Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චතුරාරක්ඛා_හෙවත්_සතර_කමටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාග, ද්වේශ,මෝහ යන කෙළෙස් සහිත අරමුණු, සිතෙහි මතුවනවාත් සමඟම ඒවා මොනතරම් ප්‍රිය අරමුණු වුවද, ආස්වාද ජනක දේ වුවද, ඉන්ද්රියයන් පිනවන දේ වුවද, ඒවා නිවනට ප්රතිපක්ෂ බව දැක, ඒවා නිවනට බාධක බව දැක, ඒවා නිසා නිවන ප්‍රමාද කරන බව යථා පරිදි තේරුම් ගෙන, එවැනි කෙළෙස් ධර්ම, කළු ධර්ම, සිතෙහි මතු වන මෙහොතේදීම, ඒවා දිගේ සිතින් රෝද ගැසීම නවත්වා, ඒ අරමුණු වෙනස් කර, ඊට ප්රතිපක්ෂ අරමුණක සිත යොදවා, අවසානයේදී ඒ කිළිටි ගතිය සිතින් අස්කර දමන්නටම ක්‍රියාකළ යුතුය. මේ පියවර තුනම අනුගමනය කළ හැකි වන්නේ, මේ ආරක්ෂක ආයුධ හතරම භාවිතා කිරීමෙනි. ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නට පුහුණුවක් ලැබූ, ඒ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන ආර්යය ශ්‍රාවකයකුට, දැන් ආයුධ හතරම භාවිතයට ගෙන, පළමුව තම සිත සමථයකට පත්කර ගෙන කෙළෙස් තුනීකර ගැනීමටත්, දෙවනුව ඊට සමගාමීවම කෙළෙස් සහමුළුන්ම කපා, උගුල්ලා දැමීමටත් දැනුමක් හා ශක්තියක් ද ලැබෙන්නේය.

මෙවන් ආර්ය ශ්රාවකයා දැන ගත යුතු දේ යථා පරිදි දැන ගනී. දැන ගෙනම ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කරයි. ප්රහාණය කළ යුතු දේ, ප්රහාණය කරන්නේද යථා අවබෝධයකින්මය. මෙය හුස්ම පිට කිරීම හා ඇතුළු කිරීමට වඩා බොහෝ වෙනස්ය. පෙර සඳහන් කර පෙන්වූ යහපත් අරමුණු හයම හය දොරකින්ම ආශ්‍රය කර ඇතුළට ගන්නටත්, ආශ‍්‍රනොකර දොරවල් වසා බැහැර කළයුතු දේ බැහැර කර තබන්නටත් හැකි බව මෙවන් ආර්ය ශ්රාවකයා දැන ගනී. මෙය බුද්ධ භාෂිතයේ පෙන්වූ අනාපානාසතියෙහි පිහිටා ක්‍රියා කිරීමයි. ඉන්පසුව ඕනෑම ඉරියවුවකින්ද ආනාපානාසතියෙහි පිහිටා කටයුතු කරන්නටද හැකි ශක්තියක් ලබා ගනී. සක්මන් කිරීමේදීත් ඉඳගෙන සිටිමේදීත්, සිටගෙන සිටීමේදීත්, නිදාගෙන සිටිමේදීත්, චිත්ත සන්ථානය ඇතුලට ගත යුතු දේත්, සිතින් බැහැර කළ යුතු දේත්, තීරණය කරන්නට හැකි ශක්තියෙන් ක්‍රියාකරන පුද්ගලයා, නිසි පරිදි ඉරියාපථ පබ්බයෙන්ද ආනා පානා සතිය ක්‍රියාත්මක කරන්නට දැන ගනී. දවසේ පැය 24 පුරාමත් (නිදියගත් අවස්ථාවේ හැර)ආශ්‍රය කළ යුතු දේ දැන ආශ්‍රය කරයි. ආශ්රයෙන් බැහැර කර ප්රහාණය කළයුතු දේ තෝරා බේරා ප්රහාණය කරන්නටද දනී.

දැන් මේ ආයුධ හතරම භාවිතා කළ යුතු වන්නේ, සිතින්ම ප්රහාණය කළ යුතු කෙළෙස් මුලින්ම කපා, උගුල්ලා දමන්නටමය. ඒ නිසා මේ ආයුධ හතර එනම්, මරණානුස්සසතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, හා බුද්ධානුස්සතිය ප්රායෝගිකවම භාවිතා කළ යුතු ආකාරය සොයා බලමු.

සිත කිළිටිවන, සිත අඳුරු වන මනස අඥාණ බවට පත්කරවන අරමුණු 3ක් ඇත.

1. රාග සහිත ආරම්මණයන්

2. ද්වේෂ සහිත ආරම්මණයන්

3. මෝහ සහිත ආරම්මණයන්

මේ අරමුණු තුනම උපත ලබන්නේ තමාගේම සිත තුළමය. තමන්ට හොරෙන්, තමන්ට නොදැනී මේ අරමුණු මතුවන්නට නොහැකිය. ඒ නිසා, මේ අරමුණු මතු වන විටම, ඒවා කෙරෙහි අවධානයෙන් පසු වී, නිසි පරිදි නිසි ආයුධය භාවිතා කර, කෙළෙස් කපා අස්කර දැමීමට ක්‍රියාකළ යුතුය.

1. ඇස, කණ, නාසය, දිව, කය වැනි යම් ඉන්ද්රියයකින් රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, සුව පහස වැනි මොනයම් ප්‍රිය දෙයක් ස්පර්ශ වුනේ නම්, එය ප්‍රිය යයි නිගමනය කළේනම්, සිත රාගයෙන් කිළිටි වෙයි. අදුරු වෙයි. එය අප්‍රිය යැයි, අමනාප යැයි නිගමනය කළේ නම්, ද්වේශයෙන් සිත කිළටි වෙයි, අඳුරු වෙයි.

මෙවන් වැරදි අරමුණක් සිතට ලැබුණ විට, ඒ අරමුණ දිගේම සිතින් රෝද ගසා, ඉන්ද්රියයන් පිනවීම පෘතග්ජන පුද්ගලයාගේ පුරුද්දයි. එය ගති පුරුද්දකි. එය සංසාර පුරුද්දයි.

මේ අරමුණ දිගේ දිගින් දිගටම සිතින් රෝද ගැසීම නවතා දමන්නට සුතවත් ආර්ය ශ්රාවකයා පළමුවම ක්‍රියාකළ යුතුය. ඉවසා, විමසා ඊට සුදුසු පියවරක් ගැනීම නියත වශයෙන්ම කළ යුතුය.

මේ අකුසල විතර්කය තුලින් සිත මුදවා ගන්නටත් ඉවසා, විමසා කටයුතු කරන්නටත්, එකේ සිට දහය දක්වා ඉහළට ගැන නැවත දහයේ සිට එක දක්වා පහළට ගැනීම බොහෝ විටම ප්‍රමාණවත් විය හැකිය. මෙය ”විතක්ක සංඨාන සූත්‍රයේ” පෙන්වා වදාළ අඤ්ක්දනිමිත්ත පබ්බයයි.

අකුසල විතර්කය දිගේම සිතින් රෝද ගසා සිත කිළිටි වීම යම් ආකාරයකින් නවතා දමා, වෙනත් අරමුණකට සිත මෙහෙය වීම මගින් ඉවසා විමසා කටයුතු කරන්නට දක්ෂ වූ පුද්ගලයා දැන් ආරක්ෂක ආයුධ හතරම භාවිතා කළ යුතු වන්නේය.

මේ අකුසල විතර්කය රාග අරමුණක් නම්, සිත සමථකයකට පත් කර ගත් වහාම අසුභානුස්සතිය භාවනා කරමින්, ප්‍රිය මධුර දේ කෙරෙහි අලෙන්නට – ප්‍රිය මධුර දේ උපාදානය කර ගන්නට කි‍්‍රයාත්මක වන්නට ගිය සිත, සමථයට පත්කර ගත යුතුයි. මේ නිසා ඇස, කණ, නාසය, දිව, කය, මන යන ආදී මොනයම් ඉන්ද්‍රියක් හෝ ප්‍රිය මධුර සුභ අරමුණක් සමඟින් පටිච්ච වන්නට යන්නේ නම්, එයින් සිත කිළිටිවන බව දැක, රාගයෙන් මත්වන බව දැක, මෙය උගුලක් බවදැක, ඉන් මිදී නිදහස් වීමට ඒ ප්‍රිය මනාප අරමුණට මුල් වූ රූපයෙහි අසුභය මෙනෙහි කර, ඒ පි‍්‍රය බව සිතින් ඉවත් කර ගත යුතුයි. ඒ පි‍්‍රය මනාප වූ දෙය පිළිබඳවම උපේක්ඛා සිතින් බලන්නට පුරුදු විය යුතුය. එහි ඇති ආදීනව දැක, එහි විපරිණාමය දැක, එය අල්ලා ගැනීමෙන් අනාථ තත්ත්වයට පත්වෙනවා දැක, සිත සමථයකට පත් කර ගැනීම සඳහා පළමු ආයුධය වූ අසුභානුස්සතිය භාවිතා කළ යුතුය.

මෙසේ සිත සමථයකට පත් වු වහාම මේ රාග ගතිය – ප්‍රිය මනාප දෙයට ඇලෙන බැඳෙන ගතිය පුරුද්ද – තමා තුළම ඇති දෙයක් බව තේරුම් ගෙන මේ ගති පුරුද්ද තම සිතින් සහමුළුන්ම ඉවත්කර ගලවා දමා ගැනීමට ඒ සමඟම ක්‍රියාකළ යුතුය.

මේ ගති පුරුද්ද මුළුන්ම ගලවා දමන්නට නම් මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය යන කර්මස්ථාන දෙකම භාවනා කර, මේ ගතිය තමා තුළ නිච්ච වීමට උත්සාහ දරණ බවද තේරුම් ගෙන, මෙහි ඇති අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව, තේරුම් ගෙන නිච්ච, සුඛ, අත්ථ යන අකුසල සංඥා කපා හැර දමා, සිත පිරිසිදු කර ගත යුතුය. මෙය රාගක්ඛ්‍යය කිරීමයි. ආසවඛ්‍යා ඥාණයයි. කම්මක්ඛ්ය කිරීමයි.

ඒ සුන්දර, පි‍්‍රය මනාප අරමුණු සිතින් අත්හැරීම සඳහාත්, සිත සමථයකට පත්කර ගැනීම සඳහාත්, ඒ අරමුණු අත්හැරීම නාථයි. එයින් මිදීම නාථයි. එය නො ඇල්ම නාථයි,

ඉන් මිදී නිදහස් වීම නාථයි. අත්හැරීම වෙත්වා, මිදීම වෙත්වා, නොඇල්ම වෙත්වා, නිදහස් වෙත්වා, යන අසුභානුස්සතිය වැඩිය යුතුයි.

ඒ හා සමඟම දෙවන හා තුන්වන ආයුධයන් වන මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය ද ඒ සමඟම භාවිතයට ගත යුතුයි.

නිචිච සංඥා පජහති – අනිච්චානුපස්සී විහරති

සුඛ සංඥා පජහති- දුක්ඛානු පස්සී විහරති

අත්ථ සංඥා පජහති- අනත්තානු පස්සී විහරති

නන්දි සංඥා පජහති- නිබිබිදානු පස්සී විහරති

රාග සංඥා පජහති – විරාගානුපස්සී විහරති

සමුදයං පජහති- නිරෝධානු පස්සී විහරති

සබ්බු පදිං පජහති- පටිනිස්සග්ගානු පස්සී විහරති

යන භාවනාව භාවිතා කරන්නට පුරුදු විය යුතුය.

2. ද්වේශ සහගත අකුසලාරම්මණයක් සිතට ඇතුළු විය හැක්කේද ඇස, කණ, නාසය, දිව, කය මන යන ආදී ඉන්ද්‍රියන් ආශ්රයෙන්ම අප්‍රිය, අමිහිරි, අමනාප දෙයක් සිතට පටිච්ච වීමෙන්මය. මෙවැනි අප්‍රිය ආරම්මණයක් දිගේම සිතින් රෝද ගසයි නම්, ඒ ආරම්මණය දිගේම සිතුවිලි පවත්වයි නම් සිත ද්වේශයෙන් කිළිටිවන බව දැක, යම් පිළිවෙතකින් පළමු කොටම මේ ද්වේෂාරම්මණයෙන් සිත වෙන අතකට හරවා ගත යුතුය. මෙතැනදීද පළමු අවස්්ථාවේදී මෙන්ම එකේ සිට දහය දක්වා ඉහළට ගැන දහයේ සිට එක දක්වා පහළට ගැනීම මගින් අරමුණ වෙනතකට හරවා ගත හැකිය.

සිත වෙන අරමුණකට හරවා නිදහස්කර ගත් වහාම, ඉවසා විමසා බලා මෛත්‍රී සිතක් පහළ කර ගන්නට මෙත්තානුස්සති භාවනාව භාවිතා කළ යුතුය. මෙත්තානුස්සතිය වැඞීමෙන් ඒ තමාට අප්‍රිය වූ අමනාප වූ අරමුණු කෙරෙහි පැවති අපි‍්‍රය බව අමනාප බව සමථයට පත්කරගෙන, ඒ පුද්ගලයා හෝ සත්ත්වයා හෝ ඒ අවස්ථාව හෝ කෙරෙහි උපේක්ඛා සිතින් මැදිහත්ව බලන්නටද හැකිවෙයි. දැන් සිතෙහි මතු වන්නට ආ වෛරී ගතිය තාවකාලිකව යටපත් වෙයි. සිත සමථයට පත්වීමත් සමගම පෙර පරිදිම මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය මෙනෙහි කර, තම සිත තුළම මුල් බැස ගෙන පවතින මේ ද්වේෂ ගතිය මුළුන්ම උදුරා යළි බිහි නොවන, ආකාරයටම, උදුරා දමන්නට ක්‍රියාකිරීම නිබිබාන ගාමී මාර්ගය අනුගමනය කිරීමයි.

මෙත්තනානුස්සතිය හා මරණානුස්සතිය මෙන්ම බුද්ධානුස්සතියද මෙනෙහි කර, ප්‍රගුණ කර තමාගේම සිත තුළම මුල බැස ගෙන පවතින කෙළෙස් සහිත වූ ද්වේෂ ගතිය මුළුන්ම උදුර දැමීම, බුද්ධ තත්ත්වයට පත්වීමටම උපකාර වේ.මේ කෙළෙස් ගතිය තමා තුලම පවතින එකක් බව යථා පරිදි දැක, තම කැමැත්තෙන්ම මේ කෙළෙස් ගතිය සිතින් උදුරා දමන්නට හැකි වීම නිබ්බාන වීමයි.

”අනිස්සතෝච විහරති -නච කිංචි ලෝකේ උපාදියති”

යන්න යථා පරිදි අවබෝධ කරගත් පසුව, රාගය, ද්වේශය හා මෝහය යන කෙළෙස් ගති තුනමත්, තම කැමැත්තෙන්ම සිතින් උදුරා දමා, සිත පිරිසිදු කර ගත හැකි වෙයි.

3. සිතෙහි මතුවන කෙළෙස් සහිත වූ තුන්වන අවස්්ථාව මෝහයයි, මානයයි. විහින්සා විතක්ක විචාර සිතෙහි මතුවන අවස්ථාවයි. මෙහිදී මතුවන්නේ අස්මිමානය මුල් කොට ගත් මානයන් සමුහයකි. අස්මිමානය යන කෙළෙස් ගතිය, තම සිතේම මතුවීම තෝරා බේරාගන්නට ඉතාමත් අපහසුය.

තමන් මානයෙන් ක්‍රියාකරන බවක් පවා නොදන්නාකම මෙහි විශේෂ ලක්ෂණයකි. තමන් නොදන්නා බව තමන්ටම නොදැනේ. ජය ගන්නට යමක් තමන්ට ඇති බව, පරාජය කරන්නට යමක් තමන්ට ඇති බව සිතීමද අස්මිමානයේම ලක්ෂණයන්ය. සංසන්දයනය කිරීමද, අස්මිමානය නිසාම සිදු වන්නකි.

මෙම අස්මිමානයෙන් මිදෙන්නට නම් මෙත්තානුස්සතිය හෝ අසුභානුස්සතිය හෝ එවැනි සමථ භාවනා කර්මස්ථානයක් හෝ කිසිවක්ම හෝ උපකාර වන්නේ නැත.

මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය නිවැරදිව හා යථා පරිදි දැන, නිවැරදි ආකාරයටම භාවිතා කරමින් මානය උදුරා දමා, සිත පාරිශුද්ධ තත්ත්වයටම පත්කර ගන්නට කටයුතු කළ යුතුය. මානයෙන්, අස්මිමානයෙන් මිදී නිදහස් වීමත් සමඟම රූප රාග, අරූප රාග, උද්ධච්ච කුක්කුච්ච, අවිජ්ජා යන සංයෝජන පහෙන්මත් මිදී සිත සහමුළුන්ම කෙළෙස් වලින් තොර, පිරිසිදු එකක් බවට පත්වෙයි.

අනිච්චානු පස්සී විහරති – නිච්ච සංඥා පජහති ආදි වශයෙන් ඉහත පෙන්වූ පියවරයන් හතම භාවිතා කරමින් ”අනිස්සිතෝච විහරති – නච කිංචි ලොකේ උපාදියති”

යන ධර්මතාවය යථා පරිදි තේරුම් ගැනීමත් සමඟම මෙතෙක් පැවැත්වූ අස්මි මානය නැමති වැරදි මිමිම -වැරදි මැනීම සිතින් ඉවත් වී, උපේක්ඛා සිත සම්පූර්ණ වේ. මේ අනුව මෙම සතර කමටහන් ම නිවැරදි ලෙසින් අවබෝධ කරගෙන, කෙළෙස් කපා දමා සිත පිරිසිදු කර ගන්නට භාවිතා කළ හැක. මේ මගින් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වශයෙන් වැඩෙයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රී ශික්ෂාවම සම්පූර්ණ වේ. දස අනුස්සතින්ම සම්පූර්ණ වී, මඟ ඵල ලබා ගන්නටම මෙය උපකාරී වේ.

මේ අනුව සතර කමටහන් භාවිතා කිරීම චතුරා රක්ඛා භාවිතා කිරීම, නියත වශයෙන්ම කෙළෙස් මුල් කපා දමා, නිවන් මඟ හෙළි පෙහෙළි කර ගන්නට උපකාර කර ගත හැකි ධමිමානුධමිම ප්‍රතිපදාවයි.

[QUOTE="hirashgeff, post: 17217138, member: 15895"] [SIZE="5"]රාග, ද්වේශ,මෝහ යන කෙළෙස් සහිත අරමුණු, සිතෙහි මතුවනවාත් සමඟම ඒවා මොනතරම් ප්‍රිය අරමුණු වුවද, ආස්වාද ජනක දේ වුවද, ඉන්ද්රියයන් පිනවන දේ වුවද, ඒවා නිවනට ප්රතිපක්ෂ බව දැක, ඒවා නිවනට බාධක බව දැක, ඒවා නිසා නිවන ප්‍රමාද කරන බව යථා පරිදි තේරුම් ගෙන, එවැනි කෙළෙස් ධර්ම, කළු ධර්ම, සිතෙහි මතු වන මෙහොතේදීම, ඒවා දිගේ සිතින් රෝද ගැසීම නවත්වා, ඒ අරමුණු වෙනස් කර, ඊට ප්රතිපක්ෂ අරමුණක සිත යොදවා, අවසානයේදී ඒ කිළිටි ගතිය සිතින් අස්කර දමන්නටම ක්‍රියාකළ යුතුය. මේ පියවර තුනම අනුගමනය කළ හැකි වන්නේ, මේ ආරක්ෂක ආයුධ හතරම භාවිතා කිරීමෙනි. ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නට පුහුණුවක් ලැබූ, ඒ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන ආර්යය ශ්‍රාවකයකුට, දැන් ආයුධ හතරම භාවිතයට ගෙන, පළමුව තම සිත සමථයකට පත්කර ගෙන කෙළෙස් තුනීකර ගැනීමටත්, දෙවනුව ඊට සමගාමීවම කෙළෙස් සහමුළුන්ම කපා, උගුල්ලා දැමීමටත් දැනුමක් හා ශක්තියක් ද ලැබෙන්නේය. මෙවන් ආර්ය ශ්රාවකයා දැන ගත යුතු දේ යථා පරිදි දැන ගනී. දැන ගෙනම ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කරයි. ප්රහාණය කළ යුතු දේ, ප්රහාණය කරන්නේද යථා අවබෝධයකින්මය. මෙය හුස්ම පිට කිරීම හා ඇතුළු කිරීමට වඩා බොහෝ වෙනස්ය. පෙර සඳහන් කර පෙන්වූ යහපත් අරමුණු හයම හය දොරකින්ම ආශ්‍රය කර ඇතුළට ගන්නටත්, ආශ‍්‍රනොකර දොරවල් වසා බැහැර කළයුතු දේ බැහැර කර තබන්නටත් හැකි බව මෙවන් ආර්ය ශ්රාවකයා දැන ගනී. මෙය බුද්ධ භාෂිතයේ පෙන්වූ අනාපානාසතියෙහි පිහිටා ක්‍රියා කිරීමයි. ඉන්පසුව ඕනෑම ඉරියවුවකින්ද ආනාපානාසතියෙහි පිහිටා කටයුතු කරන්නටද හැකි ශක්තියක් ලබා ගනී. සක්මන් කිරීමේදීත් ඉඳගෙන සිටිමේදීත්, සිටගෙන සිටීමේදීත්, නිදාගෙන සිටිමේදීත්, චිත්ත සන්ථානය ඇතුලට ගත යුතු දේත්, සිතින් බැහැර කළ යුතු දේත්, තීරණය කරන්නට හැකි ශක්තියෙන් ක්‍රියාකරන පුද්ගලයා, නිසි පරිදි ඉරියාපථ පබ්බයෙන්ද ආනා පානා සතිය ක්‍රියාත්මක කරන්නට දැන ගනී. දවසේ පැය 24 පුරාමත් (නිදියගත් අවස්ථාවේ හැර)ආශ්‍රය කළ යුතු දේ දැන ආශ්‍රය කරයි. ආශ්රයෙන් බැහැර කර ප්රහාණය කළයුතු දේ තෝරා බේරා ප්රහාණය කරන්නටද දනී. දැන් මේ ආයුධ හතරම භාවිතා කළ යුතු වන්නේ, සිතින්ම ප්රහාණය කළ යුතු කෙළෙස් මුලින්ම කපා, උගුල්ලා දමන්නටමය. ඒ නිසා මේ ආයුධ හතර එනම්, මරණානුස්සසතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, හා බුද්ධානුස්සතිය ප්රායෝගිකවම භාවිතා කළ යුතු ආකාරය සොයා බලමු. සිත කිළිටිවන, සිත අඳුරු වන මනස අඥාණ බවට පත්කරවන අරමුණු 3ක් ඇත. 1. රාග සහිත ආරම්මණයන් 2. ද්වේෂ සහිත ආරම්මණයන් 3. මෝහ සහිත ආරම්මණයන් මේ අරමුණු තුනම උපත ලබන්නේ තමාගේම සිත තුළමය. තමන්ට හොරෙන්, තමන්ට නොදැනී මේ අරමුණු මතුවන්නට නොහැකිය. ඒ නිසා, මේ අරමුණු මතු වන විටම, ඒවා කෙරෙහි අවධානයෙන් පසු වී, නිසි පරිදි නිසි ආයුධය භාවිතා කර, කෙළෙස් කපා අස්කර දැමීමට ක්‍රියාකළ යුතුය. 1. ඇස, කණ, නාසය, දිව, කය වැනි යම් ඉන්ද්රියයකින් රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, සුව පහස වැනි මොනයම් ප්‍රිය දෙයක් ස්පර්ශ වුනේ නම්, එය ප්‍රිය යයි නිගමනය කළේනම්, සිත රාගයෙන් කිළිටි වෙයි. අදුරු වෙයි. එය අප්‍රිය යැයි, අමනාප යැයි නිගමනය කළේ නම්, ද්වේශයෙන් සිත කිළටි වෙයි, අඳුරු වෙයි. මෙවන් වැරදි අරමුණක් සිතට ලැබුණ විට, ඒ අරමුණ දිගේම සිතින් රෝද ගසා, ඉන්ද්රියයන් පිනවීම පෘතග්ජන පුද්ගලයාගේ පුරුද්දයි. එය ගති පුරුද්දකි. එය සංසාර පුරුද්දයි. මේ අරමුණ දිගේ දිගින් දිගටම සිතින් රෝද ගැසීම නවතා දමන්නට සුතවත් ආර්ය ශ්රාවකයා පළමුවම ක්‍රියාකළ යුතුය. ඉවසා, විමසා ඊට සුදුසු පියවරක් ගැනීම නියත වශයෙන්ම කළ යුතුය. මේ අකුසල විතර්කය තුලින් සිත මුදවා ගන්නටත් ඉවසා, විමසා කටයුතු කරන්නටත්, එකේ සිට දහය දක්වා ඉහළට ගැන නැවත දහයේ සිට එක දක්වා පහළට ගැනීම බොහෝ විටම ප්‍රමාණවත් විය හැකිය. මෙය ”විතක්ක සංඨාන සූත්‍රයේ” පෙන්වා වදාළ අඤ්ක්දනිමිත්ත පබ්බයයි. අකුසල විතර්කය දිගේම සිතින් රෝද ගසා සිත කිළිටි වීම යම් ආකාරයකින් නවතා දමා, වෙනත් අරමුණකට සිත මෙහෙය වීම මගින් ඉවසා විමසා කටයුතු කරන්නට දක්ෂ වූ පුද්ගලයා දැන් ආරක්ෂක ආයුධ හතරම භාවිතා කළ යුතු වන්නේය. මේ අකුසල විතර්කය රාග අරමුණක් නම්, සිත සමථකයකට පත් කර ගත් වහාම අසුභානුස්සතිය භාවනා කරමින්, ප්‍රිය මධුර දේ කෙරෙහි අලෙන්නට – ප්‍රිය මධුර දේ උපාදානය කර ගන්නට කි‍්‍රයාත්මක වන්නට ගිය සිත, සමථයට පත්කර ගත යුතුයි. මේ නිසා ඇස, කණ, නාසය, දිව, කය, මන යන ආදී මොනයම් ඉන්ද්‍රියක් හෝ ප්‍රිය මධුර සුභ අරමුණක් සමඟින් පටිච්ච වන්නට යන්නේ නම්, එයින් සිත කිළිටිවන බව දැක, රාගයෙන් මත්වන බව දැක, මෙය උගුලක් බවදැක, ඉන් මිදී නිදහස් වීමට ඒ ප්‍රිය මනාප අරමුණට මුල් වූ රූපයෙහි අසුභය මෙනෙහි කර, ඒ පි‍්‍රය බව සිතින් ඉවත් කර ගත යුතුයි. ඒ පි‍්‍රය මනාප වූ දෙය පිළිබඳවම උපේක්ඛා සිතින් බලන්නට පුරුදු විය යුතුය. එහි ඇති ආදීනව දැක, එහි විපරිණාමය දැක, එය අල්ලා ගැනීමෙන් අනාථ තත්ත්වයට පත්වෙනවා දැක, සිත සමථයකට පත් කර ගැනීම සඳහා පළමු ආයුධය වූ අසුභානුස්සතිය භාවිතා කළ යුතුය. මෙසේ සිත සමථයකට පත් වු වහාම මේ රාග ගතිය – ප්‍රිය මනාප දෙයට ඇලෙන බැඳෙන ගතිය පුරුද්ද – තමා තුළම ඇති දෙයක් බව තේරුම් ගෙන මේ ගති පුරුද්ද තම සිතින් සහමුළුන්ම ඉවත්කර ගලවා දමා ගැනීමට ඒ සමඟම ක්‍රියාකළ යුතුය. මේ ගති පුරුද්ද මුළුන්ම ගලවා දමන්නට නම් මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය යන කර්මස්ථාන දෙකම භාවනා කර, මේ ගතිය තමා තුළ නිච්ච වීමට උත්සාහ දරණ බවද තේරුම් ගෙන, මෙහි ඇති අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව, තේරුම් ගෙන නිච්ච, සුඛ, අත්ථ යන අකුසල සංඥා කපා හැර දමා, සිත පිරිසිදු කර ගත යුතුය. මෙය රාගක්ඛ්‍යය කිරීමයි. ආසවඛ්‍යා ඥාණයයි. කම්මක්ඛ්ය කිරීමයි. ඒ සුන්දර, පි‍්‍රය මනාප අරමුණු සිතින් අත්හැරීම සඳහාත්, සිත සමථයකට පත්කර ගැනීම සඳහාත්, ඒ අරමුණු අත්හැරීම නාථයි. එයින් මිදීම නාථයි. එය නො ඇල්ම නාථයි, ඉන් මිදී නිදහස් වීම නාථයි. අත්හැරීම වෙත්වා, මිදීම වෙත්වා, නොඇල්ම වෙත්වා, නිදහස් වෙත්වා, යන අසුභානුස්සතිය වැඩිය යුතුයි. ඒ හා සමඟම දෙවන හා තුන්වන ආයුධයන් වන මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය ද ඒ සමඟම භාවිතයට ගත යුතුයි. නිචිච සංඥා පජහති – අනිච්චානුපස්සී විහරති සුඛ සංඥා පජහති- දුක්ඛානු පස්සී විහරති අත්ථ සංඥා පජහති- අනත්තානු පස්සී විහරති නන්දි සංඥා පජහති- නිබිබිදානු පස්සී විහරති රාග සංඥා පජහති – විරාගානුපස්සී විහරති සමුදයං පජහති- නිරෝධානු පස්සී විහරති සබ්බු පදිං පජහති- පටිනිස්සග්ගානු පස්සී විහරති යන භාවනාව භාවිතා කරන්නට පුරුදු විය යුතුය. 2. ද්වේශ සහගත අකුසලාරම්මණයක් සිතට ඇතුළු විය හැක්කේද ඇස, කණ, නාසය, දිව, කය මන යන ආදී ඉන්ද්‍රියන් ආශ්රයෙන්ම අප්‍රිය, අමිහිරි, අමනාප දෙයක් සිතට පටිච්ච වීමෙන්මය. මෙවැනි අප්‍රිය ආරම්මණයක් දිගේම සිතින් රෝද ගසයි නම්, ඒ ආරම්මණය දිගේම සිතුවිලි පවත්වයි නම් සිත ද්වේශයෙන් කිළිටිවන බව දැක, යම් පිළිවෙතකින් පළමු කොටම මේ ද්වේෂාරම්මණයෙන් සිත වෙන අතකට හරවා ගත යුතුය. මෙතැනදීද පළමු අවස්්ථාවේදී මෙන්ම එකේ සිට දහය දක්වා ඉහළට ගැන දහයේ සිට එක දක්වා පහළට ගැනීම මගින් අරමුණ වෙනතකට හරවා ගත හැකිය. සිත වෙන අරමුණකට හරවා නිදහස්කර ගත් වහාම, ඉවසා විමසා බලා මෛත්‍රී සිතක් පහළ කර ගන්නට මෙත්තානුස්සති භාවනාව භාවිතා කළ යුතුය. මෙත්තානුස්සතිය වැඞීමෙන් ඒ තමාට අප්‍රිය වූ අමනාප වූ අරමුණු කෙරෙහි පැවති අපි‍්‍රය බව අමනාප බව සමථයට පත්කරගෙන, ඒ පුද්ගලයා හෝ සත්ත්වයා හෝ ඒ අවස්ථාව හෝ කෙරෙහි උපේක්ඛා සිතින් මැදිහත්ව බලන්නටද හැකිවෙයි. දැන් සිතෙහි මතු වන්නට ආ වෛරී ගතිය තාවකාලිකව යටපත් වෙයි. සිත සමථයට පත්වීමත් සමගම පෙර පරිදිම මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය මෙනෙහි කර, තම සිත තුළම මුල් බැස ගෙන පවතින මේ ද්වේෂ ගතිය මුළුන්ම උදුරා යළි බිහි නොවන, ආකාරයටම, උදුරා දමන්නට ක්‍රියාකිරීම නිබිබාන ගාමී මාර්ගය අනුගමනය කිරීමයි. මෙත්තනානුස්සතිය හා මරණානුස්සතිය මෙන්ම බුද්ධානුස්සතියද මෙනෙහි කර, ප්‍රගුණ කර තමාගේම සිත තුළම මුල බැස ගෙන පවතින කෙළෙස් සහිත වූ ද්වේෂ ගතිය මුළුන්ම උදුර දැමීම, බුද්ධ තත්ත්වයට පත්වීමටම උපකාර වේ.මේ කෙළෙස් ගතිය තමා තුලම පවතින එකක් බව යථා පරිදි දැක, තම කැමැත්තෙන්ම මේ කෙළෙස් ගතිය සිතින් උදුරා දමන්නට හැකි වීම නිබ්බාන වීමයි. ”අනිස්සතෝච විහරති -නච කිංචි ලෝකේ උපාදියති” යන්න යථා පරිදි අවබෝධ කරගත් පසුව, රාගය, ද්වේශය හා මෝහය යන කෙළෙස් ගති තුනමත්, තම කැමැත්තෙන්ම සිතින් උදුරා දමා, සිත පිරිසිදු කර ගත හැකි වෙයි. 3. සිතෙහි මතුවන කෙළෙස් සහිත වූ තුන්වන අවස්්ථාව මෝහයයි, මානයයි. විහින්සා විතක්ක විචාර සිතෙහි මතුවන අවස්ථාවයි. මෙහිදී මතුවන්නේ අස්මිමානය මුල් කොට ගත් මානයන් සමුහයකි. අස්මිමානය යන කෙළෙස් ගතිය, තම සිතේම මතුවීම තෝරා බේරාගන්නට ඉතාමත් අපහසුය. තමන් මානයෙන් ක්‍රියාකරන බවක් පවා නොදන්නාකම මෙහි විශේෂ ලක්ෂණයකි. තමන් නොදන්නා බව තමන්ටම නොදැනේ. ජය ගන්නට යමක් තමන්ට ඇති බව, පරාජය කරන්නට යමක් තමන්ට ඇති බව සිතීමද අස්මිමානයේම ලක්ෂණයන්ය. සංසන්දයනය කිරීමද, අස්මිමානය නිසාම සිදු වන්නකි. මෙම අස්මිමානයෙන් මිදෙන්නට නම් මෙත්තානුස්සතිය හෝ අසුභානුස්සතිය හෝ එවැනි සමථ භාවනා කර්මස්ථානයක් හෝ කිසිවක්ම හෝ උපකාර වන්නේ නැත. මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය නිවැරදිව හා යථා පරිදි දැන, නිවැරදි ආකාරයටම භාවිතා කරමින් මානය උදුරා දමා, සිත පාරිශුද්ධ තත්ත්වයටම පත්කර ගන්නට කටයුතු කළ යුතුය. මානයෙන්, අස්මිමානයෙන් මිදී නිදහස් වීමත් සමඟම රූප රාග, අරූප රාග, උද්ධච්ච කුක්කුච්ච, අවිජ්ජා යන සංයෝජන පහෙන්මත් මිදී සිත සහමුළුන්ම කෙළෙස් වලින් තොර, පිරිසිදු එකක් බවට පත්වෙයි. අනිච්චානු පස්සී විහරති – නිච්ච සංඥා පජහති ආදි වශයෙන් ඉහත පෙන්වූ පියවරයන් හතම භාවිතා කරමින් ”අනිස්සිතෝච විහරති – නච කිංචි ලොකේ උපාදියති” යන ධර්මතාවය යථා පරිදි තේරුම් ගැනීමත් සමඟම මෙතෙක් පැවැත්වූ අස්මි මානය නැමති වැරදි මිමිම -වැරදි මැනීම සිතින් ඉවත් වී, උපේක්ඛා සිත සම්පූර්ණ වේ. මේ අනුව මෙම සතර කමටහන් ම නිවැරදි ලෙසින් අවබෝධ කරගෙන, කෙළෙස් කපා දමා සිත පිරිසිදු කර ගන්නට භාවිතා කළ හැක. මේ මගින් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වශයෙන් වැඩෙයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රී ශික්ෂාවම සම්පූර්ණ වේ. දස අනුස්සතින්ම සම්පූර්ණ වී, මඟ ඵල ලබා ගන්නටම මෙය උපකාරී වේ. මේ අනුව සතර කමටහන් භාවිතා කිරීම චතුරා රක්ඛා භාවිතා කිරීම, නියත වශයෙන්ම කෙළෙස් මුල් කපා දමා, නිවන් මඟ හෙළි පෙහෙළි කර ගන්නට උපකාර කර ගත හැකි ධමිමානුධමිම ප්‍රතිපදාවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom