Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
චීනයේ විදුළි වාහන ප්‍රගතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනයේ විදුළි වාහන ප්‍රගතිය

චීනයේ විදුළි වාහන ප්‍රගතිය.

මේ ගැන සාකච්චා කරන්නට පෙර, අපි මේ හා අනියම්ව අදාළ වෙනත් කාරණයක් හෙවත් පරිඝනකය ලොව පුරා ව්‍යාප්ත වූ ආකාරය ගැන මුලින් සිත් යොමු කරමු.

අන්තර්ජාලයේ බොහෝ කරුණු බෙදා හදා ගත හැකි දේ අපට ලැබුනේත්, පරිඝනකය මේ තරම් අපේ ජීවිත වලට සම්බන්ද වුනෙත්, පරිඝනක දැනුම සහ ඒ උපාංග ලෝකයේ සෑම අස්සක් මුල්ලකටම ව්‍යාප්ත වීම නිසා බව අපි දන්නවා. පරිඝනකයේ දියුණුව සඳහා බොහෝ අය ඇප කැප වුණත්, පරිඝනකය සාමාන්‍ය මිනිසා වෙත ලඟා වීමට අවශ්‍ය ප්‍රායෝගික තත්වය සඳහා, අඩු මුදලකින් එය නිෂ්පාදනය වීම විය යුතු වුනා. ඇමරිකාවේ හෝ යුරෝපයේ පමණක් මේ පරිඝනක නිෂ්පාදනය වුනා නම්, සාමාන්‍ය මිනිසාට පරිඝනකය මෙන්ම, පරිඝනකයක් මෙන්ම වූ ස්මාර්ට් දුරකථන වැනි දේත් අපට හුදෙක් සුඛෝපභෝගී දෙයක් වෙන්නට ඉඩ තිබුනා.

ලංකාවට පරිඝනක මුලින්ම පැමිණි කාලයේ පවතී ‘සින්ක්ලෙයාර්’ පරිඝනක වල මිළ ගණන ගැන, ඒ කාලයේ මේ උපකරණ ගැන උනන්දුවක් තිබුණු අය දන්නවා. පරිඝනකයක් මිළදී ගැනීම ඒ කාලයේ සාමාන්‍ය මිනිසෙක්ට සිහිනයක් විය.

නමුත් මේ අඩුව අපට පිරිමැසුනේ චීනය නිසාමයි. අවසානයේ ලෝකයේ වැඩි ප්‍රමාණයක නිෂ්පාදන ක්‍රියාවලියේ දැවැන්තයා චීනය නොවුනානම්, ඒ නිෂ්පාදන සාපේක්ෂව අඩු මිළට ගන්නට නොහැකි වූවා නම්, පරිඝනක වැනි දේ ලෝකයේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන් අතරට යන්නේ නැහැ. චීනය මේ කාර්යයට යොමු වීම නිසා බොහෝ නිෂ්පාදන සාමාන්‍ය මිනිසා අතරට යාම සිදු විය. එසේම දැන් දැන් ජනප්‍රිය වන විදුළි වාහන මහා මාර්ඝයට පැමිණීම වැඩි වීමටත් චීනය එම වාහන නිෂ්පාදනයට යොමු වීම බලපානවා.

උදාහරණයක් ලෙස ඇමරිකාවේ නිෂ්පාදිත ටෙස්ලා වාහනයක් මිළදී ගන්න එක සාමාන්‍ය මිනිසුන්වූ අපට සිහිනයක් වෙන්නට පුළුවන්. හේතුව ඒ වාහනයේ අධික මිළයි. එහෙත් ඊට සාපේක්ෂව චීන විදුළි වාහනයක් මිළදී ගැනීම යතාර්ථයක් කරගන්නට නොහැකියාවක් නැහැ. ලංකාවේ පවා චීන විදුළි වාහන ව්‍යාප්ත වීම සිදුවී තිබේ. එසේ විදුළි වාහන වල ජනප්‍රියතාවය වැඩි කිරීමට එය පුළුල් වශයෙන් ව්‍යාප්ත වූ බව අපට පෙනෙන දෙයක් වෙන්නට ඕනා. නැතිනම් මිනිසුන් තමන් අමාරුවෙන් ඉතිරි කරන මුදළ, නොදන්නා දෙයකට වියදම් කරන්න කැමති වෙන්නේ නැහැ. මෙන්න මේ විදුළි වාහනයේ ව්‍යාප්ත වීම චීනයේ පාරවල් වල දැන් ක්‍රමයෙන් සිදු වෙනවා.

මේ අතර පරිඝනක ව්‍යාප්ත වීම සමඟ අනුගත එහි මිළ අඩු වීම සමඟ රථ වාහන ව්‍යාප්තිය අනුව එහි මිළ සසඳා බැලූ විට එය මෙසේ කියනවා. “මෝටර් රථද , පරිඝනකයෙ මිළ අඩු වෙමින් ව්‍යාප්ත වුනා නම් , සාමාන්‍ය මෝටර් රථයක් ඩොලර් දහයක් වේ”...

ඔබ සමහරවිට අසා ඇති, චීනයේ බෙයිජිං නුවර සිටින මිනිසුන්ට අධික ලෙස වායු දුෂනයට මුහුණ දෙන්නට සිදුවී ඇතැයි කියා. බෙයිජිං නුවර වීථියක ගමන් ගන්නා බොහෝ මිනිසුන් මුව ආවරණ භාවිතා කරන බව පෙනෙන දෙයක්. ඉතින් මේ පරිසර දූෂණය ඇතිවෙන්නට එක හේතුවක් වන්නේ බෙයිජිං නුවර ඇති ෆොසිල ඉන්ධන වලින් ක්‍රියාත්මක වන රථ වාහන වලින් ඇති කරන විෂ වායුන්. 70,000 ක් පමණ වූ කුලී රථ මේ විෂ වායු ඇති කිරීමට තවත් මූලික සාධකයක් වේ.

මෙන්න මේ කුළී රථ හෙවත් ටැක්සි, විදුළි වාහන බවට පරිවර්ථනය කිරීමේ ඉලක්කයට ඔවුන් අවතීර්ණ වීම, යුගයේ අවශ්‍යතාවයක් වෙලා තියෙන බව චීනයේ බෙයිජිං නුවර ඒ අදාළ නිලධාරීන් තේරුම් ගෙන තියෙනවා. එහි මූලික පියවර මේ අවුරුද්දේ එනම් 2017 වසරේ ඔවුන් ගෙන තියෙනවා. මෙය බෙයිජිං නුවර පමණක් නොව, ‘ශේන්ස්හෙන්’ සහ ‘ටයියුවාන්’ නගර වලද කුලී රථ විදුළි වාහන බවට පත් කිරීමට තීරණය කර තියෙනවා.

මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක්, එනම් මෙම පරිමාණයෙන් කරන්න හැක්කේ චීනය වැනි රටකට පමණයි. ඒ අනුව ඔවුන් මේ සඳහා ඩොලර් බිලියන 1.3 ක් ආයෝජනය කරාවි. මේ මුදළ විශාල වුවත්, එයින් ලැබෙන ප්‍රතිඵල එනම් පරිසර දූෂණය අඩු වීම සහ එයින් ලැබෙන සෞඛ්‍යමය ප්රතිලාභ වැනි අනෙක් සුභදායි ප්‍රතිඵල වැනි දේ එයට වඩා වටින බව ඔවුන් පවසනවා. කුළි රථ රියදුරන්ට මේ සඳහා රජයෙන් සහනාධාර ලැබීම ලොකු සහනයක් වේවි. ඇත්තටම චීනය මේ වන විට ලෝකයේ ලොකුම විදුළි වාහන වෙළඳ පොළ වී තියෙනවා. ඒ නිෂ්පාදන වෙළඳ පොළ ඇමරිකාව සහ යුරෝපය එකට ගත් කල ඇතිවන නිෂ්පාදන ප්‍රමාණයට වඩා වැඩියි. මේ අතරේ එම විදුළි වාහන තවත් 70,000 කින් වැඩි වී චීනයේ පාරවල් වලට ඉතා ඉක්මනින් පැමිණේවි.

ඉතින්, මෙයින් අපට ගතහැකි දෙයක් තියෙනවා. එනම්, ලාබ චීන පරිඝනක යන්ත්‍ර අපේ රටේ ප්‍රචලිත වුනා මෙන්, ඒ නිසාම ඒ පරිඝනක ගැන අප ඉගෙන ගත්තාක් මෙන්, විදුළි වාහන ගැන සැළකිල්ලක් ඇති කර ගැන්මයි. මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය අනිවාර්යයෙන්ම ලැබිය යුතු වෙනවා. එනම් මේ කරුණු අපට මෙසේ සාරාංශ ගත කරන්නට පුළුවන්.

1.විදුළි වාහන සඳහා බදු සහන දීම සහ මහා මාර්ග බදු [Toll] වලින් මේ වාහන ඉවත් කිරීම.

2. එම විදුළි වාහන ආරෝපණය කර ගැන්මට අවශ්‍ය ආරෝපිත ස්ථාන වැඩි කිරීම.

3.සාමාන්‍ය ජනතාව වෙත මේ පණිවිඩය රජයේ මාධ්‍ය වලින් අදට වඩා පුළුල් ලෙස දැනුම් දීම.

4.ලංකාවට අවශ්‍ය බල ශක්තිය සඳහා සූර්ය බල ශක්තිය ගැනීමට සහ, එය ‘පාරේ විදුළිය’ [City power] සමඟ එක් කිරීම සඳහා අවශ්‍ය නීති ලිහිල් කිරීම.

මේ සියලු දේ එක දාමයක් ලෙස ක්‍රියාත්මක වුවහොත්, ලෝකයටම පිළිලයක් වූ ෆොසිල ඉන්ධන වලට තිත කියන්න හැකි වේවි. ඒ අතර විදුළි වාහන භාවිතය සාමාන්‍ය මිනිසා අතරටද යාවි.

By. Lalith karunarathne

[QUOTE="salitha22, post: 21351717, member: 525534"] [b]චීනයේ විදුළි වාහන ප්‍රගතිය[/b] [SIZE=4][SIZE=4]චීනයේ විදුළි වාහන ප්‍රගතිය. මේ ගැන සාකච්චා කරන්නට පෙර, අපි මේ හා අනියම්ව අදාළ වෙනත් කාරණයක් හෙවත් පරිඝනකය ලොව පුරා ව්‍යාප්ත වූ ආකාරය ගැන මුලින් සිත් යොමු කරමු. අන්තර්ජාලයේ බොහෝ කරුණු බෙදා හදා ගත හැකි දේ අපට ලැබුනේත්, පරිඝනකය මේ තරම් අපේ ජීවිත වලට සම්බන්ද වුනෙත්, පරිඝනක දැනුම සහ ඒ උපාංග ලෝකයේ සෑම අස්සක් මුල්ලකටම ව්‍යාප්ත වීම නිසා බව අපි දන්නවා. පරිඝනකයේ දියුණුව සඳහා බොහෝ අය ඇප කැප වුණත්, පරිඝනකය සාමාන්‍ය මිනිසා වෙත ලඟා වීමට අවශ්‍ය ප්‍රායෝගික තත්වය සඳහා, අඩු මුදලකින් එය නිෂ්පාදනය වීම විය යුතු වුනා. ඇමරිකාවේ හෝ යුරෝපයේ පමණක් මේ පරිඝනක නිෂ්පාදනය වුනා නම්, සාමාන්‍ය මිනිසාට පරිඝනකය මෙන්ම, පරිඝනකයක් මෙන්ම වූ ස්මාර්ට් දුරකථන වැනි දේත් අපට හුදෙක් සුඛෝපභෝගී දෙයක් වෙන්නට ඉඩ තිබුනා. ලංකාවට පරිඝනක මුලින්ම පැමිණි කාලයේ පවතී ‘සින්ක්ලෙයාර්’ පරිඝනක වල මිළ ගණන ගැන, ඒ කාලයේ මේ උපකරණ ගැන උනන්දුවක් තිබුණු අය දන්නවා. පරිඝනකයක් මිළදී ගැනීම ඒ කාලයේ සාමාන්‍ය මිනිසෙක්ට සිහිනයක් විය. නමුත් මේ අඩුව අපට පිරිමැසුනේ චීනය නිසාමයි. අවසානයේ ලෝකයේ වැඩි ප්‍රමාණයක නිෂ්පාදන ක්‍රියාවලියේ දැවැන්තයා චීනය නොවුනානම්, ඒ නිෂ්පාදන සාපේක්ෂව අඩු මිළට ගන්නට නොහැකි වූවා නම්, පරිඝනක වැනි දේ ලෝකයේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන් අතරට යන්නේ නැහැ. චීනය මේ කාර්යයට යොමු වීම නිසා බොහෝ නිෂ්පාදන සාමාන්‍ය මිනිසා අතරට යාම සිදු විය. එසේම දැන් දැන් ජනප්‍රිය වන විදුළි වාහන මහා මාර්ඝයට පැමිණීම වැඩි වීමටත් චීනය එම වාහන නිෂ්පාදනයට යොමු වීම බලපානවා. උදාහරණයක් ලෙස ඇමරිකාවේ නිෂ්පාදිත ටෙස්ලා වාහනයක් මිළදී ගන්න එක සාමාන්‍ය මිනිසුන්වූ අපට සිහිනයක් වෙන්නට පුළුවන්. හේතුව ඒ වාහනයේ අධික මිළයි. එහෙත් ඊට සාපේක්ෂව චීන විදුළි වාහනයක් මිළදී ගැනීම යතාර්ථයක් කරගන්නට නොහැකියාවක් නැහැ. ලංකාවේ පවා චීන විදුළි වාහන ව්‍යාප්ත වීම සිදුවී තිබේ. එසේ විදුළි වාහන වල ජනප්‍රියතාවය වැඩි කිරීමට එය පුළුල් වශයෙන් ව්‍යාප්ත වූ බව අපට පෙනෙන දෙයක් වෙන්නට ඕනා. නැතිනම් මිනිසුන් තමන් අමාරුවෙන් ඉතිරි කරන මුදළ, නොදන්නා දෙයකට වියදම් කරන්න කැමති වෙන්නේ නැහැ. මෙන්න මේ විදුළි වාහනයේ ව්‍යාප්ත වීම චීනයේ පාරවල් වල දැන් ක්‍රමයෙන් සිදු වෙනවා. මේ අතර පරිඝනක ව්‍යාප්ත වීම සමඟ අනුගත එහි මිළ අඩු වීම සමඟ රථ වාහන ව්‍යාප්තිය අනුව එහි මිළ සසඳා බැලූ විට එය මෙසේ කියනවා. “මෝටර් රථද , පරිඝනකයෙ මිළ අඩු වෙමින් ව්‍යාප්ත වුනා නම් , සාමාන්‍ය මෝටර් රථයක් ඩොලර් දහයක් වේ”... ඔබ සමහරවිට අසා ඇති, චීනයේ බෙයිජිං නුවර සිටින මිනිසුන්ට අධික ලෙස වායු දුෂනයට මුහුණ දෙන්නට සිදුවී ඇතැයි කියා. බෙයිජිං නුවර වීථියක ගමන් ගන්නා බොහෝ මිනිසුන් මුව ආවරණ භාවිතා කරන බව පෙනෙන දෙයක්. ඉතින් මේ පරිසර දූෂණය ඇතිවෙන්නට එක හේතුවක් වන්නේ බෙයිජිං නුවර ඇති ෆොසිල ඉන්ධන වලින් ක්‍රියාත්මක වන රථ වාහන වලින් ඇති කරන විෂ වායුන්. 70,000 ක් පමණ වූ කුලී රථ මේ විෂ වායු ඇති කිරීමට තවත් මූලික සාධකයක් වේ. මෙන්න මේ කුළී රථ හෙවත් ටැක්සි, විදුළි වාහන බවට පරිවර්ථනය කිරීමේ ඉලක්කයට ඔවුන් අවතීර්ණ වීම, යුගයේ අවශ්‍යතාවයක් වෙලා තියෙන බව චීනයේ බෙයිජිං නුවර ඒ අදාළ නිලධාරීන් තේරුම් ගෙන තියෙනවා. එහි මූලික පියවර මේ අවුරුද්දේ එනම් 2017 වසරේ ඔවුන් ගෙන තියෙනවා. මෙය බෙයිජිං නුවර පමණක් නොව, ‘ශේන්ස්හෙන්’ සහ ‘ටයියුවාන්’ නගර වලද කුලී රථ විදුළි වාහන බවට පත් කිරීමට තීරණය කර තියෙනවා. මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක්, එනම් මෙම පරිමාණයෙන් කරන්න හැක්කේ චීනය වැනි රටකට පමණයි. ඒ අනුව ඔවුන් මේ සඳහා ඩොලර් බිලියන 1.3 ක් ආයෝජනය කරාවි. මේ මුදළ විශාල වුවත්, එයින් ලැබෙන ප්‍රතිඵල එනම් පරිසර දූෂණය අඩු වීම සහ එයින් ලැබෙන සෞඛ්‍යමය ප්රතිලාභ වැනි අනෙක් සුභදායි ප්‍රතිඵල වැනි දේ එයට වඩා වටින බව ඔවුන් පවසනවා. කුළි රථ රියදුරන්ට මේ සඳහා රජයෙන් සහනාධාර ලැබීම ලොකු සහනයක් වේවි. ඇත්තටම චීනය මේ වන විට ලෝකයේ ලොකුම විදුළි වාහන වෙළඳ පොළ වී තියෙනවා. ඒ නිෂ්පාදන වෙළඳ පොළ ඇමරිකාව සහ යුරෝපය එකට ගත් කල ඇතිවන නිෂ්පාදන ප්‍රමාණයට වඩා වැඩියි. මේ අතරේ එම විදුළි වාහන තවත් 70,000 කින් වැඩි වී චීනයේ පාරවල් වලට ඉතා ඉක්මනින් පැමිණේවි. ඉතින්, මෙයින් අපට ගතහැකි දෙයක් තියෙනවා. එනම්, ලාබ චීන පරිඝනක යන්ත්‍ර අපේ රටේ ප්‍රචලිත වුනා මෙන්, ඒ නිසාම ඒ පරිඝනක ගැන අප ඉගෙන ගත්තාක් මෙන්, විදුළි වාහන ගැන සැළකිල්ලක් ඇති කර ගැන්මයි. මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය අනිවාර්යයෙන්ම ලැබිය යුතු වෙනවා. එනම් මේ කරුණු අපට මෙසේ සාරාංශ ගත කරන්නට පුළුවන්. 1.විදුළි වාහන සඳහා බදු සහන දීම සහ මහා මාර්ග බදු [Toll] වලින් මේ වාහන ඉවත් කිරීම. 2. එම විදුළි වාහන ආරෝපණය කර ගැන්මට අවශ්‍ය ආරෝපිත ස්ථාන වැඩි කිරීම. 3.සාමාන්‍ය ජනතාව වෙත මේ පණිවිඩය රජයේ මාධ්‍ය වලින් අදට වඩා පුළුල් ලෙස දැනුම් දීම. 4.ලංකාවට අවශ්‍ය බල ශක්තිය සඳහා සූර්ය බල ශක්තිය ගැනීමට සහ, එය ‘පාරේ විදුළිය’ [City power] සමඟ එක් කිරීම සඳහා අවශ්‍ය නීති ලිහිල් කිරීම. මේ සියලු දේ එක දාමයක් ලෙස ක්‍රියාත්මක වුවහොත්, ලෝකයටම පිළිලයක් වූ ෆොසිල ඉන්ධන වලට තිත කියන්න හැකි වේවි. ඒ අතර විදුළි වාහන භාවිතය සාමාන්‍ය මිනිසා අතරටද යාවි. By. Lalith karunarathne[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom