Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්ද්‍රකුමාර පිළිබද පුරාවෘතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද්‍රකුමාර පිළිබද පුරාවෘතය

- මිනිසුන් මියයති. එහෙත් තමා මිය ගිය පසු පුරාවෘතයක් විය හැකි මිනිසෙකු වේ නම් ඔහු පරිපූර්ණ මිනිසෙකි. පුරාවෘතය බිහිවනුයේ සිද්ධියක, ප්රපංචයක් ඥාණනය කර ගැනීමට මිනිස් ප්‍රජාවක් විසින් දරන සාමූහික ප්රයත්නයකදීය. ඒ අර්ථයෙන් පුරාවෘත්තයක් යනු සිද්ධියක් පිළිබදව තනි මිනිසෙකුට ඥාණනය කරගත නොහැකි තරම් වූද, අඛණ්ඩව වර්ධනය වන්නාවූද දැනුම් ප්‍රවාහයක් ලෙස ගත හැකිය. ඉතින් එවන් සාමූහික හැදෑරීමකට පුද්ගලයෙකු ලක් වීමේදී, පුරාවෘතය බිහිවීමේදී පුරාවෘතය තුළින් ලෝකය කියැවීමට දරන උත්සාහයේදී, සිහිනය, පරිකල්පනය, මිත්‍යාව තුළ යථාර්තය හා ජීවිතය පැටලීයාම නොවැලැක්විය හැකිය. එහෙත් එම සිහිනය, පරිකල්පනය, මිත්‍යාවම ජීවිතය සොයාගැනීමේ මාධ්‍යයක් කරගත නොහැකිද? අප කතා කිරීමට සැරසෙනුයේ එබදු පුරාවෘතයක් වූ පුද්ගලයෙකු පිළිබදවය. ඔහු චන්ද්‍රකුමාර වික්‍රමරත්න නම් විය. ඔහු දන්නා හදුනන ‘අසූව දශකයේ හෘද සාක්ෂියක්’ සහිත මිනිසුන්ට ඔහු ‘චන්දරේ’ නම් විය.

දොරකඩ ගහේ මල් පොකුරේ රොනට එන

සමනළයිනේ නොදනිද මග කොළඹ යන

අද ? කියන අම්මාගේ මතක බණ

කොළඹට ගිහින් අප්පච්චිට කියනවද?

ලංකාවේ නිල ලේඛකයන් කවදාවත් පුරුදු පුහුණු නොකළ ‘තමාගේ ජීවිතයේ කෑල්ල’ නොසගවා එළියට දමා ලේඛණයේ යෙදුනු චන්ද්‍රකුමාර, ඒ වේදනාකාරී තුවාලයම යළි යළිත් පාරමින් ලෝකයාට ‘මාර්ගයද, සත්‍යයද’ පෙන්වීම උදෙසාම ලේඛනය තුළින් කුරුස ගත විය.

‘‘මම මේ සටහන් කරනුයේ වෙන කිසිවක් නිසා නොවේ. මිනිසුන් වෙනුවෙන් සියල්ල පරිත්‍යාග කිරීමට සිතා සිටින මා, ජීවිතය දන් දීමට පෙර ආත්මය දන් දීම සදහාය.’’

(අදුරේ සිට ලියමි. චන්ද්‍රකුමාර වික්‍රමරත්න. 1988 ජනවාරි 16 දිවයින*

ඔහු මෙසේ පවසනුයේ අපි හෙලි කරනවා තබා, මතක් කිරීමට තරම්වත් ධෛර්යයමත් නොවන ස්වකීය ජීවිතයේ අතිශය පෞද්ගලික අදුරු අහු මුළු වල ‘දේශපාලන ආර්ථිකය’ ගවේශනය කිරීමටත්, එමගින් අප සියල්ලන්ගේම ජීවිත ස්ථානගත වී ඇත්තේ කෙතරම් ඉහද ගහන පරිසරයකද යන වගක් පාඨකයාට හෙලි කිරීමටය.

80 දශකයේ ‘පරණ දිවයින පත්‍ර’ පෙරලන විට හමුවන චන්ද්‍රකුමාරගේ මේ විදවීම විලාසිතාවක් නොව ‘සන්තෘප්තදායක විදවීමක්’ බව පැහැදිලි වේ. අත්තකිලමතානුවේ යෙදෙන යෝගී වරයෙකු, දුෂ්කර ක්රියාවේ යෙදෙන මුනිවරයෙකු තුළ තිබෙන මෙම විදවීම මතින් විමුක්ති මාර්ගය සෙවීම, ලංකාවේ අපි තවම පුහුණු කර නොමැති, එහෙත් බොහෝ යුරෝපා ලේඛකයන් ඉදිරිපත් කළ අදහසකට සමපාත වේ.

කුඩා කළ සිටම තමාට පරිපාලනය කිරීමට තබා අත පෙවීමටවත් නොහැකි සමාජ කොන්දේසි විසින් ජීවිතය කුණු කාණුවට තල්ලූ කර දැමූ විට ‘කාණු පතුලෙන් මුතු ඇටය’ සොයා, ගෙන ආ චන්ද්‍රකුමාර මවගේ ලෝකයෙන් කැඞී වෙන් වී මේ හා සංසාර පෙම්වතිය නොපැමිනීමේ වේදනාවේ, පෞද්ගලික නොවන දේශපාලන ආර්ථික මූලයන් සොයමින් සාහිත්‍ය භාවිතාවේ යෙදෙන්නට විය.

‘‘දයාබර ශිෂ්‍යයිනි, අපට අකුරු කිරීමට නොහැකි වූයේද, අකුරු කරන නුඹලාට වද විදින්නට සිදුවී ඇත්තේද ආර්ථික විද්‍යාවේම උගන්වන පරිදි අසමානතාව නිසාය.’’ ‘ලේඛකයාට ජීවත් වීමට මුදලක් අවශ්‍ය වුවද, ඔහු මුදල් සදහා ලේඛනයේ නොයෙදිය යුතුය’ යන මාක්ස්වාදී ආදර්ශය සිය ජීවන භාවිතාව කොට ගනිමින් ලංකාවේ බොහෝ දුරස් වූ ‘වෘත්තිය විප්ලවවාදී ලේඛන කලාව’ ලාංකේය පොළොව මත සාක්ෂාත් කොට පෙන්වීය.

ජාතියේ මහා ලේඛකයින් හා කවීන් ‘උඩින් උඩින් දෙපා, තබා මඩින් මිදී’ ම`ග හැර ගිය, ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ සිද්ධීන් වූ, 71’ අරගලය හා 87-89’ සිවිල් යුද්ධය කාව්‍යයේ රුව ගුණ නොමරමින් සිය ලේඛණ භාවිතාවට හසු කර ගැනීමට තරම් කලාත්මක පරිණත බවක් ඔහු තුළ විය. කැඩුණු කුරුමිණි අඩු අත් අකුරින් වුවත් ‘ලාංකීය විප්ලවයට ජයවේවා’ කියල ලියන්න ධෛර්යය තිබුණු එකම කවියා ඔහුය.

‘‘නොවැළලූණු අතීතෙක

සංකේතය වෙලා

මහපොළොව තලාගෙන

අමාවක ඇවිල්ලා

ඒත් මේ රැය මට

අමාවක රැය නොවෙයි

හදවතේ

අපේ‍්‍රල් රන් තැටිය පායලා’’

ජාතියේ මහා කවියා මහගමසේකරයන් පවා ‘සලන සුසුම සැඩ සුළ`ගයි’ වැනි ගීතයකදී ඉදහිට ඉතාමත් ඈත සිට ‘දුටු’ 71’ අරගලය නොබියව ළංවී නිරීක්ෂණය කිරීමට තරම් චන්ද්‍රකුමාර ධෛර්යයක් ඇත්තෙක් විය.

මව් බිම අනතුරේ හෙළමින් ජේ. ආර්., පේ‍්‍රමදාස පාලනය ඉන්දීය හා ඇමෙරිකානු රූකඩ ආණුවක තත්වයට පිරි හෙලෙද්දී ‘සිය සමාජ වගකීම’ කවියට පමණක් සීමා නොකළ චන්ද්‍රකුමාර මේ පාවාදීමට එරෙහි වූ ‘සමාජ ව්‍යාපාරය තුළ’ සක්‍රිය ලෙස ක්‍රියාත්මක විය. ‘ලෙයින් සහ යකඩින්’ ඉතිහාසය ලියැවුණු එවැනි අතිශය දුෂ්කර මොහොතක පවා සිය විමසුම් ඇසටත්, කාව්‍යමය චින්තනයටත් විරාම නොදුන් චන්ද්‍රකුමාර ‘ගැටෙත අවි - සරසවිය වෙයි නිහ`ඩ’ යන්න බොරුවක් කරමින් සිය කවිය තුළ ඉතාමත් කාව්‍ය රූපක ඔස්සේ ඉතිහාසය සටහන් කොට තැබීමට සමත් විය.

‘‘දැන් ඉතින් සටන මිස

මේ අදුරු වහල් ලොව බිදින්නට

අන් මගක් නැත අපට

මම මේ පණිවුඩය ගෙනෙන්නේ

ඇවිළෙන සටන් බිම තුළ සිටය’’

‘පෑන් තුඩු වලින් පමණක්’ ලෝකය වෙනස් කළ හැකි යැයි සිතන ලංකාවේ ‘කුල්ටූර්’ ලේඛකයින්ට චන්ද්‍රකුමාරගේ ජීවන භාවිතාවෙන් ගත හැකි ආදර්ශ බොහොමයැයි අපි සිතමු.

අරගලයේ පරාජයෙන් අනතුරුව නොමැති වුව ඇතැමුන් ‘කන් කඩාගෙන වැටී’ දනිස්සත් තුවාල කරගෙන සිටියදී චන්ද්‍රකුමාර පරාජය ඉදිරියේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටියේය.

‘‘කුණාටුව තුළ හැපී නොම නැසුණු

තම බොහෝ මල් තිබේ ? පිපුණු

රැය විසින් දෙපා බිද දැමූ අරුණළු රැගෙන

තිබේ මල් පිපෙන පෙර මග ලකුණ’’

89’ ජනතා ව්‍යාපාරය කෲර ලෙස තලා දැමීමෙන් අනතුරුව, ‘ඉතිරි වූ ප්රගතිශීලී වාම කණ්ඩායම්’ සමග කටයුතු කරමින් අඛණ්ඩව ලේඛනයේ යෙදුණු චන්ද්‍රකුමාර ‘කාටවත් කා ගැනවත් සොයා බලන්න තරම් තවමත් හරි හමන් ඉස්පාසුවක් නොලද යුගයක’ හිට හැටියේම අතුරුදහන් විය. එවකට ඔහුගේ දේශපාලන සගයෙකු ලියූ සටහනක ඔහුගේ අතුරුදහන් වීම පිළිබදව ලියා ඇත්තේ මෙසේය.

‘‘1991 මැයි මාසයේ අවසාන රාත්‍රියක චන්ද්‍රකුමාර මා සොයා ආවේය. ඒ මහනුවරට ය.

‘මං ආයෙ කාළෙකට හම්බ වෙන එකක් නැහැ.’

ඔහුගේ සිත පෑරී තිබිණ. අවසාන මුහුණුවර මට හොදින් මතකය. ඒ ශෝකාකූලය. ඔහු රාත්‍රියේ නවතිනු ඇතැයි මම සිතීමි. ඔහු පිටව ගියේය.

ඒ අවසාන වතාවටය.

95 ජූලි 16 වැනිදා හිරු පුවත් පතේ තීරු ලිපියක, ඊටත් වසර හතරකට පමණ පෙර සිදුවූ සිදුවීම වාර්තා කර තිබුණේ එළෙසය. පැරැණි හිරු පුවත් පතකින් උපුටාගත් මේ සටහනේ කියැවෙන සිත පෑරීම කුමක්ද? එය ඔහු ‘ඉතාමත් භක්තිවන්ත’වූ දේශපාලන ව්‍යාපාරයේ තාවකාලික වූ පරාජය විය හැක. ඔහු ඉතා ‘අති සංවේදී අයෙකු’ බව ඔහු ඇසුරු කළ වුන්ගේ මතයයි. පුරාවෘතයකටම ඔබින ‘අවසානයක් නොවූ අවසානයක්’ ඉතිරි කරමින් ඔහු නික්ම ගියේය.

‘‘දෙනෝදාහක් රැස් කන කොළඹදී මම බොහෝ විට ඔහු හා සමාන රුව ඇත්තන්ට රැවටෙමි. බොහෝ දෙනා එපරිද්දෙන් රැුවටෙති.... සිව් අවුරුද්දක් ගතව ගොස්ය. ඔහු අහම්බෙන්වත් මහ මග හමුවන්නැයි මම බොහෝ විට යටි සිතින් පතමි. ඒ ඔහුගේ මුරණ්ඩු සටන්කාමීත්වයේ උණුසුම විදිනු පිණිසය.’’

(1995 ජූලි 16 හිරු)

ඔහු අතුරුදන්වී සිව් වසරකට පසු ඔහු ගැන ලියූ සගයා කියා තිබුණේ එපරිද්දෙනි.

දැන් 18 වසරක් ගෙවී ගොස්ය. ඉදින් 18 වසරකට පසුව අපට කීමට ඇත්තේද එයමය.

‘‘නිසැකවම, කොයි තරම් පුංචියට වුව ඔහු අපේ විප්ලවයේ කවියාය.’’

- ඩබ්ලිව්. එස්. විජේසිංහ -

All credit goes to the author

[QUOTE="smother, post: 14210611, member: 166532"] [b]චන්ද්‍රකුමාර පිළිබද පුරාවෘතය[/b] - මිනිසුන් මියයති. එහෙත් තමා මිය ගිය පසු පුරාවෘතයක් විය හැකි මිනිසෙකු වේ නම් ඔහු පරිපූර්ණ මිනිසෙකි. පුරාවෘතය බිහිවනුයේ සිද්ධියක, ප්රපංචයක් ඥාණනය කර ගැනීමට මිනිස් ප්‍රජාවක් විසින් දරන සාමූහික ප්රයත්නයකදීය. ඒ අර්ථයෙන් පුරාවෘත්තයක් යනු සිද්ධියක් පිළිබදව තනි මිනිසෙකුට ඥාණනය කරගත නොහැකි තරම් වූද, අඛණ්ඩව වර්ධනය වන්නාවූද දැනුම් ප්‍රවාහයක් ලෙස ගත හැකිය. ඉතින් එවන් සාමූහික හැදෑරීමකට පුද්ගලයෙකු ලක් වීමේදී, පුරාවෘතය බිහිවීමේදී පුරාවෘතය තුළින් ලෝකය කියැවීමට දරන උත්සාහයේදී, සිහිනය, පරිකල්පනය, මිත්‍යාව තුළ යථාර්තය හා ජීවිතය පැටලීයාම නොවැලැක්විය හැකිය. එහෙත් එම සිහිනය, පරිකල්පනය, මිත්‍යාවම ජීවිතය සොයාගැනීමේ මාධ්‍යයක් කරගත නොහැකිද? අප කතා කිරීමට සැරසෙනුයේ එබදු පුරාවෘතයක් වූ පුද්ගලයෙකු පිළිබදවය. ඔහු චන්ද්‍රකුමාර වික්‍රමරත්න නම් විය. ඔහු දන්නා හදුනන ‘අසූව දශකයේ හෘද සාක්ෂියක්’ සහිත මිනිසුන්ට ඔහු ‘චන්දරේ’ නම් විය. දොරකඩ ගහේ මල් පොකුරේ රොනට එන සමනළයිනේ නොදනිද මග කොළඹ යන අද ? කියන අම්මාගේ මතක බණ කොළඹට ගිහින් අප්පච්චිට කියනවද? ලංකාවේ නිල ලේඛකයන් කවදාවත් පුරුදු පුහුණු නොකළ ‘තමාගේ ජීවිතයේ කෑල්ල’ නොසගවා එළියට දමා ලේඛණයේ යෙදුනු චන්ද්‍රකුමාර, ඒ වේදනාකාරී තුවාලයම යළි යළිත් පාරමින් ලෝකයාට ‘මාර්ගයද, සත්‍යයද’ පෙන්වීම උදෙසාම ලේඛනය තුළින් කුරුස ගත විය. ‘‘මම මේ සටහන් කරනුයේ වෙන කිසිවක් නිසා නොවේ. මිනිසුන් වෙනුවෙන් සියල්ල පරිත්‍යාග කිරීමට සිතා සිටින මා, ජීවිතය දන් දීමට පෙර ආත්මය දන් දීම සදහාය.’’ (අදුරේ සිට ලියමි. චන්ද්‍රකුමාර වික්‍රමරත්න. 1988 ජනවාරි 16 දිවයින* ඔහු මෙසේ පවසනුයේ අපි හෙලි කරනවා තබා, මතක් කිරීමට තරම්වත් ධෛර්යයමත් නොවන ස්වකීය ජීවිතයේ අතිශය පෞද්ගලික අදුරු අහු මුළු වල ‘දේශපාලන ආර්ථිකය’ ගවේශනය කිරීමටත්, එමගින් අප සියල්ලන්ගේම ජීවිත ස්ථානගත වී ඇත්තේ කෙතරම් ඉහද ගහන පරිසරයකද යන වගක් පාඨකයාට හෙලි කිරීමටය. 80 දශකයේ ‘පරණ දිවයින පත්‍ර’ පෙරලන විට හමුවන චන්ද්‍රකුමාරගේ මේ විදවීම විලාසිතාවක් නොව ‘සන්තෘප්තදායක විදවීමක්’ බව පැහැදිලි වේ. අත්තකිලමතානුවේ යෙදෙන යෝගී වරයෙකු, දුෂ්කර ක්රියාවේ යෙදෙන මුනිවරයෙකු තුළ තිබෙන මෙම විදවීම මතින් විමුක්ති මාර්ගය සෙවීම, ලංකාවේ අපි තවම පුහුණු කර නොමැති, එහෙත් බොහෝ යුරෝපා ලේඛකයන් ඉදිරිපත් කළ අදහසකට සමපාත වේ. කුඩා කළ සිටම තමාට පරිපාලනය කිරීමට තබා අත පෙවීමටවත් නොහැකි සමාජ කොන්දේසි විසින් ජීවිතය කුණු කාණුවට තල්ලූ කර දැමූ විට ‘කාණු පතුලෙන් මුතු ඇටය’ සොයා, ගෙන ආ චන්ද්‍රකුමාර මවගේ ලෝකයෙන් කැඞී වෙන් වී මේ හා සංසාර පෙම්වතිය නොපැමිනීමේ වේදනාවේ, පෞද්ගලික නොවන දේශපාලන ආර්ථික මූලයන් සොයමින් සාහිත්‍ය භාවිතාවේ යෙදෙන්නට විය. ‘‘දයාබර ශිෂ්‍යයිනි, අපට අකුරු කිරීමට නොහැකි වූයේද, අකුරු කරන නුඹලාට වද විදින්නට සිදුවී ඇත්තේද ආර්ථික විද්‍යාවේම උගන්වන පරිදි අසමානතාව නිසාය.’’ ‘ලේඛකයාට ජීවත් වීමට මුදලක් අවශ්‍ය වුවද, ඔහු මුදල් සදහා ලේඛනයේ නොයෙදිය යුතුය’ යන මාක්ස්වාදී ආදර්ශය සිය ජීවන භාවිතාව කොට ගනිමින් ලංකාවේ බොහෝ දුරස් වූ ‘වෘත්තිය විප්ලවවාදී ලේඛන කලාව’ ලාංකේය පොළොව මත සාක්ෂාත් කොට පෙන්වීය. ජාතියේ මහා ලේඛකයින් හා කවීන් ‘උඩින් උඩින් දෙපා, තබා මඩින් මිදී’ ම`ග හැර ගිය, ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ සිද්ධීන් වූ, 71’ අරගලය හා 87-89’ සිවිල් යුද්ධය කාව්‍යයේ රුව ගුණ නොමරමින් සිය ලේඛණ භාවිතාවට හසු කර ගැනීමට තරම් කලාත්මක පරිණත බවක් ඔහු තුළ විය. කැඩුණු කුරුමිණි අඩු අත් අකුරින් වුවත් ‘ලාංකීය විප්ලවයට ජයවේවා’ කියල ලියන්න ධෛර්යය තිබුණු එකම කවියා ඔහුය. ‘‘නොවැළලූණු අතීතෙක සංකේතය වෙලා මහපොළොව තලාගෙන අමාවක ඇවිල්ලා ඒත් මේ රැය මට අමාවක රැය නොවෙයි හදවතේ අපේ‍්‍රල් රන් තැටිය පායලා’’ ජාතියේ මහා කවියා මහගමසේකරයන් පවා ‘සලන සුසුම සැඩ සුළ`ගයි’ වැනි ගීතයකදී ඉදහිට ඉතාමත් ඈත සිට ‘දුටු’ 71’ අරගලය නොබියව ළංවී නිරීක්ෂණය කිරීමට තරම් චන්ද්‍රකුමාර ධෛර්යයක් ඇත්තෙක් විය. මව් බිම අනතුරේ හෙළමින් ජේ. ආර්., පේ‍්‍රමදාස පාලනය ඉන්දීය හා ඇමෙරිකානු රූකඩ ආණුවක තත්වයට පිරි හෙලෙද්දී ‘සිය සමාජ වගකීම’ කවියට පමණක් සීමා නොකළ චන්ද්‍රකුමාර මේ පාවාදීමට එරෙහි වූ ‘සමාජ ව්‍යාපාරය තුළ’ සක්‍රිය ලෙස ක්‍රියාත්මක විය. ‘ලෙයින් සහ යකඩින්’ ඉතිහාසය ලියැවුණු එවැනි අතිශය දුෂ්කර මොහොතක පවා සිය විමසුම් ඇසටත්, කාව්‍යමය චින්තනයටත් විරාම නොදුන් චන්ද්‍රකුමාර ‘ගැටෙත අවි - සරසවිය වෙයි නිහ`ඩ’ යන්න බොරුවක් කරමින් සිය කවිය තුළ ඉතාමත් කාව්‍ය රූපක ඔස්සේ ඉතිහාසය සටහන් කොට තැබීමට සමත් විය. ‘‘දැන් ඉතින් සටන මිස මේ අදුරු වහල් ලොව බිදින්නට අන් මගක් නැත අපට මම මේ පණිවුඩය ගෙනෙන්නේ ඇවිළෙන සටන් බිම තුළ සිටය’’ ‘පෑන් තුඩු වලින් පමණක්’ ලෝකය වෙනස් කළ හැකි යැයි සිතන ලංකාවේ ‘කුල්ටූර්’ ලේඛකයින්ට චන්ද්‍රකුමාරගේ ජීවන භාවිතාවෙන් ගත හැකි ආදර්ශ බොහොමයැයි අපි සිතමු. අරගලයේ පරාජයෙන් අනතුරුව නොමැති වුව ඇතැමුන් ‘කන් කඩාගෙන වැටී’ දනිස්සත් තුවාල කරගෙන සිටියදී චන්ද්‍රකුමාර පරාජය ඉදිරියේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටියේය. ‘‘කුණාටුව තුළ හැපී නොම නැසුණු තම බොහෝ මල් තිබේ ? පිපුණු රැය විසින් දෙපා බිද දැමූ අරුණළු රැගෙන තිබේ මල් පිපෙන පෙර මග ලකුණ’’ 89’ ජනතා ව්‍යාපාරය කෲර ලෙස තලා දැමීමෙන් අනතුරුව, ‘ඉතිරි වූ ප්රගතිශීලී වාම කණ්ඩායම්’ සමග කටයුතු කරමින් අඛණ්ඩව ලේඛනයේ යෙදුණු චන්ද්‍රකුමාර ‘කාටවත් කා ගැනවත් සොයා බලන්න තරම් තවමත් හරි හමන් ඉස්පාසුවක් නොලද යුගයක’ හිට හැටියේම අතුරුදහන් විය. එවකට ඔහුගේ දේශපාලන සගයෙකු ලියූ සටහනක ඔහුගේ අතුරුදහන් වීම පිළිබදව ලියා ඇත්තේ මෙසේය. ‘‘1991 මැයි මාසයේ අවසාන රාත්‍රියක චන්ද්‍රකුමාර මා සොයා ආවේය. ඒ මහනුවරට ය. ‘මං ආයෙ කාළෙකට හම්බ වෙන එකක් නැහැ.’ ඔහුගේ සිත පෑරී තිබිණ. අවසාන මුහුණුවර මට හොදින් මතකය. ඒ ශෝකාකූලය. ඔහු රාත්‍රියේ නවතිනු ඇතැයි මම සිතීමි. ඔහු පිටව ගියේය. ඒ අවසාන වතාවටය. 95 ජූලි 16 වැනිදා හිරු පුවත් පතේ තීරු ලිපියක, ඊටත් වසර හතරකට පමණ පෙර සිදුවූ සිදුවීම වාර්තා කර තිබුණේ එළෙසය. පැරැණි හිරු පුවත් පතකින් උපුටාගත් මේ සටහනේ කියැවෙන සිත පෑරීම කුමක්ද? එය ඔහු ‘ඉතාමත් භක්තිවන්ත’වූ දේශපාලන ව්‍යාපාරයේ තාවකාලික වූ පරාජය විය හැක. ඔහු ඉතා ‘අති සංවේදී අයෙකු’ බව ඔහු ඇසුරු කළ වුන්ගේ මතයයි. පුරාවෘතයකටම ඔබින ‘අවසානයක් නොවූ අවසානයක්’ ඉතිරි කරමින් ඔහු නික්ම ගියේය. ‘‘දෙනෝදාහක් රැස් කන කොළඹදී මම බොහෝ විට ඔහු හා සමාන රුව ඇත්තන්ට රැවටෙමි. බොහෝ දෙනා එපරිද්දෙන් රැුවටෙති.... සිව් අවුරුද්දක් ගතව ගොස්ය. ඔහු අහම්බෙන්වත් මහ මග හමුවන්නැයි මම බොහෝ විට යටි සිතින් පතමි. ඒ ඔහුගේ මුරණ්ඩු සටන්කාමීත්වයේ උණුසුම විදිනු පිණිසය.’’ (1995 ජූලි 16 හිරු) ඔහු අතුරුදන්වී සිව් වසරකට පසු ඔහු ගැන ලියූ සගයා කියා තිබුණේ එපරිද්දෙනි. දැන් 18 වසරක් ගෙවී ගොස්ය. ඉදින් 18 වසරකට පසුව අපට කීමට ඇත්තේද එයමය. ‘‘නිසැකවම, කොයි තරම් පුංචියට වුව ඔහු අපේ විප්ලවයේ කවියාය.’’ [B]- ඩබ්ලිව්. එස්. විජේසිංහ - [URL="http://www.facebook.com/photo.php?fbid=125959914236235&set=at.105278519637708.13674.100004666801479.1059123953&type=1&relevant_count=1&ref=nf"]...........................[/URL] [SIZE=1]All credit goes to the author[/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom