Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චුට්ටක් මේක බලපල්ලා - වැදගත් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චුට්ටක් මේක බලපල්ලා - වැදගත් වෙයි

මේක April 13, 2014 මව්බිම පත්තරේ තිබ්බ Artical එකක්. වැදගත් කියල හිතුන නිසයි දැම්මේ. සියළු ගෞරවය ම Artical එක ලියපු අයටයි.(ප්‍රභාත් අත්තනායක,චන්ද්‍රසිරි මහගම)

බලෙන් ඉදවපු පලතුරු කියයි මරු තොරතුරු

බිස්නස්වලට බයවෙන්ඩ එපා. ඉස්සර වගේ අමාරු නෑ දැන් බිස්නස් කරන එක. ඒ කියන්නේ මහා පරිමාණයේ එව්ව නෙවෙයි. අපේ තරමට... බඩී ලොරියක් වගේ අරගෙන කරන පොඩි පොඩි දේවල්.

"රැල්ලට වගේ බඩී ලොරි ගත්තු කට්ටිය දැන් ඔය ඕනතරම් ඉන්නෙ පැත්ත වැටිල. අපේ හාමිනේගෙ මල්ලිත් එකක් අරගෙන හතර වටේ කරකව කරකව හිටියේ. දැන් ඔන්න ඒක විකුණන්ඩ හොයනවලු."

ගනින් යෝධයෝ ගනින්. බඩිය ගත්තොත් උඹ ගොඩ. ඒක විතරයි ඕන. අනෙත් කරන්ඩ ඕන සේරම දේවල් මම කියල දෙන්නම්. පලතුරු බිස්නස් එකට අතගහපන්. පඩිපෙළේ මුදුනටම යන්ඩ පුළුවන් ඇවිදගෙන නෙවේ දුවගෙන. ඒ තරම් ෂුවර්.

පලතුරු කියන්නේ කොයි තරම් ශරීරයට ගුණ දෙයක්ද. බබාල ලැබෙන්න ඉන්න අම්මලාට, පොඩි දරුවන්ට, ලෙඩ්ඩු, වයසක කට්ටිය, දියවැඩියා අය, ප්‍රෙෂර් කට්ටිය, කොලොස්ට්‍රෝල්... හප්පේ... රටෙන් භාගයකටම අත්‍යවශ්‍ය දෙයක් නේන්නම්. එතකොට උදේට පලතුරු විතරක් ආහාරයට ගන්න අය... ඒ සේරම බලපුවාම අද පලතුරු බිස්නස් එකට ගහන්ඩ බිස්නස් එකක් නෑ. මිනිස් සතා දියුණු වෙන්ඩ දියුණු වෙන්ඩ එළවළු පලතුරුවලට තමා තැන. පලතුරුවලට තැන ආවා කියන්නේ උඹ ගොඩ. උඹ ගොඩ ගියා කියන්නේ අපිටත් හොඳයිනේ. මම කියල දෙන්නම් සේරම කෙරෙන පිළිවෙළ.

අඹ කාලෙට අඹ තියෙන පළාතකට ගියා. ගෙඩි ගාණට සෙල්ලම් ඉස්සරා දැන් ගහ බලල ගහේ ගෙඩි ගාණ කියන්නේ. ගහ දිහා බලපු ගමන් වැටෙන ගෙඩි ගාණ, එව්ව හිතෙන් හදාගන්ඩ පස්සෙ පුරුදු වෙයි. එතකල් වාගේ පැහිච්ච ගෙඩි ටික කඩල ගෙඩි ගාණට සල්ලි ගෙවන කතාවක් දැන් නෑ. සුද්ද වාගේ ගහටම ගාන පොරොන්දු වුණා, ගෝලයෝ දෙන්නෙක් විතර අරගෙන ගියා, කැඩුවා අතට අහුවෙන හැම ගෙඩියක්ම. ළපටි... පැහිල... ඒ බැලිලි බොරු. කැහි ගැට කියල අපි පොඩි කාලෙ බිම වැටිල තියෙනකොට අහුලගෙන කන පොඩි ගැට, අර... කාපුවාම ටික වෙලාවකින් උගුර කසන්නේ... උනල්පැරිච්චා කියලා තිබුණ කහපාට ගෙඩි නෙවේ ඊටත් චූටි ගෙඩි... අන්න ඒ එකක්වත් ගහේ ඉතිරි කරන්ඩ එපා... සේරම දාපන් බිම.

"අපරාදෙනෙ ඒ පොඩි අඹ ගෙඩි මොනව කරන්ඩද..." ඇයි ගහ බදු අරගෙන... එව්ව ඉතිරිකරල එන්ඩද? නැත්තන් පැහෙන්ඩ ඇරල ආපහු වෙන දවසක ගිහින් කඩාගෙන එන්නඩද? එව්ව වැඩි වැඩ, වියදම ඩබල් වෙන්ඩයි, අඹ ගහට මුරකාරයෝ දාන්ඩයි කීයක් ලෙඩද. එහෙම කෙරුවත් අන්තිමට ගිහින් බලනකොට ඉතිරි කරල ආව අඹවලින් කාලයි තියෙන්නේ.

වවුල්ලු කාලා...

..... දන්නවනෙ ඉතින් වවුල්ලු.

"උන් හරි කෑවම මොකද මේ කොට්ටෙත් එක්කම කැපිල යන අඹගැට කඩල අහක දානවට වඩා."

ඔන්න ඔන්න ඔයාට වැරදුණ තැන... කවුද කියන්නේ අරන් යන එක ගෙඩියක්වත් අහක දානව කියල. එව්ව යයි නියම ගාණට පලතුරු තට්ටුවට. රස පිරි කහම කහපාට අඹ, වෙන මොනවද අපිට මේ සමාජය වෙනුවෙන් කරන්ඩ පුළුවන් සේවය. අෑත ගම්වල වවුල්ලු කාල ගස් යට වැටිල කුණුවෙලා යන අඹ ගෙඩිවලට මිලක් දීල නගරෙට ගෙනත් දාල කීයක් හරි හොයා ගන්නවා.

ඊළඟට පැපොල්. පැපොල් කාලෙට ගියා පැපොල් වතුවලට. ඒකෙත් පොත්ත කහපාට වීගෙන එන ඉදෙන්ඩ ළඟ, පැහිච්ච, කිරි වැදිච්ච, පොඩි ගෙඩි හෙව්වේ ඉස්සර. ඒ කියන්නේ කොණ්ඩෙ බැඳපු චීන්නු ඉන්න කාලෙනම් නෙවේ මීට අවුරුදු දහයකට පහළොවකට ඉස්සර. දැන් කවුද එව්ව බලන්නේ. යට ගෙඩියේ ඉඳල මල් රෑන ළඟට යනකම් තියෙන ගෙඩි සේරම කඩාගන්නවා. හැබැයි පුතෝ එක දෙයක් කල්පනාවෙන් කරන්න වෙනවා. ගෙඩිය බිමට කඩා දාලා තළාගන්ඩ එහෙම එපා. එහෙම වුණොත් ඉතින් විකුණල ඉවරයි.

"විකුණල ඉවරයි කියන්නේ ඔය විදියට ගස්ලබු ගැට හූරගෙන කඩවලට අරන් ගියොත් අරන් යන කෙනා ඉඳල ඉවරයි තමා. ගුටිකාල එන්ඩ වෙන්නේ. කලාතුරකින් තැනක අමු ගෙඩියක් දෙකක් ගනියි. ගස්ලබු මැල්ලුමක් කන්ඩ. ඒ සුවඳ මතක් වුණත් කටට කෙළ උනනවා. අම්මා.... හ්.... ඒත් කීයෙන් කී දෙනාද අද ඉන්නේ ගස්ලබු මැල්ලුමක් හදන්ඩ දන්න අය. මැල්ලුමකට නැත්තන් නියඹලා මාළුවක් කන්න ආස හිතුණ කෙනෙක් ගනියි. ඒ ඇරෙන්න මොන යක්කුද අමු පැපොල් කන්නේ. ම්... නෑ! දැනුයි මතක් වෙන්නේ... අමු පැපොල් තව වැඩකට ගන්නව. වැව් අයිනෙ වළවල් බැඳලා වතුර ඉහළ මාළු අල්ලන කට්ටියත් ළපටි පැපොල්වලට ආසයි. වේ තුඹස්වල තියෙන 'ආස්මීත්' එක්ක කලවම් කරල අමු පැපොල් ඇටයි කෑලියි එකට අනල බැඳපු වළේ ඉඳල වැව මැද්දට යනකම් විසිකරගෙන යනව මාළුන්ට කෑම තියෙන තැනට එන්න පාර පෙන්වන්න. ඒත් ඒ වැඩේට මෙච්චර ගොඩක්. ලොරි ලෝඩ් එකෙන් භාගයකටත් වැඩියි. අනෙක් එක ඒ විදියට මාළු අල්ලන්නේ ගම්වල තියෙන වැව්පිටිවලින් ගමේ මිනිස්සු කොහෙද සල්ලි දීල අමු පැපොල් ගන්නේ."

දැන් ඉවරද කතා කරල! පණ්ඩිතකම නැතිව මම කියන දේ පොඩ්ඩක් අහනවද. ලෙඩ්ඩුන්ට, දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලාට, විතරක් නෙවේ පලතුරු කන්න බලාගෙන කීදෙනෙක් ඉන්නවද. ෙදාස්තරල නියම කරපු අය. පොඩි දරුවෝ කවුද දෙයියනේ පලතුරු කන්ඩ අකැමැති කෙනා. ඒ සේරම අයට කන්ඩ මිසක් මේ පැපොල් එක ගෙඩියක්වත් මාළුන්ට කන්ඩ දෙන්ඩ ගෙනල්ල නෑ. ගෙඩි ටික සේරම එක ගොඩකට දාගෙන කිරි පෙරිල තියෙනව නම් එව්ව පිහදැම්මා. එක එක ගෙඩියට යාන්තන් ස්ප්‍රේ එක ඇල්ලුව, පත්තර පිටුවක ලස්සනට එතුව. ගාණට කාඩ්බෝඩ් පෙට්ටියක අඩුක්කෙරුව. පහුවදා උදේට ගාණට කහපාට වෙලා ඇති. ඉදීගෙන එන අලුත් පලතුරු ඉදීගෙන එන කතාවක් ඕන නෑ පහුවදාට කන්ඩ පුළුවන්. අලුත් කියන කතාව බොරුවක් නෙවෙයිනේ කැඩුවෙ ඊයේ. එතකොට ඔය පැහිච්ච ඒවා ළපටි ගෙඩි එහෙම වෙනසක් නෑ. මේ ස්ප්‍රේ එකට කෝකත් එකයි. සේරම එකම කහපාට. හැබැයි ඉතින් එක දෙයක් මේ වැඩේ හින්ද කෙරෙනව. දැන් ඉදුණු පැපොල් කිලෝ එකේ ගාණ කීයද කියල දන්නවනේ. අසූව පැනල ඒ වුණාට සල්ලි තියෙන එකාට කිලෝව දෙක තියෙන ගෙඩියක් වුණත් ගන්ඩ වත්කම තියෙනවා. ලොකු ගෙඩි කියන්නෙ යට තියෙන පැහුණු ගෙඩි කියල අපි දන්නවනේ. එව්ව ඉතින් බෙහෙත් ස්ප්‍රේ කෙරුවත් නැතත් ඉදෙන බඩු හින්ද එව්වට ස්ප්‍රේ එක අල්ලන්නෙ බොහොම අඩුවෙන්. සමහර වෙලාවට නැති තරම්. ඒ ගෙඩි තමයි සල්ලිකාරය අතට යන්නේ.

ඊළඟට ඉතින් අතේ සල්ලි තියෙන ගාණට තමයි බලෙන් ඉදවපු ගෙඩියද නැද්ද කියල තීරණය වෙන්නේ. හරියට පැපොල් ගහේ ගෙඩි තිබුණට විදියටමයි යටම කොටස පැහිල. උඩට යන්ඩ යන්ඩ ඒ තත්ත්වෙ අඩුවෙලා. ළපටියි. ඒ වුණාට බඩු ඉදිල. කහම කහ පාටයි. අතේ සල්ලි නැති අන්තිම අහිංසකය තමයි උඩම තියෙන පොඩි ගෙඩි ටික කන්නේ. තේරෙනවනේ... ළපටිම ළපටියි කියන්නේ ස්ප්‍රේ පාර වැඩිම වැඩියි කියන එක. නැත්තන් කොහොමද එක පාටම ගන්නේ. හැබැයි ඉතින් අතේ බැලන්ස් එක තමයි හරියටම තියෙන්ඩ ඕන. නැත්තන් ඉතින් සේරම මහන්සිය වතුරෙ.

ස්ප්‍රේ පාර ගෙඩියෙ එකම තැනකට වැඩිපුර වැදුණොත් වැඩේ ලෙඩේ. බොත්තමක් තරමට පොඩි පුල්ලියක් ගහනව. එතැනින් තමයි ටක්ගාල කුණුවෙන්න ගන්නේ. දවස් දෙක තුන යනකොට පැත්තක්ම තැළිල වගේ ජූස් ගලන්ඩ ගන්නව. භාගෙට භාගයක් අඩුවට දීල දාන්ඩ සැලඩ්කාරයෙක් හරි පලතුරු ජූස් විකුණන එකෙක් හරි හොයාගෙන තමයි දුවන්ඩ වෙන්නේ. එව්වත් කෙරෙන ක්‍රම සහ විදි තියෙනව. ඒව ගැන පස්සෙ කියල දෙන්නම්කෝ. අපතේ යන්නෙ නැතිව දෙන්ඩ පුළුවන් එක ඇත්ත. භාගෙට භාගයක් අඩුවටනේ. අපරාදෙනෙ අපිට ගන්ඩ තිබුණ ලාභයක්නේ නැතිවෙන්නේ. ඒ හින්ද හොඳට, ගාණට ස්ප්‍රේ එක ගහන්ඩ පුරුදු වෙයන්. බයවෙන්ඩ දෙයක් නෑ... දවස් දෙකතුන කරනකොට පුරුදු වෙයි. ඔය හැම එකාම කරන්නෙ ක්ලාස් ගිහින් යැ..... දැන් හරිනේ! ගහම සූරගෙන අරන් එන අඹවලටත් ඔය සෙතේම තමයි. හැබැයි ඒකෙ ගෙඩියෙන් ගෙඩියට ගහන්ඩ ගියොත් මේ සැරේ කඩපු අඹ විකුණන්ඩ වෙන්නේ ලබන අවුරුද්දෙ තමයි. හොඳට පිහල පොලිස් කරල ගෝනිවලට පුරවන්ඩ ඕන. ලොකු ගෙඩි වෙනම, පොඩි ගෙඩි වෙනම. ගෝනිය ඇතුළට ස්ප්‍රේ එක ඇල්ලුවා කට බැන්දා. එතැනදිත් අතේ බැලන්ස් එක ඕන හරිද. ලොකු ගෙඩිවලට, ඒ කියන්නේ පැහිල තියෙන අඹවලට බේත් ටිකයි, ගැටවලට වැඩියි.

පහුවදාට ගෝනිය ලෙහපු ගමන් ඉදුණු අඹ පෙට්ටිවලට දැම්ම. වෙළෙඳපොළට බෙදාහැරිය. මෙව්ව හොඳට සල්ලි හොයන්ඩ පුළුවන් වැඩ මල්ලි.

කවුරුහරි එකෙක් මෙව්ව මෙහෙම වෙනව කියල හොයාගෙන රටතොටේ පතුරවන්න කලින් ගොඩ පලයල්ල. උඹත් මම වගේ දුප්පත් එකානේ. ඒකයි මේ සේරම දේවල් කියල දෙන්නේ.

නැත්තන් ඉස්සර අපි අඹ ටිකක් කඩාගෙන ඒක ඉදවගන්න මොනතරම් දුකක් වින්දද. අද එක රැයට ඕනම අඹගැටයක් කහපාට වෙන්ඩ ඉදව ගන්ඩ පුළුවන් වුණාට ඉස්සර පැහිච්චි ගෙඩියක් ඉදවගන්ඩත් මොන මොන දේවල් කරනවද. මිදුල කොනක අඩි හතරයි තුනේ වාගේ වළක් කපාගන්නව අඩියක් එක හමාරක් අඩි හතරයි තුනේ වාගේ වළක් කපාගන්නව අඩියක් එකහමාරක් ගැඹුරට. යටට දානව පිදුරු. ඊළඟට ඇහැළ කොළ අතුරනව. ඊට පස්සෙ තමයි ගානට අඹගෙඩි ටික වළේ තියන්නේ. උඩිනුත් තව ඕනනම් ඇහැලකොළ ටිකක් දානව රස්නෙ හිටින්ඩ. අඹ ගෙඩි උඩට පස් වැටෙන්නෙ නැතිවෙන්ඩ වළේ කොන් දෙක උඩින් ගාණට පොල්පිති ටිකක් හරස් කරල ඊට උඩින් වියපු පොල් අතු දෙකතුනක් එළල පස් දානව.

හැබැයි පුතෝ එක තැනක පොඩි කවුළුවක් තියන්ඩ ඕන හිල් පොල්කට්ටක් ඇතුළු කරන්ඩ පුළුවන් වෙන ගානට. හිල පැත්ත යටට හිටින විදියට ගානට පොල්කට්ට බැස්සුව, වටේට පස් තද කෙරුව, ඊට පස්සෙ ඉතින් පොල්කට්ට ඇතුළට පොල් මුඩුයි ගිනි අඟුරු කෑලි ටිකකුයි දාපු ගමන් දුම. දුම ඇතුළට යන්ඩ පිඹින එකයි ඇත්තෙ පොල්කට්ටට. මතකනේ මොනතරම් කට්ටියක්ද කියල. උදේ හවස දවස් දෙක තුනක්වත් දුම් පිඹින්න ඕන අඹවලට පාට ගන්ඩ නම්.

ඒ වගේද මල්ලියේ මේ වැඩ. එක දවසෙන් බඩු ඉදිල මෙව්ව තමයි දියුණුව කියන්නේ. කොයිතරම් ලෙහෙසි දේවල්ද හොයාගෙන තියෙන්නේ මනුස්සයාගේ පහසුවට. අද කැඩුවා, ගෝනියට දැම්ම, බෙහෙත් ගැහුව. හෙට උදේට ඉදුණු අඹ නැත්තන් කොහෙන්ද දෙයියනේ මේ මිනිස්සු පලතුරු කන තරමට පලතුරු දෙන්නේ. ගස්වලට ඕන විදියට පලතුරු ඉදෙනකම් බලාගෙන ඉඳල කඩාගන්න හිටියොත් කොච්චර දවසක් බලාගෙන ඉන්ඩද. එක දෙක දානකොට ගෙඩියක මිල කීයක් කියයිද, බඩු අඩුවුණාම හිතූ හිතූ මිල දන්නවනේ. එතැනදිත් ඉතින් සල්ලි තියෙන එකා කීයක් දීල හරි කයි. අපේ දුප්පත් උන්ට තමයි ඒකත් නැතිවෙන්නේ. ඒ ගැන හිතල වෙන්ඩ ඇති මේ වැඩේ මුලින්ම පටන් ගත්තු එකා කරන්ඩ යන්ඩ ඇත්තේ.

පේනවානේ... ඉස්පිරිතාල අයිනේ දිගටම තියෙන පලතුරු කඩ. මාර්කට් එකට ගියාම... පොළට ගියාම... පේනවනේ පලතුරු විකුණන්ඩ තියෙන තරම්. ඔය සේරම කවුරු හරි කනව. නැත්තන් ඔහොම බොරුවට ගොඩ ගහගෙන ඉන්නවද.

හැබැයි කොල්ලෝ කෙසෙල්වලට ඔය සෙල්ලම බෑ. සෙල්ලම බෑ කියන්නේ ඔය බෙහෙත් ගහන්ඩ බෑ කියන එක නෙවේ. බෙහෙත් කෙසෙල් ගෙඩිවලට ගහන්ඩ බෑ කියන එක. ගෙඩිවලට ගැහුවොත් උඹටම තමා කන්ඩ වෙන්නේ. ඒකෙ ගහන්ඩ ඕන කෙසෙල් වහල්ලට. වහල්ලෙ යටට ගැහුවනම් ස්ප්රේපාර, ගාණට පහළ ඇවරියේ ඉඳල උඩට ඉඳීගෙන යයි.

ඒ හින්දා උඹ කෙහෙල් කපන්ඩ වතුවලට ගියාම පැහුණු කැන් හොය හොයා දඟලන්ඩ එපා. කොල්ලො කුරුට්ටො ලොරියෙ පුරවගෙන සැරෙන් සැරේට ගිහින් පැහෙන පැහෙන කෙහෙල්කැන හොය හොයා කපාගෙන එන්ඩ හිතන්ඩ එපා. එව්ව බොරුවැඩ. අනෙක් පලතුරුකාරයෝ හිනාවෙයි.

අයිතිකාරය කැමැතිනම් කෙහෙල්කැන් දෙක තුනක් පැහිල තිබුණාම හොඳටම ඇති. කොටුවේ වැටිල තියෙන කැන් එකපාර විකුණ ගන්ඩ තියෙනවනම් ඒක හිටවපු මිනිහටත් ලේසියක්නේ. කැන් දෙක තුන විකුණල සැරෙන් සැරේට කීය කීය හරි ගන්න එක කජු කෑව වගේ. එලොවටත් නෑ මෙලොවටත් නෑ. මොනව හරි වැඩක් කරනකොට සමාජයටත් වැඩක් වෙන විදියට දෙයක් කරන්ඩ ඉගෙන ගනින්. එකපාර කැන්ටික සේරම කපාගෙන එක සැරේ ඒ මනුස්සයගේ අතට ගාණක් දුන්නාම ඒ මනුස්සයත් ඒකෙන් මොකක්හරි ප්‍රයෝජනවත් දෙයක් කරගනියි.

කෙසේ ගෙඩිවල මස් නෑ... පිරිල නෑ... ඒ පණ්ඩිතකම් උඹට වැඩක් නෑ. මුල් ඇවරියේ ගෙඩි අතේ මාපට ඇඟිල්ලේ ගාණට මහතනම් ඇති. බය නැතිව කපපන්. ඉදවගන්ඩ බඩු තියෙනවනේ. ඕන නම් කෙහෙල් වහල්ලත් කහපාටට ඉදවල පෙන්නන්ඩ පුළුවන්. බයවෙන්ඩ උඩ බිම බලන්ඩ එපා. අපි මේ කරන්නෙ වැරැදි වැඩක් නෙවේ. වැරැදි වැඩක්නම් ඒ බේත් තහනම් වෙන්ඩ එපායැ. ඔය ඕනතරම් කඩවල පලතුරු ඉදවන්න ගන්න බෙහෙත් කුප්පි විකුණන්ඩ තියෙන්නේ. දැන් මොන මොනවද මම ඉඳවන්ඩ කියල දුන්නේ. අඹ, පැපොල්, කෙසෙල්. එව්ව ඉවරවුණ ගමන් අන්නාසි වත්තක් හොයාගන්නව. ඒකත් ඒ විදියම තමයි. අතට ගත්තුගමන් කරන්ඩ ඕන මොනවද කියල තේරෙනව. කොටුකාරයොත් දැන් දන්නව මොකද මේ ළපටි අන්නාසි ගෙඩිය හිටන් කපාගෙන යන්නෙ කියල.

ඒත් මල්ලියේ ඒ මොන දහම් ගැටේ දැම්මත් අපි පරාදයි කියල හිතෙන්නේ පලතුරු තට්ටුවල තියෙන රටින් ගේන පලතුරුවල ලස්සන දැක්කාම. ෙදාඩම්, නාරන්, ඇපල්, මිදි පුදුම පොලිෂ් එකක්නේ ඒ ගෙඩිවල තියෙන්නේ. රෙදි කෑල්ලක් අරගෙන පිහන්න පිහන්න ලස්සනයි. ඒකම තව නිකම් ඉන්න වෙලාවට පලතුරු කඩ මුදලාලිල රෙදි කෑල්ලකට මැදිකරගෙන ෙදාඩම් ගෙඩි, ඇපල් ගෙඩි හැම තිස්සෙම කරකව කරකව ඉන්නේ.

අපේ පලතුරු අර කිව්ව විදියට අපි කොයි තරම් මහන්සිවෙල ඉදව ගත්තත් දවස් තුන හතරකට වැඩිය ආයුෂ නෑ පුතෝ. වැඩිම වුණොත් සතියයි. කෙසෙල්නම් කහ ගැහිල අන්තිමට කළු වෙන්න ගනියි. පැපොල් නම් ස්ප්‍රේ පාර වැදුණ තැන බොත්තමක් වාගේ රෝසපාට වෙලා ටිකෙන් ටික විශාල වෙමින් ජූස් ගලන්ඩ ගන්නව. අඹ ගෙඩිවල නැට්ට පැත්තේ කළුපාට වෙලා ඇතුළෙන් කුණුවෙන්ඩ ගනියි.

ඒත් කොල්ලො මේ රට බඩුවලට එහෙම මොකුත් දෙයක් වෙන්නෙ නෑනේ. මාස ගාණක් තිස්සේ නැව්වල ඇවිල්ල මෙහෙන් පලතුරු තට්ටු උඩ කොච්චර දවසක් තියෙනවද. කොළඹ එහෙම පේනව නේද. මොන තරම් ගිනි අව්වේ තියාගෙනද මෙව්ව විකුණන්නේ. ඒත් දැකල තියෙනවද මැලවෙලා රැලිගැහිල තියෙන ඕස්ට්‍රේලියන් ෙදාඩම් ගෙඩියක් ඇපල් ගෙඩියක්.

ඒකටත් එක්ක අපේ ෙදාඩම් ගෙඩියක්, නාරන් ගෙඩියක් දවස් දෙකක් අව්වේ තිබ්බොත් ඇති. හාමතේ හිටපු එකෙකුට පොලිසියෙන් ගැහුව වගේ වෙනව. මැලවෙලා - රැලි ගැහිල, වකුටුවෙල වෙන්ඩ තියෙන දහ අටම වෙලා ඔන්න ඕක නැති කරන්ඩ දෙයක් හොයාගත්තොත් අපිත් ගොඩේ ගොඩ. බොහොම තුනී ඉටිවගේ ද්‍රාවණයක් තමයි ඒ වටේ තියෙනවව කියල කියන්නේ.

ඒකනේ ක්රිකට්වලදී බෝලෙ කකුලෙ ඇතුල්ලනව වාගේ හැම තිස්සේම රෙදි කෑල්ල අතේ තියෙන්නේ.

කොහොම වුණත් ඉතින් පොඩි දරුවගේ ඉඳල, රෝගීන්, ගැබිනි මවුවරුන්ගේ ඉඳල වියපත් අය දක්වා ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙන පලතුරු මේ විදියට හරි ගෙන්වන, ඉදවන අය ගැන හොයන බලන බවක් පේන්ඩ නැති හින්ද අපිත් ගාණට වැඩේ කරගෙන යනවා. ඒ හින්ද උඹත් ඉක්මනට බිස්නස් එක පටන් අරන් ගාණක් හොයා ගනින්.

[QUOTE="sameerasugath, post: 16562161, member: 148671"] [b]චුට්ටක් මේක බලපල්ලා - වැදගත් වෙයි[/b] [SIZE=4][COLOR=DarkRed]මේක [FONT=Open Sans]April 13, 2014 මව්බිම පත්තරේ තිබ්බ Artical එකක්. වැදගත් කියල හිතුන නිසයි දැම්මේ. සියළු ගෞරවය ම [/FONT][FONT=Open Sans][FONT=Open Sans]Artical එක ලියපු අයටයි.[/FONT][/FONT][/COLOR][COLOR=DarkRed][FONT=Open Sans][COLOR=DarkRed][FONT=Open Sans](ප්‍රභාත් අත්තනායක,චන්ද්‍රසිරි මහගම) [/FONT][/COLOR][/FONT][/COLOR][U][SIZE=4][COLOR=DarkRed][FONT=Open Sans][/FONT][/COLOR][/SIZE]බලෙන් ඉදවපු පලතුරු කියයි මරු තොරතුරු[/U] [COLOR=#ccc][/COLOR][COLOR=#ccc][FONT=Open Sans][/FONT][/COLOR][COLOR=DarkRed] [/COLOR] බිස්නස්වලට බයවෙන්ඩ එපා. ඉස්සර වගේ අමාරු නෑ දැන් බිස්නස් කරන එක. ඒ කියන්නේ මහා පරිමාණයේ එව්ව නෙවෙයි. අපේ තරමට... බඩී ලොරියක් වගේ අරගෙන කරන පොඩි පොඩි දේවල්. "රැල්ලට වගේ බඩී ලොරි ගත්තු කට්ටිය දැන් ඔය ඕනතරම් ඉන්නෙ පැත්ත වැටිල. අපේ හාමිනේගෙ මල්ලිත් එකක් අරගෙන හතර වටේ කරකව කරකව හිටියේ. දැන් ඔන්න ඒක විකුණන්ඩ හොයනවලු." ගනින් යෝධයෝ ගනින්. බඩිය ගත්තොත් උඹ ගොඩ. ඒක විතරයි ඕන. අනෙත් කරන්ඩ ඕන සේරම දේවල් මම කියල දෙන්නම්. පලතුරු බිස්නස් එකට අතගහපන්. පඩිපෙළේ මුදුනටම යන්ඩ පුළුවන් ඇවිදගෙන නෙවේ දුවගෙන. ඒ තරම් ෂුවර්. පලතුරු කියන්නේ කොයි තරම් ශරීරයට ගුණ දෙයක්ද. බබාල ලැබෙන්න ඉන්න අම්මලාට, පොඩි දරුවන්ට, ලෙඩ්ඩු, වයසක කට්ටිය, දියවැඩියා අය, ප්‍රෙෂර් කට්ටිය, කොලොස්ට්‍රෝල්... හප්පේ... රටෙන් භාගයකටම අත්‍යවශ්‍ය දෙයක් නේන්නම්. එතකොට උදේට පලතුරු විතරක් ආහාරයට ගන්න අය... ඒ සේරම බලපුවාම අද පලතුරු බිස්නස් එකට ගහන්ඩ බිස්නස් එකක් නෑ. මිනිස් සතා දියුණු වෙන්ඩ දියුණු වෙන්ඩ එළවළු පලතුරුවලට තමා තැන. පලතුරුවලට තැන ආවා කියන්නේ උඹ ගොඩ. උඹ ගොඩ ගියා කියන්නේ අපිටත් හොඳයිනේ. මම කියල දෙන්නම් සේරම කෙරෙන පිළිවෙළ. අඹ කාලෙට අඹ තියෙන පළාතකට ගියා. ගෙඩි ගාණට සෙල්ලම් ඉස්සරා දැන් ගහ බලල ගහේ ගෙඩි ගාණ කියන්නේ. ගහ දිහා බලපු ගමන් වැටෙන ගෙඩි ගාණ, එව්ව හිතෙන් හදාගන්ඩ පස්සෙ පුරුදු වෙයි. එතකල් වාගේ පැහිච්ච ගෙඩි ටික කඩල ගෙඩි ගාණට සල්ලි ගෙවන කතාවක් දැන් නෑ. සුද්ද වාගේ ගහටම ගාන පොරොන්දු වුණා, ගෝලයෝ දෙන්නෙක් විතර අරගෙන ගියා, කැඩුවා අතට අහුවෙන හැම ගෙඩියක්ම. ළපටි... පැහිල... ඒ බැලිලි බොරු. කැහි ගැට කියල අපි පොඩි කාලෙ බිම වැටිල තියෙනකොට අහුලගෙන කන පොඩි ගැට, අර... කාපුවාම ටික වෙලාවකින් උගුර කසන්නේ... උනල්පැරිච්චා කියලා තිබුණ කහපාට ගෙඩි නෙවේ ඊටත් චූටි ගෙඩි... අන්න ඒ එකක්වත් ගහේ ඉතිරි කරන්ඩ එපා... සේරම දාපන් බිම. "අපරාදෙනෙ ඒ පොඩි අඹ ගෙඩි මොනව කරන්ඩද..." ඇයි ගහ බදු අරගෙන... එව්ව ඉතිරිකරල එන්ඩද? නැත්තන් පැහෙන්ඩ ඇරල ආපහු වෙන දවසක ගිහින් කඩාගෙන එන්නඩද? එව්ව වැඩි වැඩ, වියදම ඩබල් වෙන්ඩයි, අඹ ගහට මුරකාරයෝ දාන්ඩයි කීයක් ලෙඩද. එහෙම කෙරුවත් අන්තිමට ගිහින් බලනකොට ඉතිරි කරල ආව අඹවලින් කාලයි තියෙන්නේ. වවුල්ලු කාලා... ..... දන්නවනෙ ඉතින් වවුල්ලු. "උන් හරි කෑවම මොකද මේ කොට්ටෙත් එක්කම කැපිල යන අඹගැට කඩල අහක දානවට වඩා." ඔන්න ඔන්න ඔයාට වැරදුණ තැන... කවුද කියන්නේ අරන් යන එක ගෙඩියක්වත් අහක දානව කියල. එව්ව යයි නියම ගාණට පලතුරු තට්ටුවට. රස පිරි කහම කහපාට අඹ, වෙන මොනවද අපිට මේ සමාජය වෙනුවෙන් කරන්ඩ පුළුවන් සේවය. අෑත ගම්වල වවුල්ලු කාල ගස් යට වැටිල කුණුවෙලා යන අඹ ගෙඩිවලට මිලක් දීල නගරෙට ගෙනත් දාල කීයක් හරි හොයා ගන්නවා. ඊළඟට පැපොල්. පැපොල් කාලෙට ගියා පැපොල් වතුවලට. ඒකෙත් පොත්ත කහපාට වීගෙන එන ඉදෙන්ඩ ළඟ, පැහිච්ච, කිරි වැදිච්ච, පොඩි ගෙඩි හෙව්වේ ඉස්සර. ඒ කියන්නේ කොණ්ඩෙ බැඳපු චීන්නු ඉන්න කාලෙනම් නෙවේ මීට අවුරුදු දහයකට පහළොවකට ඉස්සර. දැන් කවුද එව්ව බලන්නේ. යට ගෙඩියේ ඉඳල මල් රෑන ළඟට යනකම් තියෙන ගෙඩි සේරම කඩාගන්නවා. හැබැයි පුතෝ එක දෙයක් කල්පනාවෙන් කරන්න වෙනවා. ගෙඩිය බිමට කඩා දාලා තළාගන්ඩ එහෙම එපා. එහෙම වුණොත් ඉතින් විකුණල ඉවරයි. "විකුණල ඉවරයි කියන්නේ ඔය විදියට ගස්ලබු ගැට හූරගෙන කඩවලට අරන් ගියොත් අරන් යන කෙනා ඉඳල ඉවරයි තමා. ගුටිකාල එන්ඩ වෙන්නේ. කලාතුරකින් තැනක අමු ගෙඩියක් දෙකක් ගනියි. ගස්ලබු මැල්ලුමක් කන්ඩ. ඒ සුවඳ මතක් වුණත් කටට කෙළ උනනවා. අම්මා.... හ්.... ඒත් කීයෙන් කී දෙනාද අද ඉන්නේ ගස්ලබු මැල්ලුමක් හදන්ඩ දන්න අය. මැල්ලුමකට නැත්තන් නියඹලා මාළුවක් කන්න ආස හිතුණ කෙනෙක් ගනියි. ඒ ඇරෙන්න මොන යක්කුද අමු පැපොල් කන්නේ. ම්... නෑ! දැනුයි මතක් වෙන්නේ... අමු පැපොල් තව වැඩකට ගන්නව. වැව් අයිනෙ වළවල් බැඳලා වතුර ඉහළ මාළු අල්ලන කට්ටියත් ළපටි පැපොල්වලට ආසයි. වේ තුඹස්වල තියෙන 'ආස්මීත්' එක්ක කලවම් කරල අමු පැපොල් ඇටයි කෑලියි එකට අනල බැඳපු වළේ ඉඳල වැව මැද්දට යනකම් විසිකරගෙන යනව මාළුන්ට කෑම තියෙන තැනට එන්න පාර පෙන්වන්න. ඒත් ඒ වැඩේට මෙච්චර ගොඩක්. ලොරි ලෝඩ් එකෙන් භාගයකටත් වැඩියි. අනෙක් එක ඒ විදියට මාළු අල්ලන්නේ ගම්වල තියෙන වැව්පිටිවලින් ගමේ මිනිස්සු කොහෙද සල්ලි දීල අමු පැපොල් ගන්නේ." දැන් ඉවරද කතා කරල! පණ්ඩිතකම නැතිව මම කියන දේ පොඩ්ඩක් අහනවද. ලෙඩ්ඩුන්ට, දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලාට, විතරක් නෙවේ පලතුරු කන්න බලාගෙන කීදෙනෙක් ඉන්නවද. ෙදාස්තරල නියම කරපු අය. පොඩි දරුවෝ කවුද දෙයියනේ පලතුරු කන්ඩ අකැමැති කෙනා. ඒ සේරම අයට කන්ඩ මිසක් මේ පැපොල් එක ගෙඩියක්වත් මාළුන්ට කන්ඩ දෙන්ඩ ගෙනල්ල නෑ. ගෙඩි ටික සේරම එක ගොඩකට දාගෙන කිරි පෙරිල තියෙනව නම් එව්ව පිහදැම්මා. එක එක ගෙඩියට යාන්තන් ස්ප්‍රේ එක ඇල්ලුව, පත්තර පිටුවක ලස්සනට එතුව. ගාණට කාඩ්බෝඩ් පෙට්ටියක අඩුක්කෙරුව. පහුවදා උදේට ගාණට කහපාට වෙලා ඇති. ඉදීගෙන එන අලුත් පලතුරු ඉදීගෙන එන කතාවක් ඕන නෑ පහුවදාට කන්ඩ පුළුවන්. අලුත් කියන කතාව බොරුවක් නෙවෙයිනේ කැඩුවෙ ඊයේ. එතකොට ඔය පැහිච්ච ඒවා ළපටි ගෙඩි එහෙම වෙනසක් නෑ. මේ ස්ප්‍රේ එකට කෝකත් එකයි. සේරම එකම කහපාට. හැබැයි ඉතින් එක දෙයක් මේ වැඩේ හින්ද කෙරෙනව. දැන් ඉදුණු පැපොල් කිලෝ එකේ ගාණ කීයද කියල දන්නවනේ. අසූව පැනල ඒ වුණාට සල්ලි තියෙන එකාට කිලෝව දෙක තියෙන ගෙඩියක් වුණත් ගන්ඩ වත්කම තියෙනවා. ලොකු ගෙඩි කියන්නෙ යට තියෙන පැහුණු ගෙඩි කියල අපි දන්නවනේ. එව්ව ඉතින් බෙහෙත් ස්ප්‍රේ කෙරුවත් නැතත් ඉදෙන බඩු හින්ද එව්වට ස්ප්‍රේ එක අල්ලන්නෙ බොහොම අඩුවෙන්. සමහර වෙලාවට නැති තරම්. ඒ ගෙඩි තමයි සල්ලිකාරය අතට යන්නේ. ඊළඟට ඉතින් අතේ සල්ලි තියෙන ගාණට තමයි බලෙන් ඉදවපු ගෙඩියද නැද්ද කියල තීරණය වෙන්නේ. හරියට පැපොල් ගහේ ගෙඩි තිබුණට විදියටමයි යටම කොටස පැහිල. උඩට යන්ඩ යන්ඩ ඒ තත්ත්වෙ අඩුවෙලා. ළපටියි. ඒ වුණාට බඩු ඉදිල. කහම කහ පාටයි. අතේ සල්ලි නැති අන්තිම අහිංසකය තමයි උඩම තියෙන පොඩි ගෙඩි ටික කන්නේ. තේරෙනවනේ... ළපටිම ළපටියි කියන්නේ ස්ප්‍රේ පාර වැඩිම වැඩියි කියන එක. නැත්තන් කොහොමද එක පාටම ගන්නේ. හැබැයි ඉතින් අතේ බැලන්ස් එක තමයි හරියටම තියෙන්ඩ ඕන. නැත්තන් ඉතින් සේරම මහන්සිය වතුරෙ. ස්ප්‍රේ පාර ගෙඩියෙ එකම තැනකට වැඩිපුර වැදුණොත් වැඩේ ලෙඩේ. බොත්තමක් තරමට පොඩි පුල්ලියක් ගහනව. එතැනින් තමයි ටක්ගාල කුණුවෙන්න ගන්නේ. දවස් දෙක තුන යනකොට පැත්තක්ම තැළිල වගේ ජූස් ගලන්ඩ ගන්නව. භාගෙට භාගයක් අඩුවට දීල දාන්ඩ සැලඩ්කාරයෙක් හරි පලතුරු ජූස් විකුණන එකෙක් හරි හොයාගෙන තමයි දුවන්ඩ වෙන්නේ. එව්වත් කෙරෙන ක්‍රම සහ විදි තියෙනව. ඒව ගැන පස්සෙ කියල දෙන්නම්කෝ. අපතේ යන්නෙ නැතිව දෙන්ඩ පුළුවන් එක ඇත්ත. භාගෙට භාගයක් අඩුවටනේ. අපරාදෙනෙ අපිට ගන්ඩ තිබුණ ලාභයක්නේ නැතිවෙන්නේ. ඒ හින්ද හොඳට, ගාණට ස්ප්‍රේ එක ගහන්ඩ පුරුදු වෙයන්. බයවෙන්ඩ දෙයක් නෑ... දවස් දෙකතුන කරනකොට පුරුදු වෙයි. ඔය හැම එකාම කරන්නෙ ක්ලාස් ගිහින් යැ..... දැන් හරිනේ! ගහම සූරගෙන අරන් එන අඹවලටත් ඔය සෙතේම තමයි. හැබැයි ඒකෙ ගෙඩියෙන් ගෙඩියට ගහන්ඩ ගියොත් මේ සැරේ කඩපු අඹ විකුණන්ඩ වෙන්නේ ලබන අවුරුද්දෙ තමයි. හොඳට පිහල පොලිස් කරල ගෝනිවලට පුරවන්ඩ ඕන. ලොකු ගෙඩි වෙනම, පොඩි ගෙඩි වෙනම. ගෝනිය ඇතුළට ස්ප්‍රේ එක ඇල්ලුවා කට බැන්දා. එතැනදිත් අතේ බැලන්ස් එක ඕන හරිද. ලොකු ගෙඩිවලට, ඒ කියන්නේ පැහිල තියෙන අඹවලට බේත් ටිකයි, ගැටවලට වැඩියි. පහුවදාට ගෝනිය ලෙහපු ගමන් ඉදුණු අඹ පෙට්ටිවලට දැම්ම. වෙළෙඳපොළට බෙදාහැරිය. මෙව්ව හොඳට සල්ලි හොයන්ඩ පුළුවන් වැඩ මල්ලි. කවුරුහරි එකෙක් මෙව්ව මෙහෙම වෙනව කියල හොයාගෙන රටතොටේ පතුරවන්න කලින් ගොඩ පලයල්ල. උඹත් මම වගේ දුප්පත් එකානේ. ඒකයි මේ සේරම දේවල් කියල දෙන්නේ. නැත්තන් ඉස්සර අපි අඹ ටිකක් කඩාගෙන ඒක ඉදවගන්න මොනතරම් දුකක් වින්දද. අද එක රැයට ඕනම අඹගැටයක් කහපාට වෙන්ඩ ඉදව ගන්ඩ පුළුවන් වුණාට ඉස්සර පැහිච්චි ගෙඩියක් ඉදවගන්ඩත් මොන මොන දේවල් කරනවද. මිදුල කොනක අඩි හතරයි තුනේ වාගේ වළක් කපාගන්නව අඩියක් එක හමාරක් අඩි හතරයි තුනේ වාගේ වළක් කපාගන්නව අඩියක් එකහමාරක් ගැඹුරට. යටට දානව පිදුරු. ඊළඟට ඇහැළ කොළ අතුරනව. ඊට පස්සෙ තමයි ගානට අඹගෙඩි ටික වළේ තියන්නේ. උඩිනුත් තව ඕනනම් ඇහැලකොළ ටිකක් දානව රස්නෙ හිටින්ඩ. අඹ ගෙඩි උඩට පස් වැටෙන්නෙ නැතිවෙන්ඩ වළේ කොන් දෙක උඩින් ගාණට පොල්පිති ටිකක් හරස් කරල ඊට උඩින් වියපු පොල් අතු දෙකතුනක් එළල පස් දානව. හැබැයි පුතෝ එක තැනක පොඩි කවුළුවක් තියන්ඩ ඕන හිල් පොල්කට්ටක් ඇතුළු කරන්ඩ පුළුවන් වෙන ගානට. හිල පැත්ත යටට හිටින විදියට ගානට පොල්කට්ට බැස්සුව, වටේට පස් තද කෙරුව, ඊට පස්සෙ ඉතින් පොල්කට්ට ඇතුළට පොල් මුඩුයි ගිනි අඟුරු කෑලි ටිකකුයි දාපු ගමන් දුම. දුම ඇතුළට යන්ඩ පිඹින එකයි ඇත්තෙ පොල්කට්ටට. මතකනේ මොනතරම් කට්ටියක්ද කියල. උදේ හවස දවස් දෙක තුනක්වත් දුම් පිඹින්න ඕන අඹවලට පාට ගන්ඩ නම්. ඒ වගේද මල්ලියේ මේ වැඩ. එක දවසෙන් බඩු ඉදිල මෙව්ව තමයි දියුණුව කියන්නේ. කොයිතරම් ලෙහෙසි දේවල්ද හොයාගෙන තියෙන්නේ මනුස්සයාගේ පහසුවට. අද කැඩුවා, ගෝනියට දැම්ම, බෙහෙත් ගැහුව. හෙට උදේට ඉදුණු අඹ නැත්තන් කොහෙන්ද දෙයියනේ මේ මිනිස්සු පලතුරු කන තරමට පලතුරු දෙන්නේ. ගස්වලට ඕන විදියට පලතුරු ඉදෙනකම් බලාගෙන ඉඳල කඩාගන්න හිටියොත් කොච්චර දවසක් බලාගෙන ඉන්ඩද. එක දෙක දානකොට ගෙඩියක මිල කීයක් කියයිද, බඩු අඩුවුණාම හිතූ හිතූ මිල දන්නවනේ. එතැනදිත් ඉතින් සල්ලි තියෙන එකා කීයක් දීල හරි කයි. අපේ දුප්පත් උන්ට තමයි ඒකත් නැතිවෙන්නේ. ඒ ගැන හිතල වෙන්ඩ ඇති මේ වැඩේ මුලින්ම පටන් ගත්තු එකා කරන්ඩ යන්ඩ ඇත්තේ. පේනවානේ... ඉස්පිරිතාල අයිනේ දිගටම තියෙන පලතුරු කඩ. මාර්කට් එකට ගියාම... පොළට ගියාම... පේනවනේ පලතුරු විකුණන්ඩ තියෙන තරම්. ඔය සේරම කවුරු හරි කනව. නැත්තන් ඔහොම බොරුවට ගොඩ ගහගෙන ඉන්නවද. හැබැයි කොල්ලෝ කෙසෙල්වලට ඔය සෙල්ලම බෑ. සෙල්ලම බෑ කියන්නේ ඔය බෙහෙත් ගහන්ඩ බෑ කියන එක නෙවේ. බෙහෙත් කෙසෙල් ගෙඩිවලට ගහන්ඩ බෑ කියන එක. ගෙඩිවලට ගැහුවොත් උඹටම තමා කන්ඩ වෙන්නේ. ඒකෙ ගහන්ඩ ඕන කෙසෙල් වහල්ලට. වහල්ලෙ යටට ගැහුවනම් ස්ප්රේපාර, ගාණට පහළ ඇවරියේ ඉඳල උඩට ඉඳීගෙන යයි. ඒ හින්දා උඹ කෙහෙල් කපන්ඩ වතුවලට ගියාම පැහුණු කැන් හොය හොයා දඟලන්ඩ එපා. කොල්ලො කුරුට්ටො ලොරියෙ පුරවගෙන සැරෙන් සැරේට ගිහින් පැහෙන පැහෙන කෙහෙල්කැන හොය හොයා කපාගෙන එන්ඩ හිතන්ඩ එපා. එව්ව බොරුවැඩ. අනෙක් පලතුරුකාරයෝ හිනාවෙයි. අයිතිකාරය කැමැතිනම් කෙහෙල්කැන් දෙක තුනක් පැහිල තිබුණාම හොඳටම ඇති. කොටුවේ වැටිල තියෙන කැන් එකපාර විකුණ ගන්ඩ තියෙනවනම් ඒක හිටවපු මිනිහටත් ලේසියක්නේ. කැන් දෙක තුන විකුණල සැරෙන් සැරේට කීය කීය හරි ගන්න එක කජු කෑව වගේ. එලොවටත් නෑ මෙලොවටත් නෑ. මොනව හරි වැඩක් කරනකොට සමාජයටත් වැඩක් වෙන විදියට දෙයක් කරන්ඩ ඉගෙන ගනින්. එකපාර කැන්ටික සේරම කපාගෙන එක සැරේ ඒ මනුස්සයගේ අතට ගාණක් දුන්නාම ඒ මනුස්සයත් ඒකෙන් මොකක්හරි ප්‍රයෝජනවත් දෙයක් කරගනියි. කෙසේ ගෙඩිවල මස් නෑ... පිරිල නෑ... ඒ පණ්ඩිතකම් උඹට වැඩක් නෑ. මුල් ඇවරියේ ගෙඩි අතේ මාපට ඇඟිල්ලේ ගාණට මහතනම් ඇති. බය නැතිව කපපන්. ඉදවගන්ඩ බඩු තියෙනවනේ. ඕන නම් කෙහෙල් වහල්ලත් කහපාටට ඉදවල පෙන්නන්ඩ පුළුවන්. බයවෙන්ඩ උඩ බිම බලන්ඩ එපා. අපි මේ කරන්නෙ වැරැදි වැඩක් නෙවේ. වැරැදි වැඩක්නම් ඒ බේත් තහනම් වෙන්ඩ එපායැ. ඔය ඕනතරම් කඩවල පලතුරු ඉදවන්න ගන්න බෙහෙත් කුප්පි විකුණන්ඩ තියෙන්නේ. දැන් මොන මොනවද මම ඉඳවන්ඩ කියල දුන්නේ. අඹ, පැපොල්, කෙසෙල්. එව්ව ඉවරවුණ ගමන් අන්නාසි වත්තක් හොයාගන්නව. ඒකත් ඒ විදියම තමයි. අතට ගත්තුගමන් කරන්ඩ ඕන මොනවද කියල තේරෙනව. කොටුකාරයොත් දැන් දන්නව මොකද මේ ළපටි අන්නාසි ගෙඩිය හිටන් කපාගෙන යන්නෙ කියල. ඒත් මල්ලියේ ඒ මොන දහම් ගැටේ දැම්මත් අපි පරාදයි කියල හිතෙන්නේ පලතුරු තට්ටුවල තියෙන රටින් ගේන පලතුරුවල ලස්සන දැක්කාම. ෙදාඩම්, නාරන්, ඇපල්, මිදි පුදුම පොලිෂ් එකක්නේ ඒ ගෙඩිවල තියෙන්නේ. රෙදි කෑල්ලක් අරගෙන පිහන්න පිහන්න ලස්සනයි. ඒකම තව නිකම් ඉන්න වෙලාවට පලතුරු කඩ මුදලාලිල රෙදි කෑල්ලකට මැදිකරගෙන ෙදාඩම් ගෙඩි, ඇපල් ගෙඩි හැම තිස්සෙම කරකව කරකව ඉන්නේ. අපේ පලතුරු අර කිව්ව විදියට අපි කොයි තරම් මහන්සිවෙල ඉදව ගත්තත් දවස් තුන හතරකට වැඩිය ආයුෂ නෑ පුතෝ. වැඩිම වුණොත් සතියයි. කෙසෙල්නම් කහ ගැහිල අන්තිමට කළු වෙන්න ගනියි. පැපොල් නම් ස්ප්‍රේ පාර වැදුණ තැන බොත්තමක් වාගේ රෝසපාට වෙලා ටිකෙන් ටික විශාල වෙමින් ජූස් ගලන්ඩ ගන්නව. අඹ ගෙඩිවල නැට්ට පැත්තේ කළුපාට වෙලා ඇතුළෙන් කුණුවෙන්ඩ ගනියි. ඒත් කොල්ලො මේ රට බඩුවලට එහෙම මොකුත් දෙයක් වෙන්නෙ නෑනේ. මාස ගාණක් තිස්සේ නැව්වල ඇවිල්ල මෙහෙන් පලතුරු තට්ටු උඩ කොච්චර දවසක් තියෙනවද. කොළඹ එහෙම පේනව නේද. මොන තරම් ගිනි අව්වේ තියාගෙනද මෙව්ව විකුණන්නේ. ඒත් දැකල තියෙනවද මැලවෙලා රැලිගැහිල තියෙන ඕස්ට්‍රේලියන් ෙදාඩම් ගෙඩියක් ඇපල් ගෙඩියක්. ඒකටත් එක්ක අපේ ෙදාඩම් ගෙඩියක්, නාරන් ගෙඩියක් දවස් දෙකක් අව්වේ තිබ්බොත් ඇති. හාමතේ හිටපු එකෙකුට පොලිසියෙන් ගැහුව වගේ වෙනව. මැලවෙලා - රැලි ගැහිල, වකුටුවෙල වෙන්ඩ තියෙන දහ අටම වෙලා ඔන්න ඕක නැති කරන්ඩ දෙයක් හොයාගත්තොත් අපිත් ගොඩේ ගොඩ. බොහොම තුනී ඉටිවගේ ද්‍රාවණයක් තමයි ඒ වටේ තියෙනවව කියල කියන්නේ. ඒකනේ ක්රිකට්වලදී බෝලෙ කකුලෙ ඇතුල්ලනව වාගේ හැම තිස්සේම රෙදි කෑල්ල අතේ තියෙන්නේ. කොහොම වුණත් ඉතින් පොඩි දරුවගේ ඉඳල, රෝගීන්, ගැබිනි මවුවරුන්ගේ ඉඳල වියපත් අය දක්වා ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙන පලතුරු මේ විදියට හරි ගෙන්වන, ඉදවන අය ගැන හොයන බලන බවක් පේන්ඩ නැති හින්ද අපිත් ගාණට වැඩේ කරගෙන යනවා. ඒ හින්ද උඹත් ඉක්මනට බිස්නස් එක පටන් අරන් ගාණක් හොයා ගනින්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom