Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝනගල ගමේ සැඟව ගිය ආදර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝනගල ගමේ සැඟව ගිය ආදර කතාව

මම මීට දින කීපයකට උඩදී අපේ එහා ගමේ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගාමනී චිත්රපටිය බැලුවා .ඒත් ඒ චිත්රපටිය තුළ තිබුණේ මගේ ගමට හුඟක්ම සමාන පරිසරයක් විතරයි . චිත්රපටියේ පළමු විනාඩි විස්ස නම් සියේට සීයක්ම ඇත්ත සිදුවීමක්. ඒත් අනික් ටික කතාවක්ම විතරයි .

. අම්පාර ගෝනගල ගමේ සිද්ධ වේච්චි ඔය අහස පොළව නුහුලන සිදුවීම ඇතුළේ තරමක් වෙනස් ආදර කතාවකුත් තිබුණා . ඒක දන්නේ එදා ඉඳලම මේ පළාතේ ජීවිතේ ගෙවපු අපි විතරමයි ..මම කැමතියි ඒ කතාවත් බ්ලොග් අවකාසේ ඔබත් එක්ක බෙදා ගන්න . කියවලාම බලන්න ..

අපේ ගමේ සුරවීර අයියට කොයි කවුරුත් වගේ ඔළුව නැමුවා .ගමේ පොඩි කොල්ලා ඉඳලා පොලීසියේ ඔවයිසී මහත්තයා පවා සුරවීර ලඟදි ඔළුව නැමුවා .ඒත් ඒ සුරවීර කෝටිපතියෙක්වත් , බල පුළුවංකාර දේශපාලකයෙක්වත් , මැරයෙක්වත් නම් නෙවෙයි . සුරවීර කරණවෑමියෙක්. ඔවු කොණ්ඩේ කපන බාබර් කෙනෙක් . ඉතින් ගමේ ඕනම ලොකු ඔළුවක් සුරවීර ඉදිරියේදී නිකම්ම නැවුණා .

ගමට කොණ්ඩේ කපන ඈයෝ කීප දෙනෙක් හිටියත් සුරවීර තමයි හැමෝගෙම හිත් දිනාගෙන හිටියේ .වයස අවු 27ක විතර කොල්ලා වෙච්චි නිසාම අද කාලේට ඔබින රැවුල් කොණ්ඩ විලාසිතා ගැන සුරවීර හොඳට දැනං හිටියා .ඒකයි අපේ ගමේ වයසක උදවිය පවා රැවුල් , කොණ්ඩා කපන වැඩ වලට සුරවීරවම හොයාගෙන ගියේ .

නුවර ,කොළඹ කොණ්ඩ විලාසිතා ගමට එන්නේ මාස හතක් අටක් විතර ගිහිං අවුට් ඔප් පැසන් බවට පත් වුණාට පස්සේ . ඒ වුණාට ඒ අලුත් විලාසිතා වැලඳගන්න ගමේ කොල්ලෝ පුදුම ආසයි . අද කාලේ ගම්වල වුණත් ඉන්නේ ඉස්සර වගේ කොණ්ඩේ මැදින් බෙදාපු තෙල් ගාපු දියාරු කොල්ලෝ නෙවෙයි .අතට, පයට, නාහෙට, දිවට,බුරියට මුදු දාගනිපු, කොණ්ඩේ මැක්සා වෙන්න හදාගනිපු නළුවෝ වගේ ඩයල් අද ගම් වලත් ඉන්නවා .! ඉතින් ඔය කොයි කාටත් සුරවීර අයියව නැතුවම බෑ .! සුරවීර ගේ සැලුන් එක සතියක් එක දිගට වහලා තිබ්බත් , හිපියෙකුගේ තරමට කොණ්ඩේ වැවුණත් ගමේ අය වෙන සැලුන් එකක් හොයාගෙන නොයන්න හේතුව ඒකයි .

මාස හතරකට විතර උඩදී දවසක මමත් සුරවීර අයියව හමුවෙන්න ගියේ වැවිච්ච කොණ්ඩේ රැවුල අඩු කරගෙන මනුස්සයෙක් වෙන්න හිතාගෙන.

පනාවත් කතුරත් අතර එකට තෙරපෙන කොණ්ඩ ගස් මගෙ ඇඟවටේ එතිලා තිබුණු සුදු රෙද්ද උඩට වැටෙන අතරතුරේදී මගෙ කලිසම් සාක්කුවේ තිබුණු ෆෝන් එකට කෙටි පණිවිඩ ගලාන එන්න ගත්තා .

එයා එවන කෙටි පනිඩ එකකට හරි උත්තර නොබැන්ඳොත් නාහෙන් ඇඬිල්ලකට මට ඉදිරි දවස් කීපයේදීම මුහුණ දෙන්න වෙන බව මම අත්දැකීමෙන් දන්නවා . ඉතින් තැන නොතැන නොහිතා ඇඟ වටේ පටලැවිලා තිබුණු සුදු රෙද්ද උස්සලා ෆෝන් එකෙන් එස් එම් එස් කොටන්න මමත් පටන්ගත්තා .. මොහොතකින් සුරවීර ගේ මල පැනපු මූණ මට ඉදිරියෙන් තිබුණු පැහැදිලි කණ්ණාඩියෙන් මම දැක්කා ..

"මොනාද බං රෙද්ද උස්සගෙන එස් එම් එස් ගහන්නේ !! හරි එහෙනම් උඹ ඔය වැඩේ ඉවර කරලා මට කියපං මම එතකොට එන්නම්“.. සුරවීර කතුරයි පනාවයි මේසේ උඩ දමලා ගැහුවා !

"නෑ නෑ බං හරි හරි මේ නැවැත්තුවා උඹ මේ කොණ්ඩේ අඩු කරපං !”

මම ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවේ දාගත්තේ සුරවීර මගේ කොණ්ඩේ කැතට කපාදාවි කියන බය හිතට දැනිච්චි නිසාමයි .

"කෙල්ලන්ට ඔච්චර බය වෙලා බෑ මල්ලී .!”

සුරවීර එහෙම කීවේ අයෙමත් පනාවයි කතුරයි මගේ කෙස් උඩ හෙමිහිට ගෙනියන ගමන් .

"බය නෑ බං ඒත් ආයේ හම්බ වුණාම ඇයි එස් එම් එස් නොකළේ කිය කිය කෙල්ල නාහෙන් අඬන එක මට දිරවන්නෑ . උඹ නම් ඒ කාලේ ලවු කරේ නැතුව ඇති උඹ කෙල්ල ඉස්සරහා පොර වෙන්නැති අනෙ පල බං යන්න !!!”.

"මල්ලී උඹ මගේ ලවු එක ගැන නොදැනයි ඔය කතා කරන්නේ ! . මට වුණා වගේ දෙයක් උඹලා කිසිම කෙනෙකුට වෙලා නැතුව ඇති .”

සුරවීර මගේ ඔළුවට "පටස්" ගාලා පාරක් ගහන ගමන් කීවා . පාර රිදෙන්න වැදුණත් එකට ඉන්න යාළුවා නිසා මගේ තුන් හිතකවත් වෛරයක් තරහවක් නම් ඉපදුණේ නෑ . ඔය අතරේ මට හොඳටම තේරුණා සුරවීර මේ අර අදින්නේ ලොකු කතාවකට කියලා. ඒත් එක්කම මම බය වුණා මුගේ කතාව අහං ඉඳලා මට මේ කොණ්ඩේ කපන පුටුව උඩ නින්ද යාවිද කියලත් .

"ඉතින් කියහංකෝ බලන්න මොකද වුණේ කියලා . අපිටත් දැනගන්න උඹගේ රාජකීය පෙම් කතාව !”

මමත් යට පැත්තෙන් යන්තමින් හිනා වෙන ගමන් නක්කලේට වගේ සුරවීරට එහෙම කීවා .මගේ නළලට වැටිච්ච කෙස් කොට ඉස්පන්චි කෑල්ලකින් පිහලා දාලා සුරවීර කතාව පටන්ගත්තා.

ඒක දිග කතාවක් !!.

සුරවීර එදා ඒ කීව කතාව මම කිසිම අඩු වැඩියක් නැතුව ලියන්නම් . මේක තවත් එක බූට් කතාවක් නම් නෙවේ . හුඟක්ම වෙනස් ආදර කතාවක් ..! එදා සුරවීරගේ කටින් ගිය වචන අද මට මතක හැටියට මම අමුණන්නම් ..!

"ඒ සිද්ධිය වුණේ 1999 යේ ! උඹලා ඒ දවස් වල පොඩි එවුං මම නම් එතකොට දහය වසරේ ඉගන ගන්න කාලේ. මම හිටියේ ගෝනගල ගමේ කුරුණෑගල බන්ටෙකේ ..”

ඔන්න ඔය වචන කීපය සුරවීර අයියගේ කටින් පිට වුණා විතරයි මගෙ මූණෙ තිබුණු හිනාව අතුරුදහන් වුණා ඒ එක්කම මේ කියන්න යන කතාවේ අවසානයට වෙන්නේ මොකක්ද කියලත් මම තේරුම්ගත්තා .අපේ අල්ලපු ගමේ තිබුණු කුරුණෑගල බන්ටෙක කියලා හඳුන්වාපු කොළණියේ අයට 1999 කාලේදී වෙච්ච අවාසනාවන්ත සිදුවීම මම මගේ කන්දෙක පිරෙන්න අහලා තියනවා ඒ වගේම දැකලත් තියනවා . ඉතින් ඒ කාලකණ්ණි හැඟීමත් එක්ක ලෙයින් තෙත් වෙච්ච ආදර කතාවකට සූදානමින් මම සුරවීරගේ කතාවට ඇහුංකන් දුන්නා .

"උඹ දන්නවානෙ මල්ලි ! ඒ දවස් වල අපේ ගමේ තිබුණ නීතිය . කෙල්ලෙක් නම් ගාමන්ට් යන්න ඕන කොල්ලෙක් නම් ආමි යන්න ඕන එහෙම නැත්තං කුඹුරට බහින්න ඕන. ඉතින් බං ඔන්න ඔය හේතුව නිසා අපේ පවුලේ අයියලා දෙන්නම ඉස්කෝලේ ගියේ නෑ. මමයි නංඟියි විතරයි ඉස්කෝලේ ගියේ .මම ගියේ අහවල් ඉස්කෝලෙට . ඉස්කෝලේ යන එකත් මම ඒතරම් ආසාවෙන් කල දෙයක් නෙවේ .සමහර දාට හරක් බඳින්න යනවා, සමහර දාට කුඹුරු වැඩ, තව දවසකට කම්මැලියි . ඉතින් මම ඉස්කෝලේ ගියෙත් නිකම් අවාරෙට පොල් වැටෙනවා වාගේ . අනික ගම වටේම හිටියේ කොටි ! ඉතින් මිනිහෙක් එළියටවත් බහින්න බයයි . ඕවා අස්සේ කෝමද ඉස්කෝලේ යන්නේ ? “

බොහොම හෙමින් කොණ්ඩේ කපමින් යන අතරෙම සුරවීර කතාව කියනවා . මමත් පිටි පස්ස හැරිලා බලන්න බැරි නිසා ඉස්සරහා තියන කණ්ණාඩියෙන් ඉඳලා හිටලා සුරවීරගේ මූණ දිහා බලනවා .

"ඒකිගේ නම මාලනී එතකොට ඒකි හිටියේ අට වසර පන්තියේ !”

ඒ ටික කියද්දී සුරවීරගේ මූණේ අමුතු එළියක් වැටුණා .ඉතින් සුරවීර තමන්ගේ පළමු පෙම්වතියගේ නම ඔන්න ඔය විදිහට මට එළි කළා .

"මාලනී අපේ ඉස්කෝලේ එක වසරෙන් ඉස්කෝලෙට බාර දුන්නු දවසේ පටන්ම මම ඒකිව නිතරම දැක්කා .මාලනීලගේ ගෙවල් තිබුණෙත් කුරුණෑගල බන්ටෙකේ මුලටම වෙන්න . මම පොඩ් කාලේ ඉඳන්ම ඒකිව නිතර දැකලා එහෙම තිබුණට වැඩිය කතා බහ කරලා නම් තිබුණේ නෑ . මුලදී මට එහෙම කතා කරන්න උවමනාවක් තිබුණෙත් නෑ. මොකද ඒකි මට වැඩිය අවුරුදු දෙකක් විතර බාලයි මල්ලි . අනික මාලනී ඒතරම් ඇඟපත තිබුණු මහත කෙල්ලෙකුත් නෙවෙයි බොහොම චූටි ළපටි කෙල්ලෙක් ..”

මම ආයෙමත් වතාවක් කණ්ණාඩියෙන් පේන සුරවීරගේ මූණ දිහා බැලුවා. සුරේ අදටත් හොඳ කඩවසම් හාදයා . වයස අවු 15 දී 17 දී ඌ බොහොම ලස්සන කොල්ලෙක් වෙන්නැති ! ඉතින් උගේ හිත ගන්න සමත් වුණු මාලනීත් කැත කෙල්ලක් වෙන්න බෑ ! ඒකිත් අපේ පළාතටම ආවේණික ලස්සනින් සම්පූර්ණ කෙල්ලෙක් වෙන්නැති ..!

"පොඩි කාලේ ඉඳලා එක දිගට ඒකිව දැක්කට මට ඒකි ගැන යන්තමටවත් කැක්කුමක් හිතට ආවේ නෑ බං . ඒත් දවසක් දා මම නොහිතපු විදිහට ඒ කෙල්ල මගේ හිතට බරක් වුණා .”

ටිකක් වෙලා නිහඬව හිටපු සුරවීර ආයෙමත් කතාව පටන්ගත්තා . සමහර විට එක දිගටම කතාව කියාගෙන යන කොට හරියට ඉවසීමෙන් කොණ්ඩේ කපන්න බැරිව ඇති !. නැත්නම් මේ කතාව කියන එක සුරවීරට දුකක් වෙන්නැති . !

"ඒ දවස් වල අපේ ඉස්කෝලේ ඔය ගොම එහෙම එකතු කරලා කොම්පෝස් පොහොර හදන වැඩසටහනක් ගියා උඹට මතක ඇති .?”

"හ්ම් ඔවු ඔවු මට මතකයි බං ! “

"ඕකෙදි ඉතින් උණේ පන්ති වල කොල්ලෝ කෙල්ලෝ සේරම මහ දවාලේ එළියට දාලා උදලු, මුල්ලු, රේක්ක දීලා ඉගැන්වීම් පැත්තක දාලා පොහොර හදවාපු එක. ඒ දවස් වල ඉතින් ගුරුවරුන්ටත් අයිස් ගහන්න තියේනම් වෙන මොනාද ඉතින් ?. එයාලා පැත්තටවත් එන්නෑ.! ළමයි ටික උදේ ඉඳන් දාඩිය දාගෙන අර ගොම පොහොර වළේ බැහැලා කොටනවා .”

"ඒක ඇත්ත බං මමත් අනන්ත ගිනි අවුවේ ඉඳලා තියේ ඔය විකාර වැඩ වලට ! අන්තිමට ඔය පොහොර ගෙනිච්චෙත් චීචර්ලා සර්ලා විතරයිනේ .”

"එක දවසක් ඔහොම පොහොර හද හදා ඉන්දෙද්දී මාලනී එකපාරම කලන්තේ දාලා වැටුණා . ! ඒ කෙල්ල එදා වැටිලා හිටපු හැටි දැක්කාම මට පුදුම දුකක් දැනුණා . තව කොල්ලෙක් එක්ක ඒකිව පන්තියට උස්සගෙන ගියෙත් මම , ඒකිගේ මූණට වතුර බෝතලේකින් වතුර අරං ඉස්සෙත් මම . කොහොම හරි ඒකි ඇස් ඇරලා මා දිහා බැලුවා ඒ බැල්මම ඇති බං මම ඒකිට පිස්සු වැටෙන්න . ඔන්න ඔය දවසේ ඉඳලා මම ඒකිට බොක්කෙන්ම ලවු කරා ! .”

වතුර විදින බෝතලේ ගත්තු සුරවීර මගේ කොන්ඩෙට කීපවාරක් වතුර විදලා ආයෙම කතාව කියන්න පටන්ගත්තා .

"එදා ඉඳන් මගේ හිතේ ඒකි ගැන අමුතු ලෙංගතුකමක් ඉපදුනා බං . වෙනදාට අකමැත්තෙන් ඉස්කෝලේ යන මම ඊට පස්සේ දිගටම ඉස්කෝලේ යන්න පටන්ගත්තා .අපේ ගෙවල් තිබුණේ කුරුණෑගල බන්ටෙකේ අවසානෙට වෙන්න මාලනීලෑ ගෙවල් තිබුණේ මුලටම වෙන්න . ඉතින් මම උදෙන්ම නැගිටලා ඉස්කෝලේ යනවා . උදේට නොකා යන්නත් බෑ. ඒත් කකා හිටියොත් පරක්කු වෙලා මාලනීව මිස් වෙනවා ඉතින් බං මම පාර දිගේ බත් එක කකා තමයි උදේ ඉස්කෝලෙට ගියේ . මතකද අර හතරෙ කෑල්ලේ පාලම ?”

"හ්ම්..” මමත් හූමිටි තියමින් කතාව අහනවා !

"ඉස්සර ඕක බෝක්කුවක් විතරයි ඒකේ ඇතුළේ මම බෙලෙක් පිඟාන හෝදලා හංඟලා ඇළෙන් වතුර බීලා ඉස්කෝලේට යනවා . හවසට ගෙදර එනකොට ආයේ පිඟාන අරගෙන එනවා . ඔන්න ඔහොම චාටර් කකා මම මාලනීලගේ ගෙවල් ගාවට ලං වෙලා ඒකි ගෙදරින් එළියට බහිනකම් ඉන්නවා . ඊට පස්සේ එයාගේ පස්සෙන් මමත් හෙමීට ඉස්කෝලෙට යනවා .”

"ඒකිත් එක්ක කතා කර කර නෙවේද උඹ ගියේ ?”

"පිස්සුද බං !. මම ඒකිට මීටර් හතරක් විතර පරතරයක් තියාගෙනයි හැම වෙලාවෙම හිටියේ . උඹ දන්නවානේ අපේ ගමේ බුවාලගේ හැටි ! කෙල්ලෙකුගේ ඇඟේ වැරදීමකින් හැප්පුණත් ඇති පදයක් හදන්න . උඹට මතකද ඒ කාලේ කෙල්ලක් සහ කොල්ලෙක් අතරේ "ඔයා" කියන වචනේ හුවමාරු වුණොත් වෙන දේ ?”

ප/ලි = කතාව ටිකක් දිග වැඩියි . ඒ නිසා මට මේක කොටස් දෙකකට දාන්න වෙනවා ඒකට සමාවෙන්න අනිත් කොටහ හෙට හෝ අනිද්දාට .

නම් ගම් මනංකලිපිතයි !

http://hisahasa.blogspot.com/2011/10/2.html

[QUOTE="Alaya, post: 20953436, member: 3897"] [b]ගෝනගල ගමේ සැඟව ගිය ආදර කතාව[/b] [SIZE="3"]මම මීට දින කීපයකට උඩදී අපේ එහා ගමේ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගාමනී චිත්රපටිය බැලුවා .ඒත් ඒ චිත්රපටිය තුළ තිබුණේ මගේ ගමට හුඟක්ම සමාන පරිසරයක් විතරයි . චිත්රපටියේ පළමු විනාඩි විස්ස නම් සියේට සීයක්ම ඇත්ත සිදුවීමක්. ඒත් අනික් ටික කතාවක්ම විතරයි . . අම්පාර ගෝනගල ගමේ සිද්ධ වේච්චි ඔය අහස පොළව නුහුලන සිදුවීම ඇතුළේ තරමක් වෙනස් ආදර කතාවකුත් තිබුණා . ඒක දන්නේ එදා ඉඳලම මේ පළාතේ ජීවිතේ ගෙවපු අපි විතරමයි ..මම කැමතියි ඒ කතාවත් බ්ලොග් අවකාසේ ඔබත් එක්ක බෙදා ගන්න . කියවලාම බලන්න .. අපේ ගමේ සුරවීර අයියට කොයි කවුරුත් වගේ ඔළුව නැමුවා .ගමේ පොඩි කොල්ලා ඉඳලා පොලීසියේ ඔවයිසී මහත්තයා පවා සුරවීර ලඟදි ඔළුව නැමුවා .ඒත් ඒ සුරවීර කෝටිපතියෙක්වත් , බල පුළුවංකාර දේශපාලකයෙක්වත් , මැරයෙක්වත් නම් නෙවෙයි . සුරවීර කරණවෑමියෙක්. ඔවු කොණ්ඩේ කපන බාබර් කෙනෙක් . ඉතින් ගමේ ඕනම ලොකු ඔළුවක් සුරවීර ඉදිරියේදී නිකම්ම නැවුණා . ගමට කොණ්ඩේ කපන ඈයෝ කීප දෙනෙක් හිටියත් සුරවීර තමයි හැමෝගෙම හිත් දිනාගෙන හිටියේ .වයස අවු 27ක විතර කොල්ලා වෙච්චි නිසාම අද කාලේට ඔබින රැවුල් කොණ්ඩ විලාසිතා ගැන සුරවීර හොඳට දැනං හිටියා .ඒකයි අපේ ගමේ වයසක උදවිය පවා රැවුල් , කොණ්ඩා කපන වැඩ වලට සුරවීරවම හොයාගෙන ගියේ . නුවර ,කොළඹ කොණ්ඩ විලාසිතා ගමට එන්නේ මාස හතක් අටක් විතර ගිහිං අවුට් ඔප් පැසන් බවට පත් වුණාට පස්සේ . ඒ වුණාට ඒ අලුත් විලාසිතා වැලඳගන්න ගමේ කොල්ලෝ පුදුම ආසයි . අද කාලේ ගම්වල වුණත් ඉන්නේ ඉස්සර වගේ කොණ්ඩේ මැදින් බෙදාපු තෙල් ගාපු දියාරු කොල්ලෝ නෙවෙයි .අතට, පයට, නාහෙට, දිවට,බුරියට මුදු දාගනිපු, කොණ්ඩේ මැක්සා වෙන්න හදාගනිපු නළුවෝ වගේ ඩයල් අද ගම් වලත් ඉන්නවා .! ඉතින් ඔය කොයි කාටත් සුරවීර අයියව නැතුවම බෑ .! සුරවීර ගේ සැලුන් එක සතියක් එක දිගට වහලා තිබ්බත් , හිපියෙකුගේ තරමට කොණ්ඩේ වැවුණත් ගමේ අය වෙන සැලුන් එකක් හොයාගෙන නොයන්න හේතුව ඒකයි . මාස හතරකට විතර උඩදී දවසක මමත් සුරවීර අයියව හමුවෙන්න ගියේ වැවිච්ච කොණ්ඩේ රැවුල අඩු කරගෙන මනුස්සයෙක් වෙන්න හිතාගෙන. පනාවත් කතුරත් අතර එකට තෙරපෙන කොණ්ඩ ගස් මගෙ ඇඟවටේ එතිලා තිබුණු සුදු රෙද්ද උඩට වැටෙන අතරතුරේදී මගෙ කලිසම් සාක්කුවේ තිබුණු ෆෝන් එකට කෙටි පණිවිඩ ගලාන එන්න ගත්තා . එයා එවන කෙටි පනිඩ එකකට හරි උත්තර නොබැන්ඳොත් නාහෙන් ඇඬිල්ලකට මට ඉදිරි දවස් කීපයේදීම මුහුණ දෙන්න වෙන බව මම අත්දැකීමෙන් දන්නවා . ඉතින් තැන නොතැන නොහිතා ඇඟ වටේ පටලැවිලා තිබුණු සුදු රෙද්ද උස්සලා ෆෝන් එකෙන් එස් එම් එස් කොටන්න මමත් පටන්ගත්තා .. මොහොතකින් සුරවීර ගේ මල පැනපු මූණ මට ඉදිරියෙන් තිබුණු පැහැදිලි කණ්ණාඩියෙන් මම දැක්කා .. "මොනාද බං රෙද්ද උස්සගෙන එස් එම් එස් ගහන්නේ !! හරි එහෙනම් උඹ ඔය වැඩේ ඉවර කරලා මට කියපං මම එතකොට එන්නම්“.. සුරවීර කතුරයි පනාවයි මේසේ උඩ දමලා ගැහුවා ! "නෑ නෑ බං හරි හරි මේ නැවැත්තුවා උඹ මේ කොණ්ඩේ අඩු කරපං !” මම ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවේ දාගත්තේ සුරවීර මගේ කොණ්ඩේ කැතට කපාදාවි කියන බය හිතට දැනිච්චි නිසාමයි . "කෙල්ලන්ට ඔච්චර බය වෙලා බෑ මල්ලී .!” සුරවීර එහෙම කීවේ අයෙමත් පනාවයි කතුරයි මගේ කෙස් උඩ හෙමිහිට ගෙනියන ගමන් . "බය නෑ බං ඒත් ආයේ හම්බ වුණාම ඇයි එස් එම් එස් නොකළේ කිය කිය කෙල්ල නාහෙන් අඬන එක මට දිරවන්නෑ . උඹ නම් ඒ කාලේ ලවු කරේ නැතුව ඇති උඹ කෙල්ල ඉස්සරහා පොර වෙන්නැති අනෙ පල බං යන්න !!!”. "මල්ලී උඹ මගේ ලවු එක ගැන නොදැනයි ඔය කතා කරන්නේ ! . මට වුණා වගේ දෙයක් උඹලා කිසිම කෙනෙකුට වෙලා නැතුව ඇති .” සුරවීර මගේ ඔළුවට "පටස්" ගාලා පාරක් ගහන ගමන් කීවා . පාර රිදෙන්න වැදුණත් එකට ඉන්න යාළුවා නිසා මගේ තුන් හිතකවත් වෛරයක් තරහවක් නම් ඉපදුණේ නෑ . ඔය අතරේ මට හොඳටම තේරුණා සුරවීර මේ අර අදින්නේ ලොකු කතාවකට කියලා. ඒත් එක්කම මම බය වුණා මුගේ කතාව අහං ඉඳලා මට මේ කොණ්ඩේ කපන පුටුව උඩ නින්ද යාවිද කියලත් . "ඉතින් කියහංකෝ බලන්න මොකද වුණේ කියලා . අපිටත් දැනගන්න උඹගේ රාජකීය පෙම් කතාව !” මමත් යට පැත්තෙන් යන්තමින් හිනා වෙන ගමන් නක්කලේට වගේ සුරවීරට එහෙම කීවා .මගේ නළලට වැටිච්ච කෙස් කොට ඉස්පන්චි කෑල්ලකින් පිහලා දාලා සුරවීර කතාව පටන්ගත්තා. ඒක දිග කතාවක් !!. සුරවීර එදා ඒ කීව කතාව මම කිසිම අඩු වැඩියක් නැතුව ලියන්නම් . මේක තවත් එක බූට් කතාවක් නම් නෙවේ . හුඟක්ම වෙනස් ආදර කතාවක් ..! එදා සුරවීරගේ කටින් ගිය වචන අද මට මතක හැටියට මම අමුණන්නම් ..! "ඒ සිද්ධිය වුණේ 1999 යේ ! උඹලා ඒ දවස් වල පොඩි එවුං මම නම් එතකොට දහය වසරේ ඉගන ගන්න කාලේ. මම හිටියේ ගෝනගල ගමේ කුරුණෑගල බන්ටෙකේ ..” ඔන්න ඔය වචන කීපය සුරවීර අයියගේ කටින් පිට වුණා විතරයි මගෙ මූණෙ තිබුණු හිනාව අතුරුදහන් වුණා ඒ එක්කම මේ කියන්න යන කතාවේ අවසානයට වෙන්නේ මොකක්ද කියලත් මම තේරුම්ගත්තා .අපේ අල්ලපු ගමේ තිබුණු කුරුණෑගල බන්ටෙක කියලා හඳුන්වාපු කොළණියේ අයට 1999 කාලේදී වෙච්ච අවාසනාවන්ත සිදුවීම මම මගේ කන්දෙක පිරෙන්න අහලා තියනවා ඒ වගේම දැකලත් තියනවා . ඉතින් ඒ කාලකණ්ණි හැඟීමත් එක්ක ලෙයින් තෙත් වෙච්ච ආදර කතාවකට සූදානමින් මම සුරවීරගේ කතාවට ඇහුංකන් දුන්නා . "උඹ දන්නවානෙ මල්ලි ! ඒ දවස් වල අපේ ගමේ තිබුණ නීතිය . කෙල්ලෙක් නම් ගාමන්ට් යන්න ඕන කොල්ලෙක් නම් ආමි යන්න ඕන එහෙම නැත්තං කුඹුරට බහින්න ඕන. ඉතින් බං ඔන්න ඔය හේතුව නිසා අපේ පවුලේ අයියලා දෙන්නම ඉස්කෝලේ ගියේ නෑ. මමයි නංඟියි විතරයි ඉස්කෝලේ ගියේ .මම ගියේ අහවල් ඉස්කෝලෙට . ඉස්කෝලේ යන එකත් මම ඒතරම් ආසාවෙන් කල දෙයක් නෙවේ .සමහර දාට හරක් බඳින්න යනවා, සමහර දාට කුඹුරු වැඩ, තව දවසකට කම්මැලියි . ඉතින් මම ඉස්කෝලේ ගියෙත් නිකම් අවාරෙට පොල් වැටෙනවා වාගේ . අනික ගම වටේම හිටියේ කොටි ! ඉතින් මිනිහෙක් එළියටවත් බහින්න බයයි . ඕවා අස්සේ කෝමද ඉස්කෝලේ යන්නේ ? “ බොහොම හෙමින් කොණ්ඩේ කපමින් යන අතරෙම සුරවීර කතාව කියනවා . මමත් පිටි පස්ස හැරිලා බලන්න බැරි නිසා ඉස්සරහා තියන කණ්ණාඩියෙන් ඉඳලා හිටලා සුරවීරගේ මූණ දිහා බලනවා . "ඒකිගේ නම මාලනී එතකොට ඒකි හිටියේ අට වසර පන්තියේ !” ඒ ටික කියද්දී සුරවීරගේ මූණේ අමුතු එළියක් වැටුණා .ඉතින් සුරවීර තමන්ගේ පළමු පෙම්වතියගේ නම ඔන්න ඔය විදිහට මට එළි කළා . "මාලනී අපේ ඉස්කෝලේ එක වසරෙන් ඉස්කෝලෙට බාර දුන්නු දවසේ පටන්ම මම ඒකිව නිතරම දැක්කා .මාලනීලගේ ගෙවල් තිබුණෙත් කුරුණෑගල බන්ටෙකේ මුලටම වෙන්න . මම පොඩ් කාලේ ඉඳන්ම ඒකිව නිතර දැකලා එහෙම තිබුණට වැඩිය කතා බහ කරලා නම් තිබුණේ නෑ . මුලදී මට එහෙම කතා කරන්න උවමනාවක් තිබුණෙත් නෑ. මොකද ඒකි මට වැඩිය අවුරුදු දෙකක් විතර බාලයි මල්ලි . අනික මාලනී ඒතරම් ඇඟපත තිබුණු මහත කෙල්ලෙකුත් නෙවෙයි බොහොම චූටි ළපටි කෙල්ලෙක් ..” මම ආයෙමත් වතාවක් කණ්ණාඩියෙන් පේන සුරවීරගේ මූණ දිහා බැලුවා. සුරේ අදටත් හොඳ කඩවසම් හාදයා . වයස අවු 15 දී 17 දී ඌ බොහොම ලස්සන කොල්ලෙක් වෙන්නැති ! ඉතින් උගේ හිත ගන්න සමත් වුණු මාලනීත් කැත කෙල්ලක් වෙන්න බෑ ! ඒකිත් අපේ පළාතටම ආවේණික ලස්සනින් සම්පූර්ණ කෙල්ලෙක් වෙන්නැති ..! "පොඩි කාලේ ඉඳලා එක දිගට ඒකිව දැක්කට මට ඒකි ගැන යන්තමටවත් කැක්කුමක් හිතට ආවේ නෑ බං . ඒත් දවසක් දා මම නොහිතපු විදිහට ඒ කෙල්ල මගේ හිතට බරක් වුණා .” ටිකක් වෙලා නිහඬව හිටපු සුරවීර ආයෙමත් කතාව පටන්ගත්තා . සමහර විට එක දිගටම කතාව කියාගෙන යන කොට හරියට ඉවසීමෙන් කොණ්ඩේ කපන්න බැරිව ඇති !. නැත්නම් මේ කතාව කියන එක සුරවීරට දුකක් වෙන්නැති . ! "ඒ දවස් වල අපේ ඉස්කෝලේ ඔය ගොම එහෙම එකතු කරලා කොම්පෝස් පොහොර හදන වැඩසටහනක් ගියා උඹට මතක ඇති .?” "හ්ම් ඔවු ඔවු මට මතකයි බං ! “ "ඕකෙදි ඉතින් උණේ පන්ති වල කොල්ලෝ කෙල්ලෝ සේරම මහ දවාලේ එළියට දාලා උදලු, මුල්ලු, රේක්ක දීලා ඉගැන්වීම් පැත්තක දාලා පොහොර හදවාපු එක. ඒ දවස් වල ඉතින් ගුරුවරුන්ටත් අයිස් ගහන්න තියේනම් වෙන මොනාද ඉතින් ?. එයාලා පැත්තටවත් එන්නෑ.! ළමයි ටික උදේ ඉඳන් දාඩිය දාගෙන අර ගොම පොහොර වළේ බැහැලා කොටනවා .” "ඒක ඇත්ත බං මමත් අනන්ත ගිනි අවුවේ ඉඳලා තියේ ඔය විකාර වැඩ වලට ! අන්තිමට ඔය පොහොර ගෙනිච්චෙත් චීචර්ලා සර්ලා විතරයිනේ .” "එක දවසක් ඔහොම පොහොර හද හදා ඉන්දෙද්දී මාලනී එකපාරම කලන්තේ දාලා වැටුණා . ! ඒ කෙල්ල එදා වැටිලා හිටපු හැටි දැක්කාම මට පුදුම දුකක් දැනුණා . තව කොල්ලෙක් එක්ක ඒකිව පන්තියට උස්සගෙන ගියෙත් මම , ඒකිගේ මූණට වතුර බෝතලේකින් වතුර අරං ඉස්සෙත් මම . කොහොම හරි ඒකි ඇස් ඇරලා මා දිහා බැලුවා ඒ බැල්මම ඇති බං මම ඒකිට පිස්සු වැටෙන්න . ඔන්න ඔය දවසේ ඉඳලා මම ඒකිට බොක්කෙන්ම ලවු කරා ! .” වතුර විදින බෝතලේ ගත්තු සුරවීර මගේ කොන්ඩෙට කීපවාරක් වතුර විදලා ආයෙම කතාව කියන්න පටන්ගත්තා . "එදා ඉඳන් මගේ හිතේ ඒකි ගැන අමුතු ලෙංගතුකමක් ඉපදුනා බං . වෙනදාට අකමැත්තෙන් ඉස්කෝලේ යන මම ඊට පස්සේ දිගටම ඉස්කෝලේ යන්න පටන්ගත්තා .අපේ ගෙවල් තිබුණේ කුරුණෑගල බන්ටෙකේ අවසානෙට වෙන්න මාලනීලෑ ගෙවල් තිබුණේ මුලටම වෙන්න . ඉතින් මම උදෙන්ම නැගිටලා ඉස්කෝලේ යනවා . උදේට නොකා යන්නත් බෑ. ඒත් කකා හිටියොත් පරක්කු වෙලා මාලනීව මිස් වෙනවා ඉතින් බං මම පාර දිගේ බත් එක කකා තමයි උදේ ඉස්කෝලෙට ගියේ . මතකද අර හතරෙ කෑල්ලේ පාලම ?” "හ්ම්..” මමත් හූමිටි තියමින් කතාව අහනවා ! "ඉස්සර ඕක බෝක්කුවක් විතරයි ඒකේ ඇතුළේ මම බෙලෙක් පිඟාන හෝදලා හංඟලා ඇළෙන් වතුර බීලා ඉස්කෝලේට යනවා . හවසට ගෙදර එනකොට ආයේ පිඟාන අරගෙන එනවා . ඔන්න ඔහොම චාටර් කකා මම මාලනීලගේ ගෙවල් ගාවට ලං වෙලා ඒකි ගෙදරින් එළියට බහිනකම් ඉන්නවා . ඊට පස්සේ එයාගේ පස්සෙන් මමත් හෙමීට ඉස්කෝලෙට යනවා .” "ඒකිත් එක්ක කතා කර කර නෙවේද උඹ ගියේ ?” "පිස්සුද බං !. මම ඒකිට මීටර් හතරක් විතර පරතරයක් තියාගෙනයි හැම වෙලාවෙම හිටියේ . උඹ දන්නවානේ අපේ ගමේ බුවාලගේ හැටි ! කෙල්ලෙකුගේ ඇඟේ වැරදීමකින් හැප්පුණත් ඇති පදයක් හදන්න . උඹට මතකද ඒ කාලේ කෙල්ලක් සහ කොල්ලෙක් අතරේ "ඔයා" කියන වචනේ හුවමාරු වුණොත් වෙන දේ ?” ප/ලි = කතාව ටිකක් දිග වැඩියි . ඒ නිසා මට මේක කොටස් දෙකකට දාන්න වෙනවා ඒකට සමාවෙන්න අනිත් කොටහ හෙට හෝ අනිද්දාට . නම් ගම් මනංකලිපිතයි ![/SIZE] [url]http://hisahasa.blogspot.com/2011/10/2.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom