Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චතුරාරක්ඛා_හෙවත්_සතර_කමටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණානුස්සතිය ප්‍රගුණ කර ගැනීම

මරණානුස්සතිය වැඞීම, මරණානුස්සතියෙහි පිහිටා ක්‍රියා කිරීම යන්නෙන් අදහස් කරන්නේ,” ජීවිතං අනියතං මරණං නියතං” යනාදී පදවැල් කියවා, කියවා සිටීම නම් නොවේ. කොයි මොහොතේ හෝ තමන් මැරෙන බව නොදන්නා කෙනෙකුන් නැත. කොයි මොහොතේ හෝ මැරෙන්නට සිටින පුද්ගලයා මාරයාට ණය වී මැරෙන බව යථා පරිදි අවබෝධ කරගෙන, මාරයාගේ දේ ණයට නොගෙන, මාරයාගෙන් නිදහස් වීමට භාවනා කිරීම, මරණානුස්සතියයි. උපාදානය කර ගන්නා පංචස්කංධයම මාරයාට අයත් දේවල්ය.

මේ මිහිතලය මත අපට පරිහරණය කරන්නට ඇති, භාවිතා කරන්නට ඇති සියළුම දේවල් පංචස්කන්ධය ලෙසින් ධර්මයේ පෙන්වා දෙයි. එනම් රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධයයි. මේ කිසිම කොටසක් අපට සදාකලික අයිතියට ලබා ගත නොහැකිය. ඒවා කාටත් පොදුවේ පරිහරණනය කරන්නට, භාවිතා කරන්නට ධර්මතාවයෙන්ම ලැබී ඇති දේවල්ය. මේ බව නොදන්නා පෘතග්ජන ලෝකයා, මෙවන් වූ පංචස්කන්ධය මගේ, මම, මට අයිති, මගේ ආත්මය වශයෙන් උපාදානය කරගෙන, දිගටම තමා සන්තකයේ පවත්වන්නටත් උත්සාහ දරයි. තමන් කැමති සේ, රිසිසේ, නිචිච වශයෙන් දිගටම පවත්වා ගන්නට නොහැකි මෙවන් වූ පංචස්කන්ධයන් අල්ලා උපාදානය කර ගන්නේද තමන්ගේම සිතිනි. ඒ රාග, ද්වේශ, මෝහ ගති වලින් කිළිටු වූ සිතෙනි.

උපන් උපන් සියළු සත්ත්වයන්ට පොදුවේ පරිහරණය කරන්නට, භාවිතා කරන්නට හිමිකම ඇති මේ පංචස්කන්ධයන් මම, මගේ, මගේ ආත්මය යැයි තමන් සන්තකයේ පවත්වා ගන්නට, උපාදානය කරගන්නට දරණ වැරදි උත්සාහය,මාරයාට ණය වීමට එකම හේතුවයි. මේ ආකාරයට වැරදී අවබෝධයකින් තමාගේ යැයි උපාදනය කර ගත් පංචස්කනන්ධය තමාට අයිති නැති බව පසක් කොට අවබෝධ කරගෙන, එහි ඇති අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව යථා පරිදි අවබෝධ කරගෙන, මාරයාට අයිති දේවල් සිතින් අත්හැර, මාරයාට ණයවීමෙන්ද නිදහස් වීම, මරණානුස්සතිය වැඞීමයි.

තමන් මරණයට පත්වන මොහොතේදීත්, යමකු විසින් පංචස්කනන්ධයම උපාදානය කරගෙන, තදින්ම මම, මගේ, මට අයිතිදේ යැයි සිතින් අල්ලා බදාගෙන, මරණයට පත්වූයේ නම්, ඔහු මරණයට පත්වූයේ මාරයාට ණය වීමෙන්ය. ඒ මාරයාට අයිති දේ තම සිතින් අල්ලා උපාදානය කර ගත් නිසාය. මරණයට පත්වීම යන්නෙහි අර්ථය මෙසේ මාරයාට ණය වී මියැදීමයි. අරහත් තත්ත්වයට පත්වූ ආර්යය උත්තමයෙක්, මාරයාට අයිති සියළු දේ ගැන යථා පරිදි දැක, පංචස්කන්ධය ලෙසින් උපාදානය කර ගත් සියළුදේ සහමුලින්ම අතහැර, උපාදානය කර ගැනීමේ ක්රියාවලින්යෙන්ද සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වූ කෙනෙකු බවට පත්වීම අපවත්වීමයි.

එනම් පැවැත්මේ ඇති සියළු දේ අනිච්ච බව – කැමති සේ නොපවතින බව – දුක්ඛ බව – දෙවන වේෂයකට පත්වන බව විපරිණාමයට පත්වන බව – අනත්ථ බව – විපරිණාමයට පත්වී, විනාශ වන දේ අල්ලා ගැනීමෙන් අනාථ තත්ත්වයටම පත්වන බව යථා පරිදි දැක, අවබෝධ කරගෙන, ඒ සියල්ලම පිලිබඳව ඇත්ත ඇති සැටියෙන් දැක එහි නොබැදේ. එවැනි දේ අල්ලා ගෙන, ආස්වාදයක් විඳිය නොහැකි බව යථා පරිදිම දකියි. ඒ නිසා ”නිබ්බින්දති” යන්න අවබෝධ කරගෙන එහි නොබැඳෙයි. ”නන්දති” යන්නෙන් මිදී නිදහස් වෙයි. අභිනන්දනයට පත්වීමෙන් වැළකේ. මේ මරණානුස්සතිය වැඞීමයි. මෙහිදි ති‍්‍රලක්ඛණය වැඞීම අත්‍යාවශ්‍යමයි. මාරයාට අයිති පංචස්කන්ධයන් ”මම කියා, මගේ කියා මගේ ආත්මයට අයිතියි කියා” අල්ලා, උපාදානය කරගෙන තමන් කැමති සේ තමන් සන්තකයේ දිගටම පවත්වා ගත නොහැකි නිශ්චිත දේවල් නොවන බවත් දැකගත යුතුය.

”අනිස්සිතෝච විහරති න ච කිංචි ලොකේ උපාදියති” යන්න යථා පරිදි අවබෝධ කරගත් පුද්ගලයා අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව, යථා පරිදි අවබෝධ කරගෙන, නිච්ච සංඥව, සුඛ සංඥාව, අත්ථ සංඥාව සිතින් බැහැර කර දමයි. මෙසේ ත්රිලක්ඛණය වැඞීමෙන් ජීවිත පැවැත්මේ ඇති යථා ස්වභාවය, යථා ස්වරූපය දැකීමෙන් මරණානුස්සතිය වැඬේ.

රූපං අනිච්චා නො නිචිචා

රුපං දුක්ඛා නො සුඛා

රූපං අනත්ථා නො අත්ථා

වේදනා අනිච්චා නො නිච්චා

වේදනා දුක්ඛා නො සුඛා

වේදනා අනත්ථා නො අත්ථා

මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයම රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, සුව පහස හා ධම්ම වශයෙන් ඇස, කණ ආදී ඉන්ද්‍රියන්ට අරමුණ වන සියළු අවස්ථාවන්හි එහි ඇලීමක් වේ නම්, ඇලීමෙන් මිදී නිදහස් වන්නටත්, ගැටීමක් වේ නම්, ගැටීමෙන් මිදී නිදහස් වන්නටත්, අරමුණ කෙරෙහි උපේක්ඛා සිතක් ඇති කර ගන්නටත් ත්රිලක්ඛණය භාවනා කිරීමෙන් මරණානුස්සතිය වැඩෙයි. පංචස්කන්ධයන් උපාදානය කර ගැනීමෙන් වැළකීම නිසා මාරයාට ණය වීමෙන්ද නිදහස් වේ. මෙම භාවනාව මනා කොට ප්‍රගුණ කොට, යථා අවබෝධයෙන් යුතුව අවශ්‍ය අවස්ථාවෙහිදී භාවිතයට ගැනීමට සුදුසු සේ, පුරුදු පුහුණු වීම මරණානුස්සතිය වැඞීම යන ආරක්ෂක ආයුධයයි.

[QUOTE="hirashgeff, post: 17217129, member: 15895"] [SIZE="5"][COLOR="Red"]මරණානුස්සතිය ප්‍රගුණ කර ගැනීම[/COLOR] මරණානුස්සතිය වැඞීම, මරණානුස්සතියෙහි පිහිටා ක්‍රියා කිරීම යන්නෙන් අදහස් කරන්නේ,” ජීවිතං අනියතං මරණං නියතං” යනාදී පදවැල් කියවා, කියවා සිටීම නම් නොවේ. කොයි මොහොතේ හෝ තමන් මැරෙන බව නොදන්නා කෙනෙකුන් නැත. කොයි මොහොතේ හෝ මැරෙන්නට සිටින පුද්ගලයා මාරයාට ණය වී මැරෙන බව යථා පරිදි අවබෝධ කරගෙන, මාරයාගේ දේ ණයට නොගෙන, මාරයාගෙන් නිදහස් වීමට භාවනා කිරීම, මරණානුස්සතියයි. උපාදානය කර ගන්නා පංචස්කංධයම මාරයාට අයත් දේවල්ය. මේ මිහිතලය මත අපට පරිහරණය කරන්නට ඇති, භාවිතා කරන්නට ඇති සියළුම දේවල් පංචස්කන්ධය ලෙසින් ධර්මයේ පෙන්වා දෙයි. එනම් රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධයයි. මේ කිසිම කොටසක් අපට සදාකලික අයිතියට ලබා ගත නොහැකිය. ඒවා කාටත් පොදුවේ පරිහරණනය කරන්නට, භාවිතා කරන්නට ධර්මතාවයෙන්ම ලැබී ඇති දේවල්ය. මේ බව නොදන්නා පෘතග්ජන ලෝකයා, මෙවන් වූ පංචස්කන්ධය මගේ, මම, මට අයිති, මගේ ආත්මය වශයෙන් උපාදානය කරගෙන, දිගටම තමා සන්තකයේ පවත්වන්නටත් උත්සාහ දරයි. තමන් කැමති සේ, රිසිසේ, නිචිච වශයෙන් දිගටම පවත්වා ගන්නට නොහැකි මෙවන් වූ පංචස්කන්ධයන් අල්ලා උපාදානය කර ගන්නේද තමන්ගේම සිතිනි. ඒ රාග, ද්වේශ, මෝහ ගති වලින් කිළිටු වූ සිතෙනි. උපන් උපන් සියළු සත්ත්වයන්ට පොදුවේ පරිහරණය කරන්නට, භාවිතා කරන්නට හිමිකම ඇති මේ පංචස්කන්ධයන් මම, මගේ, මගේ ආත්මය යැයි තමන් සන්තකයේ පවත්වා ගන්නට, උපාදානය කරගන්නට දරණ වැරදි උත්සාහය,මාරයාට ණය වීමට එකම හේතුවයි. මේ ආකාරයට වැරදී අවබෝධයකින් තමාගේ යැයි උපාදනය කර ගත් පංචස්කනන්ධය තමාට අයිති නැති බව පසක් කොට අවබෝධ කරගෙන, එහි ඇති අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව යථා පරිදි අවබෝධ කරගෙන, මාරයාට අයිති දේවල් සිතින් අත්හැර, මාරයාට ණයවීමෙන්ද නිදහස් වීම, මරණානුස්සතිය වැඞීමයි. තමන් මරණයට පත්වන මොහොතේදීත්, යමකු විසින් පංචස්කනන්ධයම උපාදානය කරගෙන, තදින්ම මම, මගේ, මට අයිතිදේ යැයි සිතින් අල්ලා බදාගෙන, මරණයට පත්වූයේ නම්, ඔහු මරණයට පත්වූයේ මාරයාට ණය වීමෙන්ය. ඒ මාරයාට අයිති දේ තම සිතින් අල්ලා උපාදානය කර ගත් නිසාය. මරණයට පත්වීම යන්නෙහි අර්ථය මෙසේ මාරයාට ණය වී මියැදීමයි. අරහත් තත්ත්වයට පත්වූ ආර්යය උත්තමයෙක්, මාරයාට අයිති සියළු දේ ගැන යථා පරිදි දැක, පංචස්කන්ධය ලෙසින් උපාදානය කර ගත් සියළුදේ සහමුලින්ම අතහැර, උපාදානය කර ගැනීමේ ක්රියාවලින්යෙන්ද සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වූ කෙනෙකු බවට පත්වීම අපවත්වීමයි. එනම් පැවැත්මේ ඇති සියළු දේ අනිච්ච බව – කැමති සේ නොපවතින බව – දුක්ඛ බව – දෙවන වේෂයකට පත්වන බව විපරිණාමයට පත්වන බව – අනත්ථ බව – විපරිණාමයට පත්වී, විනාශ වන දේ අල්ලා ගැනීමෙන් අනාථ තත්ත්වයටම පත්වන බව යථා පරිදි දැක, අවබෝධ කරගෙන, ඒ සියල්ලම පිලිබඳව ඇත්ත ඇති සැටියෙන් දැක එහි නොබැදේ. එවැනි දේ අල්ලා ගෙන, ආස්වාදයක් විඳිය නොහැකි බව යථා පරිදිම දකියි. ඒ නිසා ”නිබ්බින්දති” යන්න අවබෝධ කරගෙන එහි නොබැඳෙයි. ”නන්දති” යන්නෙන් මිදී නිදහස් වෙයි. අභිනන්දනයට පත්වීමෙන් වැළකේ. මේ මරණානුස්සතිය වැඞීමයි. මෙහිදි ති‍්‍රලක්ඛණය වැඞීම අත්‍යාවශ්‍යමයි. මාරයාට අයිති පංචස්කන්ධයන් ”මම කියා, මගේ කියා මගේ ආත්මයට අයිතියි කියා” අල්ලා, උපාදානය කරගෙන තමන් කැමති සේ තමන් සන්තකයේ දිගටම පවත්වා ගත නොහැකි නිශ්චිත දේවල් නොවන බවත් දැකගත යුතුය. ”අනිස්සිතෝච විහරති න ච කිංචි ලොකේ උපාදියති” යන්න යථා පරිදි අවබෝධ කරගත් පුද්ගලයා අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව, යථා පරිදි අවබෝධ කරගෙන, නිච්ච සංඥව, සුඛ සංඥාව, අත්ථ සංඥාව සිතින් බැහැර කර දමයි. මෙසේ ත්රිලක්ඛණය වැඞීමෙන් ජීවිත පැවැත්මේ ඇති යථා ස්වභාවය, යථා ස්වරූපය දැකීමෙන් මරණානුස්සතිය වැඬේ. [COLOR="Magenta"]රූපං අනිච්චා නො නිචිචා රුපං දුක්ඛා නො සුඛා රූපං අනත්ථා නො අත්ථා වේදනා අනිච්චා නො නිච්චා වේදනා දුක්ඛා නො සුඛා වේදනා අනත්ථා නො අත්ථා[/COLOR] මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයම රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, සුව පහස හා ධම්ම වශයෙන් ඇස, කණ ආදී ඉන්ද්‍රියන්ට අරමුණ වන සියළු අවස්ථාවන්හි එහි ඇලීමක් වේ නම්, ඇලීමෙන් මිදී නිදහස් වන්නටත්, ගැටීමක් වේ නම්, ගැටීමෙන් මිදී නිදහස් වන්නටත්, අරමුණ කෙරෙහි උපේක්ඛා සිතක් ඇති කර ගන්නටත් ත්රිලක්ඛණය භාවනා කිරීමෙන් මරණානුස්සතිය වැඩෙයි. පංචස්කන්ධයන් උපාදානය කර ගැනීමෙන් වැළකීම නිසා මාරයාට ණය වීමෙන්ද නිදහස් වේ. මෙම භාවනාව මනා කොට ප්‍රගුණ කොට, යථා අවබෝධයෙන් යුතුව අවශ්‍ය අවස්ථාවෙහිදී භාවිතයට ගැනීමට සුදුසු සේ, පුරුදු පුහුණු වීම මරණානුස්සතිය වැඞීම යන ආරක්ෂක ආයුධයයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom