Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීන දළදා වහන්සේ මහමළුවේ ප්‍රදර්ශනය කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුවර ලිපි -206

චීන දළදා වහන්සේ

මහමළුවේ ප්‍රදර්ශනය

කරයි

සතිඅග අරුණ

2025.03.16

රජ සමයේ සිට 1853 වනතුරු රටේ මහජනතාව දළදා වැන්දේ මහමළුවේ සිටය.දළදා මාලිගාවට පිවිස දළදා වඳින්න රටේ සාමාන්‍ය මහජනතාවට අවසර නොලැබිණ.ඒ දළදා කුටිය යනු මහරජුගේ බුදු මැදුර වීම නිසාය.මේ නිසාවෙන් දළදා වහන්සේ වෙනුවෙන් සියලුම පුජාවන් සිදුකළේ මහ රජතුමාය.දළදා වහන්සේ උදෙසා බුද්ධ පුජාව සහිත හේමකඳ රජ මැදුරේ සිට සිය කරමතින් දළදා මැදුරට වැඩමවාගෙන ආවේද මහරජතුමා විසිනි.

එකළ රටේ මහජනතාව දළදා වැන්දේ මහමළුවේ සිටය.දළදා වහන්සේට රටේ ජනතාව මල් පුජාකළේ මහමළුවේ ඇති මල් ආසනයටය.ජනතාව පුදනා මලින් මහමළුවේ මල් ආසන මලින් පිරි යන්නේය.මේ අන්දමින් ඈත ඉඳන් දළදා වැන්ද රට වැසියාට මාලිගාවට පිවිස දළදා වඳින්න අවස්ථාව ලැබුනෙව් 1853 න් පසුවය.ඒ ඉංග්‍රිසි ආණ්ඩුව දළදා වහන්සේ නිල වශයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දෙනමට හා දියවඩන නිලමේවරයාට බාරදීමෙන් පසුවය.1847 දි ඉංග්‍රිසි ආණ්ඩුව දළදා වහන්සේ මහනාහිමිවරුන්ට දළදා වහන්සේගේ භාරකාරිත්වය බාරදුන්නත් 1848 ඇතිවු නිදහස් සටන නිසා යළිත් දළදා වහන්සේ ඉංග්‍රිසි ආණ්ඩුව භාරයට ගත්තේය.එපමණකින් නොනැවතුණු ඉංග්‍රිසිහු දියවඩන නිලමේ දුල්ලෑව අධිකාරම එම නිලයෙන් පහකර දැම්මේය.ඒ සමගම දියවඩන නිලමේගේ දේපළ පවා ආණ්ඩුව පවරා ගත්තේය.වර්තමාන මහනුවර ක්වින්ස් හෝටලය යනු එම දුල්ලෑව අධිකාරමගේ ඉංග්රිසින් පවරාගත් දුල්ලෑව වලව්වය.

මේ අන්දමින් දළදා වහන්සේ යළිත් සිය භාරයට ගැනිමෙන් පසු මහ කරඩුව සුපුරුදු ලෙස යකඩ වැටකින් වටකළ කුටියේ තැන්පත් කර ඊට ඉංග්‍රිසිහු ඉබියතුරු දැමිය.මෙයින් පසු වික්ටෝරියා මහරැජිනගේ නියමෙන් යළිත් දළදා වහන්සේ මහනාහිමිවරුන්ට පවරා දුන්නේ 1853 මැයි මාසයේ 20 වැනිදාය.ඒ විශේෂ ලියවිල්ලකිනි.එවකට මල්වතු පාර්ශවයේ මහනායක ධුරය දැරුවේ පරකුඹුරේ ශ්‍රි විපස්සි නාහිමියන්ය.යටවත්තේ ස්වර්ණජෝති මහනාහිමියෝ අස්ගිරි පාර්ශවයේ මහ පදවිය හෙබවිය.දියවඩන නිලමේ ධුරය ලොකු බණ්ඩාර දෙහිගම විසින් හෙබවිය.දළදා වහන්සේ බාරගන්නා ලියවිල්ලට මල්වතු මහනාහිමියන් "පරකුඔුරේ " යනුවෙනුත් අස්ගිරි මහනාහිමියන් "යටවත්තේ" යනුවෙනුත් අත්සන් තබා තිබේ.ඒ අනුව 1853 සිට රටේ සාමාන්‍ය ජනතාවට දළදා වහන්සේ වැඳපුදාගන්න දළදා මාලිගාවට පිවිසෙන්න අවසර ලැබුණේය.

දළදා ප්‍රදර්ශනයක් ඉංග්රිසින් පවත්වා ඇත්තේ 1828 දීය.එය පවත්වා ඇත්තේ මහමළුවට දළදා වහන්සේ වැඩමවාගෙන ඒමෙනි.රටේ ඇති දැඩි නියගය නිසා දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස මහනාහිමිවරුන් හා රටේ ජනතාව කළ ඉල්ලීමකට අනුව ඉංග්‍රිසිහු දළදා දැක්ම සංවිධාන ය කළේය.ඒ වනවිට දළදා පෙරහරද ඉංග්රිසින් තහනම්කර තිබිණ.ඒ 1818 සිට 1828 දක්වාය.1828 දළදා ප්‍රදර්ශනය සමග දළදා පෙරහර ඇරඹිමටද ඉංග්රිස් අවසර දුන්නේය.

සාමාන්‍ය වශයෙන් දළදා දැක්ම සිදුකරන්නේ මාලිගාව ඇතුළතය.ඉංග්‍රිසි ආණ්ඩුව මහමළුවේ දළදා දැක්ම සිදුකිරිමෙන් පසු මහහළුවේ දළදා දැක්මක් ගැන අසන්නට ලැබෙන්නේ 1961 දීය.ඒවනවිට මහමළුවේ අයිතිය තිබුනේ රජයටය.සිරිමෝ බණ්ඩාරනායක මැතිනිය රටේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවුවාය.රජය සුදානම්වුයේ චීනයේ වැඩසිටි දළදා වහන්සේ මහනුවරට වැඩමවා ප්‍රදර්ශනය කිරිමටය.බණ්ඩාරනායක මැතිනිය හා චීන රජය අතර අතර තිබු මිත්‍රත්වයද ඊට හේතුවිය. නමුත් ශ්‍රි ලංකාවේ දළදා මාලිගාවේ දළදා වහන්සේ නමක් වැඩසිටියදි තවත් දළදා වහන්සේ නමක් වැඩමවා ප්‍රදර්ශනය කිරිම ගැන මහනාහිමිවරුන්ගේ එකගත්වයක් නොලැබිණ.ඊට දැඩිලෙස විරෝධය පෑවේ මල්වතු පාර්ශවයේ මහනායක (1956-1963) පුරිජ්ජල ශ්‍රි සිද්ධාර්ථ සරණංකර මහානාහිමියන්ය.එසේම අස්ගිරි පාර්ශවයේ මහානායක (1847-1966) යටවත්තේ ධම්මරරතන නාහිමියන්ගේ විරෝධයද එල්ලවිය.මේ නිසා දළදා මාලිගාවේදි චීන දළදාව ප්‍රදර්ශනය කිරිම අත්හළ රජය එය මහමළුවේ ප්‍රදර්ශනය කිරිමට කටයුතු සැලසීය.ඒ අනුව 1961දි මහමළුවේ දළදා දැක්මට විශේෂ කුටියක්ද සකස් කෙරිණ.රජය දුන් ප්‍රචාරය නිසා රටේ නන් දෙසින් චීන දළදාව වැඳපුදාගන්නට මහජනතාව මහමළුවට ඇදි ආහ.ඊට මහනාහිමිවරුන්ගෙන් බලපෑමක් නොආවේ මහමළුව ඒ වනවිට රජය භාරයේ පැවැති නිසාය.චීන දළදාව ඇත්තේ චීනයේ බිජිං මි ලිංගුවාං යන දළදා පන්සලේය.මෙම චීන දළදාව එම රජය විසින් විටින් විට විවිධ රටවල් කරන ඉල්ලිම අනුව එම රටවලට වැඩමවා ප්‍රදර්ශනය කරනු ලැබේ පෙර රජවරු දිගින් දිගටම දිවිහිමියෙන් රැකගෙන ආ .ලංකාවේ දළදා වහන්සේ වැඩ සිටියදි පිටරටකින් දළදාවක් වැඩමවා ප්‍රදර්ශනය කිරිම දළදා වහන්සේට කරන අවමානයක් යැයි මහනාහිමිවරු පුසිද්ධියේ ප්‍රකාශ කළහ.

මේ අන්දමින් මහනුවර වැඩ සිටින දළදා වහන්සේ සිය රටට වැඩම කරවා ප්‍රදර්ශනය කරන ලෙස වරෙක බුරුම රජය මෙරට රජයෙන් ඉල්ලීමක් කළේය.ඒ 1947 දීය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු බුරුම වැසියෝ සිය රටට නිදහස ඉල්ලා සටන් වැදුණහ’ .දළදා වහන්සේ ගැන අපමණ ගෞරවයක් ඇති බුරුම වැසියා සන්සුන් කිරීමට හැක්කේ දළදා වහන්සේට බව බුරුම නාහිමිවරු සුදු ආණ්ඩුවට දැන්වූහ.

ජනතාව සන්සුන් කිරීමට නම් ලංකාවෙන් බුරුමයට දළදා වහන්සේ වැඩම කළ යුතු යැයි බුරුම නාහිමිවරු ඉංග්‍රීසි ආණ්ඩුවට යෝජනා කළහ. ඒ වන විට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුව ක්‍රියාත්මක වුවත් දළදා වහන්සේගේ භාරකාරිත්වය පවරා තිබුණේ මල්වතු අස්ගිරි මහානාහිමිවරු දෙනමට හා දියවඩන නිලමේටය. බුරුමයේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් හෙන්රි මොන්ක් මේසන් මුවර්ට පණිවුඩයක් එවමින් ඉල්ලා සිටියේ ඒ දළදා වහන්සේ බුරුමයට වැඩම කර වීමට වැඩපිළිවෙළක් යොදා දෙන ලෙසය.

ඒ වන විට මල්වතු පාර්ශ්වයේ මහ නායක ධුරය දැරුවේ රඹුක්වැල්ලේ ධර්මකීර්ති ශ්‍රී ධර්මරක්ෂිත සෝභිත හිමියන්ය. මුල්ලේගම ශ්‍රී ගුණරතන මහානාහිමියෝ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධුරය හෙබවූහ. දියවඩන නිලමේ වූයේ ටිකිරි බණ්ඩා රත්වත්තේය.ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම ගැන මල්වතු අස්ගිරි මහානාහිමිවරු සාකච්ඡා කර තීරණයක් ගත්හ. ඒ දළදා පෙරහරේ වඩම්මන පෙරහර කරඬුව පමණක් බුරුමයට වැඩම වීමටය.

බුරුමයේ ඉල්ලීම ඉටු වන විට දියවඩන නිලමේ ධුරයට පත්ව සිටියේ කුඩා බණ්ඩා නුගවෙලය. යටවත්තේ ධම්මරතන හිමියෝ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ධුරය හෙබවූහ. පෙරහර කරඩුව මහනුවර සිට කොළඹට වැඩම කරවුයේ දුම්රියෙනි .කරඬුව කෝච්චියේ ඇත්තේ විශේෂ මණ්ඩපයකය. කෝච්චියට ඇත්තේ දැඩි ආරක්ෂාවකි ඉංග්‍රීසි ආණ්ඩුවේ මහනුවර සුදු ජාතික දිසාපතිද පෙරහර කරඬුව අසලම සිට ගෙන සිටින්නේය.

කරඬුව දළදා මාලිගාවේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා වැඩමවාගෙන ආවේ රාජා ඇත් රජු මතිනි.. රාජා ඇතා ගමන් ගත්තේ පාවඩ මතිනි. හේවිසි, නැටුම් කණ්ඩායම් පෙරහරේ ගමන් ගත්තේය. බුදු ගුණ වයන්නෝ උඩැක්කි වයමින් බුදු ගුණ ගැයූහ.

දුම්රිය ස්ථානයට වැඩම කරවූ පෙරහර කරඬුව කුඩා බණ්ඩා නුගවෙල දියඩවන නිලමේ විසින් බාරගෙන තේවාව භාර නාහිමියන්ට බාර කළේය. උන්වහන්සේලා පාවඩ පිට මුතු කුඩ සහිතව කරඬුව වැඩම කරවූයේ කොළඹ බලා පැමිණි විශේෂ දුම්රියටය.. කරඬුවේ තේවාව සඳහා මල්වතු පාර්ශ්වයෙන් පස් නමක් හා අස්ගිරි පාර්ශ්වයෙන් පස් නමක් පත් කර සිටියහ.. තේවාවට අදාළ රාජකාරි කරන්නෝද ඒ අසලය.

දළදා මාලිගාවේ වෑංජන තිස් දෙකේ බුද්ධ පූජාව පවත්වන චාරිත්‍ර වාරිත්‍ර සියල්ල එහිදී ඉටු කළහ..දුම්රිය කොළඹට පැමිණෙන තුරුම කවිකාර මඩුවේ ශිල්පීහු කරඬුව අසලට වී බුදු ගුණ කියමින් උඩැක්කි ගැසූහ.. කරඬුව පිළි ගන්න ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටියේය.

කොටුව දුම්රිය පොළේ සිට කොළඹ වරාය දක්වා කරඬුව වැඩම කරවුයේද විශේෂ පෙරහරකිනි. එයද නුවර දළදා පෙරහර මෙන් විශාල පෙරහරකි. අලි ඇතුන්ද පෙරහරේ වූහ.. කරඬුව තැන්පත් කිරීමෙන් පසු නැවේ ගමන ආරම්භ විය. ලංකාවේ සිට ගමන් කළ නැව බුරුමයේ රැංගුන් නුවරට ළඟා වීමට ගත වූයේ සතියකි.

පෙරහර කරඬුව බුරුමයට වඩම්මන මෙම ගමනට දළදා මාලිගාවෙන් විශේෂ පිරිසක් සහභාගි වූහ. මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේ දස නම හා දියවඩන නිලමේද නැවේ ගමනට එක්වූහ. දළදා හේවිසි කණ්ඩායමක්, උඩරට නැටුම් කණ්ඩායමක්, හක්ගෙඩි රාල ඇතුළු දළදා පූජාවට සම්බන්ධ මූලාදෑනින් කීප දෙනකු, කවිකාර මඩුවේ ශිල්පීන්, පාවඩ එලන්නන්, අව් අත් සේසත්,මුරායුද අල්ලන්නන් ඇතුළු දළදා මාලිගාවේ විවිධ රාජකාරිකරුවෝද කරඬුව වඩම්මන නැවෙන්ම බුරුමයට ගමන් ගත්හ.රැංගුන් අගනගරය දෙව්ලොවක් මෙන් සරසා තිබිණ.

පෙරහර කරඬුව මාසයක කාලයක් බුරුමයේ රැංගුන්හි විශේෂ මණ්ඩපයක තැන්පත් කර තිබුණේය. ඒ මාසයක කාලය තුළදී බුරුම වැසියෝ ලක්ෂ ගණනින් පැමිණ කරඬුව වැඳපුදා ගත්හ. දිවා රෑ දෙකේම මහ පිරිස ඇදී ආහ. එම කාලය තුළදී දිනපතාම දළදා මාලිගාවේ සිදු කරන චාරිත්රවාරිත්ර ඒ ආකාරයෙන්ම ඉටු කළහ.මාසයක කාලයක ඇවෑමෙන් පෙරහර කරඬුව යළිත් දළදා මාලිගාවට වැඩම කරවූයේ බුරුමයට වැඩම වූ ආකාරයටම ගරු සරු සහිතවය.

පබුරුමයේ වැසියන් හා සගරුවන අතීතයේ කණ්ඩායම් වශයෙන් නිතර දළදා වැඳපුදා ගන්නට මහනුවරට පැමිණියහ.වරෙක දළදා වහන්සේ තැන්පත් කිරිම සදහා විශේෂ කරඩුවක්ද බුරුමයෙන් පුජාකළේය.එසේම දළදා මාලිගාවේ දිග්ගෙය, පිරිත් කොටුව මෙන් අලුත් විහාරය ඉදිකිරිමේදි තේක්ක ලී නැව් පිටින් මාලිගාවට එව්වේ බුරුම රජයෙනි.

මේ අන්දමින් දළදා වහන්සේ සිය රටට වැඩම කරවන ලෙස වරෙක ඉල්ලීමක් කළේ සිදුහත් කුමරුන් උපන් රටේ මහරජු විසිනි.ඒ නේපාලයේ බිරේන්ද්‍ර රජතුමාය.බිරේන්ද්‍ර රජතුමා සහ අයිශ්චර්යා රාජ ලක්ෂ්මි බිසව ලංකාවට පැමිණියේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ගේ ඇරයුමකිනි.රජතුමා හා බිසව දළදා මාලිගාවට කැඳවාගෙන ගියේද ජනාධිපතිවරයා හා ආර්යාව විසිනි.ඒ 1980 දීය.රජතුමා හා බිසව වෙනුවෙන් දළදා දැක්මක් කළේ ගන්ධ කුටියේදිය.සිරිමල්වත්තේ ආනන්ද නාහිමියන් මල්වතු පාර්ශවයේ මහනායක ධුරය හෙබවිය.පලිපාන චන්දානන්ද නාහිමියෝ අස්ගිරි පාර්ශවයේ මහනායක ධුරය හෙබවුහ. ඒ වනවිට ආචාර්ය නිශ්ශංක විජයරත්න දියවඩන නිලමේ ධුරය හෙබවිය.නේපාල රජතුමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ දළදා වහන්සේ සිය රටට වැඩම කරවා දෙන ලෙසය.නමුත් මහනාහිමිවරුන් දෙනම හා දියවඩන නිලමේ ඊට එකග නොවි දළදා වහන්සේ වෙනුවට පෙර බුරුමයට වැඩම කරවුවාසේ පෙරහර කරඩුව නේපාලයට වැඩම කරවිමට සුදානම් කර දිය හැකියැයි ජනාධිපතිවරයාට ඒ මොහෝතේම දැනුම් දුන්නේය.ඊට බිරේන්ද්‍ර රජතුමා එකගවි පසුව ඒ කටයුතු සැලසුම් කිරිමට සිය නියෝජිතයන් ලංකාවට එවන බව පවසා පිටත්ව ගියේය.නමුත් ඒ යෝජනාව යටපත් වි ගියේය.

දළදා වහන්සේ වර්තමානයේ පිරිත් කොටුවේ තැන්පත් කර මහජනයාට වන්දනා කිරිමට අවස්ථාව සලසා දුන්නත් අතීතයේදි දළදා දැක්ම කර ඇත්තේ වැඩසිටිනා මාලිගාවේ මල් ආසනයේ කරඩුව තැන්පත් කිරිමෙනි.

ධර්ම ශ්‍රී තිලකවර්ධන

නුවරලිපි

Dharmasrige - උරුමාලංකාරය

[MEDIA=facebook]677553731363535[/MEDIA]

[QUOTE="හෙළයෙක්, post: 30660231, member: 503645"] නුවර ලිපි -206 චීන දළදා වහන්සේ මහමළුවේ ප්‍රදර්ශනය කරයි සතිඅග අරුණ 2025.03.16 රජ සමයේ සිට 1853 වනතුරු රටේ මහජනතාව දළදා වැන්දේ මහමළුවේ සිටය.දළදා මාලිගාවට පිවිස දළදා වඳින්න රටේ සාමාන්‍ය මහජනතාවට අවසර නොලැබිණ.ඒ දළදා කුටිය යනු මහරජුගේ බුදු මැදුර වීම නිසාය.මේ නිසාවෙන් දළදා වහන්සේ වෙනුවෙන් සියලුම පුජාවන් සිදුකළේ මහ රජතුමාය.දළදා වහන්සේ උදෙසා බුද්ධ පුජාව සහිත හේමකඳ රජ මැදුරේ සිට සිය කරමතින් දළදා මැදුරට වැඩමවාගෙන ආවේද මහරජතුමා විසිනි. එකළ රටේ මහජනතාව දළදා වැන්දේ මහමළුවේ සිටය.දළදා වහන්සේට රටේ ජනතාව මල් පුජාකළේ මහමළුවේ ඇති මල් ආසනයටය.ජනතාව පුදනා මලින් මහමළුවේ මල් ආසන මලින් පිරි යන්නේය.මේ අන්දමින් ඈත ඉඳන් දළදා වැන්ද රට වැසියාට මාලිගාවට පිවිස දළදා වඳින්න අවස්ථාව ලැබුනෙව් 1853 න් පසුවය.ඒ ඉංග්‍රිසි ආණ්ඩුව දළදා වහන්සේ නිල වශයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දෙනමට හා දියවඩන නිලමේවරයාට බාරදීමෙන් පසුවය.1847 දි ඉංග්‍රිසි ආණ්ඩුව දළදා වහන්සේ මහනාහිමිවරුන්ට දළදා වහන්සේගේ භාරකාරිත්වය බාරදුන්නත් 1848 ඇතිවු නිදහස් සටන නිසා යළිත් දළදා වහන්සේ ඉංග්‍රිසි ආණ්ඩුව භාරයට ගත්තේය.එපමණකින් නොනැවතුණු ඉංග්‍රිසිහු දියවඩන නිලමේ දුල්ලෑව අධිකාරම එම නිලයෙන් පහකර දැම්මේය.ඒ සමගම දියවඩන නිලමේගේ දේපළ පවා ආණ්ඩුව පවරා ගත්තේය.වර්තමාන මහනුවර ක්වින්ස් හෝටලය යනු එම දුල්ලෑව අධිකාරමගේ ඉංග්රිසින් පවරාගත් දුල්ලෑව වලව්වය. මේ අන්දමින් දළදා වහන්සේ යළිත් සිය භාරයට ගැනිමෙන් පසු මහ කරඩුව සුපුරුදු ලෙස යකඩ වැටකින් වටකළ කුටියේ තැන්පත් කර ඊට ඉංග්‍රිසිහු ඉබියතුරු දැමිය.මෙයින් පසු වික්ටෝරියා මහරැජිනගේ නියමෙන් යළිත් දළදා වහන්සේ මහනාහිමිවරුන්ට පවරා දුන්නේ 1853 මැයි මාසයේ 20 වැනිදාය.ඒ විශේෂ ලියවිල්ලකිනි.එවකට මල්වතු පාර්ශවයේ මහනායක ධුරය දැරුවේ පරකුඹුරේ ශ්‍රි විපස්සි නාහිමියන්ය.යටවත්තේ ස්වර්ණජෝති මහනාහිමියෝ අස්ගිරි පාර්ශවයේ මහ පදවිය හෙබවිය.දියවඩන නිලමේ ධුරය ලොකු බණ්ඩාර දෙහිගම විසින් හෙබවිය.දළදා වහන්සේ බාරගන්නා ලියවිල්ලට මල්වතු මහනාහිමියන් "පරකුඔුරේ " යනුවෙනුත් අස්ගිරි මහනාහිමියන් "යටවත්තේ" යනුවෙනුත් අත්සන් තබා තිබේ.ඒ අනුව 1853 සිට රටේ සාමාන්‍ය ජනතාවට දළදා වහන්සේ වැඳපුදාගන්න දළදා මාලිගාවට පිවිසෙන්න අවසර ලැබුණේය. දළදා ප්‍රදර්ශනයක් ඉංග්රිසින් පවත්වා ඇත්තේ 1828 දීය.එය පවත්වා ඇත්තේ මහමළුවට දළදා වහන්සේ වැඩමවාගෙන ඒමෙනි.රටේ ඇති දැඩි නියගය නිසා දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස මහනාහිමිවරුන් හා රටේ ජනතාව කළ ඉල්ලීමකට අනුව ඉංග්‍රිසිහු දළදා දැක්ම සංවිධාන ය කළේය.ඒ වනවිට දළදා පෙරහරද ඉංග්රිසින් තහනම්කර තිබිණ.ඒ 1818 සිට 1828 දක්වාය.1828 දළදා ප්‍රදර්ශනය සමග දළදා පෙරහර ඇරඹිමටද ඉංග්රිස් අවසර දුන්නේය. සාමාන්‍ය වශයෙන් දළදා දැක්ම සිදුකරන්නේ මාලිගාව ඇතුළතය.ඉංග්‍රිසි ආණ්ඩුව මහමළුවේ දළදා දැක්ම සිදුකිරිමෙන් පසු මහහළුවේ දළදා දැක්මක් ගැන අසන්නට ලැබෙන්නේ 1961 දීය.ඒවනවිට මහමළුවේ අයිතිය තිබුනේ රජයටය.සිරිමෝ බණ්ඩාරනායක මැතිනිය රටේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවුවාය.රජය සුදානම්වුයේ චීනයේ වැඩසිටි දළදා වහන්සේ මහනුවරට වැඩමවා ප්‍රදර්ශනය කිරිමටය.බණ්ඩාරනායක මැතිනිය හා චීන රජය අතර අතර තිබු මිත්‍රත්වයද ඊට හේතුවිය. නමුත් ශ්‍රි ලංකාවේ දළදා මාලිගාවේ දළදා වහන්සේ නමක් වැඩසිටියදි තවත් දළදා වහන්සේ නමක් වැඩමවා ප්‍රදර්ශනය කිරිම ගැන මහනාහිමිවරුන්ගේ එකගත්වයක් නොලැබිණ.ඊට දැඩිලෙස විරෝධය පෑවේ මල්වතු පාර්ශවයේ මහනායක (1956-1963) පුරිජ්ජල ශ්‍රි සිද්ධාර්ථ සරණංකර මහානාහිමියන්ය.එසේම අස්ගිරි පාර්ශවයේ මහානායක (1847-1966) යටවත්තේ ධම්මරරතන නාහිමියන්ගේ විරෝධයද එල්ලවිය.මේ නිසා දළදා මාලිගාවේදි චීන දළදාව ප්‍රදර්ශනය කිරිම අත්හළ රජය එය මහමළුවේ ප්‍රදර්ශනය කිරිමට කටයුතු සැලසීය.ඒ අනුව 1961දි මහමළුවේ දළදා දැක්මට විශේෂ කුටියක්ද සකස් කෙරිණ.රජය දුන් ප්‍රචාරය නිසා රටේ නන් දෙසින් චීන දළදාව වැඳපුදාගන්නට මහජනතාව මහමළුවට ඇදි ආහ.ඊට මහනාහිමිවරුන්ගෙන් බලපෑමක් නොආවේ මහමළුව ඒ වනවිට රජය භාරයේ පැවැති නිසාය.චීන දළදාව ඇත්තේ චීනයේ බිජිං මි ලිංගුවාං යන දළදා පන්සලේය.මෙම චීන දළදාව එම රජය විසින් විටින් විට විවිධ රටවල් කරන ඉල්ලිම අනුව එම රටවලට වැඩමවා ප්‍රදර්ශනය කරනු ලැබේ පෙර රජවරු දිගින් දිගටම දිවිහිමියෙන් රැකගෙන ආ .ලංකාවේ දළදා වහන්සේ වැඩ සිටියදි පිටරටකින් දළදාවක් වැඩමවා ප්‍රදර්ශනය කිරිම දළදා වහන්සේට කරන අවමානයක් යැයි මහනාහිමිවරු පුසිද්ධියේ ප්‍රකාශ කළහ. මේ අන්දමින් මහනුවර වැඩ සිටින දළදා වහන්සේ සිය රටට වැඩම කරවා ප්‍රදර්ශනය කරන ලෙස වරෙක බුරුම රජය මෙරට රජයෙන් ඉල්ලීමක් කළේය.ඒ 1947 දීය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු බුරුම වැසියෝ සිය රටට නිදහස ඉල්ලා සටන් වැදුණහ’ .දළදා වහන්සේ ගැන අපමණ ගෞරවයක් ඇති බුරුම වැසියා සන්සුන් කිරීමට හැක්කේ දළදා වහන්සේට බව බුරුම නාහිමිවරු සුදු ආණ්ඩුවට දැන්වූහ. ජනතාව සන්සුන් කිරීමට නම් ලංකාවෙන් බුරුමයට දළදා වහන්සේ වැඩම කළ යුතු යැයි බුරුම නාහිමිවරු ඉංග්‍රීසි ආණ්ඩුවට යෝජනා කළහ. ඒ වන විට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුව ක්‍රියාත්මක වුවත් දළදා වහන්සේගේ භාරකාරිත්වය පවරා තිබුණේ මල්වතු අස්ගිරි මහානාහිමිවරු දෙනමට හා දියවඩන නිලමේටය. බුරුමයේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් හෙන්රි මොන්ක් මේසන් මුවර්ට පණිවුඩයක් එවමින් ඉල්ලා සිටියේ ඒ දළදා වහන්සේ බුරුමයට වැඩම කර වීමට වැඩපිළිවෙළක් යොදා දෙන ලෙසය. ඒ වන විට මල්වතු පාර්ශ්වයේ මහ නායක ධුරය දැරුවේ රඹුක්වැල්ලේ ධර්මකීර්ති ශ්‍රී ධර්මරක්ෂිත සෝභිත හිමියන්ය. මුල්ලේගම ශ්‍රී ගුණරතන මහානාහිමියෝ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධුරය හෙබවූහ. දියවඩන නිලමේ වූයේ ටිකිරි බණ්ඩා රත්වත්තේය.ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම ගැන මල්වතු අස්ගිරි මහානාහිමිවරු සාකච්ඡා කර තීරණයක් ගත්හ. ඒ දළදා පෙරහරේ වඩම්මන පෙරහර කරඬුව පමණක් බුරුමයට වැඩම වීමටය. බුරුමයේ ඉල්ලීම ඉටු වන විට දියවඩන නිලමේ ධුරයට පත්ව සිටියේ කුඩා බණ්ඩා නුගවෙලය. යටවත්තේ ධම්මරතන හිමියෝ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ධුරය හෙබවූහ. පෙරහර කරඩුව මහනුවර සිට කොළඹට වැඩම කරවුයේ දුම්රියෙනි .කරඬුව කෝච්චියේ ඇත්තේ විශේෂ මණ්ඩපයකය. කෝච්චියට ඇත්තේ දැඩි ආරක්ෂාවකි ඉංග්‍රීසි ආණ්ඩුවේ මහනුවර සුදු ජාතික දිසාපතිද පෙරහර කරඬුව අසලම සිට ගෙන සිටින්නේය. කරඬුව දළදා මාලිගාවේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා වැඩමවාගෙන ආවේ රාජා ඇත් රජු මතිනි.. රාජා ඇතා ගමන් ගත්තේ පාවඩ මතිනි. හේවිසි, නැටුම් කණ්ඩායම් පෙරහරේ ගමන් ගත්තේය. බුදු ගුණ වයන්නෝ උඩැක්කි වයමින් බුදු ගුණ ගැයූහ. දුම්රිය ස්ථානයට වැඩම කරවූ පෙරහර කරඬුව කුඩා බණ්ඩා නුගවෙල දියඩවන නිලමේ විසින් බාරගෙන තේවාව භාර නාහිමියන්ට බාර කළේය. උන්වහන්සේලා පාවඩ පිට මුතු කුඩ සහිතව කරඬුව වැඩම කරවූයේ කොළඹ බලා පැමිණි විශේෂ දුම්රියටය.. කරඬුවේ තේවාව සඳහා මල්වතු පාර්ශ්වයෙන් පස් නමක් හා අස්ගිරි පාර්ශ්වයෙන් පස් නමක් පත් කර සිටියහ.. තේවාවට අදාළ රාජකාරි කරන්නෝද ඒ අසලය. දළදා මාලිගාවේ වෑංජන තිස් දෙකේ බුද්ධ පූජාව පවත්වන චාරිත්‍ර වාරිත්‍ර සියල්ල එහිදී ඉටු කළහ..දුම්රිය කොළඹට පැමිණෙන තුරුම කවිකාර මඩුවේ ශිල්පීහු කරඬුව අසලට වී බුදු ගුණ කියමින් උඩැක්කි ගැසූහ.. කරඬුව පිළි ගන්න ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටියේය. කොටුව දුම්රිය පොළේ සිට කොළඹ වරාය දක්වා කරඬුව වැඩම කරවුයේද විශේෂ පෙරහරකිනි. එයද නුවර දළදා පෙරහර මෙන් විශාල පෙරහරකි. අලි ඇතුන්ද පෙරහරේ වූහ.. කරඬුව තැන්පත් කිරීමෙන් පසු නැවේ ගමන ආරම්භ විය. ලංකාවේ සිට ගමන් කළ නැව බුරුමයේ රැංගුන් නුවරට ළඟා වීමට ගත වූයේ සතියකි. පෙරහර කරඬුව බුරුමයට වඩම්මන මෙම ගමනට දළදා මාලිගාවෙන් විශේෂ පිරිසක් සහභාගි වූහ. මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේ දස නම හා දියවඩන නිලමේද නැවේ ගමනට එක්වූහ. දළදා හේවිසි කණ්ඩායමක්, උඩරට නැටුම් කණ්ඩායමක්, හක්ගෙඩි රාල ඇතුළු දළදා පූජාවට සම්බන්ධ මූලාදෑනින් කීප දෙනකු, කවිකාර මඩුවේ ශිල්පීන්, පාවඩ එලන්නන්, අව් අත් සේසත්,මුරායුද අල්ලන්නන් ඇතුළු දළදා මාලිගාවේ විවිධ රාජකාරිකරුවෝද කරඬුව වඩම්මන නැවෙන්ම බුරුමයට ගමන් ගත්හ.රැංගුන් අගනගරය දෙව්ලොවක් මෙන් සරසා තිබිණ. පෙරහර කරඬුව මාසයක කාලයක් බුරුමයේ රැංගුන්හි විශේෂ මණ්ඩපයක තැන්පත් කර තිබුණේය. ඒ මාසයක කාලය තුළදී බුරුම වැසියෝ ලක්ෂ ගණනින් පැමිණ කරඬුව වැඳපුදා ගත්හ. දිවා රෑ දෙකේම මහ පිරිස ඇදී ආහ. එම කාලය තුළදී දිනපතාම දළදා මාලිගාවේ සිදු කරන චාරිත්රවාරිත්ර ඒ ආකාරයෙන්ම ඉටු කළහ.මාසයක කාලයක ඇවෑමෙන් පෙරහර කරඬුව යළිත් දළදා මාලිගාවට වැඩම කරවූයේ බුරුමයට වැඩම වූ ආකාරයටම ගරු සරු සහිතවය. පබුරුමයේ වැසියන් හා සගරුවන අතීතයේ කණ්ඩායම් වශයෙන් නිතර දළදා වැඳපුදා ගන්නට මහනුවරට පැමිණියහ.වරෙක දළදා වහන්සේ තැන්පත් කිරිම සදහා විශේෂ කරඩුවක්ද බුරුමයෙන් පුජාකළේය.එසේම දළදා මාලිගාවේ දිග්ගෙය, පිරිත් කොටුව මෙන් අලුත් විහාරය ඉදිකිරිමේදි තේක්ක ලී නැව් පිටින් මාලිගාවට එව්වේ බුරුම රජයෙනි. මේ අන්දමින් දළදා වහන්සේ සිය රටට වැඩම කරවන ලෙස වරෙක ඉල්ලීමක් කළේ සිදුහත් කුමරුන් උපන් රටේ මහරජු විසිනි.ඒ නේපාලයේ බිරේන්ද්‍ර රජතුමාය.බිරේන්ද්‍ර රජතුමා සහ අයිශ්චර්යා රාජ ලක්ෂ්මි බිසව ලංකාවට පැමිණියේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ගේ ඇරයුමකිනි.රජතුමා හා බිසව දළදා මාලිගාවට කැඳවාගෙන ගියේද ජනාධිපතිවරයා හා ආර්යාව විසිනි.ඒ 1980 දීය.රජතුමා හා බිසව වෙනුවෙන් දළදා දැක්මක් කළේ ගන්ධ කුටියේදිය.සිරිමල්වත්තේ ආනන්ද නාහිමියන් මල්වතු පාර්ශවයේ මහනායක ධුරය හෙබවිය.පලිපාන චන්දානන්ද නාහිමියෝ අස්ගිරි පාර්ශවයේ මහනායක ධුරය හෙබවුහ. ඒ වනවිට ආචාර්ය නිශ්ශංක විජයරත්න දියවඩන නිලමේ ධුරය හෙබවිය.නේපාල රජතුමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ දළදා වහන්සේ සිය රටට වැඩම කරවා දෙන ලෙසය.නමුත් මහනාහිමිවරුන් දෙනම හා දියවඩන නිලමේ ඊට එකග නොවි දළදා වහන්සේ වෙනුවට පෙර බුරුමයට වැඩම කරවුවාසේ පෙරහර කරඩුව නේපාලයට වැඩම කරවිමට සුදානම් කර දිය හැකියැයි ජනාධිපතිවරයාට ඒ මොහෝතේම දැනුම් දුන්නේය.ඊට බිරේන්ද්‍ර රජතුමා එකගවි පසුව ඒ කටයුතු සැලසුම් කිරිමට සිය නියෝජිතයන් ලංකාවට එවන බව පවසා පිටත්ව ගියේය.නමුත් ඒ යෝජනාව යටපත් වි ගියේය. දළදා වහන්සේ වර්තමානයේ පිරිත් කොටුවේ තැන්පත් කර මහජනයාට වන්දනා කිරිමට අවස්ථාව සලසා දුන්නත් අතීතයේදි දළදා දැක්ම කර ඇත්තේ වැඩසිටිනා මාලිගාවේ මල් ආසනයේ කරඩුව තැන්පත් කිරිමෙනි. ධර්ම ශ්‍රී තිලකවර්ධන[IMG alt="✍️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te2/1/16/270d.png[/IMG] නුවරලිපි Dharmasrige - උරුමාලංකාරය [MEDIA=facebook]677553731363535[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom