Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝනගල ගමේ සැඟව ගිය, ඇත්තම ආදර කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝනගල ගමේ සැඟව ගිය, ඇත්තම ආදර කතාවක්

මම මීට දින කීපයකට උඩදී අපේ එහා ගමේ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගාමනී චිත්‍රපටිය බැලුවා .ඒත් ඒ චිත්‍රපටිය තුළ තිබුණේ මගේ ගමට හුඟක්ම සමාන පරිසරයක් විතරයි . චිත්‍රපටියේ පළමු විනාඩි විස්ස නම් සියේට සීයක්ම ඇත්ත සිදුවීමක්. ඒත් අනික් ටික කතාවක්ම විතරයි .

. අම්පාර ගෝනගල ගමේ සිද්ධ වේච්චි ඔය අහස පොළව නුහුලන සිදුවීම ඇතුළේ තරමක් වෙනස් ආදර කතාවකුත් තිබුණා . ඒක දන්නේ එදා ඉඳලම මේ පළාතේ ජීවිතේ ගෙවපු අපි විතරමයි ..මම කැමතියි ඒ කතාවත් බ්ලොග් අවකාසේ ඔබත් එක්ක බෙදා ගන්න . කියවලාම බලන්න ..

අපේ ගමේ සුරවීර අයියට කොයි කවුරුත් වගේ ඔළුව නැමුවා .ගමේ පොඩි කොල්ලා ඉඳලා පොලීසියේ ඔවයිසී මහත්තයා පවා සුරවීර ලඟදි ඔළුව නැමුවා .ඒත් ඒ සුරවීර කෝටිපතියෙක්වත් , බල පුළුවංකාර දේශපාලකයෙක්වත් , මැරයෙක්වත් නම් නෙවෙයි . සුරවීර කරණවෑමියෙක්. ඔවු කොණ්ඩේ කපන බාබර් කෙනෙක් . ඉතින් ගමේ ඕනම ලොකු ඔළුවක් සුරවීර ඉදිරියේදී නිකම්ම නැවුණා .

ගමට කොණ්ඩේ කපන ඈයෝ කීප දෙනෙක් හිටියත් සුරවීර තමයි හැමෝගෙම හිත් දිනාගෙන හිටියේ .වයස අවු 27ක විතර කොල්ලා වෙච්චි නිසාම අද කාලේට ඔබින රැවුල් කොණ්ඩ විලාසිතා ගැන සුරවීර හොඳට දැනං හිටියා .ඒකයි අපේ ගමේ වයසක උදවිය පවා රැවුල් , කොණ්ඩා කපන වැඩ වලට සුරවීරවම හොයාගෙන ගියේ .

නුවර ,කොළඹ කොණ්ඩ විලාසිතා ගමට එන්නේ මාස හතක් අටක් විතර ගිහිං අවුට් ඔප් පැසන් බවට පත් වුණාට පස්සේ . ඒ වුණාට ඒ අලුත් විලාසිතා වැලඳගන්න ගමේ කොල්ලෝ පුදුම ආසයි . අද කාලේ ගම්වල වුණත් ඉන්නේ ඉස්සර වගේ කොණ්ඩේ මැදින් බෙදාපු තෙල් ගාපු දියාරු කොල්ලෝ නෙවෙයි .අතට, පයට, නාහෙට, දිවට,බුරියට මුදු දාගනිපු, කොණ්ඩේ මැක්සා වෙන්න හදාගනිපු නළුවෝ වගේ ඩයල් අද ගම් වලත් ඉන්නවා .! ඉතින් ඔය කොයි කාටත් සුරවීර අයියව නැතුවම බෑ .! සුරවීර ගේ සැලුන් එක සතියක් එක දිගට වහලා තිබ්බත් , හිපියෙකුගේ තරමට කොණ්ඩේ වැවුණත් ගමේ අය වෙන සැලුන් එකක් හොයාගෙන නොයන්න හේතුව ඒකයි .

මාස හතරකට විතර උඩදී දවසක මමත් සුරවීර අයියව හමුවෙන්න ගියේ වැවිච්ච කොණ්ඩේ රැවුල අඩු කරගෙන මනුස්සයෙක් වෙන්න හිතාගෙන.

පනාවත් කතුරත් අතර එකට තෙරපෙන කොණ්ඩ ගස් මගෙ ඇඟවටේ එතිලා තිබුණු සුදු රෙද්ද උඩට වැටෙන අතරතුරේදී මගෙ කලිසම් සාක්කුවේ තිබුණු ෆෝන් එකට කෙටි පණිවිඩ ගලාන එන්න ගත්තා .

එයා එවන කෙටි පනිඩ එකකට හරි උත්තර නොබැන්ඳොත් නාහෙන් ඇඬිල්ලකට මට ඉදිරි දවස් කීපයේදීම මුහුණ දෙන්න වෙන බව මම අත්දැකීමෙන් දන්නවා . ඉතින් තැන නොතැන නොහිතා ඇඟ වටේ පටලැවිලා තිබුණු සුදු රෙද්ද උස්සලා ෆෝන් එකෙන් එස් එම් එස් කොටන්න මමත් පටන්ගත්තා .. මොහොතකින් සුරවීර ගේ මල පැනපු මූණ මට ඉදිරියෙන් තිබුණු පැහැදිලි කණ්ණාඩියෙන් මම දැක්කා ..

"මොනාද බං රෙද්ද උස්සගෙන එස් එම් එස් ගහන්නේ !! හරි එහෙනම් උඹ ඔය වැඩේ ඉවර කරලා මට කියපං මම එතකොට එන්නම්“.. සුරවීර කතුරයි පනාවයි මේසේ උඩ දමලා ගැහුවා !

"නෑ නෑ බං හරි හරි මේ නැවැත්තුවා උඹ මේ කොණ්ඩේ අඩු කරපං !”

මම ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවේ දාගත්තේ සුරවීර මගේ කොණ්ඩේ කැතට කපාදාවි කියන බය හිතට දැනිච්චි නිසාමයි .

"කෙල්ලන්ට ඔච්චර බය වෙලා බෑ මල්ලී .!”

සුරවීර එහෙම කීවේ අයෙමත් පනාවයි කතුරයි මගේ කෙස් උඩ හෙමිහිට ගෙනියන ගමන් .

"බය නෑ බං ඒත් ආයේ හම්බ වුණාම ඇයි එස් එම් එස් නොකළේ කිය කිය කෙල්ල නාහෙන් අඬන එක මට දිරවන්නෑ . උඹ නම් ඒ කාලේ ලවු කරේ නැතුව ඇති උඹ කෙල්ල ඉස්සරහා පොර වෙන්නැති අනෙ පල බං යන්න !!!”.

"මල්ලී උඹ මගේ ලවු එක ගැන නොදැනයි ඔය කතා කරන්නේ ! . මට වුණා වගේ දෙයක් උඹලා කිසිම කෙනෙකුට වෙලා නැතුව ඇති .”

සුරවීර මගේ ඔළුවට "පටස්" ගාලා පාරක් ගහන ගමන් කීවා . පාර රිදෙන්න වැදුණත් එකට ඉන්න යාළුවා නිසා මගේ තුන් හිතකවත් වෛරයක් තරහවක් නම් ඉපදුණේ නෑ . ඔය අතරේ මට හොඳටම තේරුණා සුරවීර මේ අර අදින්නේ ලොකු කතාවකට කියලා. ඒත් එක්කම මම බය වුණා මුගේ කතාව අහං ඉඳලා මට මේ කොණ්ඩේ කපන පුටුව උඩ නින්ද යාවිද කියලත් .

"ඉතින් කියහංකෝ බලන්න මොකද වුණේ කියලා . අපිටත් දැනගන්න උඹගේ රාජකීය පෙම් කතාව !”

මමත් යට පැත්තෙන් යන්තමින් හිනා වෙන ගමන් නක්කලේට වගේ සුරවීරට එහෙම කීවා .මගේ නළලට වැටිච්ච කෙස් කොට ඉස්පන්චි කෑල්ලකින් පිහලා දාලා සුරවීර කතාව පටන්ගත්තා.

ඒක දිග කතාවක් !!.

සුරවීර එදා ඒ කීව කතාව මම කිසිම අඩු වැඩියක් නැතුව ලියන්නම් . මේක තවත් එක බූට් කතාවක් නම් නෙවේ . හුඟක්ම වෙනස් ආදර කතාවක් ..! එදා සුරවීරගේ කටින් ගිය වචන අද මට මතක හැටියට මම අමුණන්නම් ..!

"ඒ සිද්ධිය වුණේ 1999 යේ ! උඹලා ඒ දවස් වල පොඩි එවුං මම නම් එතකොට දහය වසරේ ඉගන ගන්න කාලේ. මම හිටියේ ගෝනගල ගමේ කුරුණෑගල බන්ටෙකේ ..”

ඔන්න ඔය වචන කීපය සුරවීර අයියගේ කටින් පිට වුණා විතරයි මගෙ මූණෙ තිබුණු හිනාව අතුරුදහන් වුණා ඒ එක්කම මේ කියන්න යන කතාවේ අවසානයට වෙන්නේ මොකක්ද කියලත් මම තේරුම්ගත්තා .අපේ අල්ලපු ගමේ තිබුණු කුරුණෑගල බන්ටෙක කියලා හඳුන්වාපු කොළණියේ අයට 1999 කාලේදී වෙච්ච අවාසනාවන්ත සිදුවීම මම මගේ කන්දෙක පිරෙන්න අහලා තියනවා ඒ වගේම දැකලත් තියනවා . ඉතින් ඒ කාලකණ්ණි හැඟීමත් එක්ක ලෙයින් තෙත් වෙච්ච ආදර කතාවකට සූදානමින් මම සුරවීරගේ කතාවට ඇහුංකන් දුන්නා .

"උඹ දන්නවානෙ මල්ලි ! ඒ දවස් වල අපේ ගමේ තිබුණ නීතිය . කෙල්ලෙක් නම් ගාමන්ට් යන්න ඕන කොල්ලෙක් නම් ආමි යන්න ඕන එහෙම නැත්තං කුඹුරට බහින්න ඕන. ඉතින් බං ඔන්න ඔය හේතුව නිසා අපේ පවුලේ අයියලා දෙන්නම ඉස්කෝලේ ගියේ නෑ. මමයි නංඟියි විතරයි ඉස්කෝලේ ගියේ .මම ගියේ අහවල් ඉස්කෝලෙට . ඉස්කෝලේ යන එකත් මම ඒතරම් ආසාවෙන් කල දෙයක් නෙවේ .සමහර දාට හරක් බඳින්න යනවා, සමහර දාට කුඹුරු වැඩ, තව දවසකට කම්මැලියි . ඉතින් මම ඉස්කෝලේ ගියෙත් නිකම් අවාරෙට පොල් වැටෙනවා වාගේ . අනික ගම වටේම හිටියේ කොටි ! ඉතින් මිනිහෙක් එළියටවත් බහින්න බයයි . ඕවා අස්සේ කෝමද ඉස්කෝලේ යන්නේ ? “

බොහොම හෙමින් කොණ්ඩේ කපමින් යන අතරෙම සුරවීර කතාව කියනවා . මමත් පිටි පස්ස හැරිලා බලන්න බැරි නිසා ඉස්සරහා තියන කණ්ණාඩියෙන් ඉඳලා හිටලා සුරවීරගේ මූණ දිහා බලනවා .

"ඒකිගේ නම මාලනී එතකොට ඒකි හිටියේ අට වසර පන්තියේ !”

ඒ ටික කියද්දී සුරවීරගේ මූණේ අමුතු එළියක් වැටුණා .ඉතින් සුරවීර තමන්ගේ පළමු පෙම්වතියගේ නම ඔන්න ඔය විදිහට මට එළි කළා .

"මාලනී අපේ ඉස්කෝලේ එක වසරෙන් ඉස්කෝලෙට බාර දුන්නු දවසේ පටන්ම මම ඒකිව නිතරම දැක්කා .මාලනීලගේ ගෙවල් තිබුණෙත් කුරුණෑගල බන්ටෙකේ මුලටම වෙන්න . මම පොඩ් කාලේ ඉඳන්ම ඒකිව නිතර දැකලා එහෙම තිබුණට වැඩිය කතා බහ කරලා නම් තිබුණේ නෑ . මුලදී මට එහෙම කතා කරන්න උවමනාවක් තිබුණෙත් නෑ. මොකද ඒකි මට වැඩිය අවුරුදු දෙකක් විතර බාලයි මල්ලි . අනික මාලනී ඒතරම් ඇඟපත තිබුණු මහත කෙල්ලෙකුත් නෙවෙයි බොහොම චූටි ළපටි කෙල්ලෙක් ..”

මම ආයෙමත් වතාවක් කණ්ණාඩියෙන් පේන සුරවීරගේ මූණ දිහා බැලුවා. සුරේ අදටත් හොඳ කඩවසම් හාදයා . වයස අවු 15 දී 17 දී ඌ බොහොම ලස්සන කොල්ලෙක් වෙන්නැති ! ඉතින් උගේ හිත ගන්න සමත් වුණු මාලනීත් කැත කෙල්ලක් වෙන්න බෑ ! ඒකිත් අපේ පළාතටම ආවේණික ලස්සනින් සම්පූර්ණ කෙල්ලෙක් වෙන්නැති ..!

"පොඩි කාලේ ඉඳලා එක දිගට ඒකිව දැක්කට මට ඒකි ගැන යන්තමටවත් කැක්කුමක් හිතට ආවේ නෑ බං . ඒත් දවසක් දා මම නොහිතපු විදිහට ඒ කෙල්ල මගේ හිතට බරක් වුණා .”

ටිකක් වෙලා නිහඬව හිටපු සුරවීර ආයෙමත් කතාව පටන්ගත්තා . සමහර විට එක දිගටම කතාව කියාගෙන යන කොට හරියට ඉවසීමෙන් කොණ්ඩේ කපන්න බැරිව ඇති !. නැත්නම් මේ කතාව කියන එක සුරවීරට දුකක් වෙන්නැති . !

"ඒ දවස් වල අපේ ඉස්කෝලේ ඔය ගොම එහෙම එකතු කරලා කොම්පෝස් පොහොර හදන වැඩසටහනක් ගියා උඹට මතක ඇති .?”

"හ්ම් ඔවු ඔවු මට මතකයි බං ! “

"ඕකෙදි ඉතින් උණේ පන්ති වල කොල්ලෝ කෙල්ලෝ සේරම මහ දවාලේ එළියට දාලා උදලු, මුල්ලු, රේක්ක දීලා ඉගැන්වීම් පැත්තක දාලා පොහොර හදවාපු එක. ඒ දවස් වල ඉතින් ගුරුවරුන්ටත් අයිස් ගහන්න තියේනම් වෙන මොනාද ඉතින් ?. එයාලා පැත්තටවත් එන්නෑ.! ළමයි ටික උදේ ඉඳන් දාඩිය දාගෙන අර ගොම පොහොර වළේ බැහැලා කොටනවා .”

"ඒක ඇත්ත බං මමත් අනන්ත ගිනි අවුවේ ඉඳලා තියේ ඔය විකාර වැඩ වලට ! අන්තිමට ඔය පොහොර ගෙනිච්චෙත් චීචර්ලා සර්ලා විතරයිනේ .”

"එක දවසක් ඔහොම පොහොර හද හදා ඉන්දෙද්දී මාලනී එකපාරම කලන්තේ දාලා වැටුණා . ! ඒ කෙල්ල එදා වැටිලා හිටපු හැටි දැක්කාම මට පුදුම දුකක් දැනුණා . තව කොල්ලෙක් එක්ක ඒකිව පන්තියට උස්සගෙන ගියෙත් මම , ඒකිගේ මූණට වතුර බෝතලේකින් වතුර අරං ඉස්සෙත් මම . කොහොම හරි ඒකි ඇස් ඇරලා මා දිහා බැලුවා ඒ බැල්මම ඇති බං මම ඒකිට පිස්සු වැටෙන්න . ඔන්න ඔය දවසේ ඉඳලා මම ඒකිට බොක්කෙන්ම ලවු කරා ! .”

වතුර විදින බෝතලේ ගත්තු සුරවීර මගේ කොන්ඩෙට කීපවාරක් වතුර විදලා ආයෙම කතාව කියන්න පටන්ගත්තා .

"එදා ඉඳන් මගේ හිතේ ඒකි ගැන අමුතු ලෙංගතුකමක් ඉපදුනා බං . වෙනදාට අකමැත්තෙන් ඉස්කෝලේ යන මම ඊට පස්සේ දිගටම ඉස්කෝලේ යන්න පටන්ගත්තා .අපේ ගෙවල් තිබුණේ කුරුණෑගල බන්ටෙකේ අවසානෙට වෙන්න මාලනීලෑ ගෙවල් තිබුණේ මුලටම වෙන්න . ඉතින් මම උදෙන්ම නැගිටලා ඉස්කෝලේ යනවා . උදේට නොකා යන්නත් බෑ. ඒත් කකා හිටියොත් පරක්කු වෙලා මාලනීව මිස් වෙනවා ඉතින් බං මම පාර දිගේ බත් එක කකා තමයි උදේ ඉස්කෝලෙට ගියේ . මතකද අර හතරෙ කෑල්ලේ පාලම ?”

"හ්ම්..” මමත් හූමිටි තියමින් කතාව අහනවා !

"ඉස්සර ඕක බෝක්කුවක් විතරයි ඒකේ ඇතුළේ මම බෙලෙක් පිඟාන හෝදලා හංඟලා ඇළෙන් වතුර බීලා ඉස්කෝලේට යනවා . හවසට ගෙදර එනකොට ආයේ පිඟාන අරගෙන එනවා . ඔන්න ඔහොම චාටර් කකා මම මාලනීලගේ ගෙවල් ගාවට ලං වෙලා ඒකි ගෙදරින් එළියට බහිනකම් ඉන්නවා . ඊට පස්සේ එයාගේ පස්සෙන් මමත් හෙමීට ඉස්කෝලෙට යනවා .”

"ඒකිත් එක්ක කතා කර කර නෙවේද උඹ ගියේ ?”

"පිස්සුද බං !. මම ඒකිට මීටර් හතරක් විතර පරතරයක් තියාගෙනයි හැම වෙලාවෙම හිටියේ . උඹ දන්නවානේ අපේ ගමේ බුවාලගේ හැටි ! කෙල්ලෙකුගේ ඇඟේ වැරදීමකින් හැප්පුණත් ඇති පදයක් හදන්න . උඹට මතකද ඒ කාලේ කෙල්ලක් සහ කොල්ලෙක් අතරේ "ඔයා" කියන වචනේ හුවමාරු වුණොත් වෙන දේ ?”

"දන්නවා දන්නවා !! උඹ ඔය රට බයිලා නොකියා කතාව කියපන්කෝ"

"මම දවස් ගාණක් ඔය විදිහට මාලනීගේ පිටිපස්සෙන් ඇවිදං ගියා .අතර මග තුම්මං හන්දියේදී අනෙක් කොල්ලෝ ටිකත් මට එකතු වෙනවා ඉතින් අපි කට්ටියම ඉස්කෝලේට ඇවිදං යනවා . මම පස්සෙන් එන විත්තිය මාලනී දැනං හිටියා. ඒකි හොරෙන් පිටිපස්ස හැරිලා බලලා අනෙක් කෙල්ලෝ එක්ක හිනා වෙන හැටි මම නිතරම දැක්කා . අපේ සෙට් එකේ ඒ දවස් වල හිටපු කොල්ලෝ එකෙක්වත් අද කාලේ උන් වගේ ඕන්නැති මෝඩ ජෝක් දාන්න හදන උන් නෙවේ . ඉතින් උන් එකෙක්වත් කට හොල්ලන්නෑ මගෙත් එක්ක හෙමීට හිනා වෙවී එනවා විතරමයි . ඒත් දවසක් මචං මට ඔය විදිහට පස්සෙන් ගාටලාම එපා වුණා . ඇයි බං ! මේකේ තේරුමක් තියෙන්න එපෑය . මේ කෙල්ලට මගේ හිතේ තියන දේ කියලා ලියුමක් දෙන එක හොඳයි කියලා ගොඩ දවසක ඉඳන්ම හිතිලා තිබුණා . ලියුමක් ලියලා ඒක මැදට ගැට පිච්ච මලක් දාලා සුවඳ කරලා ගණිතය අච්චුපොත මැද හිරකරගෙන හිටියත් ඒක දෙන්න තිබුණේ පුදුම බයක් බං ..”

"ඒකනේ බොල මම කීවේ ඕන වීරයෙක් කෙල්ල ඉස්සරහා බලු වෙනවා කියලා. ! “

"එහෙම බයක් නෙවෙයි බං මට තිබුණේ ! වෙන විදිහක බයක් .”

"මොන විදිහේ ?”

"කෙල්ල ගෙට වෙලාද නැද්ද කියලා මට සුවර් එකක් තිබ්බේ නෑ බං. ඒකි එතකොට අටේ නේ !”

මම මේසෙට හයියෙන් පාරක් ගහලා ටිකක් සද්දෙන් හිනාවක් දැම්මා . මම හිතුවේ සුරේට මල පයින්න ඇති කියලා . ඒත් මොහොතකින් මම දැක්කා පොරත් මගෙත් එක්කම හිනහ වෙන හැටි .

"හ්ම් හ්ම් දැං ඉතින් ඊට පස්සේ මොකද වුණේ ?”

"මට ඔය ගැන හොයන්න ඕන වුණාට බං හොයන්න ක්‍රමයක් තිබුණේ නෑ. මොකෝ අම්මගෙන් , තාත්තගෙන් අහන්න කියලයෑ අම්මේ තාත්තේ අහවල් කෙල්ල ගෙට වුණාද? කියලා ! ඒත් දවසක් අපේ ගැංසියේම එකෙක් ඕක හොයාගෙන තිබුණා ඌ මට ඇවිල්ලා කිවුවා ඒකි ගෙට වෙලා මාස හතකටත් වැඩියි කියලා . ඔන්න ඕක ඇහුවහම තමා කාලෙකට පස්සේ මගේ හිතට සතුටක් ආවේ .ඊට පස්සේ මම අනික් පහුවදා උදේ වෙනකම් ඇඟිලි ගැන ගැන හිටියා .”

"උඹට ඉතින් පහුවදාට එළි වෙනකම් නින්දක් නැතුව ඇති නේද ?”

"ඔවු නිදා ගත්තේ නම් නෑ ! හැබැයි මාලනීව මතක් වෙලානම් නෙවේ මට නින්ද නොගියේ !”

"එහෙනම් ?”

"එදා රෑ පියංගල පොලිස් පෝස්ට් එකට කොටි ගැහුවා . ඒ නිසා අපේ බන්ටෙකේ ගෙවල් වල හැමෝම ටිකක් පහළට ගිහින් කැලේ හැංගිලා හිටියා. . ගෙදර එනකොට පාන්දර තුනයි ! “

පියංගල පොලිස් මුරපොළ පිහිටලා තිබුණේ සුරවීරලෑ ගමේ ඉඳලා තව ගම්මාන දෙකකට විතර දකුණෙන් . එතන හිටි පොලිස් නිලධාරින් රැය ගෙවුවේ කොහොමද කියන්න මම තවම දන්නෑ .ඒ මුරපොළේ සේවයට යන්න ඒ කාලේ ගම් පළාතේ හිටපු පොලිස් නිලධාරීන් පුදුම බයක් දැක්වුවා .ඒ මුරපොළේ හිටි සමහර නිලධාරීන් ගිනි අවියයි , නිල ඇඳුමයි බංකරේක අතැර දාලා රස්සාව අමතක කර දාලා ගෙදර ඇවිදින් හැංගිලා හිටපු අවස්ථා පවා මම අහලා තියනවා .

ජීවිතේට තියන ආසාව අනික් හැම ආසාවකටම වඩා ලොකුයිලු නේ ! . ඒ වගේම මට අද වගේ මතකයි මගේ තාත්තටත් ඔය පියංගල මරු කපොල්ලෙන් එපිටට යන්න බැරි වුණ හැටි .මට මැවිලා පෙනුණා පියංගල තාර පාර මැද වෙඩි උණ්ඩ හයක් වැදුණු තාත්තගේ මිනිය වැටිලා තියන හැටි .

සුරවීර ආයෙත් කතාව පටන්ගත්තා

"වෙනදා නම් කැලේ ඉඳලා ආපුවාම මම ආයේ ඉස්කෝලේ යන්නේ නෑ ඇඟේ පතේ අමාරුවට තෙල් ටිකක් ගාගෙන දවල් වෙනකම් හොඳට නිදියගන්නවා . ඒත් එදා මට ඉස්කෝලේ නොගින්ම බැරිවුණා ඇස් දෙකෙන් නිදි මත බේරි බේරි මම වෙනදා වගේම ඉස්කෝලේ ගියා .ඉස්කෝලෙට යන අතරමගදිත් මම හිතුණා අද මාලනී නෑවිත් ඉඳීද කියලා .. මගෙ කකුල් වෙවුලුවා බං ඒ වෙලාවේ ..හැක හැක හැක "

සුරවීර උගෙ ගිරෙහෙනි හඬෙන් හිනා වුණා. මට නම් ඒ මොහොතේ හිනා නොගියේ මම සුරවීර කියන කතාවට තදින්ම හිත යොමු කරගෙන සිටි නිසා වෙන්නැති . සුරංගනා කතාවක් රස විඳින පොඩි එකෙක් වගේ මමත් සුරවීර කියන මේ කතාව ආසාවෙන් අහං හිටියා .

"මගෙ වෙලාවට දෙයියෝ බැලුවා වාගේ කෙල්ල ඉස්කෝලේ ඇවිදිල්ලා තිබුණා . . ඒකි මමයි තෝයි වගේ කම්මැලි නෑ යකෝ ! ඒකි කොටි නෙවේ අලි ගහනවා කීවත් ඉස්කෝලේ කට් කරන්නේ නෑ ඒකි සිස්සත්තෙත් පාස්.”

"එහෙමද ?”

"ඔවු ඔවු .මම මචං පොඩ්ඩක්වත් පමා වුණේ නෑ . උදේම කෙල්ලත් එක්ක කතා කරන එක හොඳයි මොකද ප්‍රෙස් පිටනේ බං ! අනික දවල් වෙනකොට දාන දාඩිය පොල්ල උඹ දන්නවානේ ? ඔය වගේ දාඩිය දාගෙන, මුට්ට කරගහන එකෙක් වගේ කෙල්ල ගාවට යන්න මම කැමති වුණේ නෑ. ඉතින් මම බුදුන් වඳින්නත් කලින්ම අට වසර පන්තියට ගියා .ගුරු මේසෙට මේස රෙද්ද එල එලා හිටි කෙල්ල ගාවට කිට්ටු වුණා .. ඊට පස්සේ මචං මම ලියුමත් දුන්නා ..”

"ඒකි ගත්තද ?”

"මුලින්ම ඒකි මෙහෙම ඇහුවා මේ මොකද්ද අයියේ ? කියලා මම කීවා ගන්නකෝ කියලා ඊට පස්සේ ඒකි හිනාවකුත් දාලා ඒ ලියුං කෑල්ල අරං අතේ තියාගත්තා “

"උඹට ඉතින් රජ වුණා වගේ දැනෙන්න ඇති ?”

"මේ මොනා කියනවාද බං ! මම ඒකිට හෙමීටම කීවා මට උත්තරයක් ඕන කියලා . ඒකිත් ඔළුව වැනුවා . ඉතින් මගේ හිත දැන් දන්නවා වැඩේ ගොඩ කියලා . මචං මම නම් වැඩේ ගොඩ යන බව කලින් ඉඳන්ම දැනගෙනයි හිටියේ . ඒත් මම මේකි ටිකක් පොඩි නිසා තමයි මේක කල් දදා හිටියේ..”

"තව කොට කරනවද ? නැත්නම් මේ ඇතිද ?”

කතාව ටිකකට නතර කරපු සුරවීර මගේ ඔළුව පිටිපස්සට පොඩි කණ්ණාඩියක් අල්ලන ගමන් තමයි එහෙම ඇහැවුවේ.

"ඔය ගාන හොඳයි . “

"උඹ දන්නවා ඇතිනේ ! කෙල්ලෙක්ව සෙට් කරගත්ත අලුත කොල්ලෙකුට දැනෙන ගතිය මොනවගේද කියලා . උඹට කියන්න ඒ දවස් වල මම ඉස්කෝලේ ගියේ එක් සාක්කුවක පනාවයි අනික් සාක්කුවේ කණ්ණාඩියයි දාගෙන .අනිත් එවුං මූණවත් හෝදන්නේ නැතුව ඉස්කෝලේ එනකොට මම නම් හොඳ පිළිවෙළට ඉස්කෝලේ ගියා .ඒක හින්දා මට එක සැරයක් අහවල් හෝටලේ අයිතිකාරයාගේ දුව හිටං ලයින් දදා හිටියා ..”

"අනේ මේ කතාව කියහංකෝ බං පම්පො පාර පැත්තකට දාලා" .මට එහෙම කියන්න හිතුණත් ඒ සිතිවිල්ල වචන වලට පෙරළුණේ නෑ

"කොහොම හරි ඉතින් මම අනික් පහුවදා වෙනදටත් වඩා උදෙන් ඉස්කෝලේ ගියා . මම ඉස්කෝලෙට යනකොටයි දැක්කේ කෙල්ල මටත් කලින් ඉස්කෝලේ ඇවිල්ලා . මමත් ඉතින් වෙන එවුං නැති වෙලාවක් බලලා හෙමීට කෙල්ලට කිට්ටු කළා . මම දුර තියාම දැක්කා ඒකිගේ මූණේ හිනාවකුයි අතේ තනිරූල් පොතක කොලේකුයි ගුලි වෙලා තියන හැටි . මම ළඟට ගියාම කෙල්ල මට ලියමන දුන්නා . හවසට ගෙදර යනකොට මගදී පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කියලත් කිවුවා .”

"ඒ කියන්නේ වැඩේ ගොඩ ගියා . !”

"හ්ම් වැඩේ නම් ගොඩ. මම මාලනීව ගෙදර යන අතර මගදිත් හම්බ වුණා . මම ඒකිට ඉතින් මගේ හිතේ තිබුණු සේරම දේ කියලා දැම්මා . ඔන්න ඔය විදිහටයි මම කෙල්ලගේ හිත ඉල්ලගත්තේ .”

"ඊට පස්සේ ?”

"ඊට පස්සේ තමා මට හෙනේ ගැහුවේ ! . ඔන්න මචං එදාම හවස . මමයි අපේ අල්ලපු ගෙදර ශාන්ත අයියයි , රාල අයියයි (එදා සුරවීරට රාල අයියා කියලා හඳුන්වපු කෙනාගේ නියම නම මතක තිබුණේ නෑ ) වැවට ගියා නාගන්න . රාල අයියා ග්රාමාරක්ෂක කෙනෙක් . ශාන්ත අයිය නම් කුඹුරු වැඩ තමා කළේ . අපි නාලා අපේ ගමේ තිබුණු බණ ගෙදරක බණ අහන්න යන්න හිතාගෙනයි හිටියේ . කොහොම හරි මල්ලී මම නනා ඉන්න අතරේ අරුන් දෙන්නා ඉක්මනට දෙකක් තුනක් නාලා . පිහගෙන යන්න ගියා . මම කෑගැහුවා මම එනකම් ඉඳපල්ලා !! කියලා උන් දෙන්නා නෑහුණා වගේ ගියා . ඉතින් මම තව ටිකක් වෙලා නාල ගෙදර ගියා . ගෙදර ගියෙත් හිතේ සතුටින් ඇයි මාලනී දීපු ලියමන බලන්න පුළුවන්නේ . ! . ඉතින් ගෙදර ගිහින් ඒක කියවමින් ඉන්න අතරේ මට හිතුණා අද ආයේ බණ ගෙදර යන්න ඕන නෑ මේ ලියුමට උත්තරයක් ලියලා දැම්මා නම් හොඳයි කියලා . ඉතින් මම සේරම වැඩ අහක දාලා කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන ලියුම ලියන්න ගත්තා . “

"ඒ කාලේ කරන්ටෙක නැද්ද උඹලට . ?”

"පිස්සුද ? ඒවෙනකොට 28 හන්දියට එනකම් විතරයි වයර් ඇදලා තිබුණේ . අපි චිමිනි ලාම්පුයි කුප්පි ලාම්පුයි තමා පත්තු කරගෙන හිටියේ .”

"ඊට පස්සේ මොකෝ වුණේ..? ලියුම ලීවද ගෙදරට මාට්ටුද"

"ගෙදරට මාට්ටු වුණේ නම් නෑ . මම ලියුම අවසාන කරන්න හදනකොට වෙලාව එකොළහට විතර ඇති .මම ලියුමේ අන්තිමට ලිවුවේ ඔයා හොඳට ඉගන ගන්න නංගි කියලා . මට තවම ඒක මතකයි . මම ඒක ලියලා ගණිත පොතේ ඇතුළට දාලා ගිහිං පැදුරේ ඇල වුණා . මට විගහට නින්ද ගියා . ඒත් පාන්දර එකයි දහයට විතර මම උඩ වීසි වෙලා ඇහැරුණේ ඇඟ හීතල වෙලා යන මහා විලාපයක් ඇහිලා ! ඒක මර ලතෝනියක් බං !!. අපි හොඳට කන් දීගෙන හිටියා .එක පාරටම වෙඩි පාරවල් දෙක තුනකුත් ඇහුණා අපි දැනගත්තා ගමට කොටි පැනලා විත්තිය . ලොකු අයියලා දෙන්නා අල්මාරිය හරස් කරලා අපේ ඉස්සරහා දොර කවර් කළා . ගෙදර පිටුපස ජනේලෙන් පැනගත්තු අපි පණ එපා කියලා දුවලා දුවලා නතර වුණේ පිටිපස්සේ කැලේට ගිහිල්ලා . උදේ හය වෙනකම්ම අපි නින්දක් නැතුව කැලේට වෙලා හිටියා .”

"පිස්සු හැදෙනවනේ බං !”

"කැලේ නම් නෝමල් මල්ලි .ආයෙ ගෙවල් ගාවට එනකොට වෙලාව හයයි හතළිහට විතර ඇති . අපේ ගෙදරට නම් කිසිම හානියක් වෙලා තිබුණේ නෑ . අපේ ගෙදර කුරුණෑගල බන්ටෙකේ අන්තිමේට තිබුණු නිසා වෙන්නැති . ගමට වෙච්ච දේ බලන්න අපි අනිත් පැත්ත හැරිලා ගියා . මම දැක්ක දේ උබට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මල්ලි . ගමම අමුසොහොනක් වෙලා තිබුණා . උදේ ඉස්කෝලේ යනකොට හම්බවෙච්ච එවුන් ලේ පෙරාගෙන වැටිලා හිටියා . පාරහ කොටි හැත්ත ගමේ එවුන්ව කෑලි වලට කපා දාලා . “

"මම ඔය තැනට යනකොට දහයට විතර ඇති බං" . මමත් මගේ පරණ මතකය අලුත් කරා

"උඹ යනකොට ගොඩක් ප්‍රමාදයි . ඒත් මම යනකොට පොලීසියෙන්වත් ඇවිදිල්ලා නෑ . අපි ගෙවල් එකින් එක පහු කර කර ඉස්සරහට ගියා .මල්ලිට කියන්න එක ගෙදරක් ඇතුළේ අපෙ රාල අයියා මැරිලා හිටියා අනිත් ගෙදර මිදුලේ ශාන්ත අයියා මැරිලා වැටිලා හිටියා. ඒත් උන් මැරිලා තිබුණේ නියම පිරිමි වගේ . උන් දෙන්නා කොටින්ට අම්බානෙට නෙලලා . රාල අයියා ෆයිට් කරලා තිබුණේ ජනෙල් පළුවකින් ඌ හතර දෙනෙක් එක්ක තනියම විනාඩි විස්සක් විතර ඔට්ටු වෙලා තිබුණා . ශාන්ත අයියත් කොටිත් එක්ක අතින් පයින් ගහගෙන තිබුණා උන් දෙන්නම අන්තිමේදී කඩු පාරවල් කාගෙන මැරිලා . තනි එකෙක් එක්ක කඩු ගත්ත හත් අට දෙනෙක් හටන් කරද්දී කොහොමද බං බේරෙන්නේ . ?”

යන්තම් ඔළුව උස්සලා බලනකොට මම දැක්කේ මේ කතාව අහන්නේ මම විතරක් නොවන වග . කොන්ඩේ කපන්න ආපු තව කීප දෙනෙක් ටීපෝ එක උඩ පිරිලා තිබුණු පත්තර දිහෑ යන්තම්වත් නොබලමින් කටවල් ඇරගෙන සුරවීරගේ කතාව අහගෙන හිටියා .

සුරවීර ආයේ කතාවට වැටුණා.

"එදා මම බණ ගෙදර ගියානම් මම ගෙදර නොගිහින් මේ රාල අයියා එක්ක නතර වෙනවා . ඒත් මගෙ වෙලාවට මට බණ ගෙදර යන්න බැරි වුණා . මම ඔය ගැන හිත හිතම අයියලා එක්ක ඉස්සරහට ගියා . මල්ල්ලි මගේ පපුව හීතල වෙලා ගියේ මාලනීලගේ ගෙවල් ගාවට ළංවෙද්දී . අනේ ඒ කෙල්ලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම හිතින් කිය කිය ගියා මල්ලී . කලබලේ වැඩි කමට මගේ කකුලේ දාගෙන හිටපු බාටා සෙරෙප්පු දෙක පවා මටම පෑගෙන්න ගත්තා . මමයි ලොකු අයියයි මාලනීලෑගෙවල් ළඟටම ගියා ..අපි මාලනීලගේ ගෙදරට කිට්ටු වෙනකොට මම දැක්කා ඒ ගෙදර දොර දෙකට මැදින් පැලිලා තියන හැටි. පපුව දඩ දඩ ගාලා ගැහෙද්දී මම ගේ ඇතුළට එබුණා"

මම හැරිලා සුරවීර දිහා බැලුවා . මම විතරක්ම නෙවේ කොණ්ඩේ කපන්න ආපු හැමෝම කටවල් වලින් බලං උන්නා ඊළඟට මෙයා මොනවද කියන්නේ කියලා .

"සාලේ මැද මාලනී වැටිලා හිටියා එයාගේ වටේ ලේ විමාණයයි . කොටි ඒකිව දූෂණය කරලා මරලා දාලා තිබුණා .ඒ පුංචි කෙල්ලගේ ඇඟේ තැන තැන කටින් හපා කාපු පාරවල් තිබුණා . ඒ විතරක් නෙවේ ............................ තිබුණා . එකිගේ අම්මයි තාත්තයි දෙන්නත් මරලා දාලා තිබුණා .”

ඔය හිස් තැන මට පුරවන්න බෑ මාලනීට කොටි අතවර කරලා තිබුණු හැටි මට කවදාවත් කටින් කියන්නවත් අතින් ලියන්නවත් බැරි වේව් . ඒවා ඇස් පනාපිටම දැකපු සුරවීර කොහොම ඉවසන්න ඇත්ද ?. මට ලියන්නවත් බැරි මේ දේවල් ඒ පජාත සක්කිලි කොටි හැත්ත කොහොම කළාද ?

"උඹ දන්නවද ? මල්ලී මගේ ජීවිතේ බේරගත්තේ ඒ කෙල්ලගේ ආදරේ !!.එදා මම ඒකිට ලියමනක් ලියන්න නොහිතුණා නම් මමත් යනවා අරුං එක්ක බණ ගෙදර. එහෙනම් මටත් කෑලි කෑලි වලට කැපෙන්න වෙනවා සිකුරුයි . මම ඒකිට ආදරේ කල නිසා මම බේරුණා ඒත් ඒකිව බේරගන්න තරම් මගේ ආදරේ බලගතු වෙලා නෑ බං . ඒ කෙල්ල මාව බේර ගන්නම උපන්න දේවතාවියක්ද කොහෙද . මම කොහොමවත් හිතුවේ නෑ මම යාළු වෙන පළවෙනිම කෙල්ල මට වචනේ දීලා අනිත් පැත්තට මැරිලා යාවි කියලා . ඒකිගේ හිතේ මැරෙන වෙලාවේ මොනවා තියෙන්න ඇත්ද බං ? . පවු අසරණී !!

සුරවීර සුසුමක් හෙළුවා

"සතියක් විතර යනකම් මම පුදුම දුකකින් හිටියේ . ඒත් බං උපන්දා ඉඳන්ම කොටින්ගේ කටේ ජීවත් වුණු අපට ඕක දවස් හතකින් අමතක වෙලා ගියා .ඒත් තවම මට මාලනීගේ මූණ විටින් විට මතක් වෙනවා"

මම කොණ්ඩේ කපලා ඉවර වෙලා පුටුවෙන් නැට්ටත් මගේ හිතේ රැඳිලා තිබුණේ සුරවීර කියපු මේ දුක්බර කතාව . ඒ කතාවම විතරක් නෙවේ මේ මුලු සිදුවීමම දුකක් ජීවිත පනස් හතක් නිකම් නැති වුණා . කතා කරගන්න බැරි අත දරුවෝ . මෙලොව එලියවත් නොදුටු අම්මාගේ බඩ ඇතුලෙම මියැදුණු පොඩි එවුන්, වයසක, තරුණ ගොඩ දෙනෙක් නිදි පැදුරෙම මියැදුනා .

කතාව ඉවර වෙලා විනාඩි කීපයකින් ආයේ සුරවීර පරණ පුරුදු සිනා මුසු පෙනුම ආරූඩ කරගත්තා ඌට දුකක් නෑ මටත් එහෙමයි කියලම දුකක් නෑ ඒත් කථාවෙන් පස්සේ හිතට මුත්තක් දැනෙනවා මම දන්නෑ ඒ මොකද කියලා

එදා දහය වසරේ කොල්ලා වෙච්චි සුරවීර අද වෙනකොට බොහොම සතුටෙන් ජීවිතේ ගතකරනවා . ඌ පරණ මතකය මත්තෙම නැහෙන්නැතුව අලුතෙන් ජීවිතේ ගොඩ නගා ගත්ත එකෙක් .

ඒ වෙනකොට හතර වසරේ හිටපු මට මෙ සිදුවීම යාන්තමට මතකයි. ඒත් මම එදා දැකපු වේදනාවෙන් පිරුණු මල සිරුරු වල මුහුණු මට කවදාවත් අමතක කරන්න බෑ. මේ සම්පූර්ණ සිදුවීම ජායාරූප ගත කළේ මගේ මාමා . එයා අරගත්ත පින්තූර වලින් කොටසක් මගේ ළඟ අදටත් තියනවා . ඒවා බ්ලොග් එකේ පල කරනවද නැද්ද කියන එක පසුව තීරණය කරන්නම් .

දැන් මේ හැම සිදුවීමක්ම අතීතයට එකතු වෙලා ඉවරයි . මමත් මේ සිදුවීම ගැන කතාකරන අවසන් අවස්ථාව තමයි මේ .

ප/ලි .මේ සිදුවීමට අදාළව මගේ ළඟ තියන අනෙක් පින්තූර ටික ඉල්ලීමක් ලැබුනොත් පල කරන්නම් ? ඒ පින්තූර දිහා බැලීමත් මටනම් වේදනාවක් .

නම් ගම් මනඃකල්පිතය

උපුටා ගැනීමකි

[QUOTE="Ado_Sara, post: 11289846, member: 356066"] [b]ගෝනගල ගමේ සැඟව ගිය, ඇත්තම ආදර කතාවක්[/b] [COLOR="DarkRed"][SIZE="3"]මම මීට දින කීපයකට උඩදී අපේ එහා ගමේ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගාමනී චිත්‍රපටිය බැලුවා .ඒත් ඒ චිත්‍රපටිය තුළ තිබුණේ මගේ ගමට හුඟක්ම සමාන පරිසරයක් විතරයි . චිත්‍රපටියේ පළමු විනාඩි විස්ස නම් සියේට සීයක්ම ඇත්ත සිදුවීමක්. ඒත් අනික් ටික කතාවක්ම විතරයි . . අම්පාර ගෝනගල ගමේ සිද්ධ වේච්චි ඔය අහස පොළව නුහුලන සිදුවීම ඇතුළේ තරමක් වෙනස් ආදර කතාවකුත් තිබුණා . ඒක දන්නේ එදා ඉඳලම මේ පළාතේ ජීවිතේ ගෙවපු අපි විතරමයි ..මම කැමතියි ඒ කතාවත් බ්ලොග් අවකාසේ ඔබත් එක්ක බෙදා ගන්න . කියවලාම බලන්න .. අපේ ගමේ සුරවීර අයියට කොයි කවුරුත් වගේ ඔළුව නැමුවා .ගමේ පොඩි කොල්ලා ඉඳලා පොලීසියේ ඔවයිසී මහත්තයා පවා සුරවීර ලඟදි ඔළුව නැමුවා .ඒත් ඒ සුරවීර කෝටිපතියෙක්වත් , බල පුළුවංකාර දේශපාලකයෙක්වත් , මැරයෙක්වත් නම් නෙවෙයි . සුරවීර කරණවෑමියෙක්. ඔවු කොණ්ඩේ කපන බාබර් කෙනෙක් . ඉතින් ගමේ ඕනම ලොකු ඔළුවක් සුරවීර ඉදිරියේදී නිකම්ම නැවුණා . ගමට කොණ්ඩේ කපන ඈයෝ කීප දෙනෙක් හිටියත් සුරවීර තමයි හැමෝගෙම හිත් දිනාගෙන හිටියේ .වයස අවු 27ක විතර කොල්ලා වෙච්චි නිසාම අද කාලේට ඔබින රැවුල් කොණ්ඩ විලාසිතා ගැන සුරවීර හොඳට දැනං හිටියා .ඒකයි අපේ ගමේ වයසක උදවිය පවා රැවුල් , කොණ්ඩා කපන වැඩ වලට සුරවීරවම හොයාගෙන ගියේ . නුවර ,කොළඹ කොණ්ඩ විලාසිතා ගමට එන්නේ මාස හතක් අටක් විතර ගිහිං අවුට් ඔප් පැසන් බවට පත් වුණාට පස්සේ . ඒ වුණාට ඒ අලුත් විලාසිතා වැලඳගන්න ගමේ කොල්ලෝ පුදුම ආසයි . අද කාලේ ගම්වල වුණත් ඉන්නේ ඉස්සර වගේ කොණ්ඩේ මැදින් බෙදාපු තෙල් ගාපු දියාරු කොල්ලෝ නෙවෙයි .අතට, පයට, නාහෙට, දිවට,බුරියට මුදු දාගනිපු, කොණ්ඩේ මැක්සා වෙන්න හදාගනිපු නළුවෝ වගේ ඩයල් අද ගම් වලත් ඉන්නවා .! ඉතින් ඔය කොයි කාටත් සුරවීර අයියව නැතුවම බෑ .! සුරවීර ගේ සැලුන් එක සතියක් එක දිගට වහලා තිබ්බත් , හිපියෙකුගේ තරමට කොණ්ඩේ වැවුණත් ගමේ අය වෙන සැලුන් එකක් හොයාගෙන නොයන්න හේතුව ඒකයි . මාස හතරකට විතර උඩදී දවසක මමත් සුරවීර අයියව හමුවෙන්න ගියේ වැවිච්ච කොණ්ඩේ රැවුල අඩු කරගෙන මනුස්සයෙක් වෙන්න හිතාගෙන. පනාවත් කතුරත් අතර එකට තෙරපෙන කොණ්ඩ ගස් මගෙ ඇඟවටේ එතිලා තිබුණු සුදු රෙද්ද උඩට වැටෙන අතරතුරේදී මගෙ කලිසම් සාක්කුවේ තිබුණු ෆෝන් එකට කෙටි පණිවිඩ ගලාන එන්න ගත්තා . එයා එවන කෙටි පනිඩ එකකට හරි උත්තර නොබැන්ඳොත් නාහෙන් ඇඬිල්ලකට මට ඉදිරි දවස් කීපයේදීම මුහුණ දෙන්න වෙන බව මම අත්දැකීමෙන් දන්නවා . ඉතින් තැන නොතැන නොහිතා ඇඟ වටේ පටලැවිලා තිබුණු සුදු රෙද්ද උස්සලා ෆෝන් එකෙන් එස් එම් එස් කොටන්න මමත් පටන්ගත්තා .. මොහොතකින් සුරවීර ගේ මල පැනපු මූණ මට ඉදිරියෙන් තිබුණු පැහැදිලි කණ්ණාඩියෙන් මම දැක්කා .. "මොනාද බං රෙද්ද උස්සගෙන එස් එම් එස් ගහන්නේ !! හරි එහෙනම් උඹ ඔය වැඩේ ඉවර කරලා මට කියපං මම එතකොට එන්නම්“.. සුරවීර කතුරයි පනාවයි මේසේ උඩ දමලා ගැහුවා ! "නෑ නෑ බං හරි හරි මේ නැවැත්තුවා උඹ මේ කොණ්ඩේ අඩු කරපං !” මම ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවේ දාගත්තේ සුරවීර මගේ කොණ්ඩේ කැතට කපාදාවි කියන බය හිතට දැනිච්චි නිසාමයි . "කෙල්ලන්ට ඔච්චර බය වෙලා බෑ මල්ලී .!” සුරවීර එහෙම කීවේ අයෙමත් පනාවයි කතුරයි මගේ කෙස් උඩ හෙමිහිට ගෙනියන ගමන් . "බය නෑ බං ඒත් ආයේ හම්බ වුණාම ඇයි එස් එම් එස් නොකළේ කිය කිය කෙල්ල නාහෙන් අඬන එක මට දිරවන්නෑ . උඹ නම් ඒ කාලේ ලවු කරේ නැතුව ඇති උඹ කෙල්ල ඉස්සරහා පොර වෙන්නැති අනෙ පල බං යන්න !!!”. "මල්ලී උඹ මගේ ලවු එක ගැන නොදැනයි ඔය කතා කරන්නේ ! . මට වුණා වගේ දෙයක් උඹලා කිසිම කෙනෙකුට වෙලා නැතුව ඇති .” සුරවීර මගේ ඔළුවට "පටස්" ගාලා පාරක් ගහන ගමන් කීවා . පාර රිදෙන්න වැදුණත් එකට ඉන්න යාළුවා නිසා මගේ තුන් හිතකවත් වෛරයක් තරහවක් නම් ඉපදුණේ නෑ . ඔය අතරේ මට හොඳටම තේරුණා සුරවීර මේ අර අදින්නේ ලොකු කතාවකට කියලා. ඒත් එක්කම මම බය වුණා මුගේ කතාව අහං ඉඳලා මට මේ කොණ්ඩේ කපන පුටුව උඩ නින්ද යාවිද කියලත් . "ඉතින් කියහංකෝ බලන්න මොකද වුණේ කියලා . අපිටත් දැනගන්න උඹගේ රාජකීය පෙම් කතාව !” මමත් යට පැත්තෙන් යන්තමින් හිනා වෙන ගමන් නක්කලේට වගේ සුරවීරට එහෙම කීවා .මගේ නළලට වැටිච්ච කෙස් කොට ඉස්පන්චි කෑල්ලකින් පිහලා දාලා සුරවීර කතාව පටන්ගත්තා. ඒක දිග කතාවක් !!. සුරවීර එදා ඒ කීව කතාව මම කිසිම අඩු වැඩියක් නැතුව ලියන්නම් . මේක තවත් එක බූට් කතාවක් නම් නෙවේ . හුඟක්ම වෙනස් ආදර කතාවක් ..! එදා සුරවීරගේ කටින් ගිය වචන අද මට මතක හැටියට මම අමුණන්නම් ..! "ඒ සිද්ධිය වුණේ 1999 යේ ! උඹලා ඒ දවස් වල පොඩි එවුං මම නම් එතකොට දහය වසරේ ඉගන ගන්න කාලේ. මම හිටියේ ගෝනගල ගමේ කුරුණෑගල බන්ටෙකේ ..” ඔන්න ඔය වචන කීපය සුරවීර අයියගේ කටින් පිට වුණා විතරයි මගෙ මූණෙ තිබුණු හිනාව අතුරුදහන් වුණා ඒ එක්කම මේ කියන්න යන කතාවේ අවසානයට වෙන්නේ මොකක්ද කියලත් මම තේරුම්ගත්තා .අපේ අල්ලපු ගමේ තිබුණු කුරුණෑගල බන්ටෙක කියලා හඳුන්වාපු කොළණියේ අයට 1999 කාලේදී වෙච්ච අවාසනාවන්ත සිදුවීම මම මගේ කන්දෙක පිරෙන්න අහලා තියනවා ඒ වගේම දැකලත් තියනවා . ඉතින් ඒ කාලකණ්ණි හැඟීමත් එක්ක ලෙයින් තෙත් වෙච්ච ආදර කතාවකට සූදානමින් මම සුරවීරගේ කතාවට ඇහුංකන් දුන්නා . "උඹ දන්නවානෙ මල්ලි ! ඒ දවස් වල අපේ ගමේ තිබුණ නීතිය . කෙල්ලෙක් නම් ගාමන්ට් යන්න ඕන කොල්ලෙක් නම් ආමි යන්න ඕන එහෙම නැත්තං කුඹුරට බහින්න ඕන. ඉතින් බං ඔන්න ඔය හේතුව නිසා අපේ පවුලේ අයියලා දෙන්නම ඉස්කෝලේ ගියේ නෑ. මමයි නංඟියි විතරයි ඉස්කෝලේ ගියේ .මම ගියේ අහවල් ඉස්කෝලෙට . ඉස්කෝලේ යන එකත් මම ඒතරම් ආසාවෙන් කල දෙයක් නෙවේ .සමහර දාට හරක් බඳින්න යනවා, සමහර දාට කුඹුරු වැඩ, තව දවසකට කම්මැලියි . ඉතින් මම ඉස්කෝලේ ගියෙත් නිකම් අවාරෙට පොල් වැටෙනවා වාගේ . අනික ගම වටේම හිටියේ කොටි ! ඉතින් මිනිහෙක් එළියටවත් බහින්න බයයි . ඕවා අස්සේ කෝමද ඉස්කෝලේ යන්නේ ? “ බොහොම හෙමින් කොණ්ඩේ කපමින් යන අතරෙම සුරවීර කතාව කියනවා . මමත් පිටි පස්ස හැරිලා බලන්න බැරි නිසා ඉස්සරහා තියන කණ්ණාඩියෙන් ඉඳලා හිටලා සුරවීරගේ මූණ දිහා බලනවා . "ඒකිගේ නම මාලනී එතකොට ඒකි හිටියේ අට වසර පන්තියේ !” ඒ ටික කියද්දී සුරවීරගේ මූණේ අමුතු එළියක් වැටුණා .ඉතින් සුරවීර තමන්ගේ පළමු පෙම්වතියගේ නම ඔන්න ඔය විදිහට මට එළි කළා . "මාලනී අපේ ඉස්කෝලේ එක වසරෙන් ඉස්කෝලෙට බාර දුන්නු දවසේ පටන්ම මම ඒකිව නිතරම දැක්කා .මාලනීලගේ ගෙවල් තිබුණෙත් කුරුණෑගල බන්ටෙකේ මුලටම වෙන්න . මම පොඩ් කාලේ ඉඳන්ම ඒකිව නිතර දැකලා එහෙම තිබුණට වැඩිය කතා බහ කරලා නම් තිබුණේ නෑ . මුලදී මට එහෙම කතා කරන්න උවමනාවක් තිබුණෙත් නෑ. මොකද ඒකි මට වැඩිය අවුරුදු දෙකක් විතර බාලයි මල්ලි . අනික මාලනී ඒතරම් ඇඟපත තිබුණු මහත කෙල්ලෙකුත් නෙවෙයි බොහොම චූටි ළපටි කෙල්ලෙක් ..” මම ආයෙමත් වතාවක් කණ්ණාඩියෙන් පේන සුරවීරගේ මූණ දිහා බැලුවා. සුරේ අදටත් හොඳ කඩවසම් හාදයා . වයස අවු 15 දී 17 දී ඌ බොහොම ලස්සන කොල්ලෙක් වෙන්නැති ! ඉතින් උගේ හිත ගන්න සමත් වුණු මාලනීත් කැත කෙල්ලක් වෙන්න බෑ ! ඒකිත් අපේ පළාතටම ආවේණික ලස්සනින් සම්පූර්ණ කෙල්ලෙක් වෙන්නැති ..! "පොඩි කාලේ ඉඳලා එක දිගට ඒකිව දැක්කට මට ඒකි ගැන යන්තමටවත් කැක්කුමක් හිතට ආවේ නෑ බං . ඒත් දවසක් දා මම නොහිතපු විදිහට ඒ කෙල්ල මගේ හිතට බරක් වුණා .” ටිකක් වෙලා නිහඬව හිටපු සුරවීර ආයෙමත් කතාව පටන්ගත්තා . සමහර විට එක දිගටම කතාව කියාගෙන යන කොට හරියට ඉවසීමෙන් කොණ්ඩේ කපන්න බැරිව ඇති !. නැත්නම් මේ කතාව කියන එක සුරවීරට දුකක් වෙන්නැති . ! "ඒ දවස් වල අපේ ඉස්කෝලේ ඔය ගොම එහෙම එකතු කරලා කොම්පෝස් පොහොර හදන වැඩසටහනක් ගියා උඹට මතක ඇති .?” "හ්ම් ඔවු ඔවු මට මතකයි බං ! “ "ඕකෙදි ඉතින් උණේ පන්ති වල කොල්ලෝ කෙල්ලෝ සේරම මහ දවාලේ එළියට දාලා උදලු, මුල්ලු, රේක්ක දීලා ඉගැන්වීම් පැත්තක දාලා පොහොර හදවාපු එක. ඒ දවස් වල ඉතින් ගුරුවරුන්ටත් අයිස් ගහන්න තියේනම් වෙන මොනාද ඉතින් ?. එයාලා පැත්තටවත් එන්නෑ.! ළමයි ටික උදේ ඉඳන් දාඩිය දාගෙන අර ගොම පොහොර වළේ බැහැලා කොටනවා .” "ඒක ඇත්ත බං මමත් අනන්ත ගිනි අවුවේ ඉඳලා තියේ ඔය විකාර වැඩ වලට ! අන්තිමට ඔය පොහොර ගෙනිච්චෙත් චීචර්ලා සර්ලා විතරයිනේ .” "එක දවසක් ඔහොම පොහොර හද හදා ඉන්දෙද්දී මාලනී එකපාරම කලන්තේ දාලා වැටුණා . ! ඒ කෙල්ල එදා වැටිලා හිටපු හැටි දැක්කාම මට පුදුම දුකක් දැනුණා . තව කොල්ලෙක් එක්ක ඒකිව පන්තියට උස්සගෙන ගියෙත් මම , ඒකිගේ මූණට වතුර බෝතලේකින් වතුර අරං ඉස්සෙත් මම . කොහොම හරි ඒකි ඇස් ඇරලා මා දිහා බැලුවා ඒ බැල්මම ඇති බං මම ඒකිට පිස්සු වැටෙන්න . ඔන්න ඔය දවසේ ඉඳලා මම ඒකිට බොක්කෙන්ම ලවු කරා ! .” වතුර විදින බෝතලේ ගත්තු සුරවීර මගේ කොන්ඩෙට කීපවාරක් වතුර විදලා ආයෙම කතාව කියන්න පටන්ගත්තා . "එදා ඉඳන් මගේ හිතේ ඒකි ගැන අමුතු ලෙංගතුකමක් ඉපදුනා බං . වෙනදාට අකමැත්තෙන් ඉස්කෝලේ යන මම ඊට පස්සේ දිගටම ඉස්කෝලේ යන්න පටන්ගත්තා .අපේ ගෙවල් තිබුණේ කුරුණෑගල බන්ටෙකේ අවසානෙට වෙන්න මාලනීලෑ ගෙවල් තිබුණේ මුලටම වෙන්න . ඉතින් මම උදෙන්ම නැගිටලා ඉස්කෝලේ යනවා . උදේට නොකා යන්නත් බෑ. ඒත් කකා හිටියොත් පරක්කු වෙලා මාලනීව මිස් වෙනවා ඉතින් බං මම පාර දිගේ බත් එක කකා තමයි උදේ ඉස්කෝලෙට ගියේ . මතකද අර හතරෙ කෑල්ලේ පාලම ?” "හ්ම්..” මමත් හූමිටි තියමින් කතාව අහනවා ! "ඉස්සර ඕක බෝක්කුවක් විතරයි ඒකේ ඇතුළේ මම බෙලෙක් පිඟාන හෝදලා හංඟලා ඇළෙන් වතුර බීලා ඉස්කෝලේට යනවා . හවසට ගෙදර එනකොට ආයේ පිඟාන අරගෙන එනවා . ඔන්න ඔහොම චාටර් කකා මම මාලනීලගේ ගෙවල් ගාවට ලං වෙලා ඒකි ගෙදරින් එළියට බහිනකම් ඉන්නවා . ඊට පස්සේ එයාගේ පස්සෙන් මමත් හෙමීට ඉස්කෝලෙට යනවා .” "ඒකිත් එක්ක කතා කර කර නෙවේද උඹ ගියේ ?” "පිස්සුද බං !. මම ඒකිට මීටර් හතරක් විතර පරතරයක් තියාගෙනයි හැම වෙලාවෙම හිටියේ . උඹ දන්නවානේ අපේ ගමේ බුවාලගේ හැටි ! කෙල්ලෙකුගේ ඇඟේ වැරදීමකින් හැප්පුණත් ඇති පදයක් හදන්න . උඹට මතකද ඒ කාලේ කෙල්ලක් සහ කොල්ලෙක් අතරේ "ඔයා" කියන වචනේ හුවමාරු වුණොත් වෙන දේ ?” "දන්නවා දන්නවා !! උඹ ඔය රට බයිලා නොකියා කතාව කියපන්කෝ" "මම දවස් ගාණක් ඔය විදිහට මාලනීගේ පිටිපස්සෙන් ඇවිදං ගියා .අතර මග තුම්මං හන්දියේදී අනෙක් කොල්ලෝ ටිකත් මට එකතු වෙනවා ඉතින් අපි කට්ටියම ඉස්කෝලේට ඇවිදං යනවා . මම පස්සෙන් එන විත්තිය මාලනී දැනං හිටියා. ඒකි හොරෙන් පිටිපස්ස හැරිලා බලලා අනෙක් කෙල්ලෝ එක්ක හිනා වෙන හැටි මම නිතරම දැක්කා . අපේ සෙට් එකේ ඒ දවස් වල හිටපු කොල්ලෝ එකෙක්වත් අද කාලේ උන් වගේ ඕන්නැති මෝඩ ජෝක් දාන්න හදන උන් නෙවේ . ඉතින් උන් එකෙක්වත් කට හොල්ලන්නෑ මගෙත් එක්ක හෙමීට හිනා වෙවී එනවා විතරමයි . ඒත් දවසක් මචං මට ඔය විදිහට පස්සෙන් ගාටලාම එපා වුණා . ඇයි බං ! මේකේ තේරුමක් තියෙන්න එපෑය . මේ කෙල්ලට මගේ හිතේ තියන දේ කියලා ලියුමක් දෙන එක හොඳයි කියලා ගොඩ දවසක ඉඳන්ම හිතිලා තිබුණා . ලියුමක් ලියලා ඒක මැදට ගැට පිච්ච මලක් දාලා සුවඳ කරලා ගණිතය අච්චුපොත මැද හිරකරගෙන හිටියත් ඒක දෙන්න තිබුණේ පුදුම බයක් බං ..” "ඒකනේ බොල මම කීවේ ඕන වීරයෙක් කෙල්ල ඉස්සරහා බලු වෙනවා කියලා. ! “ "එහෙම බයක් නෙවෙයි බං මට තිබුණේ ! වෙන විදිහක බයක් .” "මොන විදිහේ ?” "කෙල්ල ගෙට වෙලාද නැද්ද කියලා මට සුවර් එකක් තිබ්බේ නෑ බං. ඒකි එතකොට අටේ නේ !” මම මේසෙට හයියෙන් පාරක් ගහලා ටිකක් සද්දෙන් හිනාවක් දැම්මා . මම හිතුවේ සුරේට මල පයින්න ඇති කියලා . ඒත් මොහොතකින් මම දැක්කා පොරත් මගෙත් එක්කම හිනහ වෙන හැටි . "හ්ම් හ්ම් දැං ඉතින් ඊට පස්සේ මොකද වුණේ ?” "මට ඔය ගැන හොයන්න ඕන වුණාට බං හොයන්න ක්‍රමයක් තිබුණේ නෑ. මොකෝ අම්මගෙන් , තාත්තගෙන් අහන්න කියලයෑ අම්මේ තාත්තේ අහවල් කෙල්ල ගෙට වුණාද? කියලා ! ඒත් දවසක් අපේ ගැංසියේම එකෙක් ඕක හොයාගෙන තිබුණා ඌ මට ඇවිල්ලා කිවුවා ඒකි ගෙට වෙලා මාස හතකටත් වැඩියි කියලා . ඔන්න ඕක ඇහුවහම තමා කාලෙකට පස්සේ මගේ හිතට සතුටක් ආවේ .ඊට පස්සේ මම අනික් පහුවදා උදේ වෙනකම් ඇඟිලි ගැන ගැන හිටියා .” "උඹට ඉතින් පහුවදාට එළි වෙනකම් නින්දක් නැතුව ඇති නේද ?” "ඔවු නිදා ගත්තේ නම් නෑ ! හැබැයි මාලනීව මතක් වෙලානම් නෙවේ මට නින්ද නොගියේ !” "එහෙනම් ?” "එදා රෑ පියංගල පොලිස් පෝස්ට් එකට කොටි ගැහුවා . ඒ නිසා අපේ බන්ටෙකේ ගෙවල් වල හැමෝම ටිකක් පහළට ගිහින් කැලේ හැංගිලා හිටියා. . ගෙදර එනකොට පාන්දර තුනයි ! “ පියංගල පොලිස් මුරපොළ පිහිටලා තිබුණේ සුරවීරලෑ ගමේ ඉඳලා තව ගම්මාන දෙකකට විතර දකුණෙන් . එතන හිටි පොලිස් නිලධාරින් රැය ගෙවුවේ කොහොමද කියන්න මම තවම දන්නෑ .ඒ මුරපොළේ සේවයට යන්න ඒ කාලේ ගම් පළාතේ හිටපු පොලිස් නිලධාරීන් පුදුම බයක් දැක්වුවා .ඒ මුරපොළේ හිටි සමහර නිලධාරීන් ගිනි අවියයි , නිල ඇඳුමයි බංකරේක අතැර දාලා රස්සාව අමතක කර දාලා ගෙදර ඇවිදින් හැංගිලා හිටපු අවස්ථා පවා මම අහලා තියනවා . ජීවිතේට තියන ආසාව අනික් හැම ආසාවකටම වඩා ලොකුයිලු නේ ! . ඒ වගේම මට අද වගේ මතකයි මගේ තාත්තටත් ඔය පියංගල මරු කපොල්ලෙන් එපිටට යන්න බැරි වුණ හැටි .මට මැවිලා පෙනුණා පියංගල තාර පාර මැද වෙඩි උණ්ඩ හයක් වැදුණු තාත්තගේ මිනිය වැටිලා තියන හැටි . සුරවීර ආයෙත් කතාව පටන්ගත්තා "වෙනදා නම් කැලේ ඉඳලා ආපුවාම මම ආයේ ඉස්කෝලේ යන්නේ නෑ ඇඟේ පතේ අමාරුවට තෙල් ටිකක් ගාගෙන දවල් වෙනකම් හොඳට නිදියගන්නවා . ඒත් එදා මට ඉස්කෝලේ නොගින්ම බැරිවුණා ඇස් දෙකෙන් නිදි මත බේරි බේරි මම වෙනදා වගේම ඉස්කෝලේ ගියා .ඉස්කෝලෙට යන අතරමගදිත් මම හිතුණා අද මාලනී නෑවිත් ඉඳීද කියලා .. මගෙ කකුල් වෙවුලුවා බං ඒ වෙලාවේ ..හැක හැක හැක " සුරවීර උගෙ ගිරෙහෙනි හඬෙන් හිනා වුණා. මට නම් ඒ මොහොතේ හිනා නොගියේ මම සුරවීර කියන කතාවට තදින්ම හිත යොමු කරගෙන සිටි නිසා වෙන්නැති . සුරංගනා කතාවක් රස විඳින පොඩි එකෙක් වගේ මමත් සුරවීර කියන මේ කතාව ආසාවෙන් අහං හිටියා . "මගෙ වෙලාවට දෙයියෝ බැලුවා වාගේ කෙල්ල ඉස්කෝලේ ඇවිදිල්ලා තිබුණා . . ඒකි මමයි තෝයි වගේ කම්මැලි නෑ යකෝ ! ඒකි කොටි නෙවේ අලි ගහනවා කීවත් ඉස්කෝලේ කට් කරන්නේ නෑ ඒකි සිස්සත්තෙත් පාස්.” "එහෙමද ?” "ඔවු ඔවු .මම මචං පොඩ්ඩක්වත් පමා වුණේ නෑ . උදේම කෙල්ලත් එක්ක කතා කරන එක හොඳයි මොකද ප්‍රෙස් පිටනේ බං ! අනික දවල් වෙනකොට දාන දාඩිය පොල්ල උඹ දන්නවානේ ? ඔය වගේ දාඩිය දාගෙන, මුට්ට කරගහන එකෙක් වගේ කෙල්ල ගාවට යන්න මම කැමති වුණේ නෑ. ඉතින් මම බුදුන් වඳින්නත් කලින්ම අට වසර පන්තියට ගියා .ගුරු මේසෙට මේස රෙද්ද එල එලා හිටි කෙල්ල ගාවට කිට්ටු වුණා .. ඊට පස්සේ මචං මම ලියුමත් දුන්නා ..” "ඒකි ගත්තද ?” "මුලින්ම ඒකි මෙහෙම ඇහුවා මේ මොකද්ද අයියේ ? කියලා මම කීවා ගන්නකෝ කියලා ඊට පස්සේ ඒකි හිනාවකුත් දාලා ඒ ලියුං කෑල්ල අරං අතේ තියාගත්තා “ "උඹට ඉතින් රජ වුණා වගේ දැනෙන්න ඇති ?” "මේ මොනා කියනවාද බං ! මම ඒකිට හෙමීටම කීවා මට උත්තරයක් ඕන කියලා . ඒකිත් ඔළුව වැනුවා . ඉතින් මගේ හිත දැන් දන්නවා වැඩේ ගොඩ කියලා . මචං මම නම් වැඩේ ගොඩ යන බව කලින් ඉඳන්ම දැනගෙනයි හිටියේ . ඒත් මම මේකි ටිකක් පොඩි නිසා තමයි මේක කල් දදා හිටියේ..” "තව කොට කරනවද ? නැත්නම් මේ ඇතිද ?” කතාව ටිකකට නතර කරපු සුරවීර මගේ ඔළුව පිටිපස්සට පොඩි කණ්ණාඩියක් අල්ලන ගමන් තමයි එහෙම ඇහැවුවේ. "ඔය ගාන හොඳයි . “ "උඹ දන්නවා ඇතිනේ ! කෙල්ලෙක්ව සෙට් කරගත්ත අලුත කොල්ලෙකුට දැනෙන ගතිය මොනවගේද කියලා . උඹට කියන්න ඒ දවස් වල මම ඉස්කෝලේ ගියේ එක් සාක්කුවක පනාවයි අනික් සාක්කුවේ කණ්ණාඩියයි දාගෙන .අනිත් එවුං මූණවත් හෝදන්නේ නැතුව ඉස්කෝලේ එනකොට මම නම් හොඳ පිළිවෙළට ඉස්කෝලේ ගියා .ඒක හින්දා මට එක සැරයක් අහවල් හෝටලේ අයිතිකාරයාගේ දුව හිටං ලයින් දදා හිටියා ..” "අනේ මේ කතාව කියහංකෝ බං පම්පො පාර පැත්තකට දාලා" .මට එහෙම කියන්න හිතුණත් ඒ සිතිවිල්ල වචන වලට පෙරළුණේ නෑ "කොහොම හරි ඉතින් මම අනික් පහුවදා වෙනදටත් වඩා උදෙන් ඉස්කෝලේ ගියා . මම ඉස්කෝලෙට යනකොටයි දැක්කේ කෙල්ල මටත් කලින් ඉස්කෝලේ ඇවිල්ලා . මමත් ඉතින් වෙන එවුං නැති වෙලාවක් බලලා හෙමීට කෙල්ලට කිට්ටු කළා . මම දුර තියාම දැක්කා ඒකිගේ මූණේ හිනාවකුයි අතේ තනිරූල් පොතක කොලේකුයි ගුලි වෙලා තියන හැටි . මම ළඟට ගියාම කෙල්ල මට ලියමන දුන්නා . හවසට ගෙදර යනකොට මගදී පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කියලත් කිවුවා .” "ඒ කියන්නේ වැඩේ ගොඩ ගියා . !” "හ්ම් වැඩේ නම් ගොඩ. මම මාලනීව ගෙදර යන අතර මගදිත් හම්බ වුණා . මම ඒකිට ඉතින් මගේ හිතේ තිබුණු සේරම දේ කියලා දැම්මා . ඔන්න ඔය විදිහටයි මම කෙල්ලගේ හිත ඉල්ලගත්තේ .” "ඊට පස්සේ ?” "ඊට පස්සේ තමා මට හෙනේ ගැහුවේ ! . ඔන්න මචං එදාම හවස . මමයි අපේ අල්ලපු ගෙදර ශාන්ත අයියයි , රාල අයියයි (එදා සුරවීරට රාල අයියා කියලා හඳුන්වපු කෙනාගේ නියම නම මතක තිබුණේ නෑ ) වැවට ගියා නාගන්න . රාල අයියා ග්රාමාරක්ෂක කෙනෙක් . ශාන්ත අයිය නම් කුඹුරු වැඩ තමා කළේ . අපි නාලා අපේ ගමේ තිබුණු බණ ගෙදරක බණ අහන්න යන්න හිතාගෙනයි හිටියේ . කොහොම හරි මල්ලී මම නනා ඉන්න අතරේ අරුන් දෙන්නා ඉක්මනට දෙකක් තුනක් නාලා . පිහගෙන යන්න ගියා . මම කෑගැහුවා මම එනකම් ඉඳපල්ලා !! කියලා උන් දෙන්නා නෑහුණා වගේ ගියා . ඉතින් මම තව ටිකක් වෙලා නාල ගෙදර ගියා . ගෙදර ගියෙත් හිතේ සතුටින් ඇයි මාලනී දීපු ලියමන බලන්න පුළුවන්නේ . ! . ඉතින් ගෙදර ගිහින් ඒක කියවමින් ඉන්න අතරේ මට හිතුණා අද ආයේ බණ ගෙදර යන්න ඕන නෑ මේ ලියුමට උත්තරයක් ලියලා දැම්මා නම් හොඳයි කියලා . ඉතින් මම සේරම වැඩ අහක දාලා කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන ලියුම ලියන්න ගත්තා . “ "ඒ කාලේ කරන්ටෙක නැද්ද උඹලට . ?” "පිස්සුද ? ඒවෙනකොට 28 හන්දියට එනකම් විතරයි වයර් ඇදලා තිබුණේ . අපි චිමිනි ලාම්පුයි කුප්පි ලාම්පුයි තමා පත්තු කරගෙන හිටියේ .” "ඊට පස්සේ මොකෝ වුණේ..? ලියුම ලීවද ගෙදරට මාට්ටුද" "ගෙදරට මාට්ටු වුණේ නම් නෑ . මම ලියුම අවසාන කරන්න හදනකොට වෙලාව එකොළහට විතර ඇති .මම ලියුමේ අන්තිමට ලිවුවේ ඔයා හොඳට ඉගන ගන්න නංගි කියලා . මට තවම ඒක මතකයි . මම ඒක ලියලා ගණිත පොතේ ඇතුළට දාලා ගිහිං පැදුරේ ඇල වුණා . මට විගහට නින්ද ගියා . ඒත් පාන්දර එකයි දහයට විතර මම උඩ වීසි වෙලා ඇහැරුණේ ඇඟ හීතල වෙලා යන මහා විලාපයක් ඇහිලා ! ඒක මර ලතෝනියක් බං !!. අපි හොඳට කන් දීගෙන හිටියා .එක පාරටම වෙඩි පාරවල් දෙක තුනකුත් ඇහුණා අපි දැනගත්තා ගමට කොටි පැනලා විත්තිය . ලොකු අයියලා දෙන්නා අල්මාරිය හරස් කරලා අපේ ඉස්සරහා දොර කවර් කළා . ගෙදර පිටුපස ජනේලෙන් පැනගත්තු අපි පණ එපා කියලා දුවලා දුවලා නතර වුණේ පිටිපස්සේ කැලේට ගිහිල්ලා . උදේ හය වෙනකම්ම අපි නින්දක් නැතුව කැලේට වෙලා හිටියා .” "පිස්සු හැදෙනවනේ බං !” "කැලේ නම් නෝමල් මල්ලි .ආයෙ ගෙවල් ගාවට එනකොට වෙලාව හයයි හතළිහට විතර ඇති . අපේ ගෙදරට නම් කිසිම හානියක් වෙලා තිබුණේ නෑ . අපේ ගෙදර කුරුණෑගල බන්ටෙකේ අන්තිමේට තිබුණු නිසා වෙන්නැති . ගමට වෙච්ච දේ බලන්න අපි අනිත් පැත්ත හැරිලා ගියා . මම දැක්ක දේ උබට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මල්ලි . ගමම අමුසොහොනක් වෙලා තිබුණා . උදේ ඉස්කෝලේ යනකොට හම්බවෙච්ච එවුන් ලේ පෙරාගෙන වැටිලා හිටියා . පාරහ කොටි හැත්ත ගමේ එවුන්ව කෑලි වලට කපා දාලා . “ "මම ඔය තැනට යනකොට දහයට විතර ඇති බං" . මමත් මගේ පරණ මතකය අලුත් කරා "උඹ යනකොට ගොඩක් ප්‍රමාදයි . ඒත් මම යනකොට පොලීසියෙන්වත් ඇවිදිල්ලා නෑ . අපි ගෙවල් එකින් එක පහු කර කර ඉස්සරහට ගියා .මල්ලිට කියන්න එක ගෙදරක් ඇතුළේ අපෙ රාල අයියා මැරිලා හිටියා අනිත් ගෙදර මිදුලේ ශාන්ත අයියා මැරිලා වැටිලා හිටියා. ඒත් උන් මැරිලා තිබුණේ නියම පිරිමි වගේ . උන් දෙන්නා කොටින්ට අම්බානෙට නෙලලා . රාල අයියා ෆයිට් කරලා තිබුණේ ජනෙල් පළුවකින් ඌ හතර දෙනෙක් එක්ක තනියම විනාඩි විස්සක් විතර ඔට්ටු වෙලා තිබුණා . ශාන්ත අයියත් කොටිත් එක්ක අතින් පයින් ගහගෙන තිබුණා උන් දෙන්නම අන්තිමේදී කඩු පාරවල් කාගෙන මැරිලා . තනි එකෙක් එක්ක කඩු ගත්ත හත් අට දෙනෙක් හටන් කරද්දී කොහොමද බං බේරෙන්නේ . ?” යන්තම් ඔළුව උස්සලා බලනකොට මම දැක්කේ මේ කතාව අහන්නේ මම විතරක් නොවන වග . කොන්ඩේ කපන්න ආපු තව කීප දෙනෙක් ටීපෝ එක උඩ පිරිලා තිබුණු පත්තර දිහෑ යන්තම්වත් නොබලමින් කටවල් ඇරගෙන සුරවීරගේ කතාව අහගෙන හිටියා . සුරවීර ආයේ කතාවට වැටුණා. "එදා මම බණ ගෙදර ගියානම් මම ගෙදර නොගිහින් මේ රාල අයියා එක්ක නතර වෙනවා . ඒත් මගෙ වෙලාවට මට බණ ගෙදර යන්න බැරි වුණා . මම ඔය ගැන හිත හිතම අයියලා එක්ක ඉස්සරහට ගියා . මල්ල්ලි මගේ පපුව හීතල වෙලා ගියේ මාලනීලගේ ගෙවල් ගාවට ළංවෙද්දී . අනේ ඒ කෙල්ලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම හිතින් කිය කිය ගියා මල්ලී . කලබලේ වැඩි කමට මගේ කකුලේ දාගෙන හිටපු බාටා සෙරෙප්පු දෙක පවා මටම පෑගෙන්න ගත්තා . මමයි ලොකු අයියයි මාලනීලෑගෙවල් ළඟටම ගියා ..අපි මාලනීලගේ ගෙදරට කිට්ටු වෙනකොට මම දැක්කා ඒ ගෙදර දොර දෙකට මැදින් පැලිලා තියන හැටි. පපුව දඩ දඩ ගාලා ගැහෙද්දී මම ගේ ඇතුළට එබුණා" මම හැරිලා සුරවීර දිහා බැලුවා . මම විතරක්ම නෙවේ කොණ්ඩේ කපන්න ආපු හැමෝම කටවල් වලින් බලං උන්නා ඊළඟට මෙයා මොනවද කියන්නේ කියලා . "සාලේ මැද මාලනී වැටිලා හිටියා එයාගේ වටේ ලේ විමාණයයි . කොටි ඒකිව දූෂණය කරලා මරලා දාලා තිබුණා .ඒ පුංචි කෙල්ලගේ ඇඟේ තැන තැන කටින් හපා කාපු පාරවල් තිබුණා . ඒ විතරක් නෙවේ ............................ තිබුණා . එකිගේ අම්මයි තාත්තයි දෙන්නත් මරලා දාලා තිබුණා .” ඔය හිස් තැන මට පුරවන්න බෑ මාලනීට කොටි අතවර කරලා තිබුණු හැටි මට කවදාවත් කටින් කියන්නවත් අතින් ලියන්නවත් බැරි වේව් . ඒවා ඇස් පනාපිටම දැකපු සුරවීර කොහොම ඉවසන්න ඇත්ද ?. මට ලියන්නවත් බැරි මේ දේවල් ඒ පජාත සක්කිලි කොටි හැත්ත කොහොම කළාද ? "උඹ දන්නවද ? මල්ලී මගේ ජීවිතේ බේරගත්තේ ඒ කෙල්ලගේ ආදරේ !!.එදා මම ඒකිට ලියමනක් ලියන්න නොහිතුණා නම් මමත් යනවා අරුං එක්ක බණ ගෙදර. එහෙනම් මටත් කෑලි කෑලි වලට කැපෙන්න වෙනවා සිකුරුයි . මම ඒකිට ආදරේ කල නිසා මම බේරුණා ඒත් ඒකිව බේරගන්න තරම් මගේ ආදරේ බලගතු වෙලා නෑ බං . ඒ කෙල්ල මාව බේර ගන්නම උපන්න දේවතාවියක්ද කොහෙද . මම කොහොමවත් හිතුවේ නෑ මම යාළු වෙන පළවෙනිම කෙල්ල මට වචනේ දීලා අනිත් පැත්තට මැරිලා යාවි කියලා . ඒකිගේ හිතේ මැරෙන වෙලාවේ මොනවා තියෙන්න ඇත්ද බං ? . පවු අසරණී !! සුරවීර සුසුමක් හෙළුවා "සතියක් විතර යනකම් මම පුදුම දුකකින් හිටියේ . ඒත් බං උපන්දා ඉඳන්ම කොටින්ගේ කටේ ජීවත් වුණු අපට ඕක දවස් හතකින් අමතක වෙලා ගියා .ඒත් තවම මට මාලනීගේ මූණ විටින් විට මතක් වෙනවා" මම කොණ්ඩේ කපලා ඉවර වෙලා පුටුවෙන් නැට්ටත් මගේ හිතේ රැඳිලා තිබුණේ සුරවීර කියපු මේ දුක්බර කතාව . ඒ කතාවම විතරක් නෙවේ මේ මුලු සිදුවීමම දුකක් ජීවිත පනස් හතක් නිකම් නැති වුණා . කතා කරගන්න බැරි අත දරුවෝ . මෙලොව එලියවත් නොදුටු අම්මාගේ බඩ ඇතුලෙම මියැදුණු පොඩි එවුන්, වයසක, තරුණ ගොඩ දෙනෙක් නිදි පැදුරෙම මියැදුනා . කතාව ඉවර වෙලා විනාඩි කීපයකින් ආයේ සුරවීර පරණ පුරුදු සිනා මුසු පෙනුම ආරූඩ කරගත්තා ඌට දුකක් නෑ මටත් එහෙමයි කියලම දුකක් නෑ ඒත් කථාවෙන් පස්සේ හිතට මුත්තක් දැනෙනවා මම දන්නෑ ඒ මොකද කියලා එදා දහය වසරේ කොල්ලා වෙච්චි සුරවීර අද වෙනකොට බොහොම සතුටෙන් ජීවිතේ ගතකරනවා . ඌ පරණ මතකය මත්තෙම නැහෙන්නැතුව අලුතෙන් ජීවිතේ ගොඩ නගා ගත්ත එකෙක් . ඒ වෙනකොට හතර වසරේ හිටපු මට මෙ සිදුවීම යාන්තමට මතකයි. ඒත් මම එදා දැකපු වේදනාවෙන් පිරුණු මල සිරුරු වල මුහුණු මට කවදාවත් අමතක කරන්න බෑ. මේ සම්පූර්ණ සිදුවීම ජායාරූප ගත කළේ මගේ මාමා . එයා අරගත්ත පින්තූර වලින් කොටසක් මගේ ළඟ අදටත් තියනවා . ඒවා බ්ලොග් එකේ පල කරනවද නැද්ද කියන එක පසුව තීරණය කරන්නම් . දැන් මේ හැම සිදුවීමක්ම අතීතයට එකතු වෙලා ඉවරයි . මමත් මේ සිදුවීම ගැන කතාකරන අවසන් අවස්ථාව තමයි මේ . ප/ලි .මේ සිදුවීමට අදාළව මගේ ළඟ තියන අනෙක් පින්තූර ටික ඉල්ලීමක් ලැබුනොත් පල කරන්නම් ? ඒ පින්තූර දිහා බැලීමත් මටනම් වේදනාවක් . නම් ගම් මනඃකල්පිතය[/SIZE] [/COLOR] [SIZE="3"][COLOR="Black"]උපුටා ගැනීමකි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom