Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චතුරාර්ය සත්‍යය ලොවට හෙලිකල ඇසළ පෝය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චතුරාර්ය සත්‍යය ලොවට හෙලිකල ඇසළ පෝය

චතුරාර්ය සත්‍යය ලොවට හෙලිකල ඇසළ පෝය

පසළොස්වක පුන් පොහොය දිනය අප තථාගත බුදුපියාණන් වහන්සේගේ චරිතයට අදාළ සුවිශේෂි සිද්ධි හා බැඳී පවතී. දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප් යන පොහොය දොළස ආශි‍්‍රත කිසියම් වැදගත් සිද්ධි රාශියක් බුදුන්වහන්සේගේ ජීවන තොරතුරු සමඟ බැඳී ඇත. මෙම පොහොය දොළස අතුරින් දක්නට ලැබෙන්නේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය මුල්කොට ගෙන ය.

සකල ලෝ වැස්සන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී ය. එදා ඉන්දීය සමාජය විවිධ ආගම් හා දර්ශන දෙසැටකින් යුක්ත විය. සිදුහත් කුමරුන් විමුක්තිය සොයා ගිය ගමනේ දී අත්තකිලමථානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙකෙහි ගැලී සිටීමට සිදුවිය. එහෙත් සසරෙන් එගොඩවීමේ ආර්ය මාර්ගය ඉන් පසක් කරගන්නට නොහැකි විය. ඉන් අනතුරුව බෝමුල දී අවබෝධ කරගත් ධර්මය සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නමැති මැදුම් පිළිවෙත දේශනා කරන ලද්දේ අද වැනි දිනකය. මේ මඟින් හේතු ඵල වාදය මුල්කොට මධ්‍යම ප්‍රතිපදාව ඇතුළත් උතුම් බෞද්ධ දර්ශනය දම්සක් පැවතුම් සුතුර ලෙසින් දෙසා, වදාළ නිසා උතුම් බුදුදහම ලොව පහළ වන දිනය ලෙස මෙය හැඳින්වේ. එකී උත්තරීතර දම්සක් පැවතුම් සුතුර, දෙසා වදාළේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන පස්වග මහනුන්ටය. ධම්මචක්ක පවත්න සූත්‍රයෙහි ඇතුළත් ගාථා දහ අට මගින් දුකත්, දුකට හේතුවත්, නිවනත්, එය ලබන පිළිවෙතත් යන සත්‍ය සතර ලොවට දේශනා කළ සේක.

බොසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා දඹදිව කපිලවස්තුපුරයේ සුද්ධෝන රජුගේ බිසව් මහාමායා දේවියගේ කුසයේ පිළිසිඳ ගැන්ම සිදුවූයේ ද ඇසළ පුර පසළොස්වක පොහෝ දින දී ය.

එකුත් තිස්වියේ දී, සතර පෙර නිමිති, (ලෙඩක්, මහල්ලෙක්, මළමිනියක් හා ශ්‍රමණ රුවක්) දැකීමෙන් මෙලොවේ අස්ථිර භාවය ගැන අවබෝධ කරගත් සිදුහත් කුමරුන්, ගිහිගෙය අතහැර, යශෝදරා දේවිය ද, රාහුල පුතු ද මාලිගාවේ තනිකොට, සසරෙන් මිදීම සඳහා සත්‍යය ගවේෂණය කොට නිවන් මග හෙළි කරගන්නට රජගෙදරට “ආයුබෝවන්” කියමින් “මහා අභිනිෂ්ක්‍රමණය” කරන ලද්දේ ද ඇසළ පුන් පෝය දිනයකදී ය. රාහුල කුමරුන්ගේ උපත සිදුවුනේ මේ දිනයේදීම ය.

ඇතැම් අයගේ දක්නට ලැබුණු පුහු මාන්නය බිඳ දැමීම උදෙසා ගෞතම බුදුන් වහන්සේ විස්මිත යමාමහ පෙළහර දැක්වූහ. ගණ්ඩම්බ රුක්ඛ මූලයේ දී තිර්ථකයන්ගේ මානය බිඳ දැමීම සඳහා, අහසට වැඩ තම සිරුරින් රැස්විහිදුවමින් හා ජලය විහිදුවමින් යමාමහ පෙළහර පෑම සිදුකරන ලද්දේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදී ය.

සත්වන වස් සමය ගත කරන්නට තව්තිසා, දිව්‍ය ලෝකයට වැඩම කළ බුදුන්වහන්සේ, මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට විජම් බණ වදාළේත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතුන් වහන්සේලා එක්ව, අජාසත් රජ සමයේ දී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ ද, ඇසළ පුන් පොහොය දිනයකදී ය.

බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය විසින් ප්‍රථම “ඛණ්ඩ සීමාව“ සම්මත කරන ලද්දේත්, අරිෂ්ඨ කුමරු ප්‍රධාන පිරිස මහණ උපසම්පදාව ලබාගන්නේත් ඇසළ පුර පසළොස්වක දිනයකදී ය.

මිස්සක පව්ව ඇසුරෙන් තවත් වැදගත් සිද්ධි දෙකක් ඇසළ පුර පසළොස්වක දිනවලදී සිදුවිය. මිහින්තලේ කණ්ඨක චෛත්‍යය වටා “ අටසැට ලෙන රහතන් වහන්සේලාට පූජාකිරීමත්, ශ්‍රී ලංකාවේ දී භික්ෂූන් වහන්සේ ප්‍රථම වරට වස්වැසීමත්, ඇසළ පෝය දිනෙක සිදුවුණු බව සඳහන් ය.

සිරිලක එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා විසින් තනවන ලද ස්වර්ණමාලි මහා චෛත්‍යයට මුල්ගල තබන ලද්දේ ද ඇසළ පුන් පොහෝ දිනයකදී ය. ඒ, බුද්ධ වර්ෂ 382 දී ය. තවද, උතුරු සළ නැකතින් රුවන්වැලි මහා සෑ රදුන්ගේ ධාතු නිධානය ද සිදුකරන ලද්දේ ඇසළ පුර පසළොස්වක පෝය දිනකදී ය.

ශ්‍රී ලංකාවේ 55 වන රජතුමා වූ කිත්සිරිමෙවන් රජු බුද්ධ වර්ෂ 845 දී නැතහොත් ක්‍රිස්තු වර්ෂ 361 දී අභිෂේක ලැබීය. මහා වංශය පවසන අන්දමට “ඒ රජු දවස නව වන වස එක්තරා, බැමිණියක් තොමෝ බුදුරජහු දළදාව කළිගුරටින් මෙහි ගෙන්වා එළු දළදා වස කී පරිද්දෙන් රජතෙමේ ඒ ගෙන බහුමානයෙන් උදම් පුදකොට හුදු පිළිමිණින් කළ කරඬුවක බහා දෙවපෑතිස් රජු විසින් රාජාරාමයෙහි කරවන ලද දම්සක් නම් ගෙයි වැඩුයේයි. එතැන් පටන් ඒ ගෙය දාඨධාතුඝර නොහොත්, දළදා මැදුර නම් වී ඉක්බිති සම්පූර්ණ සිත් ඇති රජතෙමේ නව ලක්ෂයක් ධන විසඳා දළදා පෙළහර කළේ ය. අද සිරිලක පවත්වන මහා සංස්කෘතික සංදර්ශනය වන මහනුවර ඇසළ පෙරහරේ ආරම්භය සිදුවූයේ ඇසළ පුන් පොහෝ දිනයක දී ය.

කළිඟු රට සිට හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් දන්ත ධාතූන් වහන්සේ සිරිලකට ගෙන ආ බව පැවසේ. දළදා පෙරහර, විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානය ලොවට කියා පාන්නකි. නාථ, ස්කන්ධ, කුමාර පත්තිනි ආදි දෙවියන් උදෙසා පුද පූජා පවත්වා, දේව වරප්‍රසාද ලබාගෙන, ශ්‍රී සමෘද්ධිය අයත් කරගන්නට අතීතයේ පටන් මහනුවරට අමතරව කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර, අලුත් නුවර, නවගමුව, රත්නපුරය, දෙවුන්දර හා කතරගම ආදී ස්ථානවල වාර්ෂික ඇසළ පෙරහර අදත් පැවැත්වේ.

ලක්දිවට උපසම්පදාව ගෙන ඒම, ශ්‍රී ලංකාවේ 186 වැනි රජු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දී සිදු විය. ඒ බුද්ධ වර්ෂ 2290 දී ය. සියම් රට, අයෝධ්‍ය පුරයේ ධාර්මික නම් රජතුමාගේ යුගයේ දී, මල්වත්තේ පුෂ්පාරාමයට සියමෙන් වැඩම කළ උපාලි, අරිය, මුනි යන මහතෙරුන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට, බුද්ධ වර්ෂ දෙදහස් දෙසිය අනුහය වැන්නෙහි ඇසළ පුර පසළොස්වක පෝය දිනයේ දී සිරිලක සාමණේර හිමිවරුහට උපසම්පදාව ලබා දුන්සේක.

ප්‍රේමසර ඈපාසිංහ.

තිබ්බේ මූනු පොතේ

[QUOTE="නැකැත් රාල, post: 16882703, member: 494309"] [b]චතුරාර්ය සත්‍යය ලොවට හෙලිකල ඇසළ පෝය[/b] [SIZE="3"][U]චතුරාර්ය සත්‍යය ලොවට හෙලිකල ඇසළ පෝය[/U] පසළොස්වක පුන් පොහොය දිනය අප තථාගත බුදුපියාණන් වහන්සේගේ චරිතයට අදාළ සුවිශේෂි සිද්ධි හා බැඳී පවතී. දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප් යන පොහොය දොළස ආශි‍්‍රත කිසියම් වැදගත් සිද්ධි රාශියක් බුදුන්වහන්සේගේ ජීවන තොරතුරු සමඟ බැඳී ඇත. මෙම පොහොය දොළස අතුරින් දක්නට ලැබෙන්නේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය මුල්කොට ගෙන ය. සකල ලෝ වැස්සන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී ය. එදා ඉන්දීය සමාජය විවිධ ආගම් හා දර්ශන දෙසැටකින් යුක්ත විය. සිදුහත් කුමරුන් විමුක්තිය සොයා ගිය ගමනේ දී අත්තකිලමථානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙකෙහි ගැලී සිටීමට සිදුවිය. එහෙත් සසරෙන් එගොඩවීමේ ආර්ය මාර්ගය ඉන් පසක් කරගන්නට නොහැකි විය. ඉන් අනතුරුව බෝමුල දී අවබෝධ කරගත් ධර්මය සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නමැති මැදුම් පිළිවෙත දේශනා කරන ලද්දේ අද වැනි දිනකය. මේ මඟින් හේතු ඵල වාදය මුල්කොට මධ්‍යම ප්‍රතිපදාව ඇතුළත් උතුම් බෞද්ධ දර්ශනය දම්සක් පැවතුම් සුතුර ලෙසින් දෙසා, වදාළ නිසා උතුම් බුදුදහම ලොව පහළ වන දිනය ලෙස මෙය හැඳින්වේ. එකී උත්තරීතර දම්සක් පැවතුම් සුතුර, දෙසා වදාළේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන පස්වග මහනුන්ටය. ධම්මචක්ක පවත්න සූත්‍රයෙහි ඇතුළත් ගාථා දහ අට මගින් දුකත්, දුකට හේතුවත්, නිවනත්, එය ලබන පිළිවෙතත් යන සත්‍ය සතර ලොවට දේශනා කළ සේක. [IMG]http://i.imgur.com/Pb62JEW.jpg?1[/IMG] බොසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා දඹදිව කපිලවස්තුපුරයේ සුද්ධෝන රජුගේ බිසව් මහාමායා දේවියගේ කුසයේ පිළිසිඳ ගැන්ම සිදුවූයේ ද ඇසළ පුර පසළොස්වක පොහෝ දින දී ය. එකුත් තිස්වියේ දී, සතර පෙර නිමිති, (ලෙඩක්, මහල්ලෙක්, මළමිනියක් හා ශ්‍රමණ රුවක්) දැකීමෙන් මෙලොවේ අස්ථිර භාවය ගැන අවබෝධ කරගත් සිදුහත් කුමරුන්, ගිහිගෙය අතහැර, යශෝදරා දේවිය ද, රාහුල පුතු ද මාලිගාවේ තනිකොට, සසරෙන් මිදීම සඳහා සත්‍යය ගවේෂණය කොට නිවන් මග හෙළි කරගන්නට රජගෙදරට “ආයුබෝවන්” කියමින් “මහා අභිනිෂ්ක්‍රමණය” කරන ලද්දේ ද ඇසළ පුන් පෝය දිනයකදී ය. රාහුල කුමරුන්ගේ උපත සිදුවුනේ මේ දිනයේදීම ය. ඇතැම් අයගේ දක්නට ලැබුණු පුහු මාන්නය බිඳ දැමීම උදෙසා ගෞතම බුදුන් වහන්සේ විස්මිත යමාමහ පෙළහර දැක්වූහ. ගණ්ඩම්බ රුක්ඛ මූලයේ දී තිර්ථකයන්ගේ මානය බිඳ දැමීම සඳහා, අහසට වැඩ තම සිරුරින් රැස්විහිදුවමින් හා ජලය විහිදුවමින් යමාමහ පෙළහර පෑම සිදුකරන ලද්දේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකදී ය. සත්වන වස් සමය ගත කරන්නට තව්තිසා, දිව්‍ය ලෝකයට වැඩම කළ බුදුන්වහන්සේ, මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට විජම් බණ වදාළේත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතුන් වහන්සේලා එක්ව, අජාසත් රජ සමයේ දී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ ද, ඇසළ පුන් පොහොය දිනයකදී ය. බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය විසින් ප්‍රථම “ඛණ්ඩ සීමාව“ සම්මත කරන ලද්දේත්, අරිෂ්ඨ කුමරු ප්‍රධාන පිරිස මහණ උපසම්පදාව ලබාගන්නේත් ඇසළ පුර පසළොස්වක දිනයකදී ය. මිස්සක පව්ව ඇසුරෙන් තවත් වැදගත් සිද්ධි දෙකක් ඇසළ පුර පසළොස්වක දිනවලදී සිදුවිය. මිහින්තලේ කණ්ඨක චෛත්‍යය වටා “ අටසැට ලෙන රහතන් වහන්සේලාට පූජාකිරීමත්, ශ්‍රී ලංකාවේ දී භික්ෂූන් වහන්සේ ප්‍රථම වරට වස්වැසීමත්, ඇසළ පෝය දිනෙක සිදුවුණු බව සඳහන් ය. සිරිලක එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා විසින් තනවන ලද ස්වර්ණමාලි මහා චෛත්‍යයට මුල්ගල තබන ලද්දේ ද ඇසළ පුන් පොහෝ දිනයකදී ය. ඒ, බුද්ධ වර්ෂ 382 දී ය. තවද, උතුරු සළ නැකතින් රුවන්වැලි මහා සෑ රදුන්ගේ ධාතු නිධානය ද සිදුකරන ලද්දේ ඇසළ පුර පසළොස්වක පෝය දිනකදී ය. ශ්‍රී ලංකාවේ 55 වන රජතුමා වූ කිත්සිරිමෙවන් රජු බුද්ධ වර්ෂ 845 දී නැතහොත් ක්‍රිස්තු වර්ෂ 361 දී අභිෂේක ලැබීය. මහා වංශය පවසන අන්දමට “ඒ රජු දවස නව වන වස එක්තරා, බැමිණියක් තොමෝ බුදුරජහු දළදාව කළිගුරටින් මෙහි ගෙන්වා එළු දළදා වස කී පරිද්දෙන් රජතෙමේ ඒ ගෙන බහුමානයෙන් උදම් පුදකොට හුදු පිළිමිණින් කළ කරඬුවක බහා දෙවපෑතිස් රජු විසින් රාජාරාමයෙහි කරවන ලද දම්සක් නම් ගෙයි වැඩුයේයි. එතැන් පටන් ඒ ගෙය දාඨධාතුඝර නොහොත්, දළදා මැදුර නම් වී ඉක්බිති සම්පූර්ණ සිත් ඇති රජතෙමේ නව ලක්ෂයක් ධන විසඳා දළදා පෙළහර කළේ ය. අද සිරිලක පවත්වන මහා සංස්කෘතික සංදර්ශනය වන මහනුවර ඇසළ පෙරහරේ ආරම්භය සිදුවූයේ ඇසළ පුන් පොහෝ දිනයක දී ය. කළිඟු රට සිට හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් දන්ත ධාතූන් වහන්සේ සිරිලකට ගෙන ආ බව පැවසේ. දළදා පෙරහර, විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානය ලොවට කියා පාන්නකි. නාථ, ස්කන්ධ, කුමාර පත්තිනි ආදි දෙවියන් උදෙසා පුද පූජා පවත්වා, දේව වරප්‍රසාද ලබාගෙන, ශ්‍රී සමෘද්ධිය අයත් කරගන්නට අතීතයේ පටන් මහනුවරට අමතරව කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර, අලුත් නුවර, නවගමුව, රත්නපුරය, දෙවුන්දර හා කතරගම ආදී ස්ථානවල වාර්ෂික ඇසළ පෙරහර අදත් පැවැත්වේ. ලක්දිවට උපසම්පදාව ගෙන ඒම, ශ්‍රී ලංකාවේ 186 වැනි රජු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දී සිදු විය. ඒ බුද්ධ වර්ෂ 2290 දී ය. සියම් රට, අයෝධ්‍ය පුරයේ ධාර්මික නම් රජතුමාගේ යුගයේ දී, මල්වත්තේ පුෂ්පාරාමයට සියමෙන් වැඩම කළ උපාලි, අරිය, මුනි යන මහතෙරුන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට, බුද්ධ වර්ෂ දෙදහස් දෙසිය අනුහය වැන්නෙහි ඇසළ පුර පසළොස්වක පෝය දිනයේ දී සිරිලක සාමණේර හිමිවරුහට උපසම්පදාව ලබා දුන්සේක. ප්‍රේමසර ඈපාසිංහ. තිබ්බේ මූනු පොතේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom