Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීනය - දුම්රිය සේවා සහ අපට ඉන් ගත හැකි පාඩම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනය - දුම්රිය සේවා සහ අපට ඉන් ගත හැකි පාඩම්

ලෝකයේ දුම්රිය ජාලවල දිග මැන්නොත්, ඒ අතරෙන් තුනෙන් දෙකක් චීනයේ ඇත. මේවායින් සෑහෙන ප්‍රමාණයක් වේගවත් දුම්රිය ජාලයන් වීම තවත් විශේෂයකි. කුමක් නිසා ඔවුන් මේ ආකාරයේ වේගවත් දුම්රිය ජාලයන් නිර්මාණය කරන්නේද යන්න මුලින් සොයා බැලිය යුතුය. මේ සඳහා සංසන්දනාත්මක සේ කුඩා උදාහරණ දෙකක් ගනිමු.

මෝටර් සයිකලයක යන දෙදෙනෙක් සහ බස් රථයක හැට දෙනෙක් ගමන් කිරීම ගැන සළකා බලමු. මේ අවස්ථා දෙකේම සයිකලය සහ බස් රථය පැයට කිලෝ මීටර් 60 ක මධ්‍යන වේගයෙන් කිලෝ මීටර් 60 ක දුරක් එකම ධාවන මාර්ගයක් භාවිතා වෙන්නේ යයි සිතුවහොත්, ගමන යන්නට ගත වන්නේ පැයකි. එහෙත් යම් හෙයකින් ගමනට යන කාලය විනාඩි 5 කින් ප්‍රමාද වුවහොත් කුමක් වන්නේද ?

මෝටර් සයිකලයේ යන දෙදෙනාට විනාඩි දහයක් සහ බස් රථයේ යන මගීන්ට පැය 5 ක ශ්‍රම කාලයක් අහිමි වනු ඇත. බස් රථය තරම් විශාල දුම්රිය මැදිරි දහයක් ඇති දුම්රියක් පැයක් ප්‍රමාද වුවහොත් පැය 50ක කාලයක් හෙවත් දින දෙකක කාලයක් අහිමි වනු ඇත. ඒ ආකාරයේ දුම්රියක් දිනකට ගමන් 20ක් එසේ ප්‍රමාද වෙමින් යන්නේ නම්, එහි ගමන් කරන මගීන්ට දිනකට වන කාල හානිය පැය 1000ක් හෙවත් දල වශයෙන් දින 40 ක් වේ.

වසරකට එවිට දින 14600 ක් හෙවත් මිනිස් ශ්‍රම කාල වසර 40ක් අහිමි වනු ඇත. මේ එකම එක දුම්රියක් නිසා වන දේ පමණි. මෙතනින් එහාට රටක් වශයෙන් වන මිනිස් ශ්‍රම කාල හානිය ගැන අපට යම් අදහසක් ගත හැක. ලංකාවේ සිදු වන “ශ්‍රම කාලයේ හානිය” ගැන යම් අවබෝධයක් මෙමගින් ලැබෙන්නේ නම්, කෙනෙක් විස්මයට සහ දුකට පත් වෙනවා ඇත.

දැන් මේ කතාව පාරම බදු අරගෙන, මිනිසුන්ගේ සමච්චලයට භාජනය වෙමින් ආරක්ෂක රථ පෙරටු කරගෙන මෙතෙක් ගිය සහ තවමත් යන ප්‍රභූ වරයන් යයි කියන අය නිසා වන ශ්‍රමයේ කාල හානිය කොතෙක් වේදැයි ඔබටම සිතා ගන්නට හැකිය. වෙනත් රටවල මැති ඇමතිවරු පමණක් නොව අගමැති පවා බයිසිකල් වලින් සේවයට යන්නේ ඒ බව නිදසුනක් සේ ආදර්ශයෙන්ම පෙන්වීමෙනි.

නුවර කොළඹ පාරේ දිනකට ගමන් කරන බස් රථ ප්‍රමාණය ගැන සිතුවහොත් ඒ විනාශ වන කාලයේ ප්‍රමාණය ගැන යම් අවබෝධයක් ගත හැක. රටක් දියුණු වීමට බාධකය ඊට ඇති ණය බර පමණක් නොවේ. එහි සිටින ශ්‍රම දායකයන් ගේ කාලය ඵලදායි සේ භාවිතා නොකිරීමද යම් රටක දියුණුව අඩාල වීමට හේතුවක් වේ.

මේ බව චීනා හොඳින්ම දනී. බොහෝ අය සිතන්නේ චීනුන්, කොරියානුවන් සහ ජපනුන් දියුණු වීමේ රහස ඔවුන්ගේ දැවැන්ත නිෂ්පාදන ශක්තිය යන්නය. එහෙත් සත්‍ය වශයෙන්ම ඒ නිෂ්පාදන වේගයෙන් නිෂ්පාදනය කිරීම එහි මූලිකම රහස වේ. ඉහත උදාහරණයේ වාහන විනාඩි කීපයකින් වේගවත් කරවීම මෙන්ම ඒ ධාවන කාලය තුල ගමන් කරන මගීන් වෙනත් කාර්යයක් කිරීම මගින් ප්‍රතිඵලය ධනාත්මක වේ.

අප කීයෙන් කීදෙනෙක් නම් බස් රථයක යන විට පොතක් බලන්නේද ? වැදගත් යමක් කරන්නේද ?

චීනයේ ඒක පුද්ගල ආදායම 2013 වසරේ සිට දෙගුණ වී ඇත. එකළ සිටි 48% ප්රතිශතයක දුගී ජනතාව අද දින මධ්‍යම පාන්තිකයන් බවට පත්වී ඇත. 2008 වසරේ ඔවුන්, “බෙයිජීන්” සිට “ටියන්ජින්” තෙක් ප්‍රථම වේගවත් දුම්රිය මාර්ගය ආරම්භ කරමින් ධාවන කාලය විනාඩි 70 සිට විනාඩි 30 තෙක් අඩු කලෝය. අද දින ඔවුන්ට ලෝකයේ ඇති දීර්ඝතම දුම්රිය මාර්ගය වන බෙයිජීන් සිට ගුවංසූ මාර්ගය ඇති කළහ.

ලෝකයේ වේගවත්ම දුම්රිය මාර්ගය සේ බෙයිජීන් සිට ෂැන්හයි නගරාන්තර දුම්රිය සේවයද නිර්මාණය කලහ. මේ වේගවත්ම දුම්රියේ වේගය පැයට කිලෝ මීටර් 277 කි.

ලංකාවේ සම්පූර්ණ දුම්රිය මාර්ග ජාලයේ දිග නම් නොදනිමි. එහෙත් අන්තර් ජාලයෙන් ගත් දත්ත අනුව චීනයේ නම් එය කිලෝ මීටර් 1,41, 000 කි. ඒ මුළු ගමන් මාර්ගයම වේගවත් දුම්රිය මාර්ග පද්ධති බවට ඔවුන් හරවනවා ඇත. දැනට ඉන් කිලෝ මීටර් 37,900ක දුරක වේගවත් දුම්රිය භාවිතා කෙරේ. දැන් කෙනෙක් ගේ මනසට ඊළඟට නැගෙන ප්‍රශ්ණය වන්නේ, මෙසේ දුම්රිය ගමන් වැඩි වන විට ඇතිවන පරිසර දූෂණය ගැටලුව වේ.

එහෙත් එය එසේ නොවන්නේ, මේ සියළු දුම්රිය මාර්ගයකම ගමන් කරන දුම්රිය, ශුන්‍ය කාබන් විමෝචක තත්ත්ව යටතේ ක්‍රියාත්මක වීම හෙයිණි.

දැනට ඩීසල් මගින් ක්‍රියාත්මක වන දුම්රිය ඔවුන් ඉතා වේගයෙන් විදුළියට හරවමින් පවතී. ඉහත මුලින්ම කී උදාහරණයේ ආකාරයට කාලය තවත් ඵලදායි සේ භාවිතා කිරීම සඳහා, ඒ සියළු දුම්රියයන්ගේ ‘වයි-ෆයි’ පහසුකම් මෙන්ම කුඩා අවන්හල්ද ඇත. එවිට ඒ දුම්රියවල ගමන් කරන මගීන්ට තම කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගත හැක. ලංකාවේ වුවද දුර ගමන් යන මගී බස්රථ වල වයි-ෆයි තිබුණහොත් එය මගීන්ට සහනයකි. එසේම බස් රථයට වෙළඳ දැන්වීමකි.

රටක් දියුණු කිරීම ඒ අවස්ථාවේ රට කරවන දේශපාලනඥයන්ගේ අතේ තිබෙන දෙයක්ම නොව, ජනතාවගේ පාර්ශවයෙන්ද විය යුතු දෙයකි. මේ බව චීනය ජපානය දකුණු කොරියාව වැනි රටවල් වල ජනතාව ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිති. ඒ නිසාම ඔවුන් කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගනිති. වැඩක් නොකර උඩ බිම බලමින් බසයක දුම්රියක ගමන් කරන මගියෙක් ඔබට මේ රටවල් වල දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

ලෝකයේ මිලියන පහකට වඩා වැඩි ජනතාවක් සිටින වැඩිම නගර චීනයේ ඇත. ඒ ආකාරයේ නගර 14 කි. ඔවුන් ඉතා කාර්යක්ෂමව ඒ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටු කල යුතු වේ. එය හැකිතාක් නිවැරදි අයුරෙන් කරන බවක් නම් පෙනී යන්නේය. ලෝකයේ ඇති වේගවත් දුම්රිය මාර්ග නිර්මාණය කිරීමට යන මිළ චීනයේ අවම වන්නේය. ඒ කාරණය සහ තවත් වියදම් වල අවම වීම නිසා, චීනයේ යම් ව්‍යාපෘතියක් සඳහා යන මිලෙන් 8%ක් පමණක් ප්‍රවාහනය සඳහා වැය වේ.

සංසන්දනය කිරීමක් කළහොත්, ඇමරිකාවේ එය 20%කි… !

රටක් දියුණු වෙනවා කියන්නේ, … “ඉල්ලන තරමට, ඕනා තරම් ණය ලැබේ යයි” හිඟන්නන් සේ චීනයට අත පාමින් ණය ඉල්ලීමෙන් නොවේ. එක්තරා ඇමතියෙක් නොබෝදා එසේ කියූ බව ඔබ දනී. එතනම ආර්ථික සේ ඔහු ලත් තැනම ෆේල් වේ. තවත් රාජ්‍ය ඇමතියෙක් කියන්නේ රුපියල ශක්තිමත් කරන බවය. කෙසේ කරන්නේද යන්න දන්නේ උඩ ඉන්නවා යයි කියන දෙවියන් පමණි.

රටක් සේ ලබාගෙන ඇති ණය මුදල අප ගෙවිය යුතුය. එය කොපමණ වේදනාකාරී වුවද එය කවදා හෝ ගෙවිය යුතුය. ඒ බව දන්නේ නැත්නම් ඔහු හෝ ඇය නොම්මර එකේ තක්කඩියෙක් හෝ පට්ට මෝඩයෙක් විය යුතුමය. නමුත් කිසියම් දේශපාලනඥයෙක් දුරදර්ශී වන්නේ නම්, එසේම ජනතාවගේ කාලය කාර්යක්ෂම සේ ඒකරාශි කර, එය රටේ ශ්‍රම දායකත්වයට යොදා ගන්නේ නම් ලංකාවේ මේ රුපියල බාල්දු වීමේ අවාසනාවන්ත තත්වය අවම කරගත හැක.

රටක් දියුණුව කරා ගෙන යන්නට එහි මූලික අවශ්‍යතා ප්‍රථමයෙන්ම ඉටු කල යුතුය. එය දේශපාලනඥයන් විසින් ජනතාව සමඟ අත්වැල් බැඳ කරගෙන කලයුතු කාරියක් විනා, ජනතාව කරන කියන සෑම දෙයක් කෙරෙම සැකයේ කෝණයෙන් මැනීමෙන් නොවේ.

චීනය ප්‍රවාහනය හරහා කාලය කළමනාකරණය කරන දැවැන්ත කාර්යාවලිය අපට කල නොහැකි බව යතාර්ථයකි. එහෙත් චීනාගෙන් පාඩම් රැගෙන, තියෙන දුම්රිය මාර්ග සහ බස් මාර්ග වල තත්වය වැඩි දියුණු කරවීමේ අපහසුවක් නැත. ඒ අතරේ රටක් දියුණු කිරීමේ දායකත්වයට පෞද්ගලිකව අපම කැප විය යුතුය.

එය කල හැකි එක ක්‍රමයක් වන්නේ කාලය අරපිරිමැස්මෙන් සහ ඵලදායි සේ භාවිතා කිරීමෙනි.

[QUOTE="IMUNA, post: 26286453, member: 392391"] චීනය - දුම්රිය සේවා සහ අපට ඉන් ගත හැකි පාඩම් ලෝකයේ දුම්රිය ජාලවල දිග මැන්නොත්, ඒ අතරෙන් තුනෙන් දෙකක් චීනයේ ඇත. මේවායින් සෑහෙන ප්‍රමාණයක් වේගවත් දුම්රිය ජාලයන් වීම තවත් විශේෂයකි. කුමක් නිසා ඔවුන් මේ ආකාරයේ වේගවත් දුම්රිය ජාලයන් නිර්මාණය කරන්නේද යන්න මුලින් සොයා බැලිය යුතුය. මේ සඳහා සංසන්දනාත්මක සේ කුඩා උදාහරණ දෙකක් ගනිමු. මෝටර් සයිකලයක යන දෙදෙනෙක් සහ බස් රථයක හැට දෙනෙක් ගමන් කිරීම ගැන සළකා බලමු. මේ අවස්ථා දෙකේම සයිකලය සහ බස් රථය පැයට කිලෝ මීටර් 60 ක මධ්‍යන වේගයෙන් කිලෝ මීටර් 60 ක දුරක් එකම ධාවන මාර්ගයක් භාවිතා වෙන්නේ යයි සිතුවහොත්, ගමන යන්නට ගත වන්නේ පැයකි. එහෙත් යම් හෙයකින් ගමනට යන කාලය විනාඩි 5 කින් ප්‍රමාද වුවහොත් කුමක් වන්නේද ? මෝටර් සයිකලයේ යන දෙදෙනාට විනාඩි දහයක් සහ බස් රථයේ යන මගීන්ට පැය 5 ක ශ්‍රම කාලයක් අහිමි වනු ඇත. බස් රථය තරම් විශාල දුම්රිය මැදිරි දහයක් ඇති දුම්රියක් පැයක් ප්‍රමාද වුවහොත් පැය 50ක කාලයක් හෙවත් දින දෙකක කාලයක් අහිමි වනු ඇත. ඒ ආකාරයේ දුම්රියක් දිනකට ගමන් 20ක් එසේ ප්‍රමාද වෙමින් යන්නේ නම්, එහි ගමන් කරන මගීන්ට දිනකට වන කාල හානිය පැය 1000ක් හෙවත් දල වශයෙන් දින 40 ක් වේ. වසරකට එවිට දින 14600 ක් හෙවත් මිනිස් ශ්‍රම කාල වසර 40ක් අහිමි වනු ඇත. මේ එකම එක දුම්රියක් නිසා වන දේ පමණි. මෙතනින් එහාට රටක් වශයෙන් වන මිනිස් ශ්‍රම කාල හානිය ගැන අපට යම් අදහසක් ගත හැක. ලංකාවේ සිදු වන “ශ්‍රම කාලයේ හානිය” ගැන යම් අවබෝධයක් මෙමගින් ලැබෙන්නේ නම්, කෙනෙක් විස්මයට සහ දුකට පත් වෙනවා ඇත. දැන් මේ කතාව පාරම බදු අරගෙන, මිනිසුන්ගේ සමච්චලයට භාජනය වෙමින් ආරක්ෂක රථ පෙරටු කරගෙන මෙතෙක් ගිය සහ තවමත් යන ප්‍රභූ වරයන් යයි කියන අය නිසා වන ශ්‍රමයේ කාල හානිය කොතෙක් වේදැයි ඔබටම සිතා ගන්නට හැකිය. වෙනත් රටවල මැති ඇමතිවරු පමණක් නොව අගමැති පවා බයිසිකල් වලින් සේවයට යන්නේ ඒ බව නිදසුනක් සේ ආදර්ශයෙන්ම පෙන්වීමෙනි. නුවර කොළඹ පාරේ දිනකට ගමන් කරන බස් රථ ප්‍රමාණය ගැන සිතුවහොත් ඒ විනාශ වන කාලයේ ප්‍රමාණය ගැන යම් අවබෝධයක් ගත හැක. රටක් දියුණු වීමට බාධකය ඊට ඇති ණය බර පමණක් නොවේ. එහි සිටින ශ්‍රම දායකයන් ගේ කාලය ඵලදායි සේ භාවිතා නොකිරීමද යම් රටක දියුණුව අඩාල වීමට හේතුවක් වේ. මේ බව චීනා හොඳින්ම දනී. බොහෝ අය සිතන්නේ චීනුන්, කොරියානුවන් සහ ජපනුන් දියුණු වීමේ රහස ඔවුන්ගේ දැවැන්ත නිෂ්පාදන ශක්තිය යන්නය. එහෙත් සත්‍ය වශයෙන්ම ඒ නිෂ්පාදන වේගයෙන් නිෂ්පාදනය කිරීම එහි මූලිකම රහස වේ. ඉහත උදාහරණයේ වාහන විනාඩි කීපයකින් වේගවත් කරවීම මෙන්ම ඒ ධාවන කාලය තුල ගමන් කරන මගීන් වෙනත් කාර්යයක් කිරීම මගින් ප්‍රතිඵලය ධනාත්මක වේ. අප කීයෙන් කීදෙනෙක් නම් බස් රථයක යන විට පොතක් බලන්නේද ? වැදගත් යමක් කරන්නේද ? චීනයේ ඒක පුද්ගල ආදායම 2013 වසරේ සිට දෙගුණ වී ඇත. එකළ සිටි 48% ප්රතිශතයක දුගී ජනතාව අද දින මධ්‍යම පාන්තිකයන් බවට පත්වී ඇත. 2008 වසරේ ඔවුන්, “බෙයිජීන්” සිට “ටියන්ජින්” තෙක් ප්‍රථම වේගවත් දුම්රිය මාර්ගය ආරම්භ කරමින් ධාවන කාලය විනාඩි 70 සිට විනාඩි 30 තෙක් අඩු කලෝය. අද දින ඔවුන්ට ලෝකයේ ඇති දීර්ඝතම දුම්රිය මාර්ගය වන බෙයිජීන් සිට ගුවංසූ මාර්ගය ඇති කළහ. ලෝකයේ වේගවත්ම දුම්රිය මාර්ගය සේ බෙයිජීන් සිට ෂැන්හයි නගරාන්තර දුම්රිය සේවයද නිර්මාණය කලහ. මේ වේගවත්ම දුම්රියේ වේගය පැයට කිලෝ මීටර් 277 කි. ලංකාවේ සම්පූර්ණ දුම්රිය මාර්ග ජාලයේ දිග නම් නොදනිමි. එහෙත් අන්තර් ජාලයෙන් ගත් දත්ත අනුව චීනයේ නම් එය කිලෝ මීටර් 1,41, 000 කි. ඒ මුළු ගමන් මාර්ගයම වේගවත් දුම්රිය මාර්ග පද්ධති බවට ඔවුන් හරවනවා ඇත. දැනට ඉන් කිලෝ මීටර් 37,900ක දුරක වේගවත් දුම්රිය භාවිතා කෙරේ. දැන් කෙනෙක් ගේ මනසට ඊළඟට නැගෙන ප්‍රශ්ණය වන්නේ, මෙසේ දුම්රිය ගමන් වැඩි වන විට ඇතිවන පරිසර දූෂණය ගැටලුව වේ. එහෙත් එය එසේ නොවන්නේ, මේ සියළු දුම්රිය මාර්ගයකම ගමන් කරන දුම්රිය, ශුන්‍ය කාබන් විමෝචක තත්ත්ව යටතේ ක්‍රියාත්මක වීම හෙයිණි. දැනට ඩීසල් මගින් ක්‍රියාත්මක වන දුම්රිය ඔවුන් ඉතා වේගයෙන් විදුළියට හරවමින් පවතී. ඉහත මුලින්ම කී උදාහරණයේ ආකාරයට කාලය තවත් ඵලදායි සේ භාවිතා කිරීම සඳහා, ඒ සියළු දුම්රියයන්ගේ ‘වයි-ෆයි’ පහසුකම් මෙන්ම කුඩා අවන්හල්ද ඇත. එවිට ඒ දුම්රියවල ගමන් කරන මගීන්ට තම කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගත හැක. ලංකාවේ වුවද දුර ගමන් යන මගී බස්රථ වල වයි-ෆයි තිබුණහොත් එය මගීන්ට සහනයකි. එසේම බස් රථයට වෙළඳ දැන්වීමකි. රටක් දියුණු කිරීම ඒ අවස්ථාවේ රට කරවන දේශපාලනඥයන්ගේ අතේ තිබෙන දෙයක්ම නොව, ජනතාවගේ පාර්ශවයෙන්ද විය යුතු දෙයකි. මේ බව චීනය ජපානය දකුණු කොරියාව වැනි රටවල් වල ජනතාව ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිති. ඒ නිසාම ඔවුන් කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගනිති. වැඩක් නොකර උඩ බිම බලමින් බසයක දුම්රියක ගමන් කරන මගියෙක් ඔබට මේ රටවල් වල දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ලෝකයේ මිලියන පහකට වඩා වැඩි ජනතාවක් සිටින වැඩිම නගර චීනයේ ඇත. ඒ ආකාරයේ නගර 14 කි. ඔවුන් ඉතා කාර්යක්ෂමව ඒ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටු කල යුතු වේ. එය හැකිතාක් නිවැරදි අයුරෙන් කරන බවක් නම් පෙනී යන්නේය. ලෝකයේ ඇති වේගවත් දුම්රිය මාර්ග නිර්මාණය කිරීමට යන මිළ චීනයේ අවම වන්නේය. ඒ කාරණය සහ තවත් වියදම් වල අවම වීම නිසා, චීනයේ යම් ව්‍යාපෘතියක් සඳහා යන මිලෙන් 8%ක් පමණක් ප්‍රවාහනය සඳහා වැය වේ. සංසන්දනය කිරීමක් කළහොත්, ඇමරිකාවේ එය 20%කි… ! රටක් දියුණු වෙනවා කියන්නේ, … “ඉල්ලන තරමට, ඕනා තරම් ණය ලැබේ යයි” හිඟන්නන් සේ චීනයට අත පාමින් ණය ඉල්ලීමෙන් නොවේ. එක්තරා ඇමතියෙක් නොබෝදා එසේ කියූ බව ඔබ දනී. එතනම ආර්ථික සේ ඔහු ලත් තැනම ෆේල් වේ. තවත් රාජ්‍ය ඇමතියෙක් කියන්නේ රුපියල ශක්තිමත් කරන බවය. කෙසේ කරන්නේද යන්න දන්නේ උඩ ඉන්නවා යයි කියන දෙවියන් පමණි. රටක් සේ ලබාගෙන ඇති ණය මුදල අප ගෙවිය යුතුය. එය කොපමණ වේදනාකාරී වුවද එය කවදා හෝ ගෙවිය යුතුය. ඒ බව දන්නේ නැත්නම් ඔහු හෝ ඇය නොම්මර එකේ තක්කඩියෙක් හෝ පට්ට මෝඩයෙක් විය යුතුමය. නමුත් කිසියම් දේශපාලනඥයෙක් දුරදර්ශී වන්නේ නම්, එසේම ජනතාවගේ කාලය කාර්යක්ෂම සේ ඒකරාශි කර, එය රටේ ශ්‍රම දායකත්වයට යොදා ගන්නේ නම් ලංකාවේ මේ රුපියල බාල්දු වීමේ අවාසනාවන්ත තත්වය අවම කරගත හැක. රටක් දියුණුව කරා ගෙන යන්නට එහි මූලික අවශ්‍යතා ප්‍රථමයෙන්ම ඉටු කල යුතුය. එය දේශපාලනඥයන් විසින් ජනතාව සමඟ අත්වැල් බැඳ කරගෙන කලයුතු කාරියක් විනා, ජනතාව කරන කියන සෑම දෙයක් කෙරෙම සැකයේ කෝණයෙන් මැනීමෙන් නොවේ. චීනය ප්‍රවාහනය හරහා කාලය කළමනාකරණය කරන දැවැන්ත කාර්යාවලිය අපට කල නොහැකි බව යතාර්ථයකි. එහෙත් චීනාගෙන් පාඩම් රැගෙන, තියෙන දුම්රිය මාර්ග සහ බස් මාර්ග වල තත්වය වැඩි දියුණු කරවීමේ අපහසුවක් නැත. ඒ අතරේ රටක් දියුණු කිරීමේ දායකත්වයට පෞද්ගලිකව අපම කැප විය යුතුය. එය කල හැකි එක ක්‍රමයක් වන්නේ කාලය අරපිරිමැස්මෙන් සහ ඵලදායි සේ භාවිතා කිරීමෙනි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom