Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝලීය ප්රවණතා නිසා ලංකාවට ඇති දුෂ්කරතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙලාවේ තියෙන ගෝලීය අභියෝග මොනවද කියන එක බොහෝ අයට අලුත් දෙයක් නෙවෙයි. ඒත් දැන් තිබෙන ගෝලීයකරණයත් එක්ක ඒවා ගැන නොදැන සිටින්නට කිසිවෙකුට හැකියාවක් නෑ. මොකද අපි අද මුහුණ දෙන සියළු අර්බුද මේ ගෝලීය අර්බුදයත් එක්ක බැඳිලා. ඒවායින් බලපෑම් හැම පුරවැසියෙකුටම ඇති වෙනවා. වෙනස ඇතැම් විට එය ඔබ නොදැන සිටීම පමණයි.

ඒ නිසා ඒවා ගැන සාකච්ඡාවක් තිබීම වටිනවා. අපිට කරන්න පුළුවන් සමහරු කියන විදියට හැල්ලක් ලියලා තියන්න විතරයි. කැමති අයට කියවන්න පුළුවන්. අනිත් අයට මග ඇරලා වෙන දෙයක් බලන්න පුළුවන්. දැනට පවතින ගෝලීය අර්බුද මේ වගේ.

ඉන් පලවෙනි එක තමයි " ලෝකයේ බලතුලනය වෙනස් වීම හෙවත් change in world order." මෙතෙක් ලෝකයේ පැවති ඇමෙරිකාව ප්රමුඛ බටහිර ආධිපත්‍යය බිඳ වැටෙමින් ගෝලීය වම/නැගෙනහිර එයට එරෙහිව ශක්තිමත් වෙනවා. ඒ නිසා ලෝකය පුරා මේ වන විට සටන් ඇති වීමත්, සටන් සඳහා සූදානම් වීමත් සිදු වෙනවා. රුසියානු යූක්‍රේන යුද්ධය, හමාස්-ඊශ්‍රායල් යුද්ධය, හවුතීන් ගේ රතු මුහුදේ සටන විතරක් නෙවෙයි උතුරු කොරියා-දකුණු කොරියා බෝඩරේ උණුසුම, චීනය-තායිවානයේ බලපෑම ආදී මේ සියල්ල මේ මොහොතේ අපිට දකින්නට පුළුවන්. මෙයට සෘජු සම්බන්ධයක් නැතත් පකිස්තානයේ බුලොකිස්තාන් ප්‍රාන්තයේ ත්රස්තවාදීන් ඉරානයට පහර දීමත්, ඉරානය පෙරළා පකිස්තානය තුල සර්ජිකල් ස්ට්‍රයික් කිරීමත් පසු ගිය දින දෙක තුනේ සිදු උනා. මේ අතර ඊශ්‍රායලය සහ් හිස්බුල්ලා අතර සටනත් උග්‍ර අතට හැරුණා. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයේ සහයට රතු මුහුදට යුරෝපා සංගමයත් පැමිණියා. ඉන්දියාවත් සිය යුද නැව් 3 ක් මේ වන විට රතු මුහුදට යොදවා අවසන්. හැමෝම ඉන්නේ defensive මානසිකත්වයෙන්. කවුරුත් ගහ ගන්න යන්නේ නෑ කැමැත්තෙන්. ඒත් ඊට යටින් තම තම රටේ ඇජෙන්ඩාවල් සහ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුව සිටිනවා.

ඉතිං මේ සටන් සමය ලෝකයට වාසි දායක නම් නෑ. රජයන් යුද්ධයකට මැදි වන විට හෝ සූදානම් වන විට රජයේ වියදම් ඉහල යනවා. ඒකත් එක්ක ජනතාවට අධික බදු, අධික පොළිය සහ උද්ධමනයට හසු වන්නට සිදු වෙනවා. ගෝලීය වර්ධනය අඩාල වීම මත ජනතාවගේ ජීවිත වල ගුණාත්මකභාවය ඉහළ යෑම සීමා වෙනවා. වෙළෙඳපොළ සීමා වෙනවා. විශේෂයෙන් මැදපෙරදිග සහ රුසියාවේ සටනක් කෙරෙන කොට ඉන්ධන මිළ ඉහළ යනවා. රතු මුහුදේ ගැටුම් නිසා වෙළෙඳපොළ සීමා වීම සහ මිළ ඉහළ යෑම් වෙනවා. මේවායේ සමස්ථ ප්‍රථිපලය තමයි හැම රටකටම වේදනාව විඳගන්න වෙන එක. අපිටත් ඒක මග ඇරලා යන්න බෑ. යුද්ධය උග්‍ර උනොත්, නතර වෙන දවසක් කියන්න ලැබෙන්නේ නෑ. ඒක අපේ පළමු අභියෝගය.

දෙවැන්න තමයි දේශගුණික විපර්යාස සහ බලශක්ති පරිවර්තනය. ලෝකයේ දේශගුණය දැඩි ලෙස වෙනස් වෙමින් යනවා. දැඩි වර්ෂා, නියඟ, නාය යෑම්, සෝදා පාළුව, ගංවතුර ආදිය බහුල වෙනවා. ශ්‍රී ලංකාවේ දැනටමත් එහෙම වෙලා. ඒවායේ ප්‍රථිපල ලෙස ආහාර අර්බුද, ජනාවාස ගැටලු ආදිය මතුවෙනවා. ඒ අතරේ පුනර්ජනනීය බල ශක්තිය සඳහා විශාල ආයෝජන අවශ්‍ය වෙනවා. මේ සියල්ලේ ආර්ථික බලපෑම දරා ගන්න එක ලේසි නෑ.

තුන් වැන්න තමයි කෘතිම බුද්ධිය සහ රොබෝටික්ස් වල දියුණුව. ඒ කියන්නේ මේ වේගයෙන් තාක්ෂණය දියුණු වීම මත ගොඩ නැගෙන යන්ත්‍ර සූත්‍ර වලින් මිනිසුන්ට වෙන අභියෝගය. දුප්පත් මිනිසුන්ට මෙහි පීඩනය වේගයෙන් දැනෙන්න පුළුවන්. මොකද තාක්ෂණය ලබා ගන්න බැරි පිරිස සහ පුළුවන් පිරිස අතර ලොකු හිඩැසක් ඇති වේවි. රැකියා අහිමි විම බහුල වේවි. මේත් සමගම වෙළෙඳපොළ තුල ඇති වන පරිවර්තනය බොහෝ මිනිසුන්ට දරා ගැනීම අපහසු වෙන්න පුළුවන්. එය ප්රජාතන්ත්රවාදයට පවා බලපෑම එල්ල කරන්නක් වගේම මේ ඔස්සේ රාජ්‍ය අංශය අභිබවා පුද්ගලික අංශය වඩාත් බලවත් වීමටත්, ධනය බෙදී යෑමේ අසමානාත්මතාවය උග්‍ර වීමටත් හැකියාව තිබෙනවා. එය අපිට මුහුණ දෙන්න වෙන අභියෝගයක්.

හතර වැන්න තමයි ඉන්දියාවේ නැගීම. අපේ ඓතිහාසික අසල්වැසියා දැඩි වේගයෙන් ලෝකයේ බලකඳවුරක් ලෙස නැගී එනවා. ඉන්දියාව දැනටමත් කලාපීය බලවතා. ඉතිං මේ නැග්ම කියන්නේ ලඟින්ම ඉන්න අපිට අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි හරි පාර හඳුනා ගත්තොත් ඒ අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකයේ යන්න පුළුවන්. නැත්නම් පිළිකන්නේ තියෙන පඩික්කම බවට පත්වෙන්න පුළුවන්. මේ ගොඩ නැගෙන ආර්ථික අවස්ථා හඳුනා ගෙන ඒවා අල්ලා ගත්තේ නැත්නම් අපිට තව පරම්පරා ගාණකට මේ රට ගොඩ දාන්න වෙන්නේ නෑ. අපි දැනටම පරක්කුයි, ඒත් තාම බැරි නෑ.

පස් වැන්න වෙන්නේ අභ්‍යාවකාශ තරඟය. ඔව් අභ්‍යාවකාශ ගමන් පුද්ගලික අංශයට විවෘත වීමත් සමග රාජ්‍යයන් සහ පුද්ගලික සමාගම් සම්පත් සොයා අභ්‍යාවකාශය පිරීම ආරම්භ කර තිබෙනවා. එය හුදෙක් අභ්‍යාවකාශ සංචාරයට පමණක් සීමා වෙන්නෙ නෑ. එහි අවසානය තිබෙන්නේ පෘථිවිය මත ඇති සීමිත සම්පත් අභ්‍යාවකාශයෙන් රැගෙන ඒම. ඒ නිසා මේ සොයා යෑම් ඉතා තරඟකාරී වගේම බහුලයි. මේක නූතන සොයා යෑමේ යුගයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. අනාගතයේ යුද්ධ පවා අභ්‍යාවකාශය තෙක් පැතිරී යන්න පුළුවන්.

මේ කරුණු ඉතා කෙටියෙන් හෝ සඳහන් කර තිබීම වැදගත් යයි සිතනවා. මොකද අපි ජීවත් වෙන මේ මොහොතේ අවබෝධයෙන් සිටීම හෙට දවසේ අභියෝගය ජයගැනීමට වැදගත්.

මේ සියළුම අභියෝගයන් අපේ රට තුල ඇති අභ්‍යන්තර ආර්ථික සහ දේශපාලනික අර්බුදයට බල පවත්වනවා. ඒ නිසා මේවා ගැන අවබෝධයකින් තොරව විසඳුම් සෙවීම ඵලදායි දෙයක් නෙවෙයි.

පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර

[QUOTE="riduna pm, post: 29526846, member: 567786"] මේ වෙලාවේ තියෙන ගෝලීය අභියෝග මොනවද කියන එක බොහෝ අයට අලුත් දෙයක් නෙවෙයි. ඒත් දැන් තිබෙන ගෝලීයකරණයත් එක්ක ඒවා ගැන නොදැන සිටින්නට කිසිවෙකුට හැකියාවක් නෑ. මොකද අපි අද මුහුණ දෙන සියළු අර්බුද මේ ගෝලීය අර්බුදයත් එක්ක බැඳිලා. ඒවායින් බලපෑම් හැම පුරවැසියෙකුටම ඇති වෙනවා. වෙනස ඇතැම් විට එය ඔබ නොදැන සිටීම පමණයි. ඒ නිසා ඒවා ගැන සාකච්ඡාවක් තිබීම වටිනවා. අපිට කරන්න පුළුවන් සමහරු කියන විදියට හැල්ලක් ලියලා තියන්න විතරයි. කැමති අයට කියවන්න පුළුවන්. අනිත් අයට මග ඇරලා වෙන දෙයක් බලන්න පුළුවන්. දැනට පවතින ගෝලීය අර්බුද මේ වගේ. ඉන් පලවෙනි එක තමයි " ලෝකයේ බලතුලනය වෙනස් වීම හෙවත් change in world order." මෙතෙක් ලෝකයේ පැවති ඇමෙරිකාව ප්රමුඛ බටහිර ආධිපත්‍යය බිඳ වැටෙමින් ගෝලීය වම/නැගෙනහිර එයට එරෙහිව ශක්තිමත් වෙනවා. ඒ නිසා ලෝකය පුරා මේ වන විට සටන් ඇති වීමත්, සටන් සඳහා සූදානම් වීමත් සිදු වෙනවා. රුසියානු යූක්‍රේන යුද්ධය, හමාස්-ඊශ්‍රායල් යුද්ධය, හවුතීන් ගේ රතු මුහුදේ සටන විතරක් නෙවෙයි උතුරු කොරියා-දකුණු කොරියා බෝඩරේ උණුසුම, චීනය-තායිවානයේ බලපෑම ආදී මේ සියල්ල මේ මොහොතේ අපිට දකින්නට පුළුවන්. මෙයට සෘජු සම්බන්ධයක් නැතත් පකිස්තානයේ බුලොකිස්තාන් ප්‍රාන්තයේ ත්රස්තවාදීන් ඉරානයට පහර දීමත්, ඉරානය පෙරළා පකිස්තානය තුල සර්ජිකල් ස්ට්‍රයික් කිරීමත් පසු ගිය දින දෙක තුනේ සිදු උනා. මේ අතර ඊශ්‍රායලය සහ් හිස්බුල්ලා අතර සටනත් උග්‍ර අතට හැරුණා. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයේ සහයට රතු මුහුදට යුරෝපා සංගමයත් පැමිණියා. ඉන්දියාවත් සිය යුද නැව් 3 ක් මේ වන විට රතු මුහුදට යොදවා අවසන්. හැමෝම ඉන්නේ defensive මානසිකත්වයෙන්. කවුරුත් ගහ ගන්න යන්නේ නෑ කැමැත්තෙන්. ඒත් ඊට යටින් තම තම රටේ ඇජෙන්ඩාවල් සහ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුව සිටිනවා. ඉතිං මේ සටන් සමය ලෝකයට වාසි දායක නම් නෑ. රජයන් යුද්ධයකට මැදි වන විට හෝ සූදානම් වන විට රජයේ වියදම් ඉහල යනවා. ඒකත් එක්ක ජනතාවට අධික බදු, අධික පොළිය සහ උද්ධමනයට හසු වන්නට සිදු වෙනවා. ගෝලීය වර්ධනය අඩාල වීම මත ජනතාවගේ ජීවිත වල ගුණාත්මකභාවය ඉහළ යෑම සීමා වෙනවා. වෙළෙඳපොළ සීමා වෙනවා. විශේෂයෙන් මැදපෙරදිග සහ රුසියාවේ සටනක් කෙරෙන කොට ඉන්ධන මිළ ඉහළ යනවා. රතු මුහුදේ ගැටුම් නිසා වෙළෙඳපොළ සීමා වීම සහ මිළ ඉහළ යෑම් වෙනවා. මේවායේ සමස්ථ ප්‍රථිපලය තමයි හැම රටකටම වේදනාව විඳගන්න වෙන එක. අපිටත් ඒක මග ඇරලා යන්න බෑ. යුද්ධය උග්‍ර උනොත්, නතර වෙන දවසක් කියන්න ලැබෙන්නේ නෑ. ඒක අපේ පළමු අභියෝගය. දෙවැන්න තමයි දේශගුණික විපර්යාස සහ බලශක්ති පරිවර්තනය. ලෝකයේ දේශගුණය දැඩි ලෙස වෙනස් වෙමින් යනවා. දැඩි වර්ෂා, නියඟ, නාය යෑම්, සෝදා පාළුව, ගංවතුර ආදිය බහුල වෙනවා. ශ්‍රී ලංකාවේ දැනටමත් එහෙම වෙලා. ඒවායේ ප්‍රථිපල ලෙස ආහාර අර්බුද, ජනාවාස ගැටලු ආදිය මතුවෙනවා. ඒ අතරේ පුනර්ජනනීය බල ශක්තිය සඳහා විශාල ආයෝජන අවශ්‍ය වෙනවා. මේ සියල්ලේ ආර්ථික බලපෑම දරා ගන්න එක ලේසි නෑ. තුන් වැන්න තමයි කෘතිම බුද්ධිය සහ රොබෝටික්ස් වල දියුණුව. ඒ කියන්නේ මේ වේගයෙන් තාක්ෂණය දියුණු වීම මත ගොඩ නැගෙන යන්ත්‍ර සූත්‍ර වලින් මිනිසුන්ට වෙන අභියෝගය. දුප්පත් මිනිසුන්ට මෙහි පීඩනය වේගයෙන් දැනෙන්න පුළුවන්. මොකද තාක්ෂණය ලබා ගන්න බැරි පිරිස සහ පුළුවන් පිරිස අතර ලොකු හිඩැසක් ඇති වේවි. රැකියා අහිමි විම බහුල වේවි. මේත් සමගම වෙළෙඳපොළ තුල ඇති වන පරිවර්තනය බොහෝ මිනිසුන්ට දරා ගැනීම අපහසු වෙන්න පුළුවන්. එය ප්රජාතන්ත්රවාදයට පවා බලපෑම එල්ල කරන්නක් වගේම මේ ඔස්සේ රාජ්‍ය අංශය අභිබවා පුද්ගලික අංශය වඩාත් බලවත් වීමටත්, ධනය බෙදී යෑමේ අසමානාත්මතාවය උග්‍ර වීමටත් හැකියාව තිබෙනවා. එය අපිට මුහුණ දෙන්න වෙන අභියෝගයක්. හතර වැන්න තමයි ඉන්දියාවේ නැගීම. අපේ ඓතිහාසික අසල්වැසියා දැඩි වේගයෙන් ලෝකයේ බලකඳවුරක් ලෙස නැගී එනවා. ඉන්දියාව දැනටමත් කලාපීය බලවතා. ඉතිං මේ නැග්ම කියන්නේ ලඟින්ම ඉන්න අපිට අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි හරි පාර හඳුනා ගත්තොත් ඒ අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකයේ යන්න පුළුවන්. නැත්නම් පිළිකන්නේ තියෙන පඩික්කම බවට පත්වෙන්න පුළුවන්. මේ ගොඩ නැගෙන ආර්ථික අවස්ථා හඳුනා ගෙන ඒවා අල්ලා ගත්තේ නැත්නම් අපිට තව පරම්පරා ගාණකට මේ රට ගොඩ දාන්න වෙන්නේ නෑ. අපි දැනටම පරක්කුයි, ඒත් තාම බැරි නෑ. පස් වැන්න වෙන්නේ අභ්‍යාවකාශ තරඟය. ඔව් අභ්‍යාවකාශ ගමන් පුද්ගලික අංශයට විවෘත වීමත් සමග රාජ්‍යයන් සහ පුද්ගලික සමාගම් සම්පත් සොයා අභ්‍යාවකාශය පිරීම ආරම්භ කර තිබෙනවා. එය හුදෙක් අභ්‍යාවකාශ සංචාරයට පමණක් සීමා වෙන්නෙ නෑ. එහි අවසානය තිබෙන්නේ පෘථිවිය මත ඇති සීමිත සම්පත් අභ්‍යාවකාශයෙන් රැගෙන ඒම. ඒ නිසා මේ සොයා යෑම් ඉතා තරඟකාරී වගේම බහුලයි. මේක නූතන සොයා යෑමේ යුගයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. අනාගතයේ යුද්ධ පවා අභ්‍යාවකාශය තෙක් පැතිරී යන්න පුළුවන්. මේ කරුණු ඉතා කෙටියෙන් හෝ සඳහන් කර තිබීම වැදගත් යයි සිතනවා. මොකද අපි ජීවත් වෙන මේ මොහොතේ අවබෝධයෙන් සිටීම හෙට දවසේ අභියෝගය ජයගැනීමට වැදගත්. මේ සියළුම අභියෝගයන් අපේ රට තුල ඇති අභ්‍යන්තර ආර්ථික සහ දේශපාලනික අර්බුදයට බල පවත්වනවා. ඒ නිසා මේවා ගැන අවබෝධයකින් තොරව විසඳුම් සෙවීම ඵලදායි දෙයක් නෙවෙයි. පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom