ගෝබි,තේවියන්, අප්පම් කොටි හමුදාවෙන් මරුට

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ගෝබි,තේවියන්, අප්පම් කොටි හමුදාවෙන් මරුට

    201404110100(1).jpg


    පුල්ලිකුලම නැදුන්කර්නි මහ කැළයේ යුද හමුදාව කළ සෝදිසි මෙහෙයුමක දී කොටි නායකයන් තිදෙනා භාවිත කළ බවට සැක කෙරෙන ආහාර, ඖෂධ හා ඇඳුම් ආදිය සොයා ගත් බව නැදුන්කර්නි සෝදිසි මෙහෙයුම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය කියයි.
    එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
    ‘බෙදුණු රාජ්‍යයක් උදෙසා කොටි සංවිධානයට පණ පෙවීමට යන බව කියන කිහිප දෙනකු සම්බන්ධයෙන් යාපනය අර්ධද්වීපයේ පලෙයි ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, ඔවුන් සහ ඔවුන් සන්තකයේ ඇතැයි සැක කරන අවි ආයුද සොයා සෝදිසි මෙහෙයුමක් ඇරැඹීය.
    යුරෝපියේ සිටින කොටි නායකයන් වන නෙදියවන් හා විනයාගම් දෙදෙනාගේ මෙහෙයවීමෙන් මේ පිරිස ක්‍රියාත්මක මේ පිරිස සන්නද්ධ අරගලයකට අර අදින බවට තොරතුරු ලැබිණි.
    කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්‍රතිසංවිධානය, ඊට අවශ්‍ය සාමාජිකයන් එක්හාසු කිරීම මගින් නැවත කොටි සංවිධානය පණ ගැන්වීම ඔවුන්ගේ අරමුණ විය.
    උප මහාද්වීපයක මුදල් හුවමාරු කිරීමට යොදා ගන්නා හවාලා නම් නීති විරෝධී ක්‍රමය මගින් යුරෝපයේ සිට එම පිරිසට මුදල් ලැබෙන අතර ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය නගා සිටුවීමේ කටයුතු සඳහා අවශ්‍ය වාහන, ආරක්ෂිත නිවාස ආදී සම්පත් සොයා ගැනීමට එම මුදල් භාවිත කර ඇති බව පෙනී යයි.
    සුන්දරලිංගම් කබිජන් හෙවත් තේවියන් , නවරත්නම් නවනීදන් හෙවත් අප්පම් සහ සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝබි යන තිදෙනා කොටි සංවිධානයේ ප්‍රතිසන්ධාන කටයුතුවලට නායකත්වය දුන් අතර තේවියන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට හා කොළොන්නාවේ තෙල් ගබඩාවට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ වූ අයකු බවට ද තොරතුරු අනාවරණය විය.
    කොටි නැවත නැගිටිනවාට අකමැති එම ප්‍රදේශයේ වැසියන්ගෙන් ඔවුන් ගැන තොරතුරු ලැබිණි.
    මෙම කොටි සැකකරුවන් සිටින ප්‍රදේශය වටලා කළ මෙහෙයුමක දී තිදෙනකු මිය ගොස් ඇති අතර ඉන් දෙදෙනෙක් ගෝබි හා තේවියන් ලෙස හඳුනාගෙන ඇත. තෙවැනියා මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඔහු අප්පන් ලෙසට සැක කරයි.‘

    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    ප්‍රභාකරන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ කොටි නායකයා වූ බව කියන පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් (31) නම් බර වාහන රියදුරා සහ තවත් දෙදෙනකු පුලියන්කුලම නැදුන්කර්නියේ විඩිතලතිව්හි දී හමුදා වෙඩි පහරින් මිය ගිය බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
    වෙඩි වැදී මිය ගිය අනෙක් දෙදෙනාගෙන් කෙනකු තේවියන් බවත්, තෙවැනි පුද්ගලයා හඳුනාගෙන නැතත් අප්පම් යැයි සැකකරන බවත් වනිගසූරිය මහතා පවසයි.
    යුරෝපයේ සිටින කොටිනායක නෙදියවන් සහ විනයාගමන් දෙදෙනා යටතේ ලංකාවේ කොටි සංවිධානයට පෙන පෙවීමට උත්සාහ ගත්තේ මේ දෙදෙනා බවත්, ඔවුන් නැදුන්කර්නි මහ කැලයේ සිටින බවට ලද තොරතුරක් අනුව අද අලුයම කැළය වට කළ බවත්, ඔවුන් පැන යෑමට තැත් කරද්දී යුද හමුදාව වෙඩි තැබූ බවත් යුද හමුදාව සඳහන් කරයි.
    ගෝපි නෝර්වේ රාජ්‍යයේ දී නෙදියවන් හමුවී ඔහුගේ උපදෙස් අනුව ශ්‍රී ලංකාවට පැමිණ කොටි සංවිධානයේ නායකයා වී සිටිය දී වැල්වැඩිතුරේ නිවසක දී පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා පළා ගිය බව ද, ඉන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට තොරතුරක් දෙන අයට රුපියල් දස ලක්ෂයක් දෙන බවද ප්‍රකාශ කර තිබිණි.
    ඡායාරූප සහ වීඩියෝ රොමේෂ් මධුසංඛ

    lapnadeepa
    http://www.lankadeepa.lk/index.php/top_story/225002