයේ අධ්යක්ෂවරුන් ලෙස පත්කරමින්ය. පසුගිය වතාවේ රාජපක්ෂලා පරාජයට පත්වීමට මේ ඥාති සංග්‍රහය ප්‍රබල හේතුවක් වූ බව එකල ඔවුන්ම ප්‍රකාශ කළේය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ අධිතක්සේරුවක සිට ඥාති සංග්‍රහය ආරම්භ කර ඇත්තේ තමන්ගේ ඡන්දදායකයන් තමන් කුමක් කළද තමාව අදහන බව සිතා විය හැකිය. වර්තමාන ජනාධිපතිවරයා, කියන්නේ එකකි, කරන්නේ එකකි. ඒ අතින් ඔහු දෙවැනි වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පමණි. [B]චීනෙට ඉඩම්[/B] රාජපක්ෂවරු බලයට පැමිණියේ ලංකාවේ ඉඩම් විදේශයන් වෙත විකිණීම නවතා දමන බවටත්, විකුණූ ඉඩම් සිය රජයක් පැමිණි පසු නැවත පවරා ගන්නා බවටත් වහසිබස් දොඩමින්ය. එහෙත් ඔවුන් බලයට පත්වූ විගස ෂැංගිලා හෝටලය අසල අක්කර තුනක ඉඩමක් සිංගප්පූරු සමාගමකට ලබාදීමට කටයුතු කළේය. රාජපක්ෂ රජය කියන්නේ එය විකුණා නොදැමූ බවත් අවුරුදු අනූ නවයේ බද්දට ලබා දුන් බවත්ය. වසර අනූ නවයක බද්දට ඉඩමක් ලබා දුන් පසු එය විකිණීමෙන් වෙනස් වන්නේ නම් ඒ තාර්කිකව පමණි. එතැනින්ද නොනවතින රාජපක්ෂ රජය නැවත සූදානම් වන්නේ ලේක් හවුස් වටරවුම අසල ඇති අක්කර හයක ඉඩමක් ෂැංග්‍රීලා සමාගම වෙත ලබා දීමටය. කෙසේ වෙතත් මේ සම්බන්ධව ලබා ගත් කැබිනට් තීරණය රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තු වෙබ් අඩවියේ පළවී තිබුණද පසුව ඉවත් කර තිබුණි. කෙසේ වෙතත් රන්ජන් හුටපට සමග ජනතාවට මේවාට අවධානය යොමු කරනවාට වඩා රන්ජන්ගේ කෝල් ඇසීමට උවමනාව තිබුණි. [B]රජයේ සේවක දීමනා [/B] එසේම රන්ජන්ගේ හඬ පට අතර රජය විසින් රාජ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදු කිරීමටද පියවර ගත්තේය. ඒ පිළිබඳව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත්කර තිබුණි. ”2019 ජනවාරි 07 දින නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 18/2015 (ඓඪ) මගින් පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට රු. 5000 ක ද, වසර 6 කට වැඩි සේවා කාලයක් සහිත දෙවන හා තුන්වන ශ්‍රේණියේ නිලධාරියෙකුට රු. 10,000 ක ශුද්ධ පාඩුවක් ද මෙම චක්‍ර ලේඛනය නිසා සිදුවේ. වසර 6 ට අඩු සේවා කාලයක් සහිත විධායක නිලධාරීන්ට රු. 12,000 ට වැඩි මූල්‍යමය පාඩුවකි. විශේෂ ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට ශුද්ධ මූල්‍යමය පාඩුවක් නැත. මෙම දීමනා කප්පාදු කොට ඇති නිලධාරීන් වන්නේ පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගණකාධිකාරි සේවය, ක්‍රම සම්පාදන සේවය, විද්‍යාත්මක සේවය, කෘෂිකාර්මික සේවය යි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් 2200කට මෙම දීමනා කප්පාදුව බලපානු ඇත. අධ්‍යාපන පරිපාලන සේවයේ සියලුම නිලධාරීන්ට මෙම තත්ත්වය බලපානු ලබයි. ක්‍රමසම්පාදන සේවයේ 800කට පමණ ද, ගණකාධිකාරි සේවයේ 1600 කට ද, අධ්‍යාපන පරිපාලන සේවයේ 2697 කට ද, “අතට ලැබෙන මුදල” මෙම චක්‍රලේඛනය නිසා අහිමි වේ. අධ්‍යාපන පරිපාලන සේවයේ 238 දෙනෙකුට රු. 5000 බැගින් ද, 2449 දෙනෙකුට රු. 10,000 බැගින් ද වන මුදලක් අහිමි වේ. රජයේ වියදම් පාලනය කිරීම සඳහා නිලධාරීන්ගේ දීමනා පමණක් කපා දැමීම කිසි ලෙසකින් හෝ යුක්තිසහගත නොවේ. ඇමතිවරුන්ගේ වියදම්ද පාලනය විය යුතුය. රාජ්‍ය නිලධාරීන් තනතුරු ලබා ගැනීම සඳහා මේ දිනවල දේශපාලනඥයින් පසුපස වැටී ඇති බැවින් මෙම දීමනා කප්පාදුවට එරෙහිව නිලධාරීන්ගේ වෘත්තීය සමිති මට්ටමින් විරෝධයක් මේ දක්වාම එල්ල වී නොමැත.” ජනතාවට තමන්ගේ ප්‍රශ්න දැන් නොදැනෙන තරමට ප්‍රශ්න පත්තියම් වී ඇත. ඔවුන්ට ප්‍රශ්න වසා දැමීමට ලබා දෙන ගුණ්ඩු මහා ඉහළින් වැලඳගන්නේ ඒ නිසාය. රජය පළිහක් ලබාදෙන විට ඒ පළිහෙන් තාප්ප බැඳ ගැනීමට ජනතාව සමත් වී ඇත. source : [URL]https://ravaya.lk/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f%e0%b6%b7%e0%b6%ba-%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%b8/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom