Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිත්‍ර ශිල්පි සිතුම් සුධාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිත්‍ර ශිල්පි සිතුම් සුධාර

පසුගියදා සිය බිරිය මරා දමා ළිඳට පැන දිවිනසාගන්නට තැත් කළ චිත්‍ර ශිල්පි සිතුම් සුධාර මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ. ඔහුට ඔහුගේ බිරිය කුමුදු ආදර හැඟුම් මතුකරමින් මුණගැසුණ අවස්ථාවේ සිට මරා දැමීමට කෝපය පහළවීම දක්වා කතාව මේ වනවිට අනාවරණය වී තිබේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම චිත්‍ර ශිල්පියා සිය පවුලෙන් උරුමවූ

රැකියාව වූ බතික් කර්මාන්තයේ නියැළුණේය.

සිතුම්ට කුමුදු මුණ ගැසෙන්නේ දැනට වසර කිහිපයකට ඉහත එක්තරා උත්සවයකදීය. දුටු මුල් දිනයේදීම සුධාරට, කුමුදු ගැන ආදරයක් පහළ වී තිබේ. එදින රාත්‍රිය පුරා ඔහු නොනිදා ඇය ගැන කල්පනා කර තිබේ. පසුදිනම ඔහු ඇයගේ රුව සිතින් මවාගෙන සිතුවම් කළ බව කියැවේ. කෙලෙස හෝ ඇය තම පෙම්වතිය කරගත යුතු යෙයි ඔහු තීරණය කර මෙලෙස අමතා තිබේ.

"හෙලෝ නංගි මාව මතකද මම සුධාර"

"ආ... ඔව් අයියා මතකයි. චිත්‍ර අඳින අයියනේ..."

"හරියට හරි නංගි. ඉතින් මම කතා කළේ ඔයාට තෑග්ගක් දෙන්න"

"මට මොන තෑගිද අයියේ... අපි අඳුරගත්තෙත් එදානේ..."

"අයියෝ බය වෙන්න එපා. මේක විශේෂ තෑග්ගක්"

"මොකක්ද ඔය විශේෂ තෑග්ග. කාගෙවත් තෑගි එපා"

"බයවෙන්න එපා. ඔයාගේ මූණ මතක විදියට චිත්‍රයකට ඇන්දා. ඒක දෙන්න කතා කළේ..."

"අනේ එහෙමද... මම බයවුණා වෙන මොකක් හරි කියලා... ඇයි අනේ මගේ මුහුණ ඇන්දේ...

ඔයාට වෙන අඳින්න මුහුණක් තිබුණෙම නැද්ද..."

"ඔයාගේ මුහුණ ගොඩක් ලස්සනයි. ඒකයි මම ඇන්දේ..."

"නිකන් බොරු කියන්නෙ නැතිව ඉන්න අයියේ..."

"බොරු නොවෙයි ඇත්ත. නංගිට කොහොමද මම මේක දෙන්නෙ..."

"අයියා පෝස්ට් එකට දාන්න. මම ඇඩ්රස් එක දෙන්නම්..."

"හරි නංගි"

එලෙස පටන්ගත් මිතුරුකම සති කිහිපයක් යන්නට මත්තෙන් ආදරයක් බවට පෙරළී තිබේ. දැන් කුමුදුගේ මුළු ලෝකයම වූයේ සුධාරයි. ඇය ඔහුගේ හදවතට මෙන්ම නිර්මාණවලටද ආදරය කළ බැව් කියැවේ. සුධාරද එලෙසය. ඔහුද තම පණ දෙවැනිකොට තම පෙම්වතියට ආදරය කර තිබේ. කුමුදු සුධාරට වඩා අවුරුදු තුනක් පමණ වැඩිමහල් වූවාය. එහෙත් ඔවුන්ගේ ආදරයට එය බාධාවක් වී නැත.

සුධාරගේ පියාද ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි රන්ජිත්ප්‍රියය. ඔවුන්ගේ නිවස ගම්වැසියන් හැඳින්වූයේ "බතික් නිවස" ලෙසින්ය. වැඩිකල් නොගොස් සුධාර තම දෙමාපියන්ට කුමුදු ගැන පැවසුවේය. ඉන්පසු කුමුදු ද ඇයගේ දෙමාපියන්ට සුධාර ගැන පැවසුවේය. එහෙත් කුමුදුගේ නිවැසියෝ මෙම සම්බන්ධතාවට පළමුව අකමැති වූහ. පසුව කුමුදුගේ දැඩි පෙරැත්තය මත ඔවුහු එයට කැමැති වූහ.

සුධාර ජනවාරි මාසයේ එක් දිනකදී තම පෙම්වතිය නීත්‍යනුකූලව විවාහ කරගෙන "බතික් නිවසට" එක් කරගෙන ආවේය. මාස දෙක තුනක් ඔවුහු සතුටින් කාලය ගත කළහ. එහෙත් කුමුදු නොසිතූ අයුරින් සුධාර වෙනස් වන්නට පටන් ගත්තේය. මාස දෙක තුනක් ඇතුළත සිදුවූ ඔහුගේ වෙනස්වීම ගැන ඇයට කිසිවක් සිතා ගැනීමට නොහැකි වූවාය.

එන්න එන්නම සුධාර වෙනස් වූවේය. අවසානයේ ඔහු සුළු දෙයකට පවා කුමුදු එක්ක රණ්ඩු සරුවල් කර ගත්තේය. ඇය මාස ගණනක් සුධාරගෙන් බැණුම් අසමින් ගුටිබැට කමින් සිටියේ ඔහුට තිබුණ ආදරය නිසාය. කුමුදුටද ඉවසීමේ සීමාවක් තිබුණි. අවසානයේ බැරිම තැන ඇය තම දෙමාපියන් ළඟට ගියේ ඇඬූ කඳුළින් යුතුවය.

"අනේ අම්මේ... සුධාර එක්ක මට තවත් ජීවත් වෙන්න බැහැ. මුලින් හිටිය මනුස්සයා නොවෙයි එයා දැන්. තිරිසනෙක් වගේ හැසිරෙන්නෙ. නිතරම මට ගහනවා. බණිනවා. එයාගෙ දෙමාපියනුත් ඒ වගේ. කොයි වෙලාවෙත් එයාගේ පැත්තයි ගන්නේ. මට ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නේ දැන්..."

" අපි කිව්වා දුවේ ඔය කසාදය කරගන්න එපා කියලා. ඒත් ඔයා ඒක ඇහුවේ නැහැනේ... දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. උඹව අපිට වැඩි නැහැ. අපි ජීවත් වෙලා ඉන්නකම් උඹව බලා ගන්නවා"

කුමුදුගේ දෙමාපියෝ එලෙස පැවසූහ. එයින් ඇයගේ සිතට සුළු සහනයක් ලැබුණත් තම අනාගතය සහ ස්වාමි පුරුෂයා ගැන කල්පනා කරමින් ඇය දුක් වූවාය. එලෙසම තවත් ප්‍රශ්න රාශියකට මුහුණ දීමට ඇයට සිදු වූවාය. සමාජයට, යහළු යෙහෙළියන්ට මුහුණ දෙන්නේ කෙසේද කියා සිතමින් ඇය තව තවත් දුක් වූවාය.

මාසයක් පමණ ගිය පසු සුධාරට තම බිරිඳ ගැන යළි ආදරයක් ඇති වූවේය. පරණ තරහ මරහ ඔහු අතහැර දැමුවේය. යළිත් තම බිරිඳ දෙස ආදරයෙන් යුතුව බැලුවේය.

"ආයි කිසි දවසක එහෙම වෙන්නෙ නැහැ“යන පොරොන්දු මත ඇයව නැවත "බතික් නිවස" වෙත රැගෙන ආවේය. සති කිහිපයක් දෙදෙනා සතුටින් ජීවත් වූහ.

යළිත් නොසිතූ ලෙස සුධාර වෙනස් වන්නට පටන් ගත්තේය. පුරුදු පරිදි දෙදෙනා අතර රණ්ඩු සරුවල් ඇතිවිය. ඒ අතර සුධාරගේ දෙමාපියෝද ඔවුන්ගේ රණ්ඩු සරුවල් අතරට මැදිවූහ. කවුරු කෙලෙස කීවත් දෙදෙනා අතර ඇතිවන රණ්ඩු සරුවල් නවතා දැමීමට කිසිවෙකුටත් නොහැකි විය.

දිනය පසුගිය 02 වැනිදාය. එදිනද සුපුරුදු පරිදි උදෑසන සිට දෙදෙනා අතර පෞද්ගලික ප්‍රශ්නයක් මත වචන හුවමාරුවක් ඇති විය. දහවල් කාලය වන විට එය තව තවත් උග්‍ර විය. ඒ අනුව දෙදෙනා වෙනදාට වඩා එදින රණ්ඩු සරුවල් කර ගත්හ. නිතරම ඇතිවන මොවුන්ගේ අඬදබර අසල්වැසියන්ටද විශේෂයක් නොවීය.

වේලාව රාත්‍රී හත පසුවී තිබිණි. සුධාර සහ කුමුදු අතර ඇතිවූ ආරවුල තව තවත් වැඩිවිය. දෙදෙනා ඉතාමත් අශෝබන ලෙස පරුෂ වචන පවා කියමින් රණ්ඩු වූහ. ඔවුන්ගේ එම කෑගැසීම අවට නිවැසියන්ටද කරදරයක් විය. එදින සුධාර හැසිරුණේ තිරිසනෙකු මෙන්ය.

"අද දෙකෙන් එකක් කරනවා මම. උඹත් එක්ක ජීවත් වුණා ඇති. උඹ මහ යක්ෂණියක්"

"දැන්ද තේරුණේ... මම යක්ෂණියක් කියලා. මම තමුසෙගෙ කටට දැන් බය නැහැ. පුළුවන් දෙයක් කරනවා..."

"මම හොඳින් කියන්නේ... ඔය හැකර කට වහ ගනින්. නැත්නම් දත් ඇන්ද ගැළවෙන්න ගහනවා..."

"පුළුවන්නම් ගහනවා මම බයවෙයි කියල හිතුවද..."

එලෙස බැණගත් දෙදෙනා අවසානයේ ගුටිබැට පවා හුවමාරු කරගත්හ. ඒ මොහොතේ සුධාර හැසිරුණේ තිරිසන් සතෙකුටත් වඩා අන්ත ලෙසින්ය. කේන්තිය පාලනය කරගත නොහැකි තැන ඔහු කායවර්ධන උපකරණයක් ලෙස භාවිතා කරන ඩම්බෙල් එකක් රැගෙන කුමුදුගේ හිසට වැරෙන් පහරක් එල්ල කළේය. ඒ සමඟම ඇය බිම වැටුණි.

ඇයගේ මුවින් මොනවාදො වචන වගයක් පිටවිය. එහෙත් ඒවා පැහැදිලි නැත. ලේ විලක් මැද ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නියෑළුණාය. ඒ සමඟම අසල්වැසියෝ පැමිණ වහාම ඇයව වතුපිටිවල රෝහල වෙත රැගෙන යැමට කටයුතු කළහ.

සිදුකළ අපරාධයේ බරපතළකම චිත්‍ර ශිල්පියාට දැනුණේ විනාඩි කිහිපයකට පසුවය. දැන් නම් ජීවත් වීමෙන් පලක් නොවන බව ඔහුට වැටහුණි. ඔහුද සියදිවි නසා ගැනීමට තීරණය කළේය. ඒ අනුව නිවස අසල තිබූ ළිඳට පැන්නේ සියදිවි නසා ගැනීමටය. එහෙත් අවට සිටි අසල්වැසියෝ එය දුටුහ. වහාම ඔවුහු පැමිණ ළිඳට පැන්න සුධාරව බේරා ගත්හ. ඉන්පසු පොලිස් නිලධාරීහු ඔහුව අත්අඩංගුවට ගත්හ.

රෝහල් ගතකළත් කුමුදුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. අවසානයේ සියල්ල අතහැර දමා ඇය මෙලොවින් සමු ගත්තාය. අධික කේන්තිය පාලනය කර ගැනීමට නොහැකිව තම බිරිඳව මරා දැමූ සුධාර තමා කළ වරදේ බරපතළකම ගැන සිතා දැන් අනිවාර්යයෙන්ම සිතින් දුක් විඳිනවා ඇත.

ගයාන් සමරසිංහ (දිවයින)

[QUOTE="hichchiputha, post: 23202350, member: 565736"] [b]චිත්‍ර ශිල්පි සිතුම් සුධාර[/b] පසුගියදා සිය බිරිය මරා දමා ළිඳට පැන දිවිනසාගන්නට තැත් කළ චිත්‍ර ශිල්පි සිතුම් සුධාර මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ. ඔහුට ඔහුගේ බිරිය කුමුදු ආදර හැඟුම් මතුකරමින් මුණගැසුණ අවස්ථාවේ සිට මරා දැමීමට කෝපය පහළවීම දක්වා කතාව මේ වනවිට අනාවරණය වී තිබේ. වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම චිත්‍ර ශිල්පියා සිය පවුලෙන් උරුමවූ රැකියාව වූ බතික් කර්මාන්තයේ නියැළුණේය. සිතුම්ට කුමුදු මුණ ගැසෙන්නේ දැනට වසර කිහිපයකට ඉහත එක්තරා උත්සවයකදීය. දුටු මුල් දිනයේදීම සුධාරට, කුමුදු ගැන ආදරයක් පහළ වී තිබේ. එදින රාත්‍රිය පුරා ඔහු නොනිදා ඇය ගැන කල්පනා කර තිබේ. පසුදිනම ඔහු ඇයගේ රුව සිතින් මවාගෙන සිතුවම් කළ බව කියැවේ. කෙලෙස හෝ ඇය තම පෙම්වතිය කරගත යුතු යෙයි ඔහු තීරණය කර මෙලෙස අමතා තිබේ. "හෙලෝ නංගි මාව මතකද මම සුධාර" "ආ... ඔව් අයියා මතකයි. චිත්‍ර අඳින අයියනේ..." "හරියට හරි නංගි. ඉතින් මම කතා කළේ ඔයාට තෑග්ගක් දෙන්න" "මට මොන තෑගිද අයියේ... අපි අඳුරගත්තෙත් එදානේ..." "අයියෝ බය වෙන්න එපා. මේක විශේෂ තෑග්ගක්" "මොකක්ද ඔය විශේෂ තෑග්ග. කාගෙවත් තෑගි එපා" "බයවෙන්න එපා. ඔයාගේ මූණ මතක විදියට චිත්‍රයකට ඇන්දා. ඒක දෙන්න කතා කළේ..." "අනේ එහෙමද... මම බයවුණා වෙන මොකක් හරි කියලා... ඇයි අනේ මගේ මුහුණ ඇන්දේ... ඔයාට වෙන අඳින්න මුහුණක් තිබුණෙම නැද්ද..." "ඔයාගේ මුහුණ ගොඩක් ලස්සනයි. ඒකයි මම ඇන්දේ..." "නිකන් බොරු කියන්නෙ නැතිව ඉන්න අයියේ..." "බොරු නොවෙයි ඇත්ත. නංගිට කොහොමද මම මේක දෙන්නෙ..." "අයියා පෝස්ට් එකට දාන්න. මම ඇඩ්රස් එක දෙන්නම්..." "හරි නංගි" එලෙස පටන්ගත් මිතුරුකම සති කිහිපයක් යන්නට මත්තෙන් ආදරයක් බවට පෙරළී තිබේ. දැන් කුමුදුගේ මුළු ලෝකයම වූයේ සුධාරයි. ඇය ඔහුගේ හදවතට මෙන්ම නිර්මාණවලටද ආදරය කළ බැව් කියැවේ. සුධාරද එලෙසය. ඔහුද තම පණ දෙවැනිකොට තම පෙම්වතියට ආදරය කර තිබේ. කුමුදු සුධාරට වඩා අවුරුදු තුනක් පමණ වැඩිමහල් වූවාය. එහෙත් ඔවුන්ගේ ආදරයට එය බාධාවක් වී නැත. සුධාරගේ පියාද ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි රන්ජිත්ප්‍රියය. ඔවුන්ගේ නිවස ගම්වැසියන් හැඳින්වූයේ "බතික් නිවස" ලෙසින්ය. වැඩිකල් නොගොස් සුධාර තම දෙමාපියන්ට කුමුදු ගැන පැවසුවේය. ඉන්පසු කුමුදු ද ඇයගේ දෙමාපියන්ට සුධාර ගැන පැවසුවේය. එහෙත් කුමුදුගේ නිවැසියෝ මෙම සම්බන්ධතාවට පළමුව අකමැති වූහ. පසුව කුමුදුගේ දැඩි පෙරැත්තය මත ඔවුහු එයට කැමැති වූහ. සුධාර ජනවාරි මාසයේ එක් දිනකදී තම පෙම්වතිය නීත්‍යනුකූලව විවාහ කරගෙන "බතික් නිවසට" එක් කරගෙන ආවේය. මාස දෙක තුනක් ඔවුහු සතුටින් කාලය ගත කළහ. එහෙත් කුමුදු නොසිතූ අයුරින් සුධාර වෙනස් වන්නට පටන් ගත්තේය. මාස දෙක තුනක් ඇතුළත සිදුවූ ඔහුගේ වෙනස්වීම ගැන ඇයට කිසිවක් සිතා ගැනීමට නොහැකි වූවාය. එන්න එන්නම සුධාර වෙනස් වූවේය. අවසානයේ ඔහු සුළු දෙයකට පවා කුමුදු එක්ක රණ්ඩු සරුවල් කර ගත්තේය. ඇය මාස ගණනක් සුධාරගෙන් බැණුම් අසමින් ගුටිබැට කමින් සිටියේ ඔහුට තිබුණ ආදරය නිසාය. කුමුදුටද ඉවසීමේ සීමාවක් තිබුණි. අවසානයේ බැරිම තැන ඇය තම දෙමාපියන් ළඟට ගියේ ඇඬූ කඳුළින් යුතුවය. "අනේ අම්මේ... සුධාර එක්ක මට තවත් ජීවත් වෙන්න බැහැ. මුලින් හිටිය මනුස්සයා නොවෙයි එයා දැන්. තිරිසනෙක් වගේ හැසිරෙන්නෙ. නිතරම මට ගහනවා. බණිනවා. එයාගෙ දෙමාපියනුත් ඒ වගේ. කොයි වෙලාවෙත් එයාගේ පැත්තයි ගන්නේ. මට ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නේ දැන්..." " අපි කිව්වා දුවේ ඔය කසාදය කරගන්න එපා කියලා. ඒත් ඔයා ඒක ඇහුවේ නැහැනේ... දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. උඹව අපිට වැඩි නැහැ. අපි ජීවත් වෙලා ඉන්නකම් උඹව බලා ගන්නවා" කුමුදුගේ දෙමාපියෝ එලෙස පැවසූහ. එයින් ඇයගේ සිතට සුළු සහනයක් ලැබුණත් තම අනාගතය සහ ස්වාමි පුරුෂයා ගැන කල්පනා කරමින් ඇය දුක් වූවාය. එලෙසම තවත් ප්‍රශ්න රාශියකට මුහුණ දීමට ඇයට සිදු වූවාය. සමාජයට, යහළු යෙහෙළියන්ට මුහුණ දෙන්නේ කෙසේද කියා සිතමින් ඇය තව තවත් දුක් වූවාය. මාසයක් පමණ ගිය පසු සුධාරට තම බිරිඳ ගැන යළි ආදරයක් ඇති වූවේය. පරණ තරහ මරහ ඔහු අතහැර දැමුවේය. යළිත් තම බිරිඳ දෙස ආදරයෙන් යුතුව බැලුවේය. "ආයි කිසි දවසක එහෙම වෙන්නෙ නැහැ“යන පොරොන්දු මත ඇයව නැවත "බතික් නිවස" වෙත රැගෙන ආවේය. සති කිහිපයක් දෙදෙනා සතුටින් ජීවත් වූහ. යළිත් නොසිතූ ලෙස සුධාර වෙනස් වන්නට පටන් ගත්තේය. පුරුදු පරිදි දෙදෙනා අතර රණ්ඩු සරුවල් ඇතිවිය. ඒ අතර සුධාරගේ දෙමාපියෝද ඔවුන්ගේ රණ්ඩු සරුවල් අතරට මැදිවූහ. කවුරු කෙලෙස කීවත් දෙදෙනා අතර ඇතිවන රණ්ඩු සරුවල් නවතා දැමීමට කිසිවෙකුටත් නොහැකි විය. දිනය පසුගිය 02 වැනිදාය. එදිනද සුපුරුදු පරිදි උදෑසන සිට දෙදෙනා අතර පෞද්ගලික ප්‍රශ්නයක් මත වචන හුවමාරුවක් ඇති විය. දහවල් කාලය වන විට එය තව තවත් උග්‍ර විය. ඒ අනුව දෙදෙනා වෙනදාට වඩා එදින රණ්ඩු සරුවල් කර ගත්හ. නිතරම ඇතිවන මොවුන්ගේ අඬදබර අසල්වැසියන්ටද විශේෂයක් නොවීය. වේලාව රාත්‍රී හත පසුවී තිබිණි. සුධාර සහ කුමුදු අතර ඇතිවූ ආරවුල තව තවත් වැඩිවිය. දෙදෙනා ඉතාමත් අශෝබන ලෙස පරුෂ වචන පවා කියමින් රණ්ඩු වූහ. ඔවුන්ගේ එම කෑගැසීම අවට නිවැසියන්ටද කරදරයක් විය. එදින සුධාර හැසිරුණේ තිරිසනෙකු මෙන්ය. "අද දෙකෙන් එකක් කරනවා මම. උඹත් එක්ක ජීවත් වුණා ඇති. උඹ මහ යක්ෂණියක්" "දැන්ද තේරුණේ... මම යක්ෂණියක් කියලා. මම තමුසෙගෙ කටට දැන් බය නැහැ. පුළුවන් දෙයක් කරනවා..." "මම හොඳින් කියන්නේ... ඔය හැකර කට වහ ගනින්. නැත්නම් දත් ඇන්ද ගැළවෙන්න ගහනවා..." "පුළුවන්නම් ගහනවා මම බයවෙයි කියල හිතුවද..." එලෙස බැණගත් දෙදෙනා අවසානයේ ගුටිබැට පවා හුවමාරු කරගත්හ. ඒ මොහොතේ සුධාර හැසිරුණේ තිරිසන් සතෙකුටත් වඩා අන්ත ලෙසින්ය. කේන්තිය පාලනය කරගත නොහැකි තැන ඔහු කායවර්ධන උපකරණයක් ලෙස භාවිතා කරන ඩම්බෙල් එකක් රැගෙන කුමුදුගේ හිසට වැරෙන් පහරක් එල්ල කළේය. ඒ සමඟම ඇය බිම වැටුණි. ඇයගේ මුවින් මොනවාදො වචන වගයක් පිටවිය. එහෙත් ඒවා පැහැදිලි නැත. ලේ විලක් මැද ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නියෑළුණාය. ඒ සමඟම අසල්වැසියෝ පැමිණ වහාම ඇයව වතුපිටිවල රෝහල වෙත රැගෙන යැමට කටයුතු කළහ. සිදුකළ අපරාධයේ බරපතළකම චිත්‍ර ශිල්පියාට දැනුණේ විනාඩි කිහිපයකට පසුවය. දැන් නම් ජීවත් වීමෙන් පලක් නොවන බව ඔහුට වැටහුණි. ඔහුද සියදිවි නසා ගැනීමට තීරණය කළේය. ඒ අනුව නිවස අසල තිබූ ළිඳට පැන්නේ සියදිවි නසා ගැනීමටය. එහෙත් අවට සිටි අසල්වැසියෝ එය දුටුහ. වහාම ඔවුහු පැමිණ ළිඳට පැන්න සුධාරව බේරා ගත්හ. ඉන්පසු පොලිස් නිලධාරීහු ඔහුව අත්අඩංගුවට ගත්හ. රෝහල් ගතකළත් කුමුදුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. අවසානයේ සියල්ල අතහැර දමා ඇය මෙලොවින් සමු ගත්තාය. අධික කේන්තිය පාලනය කර ගැනීමට නොහැකිව තම බිරිඳව මරා දැමූ සුධාර තමා කළ වරදේ බරපතළකම ගැන සිතා දැන් අනිවාර්යයෙන්ම සිතින් දුක් විඳිනවා ඇත. ගයාන් සමරසිංහ (දිවයින) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom