Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චාමර ගුණසේකර කියන්නේ SL Vlog අයිතිකාරයටද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවෙන් ඩොලර් බිලියන ගණන් වන්දි අය කර ගැනීම වැළැක්වීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය දින කීපය තුල සමාජයේ දැඩි කුතුහලයක් නිර්මාණය විය. මේ මුදල ගියේ කාගේ අතටදැයි බොහෝ දෙනා අනුමාන කරද්දී ඊයේ පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ ඒ නමත් මුදල ගිය ගිණුම් අංකයත් හෙලිදරව් කෙළේ ය.

විජයදාස රාජපක්ෂ හෙළිකළ පුද්ගලයා වූයේ චාමර ගුණසේකර නමැත්තෙකි. මුදල ගිය බැංකුව ලන්ඩනයේ National Westminster Bank හෙවත් NatWest බැංකුවයි. SORT CODE අංකය -500000 වේ. ගිණුම් අංකය - 154793334 වේ.

චාමර ගුණසේකර කව්රුන්ද කියා මේ වන විට එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා සොයති. දශක ගණනාවක් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවා චාමර ගුණසේකර කෙනෙක් ගැන නොදනිති. මේ තරම් මුදලක් ගිණුමකට වැටුනේ නම් ඔහු නිසැකවම ව්‍යාපාරිකයෙක් විය යුතු නමුත් එංගලන්තයේ ව්‍යාපාරික රෙජිස්ටරය වන Companies House හි ද චාමර ගුණසේකර කෙනෙකු ගැන සඳහන් නොවේ. එංගලන්තයේ ඡන්ද ලැයිස්තුවේ ද එවැන්නෙක් ගැන සඳහන් නොවන නමුත් එංගලන්තයේ ඡන්ද ලැයිස්තුවේ නම අවශ්‍ය අයෙකුට ප්‍රසිද්ධ නොකර තබා ගත හැකි එකකි. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සහ ගූගල් සෙවුම් පද්ධතිවල චාමර ගුණසේකර නම ප්‍රසිද්ධ වී ඇත.

ඒ සියල්ල අතරේ ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු ජාලයට ලැබුුණු විශ්වාසනීය තොරතුරු මත චාමර ගුණසේකර යනු හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා ගේ සමීපතමයෙකු බව අපි මේ ලිපිය මගින් පළමුවරට හෙළිදරව් කරමු.

නෞකාව ගිණිගත් අවස්ථාවේ සිට සිදු වූ සිදුවීම් ගැලපීමේදී ද එහි සත්‍යතාවය තේරුම් ගැනීමට ඔබට හැකිවනු ඇත.

නිධාන කථාව:

නාලක ගොඩහේවා ගම්පහ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේ ගම්පහ පළමු කාර්යාලය විවෘත කරන අවස්ථාවේ සියලු වියදම් දැරුවේ විදේශගතව සිටි 'මංජු නිශ්ශංක' නමැත්තෙකි. ඔහු එවක දී කීවේ තමන් ඇමරිකාවේ වෙසෙන බවයි. විටෙක වීඩියෝ ඇමතුම් ලබා ගත් මංජු නිශ්ශංක නමැත්තා කාර්යාලයේ මේස පුටු තබන ස්ථාන සහ ඒවායේ වර්ණය ගැන පවා නාලක ගොඩහේවා ගේ කාර්යය මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේ ය. නාලක සිය කාර්ය මණ්ඩලයට පවසා සිටියේ "නිශ්ශංක මහත්තයා කියන විදියට වැඩ කරන්න" යනුවෙනි.

එසේ දුරකථනයෙන් උපදෙස් දෙන මංජු නිශ්සංක පසුදා ගොඩහේවාගේ කාර්ය මණ්ඩලයේ වේතන ඇතුලු සියලු වියදම් සඳහා මුදල් එවනු ලැබූ අතර ඒවා එවනු ලැබුවේ "චාමර ගුණසේකර" නම් වූ පුද්ගලයෙකුට අයත් ගිණුමකිනි. මෙය වරක් දෙවරක් නොව කිහිප වරක්ම සිදුවිය.

අරගලය හා මංජු නිශ්ශංක

මංජු නිශ්ශංක යනු නාලක ගොඩහේවා සමග තිරයෙන් පිටුපස සිට ගෝල්ෆේස් අරගලය හරහා වේදිකාවට සපැමිනි නලුවෙකි. ඇමරිකාවේ සිට එකවරම ලංකාවට සම්ප්‍රාප්ත වන මංජු අරගලයට සහ ශ්‍රී ලංකාවේ සහ විදේශගත යූටියුබ් හම්පඩයින්ට සල්ලි යහමින් වියදම් කරමින් එම යූටියුබ් නාලිකාවන්හි සම්මුඛ සාකච්ඡා කරමින් විශාල ආර්ථික ඔස්තාර්වරයෙකු ලෙස පෙනී සිටි. ඔහුගේ ෆේස්බුක් පිටුවට ගියවිට ඔබට ඒ ගැන අවබෝධයක් ලබාගත හැකි අතර අනෙකුත් රට කපටීන් සේම ඔහුද ජාතික ධජය සහ ගෝලීය ශ්‍රී ලාංකික මුද්‍රාව විකුණමින් සිටින අවිශ්වාස කටයුතු පුද්ගලයෙකි.

මංජු නිශ්ශංක ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා අපොස උසස් පෙළ කිරීමට කොළඹ නාලන්දාවට පැමිණ ඉන් සමත් වී මොරටුව සරසවියෙන් BSc ඉංජිනේරු මූලික උපාධියක් ලබා ඇත. පසුව එංගලන්තයේ සරසවියකින් MSc ද්වීතියික උපාධිය ලබා ඇත්තේ "මූල්‍ය සහ අවදානම්" විෂයට ය. ඉන්පසුව ඇමරිකාවේ සමාගමක ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස සේවය කර තිබේ. ඔහුද අධ්‍යක්ෂක ධූර දරණ ඇමරිකානු සමාගම් වෙතැයි කීවද ඒවා විශ්වාස කළ නොහැකි ව්‍යාජ ඝනයට වැටෙන සමාගම් ය.

දැන් ඔහු වෙසෙන්නේ සියළු ලෝක හොරුන්ගේ තෝතැන්න වූ ශ්‍රී ලංකාවේ ය. ඔහු දේශපාලනයට ඒමට විශාල කැමැත්තකින් පසුවන්නෙක් වන අතර පසුගියදා කල් දැමූ පළාත් පාලන මැතිවරණයට ගම්පහ ලැයිස්තුවකින ඡන්දයට ඉදිරිපත් විය. ඔහුගේ මුදලින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවක සිටින නිවේදිකාවක් සහ මෙහෙයවන්නෙක් ද මංජු නිශ්ශංකගේ ලැයිස්තුවේ සිටියහ.

කැස්බෑවන් හා ගොඩහේවා

මේ අතර ගිනිගත් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතට ගෙන නොයන්නැයි නීතිපතිවරයා උපදෙස්දී තිබිය දී එය මුදා හැර තිබූ බව පවසන විජයදාස රාජපක්ෂ නැව මුදා මුදා හැරීමට නියෝගය ලබා දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ජයන්ත කොළඹ ගේ බවද සඳහන් කළේය.

මෙම කාරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත්ව සිදුවූ දෙයක් නොවන බවත් මෙම ඉල්ලීම කළ පුද්ගලයා ලෙස බොහෝ පාර්ශ්ව සඳහන් කළේ නාලක ගොඩහේවා ගේ නම බවත් විජයදාස රාජපක්ෂ කීවේය.

මැරිච්ච කැස්බෑවුන් ගොඩ ගහන්නේ මේ නැවෙන් වුණු හානිය නිසා නොව මෝසම් කාලයට කොහොමත් කැස්බෑවුන් ගොඩ ගහන්නේ යයි නාලක ගොඩහේවා රූපවාහිනියට කළ ප්‍රකාශයක් තමා කලකට පෙර දුටු බව පැවසූ විජයදාස රාජපක්ෂ මේ නිසා මේ ගැන ලොකු ගැටලුවක් තිබෙන බවද සඳහන් කළේය.

Lankaenews

[QUOTE="Chimpanzee Putha, post: 28814784, member: 583472"] එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවෙන් ඩොලර් බිලියන ගණන් වන්දි අය කර ගැනීම වැළැක්වීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය දින කීපය තුල සමාජයේ දැඩි කුතුහලයක් නිර්මාණය විය. මේ මුදල ගියේ කාගේ අතටදැයි බොහෝ දෙනා අනුමාන කරද්දී ඊයේ පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ ඒ නමත් මුදල ගිය ගිණුම් අංකයත් හෙලිදරව් කෙළේ ය. විජයදාස රාජපක්ෂ හෙළිකළ පුද්ගලයා වූයේ චාමර ගුණසේකර නමැත්තෙකි. මුදල ගිය බැංකුව ලන්ඩනයේ National Westminster Bank හෙවත් NatWest බැංකුවයි. SORT CODE අංකය -500000 වේ. ගිණුම් අංකය - 154793334 වේ. චාමර ගුණසේකර කව්රුන්ද කියා මේ වන විට එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා සොයති. දශක ගණනාවක් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවා චාමර ගුණසේකර කෙනෙක් ගැන නොදනිති. මේ තරම් මුදලක් ගිණුමකට වැටුනේ නම් ඔහු නිසැකවම ව්‍යාපාරිකයෙක් විය යුතු නමුත් එංගලන්තයේ ව්‍යාපාරික රෙජිස්ටරය වන Companies House හි ද චාමර ගුණසේකර කෙනෙකු ගැන සඳහන් නොවේ. එංගලන්තයේ ඡන්ද ලැයිස්තුවේ ද එවැන්නෙක් ගැන සඳහන් නොවන නමුත් එංගලන්තයේ ඡන්ද ලැයිස්තුවේ නම අවශ්‍ය අයෙකුට ප්‍රසිද්ධ නොකර තබා ගත හැකි එකකි. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සහ ගූගල් සෙවුම් පද්ධතිවල චාමර ගුණසේකර නම ප්‍රසිද්ධ වී ඇත. ඒ සියල්ල අතරේ ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු ජාලයට ලැබුුණු විශ්වාසනීය තොරතුරු මත චාමර ගුණසේකර යනු හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා ගේ සමීපතමයෙකු බව අපි මේ ලිපිය මගින් පළමුවරට හෙළිදරව් කරමු. නෞකාව ගිණිගත් අවස්ථාවේ සිට සිදු වූ සිදුවීම් ගැලපීමේදී ද එහි සත්‍යතාවය තේරුම් ගැනීමට ඔබට හැකිවනු ඇත. නිධාන කථාව: නාලක ගොඩහේවා ගම්පහ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේ ගම්පහ පළමු කාර්යාලය විවෘත කරන අවස්ථාවේ සියලු වියදම් දැරුවේ විදේශගතව සිටි 'මංජු නිශ්ශංක' නමැත්තෙකි. ඔහු එවක දී කීවේ තමන් ඇමරිකාවේ වෙසෙන බවයි. විටෙක වීඩියෝ ඇමතුම් ලබා ගත් මංජු නිශ්ශංක නමැත්තා කාර්යාලයේ මේස පුටු තබන ස්ථාන සහ ඒවායේ වර්ණය ගැන පවා නාලක ගොඩහේවා ගේ කාර්යය මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේ ය. නාලක සිය කාර්ය මණ්ඩලයට පවසා සිටියේ "නිශ්ශංක මහත්තයා කියන විදියට වැඩ කරන්න" යනුවෙනි. එසේ දුරකථනයෙන් උපදෙස් දෙන මංජු නිශ්සංක පසුදා ගොඩහේවාගේ කාර්ය මණ්ඩලයේ වේතන ඇතුලු සියලු වියදම් සඳහා මුදල් එවනු ලැබූ අතර ඒවා එවනු ලැබුවේ "චාමර ගුණසේකර" නම් වූ පුද්ගලයෙකුට අයත් ගිණුමකිනි. මෙය වරක් දෙවරක් නොව කිහිප වරක්ම සිදුවිය. අරගලය හා මංජු නිශ්ශංක මංජු නිශ්ශංක යනු නාලක ගොඩහේවා සමග තිරයෙන් පිටුපස සිට ගෝල්ෆේස් අරගලය හරහා වේදිකාවට සපැමිනි නලුවෙකි. ඇමරිකාවේ සිට එකවරම ලංකාවට සම්ප්‍රාප්ත වන මංජු අරගලයට සහ ශ්‍රී ලංකාවේ සහ විදේශගත යූටියුබ් හම්පඩයින්ට සල්ලි යහමින් වියදම් කරමින් එම යූටියුබ් නාලිකාවන්හි සම්මුඛ සාකච්ඡා කරමින් විශාල ආර්ථික ඔස්තාර්වරයෙකු ලෙස පෙනී සිටි. ඔහුගේ ෆේස්බුක් පිටුවට ගියවිට ඔබට ඒ ගැන අවබෝධයක් ලබාගත හැකි අතර අනෙකුත් රට කපටීන් සේම ඔහුද ජාතික ධජය සහ ගෝලීය ශ්‍රී ලාංකික මුද්‍රාව විකුණමින් සිටින අවිශ්වාස කටයුතු පුද්ගලයෙකි. මංජු නිශ්ශංක ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා අපොස උසස් පෙළ කිරීමට කොළඹ නාලන්දාවට පැමිණ ඉන් සමත් වී මොරටුව සරසවියෙන් BSc ඉංජිනේරු මූලික උපාධියක් ලබා ඇත. පසුව එංගලන්තයේ සරසවියකින් MSc ද්වීතියික උපාධිය ලබා ඇත්තේ "මූල්‍ය සහ අවදානම්" විෂයට ය. ඉන්පසුව ඇමරිකාවේ සමාගමක ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස සේවය කර තිබේ. ඔහුද අධ්‍යක්ෂක ධූර දරණ ඇමරිකානු සමාගම් වෙතැයි කීවද ඒවා විශ්වාස කළ නොහැකි ව්‍යාජ ඝනයට වැටෙන සමාගම් ය. දැන් ඔහු වෙසෙන්නේ සියළු ලෝක හොරුන්ගේ තෝතැන්න වූ ශ්‍රී ලංකාවේ ය. ඔහු දේශපාලනයට ඒමට විශාල කැමැත්තකින් පසුවන්නෙක් වන අතර පසුගියදා කල් දැමූ පළාත් පාලන මැතිවරණයට ගම්පහ ලැයිස්තුවකින ඡන්දයට ඉදිරිපත් විය. ඔහුගේ මුදලින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවක සිටින නිවේදිකාවක් සහ මෙහෙයවන්නෙක් ද මංජු නිශ්ශංකගේ ලැයිස්තුවේ සිටියහ. කැස්බෑවන් හා ගොඩහේවා මේ අතර ගිනිගත් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතට ගෙන නොයන්නැයි නීතිපතිවරයා උපදෙස්දී තිබිය දී එය මුදා හැර තිබූ බව පවසන විජයදාස රාජපක්ෂ නැව මුදා මුදා හැරීමට නියෝගය ලබා දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ජයන්ත කොළඹ ගේ බවද සඳහන් කළේය. මෙම කාරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත්ව සිදුවූ දෙයක් නොවන බවත් මෙම ඉල්ලීම කළ පුද්ගලයා ලෙස බොහෝ පාර්ශ්ව සඳහන් කළේ නාලක ගොඩහේවා ගේ නම බවත් විජයදාස රාජපක්ෂ කීවේය. මැරිච්ච කැස්බෑවුන් ගොඩ ගහන්නේ මේ නැවෙන් වුණු හානිය නිසා නොව මෝසම් කාලයට කොහොමත් කැස්බෑවුන් ගොඩ ගහන්නේ යයි නාලක ගොඩහේවා රූපවාහිනියට කළ ප්‍රකාශයක් තමා කලකට පෙර දුටු බව පැවසූ විජයදාස රාජපක්ෂ මේ නිසා මේ ගැන ලොකු ගැටලුවක් තිබෙන බවද සඳහන් කළේය. Lankaenews [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom