Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඝාතනයෙන් අවසන් කළ මාලදිවයින් බෞද්ධයෝ…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඝාතනයෙන් අවසන් කළ මාලදිවයින් බෞද්ධයෝ…

තෝමස් පිකාඞ් (Thomas Pickard) නමැති ලේඛකයෙකු විසින්‘‘Serendip“සඟරාවට ලියනු ලැබූ Maldives ( A brief history නම් ලිපියේ සංක්ෂිප්ත අනුවාදයක් වන මෙම ලිපිය Lanka lead news පාඨකයා වෙත මෙසේ ඉදිරිපත් කරමු.

මුල් පදිංචිකරුවෝ

මාල දිවයිනේ මුල් පදිංචිකරුවෝ පිළිබඳව ඇති ඓතිහාසික සාක්ෂි කාලයත් සමඟ වැළලී ගොස් තිබේ. එහෙත් දැනට වැඩි වශයෙන් පිළිගෙන ඇති මතය වන්නේ මාල දිවයින ජනාකරණය වූයේ මුුහුදු ගමන් වල යෙදුණු ද්‍රවිඩයන්ගෙන් වීමට ඉඩ ඇති බවයි. තවද ඔවුහු ඉන්දියාවේ මුහුදුබඩ පළාත් වලින් හෝ ශී‍්‍ර ලංකාවේ මුහුදුබඩ පළාත් වලින් පැමිණියවුන් විය හැකි බව ඉතිහාසඥයන්ගේ මතයයි. අවාසනාවකට මාල දිවයිනේ ඉතිහාසය සොයන ඉතිහාසඥයන්ට මාල දිවයිනේ මුල්ම ඉතිහාසයට සම්බන්ධව ගවේෂණයට අවශ්‍ය කිසිදු පුරා විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් ලැබී නැත. මෙසේ වීමට හේතු වශයෙන්, මාල දිවයින් මුල් පදිංචිකරුවන් විසින් නිවාස ආදී අවශ්‍යතාවයන් සඳහා භාවිතා කළ සියලූම ද්‍රව්‍ය දිරායන ද්‍රව්‍ය භාවිතයෙන් සපුරා ගන්නට ඇතැයි යන්න ඉදිරිපත් වේ. තවද මාල දිවයිනෙන් හමුවන බෞද්ධ නටඹුන් වල ඉතිහාසයටත් වඩා ඈත අතීතයක සිට මාල දිවයිනේ මිනිසුන් ජීවත්ව සිටිය ද මුඛ පරම්පරාවෙන් රැුගෙන ආ ඉතිහාසයක් පවා දක්නට නොලැබෙන බව ඉතිහාසඥයන්ගේ මතයයි.

බෞද්ධ බලපෑම

අද වන විට මුල් කාලීන බෞද්ධ ඉතිහාසය මාල දිවයින් ඉතිහාස ග්රන්ථ වලින් පවා ඉවත් කර දමා තිබේ. කි‍්‍ර.ව 1153ට පෙර යුගය හෙවත් ඉස්ලාම් ධර්මයට පරිවර්තනය වීමට පෙර යුගය මාල දිවයින් ඉතිහාස ග්රන්ථ වල හැඳින්වෙන්නේ ජහිලියා(Jahiliy) යුගය හෙවත් අවිද්‍යාවේ යුගය ලෙසය. කි‍්‍ර.ව 1800 ගණන් වල සිට මාල දිවයිනෙන් හමු වූ පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් භාණ්ඩ අතර බෞද්ධ බුදු පිළිම, බෞද්ධ ආරාම වල නටඹුන්, බෞද්ධ ලිපි ලේඛණ ද විය. මෙම සියලූ දේ මඟින් තහවුරු කරනු ලබන්නේ මාල දිවයින් ජනයා ඉස්ලාමය වැළඳ ගැනීමට ප්‍රථම බෞද්ධ සංස්කෘතියට අනුව ශිෂ්ඨාචාරවත් වූ ජාතියක් බවත් බෞද්ධ ශිෂ්ඨාචාරය පෘතුල ලෙස මාල දිවයින් සමාජය පුරා පැතිරී පැවැති බවයි.

අරාබි වෙළඳුන් සහ ඉස්ලාමය :

ඓතිහාසක දෘෂ්ටිකෝණයෙන් බලන විට ඉන්දීය සාගරයේ මාල දිවයින පිහිටා තිබෙන්නේ මැද පෙරදිග සහ ඈත පෙරදිග නැව් මාර්ග වල වීම කිසිලෙසකින්වත් අවතක්සේරු කළ නොහැක. මුල් අරාබි වෙළඳුන් තමන්ගේ ඈත පෙරදිග සිට නැවත පැමිණෙන නැව් ගමනේදී මාල දිවයින නවාතැන් පොළක් ලෙස භාවිතයට ගත්හ. මාලයේ නැව් තොට පිළිගැනීමේ වරායක් ලෙස පමණක් නොව මැද පෙරදිග – ඈත පෙරදිග නැව් මාර්ගයේ තවද වෙළඳ වරායක් ලෙස ද කි‍්‍රයාත්මක විය. අරාබි වෙළඳුන් මාල දිවයින් කරවල (විශේෂයෙන් මාල දිවයින් වියළි හාල්මැස්සන්* වෙළඳාම පිණිස ලබා ගත්හ. මාල දිවයින් කරවල අදට ද අරාබියේ ඉතාමත් ප්‍රචලිතය. තවත් ඔවුහු බෙල්ලන්ගේ කටු (කවඩි ලබා ගැනීමටද මාල දිවයින් වරාය භාවිත කළහ. කවඩි(Cowrie) මෙම කාල වකවානුවේදී ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස භාවිතා කළ අතර මාල දිවයින කවඩි සැපයුම් කරුවන් අතර ඉහළින්ම සිටියේය. ඒ නිසාම මාල දිවයින කවඩි දූපත්(Cowrie Island) යන නමින් ද මුදල් දූපත්a (Money Island) යන නමින් ද හඳුන්වයි. අද පවා මාල දිවයින් මූල්‍ය අධිකාරියේ සංකේතය වන්නේ කවඩි බෙල්ලාය.

අරාබි ජාතිකයන් වටහා ගනු ලැබුවේ ඉතාමත් දක්ෂ නැව් කප්පිත්තන්ට හා නාවිකයන්ට(Navigators) හැර සංකීර්ණ සිතියම් ගත නොකළ මාල දිවයින් මුහුද තරණය කිරීම භයානක අත්දැකීමක් වන බවයි. 9 වන ශත වර්ෂයේ අරාබි සිතියම් අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ උතුරු දිග උතොලූ(Attols – මැද ජලාශයක් ඇතිව සෑදුණු හිරි ගල් දිවයින* හෙවත් අංශක එකහමාරේ (1 1/20* ඇළ මාර්ගය මාල දිවයින් සමූහයේ දකුණු දෙසින් සලකුණු කර ඇති බවයි. 9 වෙනි ශත වර්ෂයට පසු ශත වර්ෂයන් වල මාල දිවයින් මුහුදේ සිදු වූ නාවික අනතුරු වලින් ඔප්පු කර පෙන්වන්නේ සාපේක්ෂ වශයෙන් සිතියම් ගත නොකළ මාල දිවයින් මුහුද නාවික යාත්‍රාවලට තහනම් ප්රදේශයන්ව පැවැති බවයි.

අරාබි වෙළඳුන්ගේ සිතෙහි පැල පදියම්ව තිබුණු වාණිජ මධ්‍යස්ථානයක් ලෙස මාල දිවයිනෙහි ඇති වැදගත්කම මාල දිවයින ඉස්ලාමීය සංස්කෘතිය සහිත රාජ්‍යයක් බවට පත් කිරීමට අවශ්‍යය තාර්කික පදනම සැලසුවේය. ඔවුහු ඉන්දියාවේ ගිනිකොණ දිග වෙරළෙහි පිහිටි මලබාර් ප්‍රදේශය මෙලෙසම 7 වන සියවසේදී ඉස්ලාමීය සංස්කෘතික පදනම සහිත ප්‍රදේශයක් බවට පත් කරනු ලැබූහ. ඒ අනුව කි‍්‍ර.ව 1153 දී අබු අල් බරකාට් නම් සුන්නි මුස්ලිම් භක්තිකයා මාල දිවයින මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේය. බරකාට්ගේ සොහොන මාලේ නුවර ඇති හුරුකා පල්ලියේ තනවා ඇති අතර එය මාලේ නුවර ඇති ඉතාමත් වැදගත් ස්ථාන වලින් එකකි. මාලේ නුවරට පැමිණෙන සෑම සංචාරකයෙකුම හුරුකා පල්ලියට රැුගෙන යාමට සංචාරක මඟ පෙන්වන්නන් කටයුතු කරති.

එවකට මාල දිවයින පාලනය කළ රජවරු එක පයින්ම සුල්තාන් යන නාමය ලබාගෙන ජනයාට ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීමට බල කර සිටියද 12 වන සියවසයේ පමණ නිර්මාණය කළ අද හමුවන නෂ්ඨාවශේෂ වලට අනු ලැබෙන පුරා විද්‍යාත්මක සාක්ෂිවලින් ඉස්ලාමීය පරිවර්තනය ලේ වැකි පරිවර්තනයන් බව තහවුරු වේ. ලාමු අතළුවේ(Laamu Atoll) කළ පුරා විද්‍යාත්මක ගවේෂණ වලින් ලැබුණු තඹ සන්නසක දැක්වෙන්නේ දූපතේ විහාර ආරාමයෙන් බලහත්කාරයෙන් රැගෙන ආ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මාල දිවයිනේ දී හිස ගසා දැමීමට ලක් කළ බවයි.

ඉස්ලාමීය රාජ වංශයක් හයක් මඟින් මාල දිවයින රජවරු සහ රැජිණියන් 84ක් යටතේ පාලනය වී තිබුණ ද සිතියම් ශිල්පි මහමද් අල් ඉඞ්රිස් 10 වන ශතවර්ෂයේ දී ලියා තබා ඇත්තේ කාන්තාව මාල දිවයින් පාලන පැලැන්තිය තුළ අත්‍යවශ්‍යය සාධකයක් බවයි. ‘‘ඉස්ලාමීය පරිවර්තනයට පෙර සිට පැවැති කාන්තාව සමථකරුවෙකු ලෙස ඉටු කරන සමාජ භූමිකාවෙන් ඉවත් කරනු නොලැබීය. රැජිණ අයත් වන ගෝත්‍රයේ උත්සව අවස්ථාවල දී වෙනත් ප්‍රභූ උත්සව වලදීත් ඇය පෙරහරේ ගමන් කරනු ලබන්නීය. දජ පතාක, අලි ඇතුන් යන අංගයන්ගෙන් සපිරි පෙරහරෙහි තම දැසි දස්සන් පිරිවරා ඇය ගමන් කරද්දී ඇයට ඉඩ දී ඇයගේ පරිවාර පෙරහැරෙහි පිටුපසින් රජු ඇතුළු අමාත්‍ය මණ්ඩලය ගමන් කරති’’ යැයි ඔහු ලියා තැබුවේය.

කි‍්‍ර.ව 1342 සිට 1380 දක්වා වකවානුව තුළ මාල දිවයිනේ රාජ්‍ය කළ ඛදීජා රෙහන්ධී කබීධී කිලෙග් සුල්තාන් වරයාගේ පාලන කාලයේදී ඉබන් බතූතා නම් දේශාඨකයා, මාල දිවයිනට පැමිණියේය. 1344 වර්ෂය බොහෝ අරාබි වෙළඳුන් කවඩි ලබා ගැනීමටත් ඔවුනට අවශ්‍යය අනෙකුත් අවශ්‍යතාවන් සපුරා ගැනීමටත් මාල දිවයිනට පැමිණියහ. ඒ වකවානුව වන විට සමස්ථ දකුණු ඉන්දියාව පුරාමත් අපි‍්‍රකාවේ විශාල ප්‍රදේශයකත් කවඩි මුදල් ඒකකය ලෙස භාවිතා කළහ. ඉබන් බතූතාගේ සටහන්, මාල දිවයින සම්බන්ධ ආදී කාලීන ලිඛිත සටහන් අතර ඉතා වැදගත් ස්ථානයක් ගනී. එම සටහන් වලින් ආදී කාලීන මාල දිවයිනේ ස්වභාවය සහ එහි ජනයාගේ සිතුම් පැතුම් සම්බන්ධව ගැඹුරු අදහසක් නිරූපණය වේ.

‘‘මාල දිවයින් වැසියා සෘජු මෙන්ම ධාර්මික ගති ගුණ ඇත්තෝ වන්නාහ. තමා විශ්වාස කරන දෙයට අවංක වන සහ හෘද සාක්ෂියට අවනත වන්නා වූ ජන කොටසකි. ඔවුන්ගේ සිරුරු ශක්තිමත් නැත්තාහ. ඔවුහු සටන තෝරා නොගනිති. ඔවුන්ගේ ආයුධය වන්නේ දෙවියන් යැදීමයි.’’

පෘතුගීසි පාලනය :

16 වන සියවසයේ ආරම්භය සනිටුහන් වන්නේ පෘතුගීසි වෙළඳුන්ගේ මාල දිවයින් ආගමනය සිදු වන ශත වර්ෂය ලෙසයි. අති විශාල වෙළඳ බලයක් සහිතව බටහිර ඉන්දියාවේ ඒ වන විටත් පිහිටුවා තිබූ පෘතුගීසි වෙළඳුන්ගේ අධිකාරිය අරාබි වෙළඳුන් තරම් කල් නොයවාම මාල දිවයිනේ පිහිටීමේ වැදගත්කම තේරුම් ගත්තාහ. ඈත පෙරදිග සමඟ ගණුදෙනු කරද්දී තමන්ගේම පාලනයක් යටතේ තිබිය යුතු වූ වෙළඳ වරායක් ලෙස මාල දිවයින පිළිබඳ මූලික වටහා ගැනීම පෘතුගීසි වෙළඳ අධිකාරිය විසින් කරනු ලැබූහ.

මාල දිවයින් පාලකයන්ගේ අවසර ගෙන මාලේ නුවර වෙළඳාම අරමුණු කර ගත් ‘‘පෘතුගීසි වෙළඳ කාර්යාලයක්’’ අරඹනවා වෙනුවට පෘතුගීසිහු 1518 දී ජොආ ඕ ගෝමස්(Joao Gomes) නම් සෙන්පතියාගේ අණ යටතේ පැමිණි සෙබළු 120 දෙනෙකු විසින් මාලේ නුවර අල්ලා ගත්හ. ගෝමස් ගේ පළමු කාර්යය වූයේ මාලේ නුවර බලකොටුවක් තැනීමය. කාල තුවක්කු වලින් සන්නද්ධ කළ මාලේ නුවර බලකොටුවේ සිට ස්වදේශීකයන්ට හිරි හැර කරමින් ඔවුන් සතු දේ පැහැර ගනිමින් ගෝමස් විසින් මාල දිවයින පාලනය කරන්නට විය. වසර තුනක් ඉක්ම ගිය විට 1521 අවසාන භාගයේ දී මාල දිවයින වැසියෝ කුලියට ගත් මුහුදු කොල්ලකරුවන්ගේ සහය සහ දොළොස් දෙනෙකුගෙන් සමන්විත මලබාර් ජාතික සහයක ප්‍රහාරක බලඇණියක ශක්තියෙන් පාලක පෘතුගීසීන් ගලග්රහයින් අල්ලා ගත්හ. ඔවුහු පෘතුගීසීන් සියළු දෙනාගේම හිස් ගසා දමා අවසානයේ දී මාල දිවයින නිදහස් කර ගත්හ.

වසර 37 ක ඇවෑමෙන් කි‍්‍ර.ව 1558 දී පෘතුගීසී කපිතාන් වරයෙකු වූ අන්ද්‍රෙස් අන්ද්රේ මාල දිවයින ආක්‍රමණය කරන්නේ හය වන අලි සුල්තාන් වරයා මරා දමමිණි. පෘතුගීසීහු කි‍්‍ර.ව 1573 දක්වා මාල දිවයින පාලනය කරනු ලැබූහ. කි‍්‍ර.ව 1573 වර්ෂයේ දී මුහුම්මද් බෝඩු තාකුරුෆානුගේ නායකත්වයෙන් යුතු කුඩා කණ්ඩායමක් ගරිල්ලා සටනකින් පසු මාලේ නුවර අල්ලා ගත්තේය. නගරය අල්ලා ගත් මොහොතේ පටන් සියළුම පෘතුගීසී ජාතිකයන් මරා දැමූහ. පෘතුගීසීහු නැවත වතාවක් මාල දිවයින කි‍්‍ර.ව 1632 දී සහ කි‍්‍ර.ව 1649 දී අල්ලා ගැනීමට උත්සාහ කළ ද තාකුරුෆානුගේ හමුදාව හමුවේ පෘතුගීසීහු පරාජයට පත්විය. ඒ අනුව තාකුරුෆානු පෘතුගීසී පාලනය සම්පූර්ණයෙන්ම මාල දිවයිනෙන් පලවා හැරි පාලකයා විය. එපමණක් නොව මාල දිවයිනේ ඊළඟ රාජ වංශය වූ ගිහාසි මොහොමඞ්(Ghazi Mohomed) රාජ වංශය නිර්මාණය කළ සුල්තාන්වරයා ද විය. අද වන විට මාල දිවයින් වැසියන් තකුරුෆානු මාල දිවයින ආරක්ෂා කිරීමට දැක් වූ දායකත්වය වාර්ෂිකව සමරන්නේ මාල දිවයින් ජාතික දිනය ලෙස නම් කරමිනි.

බි්රතාන්ය බලපෑම සහ ව්‍යවස්ථාව

කි‍්‍ර.ව 1887 දී මාල දිවයින බි්රතාන්ය පාලනයට නතු වුවද බි‍්‍රතාන්‍යන්ගේ මාල දිවයින් මැදිහත් වීම 17 වන ශතවර්ෂය දක්වා ඈතට දිව යයි. ඒ 17 වන ශතවර්ෂයේ දී බි්රතාන්ය නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගමේ (British East India Company) නාවික යාත්‍රා මාලදිවයින් මුහුදට ඇතුල් වීම මගින් මාල දිවයින සමඟ බි්රතාන්ය ගණුදෙනු ඇරඹීම මඟිනි.

කි‍්‍ර.ව 1658 දී පර්සියානු වෙළඳ නෞකාවක් මාල දිවයින් මුහුදේ දී අනතුරට පත්විය. එය බි්රතාන්ය නාවිකයෝ සහ මාල දිවයින් වැසියන් අතර සිදුවූ පළමු ගැටුම ලෙස වාර්තා විය. ඊළඟ අවුරුදු 150 තුළ මාල දිවයින වටේ ඇති කොරල් පර සමූහයේ ගැටුණු බි්රතාන්ය නෞකා බොහෝ ගණනක් මුහුදු බත් විය. එම නෞකා වල සමහරක සිටි කපිතාන්වරු ඇතුළු බි්රතාන්ය ජාතික නැවියෝ මාල දිවයින් ජනයා විසින් රැුක බලා ගත් අතර තවත් නාවික යාත්‍රා බොහෝ ගණනක් වසර ගණනක් තිස්සේ අතුරුදහන් වෙමින් ඒවායේ ගමන් කළ නිලධාරි මණ්ඩලය ඝාතනය වූ බව තහවුරු නොකළ වාර්තා කියා සිටී. ඉතිහාසයට අනුව සිය ගණනක් බි්රතාන්ය නෞකා නොගිනිය හැකි තරම් විශාල ජීවිත සංඛ්‍යාවක් මාල දිවයින් මුහුදේ අතුරුදහන් වීමේ ප්‍රතිඵලය වූයේ මාල දිවයින් මුහුද නිවැරදිව සිතියම් ගත කිරීමට බි්රතාන්යයන් තීරණය කිරීමයි. කි‍්‍ර.ව 1834 කි‍්‍ර.ව 1836 කාලය ඉන්දියානු නාවික හමුදාවට අයත් බෙනාරිස් (බරණැස) නෞකාවේ අණ දෙන නිලධාරී කමාන්ඩර් මොර්ස්බි විසින් මාල දිවයිනේ දූපත් සමූහය විද්‍යාත්මකව නිරීක්ෂණය කර සිතියම් ගත කරනු ලැබීය. ඔහු මාල දිවයිනේ ගත කළ කාලය තුළ ‘‘මාල දිවයින් වැසියන් අපට කාරුණික මෙන්ම ගෞරවාන්විතව සැලකුම් කටයුතු කළහ. එහෙත් තරමක් ලැජ්ජාශීලී බවක් මෙන්ම සැක සහිත බවක් ඔවුන්ගේ හැසිරීම් තුළ විද්‍යාමාන විය.’’යැයි සටහන් කර තබා තිබේ. ඔහුගේ මෙම අවසාන වාක්‍යයෙන් පෙන්නුම් කරන්නේ මාල දිවයින් වැසියන්, කපිතාන්වරයා අනාගත මාල දිවයින් මුහුද සුරක්ෂිත නැව් ගමනා ගමනයක් සඳහා අවශ්‍යය සිතියම් සකස් කරනවාය යන්න පිළිගැනීමට මැලි වූ බව යැයි අපගේ හැඟීමයි.

1932 මාල දිවයිනේ පළමු වන ව්‍යවස්ථාව බලාත්මක කෙරුණි. වසර දෙකකට පසු 1934 දී ෂම්ෂුඞීන් නමැති සුල්තාන්වරයා බලයෙන් පහ කරනු ලැබූ අතර ඒ වෙනුවට හසන් නූර්ඞීන් පත් කරනු ලැබීය. 1953 දී මාල දිවයින ජනරජයක් බවට පත්වූයේ රජු හෙවත් සුල්තාන්වරයා යටතේ පාලනය අවසන් කරමිනි. නමුත් ජනරජය පැවැතියේ වසරක පමණ කාලයකට වන අතර අමින් ඩිඞී ජනාධිපතිවරයා පළවා හැර මොහොමඞ් තාරීඞ් ඩිඞී සුල්තාන්වරයා පාලන බලය හෙවීය.

1960 සහ 1970 දශක මාල දිවයිනට ඉතාමත් තීරණාත්මක කාල පරිච්ෙඡ්දයක් විය. 1965 ජූලි 26 වන දා බි්රතාන්ය අධිරාජ්‍යයෙන් මාල දිවයින සම්පූර්ණ නිදහස ලැබීය. වසර 3 කට පසු 1968 දී ජනමත විමසුමක් මගින් ජනරජයක් සඳහා දෙවන වර උත්සාහ කරනු ලැබූ අතර මජීඞ් ඩිඞී සුල්තාන්වරයා බලයෙන් ඉවතට විසිවී ඊබ්‍රාහීම් නසීර් ජනාධිපතිවරයා මාල දිවයිනේ ජනාධිපතිවරයා බවට පත්විය. 1970 දශකයේ මුල් අවධිය මාල දිවයින් සංචාරක ව්‍යාපාරයේ ආරම්භක වර්ධනීය අවධිය ලෙස ද හැඳින්වේ. කුරුම්බා ගම්මානය පළමු වන සංචාරක හෝටලය ලෙස ආරම්භ වූ අතර ඊට සමාන්තරව වාණිජ වශයෙන් කෙරෙන ධීවර කටයුතු වලද සැලකිය යුතු වෙනස්කම් කරනු ලැබීය.

70 දශකය අවසාන වන විට ඊබ්‍රාහීම් නසීර් බලයෙන් පහ කරනු ලබන්නේ එක්සත් ජාතින්ගේ හිටපු මාල දිවයින් තානාපතිවරයා වූ අබ්දුල් ග්‍යුම් විසිනි. ග්යුම්ගේ පාලනය 2008 නොවැම්බර් මාසය තුළ අවසන් වන්නේ මාල දිවයිනේ දේශපාලන සිරකරුවෙකු වූ අබ්දුල් නසීම් මාල දිවයිනේ ජනාධිපතිවරයා බවට පත්වීමෙනි.

වර්තමානයේ මාල දිවයින

අද වන විට මාල දිවයිනේ සම්පූර්ණ ආර්ථිකයම දිනෙන් දින වර්ධනය වන සංචාරක ව්‍යාපාරයත් ධීවර කර්මාන්තයත් මත රඳා පවතී. ධ්රැව ආසන්නයේ ඇති ග්ලැසියර් දියවීමේ හේතුවෙන් අනාගතයේ දී තම රට මුහුදෙන් යටවීමේ තර්ජනයට මුහුණදී සිටින මාල දිවයින් ජනයා විදුලිය, දුරකථන ආදී යටිතල පහසුකම් ප්‍රමාණවත්ව ලබා ගැනීම සඳහා අරගලයක නියුතුව සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇත්තාහ.

[QUOTE="vinuga, post: 21194820, member: 520332"] [b]ඝාතනයෙන් අවසන් කළ මාලදිවයින් බෞද්ධයෝ…[/b] [SIZE="5"]තෝමස් පිකාඞ් (Thomas Pickard) නමැති ලේඛකයෙකු විසින්‘‘Serendip“සඟරාවට ලියනු ලැබූ Maldives ( A brief history නම් ලිපියේ සංක්ෂිප්ත අනුවාදයක් වන මෙම ලිපිය Lanka lead news පාඨකයා වෙත මෙසේ ඉදිරිපත් කරමු. මුල් පදිංචිකරුවෝ මාල දිවයිනේ මුල් පදිංචිකරුවෝ පිළිබඳව ඇති ඓතිහාසික සාක්ෂි කාලයත් සමඟ වැළලී ගොස් තිබේ. එහෙත් දැනට වැඩි වශයෙන් පිළිගෙන ඇති මතය වන්නේ මාල දිවයින ජනාකරණය වූයේ මුුහුදු ගමන් වල යෙදුණු ද්‍රවිඩයන්ගෙන් වීමට ඉඩ ඇති බවයි. තවද ඔවුහු ඉන්දියාවේ මුහුදුබඩ පළාත් වලින් හෝ ශී‍්‍ර ලංකාවේ මුහුදුබඩ පළාත් වලින් පැමිණියවුන් විය හැකි බව ඉතිහාසඥයන්ගේ මතයයි. අවාසනාවකට මාල දිවයිනේ ඉතිහාසය සොයන ඉතිහාසඥයන්ට මාල දිවයිනේ මුල්ම ඉතිහාසයට සම්බන්ධව ගවේෂණයට අවශ්‍ය කිසිදු පුරා විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් ලැබී නැත. මෙසේ වීමට හේතු වශයෙන්, මාල දිවයින් මුල් පදිංචිකරුවන් විසින් නිවාස ආදී අවශ්‍යතාවයන් සඳහා භාවිතා කළ සියලූම ද්‍රව්‍ය දිරායන ද්‍රව්‍ය භාවිතයෙන් සපුරා ගන්නට ඇතැයි යන්න ඉදිරිපත් වේ. තවද මාල දිවයිනෙන් හමුවන බෞද්ධ නටඹුන් වල ඉතිහාසයටත් වඩා ඈත අතීතයක සිට මාල දිවයිනේ මිනිසුන් ජීවත්ව සිටිය ද මුඛ පරම්පරාවෙන් රැුගෙන ආ ඉතිහාසයක් පවා දක්නට නොලැබෙන බව ඉතිහාසඥයන්ගේ මතයයි. බෞද්ධ බලපෑම අද වන විට මුල් කාලීන බෞද්ධ ඉතිහාසය මාල දිවයින් ඉතිහාස ග්රන්ථ වලින් පවා ඉවත් කර දමා තිබේ. කි‍්‍ර.ව 1153ට පෙර යුගය හෙවත් ඉස්ලාම් ධර්මයට පරිවර්තනය වීමට පෙර යුගය මාල දිවයින් ඉතිහාස ග්රන්ථ වල හැඳින්වෙන්නේ ජහිලියා(Jahiliy) යුගය හෙවත් අවිද්‍යාවේ යුගය ලෙසය. කි‍්‍ර.ව 1800 ගණන් වල සිට මාල දිවයිනෙන් හමු වූ පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් භාණ්ඩ අතර බෞද්ධ බුදු පිළිම, බෞද්ධ ආරාම වල නටඹුන්, බෞද්ධ ලිපි ලේඛණ ද විය. මෙම සියලූ දේ මඟින් තහවුරු කරනු ලබන්නේ මාල දිවයින් ජනයා ඉස්ලාමය වැළඳ ගැනීමට ප්‍රථම බෞද්ධ සංස්කෘතියට අනුව ශිෂ්ඨාචාරවත් වූ ජාතියක් බවත් බෞද්ධ ශිෂ්ඨාචාරය පෘතුල ලෙස මාල දිවයින් සමාජය පුරා පැතිරී පැවැති බවයි. අරාබි වෙළඳුන් සහ ඉස්ලාමය : ඓතිහාසක දෘෂ්ටිකෝණයෙන් බලන විට ඉන්දීය සාගරයේ මාල දිවයින පිහිටා තිබෙන්නේ මැද පෙරදිග සහ ඈත පෙරදිග නැව් මාර්ග වල වීම කිසිලෙසකින්වත් අවතක්සේරු කළ නොහැක. මුල් අරාබි වෙළඳුන් තමන්ගේ ඈත පෙරදිග සිට නැවත පැමිණෙන නැව් ගමනේදී මාල දිවයින නවාතැන් පොළක් ලෙස භාවිතයට ගත්හ. මාලයේ නැව් තොට පිළිගැනීමේ වරායක් ලෙස පමණක් නොව මැද පෙරදිග – ඈත පෙරදිග නැව් මාර්ගයේ තවද වෙළඳ වරායක් ලෙස ද කි‍්‍රයාත්මක විය. අරාබි වෙළඳුන් මාල දිවයින් කරවල (විශේෂයෙන් මාල දිවයින් වියළි හාල්මැස්සන්* වෙළඳාම පිණිස ලබා ගත්හ. මාල දිවයින් කරවල අදට ද අරාබියේ ඉතාමත් ප්‍රචලිතය. තවත් ඔවුහු බෙල්ලන්ගේ කටු (කවඩි ලබා ගැනීමටද මාල දිවයින් වරාය භාවිත කළහ. කවඩි(Cowrie) මෙම කාල වකවානුවේදී ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස භාවිතා කළ අතර මාල දිවයින කවඩි සැපයුම් කරුවන් අතර ඉහළින්ම සිටියේය. ඒ නිසාම මාල දිවයින කවඩි දූපත්(Cowrie Island) යන නමින් ද මුදල් දූපත්a (Money Island) යන නමින් ද හඳුන්වයි. අද පවා මාල දිවයින් මූල්‍ය අධිකාරියේ සංකේතය වන්නේ කවඩි බෙල්ලාය. අරාබි ජාතිකයන් වටහා ගනු ලැබුවේ ඉතාමත් දක්ෂ නැව් කප්පිත්තන්ට හා නාවිකයන්ට(Navigators) හැර සංකීර්ණ සිතියම් ගත නොකළ මාල දිවයින් මුහුද තරණය කිරීම භයානක අත්දැකීමක් වන බවයි. 9 වන ශත වර්ෂයේ අරාබි සිතියම් අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ උතුරු දිග උතොලූ(Attols – මැද ජලාශයක් ඇතිව සෑදුණු හිරි ගල් දිවයින* හෙවත් අංශක එකහමාරේ (1 1/20* ඇළ මාර්ගය මාල දිවයින් සමූහයේ දකුණු දෙසින් සලකුණු කර ඇති බවයි. 9 වෙනි ශත වර්ෂයට පසු ශත වර්ෂයන් වල මාල දිවයින් මුහුදේ සිදු වූ නාවික අනතුරු වලින් ඔප්පු කර පෙන්වන්නේ සාපේක්ෂ වශයෙන් සිතියම් ගත නොකළ මාල දිවයින් මුහුද නාවික යාත්‍රාවලට තහනම් ප්රදේශයන්ව පැවැති බවයි. අරාබි වෙළඳුන්ගේ සිතෙහි පැල පදියම්ව තිබුණු වාණිජ මධ්‍යස්ථානයක් ලෙස මාල දිවයිනෙහි ඇති වැදගත්කම මාල දිවයින ඉස්ලාමීය සංස්කෘතිය සහිත රාජ්‍යයක් බවට පත් කිරීමට අවශ්‍යය තාර්කික පදනම සැලසුවේය. ඔවුහු ඉන්දියාවේ ගිනිකොණ දිග වෙරළෙහි පිහිටි මලබාර් ප්‍රදේශය මෙලෙසම 7 වන සියවසේදී ඉස්ලාමීය සංස්කෘතික පදනම සහිත ප්‍රදේශයක් බවට පත් කරනු ලැබූහ. ඒ අනුව කි‍්‍ර.ව 1153 දී අබු අල් බරකාට් නම් සුන්නි මුස්ලිම් භක්තිකයා මාල දිවයින මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේය. බරකාට්ගේ සොහොන මාලේ නුවර ඇති හුරුකා පල්ලියේ තනවා ඇති අතර එය මාලේ නුවර ඇති ඉතාමත් වැදගත් ස්ථාන වලින් එකකි. මාලේ නුවරට පැමිණෙන සෑම සංචාරකයෙකුම හුරුකා පල්ලියට රැුගෙන යාමට සංචාරක මඟ පෙන්වන්නන් කටයුතු කරති. එවකට මාල දිවයින පාලනය කළ රජවරු එක පයින්ම සුල්තාන් යන නාමය ලබාගෙන ජනයාට ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීමට බල කර සිටියද 12 වන සියවසයේ පමණ නිර්මාණය කළ අද හමුවන නෂ්ඨාවශේෂ වලට අනු ලැබෙන පුරා විද්‍යාත්මක සාක්ෂිවලින් ඉස්ලාමීය පරිවර්තනය ලේ වැකි පරිවර්තනයන් බව තහවුරු වේ. ලාමු අතළුවේ(Laamu Atoll) කළ පුරා විද්‍යාත්මක ගවේෂණ වලින් ලැබුණු තඹ සන්නසක දැක්වෙන්නේ දූපතේ විහාර ආරාමයෙන් බලහත්කාරයෙන් රැගෙන ආ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මාල දිවයිනේ දී හිස ගසා දැමීමට ලක් කළ බවයි. ඉස්ලාමීය රාජ වංශයක් හයක් මඟින් මාල දිවයින රජවරු සහ රැජිණියන් 84ක් යටතේ පාලනය වී තිබුණ ද සිතියම් ශිල්පි මහමද් අල් ඉඞ්රිස් 10 වන ශතවර්ෂයේ දී ලියා තබා ඇත්තේ කාන්තාව මාල දිවයින් පාලන පැලැන්තිය තුළ අත්‍යවශ්‍යය සාධකයක් බවයි. ‘‘ඉස්ලාමීය පරිවර්තනයට පෙර සිට පැවැති කාන්තාව සමථකරුවෙකු ලෙස ඉටු කරන සමාජ භූමිකාවෙන් ඉවත් කරනු නොලැබීය. රැජිණ අයත් වන ගෝත්‍රයේ උත්සව අවස්ථාවල දී වෙනත් ප්‍රභූ උත්සව වලදීත් ඇය පෙරහරේ ගමන් කරනු ලබන්නීය. දජ පතාක, අලි ඇතුන් යන අංගයන්ගෙන් සපිරි පෙරහරෙහි තම දැසි දස්සන් පිරිවරා ඇය ගමන් කරද්දී ඇයට ඉඩ දී ඇයගේ පරිවාර පෙරහැරෙහි පිටුපසින් රජු ඇතුළු අමාත්‍ය මණ්ඩලය ගමන් කරති’’ යැයි ඔහු ලියා තැබුවේය. කි‍්‍ර.ව 1342 සිට 1380 දක්වා වකවානුව තුළ මාල දිවයිනේ රාජ්‍ය කළ ඛදීජා රෙහන්ධී කබීධී කිලෙග් සුල්තාන් වරයාගේ පාලන කාලයේදී ඉබන් බතූතා නම් දේශාඨකයා, මාල දිවයිනට පැමිණියේය. 1344 වර්ෂය බොහෝ අරාබි වෙළඳුන් කවඩි ලබා ගැනීමටත් ඔවුනට අවශ්‍යය අනෙකුත් අවශ්‍යතාවන් සපුරා ගැනීමටත් මාල දිවයිනට පැමිණියහ. ඒ වකවානුව වන විට සමස්ථ දකුණු ඉන්දියාව පුරාමත් අපි‍්‍රකාවේ විශාල ප්‍රදේශයකත් කවඩි මුදල් ඒකකය ලෙස භාවිතා කළහ. ඉබන් බතූතාගේ සටහන්, මාල දිවයින සම්බන්ධ ආදී කාලීන ලිඛිත සටහන් අතර ඉතා වැදගත් ස්ථානයක් ගනී. එම සටහන් වලින් ආදී කාලීන මාල දිවයිනේ ස්වභාවය සහ එහි ජනයාගේ සිතුම් පැතුම් සම්බන්ධව ගැඹුරු අදහසක් නිරූපණය වේ. ‘‘මාල දිවයින් වැසියා සෘජු මෙන්ම ධාර්මික ගති ගුණ ඇත්තෝ වන්නාහ. තමා විශ්වාස කරන දෙයට අවංක වන සහ හෘද සාක්ෂියට අවනත වන්නා වූ ජන කොටසකි. ඔවුන්ගේ සිරුරු ශක්තිමත් නැත්තාහ. ඔවුහු සටන තෝරා නොගනිති. ඔවුන්ගේ ආයුධය වන්නේ දෙවියන් යැදීමයි.’’ පෘතුගීසි පාලනය : 16 වන සියවසයේ ආරම්භය සනිටුහන් වන්නේ පෘතුගීසි වෙළඳුන්ගේ මාල දිවයින් ආගමනය සිදු වන ශත වර්ෂය ලෙසයි. අති විශාල වෙළඳ බලයක් සහිතව බටහිර ඉන්දියාවේ ඒ වන විටත් පිහිටුවා තිබූ පෘතුගීසි වෙළඳුන්ගේ අධිකාරිය අරාබි වෙළඳුන් තරම් කල් නොයවාම මාල දිවයිනේ පිහිටීමේ වැදගත්කම තේරුම් ගත්තාහ. ඈත පෙරදිග සමඟ ගණුදෙනු කරද්දී තමන්ගේම පාලනයක් යටතේ තිබිය යුතු වූ වෙළඳ වරායක් ලෙස මාල දිවයින පිළිබඳ මූලික වටහා ගැනීම පෘතුගීසි වෙළඳ අධිකාරිය විසින් කරනු ලැබූහ. මාල දිවයින් පාලකයන්ගේ අවසර ගෙන මාලේ නුවර වෙළඳාම අරමුණු කර ගත් ‘‘පෘතුගීසි වෙළඳ කාර්යාලයක්’’ අරඹනවා වෙනුවට පෘතුගීසිහු 1518 දී ජොආ ඕ ගෝමස්(Joao Gomes) නම් සෙන්පතියාගේ අණ යටතේ පැමිණි සෙබළු 120 දෙනෙකු විසින් මාලේ නුවර අල්ලා ගත්හ. ගෝමස් ගේ පළමු කාර්යය වූයේ මාලේ නුවර බලකොටුවක් තැනීමය. කාල තුවක්කු වලින් සන්නද්ධ කළ මාලේ නුවර බලකොටුවේ සිට ස්වදේශීකයන්ට හිරි හැර කරමින් ඔවුන් සතු දේ පැහැර ගනිමින් ගෝමස් විසින් මාල දිවයින පාලනය කරන්නට විය. වසර තුනක් ඉක්ම ගිය විට 1521 අවසාන භාගයේ දී මාල දිවයින වැසියෝ කුලියට ගත් මුහුදු කොල්ලකරුවන්ගේ සහය සහ දොළොස් දෙනෙකුගෙන් සමන්විත මලබාර් ජාතික සහයක ප්‍රහාරක බලඇණියක ශක්තියෙන් පාලක පෘතුගීසීන් ගලග්රහයින් අල්ලා ගත්හ. ඔවුහු පෘතුගීසීන් සියළු දෙනාගේම හිස් ගසා දමා අවසානයේ දී මාල දිවයින නිදහස් කර ගත්හ. වසර 37 ක ඇවෑමෙන් කි‍්‍ර.ව 1558 දී පෘතුගීසී කපිතාන් වරයෙකු වූ අන්ද්‍රෙස් අන්ද්රේ මාල දිවයින ආක්‍රමණය කරන්නේ හය වන අලි සුල්තාන් වරයා මරා දමමිණි. පෘතුගීසීහු කි‍්‍ර.ව 1573 දක්වා මාල දිවයින පාලනය කරනු ලැබූහ. කි‍්‍ර.ව 1573 වර්ෂයේ දී මුහුම්මද් බෝඩු තාකුරුෆානුගේ නායකත්වයෙන් යුතු කුඩා කණ්ඩායමක් ගරිල්ලා සටනකින් පසු මාලේ නුවර අල්ලා ගත්තේය. නගරය අල්ලා ගත් මොහොතේ පටන් සියළුම පෘතුගීසී ජාතිකයන් මරා දැමූහ. පෘතුගීසීහු නැවත වතාවක් මාල දිවයින කි‍්‍ර.ව 1632 දී සහ කි‍්‍ර.ව 1649 දී අල්ලා ගැනීමට උත්සාහ කළ ද තාකුරුෆානුගේ හමුදාව හමුවේ පෘතුගීසීහු පරාජයට පත්විය. ඒ අනුව තාකුරුෆානු පෘතුගීසී පාලනය සම්පූර්ණයෙන්ම මාල දිවයිනෙන් පලවා හැරි පාලකයා විය. එපමණක් නොව මාල දිවයිනේ ඊළඟ රාජ වංශය වූ ගිහාසි මොහොමඞ්(Ghazi Mohomed) රාජ වංශය නිර්මාණය කළ සුල්තාන්වරයා ද විය. අද වන විට මාල දිවයින් වැසියන් තකුරුෆානු මාල දිවයින ආරක්ෂා කිරීමට දැක් වූ දායකත්වය වාර්ෂිකව සමරන්නේ මාල දිවයින් ජාතික දිනය ලෙස නම් කරමිනි. බි්රතාන්ය බලපෑම සහ ව්‍යවස්ථාව කි‍්‍ර.ව 1887 දී මාල දිවයින බි්රතාන්ය පාලනයට නතු වුවද බි‍්‍රතාන්‍යන්ගේ මාල දිවයින් මැදිහත් වීම 17 වන ශතවර්ෂය දක්වා ඈතට දිව යයි. ඒ 17 වන ශතවර්ෂයේ දී බි්රතාන්ය නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගමේ (British East India Company) නාවික යාත්‍රා මාලදිවයින් මුහුදට ඇතුල් වීම මගින් මාල දිවයින සමඟ බි්රතාන්ය ගණුදෙනු ඇරඹීම මඟිනි. කි‍්‍ර.ව 1658 දී පර්සියානු වෙළඳ නෞකාවක් මාල දිවයින් මුහුදේ දී අනතුරට පත්විය. එය බි්රතාන්ය නාවිකයෝ සහ මාල දිවයින් වැසියන් අතර සිදුවූ පළමු ගැටුම ලෙස වාර්තා විය. ඊළඟ අවුරුදු 150 තුළ මාල දිවයින වටේ ඇති කොරල් පර සමූහයේ ගැටුණු බි්රතාන්ය නෞකා බොහෝ ගණනක් මුහුදු බත් විය. එම නෞකා වල සමහරක සිටි කපිතාන්වරු ඇතුළු බි්රතාන්ය ජාතික නැවියෝ මාල දිවයින් ජනයා විසින් රැුක බලා ගත් අතර තවත් නාවික යාත්‍රා බොහෝ ගණනක් වසර ගණනක් තිස්සේ අතුරුදහන් වෙමින් ඒවායේ ගමන් කළ නිලධාරි මණ්ඩලය ඝාතනය වූ බව තහවුරු නොකළ වාර්තා කියා සිටී. ඉතිහාසයට අනුව සිය ගණනක් බි්රතාන්ය නෞකා නොගිනිය හැකි තරම් විශාල ජීවිත සංඛ්‍යාවක් මාල දිවයින් මුහුදේ අතුරුදහන් වීමේ ප්‍රතිඵලය වූයේ මාල දිවයින් මුහුද නිවැරදිව සිතියම් ගත කිරීමට බි්රතාන්යයන් තීරණය කිරීමයි. කි‍්‍ර.ව 1834 කි‍්‍ර.ව 1836 කාලය ඉන්දියානු නාවික හමුදාවට අයත් බෙනාරිස් (බරණැස) නෞකාවේ අණ දෙන නිලධාරී කමාන්ඩර් මොර්ස්බි විසින් මාල දිවයිනේ දූපත් සමූහය විද්‍යාත්මකව නිරීක්ෂණය කර සිතියම් ගත කරනු ලැබීය. ඔහු මාල දිවයිනේ ගත කළ කාලය තුළ ‘‘මාල දිවයින් වැසියන් අපට කාරුණික මෙන්ම ගෞරවාන්විතව සැලකුම් කටයුතු කළහ. එහෙත් තරමක් ලැජ්ජාශීලී බවක් මෙන්ම සැක සහිත බවක් ඔවුන්ගේ හැසිරීම් තුළ විද්‍යාමාන විය.’’යැයි සටහන් කර තබා තිබේ. ඔහුගේ මෙම අවසාන වාක්‍යයෙන් පෙන්නුම් කරන්නේ මාල දිවයින් වැසියන්, කපිතාන්වරයා අනාගත මාල දිවයින් මුහුද සුරක්ෂිත නැව් ගමනා ගමනයක් සඳහා අවශ්‍යය සිතියම් සකස් කරනවාය යන්න පිළිගැනීමට මැලි වූ බව යැයි අපගේ හැඟීමයි. 1932 මාල දිවයිනේ පළමු වන ව්‍යවස්ථාව බලාත්මක කෙරුණි. වසර දෙකකට පසු 1934 දී ෂම්ෂුඞීන් නමැති සුල්තාන්වරයා බලයෙන් පහ කරනු ලැබූ අතර ඒ වෙනුවට හසන් නූර්ඞීන් පත් කරනු ලැබීය. 1953 දී මාල දිවයින ජනරජයක් බවට පත්වූයේ රජු හෙවත් සුල්තාන්වරයා යටතේ පාලනය අවසන් කරමිනි. නමුත් ජනරජය පැවැතියේ වසරක පමණ කාලයකට වන අතර අමින් ඩිඞී ජනාධිපතිවරයා පළවා හැර මොහොමඞ් තාරීඞ් ඩිඞී සුල්තාන්වරයා පාලන බලය හෙවීය. 1960 සහ 1970 දශක මාල දිවයිනට ඉතාමත් තීරණාත්මක කාල පරිච්ෙඡ්දයක් විය. 1965 ජූලි 26 වන දා බි්රතාන්ය අධිරාජ්‍යයෙන් මාල දිවයින සම්පූර්ණ නිදහස ලැබීය. වසර 3 කට පසු 1968 දී ජනමත විමසුමක් මගින් ජනරජයක් සඳහා දෙවන වර උත්සාහ කරනු ලැබූ අතර මජීඞ් ඩිඞී සුල්තාන්වරයා බලයෙන් ඉවතට විසිවී ඊබ්‍රාහීම් නසීර් ජනාධිපතිවරයා මාල දිවයිනේ ජනාධිපතිවරයා බවට පත්විය. 1970 දශකයේ මුල් අවධිය මාල දිවයින් සංචාරක ව්‍යාපාරයේ ආරම්භක වර්ධනීය අවධිය ලෙස ද හැඳින්වේ. කුරුම්බා ගම්මානය පළමු වන සංචාරක හෝටලය ලෙස ආරම්භ වූ අතර ඊට සමාන්තරව වාණිජ වශයෙන් කෙරෙන ධීවර කටයුතු වලද සැලකිය යුතු වෙනස්කම් කරනු ලැබීය. 70 දශකය අවසාන වන විට ඊබ්‍රාහීම් නසීර් බලයෙන් පහ කරනු ලබන්නේ එක්සත් ජාතින්ගේ හිටපු මාල දිවයින් තානාපතිවරයා වූ අබ්දුල් ග්‍යුම් විසිනි. ග්යුම්ගේ පාලනය 2008 නොවැම්බර් මාසය තුළ අවසන් වන්නේ මාල දිවයිනේ දේශපාලන සිරකරුවෙකු වූ අබ්දුල් නසීම් මාල දිවයිනේ ජනාධිපතිවරයා බවට පත්වීමෙනි. වර්තමානයේ මාල දිවයින අද වන විට මාල දිවයිනේ සම්පූර්ණ ආර්ථිකයම දිනෙන් දින වර්ධනය වන සංචාරක ව්‍යාපාරයත් ධීවර කර්මාන්තයත් මත රඳා පවතී. ධ්රැව ආසන්නයේ ඇති ග්ලැසියර් දියවීමේ හේතුවෙන් අනාගතයේ දී තම රට මුහුදෙන් යටවීමේ තර්ජනයට මුහුණදී සිටින මාල දිවයින් ජනයා විදුලිය, දුරකථන ආදී යටිතල පහසුකම් ප්‍රමාණවත්ව ලබා ගැනීම සඳහා අරගලයක නියුතුව සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇත්තාහ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom