Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චම්පිකගෙන් අනුරට විවාදයකට එන්නැයි අභියෝගයක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් සමග විවාදයකට එන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ආරාධනා කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

එසේ ආරාධනා කරමින් ජවිපෙ නායකයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

හිතවත් අනුර කුමාර දිසානායක මහතාණෙනි,

මිත්‍රශීලී සහ විවෘත සංවාදයක් සඳහා ආරාධනයයි

විවෘත, හෘදයාංගම හා සුහද සංවාදයක් සඳහා මෙසේ ඔබ වෙත ආරාධනා කිරීමට අප තීරණය කළේ මෑතක සිට මා ඉලක්ක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ පහල මට්ටමේ සාමාජිකයන් සහ ආධාරකරුවන් සමහරෙකු විසින් සාවද්‍ය චෝදනා එල්ල කිරීමේ ප්රවනතාවක් දක්නට ලැබෙන නිසාය. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායක මට්ටමේ කිහිප දෙනෙකු විසිනුත් එම චෝදනා වක්‍රාකාරයෙන් ස්ථිර කරන නැතිනම් ඒවාට අනුබල දෙන අන්දමේ ප්‍රකාශ කිහිපයක් කරනුද නිරීක්ෂණය කළෙමි. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයකි.

පවත්නා රාජපක්ෂ ආණ්ඩුව විසින් අපේ රට එහි ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට ඇද දමා අවසන්ය. තමන්ගේ ඒ නොහැකියාව සහ එහි නායකයන්ගේ නිමක් නැති වංචා, දූෂණ වසා ගැනීමේ විශ්වාසනීයම ක්‍රමය ලෙස දැන් ආණ්ඩුව විසින් පාවිච්චි කරමින් සිටින්නේ, තම දුර්දාන්ත ක්‍රියා හෙළි කරන පුද්ගලයන්ට එරෙහිව හැකි උපරිමයෙන් අභූත චෝදනා එල්ල කිරීමත් අශික්ෂිත මඩ ප්‍රහාර එල්ල කිරීමත්ය. මේ පිළිබඳව ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවන්නේ, කුප්‍රකට ඇවන්ගාඩ් වංචාව සිදුකළ නිශ්ශංක “සේනාධිපති” නමැත්තාගේ සංවිධානාත්මක මඩ ව්‍යාපාරයට මා මෙන්ම ඔබද එකසේ ගොදුරු වී සිටින නිසාය. එබඳු දූෂිතයන්ට කිසිදු සදාචාරයක් නොමැති නිසාත්, එසේම වංචනිකව කොල්ලකාගත් මහජන ධනය අසීමිත ප්‍රමාණයක් ඇති නිසාත්, ඕනෑම බොරුවක් කිසිදු හිරිකිතයකින් තොරව මහා පරිමාණයෙන් සමාජගත කිරීමට ඔවුනට හැකියාව ලැබී ඇත. ඒ නිසා මේ ආණ්ඩුව පෙරලා දැමීම පිණිස පමණක් නොව, අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කිරීම සඳහාද සියලු යුක්තිසහගත සමාජ බලවේග විසින් කළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වන්නේ, මේ පාදඩ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හැසිරීමට එරෙහිව එක්සත්ව සහ ශක්තිමත්ව පෙනී සිටිමින් ඒවා සාමාජයීය වශයෙන් පරාජය කර දැමීමයි.

නමුත් අවාසනාවට සිදු වෙමින් පවතින්නේ කුමක්ද? අප නිරීක්ෂණය කළ පරිදි නිශ්ශංක සේනාධිපතිගේ කණ්ඩායම විසින් අපට එරෙහිව නිර්මාණය කරන මඩ වීඩියෝ සහ ප්රවෘත්ති අභිරුචියෙන් යුතුව සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කරමින් සිටින්නේ ඔහුගේ ප්‍රහාරයට අප හා සමානවම ලක්වෙමින් සිටින ඔබ විසින් නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් බවයි. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. නිදසුනක් ලෙසට පසුගිය දා ඔවුන් විසින් නිර්මාණය කරන ලද වෝටර්ස් එජ් ආයතනයේ ඕකිඩ් උද්‍යානය පිළිබඳ වීඩියෝව දැක්විය හැකිය. එය සියයට සියයක්ම අසත්‍ය කරුණුවලින් යුක්තව සකසා තිබූවකි. නමුත් ඔබ පක්ෂයේ සාමාජිකයෝ එහිදී සේනාධිපතිගේ උද්යෝගීමත් ප්‍රචාරකයන් බවට පත්ව සිටියහ. මෙයාකාරයෙන්ම සිදු වූ දිනයක් හෝ නිශ්චිතව සඳහන් නොකරන කුමක්දෝ ගල් අඟුරු වංචාවකට මා සම්බන්ධ යැයි ප්‍රචාරය කරති. යහපාලන කාලයේ සිදු වූ ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් මා මැදිහත් වූයේ මුලින්ම ඒ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කළ පුද්ගලයා වශයෙන් විනා චූදිතයා වශයෙන් නොවන බව ඔබ හොඳින්ම දනියි. පසුකලෙක එම සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණයට මා කැඳවූයේද පැමිණිල්ලේ සාක්ෂිකාරයෙකු වශයෙන්ය.

එපමණක් නොවේ. මා පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේදී හඳුන්වා දුන් දුම් පරීක්ෂණය පවා බොරුවක් පමණක් නොව එයින් මට කොමිස් මුදලක් ලැබුණු බවට ද චෝදනා කරනු දුටුවෙමි. එය පුදුම සහගතය. දුම් පරීක්ෂණය හඳුන්වා දීමෙන් පසුව වායු තත්ත්වය ගුණාත්මක වශයෙන් ඉහල ගියේය යන්නත් එම නිසා ශ්වසන රෝග අඩු වූයේය යන්නත් පර්යේෂණ මගින්ම ඔප්පු වී ඇති දෙයකි. එසේම එය සිදු කළේ කොමිස් මුදලක් බලාගෙනය නැතිනම් එයින් මට අයුතු මූල්‍ය වාසියක් ලැබුනේය යන චෝදනාව ඇත්තෙන්ම විහිළු සහගතය. ඔබ හොඳින්ම දන්නා පරිදි පෙර කී සංකල්පය අපේ අමාත්‍යංශය මගින් හඳුන්වා දුන්නත් එය ක්‍රියාත්මක කරන ලද්දේ අප නොව ප්‍රවාහන අමාත්‍යංශය විසිනි. එම චෝදනාව කෙතරම් පදනම් විරහිතද යන්නට ඊටත් වඩා සාක්ෂි කුමටද?

අපට එරෙහිව දූෂිතයන් විසින් නිර්මාණය කරන සහ ජවිපෙ සාමාජිකයන් විසින් ප්‍රචාරණය කරන සියලුම චෝදනාවන්ගේ සැබෑ තත්ත්වය එයය. තම දේශපාලන ප්‍රතිවාදීන්ව හා තරඟකරුවන්ව විවේචනය කිරීම ප්රජාතන්ත්රවාදී දේශපාලනය තුළ වරදක් නොවේ. නමුත් එම විවේචනයන් සාධාරණ විය යුතුය. පදනමක් සහිත විය යුතුය. විශේෂයෙන්ම ධනාත්මක සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන බලවේග සිය ප්‍රතිවාදීන් සම්බන්ධයෙන් පවා යුක්තිසහගත විය යුතුය. නමුත් ඒ වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ අපට එරෙහිව අන්ත දූෂිත වංචනිකයන් විසින් නිර්මාණය කරන ලද අමූලික අසත්‍යයන් ඔබගේ පක්ෂයේ පහල සාමාජිකයන් විසින් සංවිධානාත්මක ලෙස ප්‍රචාරණය කිරීමය. වඩාත්ම කණගාටුදායක තත්ත්වය නම් සුලබව නොවූවත් ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකයන් කිහිප දෙනෙකු විසිනුත් මේවාට අනුබල දෙන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් නමුත් කරනු දක්නට ලබීමය.

මෙම තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. මෙයින් සිදුවන්නේ එක අතකින් මේ දූෂිත, අඥාන සහ අත්තනෝමතික පාලනයට එරෙහිව හරිනම් එක්සත්ව කටයුතු කළ යුතු බලවේග භේදභින්න වී අනවශ්‍ය කරුණු මත එකිනෙකා කුලල් කා ගන්නා තැනකට පත්වීමය. දැනටමත් ඔබ පක්ෂයේ සාමාජිකයන්ගේ ඒ අසාධාරණ චෝදනා ඉදිරියේ වේදනාවට හා කෝපයට පත්ව සිටින අපේ ආධාරකරුවන් අනවශ්‍ය හා නිශේධනාත්මක ආකාරයෙන් පෙරලා ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන ඇති බවක් අපි දකිමු. එය කිසිසේත්ම විය යුතු දෙයක් නොවේ. අනෙක් අතට ඊ ළඟ මැතිවරණය හුදෙක් ආණ්ඩු මාරුවන අවස්ථාවක් නොව ශ්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සාමාජයීය වශයෙන් විප්ලවීය පරිවර්තනයකට භාජනය වන ඓතිහාසික සන්ධිස්ථානයක් බවට පත් කර ගැනීමේ වගකීමක් අප සියලු දෙනා සතුය. එවැන්නක් සඳහා ශිෂ්ටසම්පන්න ප්‍රතිපත්තිමය සංවාදයක් අවශ්‍යය. මේ වත්මන් ප්රවනතාව නිසා එබන්දකට ඇති ඉඩ අහෝසි වීමේ විශාල අවදානමක් පවතී.

මේ ලිපිය ඔබතුමාට යොමු කිරීම මගින් අප අපේක්ෂා කරන්නේ මේ පිළිබඳව වෙනත් ප්‍රවේශයක් සඳහා වූ යෝජනාවක් කිරීමටය. පරිසර, විදුලිබල, විද්‍යා හා තාක්ෂණ, බලශක්ති සහ මහනගර සංවර්ධන ලෙස පසුගිය කාලය පුරා මා වගකීම දැරූ අමාත්‍යංශවල කුමන හෝ වංචාවක් හෝ දූෂණයක් සිදු වී ඇතැයි ඔබ අවංකව විශ්වාස කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔබගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙන විවෘත වූත්, මිත්‍රශීලී වූත් සංවාදයක් ඔබ හෝ ඔබ හා සමාන මට්ටමේ දැනුමක් හා සංයමයක් තිබෙන වෙනත් සුදුසු නායකයෙකු සමග කරන්නට මම කැමැත්තෙන් සිටිමි. මා යෝජනා කරන්නේ අප බොහෝ විට දැක පුරුදු, අනෙකාව සමතලා කිරීමේ හෝ අපහාසයට හා උපහාසයට භාජනය කිරීමේ වාචික පොරයකට නොව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවෘත වූත්, මිත්‍රශීලී වූත් සංවාදයකටය. මෙය සාර්ථක වුවහොත් අපට මෙයින් ඔබ්බටද ගොස් මේ රටේ අනාගතය සම්බන්ධයෙන් වන පුළුල් ප්‍රතිපත්තිමය සංවාදයක් ආරම්භ කළ හැකිවනු ඇත. අපේ සුපුරුදු පාඨයකින් කිවහොත් මේ රට ඉන්නේ හිතෙන රටක් බවට පත් කර ගැනීම සඳහා, විපක්ෂයේ විවිධ දේශපාලන බලවේගයන් අතර ඇති සමානතා හඳුනා ගැනීමටත්, එසේම වෙනස්කම්වල පරතරය අඩු කර ගැනීමටත් මග පාදන එබඳු සංවාදයක් මේ මොහොතේ රටට අත්‍යවශ්‍යය.

මෙයට,

පාඨලී චම්පික රණවක.

https://lankacnews.com/ජවිපෙ-අද-සේනාධිපතිගේ-ප්/

[QUOTE="hirugalbandara, post: 27105036, member: 514690"] තමන් සමග විවාදයකට එන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ආරාධනා කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි. එසේ ආරාධනා කරමින් ජවිපෙ නායකයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය. හිතවත් අනුර කුමාර දිසානායක මහතාණෙනි, මිත්‍රශීලී සහ විවෘත සංවාදයක් සඳහා ආරාධනයයි විවෘත, හෘදයාංගම හා සුහද සංවාදයක් සඳහා මෙසේ ඔබ වෙත ආරාධනා කිරීමට අප තීරණය කළේ මෑතක සිට මා ඉලක්ක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ පහල මට්ටමේ සාමාජිකයන් සහ ආධාරකරුවන් සමහරෙකු විසින් සාවද්‍ය චෝදනා එල්ල කිරීමේ ප්රවනතාවක් දක්නට ලැබෙන නිසාය. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායක මට්ටමේ කිහිප දෙනෙකු විසිනුත් එම චෝදනා වක්‍රාකාරයෙන් ස්ථිර කරන නැතිනම් ඒවාට අනුබල දෙන අන්දමේ ප්‍රකාශ කිහිපයක් කරනුද නිරීක්ෂණය කළෙමි. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයකි. පවත්නා රාජපක්ෂ ආණ්ඩුව විසින් අපේ රට එහි ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට ඇද දමා අවසන්ය. තමන්ගේ ඒ නොහැකියාව සහ එහි නායකයන්ගේ නිමක් නැති වංචා, දූෂණ වසා ගැනීමේ විශ්වාසනීයම ක්‍රමය ලෙස දැන් ආණ්ඩුව විසින් පාවිච්චි කරමින් සිටින්නේ, තම දුර්දාන්ත ක්‍රියා හෙළි කරන පුද්ගලයන්ට එරෙහිව හැකි උපරිමයෙන් අභූත චෝදනා එල්ල කිරීමත් අශික්ෂිත මඩ ප්‍රහාර එල්ල කිරීමත්ය. මේ පිළිබඳව ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවන්නේ, කුප්‍රකට ඇවන්ගාඩ් වංචාව සිදුකළ නිශ්ශංක “සේනාධිපති” නමැත්තාගේ සංවිධානාත්මක මඩ ව්‍යාපාරයට මා මෙන්ම ඔබද එකසේ ගොදුරු වී සිටින නිසාය. එබඳු දූෂිතයන්ට කිසිදු සදාචාරයක් නොමැති නිසාත්, එසේම වංචනිකව කොල්ලකාගත් මහජන ධනය අසීමිත ප්‍රමාණයක් ඇති නිසාත්, ඕනෑම බොරුවක් කිසිදු හිරිකිතයකින් තොරව මහා පරිමාණයෙන් සමාජගත කිරීමට ඔවුනට හැකියාව ලැබී ඇත. ඒ නිසා මේ ආණ්ඩුව පෙරලා දැමීම පිණිස පමණක් නොව, අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කිරීම සඳහාද සියලු යුක්තිසහගත සමාජ බලවේග විසින් කළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වන්නේ, මේ පාදඩ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හැසිරීමට එරෙහිව එක්සත්ව සහ ශක්තිමත්ව පෙනී සිටිමින් ඒවා සාමාජයීය වශයෙන් පරාජය කර දැමීමයි. නමුත් අවාසනාවට සිදු වෙමින් පවතින්නේ කුමක්ද? අප නිරීක්ෂණය කළ පරිදි නිශ්ශංක සේනාධිපතිගේ කණ්ඩායම විසින් අපට එරෙහිව නිර්මාණය කරන මඩ වීඩියෝ සහ ප්රවෘත්ති අභිරුචියෙන් යුතුව සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කරමින් සිටින්නේ ඔහුගේ ප්‍රහාරයට අප හා සමානවම ලක්වෙමින් සිටින ඔබ විසින් නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් බවයි. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. නිදසුනක් ලෙසට පසුගිය දා ඔවුන් විසින් නිර්මාණය කරන ලද වෝටර්ස් එජ් ආයතනයේ ඕකිඩ් උද්‍යානය පිළිබඳ වීඩියෝව දැක්විය හැකිය. එය සියයට සියයක්ම අසත්‍ය කරුණුවලින් යුක්තව සකසා තිබූවකි. නමුත් ඔබ පක්ෂයේ සාමාජිකයෝ එහිදී සේනාධිපතිගේ උද්යෝගීමත් ප්‍රචාරකයන් බවට පත්ව සිටියහ. මෙයාකාරයෙන්ම සිදු වූ දිනයක් හෝ නිශ්චිතව සඳහන් නොකරන කුමක්දෝ ගල් අඟුරු වංචාවකට මා සම්බන්ධ යැයි ප්‍රචාරය කරති. යහපාලන කාලයේ සිදු වූ ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් මා මැදිහත් වූයේ මුලින්ම ඒ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කළ පුද්ගලයා වශයෙන් විනා චූදිතයා වශයෙන් නොවන බව ඔබ හොඳින්ම දනියි. පසුකලෙක එම සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණයට මා කැඳවූයේද පැමිණිල්ලේ සාක්ෂිකාරයෙකු වශයෙන්ය. එපමණක් නොවේ. මා පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේදී හඳුන්වා දුන් දුම් පරීක්ෂණය පවා බොරුවක් පමණක් නොව එයින් මට කොමිස් මුදලක් ලැබුණු බවට ද චෝදනා කරනු දුටුවෙමි. එය පුදුම සහගතය. දුම් පරීක්ෂණය හඳුන්වා දීමෙන් පසුව වායු තත්ත්වය ගුණාත්මක වශයෙන් ඉහල ගියේය යන්නත් එම නිසා ශ්වසන රෝග අඩු වූයේය යන්නත් පර්යේෂණ මගින්ම ඔප්පු වී ඇති දෙයකි. එසේම එය සිදු කළේ කොමිස් මුදලක් බලාගෙනය නැතිනම් එයින් මට අයුතු මූල්‍ය වාසියක් ලැබුනේය යන චෝදනාව ඇත්තෙන්ම විහිළු සහගතය. ඔබ හොඳින්ම දන්නා පරිදි පෙර කී සංකල්පය අපේ අමාත්‍යංශය මගින් හඳුන්වා දුන්නත් එය ක්‍රියාත්මක කරන ලද්දේ අප නොව ප්‍රවාහන අමාත්‍යංශය විසිනි. එම චෝදනාව කෙතරම් පදනම් විරහිතද යන්නට ඊටත් වඩා සාක්ෂි කුමටද? අපට එරෙහිව දූෂිතයන් විසින් නිර්මාණය කරන සහ ජවිපෙ සාමාජිකයන් විසින් ප්‍රචාරණය කරන සියලුම චෝදනාවන්ගේ සැබෑ තත්ත්වය එයය. තම දේශපාලන ප්‍රතිවාදීන්ව හා තරඟකරුවන්ව විවේචනය කිරීම ප්රජාතන්ත්රවාදී දේශපාලනය තුළ වරදක් නොවේ. නමුත් එම විවේචනයන් සාධාරණ විය යුතුය. පදනමක් සහිත විය යුතුය. විශේෂයෙන්ම ධනාත්මක සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන බලවේග සිය ප්‍රතිවාදීන් සම්බන්ධයෙන් පවා යුක්තිසහගත විය යුතුය. නමුත් ඒ වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ අපට එරෙහිව අන්ත දූෂිත වංචනිකයන් විසින් නිර්මාණය කරන ලද අමූලික අසත්‍යයන් ඔබගේ පක්ෂයේ පහල සාමාජිකයන් විසින් සංවිධානාත්මක ලෙස ප්‍රචාරණය කිරීමය. වඩාත්ම කණගාටුදායක තත්ත්වය නම් සුලබව නොවූවත් ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකයන් කිහිප දෙනෙකු විසිනුත් මේවාට අනුබල දෙන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් නමුත් කරනු දක්නට ලබීමය. මෙම තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. මෙයින් සිදුවන්නේ එක අතකින් මේ දූෂිත, අඥාන සහ අත්තනෝමතික පාලනයට එරෙහිව හරිනම් එක්සත්ව කටයුතු කළ යුතු බලවේග භේදභින්න වී අනවශ්‍ය කරුණු මත එකිනෙකා කුලල් කා ගන්නා තැනකට පත්වීමය. දැනටමත් ඔබ පක්ෂයේ සාමාජිකයන්ගේ ඒ අසාධාරණ චෝදනා ඉදිරියේ වේදනාවට හා කෝපයට පත්ව සිටින අපේ ආධාරකරුවන් අනවශ්‍ය හා නිශේධනාත්මක ආකාරයෙන් පෙරලා ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන ඇති බවක් අපි දකිමු. එය කිසිසේත්ම විය යුතු දෙයක් නොවේ. අනෙක් අතට ඊ ළඟ මැතිවරණය හුදෙක් ආණ්ඩු මාරුවන අවස්ථාවක් නොව ශ්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සාමාජයීය වශයෙන් විප්ලවීය පරිවර්තනයකට භාජනය වන ඓතිහාසික සන්ධිස්ථානයක් බවට පත් කර ගැනීමේ වගකීමක් අප සියලු දෙනා සතුය. එවැන්නක් සඳහා ශිෂ්ටසම්පන්න ප්‍රතිපත්තිමය සංවාදයක් අවශ්‍යය. මේ වත්මන් ප්රවනතාව නිසා එබන්දකට ඇති ඉඩ අහෝසි වීමේ විශාල අවදානමක් පවතී. මේ ලිපිය ඔබතුමාට යොමු කිරීම මගින් අප අපේක්ෂා කරන්නේ මේ පිළිබඳව වෙනත් ප්‍රවේශයක් සඳහා වූ යෝජනාවක් කිරීමටය. පරිසර, විදුලිබල, විද්‍යා හා තාක්ෂණ, බලශක්ති සහ මහනගර සංවර්ධන ලෙස පසුගිය කාලය පුරා මා වගකීම දැරූ අමාත්‍යංශවල කුමන හෝ වංචාවක් හෝ දූෂණයක් සිදු වී ඇතැයි ඔබ අවංකව විශ්වාස කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔබගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙන විවෘත වූත්, මිත්‍රශීලී වූත් සංවාදයක් ඔබ හෝ ඔබ හා සමාන මට්ටමේ දැනුමක් හා සංයමයක් තිබෙන වෙනත් සුදුසු නායකයෙකු සමග කරන්නට මම කැමැත්තෙන් සිටිමි. මා යෝජනා කරන්නේ අප බොහෝ විට දැක පුරුදු, අනෙකාව සමතලා කිරීමේ හෝ අපහාසයට හා උපහාසයට භාජනය කිරීමේ වාචික පොරයකට නොව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවෘත වූත්, මිත්‍රශීලී වූත් සංවාදයකටය. මෙය සාර්ථක වුවහොත් අපට මෙයින් ඔබ්බටද ගොස් මේ රටේ අනාගතය සම්බන්ධයෙන් වන පුළුල් ප්‍රතිපත්තිමය සංවාදයක් ආරම්භ කළ හැකිවනු ඇත. අපේ සුපුරුදු පාඨයකින් කිවහොත් මේ රට ඉන්නේ හිතෙන රටක් බවට පත් කර ගැනීම සඳහා, විපක්ෂයේ විවිධ දේශපාලන බලවේගයන් අතර ඇති සමානතා හඳුනා ගැනීමටත්, එසේම වෙනස්කම්වල පරතරය අඩු කර ගැනීමටත් මග පාදන එබඳු සංවාදයක් මේ මොහොතේ රටට අත්‍යවශ්‍යය. මෙයට, පාඨලී චම්පික රණවක. [URL]https://lankacnews.com/%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%99-%e0%b6%85%e0%b6%af-%e0%b7%83%e0%b7%9a%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e2%80%8d%e0%b7%8a/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom