Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝනගල ගමේ සැඟව ගිය ආදර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සුද බං . මම ඒකිට මීටර් හතරක් විතර පරතරයක් තියාගෙනයි හැම වෙලාවෙම හිටියේ . උඹ දන්නවානේ අපේ ගමේ බුවාලගේ හැටි ! කෙල්ලෙකුගේ ඇඟේ වැරදීමකින් හැප්පුණත් ඇති පදයක් හදන්න . උඹට මතකද ඒ කාලේ කෙල්ලක් සහ කොල්ලෙක් අතරේ "ඔයා" කියන වචනේ හුවමාරු වුණොත් වෙන දේ ?”

"දන්නවා දන්නවා !! උඹ ඔය රට බයිලා නොකියා කතාව කියපන්කෝ"

"මම දවස් ගාණක් ඔය විදිහට මාලනීගේ පිටිපස්සෙන් ඇවිදං ගියා .අතර මග තුම්මං හන්දියේදී අනෙක් කොල්ලෝ ටිකත් මට එකතු වෙනවා ඉතින් අපි කට්ටියම ඉස්කෝලේට ඇවිදං යනවා . මම පස්සෙන් එන විත්තිය මාලනී දැනං හිටියා. ඒකි හොරෙන් පිටිපස්ස හැරිලා බලලා අනෙක් කෙල්ලෝ එක්ක හිනා වෙන හැටි මම නිතරම දැක්කා . අපේ සෙට් එකේ ඒ දවස් වල හිටපු කොල්ලෝ එකෙක්වත් අද කාලේ උන් වගේ ඕන්නැති මෝඩ ජෝක් දාන්න හදන උන් නෙවේ . ඉතින් උන් එකෙක්වත් කට හොල්ලන්නෑ මගෙත් එක්ක හෙමීට හිනා වෙවී එනවා විතරමයි . ඒත් දවසක් මචං මට ඔය විදිහට පස්සෙන් ගාටලාම එපා වුණා . ඇයි බං ! මේකේ තේරුමක් තියෙන්න එපෑය . මේ කෙල්ලට මගේ හිතේ තියන දේ කියලා ලියුමක් දෙන එක හොඳයි කියලා ගොඩ දවසක ඉඳන්ම හිතිලා තිබුණා . ලියුමක් ලියලා ඒක මැදට ගැට පිච්ච මලක් දාලා සුවඳ කරලා ගණිතය අච්චුපොත මැද හිරකරගෙන හිටියත් ඒක දෙන්න තිබුණේ පුදුම බයක් බං ..”

"ඒකනේ බොල මම කීවේ ඕන වීරයෙක් කෙල්ල ඉස්සරහා බලු වෙනවා කියලා. ! “

"එහෙම බයක් නෙවෙයි බං මට තිබුණේ ! වෙන විදිහක බයක් .”

"මොන විදිහේ ?”

"කෙල්ල ගෙට වෙලාද නැද්ද කියලා මට සුවර් එකක් තිබ්බේ නෑ බං. ඒකි එතකොට අටේ නේ !”

මම මේසෙට හයියෙන් පාරක් ගහලා ටිකක් සද්දෙන් හිනාවක් දැම්මා . මම හිතුවේ සුරේට මල පයින්න ඇති කියලා . ඒත් මොහොතකින් මම දැක්කා පොරත් මගෙත් එක්කම හිනහ වෙන හැටි .

"හ්ම් හ්ම් දැං ඉතින් ඊට පස්සේ මොකද වුණේ ?”

"මට ඔය ගැන හොයන්න ඕන වුණාට බං හොයන්න ක්‍රමයක් තිබුණේ නෑ. මොකෝ අම්මගෙන් , තාත්තගෙන් අහන්න කියලයෑ අම්මේ තාත්තේ අහවල් කෙල්ල ගෙට වුණාද? කියලා ! ඒත් දවසක් අපේ ගැංසියේම එකෙක් ඕක හොයාගෙන තිබුණා ඌ මට ඇවිල්ලා කිවුවා ඒකි ගෙට වෙලා මාස හතකටත් වැඩියි කියලා . ඔන්න ඕක ඇහුවහම තමා කාලෙකට පස්සේ මගේ හිතට සතුටක් ආවේ .ඊට පස්සේ මම අනික් පහුවදා උදේ වෙනකම් ඇඟිලි ගැන ගැන හිටියා .”

"උඹට ඉතින් පහුවදාට එළි වෙනකම් නින්දක් නැතුව ඇති නේද ?”

"ඔවු නිදා ගත්තේ නම් නෑ ! හැබැයි මාලනීව මතක් වෙලානම් නෙවේ මට නින්ද නොගියේ !”

"එහෙනම් ?”

"එදා රෑ පියංගල පොලිස් පෝස්ට් එකට කොටි ගැහුවා . ඒ නිසා අපේ බන්ටෙකේ ගෙවල් වල හැමෝම ටිකක් පහළට ගිහින් කැලේ හැංගිලා හිටියා. . ගෙදර එනකොට පාන්දර තුනයි ! “

පියංගල පොලිස් මුරපොළ පිහිටලා තිබුණේ සුරවීරලෑ ගමේ ඉඳලා තව ගම්මාන දෙකකට විතර දකුණෙන් . එතන හිටි පොලිස් නිලධාරින් රැය ගෙවුවේ කොහොමද කියන්න මම තවම දන්නෑ .ඒ මුරපොළේ සේවයට යන්න ඒ කාලේ ගම් පළාතේ හිටපු පොලිස් නිලධාරීන් පුදුම බයක් දැක්වුවා .ඒ මුරපොළේ හිටි සමහර නිලධාරීන් ගිනි අවියයි , නිල ඇඳුමයි බංකරේක අතැර දාලා රස්සාව අමතක කර දාලා ගෙදර ඇවිදින් හැංගිලා හිටපු අවස්ථා පවා මම අහලා තියනවා .

ජීවිතේට තියන ආසාව අනික් හැම ආසාවකටම වඩා ලොකුයිලු නේ ! . ඒ වගේම මට අද වගේ මතකයි මගේ තාත්තටත් ඔය පියංගල මරු කපොල්ලෙන් එපිටට යන්න බැරි වුණ හැටි .මට මැවිලා පෙනුණා පියංගල තාර පාර මැද වෙඩි උණ්ඩ හයක් වැදුණු තාත්තගේ මිනිය වැටිලා තියන හැටි .

සුරවීර ආයෙත් කතාව පටන්ගත්තා

"වෙනදා නම් කැලේ ඉඳලා ආපුවාම මම ආයේ ඉස්කෝලේ යන්නේ නෑ ඇඟේ පතේ අමාරුවට තෙල් ටිකක් ගාගෙන දවල් වෙනකම් හොඳට නිදියගන්නවා . ඒත් එදා මට ඉස්කෝලේ නොගින්ම බැරිවුණා ඇස් දෙකෙන් නිදි මත බේරි බේරි මම වෙනදා වගේම ඉස්කෝලේ ගියා .ඉස්කෝලෙට යන අතරමගදිත් මම හිතුණා අද මාලනී නෑවිත් ඉඳීද කියලා .. මගෙ කකුල් වෙවුලුවා බං ඒ වෙලාවේ ..හැක හැක හැක "

සුරවීර උගෙ ගිරෙහෙනි හඬෙන් හිනා වුණා. මට නම් ඒ මොහොතේ හිනා නොගියේ මම සුරවීර කියන කතාවට තදින්ම හිත යොමු කරගෙන සිටි නිසා වෙන්නැති . සුරංගනා කතාවක් රස විඳින පොඩි එකෙක් වගේ මමත් සුරවීර කියන මේ කතාව ආසාවෙන් අහං හිටියා .

"මගෙ වෙලාවට දෙයියෝ බැලුවා වාගේ කෙල්ල ඉස්කෝලේ ඇවිදිල්ලා තිබුණා . . ඒකි මමයි තෝයි වගේ කම්මැලි නෑ යකෝ ! ඒකි කොටි නෙවේ අලි ගහනවා කීවත් ඉස්කෝලේ කට් කරන්නේ නෑ ඒකි සිස්සත්තෙත් පාස්.”

"එහෙමද ?”

"ඔවු ඔවු .මම මචං පොඩ්ඩක්වත් පමා වුණේ නෑ . උදේම කෙල්ලත් එක්ක කතා කරන එක හොඳයි මොකද ප්‍රෙස් පිටනේ බං ! අනික දවල් වෙනකොට දාන දාඩිය පොල්ල උඹ දන්නවානේ ? ඔය වගේ දාඩිය දාගෙන, මුට්ට කරගහන එකෙක් වගේ කෙල්ල ගාවට යන්න මම කැමති වුණේ නෑ. ඉතින් මම බුදුන් වඳින්නත් කලින්ම අට වසර පන්තියට ගියා .ගුරු මේසෙට මේස රෙද්ද එල එලා හිටි කෙල්ල ගාවට කිට්ටු වුණා .. ඊට පස්සේ මචං මම ලියුමත් දුන්නා ..”

"ඒකි ගත්තද ?”

"මුලින්ම ඒකි මෙහෙම ඇහුවා මේ මොකද්ද අයියේ ? කියලා මම කීවා ගන්නකෝ කියලා ඊට පස්සේ ඒකි හිනාවකුත් දාලා ඒ ලියුං කෑල්ල අරං අතේ තියාගත්තා “

"උඹට ඉතින් රජ වුණා වගේ දැනෙන්න ඇති ?”

"මේ මොනා කියනවාද බං ! මම ඒකිට හෙමීටම කීවා මට උත්තරයක් ඕන කියලා . ඒකිත් ඔළුව වැනුවා . ඉතින් මගේ හිත දැන් දන්නවා වැඩේ ගොඩ කියලා . මචං මම නම් වැඩේ ගොඩ යන බව කලින් ඉඳන්ම දැනගෙනයි හිටියේ . ඒත් මම මේකි ටිකක් පොඩි නිසා තමයි මේක කල් දදා හිටියේ..”

"තව කොට කරනවද ? නැත්නම් මේ ඇතිද ?”

කතාව ටිකකට නතර කරපු සුරවීර මගේ ඔළුව පිටිපස්සට පොඩි කණ්ණාඩියක් අල්ලන ගමන් තමයි එහෙම ඇහැවුවේ.

"ඔය ගාන හොඳයි . “

"උඹ දන්නවා ඇතිනේ ! කෙල්ලෙක්ව සෙට් කරගත්ත අලුත කොල්ලෙකුට දැනෙන ගතිය මොනවගේද කියලා . උඹට කියන්න ඒ දවස් වල මම ඉස්කෝලේ ගියේ එක් සාක්කුවක පනාවයි අනික් සාක්කුවේ කණ්ණාඩියයි දාගෙන .අනිත් එවුං මූණවත් හෝදන්නේ නැතුව ඉස්කෝලේ එනකොට මම නම් හොඳ පිළිවෙළට ඉස්කෝලේ ගියා .ඒක හින්දා මට එක සැරයක් අහවල් හෝටලේ අයිතිකාරයාගේ දුව හිටං ලයින් දදා හිටියා ..”

"අනේ මේ කතාව කියහංකෝ බං පම්පො පාර පැත්තකට දාලා" .මට එහෙම කියන්න හිතුණත් ඒ සිතිවිල්ල වචන වලට පෙරළුණේ නෑ

"කොහොම හරි ඉතින් මම අනික් පහුවදා වෙනදටත් වඩා උදෙන් ඉස්කෝලේ ගියා . මම ඉස්කෝලෙට යනකොටයි දැක්කේ කෙල්ල මටත් කලින් ඉස්කෝලේ ඇවිල්ලා . මමත් ඉතින් වෙන එවුං නැති වෙලාවක් බලලා හෙමීට කෙල්ලට කිට්ටු කළා . මම දුර තියාම දැක්කා ඒකිගේ මූණේ හිනාවකුයි අතේ තනිරූල් පොතක කොලේකුයි ගුලි වෙලා තියන හැටි . මම ළඟට ගියාම කෙල්ල මට ලියමන දුන්නා . හවසට ගෙදර යනකොට මගදී පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කියලත් කිවුවා .”

"ඒ කියන්නේ වැඩේ ගොඩ ගියා . !”

"හ්ම් වැඩේ නම් ගොඩ. මම මාලනීව ගෙදර යන අතර මගදිත් හම්බ වුණා . මම ඒකිට ඉතින් මගේ හිතේ තිබුණු සේරම දේ කියලා දැම්මා . ඔන්න ඔය විදිහටයි මම කෙල්ලගේ හිත ඉල්ලගත්තේ .”

"ඊට පස්සේ ?”

"ඊට පස්සේ තමා මට හෙනේ ගැහුවේ ! . ඔන්න මචං එදාම හවස . මමයි අපේ අල්ලපු ගෙදර ශාන්ත අයියයි , රාල අයියයි (එදා සුරවීරට රාල අයියා කියලා හඳුන්වපු කෙනාගේ නියම නම මතක තිබුණේ නෑ ) වැවට ගියා නාගන්න . රාල අයියා ග්රාමාරක්ෂක කෙනෙක් . ශාන්ත අයිය නම් කුඹුරු වැඩ තමා කළේ . අපි නාලා අපේ ගමේ තිබුණු බණ ගෙදරක බණ අහන්න යන්න හිතාගෙනයි හිටියේ . කොහොම හරි මල්ලී මම නනා ඉන්න අතරේ අරුන් දෙන්නා ඉක්මනට දෙකක් තුනක් නාලා . පිහගෙන යන්න ගියා . මම කෑගැහුවා මම එනකම් ඉඳපල්ලා !! කියලා උන් දෙන්නා නෑහුණා වගේ ගියා . ඉතින් මම තව ටිකක් වෙලා නාල ගෙදර ගියා . ගෙදර ගියෙත් හිතේ සතුටින් ඇයි මාලනී දීපු ලියමන බලන්න පුළුවන්නේ . ! . ඉතින් ගෙදර ගිහින් ඒක කියවමින් ඉන්න අතරේ මට හිතුණා අද ආයේ බණ ගෙදර යන්න ඕන නෑ මේ ලියුමට උත්තරයක් ලියලා දැම්මා නම් හොඳයි කියලා . ඉතින් මම සේරම වැඩ අහක දාලා කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන ලියුම ලියන්න ගත්තා . “

"ඒ කාලේ කරන්ටෙක නැද්ද උඹලට . ?”

"පිස්සුද ? ඒවෙනකොට 28 හන්දියට එනකම් විතරයි වයර් ඇදලා තිබුණේ . අපි චිමිනි ලාම්පුයි කුප්පි ලාම්පුයි තමා පත්තු කරගෙන හිටියේ .”

"ඊට පස්සේ මොකෝ වුණේ..? ලියුම ලීවද ගෙදරට මාට්ටුද"

"ගෙදරට මාට්ටු වුණේ නම් නෑ . මම ලියුම අවසාන කරන්න හදනකොට වෙලාව එකොළහට විතර ඇති .මම ලියුමේ අන්තිමට ලිවුවේ ඔයා හොඳට ඉගන ගන්න නංගි කියලා . මට තවම ඒක මතකයි . මම ඒක ලියලා ගණිත පොතේ ඇතුළට දාලා ගිහිං පැදුරේ ඇල වුණා . මට විගහට නින්ද ගියා . ඒත් පාන්දර එකයි දහයට විතර මම උඩ වීසි වෙලා ඇහැරුණේ ඇඟ හීතල වෙලා යන මහා විලාපයක් ඇහිලා ! ඒක මර ලතෝනියක් බං !!. අපි හොඳට කන් දීගෙන හිටියා .එක පාරටම වෙඩි පාරවල් දෙක තුනකුත් ඇහුණා අපි දැනගත්තා ගමට කොටි පැනලා විත්තිය . ලොකු අයියලා දෙන්නා අල්මාරිය හරස් කරලා අපේ ඉස්සරහා දොර කවර් කළා . ගෙදර පිටුපස ජනේලෙන් පැනගත්තු අපි පණ එපා කියලා දුවලා දුවලා නතර වුණේ පිටිපස්සේ කැලේට ගිහිල්ලා . උදේ හය වෙනකම්ම අපි නින්දක් නැතුව කැලේට වෙලා හිටියා .”

"පිස්සු හැදෙනවනේ බං !”

"කැලේ නම් නෝමල් මල්ලි .ආයෙ ගෙවල් ගාවට එනකොට වෙලාව හයයි හතළිහට විතර ඇති . අපේ ගෙදරට නම් කිසිම හානියක් වෙලා තිබුණේ නෑ . අපේ ගෙදර කුරුණෑගල බන්ටෙකේ අන්තිමේට තිබුණු නිසා වෙන්නැති . ගමට වෙච්ච දේ බලන්න අපි අනිත් පැත්ත හැරිලා ගියා . මම දැක්ක දේ උබට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මල්ලි . ගමම අමුසොහොනක් වෙලා තිබුණා . උදේ ඉස්කෝලේ යනකොට හම්බවෙච්ච එවුන් ලේ පෙරාගෙන වැටිලා හිටියා . පාරහ කොටි හැත්ත ගමේ එවුන්ව කෑලි වලට කපා දාලා . “

"මම ඔය තැනට යනකොට දහයට විතර ඇති බං" . මමත් මගේ පරණ මතකය අලුත් කරා

"උඹ යනකොට ගොඩක් ප්‍රමාදයි . ඒත් මම යනකොට පොලීසියෙන්වත් ඇවිදිල්ලා නෑ . අපි ගෙවල් එකින් එක පහු කර කර ඉස්සරහට ගියා .මල්ලිට කියන්න එක ගෙදරක් ඇතුළේ අපෙ රාල අයියා මැරිලා හිටියා අනිත් ගෙදර මිදුලේ ශාන්ත අයියා මැරිලා වැටිලා හිටියා. ඒත් උන් මැරිලා තිබුණේ නියම පිරිමි වගේ . උන් දෙන්නා කොටින්ට අම්බානෙට නෙලලා . රාල අයියා ෆයිට් කරලා තිබුණේ ජනෙල් පළුවකින් ඌ හතර දෙනෙක් එක්ක තනියම විනාඩි විස්සක් විතර ඔට්ටු වෙලා තිබුණා . ශාන්ත අයියත් කොටිත් එක්ක අතින් පයින් ගහගෙන තිබුණා උන් දෙන්නම අන්තිමේදී කඩු පාරවල් කාගෙන මැරිලා . තනි එකෙක් එක්ක කඩු ගත්ත හත් අට දෙනෙක් හටන් කරද්දී කොහොමද බං බේරෙන්නේ . ?”

යන්තම් ඔළුව උස්සලා බලනකොට මම දැක්කේ මේ කතාව අහන්නේ මම විතරක් නොවන වග . කොන්ඩේ කපන්න ආපු තව කීප දෙනෙක් ටීපෝ එක උඩ පිරිලා තිබුණු පත්තර දිහෑ යන්තම්වත් නොබලමින් කටවල් ඇරගෙන සුරවීරගේ කතාව අහගෙන හිටියා .

සුරවීර ආයේ කතාවට වැටුණා.

"එදා මම බණ ගෙදර ගියානම් මම ගෙදර නොගිහින් මේ රාල අයියා එක්ක නතර වෙනවා . ඒත් මගෙ වෙලාවට මට බණ ගෙදර යන්න බැරි වුණා . මම ඔය ගැන හිත හිතම අයියලා එක්ක ඉස්සරහට ගියා . මල්ල්ලි මගේ පපුව හීතල වෙලා ගියේ මාලනීලගේ ගෙවල් ගාවට ළංවෙද්දී . අනේ ඒ කෙල්ලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම හිතින් කිය කිය ගියා මල්ලී . කලබලේ වැඩි කමට මගේ කකුලේ දාගෙන හිටපු බාටා සෙරෙප්පු දෙක පවා මටම පෑගෙන්න ගත්තා . මමයි ලොකු අයියයි මාලනීලෑගෙවල් ළඟටම ගියා ..අපි මාලනීලගේ ගෙදරට කිට්ටු වෙනකොට මම දැක්කා ඒ ගෙදර දොර දෙකට මැදින් පැලිලා තියන හැටි. පපුව දඩ දඩ ගාලා ගැහෙද්දී මම ගේ ඇතුළට එබුණා"

මම හැරිලා සුරවීර දිහා බැලුවා . මම විතරක්ම නෙවේ කොණ්ඩේ කපන්න ආපු හැමෝම කටවල් වලින් බලං උන්නා ඊළඟට මෙයා මොනවද කියන්නේ කියලා .

"සාලේ මැද මාලනී වැටිලා හිටියා එයාගේ වටේ ලේ විමාණයයි . කොටි ඒකිව දූෂණය කරලා මරලා දාලා තිබුණා .ඒ පුංචි කෙල්ලගේ ඇඟේ තැන තැන කටින් හපා කාපු පාරවල් තිබුණා . ඒ විතරක් නෙවේ ............................ තිබුණා . එකිගේ අම්මයි තාත්තයි දෙන්නත් මරලා දාලා තිබුණා .”

ඔය හිස් තැන මට පුරවන්න බෑ මාලනීට කොටි අතවර කරලා තිබුණු හැටි මට කවදාවත් කටින් කියන්නවත් අතින් ලියන්නවත් බැරි වේව් . ඒවා ඇස් පනාපිටම දැකපු සුරවීර කොහොම ඉවසන්න ඇත්ද ?. මට ලියන්නවත් බැරි මේ දේවල් ඒ පජාත සක්කිලි කොටි හැත්ත කොහොම කළාද ?

"උඹ දන්නවද ? මල්ලී මගේ ජීවිතේ බේරගත්තේ ඒ කෙල්ලගේ ආදරේ !!.එදා මම ඒකිට ලියමනක් ලියන්න නොහිතුණා නම් මමත් යනවා අරුං එක්ක බණ ගෙදර. එහෙනම් මටත් කෑලි කෑලි වලට කැපෙන්න වෙනවා සිකුරුයි . මම ඒකිට ආදරේ කල නිසා මම බේරුණා ඒත් ඒකිව බේරගන්න තරම් මගේ ආදරේ බලගතු වෙලා නෑ බං . ඒ කෙල්ල මාව බේර ගන්නම උපන්න දේවතාවියක්ද කොහෙද . මම කොහොමවත් හිතුවේ නෑ මම යාළු වෙන පළවෙනිම කෙල්ල මට වචනේ දීලා අනිත් පැත්තට මැරිලා යාවි කියලා . ඒකිගේ හිතේ මැරෙන වෙලාවේ මොනවා තියෙන්න ඇත්ද බං ? . පවු අසරණී !!

සුරවීර සුසුමක් හෙළුවා

"සතියක් විතර යනකම් මම පුදුම දුකකින් හිටියේ . ඒත් බං උපන්දා ඉඳන්ම කොටින්ගේ කටේ ජීවත් වුණු අපට ඕක දවස් හතකින් අමතක වෙලා ගියා .ඒත් තවම මට මාලනීගේ මූණ විටින් විට මතක් වෙනවා"

මම කොණ්ඩේ කපලා ඉවර වෙලා පුටුවෙන් නැට්ටත් මගේ හිතේ රැඳිලා තිබුණේ සුරවීර කියපු මේ දුක්බර කතාව . ඒ කතාවම විතරක් නෙවේ මේ මුලු සිදුවීමම දුකක් ජීවිත පනස් හතක් නිකම් නැති වුණා . කතා කරගන්න බැරි අත දරුවෝ . මෙලොව එලියවත් නොදුටු අම්මාගේ බඩ ඇතුලෙම මියැදුණු පොඩි එවුන්, වයසක, තරුණ ගොඩ දෙනෙක් නිදි පැදුරෙම මියැදුනා .

කතාව ඉවර වෙලා විනාඩි කීපයකින් ආයේ සුරවීර පරණ පුරුදු සිනා මුසු පෙනුම ආරූඩ කරගත්තා. ඌට දුකක් නෑ. මටත් එහෙමයි කියලම දුකක් නෑ. ඒත් කථාවෙන් පස්සේ හිතට මුත්තක් දැනෙනවා මම දන්නෑ ඒ මොකද කියලා.

එදා දහය වසරේ කොල්ලා වෙච්චි සුරවීර අද වෙනකොට බොහොම සතුටෙන් ජීවිතේ ගතකරනවා . ඌ පරණ මතකය මත්තෙම නැහෙන්නැතුව අලුතෙන් ජීවිතේ ගොඩ නගා ගත්ත එකෙක් .

ඒ වෙනකොට හතර වසරේ හිටපු මට මෙ සිදුවීම යාන්තමට මතකයි. ඒත් මම එදා දැකපු වේදනාවෙන් පිරුණු මල සිරුරු වල මුහුණු මට කවදාවත් අමතක කරන්න බෑ. මේ සම්පූර්ණ සිදුවීම ජායාරූප ගත කළේ මගේ මාමා . එයා අරගත්ත පින්තූර වලින් කොටසක් මගේ ළඟ අදටත් තියනවා . ඒවා බ්ලොග් එකේ පල කරනවද නැද්ද කියන එක පසුව තීරණය කරන්නම් .

දැන් මේ හැම සිදුවීමක්ම අතීතයට එකතු වෙලා ඉවරයි . මමත් මේ සිදුවීම ගැන කතාකරන අවසන් අවස්ථාව තමයි මේ .

[QUOTE="Alaya, post: 20953661, member: 3897"] [SIZE="3"]පිස්සුද බං . මම ඒකිට මීටර් හතරක් විතර පරතරයක් තියාගෙනයි හැම වෙලාවෙම හිටියේ . උඹ දන්නවානේ අපේ ගමේ බුවාලගේ හැටි ! කෙල්ලෙකුගේ ඇඟේ වැරදීමකින් හැප්පුණත් ඇති පදයක් හදන්න . උඹට මතකද ඒ කාලේ කෙල්ලක් සහ කොල්ලෙක් අතරේ "ඔයා" කියන වචනේ හුවමාරු වුණොත් වෙන දේ ?” "දන්නවා දන්නවා !! උඹ ඔය රට බයිලා නොකියා කතාව කියපන්කෝ" "මම දවස් ගාණක් ඔය විදිහට මාලනීගේ පිටිපස්සෙන් ඇවිදං ගියා .අතර මග තුම්මං හන්දියේදී අනෙක් කොල්ලෝ ටිකත් මට එකතු වෙනවා ඉතින් අපි කට්ටියම ඉස්කෝලේට ඇවිදං යනවා . මම පස්සෙන් එන විත්තිය මාලනී දැනං හිටියා. ඒකි හොරෙන් පිටිපස්ස හැරිලා බලලා අනෙක් කෙල්ලෝ එක්ක හිනා වෙන හැටි මම නිතරම දැක්කා . අපේ සෙට් එකේ ඒ දවස් වල හිටපු කොල්ලෝ එකෙක්වත් අද කාලේ උන් වගේ ඕන්නැති මෝඩ ජෝක් දාන්න හදන උන් නෙවේ . ඉතින් උන් එකෙක්වත් කට හොල්ලන්නෑ මගෙත් එක්ක හෙමීට හිනා වෙවී එනවා විතරමයි . ඒත් දවසක් මචං මට ඔය විදිහට පස්සෙන් ගාටලාම එපා වුණා . ඇයි බං ! මේකේ තේරුමක් තියෙන්න එපෑය . මේ කෙල්ලට මගේ හිතේ තියන දේ කියලා ලියුමක් දෙන එක හොඳයි කියලා ගොඩ දවසක ඉඳන්ම හිතිලා තිබුණා . ලියුමක් ලියලා ඒක මැදට ගැට පිච්ච මලක් දාලා සුවඳ කරලා ගණිතය අච්චුපොත මැද හිරකරගෙන හිටියත් ඒක දෙන්න තිබුණේ පුදුම බයක් බං ..” "ඒකනේ බොල මම කීවේ ඕන වීරයෙක් කෙල්ල ඉස්සරහා බලු වෙනවා කියලා. ! “ "එහෙම බයක් නෙවෙයි බං මට තිබුණේ ! වෙන විදිහක බයක් .” "මොන විදිහේ ?” "කෙල්ල ගෙට වෙලාද නැද්ද කියලා මට සුවර් එකක් තිබ්බේ නෑ බං. ඒකි එතකොට අටේ නේ !” මම මේසෙට හයියෙන් පාරක් ගහලා ටිකක් සද්දෙන් හිනාවක් දැම්මා . මම හිතුවේ සුරේට මල පයින්න ඇති කියලා . ඒත් මොහොතකින් මම දැක්කා පොරත් මගෙත් එක්කම හිනහ වෙන හැටි . "හ්ම් හ්ම් දැං ඉතින් ඊට පස්සේ මොකද වුණේ ?” "මට ඔය ගැන හොයන්න ඕන වුණාට බං හොයන්න ක්‍රමයක් තිබුණේ නෑ. මොකෝ අම්මගෙන් , තාත්තගෙන් අහන්න කියලයෑ අම්මේ තාත්තේ අහවල් කෙල්ල ගෙට වුණාද? කියලා ! ඒත් දවසක් අපේ ගැංසියේම එකෙක් ඕක හොයාගෙන තිබුණා ඌ මට ඇවිල්ලා කිවුවා ඒකි ගෙට වෙලා මාස හතකටත් වැඩියි කියලා . ඔන්න ඕක ඇහුවහම තමා කාලෙකට පස්සේ මගේ හිතට සතුටක් ආවේ .ඊට පස්සේ මම අනික් පහුවදා උදේ වෙනකම් ඇඟිලි ගැන ගැන හිටියා .” "උඹට ඉතින් පහුවදාට එළි වෙනකම් නින්දක් නැතුව ඇති නේද ?” "ඔවු නිදා ගත්තේ නම් නෑ ! හැබැයි මාලනීව මතක් වෙලානම් නෙවේ මට නින්ද නොගියේ !” "එහෙනම් ?” "එදා රෑ පියංගල පොලිස් පෝස්ට් එකට කොටි ගැහුවා . ඒ නිසා අපේ බන්ටෙකේ ගෙවල් වල හැමෝම ටිකක් පහළට ගිහින් කැලේ හැංගිලා හිටියා. . ගෙදර එනකොට පාන්දර තුනයි ! “ පියංගල පොලිස් මුරපොළ පිහිටලා තිබුණේ සුරවීරලෑ ගමේ ඉඳලා තව ගම්මාන දෙකකට විතර දකුණෙන් . එතන හිටි පොලිස් නිලධාරින් රැය ගෙවුවේ කොහොමද කියන්න මම තවම දන්නෑ .ඒ මුරපොළේ සේවයට යන්න ඒ කාලේ ගම් පළාතේ හිටපු පොලිස් නිලධාරීන් පුදුම බයක් දැක්වුවා .ඒ මුරපොළේ හිටි සමහර නිලධාරීන් ගිනි අවියයි , නිල ඇඳුමයි බංකරේක අතැර දාලා රස්සාව අමතක කර දාලා ගෙදර ඇවිදින් හැංගිලා හිටපු අවස්ථා පවා මම අහලා තියනවා . ජීවිතේට තියන ආසාව අනික් හැම ආසාවකටම වඩා ලොකුයිලු නේ ! . ඒ වගේම මට අද වගේ මතකයි මගේ තාත්තටත් ඔය පියංගල මරු කපොල්ලෙන් එපිටට යන්න බැරි වුණ හැටි .මට මැවිලා පෙනුණා පියංගල තාර පාර මැද වෙඩි උණ්ඩ හයක් වැදුණු තාත්තගේ මිනිය වැටිලා තියන හැටි . සුරවීර ආයෙත් කතාව පටන්ගත්තා "වෙනදා නම් කැලේ ඉඳලා ආපුවාම මම ආයේ ඉස්කෝලේ යන්නේ නෑ ඇඟේ පතේ අමාරුවට තෙල් ටිකක් ගාගෙන දවල් වෙනකම් හොඳට නිදියගන්නවා . ඒත් එදා මට ඉස්කෝලේ නොගින්ම බැරිවුණා ඇස් දෙකෙන් නිදි මත බේරි බේරි මම වෙනදා වගේම ඉස්කෝලේ ගියා .ඉස්කෝලෙට යන අතරමගදිත් මම හිතුණා අද මාලනී නෑවිත් ඉඳීද කියලා .. මගෙ කකුල් වෙවුලුවා බං ඒ වෙලාවේ ..හැක හැක හැක " සුරවීර උගෙ ගිරෙහෙනි හඬෙන් හිනා වුණා. මට නම් ඒ මොහොතේ හිනා නොගියේ මම සුරවීර කියන කතාවට තදින්ම හිත යොමු කරගෙන සිටි නිසා වෙන්නැති . සුරංගනා කතාවක් රස විඳින පොඩි එකෙක් වගේ මමත් සුරවීර කියන මේ කතාව ආසාවෙන් අහං හිටියා . "මගෙ වෙලාවට දෙයියෝ බැලුවා වාගේ කෙල්ල ඉස්කෝලේ ඇවිදිල්ලා තිබුණා . . ඒකි මමයි තෝයි වගේ කම්මැලි නෑ යකෝ ! ඒකි කොටි නෙවේ අලි ගහනවා කීවත් ඉස්කෝලේ කට් කරන්නේ නෑ ඒකි සිස්සත්තෙත් පාස්.” "එහෙමද ?” "ඔවු ඔවු .මම මචං පොඩ්ඩක්වත් පමා වුණේ නෑ . උදේම කෙල්ලත් එක්ක කතා කරන එක හොඳයි මොකද ප්‍රෙස් පිටනේ බං ! අනික දවල් වෙනකොට දාන දාඩිය පොල්ල උඹ දන්නවානේ ? ඔය වගේ දාඩිය දාගෙන, මුට්ට කරගහන එකෙක් වගේ කෙල්ල ගාවට යන්න මම කැමති වුණේ නෑ. ඉතින් මම බුදුන් වඳින්නත් කලින්ම අට වසර පන්තියට ගියා .ගුරු මේසෙට මේස රෙද්ද එල එලා හිටි කෙල්ල ගාවට කිට්ටු වුණා .. ඊට පස්සේ මචං මම ලියුමත් දුන්නා ..” "ඒකි ගත්තද ?” "මුලින්ම ඒකි මෙහෙම ඇහුවා මේ මොකද්ද අයියේ ? කියලා මම කීවා ගන්නකෝ කියලා ඊට පස්සේ ඒකි හිනාවකුත් දාලා ඒ ලියුං කෑල්ල අරං අතේ තියාගත්තා “ "උඹට ඉතින් රජ වුණා වගේ දැනෙන්න ඇති ?” "මේ මොනා කියනවාද බං ! මම ඒකිට හෙමීටම කීවා මට උත්තරයක් ඕන කියලා . ඒකිත් ඔළුව වැනුවා . ඉතින් මගේ හිත දැන් දන්නවා වැඩේ ගොඩ කියලා . මචං මම නම් වැඩේ ගොඩ යන බව කලින් ඉඳන්ම දැනගෙනයි හිටියේ . ඒත් මම මේකි ටිකක් පොඩි නිසා තමයි මේක කල් දදා හිටියේ..” "තව කොට කරනවද ? නැත්නම් මේ ඇතිද ?” කතාව ටිකකට නතර කරපු සුරවීර මගේ ඔළුව පිටිපස්සට පොඩි කණ්ණාඩියක් අල්ලන ගමන් තමයි එහෙම ඇහැවුවේ. "ඔය ගාන හොඳයි . “ "උඹ දන්නවා ඇතිනේ ! කෙල්ලෙක්ව සෙට් කරගත්ත අලුත කොල්ලෙකුට දැනෙන ගතිය මොනවගේද කියලා . උඹට කියන්න ඒ දවස් වල මම ඉස්කෝලේ ගියේ එක් සාක්කුවක පනාවයි අනික් සාක්කුවේ කණ්ණාඩියයි දාගෙන .අනිත් එවුං මූණවත් හෝදන්නේ නැතුව ඉස්කෝලේ එනකොට මම නම් හොඳ පිළිවෙළට ඉස්කෝලේ ගියා .ඒක හින්දා මට එක සැරයක් අහවල් හෝටලේ අයිතිකාරයාගේ දුව හිටං ලයින් දදා හිටියා ..” "අනේ මේ කතාව කියහංකෝ බං පම්පො පාර පැත්තකට දාලා" .මට එහෙම කියන්න හිතුණත් ඒ සිතිවිල්ල වචන වලට පෙරළුණේ නෑ "කොහොම හරි ඉතින් මම අනික් පහුවදා වෙනදටත් වඩා උදෙන් ඉස්කෝලේ ගියා . මම ඉස්කෝලෙට යනකොටයි දැක්කේ කෙල්ල මටත් කලින් ඉස්කෝලේ ඇවිල්ලා . මමත් ඉතින් වෙන එවුං නැති වෙලාවක් බලලා හෙමීට කෙල්ලට කිට්ටු කළා . මම දුර තියාම දැක්කා ඒකිගේ මූණේ හිනාවකුයි අතේ තනිරූල් පොතක කොලේකුයි ගුලි වෙලා තියන හැටි . මම ළඟට ගියාම කෙල්ල මට ලියමන දුන්නා . හවසට ගෙදර යනකොට මගදී පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කියලත් කිවුවා .” "ඒ කියන්නේ වැඩේ ගොඩ ගියා . !” "හ්ම් වැඩේ නම් ගොඩ. මම මාලනීව ගෙදර යන අතර මගදිත් හම්බ වුණා . මම ඒකිට ඉතින් මගේ හිතේ තිබුණු සේරම දේ කියලා දැම්මා . ඔන්න ඔය විදිහටයි මම කෙල්ලගේ හිත ඉල්ලගත්තේ .” "ඊට පස්සේ ?” "ඊට පස්සේ තමා මට හෙනේ ගැහුවේ ! . ඔන්න මචං එදාම හවස . මමයි අපේ අල්ලපු ගෙදර ශාන්ත අයියයි , රාල අයියයි (එදා සුරවීරට රාල අයියා කියලා හඳුන්වපු කෙනාගේ නියම නම මතක තිබුණේ නෑ ) වැවට ගියා නාගන්න . රාල අයියා ග්රාමාරක්ෂක කෙනෙක් . ශාන්ත අයිය නම් කුඹුරු වැඩ තමා කළේ . අපි නාලා අපේ ගමේ තිබුණු බණ ගෙදරක බණ අහන්න යන්න හිතාගෙනයි හිටියේ . කොහොම හරි මල්ලී මම නනා ඉන්න අතරේ අරුන් දෙන්නා ඉක්මනට දෙකක් තුනක් නාලා . පිහගෙන යන්න ගියා . මම කෑගැහුවා මම එනකම් ඉඳපල්ලා !! කියලා උන් දෙන්නා නෑහුණා වගේ ගියා . ඉතින් මම තව ටිකක් වෙලා නාල ගෙදර ගියා . ගෙදර ගියෙත් හිතේ සතුටින් ඇයි මාලනී දීපු ලියමන බලන්න පුළුවන්නේ . ! . ඉතින් ගෙදර ගිහින් ඒක කියවමින් ඉන්න අතරේ මට හිතුණා අද ආයේ බණ ගෙදර යන්න ඕන නෑ මේ ලියුමට උත්තරයක් ලියලා දැම්මා නම් හොඳයි කියලා . ඉතින් මම සේරම වැඩ අහක දාලා කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන ලියුම ලියන්න ගත්තා . “ "ඒ කාලේ කරන්ටෙක නැද්ද උඹලට . ?” "පිස්සුද ? ඒවෙනකොට 28 හන්දියට එනකම් විතරයි වයර් ඇදලා තිබුණේ . අපි චිමිනි ලාම්පුයි කුප්පි ලාම්පුයි තමා පත්තු කරගෙන හිටියේ .” "ඊට පස්සේ මොකෝ වුණේ..? ලියුම ලීවද ගෙදරට මාට්ටුද" "ගෙදරට මාට්ටු වුණේ නම් නෑ . මම ලියුම අවසාන කරන්න හදනකොට වෙලාව එකොළහට විතර ඇති .මම ලියුමේ අන්තිමට ලිවුවේ ඔයා හොඳට ඉගන ගන්න නංගි කියලා . මට තවම ඒක මතකයි . මම ඒක ලියලා ගණිත පොතේ ඇතුළට දාලා ගිහිං පැදුරේ ඇල වුණා . මට විගහට නින්ද ගියා . ඒත් පාන්දර එකයි දහයට විතර මම උඩ වීසි වෙලා ඇහැරුණේ ඇඟ හීතල වෙලා යන මහා විලාපයක් ඇහිලා ! ඒක මර ලතෝනියක් බං !!. අපි හොඳට කන් දීගෙන හිටියා .එක පාරටම වෙඩි පාරවල් දෙක තුනකුත් ඇහුණා අපි දැනගත්තා ගමට කොටි පැනලා විත්තිය . ලොකු අයියලා දෙන්නා අල්මාරිය හරස් කරලා අපේ ඉස්සරහා දොර කවර් කළා . ගෙදර පිටුපස ජනේලෙන් පැනගත්තු අපි පණ එපා කියලා දුවලා දුවලා නතර වුණේ පිටිපස්සේ කැලේට ගිහිල්ලා . උදේ හය වෙනකම්ම අපි නින්දක් නැතුව කැලේට වෙලා හිටියා .” "පිස්සු හැදෙනවනේ බං !” "කැලේ නම් නෝමල් මල්ලි .ආයෙ ගෙවල් ගාවට එනකොට වෙලාව හයයි හතළිහට විතර ඇති . අපේ ගෙදරට නම් කිසිම හානියක් වෙලා තිබුණේ නෑ . අපේ ගෙදර කුරුණෑගල බන්ටෙකේ අන්තිමේට තිබුණු නිසා වෙන්නැති . ගමට වෙච්ච දේ බලන්න අපි අනිත් පැත්ත හැරිලා ගියා . මම දැක්ක දේ උබට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මල්ලි . ගමම අමුසොහොනක් වෙලා තිබුණා . උදේ ඉස්කෝලේ යනකොට හම්බවෙච්ච එවුන් ලේ පෙරාගෙන වැටිලා හිටියා . පාරහ කොටි හැත්ත ගමේ එවුන්ව කෑලි වලට කපා දාලා . “ "මම ඔය තැනට යනකොට දහයට විතර ඇති බං" . මමත් මගේ පරණ මතකය අලුත් කරා "උඹ යනකොට ගොඩක් ප්‍රමාදයි . ඒත් මම යනකොට පොලීසියෙන්වත් ඇවිදිල්ලා නෑ . අපි ගෙවල් එකින් එක පහු කර කර ඉස්සරහට ගියා .මල්ලිට කියන්න එක ගෙදරක් ඇතුළේ අපෙ රාල අයියා මැරිලා හිටියා අනිත් ගෙදර මිදුලේ ශාන්ත අයියා මැරිලා වැටිලා හිටියා. ඒත් උන් මැරිලා තිබුණේ නියම පිරිමි වගේ . උන් දෙන්නා කොටින්ට අම්බානෙට නෙලලා . රාල අයියා ෆයිට් කරලා තිබුණේ ජනෙල් පළුවකින් ඌ හතර දෙනෙක් එක්ක තනියම විනාඩි විස්සක් විතර ඔට්ටු වෙලා තිබුණා . ශාන්ත අයියත් කොටිත් එක්ක අතින් පයින් ගහගෙන තිබුණා උන් දෙන්නම අන්තිමේදී කඩු පාරවල් කාගෙන මැරිලා . තනි එකෙක් එක්ක කඩු ගත්ත හත් අට දෙනෙක් හටන් කරද්දී කොහොමද බං බේරෙන්නේ . ?” යන්තම් ඔළුව උස්සලා බලනකොට මම දැක්කේ මේ කතාව අහන්නේ මම විතරක් නොවන වග . කොන්ඩේ කපන්න ආපු තව කීප දෙනෙක් ටීපෝ එක උඩ පිරිලා තිබුණු පත්තර දිහෑ යන්තම්වත් නොබලමින් කටවල් ඇරගෙන සුරවීරගේ කතාව අහගෙන හිටියා . සුරවීර ආයේ කතාවට වැටුණා. "එදා මම බණ ගෙදර ගියානම් මම ගෙදර නොගිහින් මේ රාල අයියා එක්ක නතර වෙනවා . ඒත් මගෙ වෙලාවට මට බණ ගෙදර යන්න බැරි වුණා . මම ඔය ගැන හිත හිතම අයියලා එක්ක ඉස්සරහට ගියා . මල්ල්ලි මගේ පපුව හීතල වෙලා ගියේ මාලනීලගේ ගෙවල් ගාවට ළංවෙද්දී . අනේ ඒ කෙල්ලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම හිතින් කිය කිය ගියා මල්ලී . කලබලේ වැඩි කමට මගේ කකුලේ දාගෙන හිටපු බාටා සෙරෙප්පු දෙක පවා මටම පෑගෙන්න ගත්තා . මමයි ලොකු අයියයි මාලනීලෑගෙවල් ළඟටම ගියා ..අපි මාලනීලගේ ගෙදරට කිට්ටු වෙනකොට මම දැක්කා ඒ ගෙදර දොර දෙකට මැදින් පැලිලා තියන හැටි. පපුව දඩ දඩ ගාලා ගැහෙද්දී මම ගේ ඇතුළට එබුණා" මම හැරිලා සුරවීර දිහා බැලුවා . මම විතරක්ම නෙවේ කොණ්ඩේ කපන්න ආපු හැමෝම කටවල් වලින් බලං උන්නා ඊළඟට මෙයා මොනවද කියන්නේ කියලා . "සාලේ මැද මාලනී වැටිලා හිටියා එයාගේ වටේ ලේ විමාණයයි . කොටි ඒකිව දූෂණය කරලා මරලා දාලා තිබුණා .ඒ පුංචි කෙල්ලගේ ඇඟේ තැන තැන කටින් හපා කාපු පාරවල් තිබුණා . ඒ විතරක් නෙවේ ............................ තිබුණා . එකිගේ අම්මයි තාත්තයි දෙන්නත් මරලා දාලා තිබුණා .” ඔය හිස් තැන මට පුරවන්න බෑ මාලනීට කොටි අතවර කරලා තිබුණු හැටි මට කවදාවත් කටින් කියන්නවත් අතින් ලියන්නවත් බැරි වේව් . ඒවා ඇස් පනාපිටම දැකපු සුරවීර කොහොම ඉවසන්න ඇත්ද ?. මට ලියන්නවත් බැරි මේ දේවල් ඒ පජාත සක්කිලි කොටි හැත්ත කොහොම කළාද ? "උඹ දන්නවද ? මල්ලී මගේ ජීවිතේ බේරගත්තේ ඒ කෙල්ලගේ ආදරේ !!.එදා මම ඒකිට ලියමනක් ලියන්න නොහිතුණා නම් මමත් යනවා අරුං එක්ක බණ ගෙදර. එහෙනම් මටත් කෑලි කෑලි වලට කැපෙන්න වෙනවා සිකුරුයි . මම ඒකිට ආදරේ කල නිසා මම බේරුණා ඒත් ඒකිව බේරගන්න තරම් මගේ ආදරේ බලගතු වෙලා නෑ බං . ඒ කෙල්ල මාව බේර ගන්නම උපන්න දේවතාවියක්ද කොහෙද . මම කොහොමවත් හිතුවේ නෑ මම යාළු වෙන පළවෙනිම කෙල්ල මට වචනේ දීලා අනිත් පැත්තට මැරිලා යාවි කියලා . ඒකිගේ හිතේ මැරෙන වෙලාවේ මොනවා තියෙන්න ඇත්ද බං ? . පවු අසරණී !! සුරවීර සුසුමක් හෙළුවා "සතියක් විතර යනකම් මම පුදුම දුකකින් හිටියේ . ඒත් බං උපන්දා ඉඳන්ම කොටින්ගේ කටේ ජීවත් වුණු අපට ඕක දවස් හතකින් අමතක වෙලා ගියා .ඒත් තවම මට මාලනීගේ මූණ විටින් විට මතක් වෙනවා" මම කොණ්ඩේ කපලා ඉවර වෙලා පුටුවෙන් නැට්ටත් මගේ හිතේ රැඳිලා තිබුණේ සුරවීර කියපු මේ දුක්බර කතාව . ඒ කතාවම විතරක් නෙවේ මේ මුලු සිදුවීමම දුකක් ජීවිත පනස් හතක් නිකම් නැති වුණා . කතා කරගන්න බැරි අත දරුවෝ . මෙලොව එලියවත් නොදුටු අම්මාගේ බඩ ඇතුලෙම මියැදුණු පොඩි එවුන්, වයසක, තරුණ ගොඩ දෙනෙක් නිදි පැදුරෙම මියැදුනා . කතාව ඉවර වෙලා විනාඩි කීපයකින් ආයේ සුරවීර පරණ පුරුදු සිනා මුසු පෙනුම ආරූඩ කරගත්තා. ඌට දුකක් නෑ. මටත් එහෙමයි කියලම දුකක් නෑ. ඒත් කථාවෙන් පස්සේ හිතට මුත්තක් දැනෙනවා මම දන්නෑ ඒ මොකද කියලා. එදා දහය වසරේ කොල්ලා වෙච්චි සුරවීර අද වෙනකොට බොහොම සතුටෙන් ජීවිතේ ගතකරනවා . ඌ පරණ මතකය මත්තෙම නැහෙන්නැතුව අලුතෙන් ජීවිතේ ගොඩ නගා ගත්ත එකෙක් . ඒ වෙනකොට හතර වසරේ හිටපු මට මෙ සිදුවීම යාන්තමට මතකයි. ඒත් මම එදා දැකපු වේදනාවෙන් පිරුණු මල සිරුරු වල මුහුණු මට කවදාවත් අමතක කරන්න බෑ. මේ සම්පූර්ණ සිදුවීම ජායාරූප ගත කළේ මගේ මාමා . එයා අරගත්ත පින්තූර වලින් කොටසක් මගේ ළඟ අදටත් තියනවා . ඒවා බ්ලොග් එකේ පල කරනවද නැද්ද කියන එක පසුව තීරණය කරන්නම් . දැන් මේ හැම සිදුවීමක්ම අතීතයට එකතු වෙලා ඉවරයි . මමත් මේ සිදුවීම ගැන කතාකරන අවසන් අවස්ථාව තමයි මේ . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom