ගෝඨා සෝවාන් කියපු ග්‍රේෂන් පොහොට්ටුව දාලා යයි

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    images

    සිය නගර සභාවේ පාලක පක්ෂයට සහයෝගය දීම නවතා ස්වාධීනව සිටිමින් විපක්ෂය සමග ඉදිරියේදී බද්ධවීමට තමා තීරණය කළ බව අම්බලන්ගොඩ නගර සභාවේ පාලක පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ මහතා ඊයේ (25දා) රාත්‍රියේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කීවේය.

    තමා මේ තීරණය ගත්තේ හොඳට සිතා බවත් කිසිවෙකුගේ බලපෑමකට හෝ මුදල්වලට යටවී නොවන බවත් ඔහු පැවැසීය.

    “හිතට එකඟව අපේ පාලක පක්ෂයට සහයෝගය දීමට බෑ. මේ සඳහා කරුණු කාරණා ගණනාවක්ම තියෙනවා. මම මේ තීරණය ගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව නම් නොවෙයි.

    මගේ පක්ෂය තාමත් පොදු ජන පෙරමුණයි. දැන් අපේ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනයි ජනතා විමුක්ති පෙරමුණේ මන්තීවරු දෙදෙනයි පාලක පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුයි ඒකාබද්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දොළොස්දෙනෙකුගෙන් සමන්විතවූ ඒකාබද්ධ විපක්ෂයක් හදලා තියෙනවා.

    දැන් මමත් එයට සහයෝගය දෙනවිට පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් සමන්විතවූ ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීවරු දහතුන්දෙනෙකු ඉන්නවා. පාලක පක්ෂයට ඉන්නේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනෙකු පමණයි.

    මම මේ තීරණය ගත්තේ ඒකාබද්ධ විපක්ෂය ගෙන යන සාධාරණ සටන දිහා නිර්පාක්ෂිකව බලලයි. මේ සටනට එකතුවෙන්න පාලක පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම ඉන්නවා. අපිට අවශ්‍ය අම්බලන්ගොඩ නගරය දියුණු කරන්නයි. ජනතාව අපිව තෝරලා එව්වේ ඒ කාරණය කරන්නයි.” යැයි ඒ මහතා කියා සිටියේය.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872

    Street-Art-Stop-Making-Stupid-People-Famous-by-Plastic-Jesus-in-Los-Angeles-1.jpg
     
    • Haha
    Reactions: Solo Rider