චාවාකච්ෙච්රි ත්‍රස්‌තයා පිටුපස ඩයස්‌පෝ&#

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
චාවාකච්ෙච්රි ත්‍රස්‌තයා පිටුපස ඩයස්‌පෝ&#

චාවාකච්ෙච්රි ත්‍රස්‌තයා
පිටුපස ඩයස්‌පෝරාව

මෙහෙයවා ඇත්තේ හිරේ සිටින කොටි ප්‍රබලයෙක්‌
දකුණේ පාතාලය සමගත් සබඳතා පවත්වලා

සමන් ගමගේ

චාවකච්ෙච්රියේදී අසු වූ මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොටි ත්‍රස්‌තවාදියා මෙහෙයවා ඇත්තේ ප්‍රබල කොටි ත්‍රස්‌තවාදියකු වන මොරිල් ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් බවට තොරතුරු ලැබී ඇත.

විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මොරිල් ඇතුළු කණ්‌ඩායම විසින් මෙම ත්‍රස්‌තවාදියාව මෙහෙයවා ඇත.

චාවකච්ෙච්රි ත්‍රස්‌තවාදියාට එරෙහිව රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට පොලිසිය උත්සාහ ගනිද්දී රජයේ ප්‍රබල ඇමැතිවරයකු එයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇතැයි ද මේ වන විට පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

බන්ධනාගාරගතව සිsටින ප්‍රබල කොටි ත්‍රස්‌තවාදියකු වන "මොරිල්" නමැත්තා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රහාර ගණනාවක්‌ සැලසුම් කළ මහමොළකරුවාද වේ. ඔහුට විශේෂ ජනාධිපති සමාවක්‌ ලබාදෙන ලෙස ඇමැති සරත් ෆොන්සේකා මහතා පසුගිය දිනවල ජනාධිපතිවරයාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක්‌ කළේය.

මේ වන විට අත්අඩංගුවේ පසුවන චාවකච්ෙච්රි ත්‍රස්‌තවාදියා කිසිදු ප්‍රකාශයක්‌ සිදු නොකරන අතර ඔහුට බාහිරින් ලැබෙමින් තිබෙන සහයෝගය ඊට ප්‍රබල හේතුවක්‌ වී ඇතැයි ද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ත්‍රස්‌තවාදියා පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන නිලධාරීන්ට කළ අසත්‍ය ප්‍රකාශයක්‌ මත ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසයේ නිලධාරීන් පිරිසක්‌ තවත් අවි තොගයක්‌ සොයා විල්පත්තු කැලේ කිලෝමීටර් 10 ක පමණ දුරක්‌ සෝදිසි මෙහෙයුමක්‌ සිදුකර ඇතත් කිසිදු අවියක්‌ සොයා ගැනීමට නොහැකි වී ඇත.

දැනට පොලිසිය සිදුකරගෙන යන විමර්ශන අනුව චාවකච්ෙච්රි කොටි ත්‍රස්‌තවාදියා ඇතුළු බන්ධනාගාර කොටින් සමඟ දකුණේ පාතාලය සමඟ සබඳතා පවත්වන බවට ද තොරතුරු ලැබී ඇත.

දකුණේ පාතාලයන්ට ලැබෙන මත්කුඩු තොග සහ විදේශගත කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවෙන් ලැබෙන මුදල් හේතුවෙන් මෙම සබඳතාව ගොඩනැඟී ඇතැයි ද පසුගිය කාලයේ දකුණේ පාතාලයන් බන්ධනාගාරගත වූ අවස්‌ථාවලදී සිරගත කොටි ත්‍රස්‌තවාදීන් සමඟ සමීප සබඳතා ඇතිකර ගැනීම මීට ප්‍රබල හේතුවක්‌ වී ඇතැයි ද අනාවරණය වී ඇත.

මේ අතර ඉකුත් දිනවල ධීවර බෝaට්‌ටු හරහා නවීන ටී 56 ගිනි අවි 1000 ක පමණ තොගයක්‌ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් මෙරටට ගෙන ඒමට පියවර ගෙන ඇතැයි ද ආරක්‍ෂක බුද්ධි අංශවලට තොරතුරක්‌ ලැබී ඇත.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිරිසේන පබයගෙයි අගමැති *න්නයගෙයි සහජීවනේ.:angry::angry::angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,254
    17,200
    113
    කමක් නෑ ජාතික ගීය දෙමලෙන් කිව්වනේ..
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Ai ara G.L. Piries wa allan gihin thibbe kata uththara ganna.. onna munge yahapalane.. ara sivajilingam wa allanne ne bayai sahajeevane kadei kiyala
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    බන්ධනාගාරගතව සිsටින ප්‍රබල කොටි ත්‍රස්‌තවාදියකු වන "මොරිල්" නමැත්තා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රහාර ගණනාවක්‌ සැලසුම් කළ මහමොළකරුවාද වේ. ඔහුට විශේෂ ජනාධිපති සමාවක්‌ ලබාදෙන ලෙස ඇමැති සරත් ෆොන්සේකා මහතා පසුගිය දිනවල ජනාධිපතිවරයාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක්‌ කළේය.

    බයියෝ බෝම්බ පත්තුවෙනකන් බලන් ඉන්නවා කියපු එවුන්ට සනීපද දැන්? කවුද බෝම්බ පත්තු වෙන තැනට වැඩ කරන්නේ කියලා දැන් වත් තේරුම් ගනියව්.

    • Like
    Reactions: nadeeraLK

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Ai ara G.L. Piries wa allan gihin thibbe kata uththara ganna.. onna munge yahapalane.. ara sivajilingam wa allanne ne bayai sahajeevane kadei kiyala

    ai ban rejinold kiyala thiyenne MY3 gahanna genapu ekak kiyala
    harinan porawath prashna karanna onane
     
    • Like
    Reactions: nadeeraLK

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    චාවකච්ෙච්රි ත්‍රස්‌තවාදියාට එරෙහිව රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට පොලිසිය උත්සාහ ගනිද්දී රජයේ ප්‍රබල ඇමැතිවරයකු එයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇතැයි ද මේ වන විට පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් වාර්තා වේ

    මේ වන විට අත්අඩංගුවේ පසුවන චාවකච්ෙච්රි ත්‍රස්‌තවාදියා කිසිදු ප්‍රකාශයක්‌ සිදු නොකරන අතර ඔහුට බාහිරින් ලැබෙමින් තිබෙන සහයෝගය ඊට ප්‍රබල හේතුවක්‌ වී ඇතැයි ද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

    පේනවනේ සිද්දිය.. අමුතුවෙන් හිතන්න දෙයක් නෑනේ :no:
     
    owa jathika arakshwata badawak neme ban.ke nogha imu
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තොපිලගෙ පක්ෂ බේද ගැටුම් නිසා කොටින්ට තවත් වාසියි!!
    සිහලුනි එකමුතු වෙයල්ල........

    :(:(:yes::yes::):)