Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චාටර් කන SEX ලෙඩ්ඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාටර් කන SEX ලෙඩ්ඩු

කාමෝද්දීපන දසුන් ලිංගික චර්යාවන්ට වඩා පෙලඹවීම් ඇති කිරීමට හෝ ලිංගික අපරාධ සඳහා හේතුවිය හැකි බවත් බොහෝ දෙනකුගේ සාමාන්‍ය හැඟීමයි. එහෙත් එය එසේ නොවන වග ඇතැම් විද්‍යාත්මක පර්යයේෂණ මගින් තහවුරු කර තිබේ.

විශේෂයෙන්ම කාමෝද්දීපන හා ලිංගික වෙබ් අඩවිවලට එරෙහි විය යුත්තේ එමගින් ලිංගික හැඟීම් උද්දීපනය කරන නිසා නොව නූතන ලිංගික ජීවිතය විනාශ කරන බැවින් බව නයෝමි වුල්ෆ් පෙන්වාදෙයි. තෙවැනි රැල්ලේ ස්ත්‍රීවාදි ලේඛිකාවක හා සිවිල් සමාජ ක්‍රියාකාරිණියක වන ඇය ස්වකීය අත්දැකීම් ගෙනහැර පාමින් මෙසේ හඬ අවදි කරයි.

“මේ දවස්වල මං කලාතුරකින් පුදුමයට පත්කරවන විදිහේ සිදුවීම් වෙනවා. දේශනයකට හෝ පොතක අස්සන් තැබීමකට පස්සේ සමහර අය මාත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඒ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ කාමෝද්දීපන ලිංගික දසුන් කෙරෙහි වන ඇබ්බැහියෙන් මිදෙන්න මගෙන් උපදෙසක් හෝ උදව්වක් ගන්න.

සමාජයත් එක්ක වැඩකරද්දි මට නිතර පුළුල් පරාසයක විසිරුණු පැතිරුණු මිනිසුන් හම්බවෙනවා. ඔවුන් තමන්ගේ ලිංගික ජීවිතය ගැන මාත් එක්ක කතා කරනවා. එහිදී තමන්ගේ ලිංගික ජීවිතයට හා සම්බන්ධතා වලට කාමෝද්දීපන සාහිත්‍ය හා දසුන් බලපාන්නෙ කොහොමද කියන කාරණය කතා කරනවා.

පුද්ගලයින් පිළිබඳ පූර්වයෙන් ඇතිකරගන්නා ඒකාකාරී හැඟීම් ඒ අය සම්බන්ධයෙන් අදාළ වෙන්නේ නෑ. උදාහරණයක් හැටියට මට අවුරුදු 60ක පුද්ගලයෙක් හම්බවුණා. එයා කාමෝද්දීපන දසුන් වලට යොමුවීමේ හේතුව හැටියට දකින්නේ එයාගෙ ලිංගික බෙලහීනතාවයි. ඒ වගේම දරුවන් තිදෙනකුගේ ආදරණීය මවක් දුකෙන් ඇහුවේ එයාගෙ ස්වාමි පුරුෂයා ගැන.

කාමෝද්දීපන දසුන් නොතිබුණානම් තමන් තාමත් ඉතා සතුටින් ඔහු සමඟ ජීවත්වන බව ඇය කීවා. ඇය මේවන විට ස්වාමි පුරුෂයාගෙන් වෙන්වෙලා. එයා දැන් පුදුම වෙන්නේ කොහොමද එයාගෙ පුතුන් ආරක්ෂා කරගන්නේ කියලා. එක් පිරිමි විද්‍යාලයක දීප්තිමත් සිසුවෙක්,එයා තමන් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන කීවේ “වංකගිරියක අතරමංවූවෙක්” කියලයි.

ඔහු කෙතරම් අන්තවාදී විදිහට මේකට ඇබ්බැහිවෙලා තියෙනවද කියනවනම් තමන් පත්වෙලා සිටින තත්ත්වය විස්තර කිරීමට පවා නොහැකි තරමට එයා ඒකේම ගොදුරක් බවට පත්වෙලා”

“නව යොවුන් විය ඉක්මයන්නට ඔන්න මෙන්න තත්ත්වයේ සිටින ජෝඩු මට කතාකරමින් තිරයක කාමෝද්දීපන වීඩියෝවක් නොදැක ලිංගිකව එකතුවීමට හැකි කිසිවකුත් නැති බව කියා සිටිනවා. තමන්ගේ සිසුන්ට මඟපෙන්වීමට හැක්කේ කොහොමද කියලා පුද්ගලික පාසලක උපදේශකයෙක් මගෙන් අහනවා.

ඒ සිසුන්ගෙන් අති බහුතරය අන්තර්ජාලයේ කාමෝද්දීපන වීඩියෝවන්ට තදින් ඇබ්බැහි වී සිටින බවත්,පාසලේ දෛනික අධ්‍යයන කටයුතුවලට මෙන්ම පොදුවේ සමාජ සංවර්ධනයටද එය තදින් බලපාන බව හෙතෙම පෙන්වාදෙනවා.

මෑත කාලයේ බ්‍රිතාන්‍ය යේ සිදුකරන ලද මහා පරිමාණ සමීක්ෂණයකින් එරට ලිංගික ආකල්ප හා ජීවන චර්යාව පිළිබඳ හොඳ චිත්‍රයක් පෙන්වා දී තියෙනවා. වයස අවුරුදු 16-74 ත් අතර පුද්ගලයන් 15,000 ට යොමු කළ ප්‍රශ්නාවලියක් මගින් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ වයස අවුරුදු 10 ට පෙර තත්ත්වය හා සංසන්දනය කර බලද්දී මේ වන විට මසකට 20%ක පමණ ප්‍රතිශතයකින් ලිංගික සබඳතා පැවැත්වීම අඩුවී ඇති බවයි.

සමහරු වසර 20 ක පමණ කාලයක සිට මේ ගැන පර්යේෂණ කළා. කාමෝද්දීපන ප්රකාශනවල වර්ධනය බැරෑරුම් ප්‍රශ්නයක් ලෙස බාරගත යුතු බව මං යෝජනා කරනවා. ඒවායින් ලිංගික ප්‍රතිචාර වලට පමණක් නොව ස්ත්‍රී-පුරුෂ සමාජ සම්බන්ධතාවලටත් ඉතා අහිතකර ලෙස බලපානවා.

“මගේ අලුත්ම පොත “වජීනා“. ඒක ස්ත්‍රී ලිංගික ආශාව පිළිබඳ අලුත් චරිතාපදානයක්. කාමෝද්දීපන ප්‍රකාශන ලිංගික කාරණාවලට හා සම්බන්ධතාවලට අහිතකර ලෙස බලපාන්නේ කොහොමද කියන දේ පිළිබඳ සවිස්තරාත්මක අනාවරණය කිරීමක් එහි එක් පරිච්ඡේදයක් පුරා දකින්නට පුළුවන්.

ජනප්‍රිය සංස්කෘතිකාංගයක් ලෙස නිපදවෙන චිත්‍රපටවල පවා මේ ප්‍රවණතාව දැන් ඉස්මතුවෙන බවක් පේනවා. ස්ත්‍රීයගේ බෙල්ල මිරිකාගෙන සුරතාන්තයට පත්වීම, කෙස්වලින් ඇදීම, පරපීඩා හිංසාකාරිත්වය පවත්නා සුලු ලිංගික සබඳතාවල පවා සාමාන්‍යකරණය වෙලා.

තරුණ ස්ත්‍රීන් මගෙන් මේ ගැන අහනවා. “ඒක සාමාන්‍ය දේ නෙවෙයි. වීඩියෝ කෑලිවල සම්ප්රදායිකත්වය විතරයි” මං ඇයට කීවා. ඒත් මං ඒ ගැන පුදුම වෙන්නේ නෑ. පවතින්නේ අශ්ලීල සමාජයක් බව අපි හැමෝම දන්නවා.

මේ ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවල ප්රචණ්ඩත්වය, අර්චනකාමය, සිරුරුවල පච්ච කෙටීම වසර 10 ට පමණ ඉහතදී සමාජ ව්‍යුහයේ ඈතින් (පරිධියේ) තිබුණේ. අද වන විට එය ප්‍රධාන ධාරාව බවට පත්වී තියෙනවා.

“බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන එක, පර්යේෂණ කරන එක මේ තත්ත්වයේ බරපතළකම සමාජයට දැන්වීම සෑහෙන්න ප්‍රයෝජනවත්. මේක අපගේ පුද්ගලික ආකල්පයක් නෙවෙයි. බොහෝ විද්‍යාඥයන් විසින් තහවුරු කරපු ඇත්තක්. නමුත් අවාසනාවකට තමන්ගේ සෞඛ්‍යයට කාමෝද්දීපන ප්‍රකාශන අහිතකර ලෙස බලපාන බව පිළිගන්නේ ඉතාම සුළු පිරිසක් පමණයි.

මේක සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. වැඩිහිටියන්ට තමන්ගේ නිවෙස්වල තමන්ගේම පුද්ගලිකත්වය රැකෙන කාමර අවශ්‍ය වෙන්නේ කුමක් නිසාද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. මේ වෙබ් අඩවි හා වීඩියෝ දර්ශන කෙරෙහි පවත්නා නියුරෝසියානු ආශක්තවීම පැහැදිලියි.

එයින් මෙහොතකට උත්තේජනයක් ඇති වෙනවා. ඒත් අප විසින් අමතක නොකළ යුතු වෙන්නේ මේ උත්තේජනය කෙටිකාලීනයි. තාවකාලිකයි. ඒත් එයින් උද්ගත වන පුද්ගලික හා සමාජ විනාශය දීර්ඝ කාලීනයි. ඒවා පළමුව සමාන ශෘංගාරාත්මක දේ කෙරෙහි සංවේදනා දුරස්ථ කරනවා. දෙවනුව දීර්ඝ කාලීනව ලිංගික දෘශ්කෘත්යයක් සමාජයට එකතු කරනවා.

මමත් සෑහෙන සංඛ්‍යා දත්ත සමඟ මේ ක්ෂේත්රය පිළිබඳ බොහෝ පර්යයේෂණ කර තිබෙනවා. කාමෝද්දීපන දසුන් මිනිසුන්ට ලිංගිකත්වය ගැන කිසිවක් උගන්වන්නේ නෑ. විශේෂයෙන්ම තරුණ පිරිමින්ට. ඒත් ස්ත්රීන්ගේ හැඟීම් අවුස්සනවා.

ලිංගික චර්යා විද්‍යාව පිළිබඳ පුරෝගාමී විද්වතකු වන කැනඩාවේ කොන්කෝඩියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජිම් ෆාවුස් පවසන පරිදි “කාමොද්දීපන ප්‍රකාශන හැඟීම් දැනවීමට පාලමක් ලෙස ක්‍රියාකරනු විය හැකියි. ඒත් ඒ කාමෝද්දීපන දසුන් සමඟ විනා තමන්ගේ ලිංගික සහකරුවා හෝ සහකාරිය සමඟ නෙවෙයි”

මහාචාර්යවරුන් දෙදෙනකුගේද සහභාගිත්වයෙන් යුතුව සිඩ්නි විශ්වවිද්‍යාලය විසින් ද මෑතකදී මේ පිළිබඳ පර්යේෂණයක් සිදුකළා. විවාහ ජීවිත ගත කරන හෝ සහකරුවකු හෝ සහකාරියක ඇසුරු කරන පිරිමින් 800 ට වැඩි ප්‍රමාණයක් ඉලක්ක කරගෙන සිදුකරන ලද මෙම පර්යේෂණයෙන් තහවුරු වී ඇත්තේ 85% ක් දැඩි ලෙස කාමෝද්දීපන ප්‍රකාශන ඇසුරු කරන බවයි.

එයින් 40%ක් දිනකට මිනිත්තු 30 ත් පැය 3ත් අතර කාලයක් මෙවැනි වීඩියෝ දසුන් නරඹන බව අනාවරණය වුණා.. එයින් 1/3ක් පවසා ඇත්තේ තමන්ගේ දෛනික කටයුතුවලට එය අහිතකර අන්දමින් බලපා ඇති බවයි.

1/5 ක් තහවුරු කර ඇත්තේ තමන් සහකාරිය සමඟ ලිංගිකව එකතු වෙනවාට වඩා කාමෝද්දීපන දසුන් නරඹන බවයි. ලාභ ලබන මහා පරිමාණ කාමොද්දීපන නිෂ්පාදනය කරන සමාගම් විසින් මවන ෆැන්ටසි ලෝකය වෙනුවට අනාගතයේදී අපට ඉතුරුවෙනු ඇත්තේ බොල් සමාජයක්.

(samakaya)

[QUOTE="Dilshankgc, post: 17431470, member: 458219"] [b]චාටර් කන SEX ලෙඩ්ඩු[/b] [SIZE="4"]කාමෝද්දීපන දසුන් ලිංගික චර්යාවන්ට වඩා පෙලඹවීම් ඇති කිරීමට හෝ ලිංගික අපරාධ සඳහා හේතුවිය හැකි බවත් බොහෝ දෙනකුගේ සාමාන්‍ය හැඟීමයි. එහෙත් එය එසේ නොවන වග ඇතැම් විද්‍යාත්මක පර්යයේෂණ මගින් තහවුරු කර තිබේ. විශේෂයෙන්ම කාමෝද්දීපන හා ලිංගික වෙබ් අඩවිවලට එරෙහි විය යුත්තේ එමගින් ලිංගික හැඟීම් උද්දීපනය කරන නිසා නොව නූතන ලිංගික ජීවිතය විනාශ කරන බැවින් බව නයෝමි වුල්ෆ් පෙන්වාදෙයි. තෙවැනි රැල්ලේ ස්ත්‍රීවාදි ලේඛිකාවක හා සිවිල් සමාජ ක්‍රියාකාරිණියක වන ඇය ස්වකීය අත්දැකීම් ගෙනහැර පාමින් මෙසේ හඬ අවදි කරයි. “මේ දවස්වල මං කලාතුරකින් පුදුමයට පත්කරවන විදිහේ සිදුවීම් වෙනවා. දේශනයකට හෝ පොතක අස්සන් තැබීමකට පස්සේ සමහර අය මාත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඒ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ කාමෝද්දීපන ලිංගික දසුන් කෙරෙහි වන ඇබ්බැහියෙන් මිදෙන්න මගෙන් උපදෙසක් හෝ උදව්වක් ගන්න. සමාජයත් එක්ක වැඩකරද්දි මට නිතර පුළුල් පරාසයක විසිරුණු පැතිරුණු මිනිසුන් හම්බවෙනවා. ඔවුන් තමන්ගේ ලිංගික ජීවිතය ගැන මාත් එක්ක කතා කරනවා. එහිදී තමන්ගේ ලිංගික ජීවිතයට හා සම්බන්ධතා වලට කාමෝද්දීපන සාහිත්‍ය හා දසුන් බලපාන්නෙ කොහොමද කියන කාරණය කතා කරනවා. පුද්ගලයින් පිළිබඳ පූර්වයෙන් ඇතිකරගන්නා ඒකාකාරී හැඟීම් ඒ අය සම්බන්ධයෙන් අදාළ වෙන්නේ නෑ. උදාහරණයක් හැටියට මට අවුරුදු 60ක පුද්ගලයෙක් හම්බවුණා. එයා කාමෝද්දීපන දසුන් වලට යොමුවීමේ හේතුව හැටියට දකින්නේ එයාගෙ ලිංගික බෙලහීනතාවයි. ඒ වගේම දරුවන් තිදෙනකුගේ ආදරණීය මවක් දුකෙන් ඇහුවේ එයාගෙ ස්වාමි පුරුෂයා ගැන. කාමෝද්දීපන දසුන් නොතිබුණානම් තමන් තාමත් ඉතා සතුටින් ඔහු සමඟ ජීවත්වන බව ඇය කීවා. ඇය මේවන විට ස්වාමි පුරුෂයාගෙන් වෙන්වෙලා. එයා දැන් පුදුම වෙන්නේ කොහොමද එයාගෙ පුතුන් ආරක්ෂා කරගන්නේ කියලා. එක් පිරිමි විද්‍යාලයක දීප්තිමත් සිසුවෙක්,එයා තමන් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන කීවේ “වංකගිරියක අතරමංවූවෙක්” කියලයි. ඔහු කෙතරම් අන්තවාදී විදිහට මේකට ඇබ්බැහිවෙලා තියෙනවද කියනවනම් තමන් පත්වෙලා සිටින තත්ත්වය විස්තර කිරීමට පවා නොහැකි තරමට එයා ඒකේම ගොදුරක් බවට පත්වෙලා” “නව යොවුන් විය ඉක්මයන්නට ඔන්න මෙන්න තත්ත්වයේ සිටින ජෝඩු මට කතාකරමින් තිරයක කාමෝද්දීපන වීඩියෝවක් නොදැක ලිංගිකව එකතුවීමට හැකි කිසිවකුත් නැති බව කියා සිටිනවා. තමන්ගේ සිසුන්ට මඟපෙන්වීමට හැක්කේ කොහොමද කියලා පුද්ගලික පාසලක උපදේශකයෙක් මගෙන් අහනවා. ඒ සිසුන්ගෙන් අති බහුතරය අන්තර්ජාලයේ කාමෝද්දීපන වීඩියෝවන්ට තදින් ඇබ්බැහි වී සිටින බවත්,පාසලේ දෛනික අධ්‍යයන කටයුතුවලට මෙන්ම පොදුවේ සමාජ සංවර්ධනයටද එය තදින් බලපාන බව හෙතෙම පෙන්වාදෙනවා. මෑත කාලයේ බ්‍රිතාන්‍ය යේ සිදුකරන ලද මහා පරිමාණ සමීක්ෂණයකින් එරට ලිංගික ආකල්ප හා ජීවන චර්යාව පිළිබඳ හොඳ චිත්‍රයක් පෙන්වා දී තියෙනවා. වයස අවුරුදු 16-74 ත් අතර පුද්ගලයන් 15,000 ට යොමු කළ ප්‍රශ්නාවලියක් මගින් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ වයස අවුරුදු 10 ට පෙර තත්ත්වය හා සංසන්දනය කර බලද්දී මේ වන විට මසකට 20%ක පමණ ප්‍රතිශතයකින් ලිංගික සබඳතා පැවැත්වීම අඩුවී ඇති බවයි. සමහරු වසර 20 ක පමණ කාලයක සිට මේ ගැන පර්යේෂණ කළා. කාමෝද්දීපන ප්රකාශනවල වර්ධනය බැරෑරුම් ප්‍රශ්නයක් ලෙස බාරගත යුතු බව මං යෝජනා කරනවා. ඒවායින් ලිංගික ප්‍රතිචාර වලට පමණක් නොව ස්ත්‍රී-පුරුෂ සමාජ සම්බන්ධතාවලටත් ඉතා අහිතකර ලෙස බලපානවා. “මගේ අලුත්ම පොත “වජීනා“. ඒක ස්ත්‍රී ලිංගික ආශාව පිළිබඳ අලුත් චරිතාපදානයක්. කාමෝද්දීපන ප්‍රකාශන ලිංගික කාරණාවලට හා සම්බන්ධතාවලට අහිතකර ලෙස බලපාන්නේ කොහොමද කියන දේ පිළිබඳ සවිස්තරාත්මක අනාවරණය කිරීමක් එහි එක් පරිච්ඡේදයක් පුරා දකින්නට පුළුවන්. ජනප්‍රිය සංස්කෘතිකාංගයක් ලෙස නිපදවෙන චිත්‍රපටවල පවා මේ ප්‍රවණතාව දැන් ඉස්මතුවෙන බවක් පේනවා. ස්ත්‍රීයගේ බෙල්ල මිරිකාගෙන සුරතාන්තයට පත්වීම, කෙස්වලින් ඇදීම, පරපීඩා හිංසාකාරිත්වය පවත්නා සුලු ලිංගික සබඳතාවල පවා සාමාන්‍යකරණය වෙලා. තරුණ ස්ත්‍රීන් මගෙන් මේ ගැන අහනවා. “ඒක සාමාන්‍ය දේ නෙවෙයි. වීඩියෝ කෑලිවල සම්ප්රදායිකත්වය විතරයි” මං ඇයට කීවා. ඒත් මං ඒ ගැන පුදුම වෙන්නේ නෑ. පවතින්නේ අශ්ලීල සමාජයක් බව අපි හැමෝම දන්නවා. මේ ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවල ප්රචණ්ඩත්වය, අර්චනකාමය, සිරුරුවල පච්ච කෙටීම වසර 10 ට පමණ ඉහතදී සමාජ ව්‍යුහයේ ඈතින් (පරිධියේ) තිබුණේ. අද වන විට එය ප්‍රධාන ධාරාව බවට පත්වී තියෙනවා. “බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන එක, පර්යේෂණ කරන එක මේ තත්ත්වයේ බරපතළකම සමාජයට දැන්වීම සෑහෙන්න ප්‍රයෝජනවත්. මේක අපගේ පුද්ගලික ආකල්පයක් නෙවෙයි. බොහෝ විද්‍යාඥයන් විසින් තහවුරු කරපු ඇත්තක්. නමුත් අවාසනාවකට තමන්ගේ සෞඛ්‍යයට කාමෝද්දීපන ප්‍රකාශන අහිතකර ලෙස බලපාන බව පිළිගන්නේ ඉතාම සුළු පිරිසක් පමණයි. මේක සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. වැඩිහිටියන්ට තමන්ගේ නිවෙස්වල තමන්ගේම පුද්ගලිකත්වය රැකෙන කාමර අවශ්‍ය වෙන්නේ කුමක් නිසාද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. මේ වෙබ් අඩවි හා වීඩියෝ දර්ශන කෙරෙහි පවත්නා නියුරෝසියානු ආශක්තවීම පැහැදිලියි. එයින් මෙහොතකට උත්තේජනයක් ඇති වෙනවා. ඒත් අප විසින් අමතක නොකළ යුතු වෙන්නේ මේ උත්තේජනය කෙටිකාලීනයි. තාවකාලිකයි. ඒත් එයින් උද්ගත වන පුද්ගලික හා සමාජ විනාශය දීර්ඝ කාලීනයි. ඒවා පළමුව සමාන ශෘංගාරාත්මක දේ කෙරෙහි සංවේදනා දුරස්ථ කරනවා. දෙවනුව දීර්ඝ කාලීනව ලිංගික දෘශ්කෘත්යයක් සමාජයට එකතු කරනවා. මමත් සෑහෙන සංඛ්‍යා දත්ත සමඟ මේ ක්ෂේත්රය පිළිබඳ බොහෝ පර්යයේෂණ කර තිබෙනවා. කාමෝද්දීපන දසුන් මිනිසුන්ට ලිංගිකත්වය ගැන කිසිවක් උගන්වන්නේ නෑ. විශේෂයෙන්ම තරුණ පිරිමින්ට. ඒත් ස්ත්රීන්ගේ හැඟීම් අවුස්සනවා. ලිංගික චර්යා විද්‍යාව පිළිබඳ පුරෝගාමී විද්වතකු වන කැනඩාවේ කොන්කෝඩියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජිම් ෆාවුස් පවසන පරිදි “කාමොද්දීපන ප්‍රකාශන හැඟීම් දැනවීමට පාලමක් ලෙස ක්‍රියාකරනු විය හැකියි. ඒත් ඒ කාමෝද්දීපන දසුන් සමඟ විනා තමන්ගේ ලිංගික සහකරුවා හෝ සහකාරිය සමඟ නෙවෙයි” මහාචාර්යවරුන් දෙදෙනකුගේද සහභාගිත්වයෙන් යුතුව සිඩ්නි විශ්වවිද්‍යාලය විසින් ද මෑතකදී මේ පිළිබඳ පර්යේෂණයක් සිදුකළා. විවාහ ජීවිත ගත කරන හෝ සහකරුවකු හෝ සහකාරියක ඇසුරු කරන පිරිමින් 800 ට වැඩි ප්‍රමාණයක් ඉලක්ක කරගෙන සිදුකරන ලද මෙම පර්යේෂණයෙන් තහවුරු වී ඇත්තේ 85% ක් දැඩි ලෙස කාමෝද්දීපන ප්‍රකාශන ඇසුරු කරන බවයි. එයින් 40%ක් දිනකට මිනිත්තු 30 ත් පැය 3ත් අතර කාලයක් මෙවැනි වීඩියෝ දසුන් නරඹන බව අනාවරණය වුණා.. එයින් 1/3ක් පවසා ඇත්තේ තමන්ගේ දෛනික කටයුතුවලට එය අහිතකර අන්දමින් බලපා ඇති බවයි. 1/5 ක් තහවුරු කර ඇත්තේ තමන් සහකාරිය සමඟ ලිංගිකව එකතු වෙනවාට වඩා කාමෝද්දීපන දසුන් නරඹන බවයි. ලාභ ලබන මහා පරිමාණ කාමොද්දීපන නිෂ්පාදනය කරන සමාගම් විසින් මවන ෆැන්ටසි ලෝකය වෙනුවට අනාගතයේදී අපට ඉතුරුවෙනු ඇත්තේ බොල් සමාජයක්. (samakaya)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom