Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චාලි චැප්ලින් මේ ඔහුගේ කතාවයි 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාලි චැප්ලින් මේ ඔහුගේ කතාවයි 2

පලවෙනි කොටස

ඊට පස්සේ මම රෙදි සාප්පුවක රස්සාවක් හොයා ගත්තා. දොස්තර කෙනෙක් ළඟත් වැඩ කළා. සතියකට සිලිං දොළහක් විතර මට හම්බ වුණා. දොස්තර මහත්තයත්, නෝනත් මට සැලකුවේ එයාලාගේම දරුවකුට වගේ. නිදාගන්න යන්න කලින් දොස්තර නෝනා මට හාද්දක් දෙන්න පුරුදු වෙලා හිටියා. මට අම්මාව මතක් වුණා. ඊටත් පස්සේ මම “ඩබ්ලිව්. එච්. ස්මිත් ඇන්ඩ් සන්ස්” කොම්පැණියේ පොත් විකුණන්න පටන් ගත්තා. පොත් විකුණන්න මාව පුංචි වැඩියි කියපු හින්දා මට එතැන වැඩි දවසක් ඉන්න ලැබුණේ නැහැ. වීදුරු පුම්බන රස්සාවකටත් ගියා. ගිය මුල්ම දවසේම වීදුරු පුම්බන්න ගිහින් මට ඒකේ රස්නෙ දරාගන්න බැරිව මාව සිහි නැති වුණා. ඉතිං ඒ රස්සාවට මම ගියේ එක දවසයි. එදා දවසේ පඩිය ගන්නවත් මම ඒ පැත්තේ ගියේ නැහැ. ඊට පස්සේ මම අච්චු කන්තෝරුවකත් වැඩ කළා. මම කොයි තරම් පුංචි ද කිව්වොත් මැෂිම උඩට නැග්ගාම දැනුණේ අයිෆල් කුලුන උඩ ඉන්නවා වගෙයි. ඔන්න මාව ආයේම පාසල් යවන්න ඕන කියලා අම්ම කියන්න පටන් ගත්තා. සිඩ්නිට අවුරුදු දාසයයි. ඔහු නැවත සංඥාකාරයෙක් විදියට රස්සාවකට ගියා. ඔහුට ලැබුණු අත්තිකාරම් මුදලින් අපි චෙස්ටර් වීදියේ තැනකට පදිංචියට ගියා. සිඩ්නිගේ මාසික වැටුප විදියට පවුම් දහයක් විතර ලැබුණා. සිඩ්නි නිතරම වාගේ අපව බලන්න ගෙදර ආවා. ඒත් එක වතාවක් ඔහුට ඉක්මනට එන්න බැරි වුණා. අපි අතේ තිබුණු සල්ලි ඉවර වුණා. ගෙවල් කුලී ගෙවා ගන්නත් බැරිවුණු හන්දා අපට වෙන තැනකට පදිංචියට යන්න සිද්ධ වුණා. අපි පවුනෝල් ටෙරස්වල පුංචි තැනකට පදිංචියට ගියා. මම සෙල්ලම් බෝට්ටු හදලා විකුණුවා. සිඩ්නි තවමත් ආවේ නැහැ. ඒ ගැන කල්පනා කරලාම අම්මා හිටියේ හරිම හිතේ අමාරුවෙන්. දවසින් දවසම සිඩ්නි ගැන කිසිම ආරංචියක් නැතිව කාලය ගෙවිලා ගියා. අම්මාගේ හිතේ කාංසාව තව තවත් වැඩි වුණා. අන්තිමට සිඩ්නි ගැන හිතලාම අම්මාට ආයෙත් පිස්සු වැටුණා. අම්මාව දොස්තර ළඟට අරන් ගියේ අපේ ගෙවල් අයිතිකාර ගෑණු කෙනා. අම්මාට ආයෙමත් කේන් හිල් මානසික රෝහලට යන්න සිද්ධ වුණා. මම කෑම කෑවේ ගෙවල් අයිතිකාර ගෑනු කෙනාගෙන්. මම ඒ කාලේ ලී මඩුවක වැඩ කළා. හදිසියේම මට විදුලි පණිවුඩයක් ලැබුණා.

හෙට දහයට මම එනවා. වෝටර් ලූ දුම්රිය පොළට එන්න. මීට සෙනෙහෙබර සිඩ්නි. මට පුදුම සතුටක් දැනුණා. ඒත් සිඩ්නිව බලන්න යන්න මට අඳින්න තිබුණේ අණ්ඩවලින් පිරුණු එකම එක ඇඳුමක් විතරයි. සිඩ්නි මා එනවා දැකලා හරිම සතුටින් ඇවිත් මාව වැළඳ ගත්තා. ඒත් අම්මාව ආයෙම කේන්හිල් එක්කරගෙන ගියා කියලා දැනගත්තු ගමන් මුහුණ අඳුරුවෙලා ගියා. මුහුදු ජීවිතේ අතහැරලා ආපු බව ඔහු කිව්වා. අපි අම්මාව බලන්න ගියා. ඈ සුදුමැලි වෙලා. තොල් නිල් පාටයි. අම්මා අපිව අඳුනගත්තත් මුහුණේ කිසිම උදේයා්ගී බවක් තිබුණේ නැහැ. “අම්මට ඉක්මනට සනීප වෙයි.” මම කිව්වා. “පුළුවන් නම් නුඹලා අතින් මට තේ කෝප්පයක් හදාදියන්. මට එතකොට හොඳටම සනීප වේවි.” අම්මා කිව්වා. මට ඒ වදන් තවමත් මතක් වෙනවා. ඒ වෙලාවට මගේ හදවත හිල් වෙනවා වගේ දැනෙනවා. නළුවෙක් වෙන්න ඕන කියන අදහස මමත් සිඩ්නිත් අත්හැරියේ නැහැ. අපි බ්ලැක්මෝර් නෘත්‍යාගාරයට ගියා. අපට දෙන්න තරම් චරිත මොනවත් එතැන නැහැ කියලා මුලින් කිව්වත්, පස්සේ අපේ නම් දෙකයි. ලිපිනයයි ලියා ගත්තා. සතියකට පස්සේ මට ලියුමක් ලැබුණා. මම මගේ වයස ගැන කියලා තිබුණේ බොරුවක්. එතකොට මට අවුරුදු දොළහමාරක් වුණත් මම කිව්වේ දාහතරක් කියලයි. කොහොමහරි මට “ෂර්ලෝක් හෝම්ස්” නාට්‍යයේ සේවකයෙක් විදියට රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම “ජිම්”, “ද රොමැන්ස් ඔෆ් ද කොක්නි” වගේ නාට්‍යවලත් සුළු චරිත මට ලැබුණා. වැටුප සතියකට සිලිං දහයයි. සිඩ්නි මේ ගැන ගොඩාක් සතුටු වුණා. “අම්මත් සනීප වෙලා හිටිය නම් ගොඩක් සතුටු වෙයි.” සිඩ්නි කිව්වා. මමත් එහෙම හිතුවා. නාට්‍ය පුහුණුවීම්වලදී මගේ රංගනය දැකලා හැමදෙනාම පුදුම වුණා. මගේ අම්මටත් තාත්තටත් පින් සිද්ධ වෙන්න මේක මගේ ජන්ම පුරුද්ද

මගේ චරිතය ඇතුළේ විකට ගතියක් තිබුණා. ෂර්ලොක් හෝම්ස් නාට්‍යය පෙන්වන්න තැන තැන ඇවිදිමින් හිටපු කාලේ සිඩ්නි මට නිතරම ලිව්වා. ඒත් මට හොඳට අකුරු ලියන්න බැරි හන්දා මම උත්තර ලිව්වේ ඉඳලා හිටලා. දවසක් සිඩ්නි මට එවපු ලියුමක් දැකලා මාව හොඳටම සසලවෙලා ගියා. “අම්මත් ලෙඩවෙලා හින්දා අපි දෙන්නට මේ ලෝකේ ඉන්නේ අපි දෙන්නා විතරයි. ඒ හින්දා ඔබ මට නිතර ලියන්න ඕන. ඒත් මගේම සහෝදරයා මට ලියන්නේ නැතිව ඇයි මෙහෙම කරන්නේ.” ඉන්පස්සේ මම දිගටම සිඩ්නිට උත්තර ලිව්වා. ඔහුගේ හැම වදනකම සහෝදර සෙනෙහස, උණුසුම රැඳිලා තිබුණා. මගේ අම්මා හැරුණාම එහෙම සෙනෙහසක් ජීවිතේ පුරාම නොඅඩුව ලැබුණේ සිඩ්නිගෙන් විතරයි. “ජිම්” නාට්‍යය සාර්ථක නොවුණත්, “ෂර්ලොක් හෝම්ස්” නාට්‍යය සාර්ථක වුණා. මම කළමනාකාර මහත්තයත් එක්ක කතා කරලා සිඩ්නිවත් සතියකට සිලිං 35ක වැටුපකට ඒකේ චරිතයකට අරගත්තා. දැන් අපි දෙන්නාම එකම තැන. අපිත් හරියට සර්පයෝ හැව අරිනවා වාගේ තමයි පරණ දේවල් සැරින් සැරේට අතහැරියේ. සිඩ්නි අම්මට දිගටම ලිව්වා. දවසක් කේන්හිල් රෝහලින් ලියුමක් ආවා. අම්මට සනීපයි කියලා ඒ ලියුමේ තිබුණා. අම්මගේ සෙනෙහස, උණුසුම ආයෙත් ලබන්න පුළුවන්වීම ගැන අපි දෙන්නට කියාගන්න බැරි තරම් සතුටක් දනුණා. අපි අලුත් තැනක පදිංචියට ගියා. අපි නාට්‍ය රඟ දක්වමින් පිට පළාත්වල සංචාරය කළා. අපේම අවාසනාවට අම්මට ආයෙත් පිස්සු වැටුණා. අපි තුන්දෙනා හරිම පව්කාරයෝ කියලා මට හිතුණා. අම්මාව ආයෙත් කේන්හිල් මානසික රෝහලට අරගෙන ගියා, අම්මට ආයේ නම් කවදාවත් සම්පූර්ණ සුවයක් ලැබෙන එකක් නැහැ කියලයි මට හිතුණේ. අපි අතේ තරමක් වැඩිපුර සල්ලි තිබුණු නිසා අම්මාව පෞද්ගලික මානසික රෝහලක නතර කරන්න අපට පුළුවන් වුණා. ඊට පස්සේ අපි ෆේරඩ් කාර්නෝගෙ නාට්‍ය කණ්ඩායමට බැඳුණා. මට අවුරුදු 17 වෙනකොට මට තරමක ප්‍රධාන චරිතයක් රඟපාන්න පුළුවන් වුණා. ඒත් මට මගේ ඒ කාලේ දසාව නම් ඒ තරම් හොඳ එකක් වුණේ නැහැ. කොහොම වුණත් “ද ෆුට් බෝල් මැච්” නාට්‍යයෙන් පස්සේ මට හොඳ කාලයක් උදා වුණා. අවුරුදු 19 වෙන කොට මම කාර්නෝ සමාගමේ සාර්ථක විකට ශිල්පියෙක් වෙලා හමාරයි. මේ කාලේ තමයි මම ආදරේක පැටළුනේ. ඇගේ නම “හෙටී කෙලී”, නාට්‍ය කණ්ඩායමක කෙල්ලක්. ඒත් ඒක වැඩි කාලයක් තිබුණේ නැහැ.1909 දී මම කාර්නෝ සමාගමත් එක්ක පැරීසියට ගියා. ඒ නාට්‍ය පෙන්වන්න. මට එහේදී ප්‍රංශ කෙල්ලක් හම්බ වුණා. එයා ගොඩක් ලස්සනයි. ඒත් මගේ අවාසනාවට එයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණේ නැහැ. මට ප්‍රංශ භාෂාව බැහැ. ඉතිං මට භාෂා පර්වර්තකයෙක් හොයාගන්න වුණා. ඒකට උදව් කළේ මගේ යාළුවෙක්. ප්‍රංශයේදී මට ආයෙමත් හෙටීව හම්බ වුණා.

මේ කාලේ මම රඟපෑවේ “මමිං බර්ඩ්” නාට්‍යයේ, ෆේරඩ් කාර්නෝගේ ඇමරිකානු සමාගමේ කළමනාකාර “ඇල්ෆ් රීව්ස්” මේ කාලේ එංගලන්තෙට ආවා. ඔහුගේ “වොව් වොව්ස්” නාට්‍යයේ ප්‍රධාන විකටයා හැටියට මට රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඔහුගේ මාර්ගයෙන් තමයි මට ඇමරිකාවට යන්න ලැබුණේ.

කාර්නෝට ඇමරිකාවේ විශාල පිළිගැනීමක් තිබුණත් අවාසනාවකට අපේ වොව් වොව්ස් නාට්‍යය එහේ ජනප්‍රිය වුණේ නැහැ. අන්තිමට අපි ආපසු එංගලන්තයට එන්න ලෑස්තිවෙලා අන්තිමට පෙන්වපු දර්ශන වාරය හිතාගන්න බැරි තරම් සාර්ථක වුණා.

මම ආයේ එංගලන්තයට ආවා. මට හුඟ කාලෙකින් සිඩ්නිගෙන් ලියුමක් ලැබුණේ නැහැ. ලන්ඩනයේදී මට ඔහු හමුවුණා. ඔහු විවාහ වෙලා. මම තනිවෙලා කියලා දැනෙන්න පටන් ගත්තා. ඉතිං මම හිතුවා ඇමරිකාවට යන්න. මම ලන්ඩන්වලට ආදරේ වුණත් මට එහෙ ජීවත්වෙන්න තරම් හිතක් තිබුණේ නැහැ. එහෙම පරිසරයක් තිබුණෙත් නැහැ. මම අන්තිම වතාවට ආයෙම අම්මාව බලන්න ගිහින් ඇමරිකාවට ගියා.

ඇමරිකාවේදී මම කීස්ටෝන් ෆිල්ම් කොම්පැණි සමග එකතු වුණා. මට සතියකට ඩොලර් 150ක වැටුපක් ලැබුණා. ඒක මට කාර්නෝගෙන් ලැබුණු මුදල වගේ දෙගුණයක්

මැක් සෙනෙට් මහත්තයත් එක්ක මට මේ කාලේ වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. ඔහු නළුවෙක් වගේම චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. මේ කාලේ ඔහු ළඟින්ම හිටපු හෙන්රි ලෙහර්මන් චිත්‍රපටයක් හදන්න සූදානම් වෙලා හිටියේ. චාලි චැප්ලින් කියූ ගමන් ඔබේ හිතේ මැවෙන අමුතු රැවුල, දිග කබාය, පැතලි සපත්තු වාගේ දේවල් මට එකතු වුණේ මේ චිත්‍රපටයෙදි. ඒ චිත්‍රපටයේ නම වුණේ “මාබෙල්ස් ස්ට්‍රේන්ජ් පේරඩිකමන්ට්” මම එතෙක් රඟපෑ විකට චරිතවලට වඩා වෙනසක් කරන්න මෙහිදී උත්සාහ කළා. කොහොම වුණත් මගේ චිත්‍රපට මිනිස්සු ඒ තරම්ම සාදරයෙන් පිළිගත්තු බවක් පෙණුනේ නැහැ. සෙනෙට් මහත්තයා මා ගැන තියපු බලාපොරොත්තු කඩකර ගනීද කියලා මට බයකුත් දැනුණා.

කාලය මේ විදියට ගෙවිලා ගියා. සෙනෙට් මහත්තයාගේ උපදෙස් මත මම මගේ මුල්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න සූදානම් වුණා. චිත්‍රපටයේ නම” කෝට් ඉන් ද රේන්” ඒක තරමක් සාර්ථක වුණා. 1914 විතර වෙනකොට මගේ ජීවිතේ ටික ටික සාර්ථකත්වය දිහාට ඇදිලා යනවා වගේ දැනුණා.

ඉන් පසුව මම හදපු “ට්වෙන්ටි මිනිට්ස් ඔෆ් ලව්”, “ඩෝ ඇන්ඩ් ඩයිනමයිට්”, “ද කිඩ්” වැනි චිත්‍රපට හාස්‍යයෙන් පිරී තිබුණා වගේම ඒවා ඉතා සාර්ථකත්වයටද පත් වුණා. මම සිඩ්නිවත් ඇමරිකාවට ගෙන්වා ගත්තා.

ඔන්න මට ආයෙම ආදරේ ගැන හිතෙන්න පටන් ගත්තා. ඈ “එඩ්නා පර්වියන්ස්” මම හිතාගෙන හිටියා කවද හරි ඇයව විවාහ කරගන්න. අපි ඒ තරමට ළං වුණා. ඒත් තවත් කඩවසම් පිරිමියෙකුට පෙම් කළ ඇය මා අතහැර දැමුවා. ඒත් මිය යනතුරුම ඇය මා මිතුරකු විදියට ඇසුරු කළා.

පළමු ලෝක යුද්ධය පටන් ගත්තා. ඒ 1918 අවුරුද්ද, මම මේ වන විට නම් සාර්ථකත්වය අතින් සෑහෙන ඉදිරියෙන් හිටියා. මගේ රසිකාවියක් වුණු “මේරි ඩෝරෝ” මට හමුවුණා. ඈ මට රහසින් ආදරය කොට තිබුණා. යුද්ධය එන්න එන්නම දරුණු වුණා. යුරෝපය පුරා දේපළ විනාශ වී ගියා.

මම කාලයක් තිස්සේ ආදරය කළ “මිල්ඩේඩ් හැරිස්” මට හමුවුණේ මේ කාලේදීමයි. මටත් විවාහ වෙන්න ලොකු ඕනෑ කමක් තිබුණා. ඉතිං තවත් කල් යවන්නේ මොකටද? අපි විවාහ වුණා.

මම ආයෙත් එංගලන්තයට ගියා. කලින් කිසිම ප්‍රසිද්ධියක් නැතිව හිටි මා ගැන ඒ වෙන කොට පත්තරවල විස්තර ගියේ පොල් ගෙඩි අකුරින්, මම වැඩි කාලයක් එංගලන්තයේ හිටියේ නැහැ. මම ආයෙමත් ඉක්මනටම ඇමරිකාවට ආවා. ඒ වෙනකොට මගේ අම්මා හිටියෙත් ඇමෙරිකාවේ හොලිවුඩ්වල. අම්මා එතකොට හොඳ සනීපෙන් සිටියත්, “ද සර්කස්” චිත්‍රපටය හදන කාලේ ඈ ආයෙත් අසනීප වුණා. අම්මා ඒ අසනීපයෙන්ම මිය ගියා. ඒ 1928 අගෝස්තු 28 වැනිදා. සිඩ්නිත්, මගේ බිරිඳත්, දරුවො දෙන්නත්, ඒ කියන්නේ චාර්ලියි, සිඩ්නියි හිටියේ යුරෝපයේ. ඒ හින්දා එයාලට අම්මගේ අවමඟුලට සහභාගි වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

හොලිවුඩ්වල මටම අයිති “යුනයිටඩ් ආර්ටිස්ට්” කියලා චිත්රාගාරයක් තිබුණා. මම සමාජ ඇසුරෙන් අයින් වෙලා මේ චිත්‍රාගාරයටම වෙලා හිටපු කාලයකුත් තිබුණා. හැරිස් එක්ක ගතවුණු ජීවිතේ මට එපාවෙල තිබුණේ. මම හැරිස්ගෙන් වෙන් වුණා. ඊට ටික කාලෙකට පස්සේ මට “පෝලට් ගොඩාර්ඩ්” හමුවුණා. මම ඇයත් එක්ක විවාහ වුණා. ඒ 1936 වගේ තමයි මට මතක හැටියට.

දෙවැනි ලෝක යුද්ධයත් පටන් ගත්තා. 1937 අවුරුද්දේ ඇලෙක්සැන්ඩර් කෝර්ඩා මට හරි අපූරු යෝජනාවක් කළා. ඒ තමයි හිට්ලර්ගේ චරිතය ඇතුළත් කරලා විකට චිත්‍රපටයක් හදන එක, හිට්ලර්ගේ චරිතය රඟපාන්න කිව්වෙත් මටමයි. කොහොම හරි අවුරුදු දෙකක් විතර මහන්සි වෙලා අපි “ද ග්‍රේට් ඩික්ටේටර්” නමින් චිත්‍රපටයක් නිපදවලා ප්‍රදර්ශනය කළා. මෙහෙම චිත්‍රපටයක් හදනවා කියලා ආරංචි වෙලා මට තර්ජනය කරලා ලියුම් ආවා. චිත්රාගාරයට බෝම්බ ගහනවා කියලා තර්ජන ආවා. කොහොම වුණත් අපි හිතපු නැති විදියට මේ චිත්‍රපටය සාර්ථක වුණා.

මම කිසිම ගැහැනියක් එක්ක වැඩි කාලයක් ඉන්න බැරි තරම් අවාසනාවන්තයෙක්ද කියලා වෙලාවකට හිතෙන්න පටන් ගත්තා. මොකද මට පෝලට් එක්ක ගතවුණු ජීවිතෙත් එපා වුණා. මෙහෙම ඉන්න කොට තමයි මට “ඌනා ඕ නිල්” මුණගැහුණේ. මම ඇයට ආදරය කරන්න පටන්ගන්න කොට ඇයට අවුරුදු 18යි. ඒ වෙනකොට මම “ෂැඩෝ ඇන්ඩ් සබ්ස්ටන්” කියන චිත්‍රපටය කරමින් සිටි නිසා එහි වැඩ නිමාවීමෙන් පසුව විවාහ වෙන්න අපි තීරණය කළා. අපි දෙන්න විවාහ වුණේ 1943 ජුනි මාසයේ.

මේ කාලෙදි “ජොවාන් බැරී” කියන නිළිය, ඇයට ලැබෙන්න ඉන්න දරුවාගේ පියා මමය කියලා මට විරුද්ධව නඩුවක් දමා තිබුණා. ඒත් දරුවාගේ රුධිර

පරීක්ෂණයෙනුත් නඩු තීන්දුවෙනුත් ඔප්පු වුණා මම ඒ දරුවාගේ පියා නොවෙයි කියලා. මගේ චරිතය කෙළෙසන්න මේ වාගේ අනන්ත දේවල් සිද්ධ වුණා. මේ වෙන කොට ඌනාට දරුවෙක් ලැබෙන්නයි හිටියේ. මේ කතාව ආරංචි වෙලා එයා ක්ලාන්ත වුණා. අපි ඉක්මනින්ම ඒ පළාතෙන් පිට වුණා. අන්තිමට අපි දෙන්නම තීරණය කළා සදහටම ඇමරිකාව අතහැරලා දාලා ආපහු එංගලන්තයට යන්න.

කාලය මේ විදියට ගෙවිලා ගියා. එඩ්නා මට දිගටම ලියුම් ලිව්වා. ඈ මිය ගියෙත් අන්තිමට මට ලියුමක් ලියලයි. ලෝකය වයසට යනවා කියලා මට හිතුණා. යෞවනය වැහැරිලා ගිහින්. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි.

මගේ මේ ගමන නතර කරන්න කාලය ඇවිත්.

හැම දෙයින්ම මම ජීවිතයට සතුට එකතු කරගත්තා. ඒත් මට ලෝකයෙන් ආදරයත්, වෛරයත් එක වගේ ලැබුණා. වාසනාවත් අවාසනාවත් හරියට වළාකුළු වගේ. හැල හැප්පීම් මැද ගෙවුණු කාලයේදී මට හොඳින්ම දැනුණා ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක.

අන්තිමේදී ඌනා ඕ නිල් වගේ අපූරු බිරිඳක් ලබන්න තරම් මම වාසනාවන්තයෙක් වුණා. ඇය ගැන හිතෙන කොට මට ආදරේ ගැන ඕනෑ තරම් දේවල් කියන්න පුළුවන්. ඇගේ මුළු සිරුරෙන්ම නික්මෙන්නේ ආදරයේ සුවඳ.

ජීවිතේ හැම දෙයක්ම ප්‍රීතිමත් දෙයකින් පිරිලා. පිපෙන මල්, කිචි බිචි ගාන විහඟුන්, ගලා හැලෙන දිය කඳන්, බසින් හිරු .... අන්තිමේදී මේ හැම එකකින්ම පවසන්නේ මගේ ජීවිතය. නිරංජන් චාමින්ද කරුණාතිලක

[QUOTE="kputha, post: 15489089, member: 401420"] [b]චාලි චැප්ලින් මේ ඔහුගේ කතාවයි 2[/b] [CENTER][SIZE=3][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572277"]පලවෙනි කොටස[/URL] [COLOR=Blue] ඊට පස්සේ මම රෙදි සාප්පුවක රස්සාවක් හොයා ගත්තා. දොස්තර කෙනෙක් ළඟත් වැඩ කළා. සතියකට සිලිං දොළහක් විතර මට හම්බ වුණා. දොස්තර මහත්තයත්, නෝනත් මට සැලකුවේ එයාලාගේම දරුවකුට වගේ. නිදාගන්න යන්න කලින් දොස්තර නෝනා මට හාද්දක් දෙන්න පුරුදු වෙලා හිටියා. මට අම්මාව මතක් වුණා. ඊටත් පස්සේ මම “ඩබ්ලිව්. එච්. ස්මිත් ඇන්ඩ් සන්ස්” කොම්පැණියේ පොත් විකුණන්න පටන් ගත්තා. පොත් විකුණන්න මාව පුංචි වැඩියි කියපු හින්දා මට එතැන වැඩි දවසක් ඉන්න ලැබුණේ නැහැ. වීදුරු පුම්බන රස්සාවකටත් ගියා. ගිය මුල්ම දවසේම වීදුරු පුම්බන්න ගිහින් මට ඒකේ රස්නෙ දරාගන්න බැරිව මාව සිහි නැති වුණා. ඉතිං ඒ රස්සාවට මම ගියේ එක දවසයි. එදා දවසේ පඩිය ගන්නවත් මම ඒ පැත්තේ ගියේ නැහැ. ඊට පස්සේ මම අච්චු කන්තෝරුවකත් වැඩ කළා. මම කොයි තරම් පුංචි ද කිව්වොත් මැෂිම උඩට නැග්ගාම දැනුණේ අයිෆල් කුලුන උඩ ඉන්නවා වගෙයි. ඔන්න මාව ආයේම පාසල් යවන්න ඕන කියලා අම්ම කියන්න පටන් ගත්තා. සිඩ්නිට අවුරුදු දාසයයි. ඔහු නැවත සංඥාකාරයෙක් විදියට රස්සාවකට ගියා. ඔහුට ලැබුණු අත්තිකාරම් මුදලින් අපි චෙස්ටර් වීදියේ තැනකට පදිංචියට ගියා. සිඩ්නිගේ මාසික වැටුප විදියට පවුම් දහයක් විතර ලැබුණා. සිඩ්නි නිතරම වාගේ අපව බලන්න ගෙදර ආවා. ඒත් එක වතාවක් ඔහුට ඉක්මනට එන්න බැරි වුණා. අපි අතේ තිබුණු සල්ලි ඉවර වුණා. ගෙවල් කුලී ගෙවා ගන්නත් බැරිවුණු හන්දා අපට වෙන තැනකට පදිංචියට යන්න සිද්ධ වුණා. අපි පවුනෝල් ටෙරස්වල පුංචි තැනකට පදිංචියට ගියා. මම සෙල්ලම් බෝට්ටු හදලා විකුණුවා. සිඩ්නි තවමත් ආවේ නැහැ. ඒ ගැන කල්පනා කරලාම අම්මා හිටියේ හරිම හිතේ අමාරුවෙන්. දවසින් දවසම සිඩ්නි ගැන කිසිම ආරංචියක් නැතිව කාලය ගෙවිලා ගියා. අම්මාගේ හිතේ කාංසාව තව තවත් වැඩි වුණා. අන්තිමට සිඩ්නි ගැන හිතලාම අම්මාට ආයෙත් පිස්සු වැටුණා. අම්මාව දොස්තර ළඟට අරන් ගියේ අපේ ගෙවල් අයිතිකාර ගෑණු කෙනා. අම්මාට ආයෙමත් කේන් හිල් මානසික රෝහලට යන්න සිද්ධ වුණා. මම කෑම කෑවේ ගෙවල් අයිතිකාර ගෑනු කෙනාගෙන්. මම ඒ කාලේ ලී මඩුවක වැඩ කළා. හදිසියේම මට විදුලි පණිවුඩයක් ලැබුණා. හෙට දහයට මම එනවා. වෝටර් ලූ දුම්රිය පොළට එන්න. මීට සෙනෙහෙබර සිඩ්නි. මට පුදුම සතුටක් දැනුණා. ඒත් සිඩ්නිව බලන්න යන්න මට අඳින්න තිබුණේ අණ්ඩවලින් පිරුණු එකම එක ඇඳුමක් විතරයි. සිඩ්නි මා එනවා දැකලා හරිම සතුටින් ඇවිත් මාව වැළඳ ගත්තා. ඒත් අම්මාව ආයෙම කේන්හිල් එක්කරගෙන ගියා කියලා දැනගත්තු ගමන් මුහුණ අඳුරුවෙලා ගියා. මුහුදු ජීවිතේ අතහැරලා ආපු බව ඔහු කිව්වා. අපි අම්මාව බලන්න ගියා. ඈ සුදුමැලි වෙලා. තොල් නිල් පාටයි. අම්මා අපිව අඳුනගත්තත් මුහුණේ කිසිම උදේයා්ගී බවක් තිබුණේ නැහැ. “අම්මට ඉක්මනට සනීප වෙයි.” මම කිව්වා. “පුළුවන් නම් නුඹලා අතින් මට තේ කෝප්පයක් හදාදියන්. මට එතකොට හොඳටම සනීප වේවි.” අම්මා කිව්වා. මට ඒ වදන් තවමත් මතක් වෙනවා. ඒ වෙලාවට මගේ හදවත හිල් වෙනවා වගේ දැනෙනවා. නළුවෙක් වෙන්න ඕන කියන අදහස මමත් සිඩ්නිත් අත්හැරියේ නැහැ. අපි බ්ලැක්මෝර් නෘත්‍යාගාරයට ගියා. අපට දෙන්න තරම් චරිත මොනවත් එතැන නැහැ කියලා මුලින් කිව්වත්, පස්සේ අපේ නම් දෙකයි. ලිපිනයයි ලියා ගත්තා. [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/August/2013.08.20/charly9.jpg[/IMG]සතියකට පස්සේ මට ලියුමක් ලැබුණා. මම මගේ වයස ගැන කියලා තිබුණේ බොරුවක්. එතකොට මට අවුරුදු දොළහමාරක් වුණත් මම කිව්වේ දාහතරක් කියලයි. කොහොමහරි මට “ෂර්ලෝක් හෝම්ස්” නාට්‍යයේ සේවකයෙක් විදියට රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම “ජිම්”, “ද රොමැන්ස් ඔෆ් ද කොක්නි” වගේ නාට්‍යවලත් සුළු චරිත මට ලැබුණා. වැටුප සතියකට සිලිං දහයයි. සිඩ්නි මේ ගැන ගොඩාක් සතුටු වුණා. “අම්මත් සනීප වෙලා හිටිය නම් ගොඩක් සතුටු වෙයි.” සිඩ්නි කිව්වා. මමත් එහෙම හිතුවා. නාට්‍ය පුහුණුවීම්වලදී මගේ රංගනය දැකලා හැමදෙනාම පුදුම වුණා. මගේ අම්මටත් තාත්තටත් පින් සිද්ධ වෙන්න මේක මගේ ජන්ම පුරුද්ද මගේ චරිතය ඇතුළේ විකට ගතියක් තිබුණා. ෂර්ලොක් හෝම්ස් නාට්‍යය පෙන්වන්න තැන තැන ඇවිදිමින් හිටපු කාලේ සිඩ්නි මට නිතරම ලිව්වා. ඒත් මට හොඳට අකුරු ලියන්න බැරි හන්දා මම උත්තර ලිව්වේ ඉඳලා හිටලා. දවසක් සිඩ්නි මට එවපු ලියුමක් දැකලා මාව හොඳටම සසලවෙලා ගියා. “අම්මත් ලෙඩවෙලා හින්දා අපි දෙන්නට මේ ලෝකේ ඉන්නේ අපි දෙන්නා විතරයි. ඒ හින්දා ඔබ මට නිතර ලියන්න ඕන. ඒත් මගේම සහෝදරයා මට ලියන්නේ නැතිව ඇයි මෙහෙම කරන්නේ.” ඉන්පස්සේ මම දිගටම සිඩ්නිට උත්තර ලිව්වා. ඔහුගේ හැම වදනකම සහෝදර සෙනෙහස, උණුසුම රැඳිලා තිබුණා. මගේ අම්මා හැරුණාම එහෙම සෙනෙහසක් ජීවිතේ පුරාම නොඅඩුව ලැබුණේ සිඩ්නිගෙන් විතරයි. “ජිම්” නාට්‍යය සාර්ථක නොවුණත්, “ෂර්ලොක් හෝම්ස්” නාට්‍යය සාර්ථක වුණා. මම කළමනාකාර මහත්තයත් එක්ක කතා කරලා සිඩ්නිවත් සතියකට සිලිං 35ක වැටුපකට ඒකේ චරිතයකට අරගත්තා. දැන් අපි දෙන්නාම එකම තැන. අපිත් හරියට සර්පයෝ හැව අරිනවා වාගේ තමයි පරණ දේවල් සැරින් සැරේට අතහැරියේ. සිඩ්නි අම්මට දිගටම ලිව්වා. දවසක් කේන්හිල් රෝහලින් ලියුමක් ආවා. අම්මට සනීපයි කියලා ඒ ලියුමේ තිබුණා. අම්මගේ සෙනෙහස, උණුසුම ආයෙත් ලබන්න පුළුවන්වීම ගැන අපි දෙන්නට කියාගන්න බැරි තරම් සතුටක් දනුණා. අපි අලුත් තැනක පදිංචියට ගියා. අපි නාට්‍ය රඟ දක්වමින් පිට පළාත්වල සංචාරය කළා. අපේම අවාසනාවට අම්මට ආයෙත් පිස්සු වැටුණා. අපි තුන්දෙනා හරිම පව්කාරයෝ කියලා මට හිතුණා. අම්මාව ආයෙත් කේන්හිල් මානසික රෝහලට අරගෙන ගියා, අම්මට ආයේ නම් කවදාවත් සම්පූර්ණ සුවයක් ලැබෙන එකක් නැහැ කියලයි මට හිතුණේ. අපි අතේ තරමක් වැඩිපුර සල්ලි තිබුණු නිසා අම්මාව පෞද්ගලික මානසික රෝහලක නතර කරන්න අපට පුළුවන් වුණා. ඊට පස්සේ අපි ෆේරඩ් කාර්නෝගෙ නාට්‍ය කණ්ඩායමට බැඳුණා. මට අවුරුදු 17 වෙනකොට මට තරමක ප්‍රධාන චරිතයක් රඟපාන්න පුළුවන් වුණා. ඒත් මට මගේ ඒ කාලේ දසාව නම් ඒ තරම් හොඳ එකක් වුණේ නැහැ. කොහොම වුණත් “ද ෆුට් බෝල් මැච්” නාට්‍යයෙන් පස්සේ මට හොඳ කාලයක් උදා වුණා. අවුරුදු 19 වෙන කොට මම කාර්නෝ සමාගමේ සාර්ථක විකට ශිල්පියෙක් වෙලා හමාරයි. මේ කාලේ තමයි මම ආදරේක පැටළුනේ. ඇගේ නම “හෙටී කෙලී”, නාට්‍ය කණ්ඩායමක කෙල්ලක්. ඒත් ඒක වැඩි කාලයක් තිබුණේ නැහැ.1909 දී මම කාර්නෝ සමාගමත් එක්ක පැරීසියට ගියා. ඒ නාට්‍ය පෙන්වන්න. මට එහේදී ප්‍රංශ කෙල්ලක් හම්බ වුණා. එයා ගොඩක් ලස්සනයි. ඒත් මගේ අවාසනාවට එයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණේ නැහැ. මට ප්‍රංශ භාෂාව බැහැ. ඉතිං මට භාෂා පර්වර්තකයෙක් හොයාගන්න වුණා. ඒකට උදව් කළේ මගේ යාළුවෙක්. ප්‍රංශයේදී මට ආයෙමත් හෙටීව හම්බ වුණා. මේ කාලේ මම රඟපෑවේ “මමිං බර්ඩ්” නාට්‍යයේ, ෆේරඩ් කාර්නෝගේ ඇමරිකානු සමාගමේ කළමනාකාර “ඇල්ෆ් රීව්ස්” මේ කාලේ එංගලන්තෙට ආවා. ඔහුගේ “වොව් වොව්ස්” නාට්‍යයේ ප්‍රධාන විකටයා හැටියට මට රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඔහුගේ මාර්ගයෙන් තමයි මට ඇමරිකාවට යන්න ලැබුණේ. කාර්නෝට ඇමරිකාවේ විශාල පිළිගැනීමක් තිබුණත් අවාසනාවකට අපේ වොව් වොව්ස් නාට්‍යය එහේ ජනප්‍රිය වුණේ නැහැ. අන්තිමට අපි ආපසු එංගලන්තයට එන්න ලෑස්තිවෙලා අන්තිමට පෙන්වපු දර්ශන වාරය හිතාගන්න බැරි තරම් සාර්ථක වුණා. මම ආයේ එංගලන්තයට ආවා. මට හුඟ කාලෙකින් සිඩ්නිගෙන් ලියුමක් ලැබුණේ නැහැ. ලන්ඩනයේදී මට ඔහු හමුවුණා. ඔහු විවාහ වෙලා. මම තනිවෙලා කියලා දැනෙන්න පටන් ගත්තා. ඉතිං මම හිතුවා ඇමරිකාවට යන්න. මම ලන්ඩන්වලට ආදරේ වුණත් මට එහෙ ජීවත්වෙන්න තරම් හිතක් තිබුණේ නැහැ. එහෙම පරිසරයක් තිබුණෙත් නැහැ. මම අන්තිම වතාවට ආයෙම අම්මාව බලන්න ගිහින් ඇමරිකාවට ගියා. ඇමරිකාවේදී මම කීස්ටෝන් ෆිල්ම් කොම්පැණි සමග එකතු වුණා. මට සතියකට ඩොලර් 150ක වැටුපක් ලැබුණා. ඒක මට කාර්නෝගෙන් ලැබුණු මුදල වගේ දෙගුණයක් මැක් සෙනෙට් මහත්තයත් එක්ක මට මේ කාලේ වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. ඔහු නළුවෙක් වගේම චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. මේ කාලේ ඔහු ළඟින්ම හිටපු හෙන්රි ලෙහර්මන් චිත්‍රපටයක් හදන්න සූදානම් වෙලා හිටියේ. චාලි චැප්ලින් කියූ ගමන් ඔබේ හිතේ මැවෙන අමුතු රැවුල, දිග කබාය, පැතලි සපත්තු වාගේ දේවල් මට එකතු වුණේ මේ චිත්‍රපටයෙදි. ඒ චිත්‍රපටයේ නම වුණේ “මාබෙල්ස් ස්ට්‍රේන්ජ් පේරඩිකමන්ට්” මම එතෙක් රඟපෑ විකට චරිතවලට වඩා වෙනසක් කරන්න මෙහිදී උත්සාහ කළා. කොහොම වුණත් මගේ චිත්‍රපට මිනිස්සු ඒ තරම්ම සාදරයෙන් පිළිගත්තු බවක් පෙණුනේ නැහැ. සෙනෙට් මහත්තයා මා ගැන තියපු බලාපොරොත්තු කඩකර ගනීද කියලා මට බයකුත් දැනුණා. කාලය මේ විදියට ගෙවිලා ගියා. සෙනෙට් මහත්තයාගේ උපදෙස් මත මම මගේ මුල්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න සූදානම් වුණා. චිත්‍රපටයේ නම” කෝට් ඉන් ද රේන්” ඒක තරමක් සාර්ථක වුණා. 1914 විතර වෙනකොට මගේ ජීවිතේ ටික ටික සාර්ථකත්වය දිහාට ඇදිලා යනවා වගේ දැනුණා. ඉන් පසුව මම හදපු “ට්වෙන්ටි මිනිට්ස් ඔෆ් ලව්”, “ඩෝ ඇන්ඩ් ඩයිනමයිට්”, “ද කිඩ්” වැනි චිත්‍රපට හාස්‍යයෙන් පිරී තිබුණා වගේම ඒවා ඉතා සාර්ථකත්වයටද පත් වුණා. මම සිඩ්නිවත් ඇමරිකාවට ගෙන්වා ගත්තා. ඔන්න මට ආයෙම ආදරේ ගැන හිතෙන්න පටන් ගත්තා. ඈ “එඩ්නා පර්වියන්ස්” මම හිතාගෙන හිටියා කවද හරි ඇයව විවාහ කරගන්න. අපි ඒ තරමට ළං වුණා. ඒත් තවත් කඩවසම් පිරිමියෙකුට පෙම් කළ ඇය මා අතහැර දැමුවා. ඒත් මිය යනතුරුම ඇය මා මිතුරකු විදියට ඇසුරු කළා. පළමු ලෝක යුද්ධය පටන් ගත්තා. ඒ 1918 අවුරුද්ද, මම මේ වන විට නම් සාර්ථකත්වය අතින් සෑහෙන ඉදිරියෙන් හිටියා. මගේ රසිකාවියක් වුණු “මේරි ඩෝරෝ” මට හමුවුණා. ඈ මට රහසින් ආදරය කොට තිබුණා. යුද්ධය එන්න එන්නම දරුණු වුණා. යුරෝපය පුරා දේපළ විනාශ වී ගියා. මම කාලයක් තිස්සේ ආදරය කළ “මිල්ඩේඩ් හැරිස්” මට හමුවුණේ මේ කාලේදීමයි. මටත් විවාහ වෙන්න ලොකු ඕනෑ කමක් තිබුණා. ඉතිං තවත් කල් යවන්නේ මොකටද? අපි විවාහ වුණා. මම ආයෙත් එංගලන්තයට ගියා. කලින් කිසිම ප්‍රසිද්ධියක් නැතිව හිටි මා ගැන ඒ වෙන කොට පත්තරවල විස්තර ගියේ පොල් ගෙඩි අකුරින්, මම වැඩි කාලයක් එංගලන්තයේ හිටියේ නැහැ. මම ආයෙමත් ඉක්මනටම ඇමරිකාවට ආවා. ඒ වෙනකොට මගේ අම්මා හිටියෙත් ඇමෙරිකාවේ හොලිවුඩ්වල. අම්මා එතකොට හොඳ සනීපෙන් සිටියත්, “ද සර්කස්” චිත්‍රපටය හදන කාලේ ඈ ආයෙත් අසනීප වුණා. අම්මා ඒ අසනීපයෙන්ම මිය ගියා. ඒ 1928 අගෝස්තු 28 වැනිදා. සිඩ්නිත්, මගේ බිරිඳත්, දරුවො දෙන්නත්, ඒ කියන්නේ චාර්ලියි, සිඩ්නියි හිටියේ යුරෝපයේ. ඒ හින්දා එයාලට අම්මගේ අවමඟුලට සහභාගි වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හොලිවුඩ්වල මටම අයිති “යුනයිටඩ් ආර්ටිස්ට්” කියලා චිත්රාගාරයක් තිබුණා. මම සමාජ ඇසුරෙන් අයින් වෙලා මේ චිත්‍රාගාරයටම වෙලා හිටපු කාලයකුත් තිබුණා. හැරිස් එක්ක ගතවුණු ජීවිතේ මට එපාවෙල තිබුණේ. මම හැරිස්ගෙන් වෙන් වුණා. ඊට ටික කාලෙකට පස්සේ මට “පෝලට් ගොඩාර්ඩ්” හමුවුණා. මම ඇයත් එක්ක විවාහ වුණා. ඒ 1936 වගේ තමයි මට මතක හැටියට. දෙවැනි ලෝක යුද්ධයත් පටන් ගත්තා. 1937 අවුරුද්දේ ඇලෙක්සැන්ඩර් කෝර්ඩා මට හරි අපූරු යෝජනාවක් කළා. ඒ තමයි හිට්ලර්ගේ චරිතය ඇතුළත් කරලා විකට චිත්‍රපටයක් හදන එක, හිට්ලර්ගේ චරිතය රඟපාන්න කිව්වෙත් මටමයි. කොහොම හරි අවුරුදු දෙකක් විතර මහන්සි වෙලා අපි “ද ග්‍රේට් ඩික්ටේටර්” නමින් චිත්‍රපටයක් නිපදවලා ප්‍රදර්ශනය කළා. මෙහෙම චිත්‍රපටයක් හදනවා කියලා ආරංචි වෙලා මට තර්ජනය කරලා ලියුම් ආවා. චිත්රාගාරයට බෝම්බ ගහනවා කියලා තර්ජන ආවා. කොහොම වුණත් අපි හිතපු නැති විදියට මේ චිත්‍රපටය සාර්ථක වුණා. මම කිසිම ගැහැනියක් එක්ක වැඩි කාලයක් ඉන්න බැරි තරම් අවාසනාවන්තයෙක්ද කියලා වෙලාවකට හිතෙන්න පටන් ගත්තා. මොකද මට පෝලට් [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/August/2013.08.20/charly8.jpg[/IMG]එක්ක ගතවුණු ජීවිතෙත් එපා වුණා. මෙහෙම ඉන්න කොට තමයි මට “ඌනා ඕ නිල්” මුණගැහුණේ. මම ඇයට ආදරය කරන්න පටන්ගන්න කොට ඇයට අවුරුදු 18යි. ඒ වෙනකොට මම “ෂැඩෝ ඇන්ඩ් සබ්ස්ටන්” කියන චිත්‍රපටය කරමින් සිටි නිසා එහි වැඩ නිමාවීමෙන් පසුව විවාහ වෙන්න අපි තීරණය කළා. අපි දෙන්න විවාහ වුණේ 1943 ජුනි මාසයේ. මේ කාලෙදි “ජොවාන් බැරී” කියන නිළිය, ඇයට ලැබෙන්න ඉන්න දරුවාගේ පියා මමය කියලා මට විරුද්ධව නඩුවක් දමා තිබුණා. ඒත් දරුවාගේ රුධිර පරීක්ෂණයෙනුත් නඩු තීන්දුවෙනුත් ඔප්පු වුණා මම ඒ දරුවාගේ පියා නොවෙයි කියලා. මගේ චරිතය කෙළෙසන්න මේ වාගේ අනන්ත දේවල් සිද්ධ වුණා. මේ වෙන කොට ඌනාට දරුවෙක් ලැබෙන්නයි හිටියේ. මේ කතාව ආරංචි වෙලා එයා ක්ලාන්ත වුණා. අපි ඉක්මනින්ම ඒ පළාතෙන් පිට වුණා. අන්තිමට අපි දෙන්නම තීරණය කළා සදහටම ඇමරිකාව අතහැරලා දාලා ආපහු එංගලන්තයට යන්න. කාලය මේ විදියට ගෙවිලා ගියා. එඩ්නා මට දිගටම ලියුම් ලිව්වා. ඈ මිය ගියෙත් අන්තිමට මට ලියුමක් ලියලයි. ලෝකය වයසට යනවා කියලා මට හිතුණා. යෞවනය වැහැරිලා ගිහින්. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. මගේ මේ ගමන නතර කරන්න කාලය ඇවිත්. හැම දෙයින්ම මම ජීවිතයට සතුට එකතු කරගත්තා. ඒත් මට ලෝකයෙන් ආදරයත්, වෛරයත් එක වගේ ලැබුණා. වාසනාවත් අවාසනාවත් හරියට වළාකුළු වගේ. හැල හැප්පීම් මැද ගෙවුණු කාලයේදී මට හොඳින්ම දැනුණා ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක. අන්තිමේදී ඌනා ඕ නිල් වගේ අපූරු බිරිඳක් ලබන්න තරම් මම වාසනාවන්තයෙක් වුණා. ඇය ගැන හිතෙන කොට මට ආදරේ ගැන ඕනෑ තරම් දේවල් කියන්න පුළුවන්. ඇගේ මුළු සිරුරෙන්ම නික්මෙන්නේ ආදරයේ සුවඳ. ජීවිතේ හැම දෙයක්ම ප්‍රීතිමත් දෙයකින් පිරිලා. පිපෙන මල්, කිචි බිචි ගාන විහඟුන්, ගලා හැලෙන දිය කඳන්, බසින් හිරු .... අන්තිමේදී මේ හැම එකකින්ම පවසන්නේ මගේ ජීවිතය. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][I]නිරංජන් චාමින්ද කරුණාතිලක[/I][/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom