Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

මනෝමය කාය නිර්මාණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

රජගහනුවර ධනවත් හා කීර්තිමත් සිටුපවුලක් විය. මෙම සිටුපවුලට සිටියේ රූමත් දියණියක් පමණක්ම නිසා ඇයට ආදරයෙන් නම් අඩුවක් වූයේ නැත. දියණිය යොවුන් වියට එළඹි පසු ඇය රැකගනුවස් මා පියවරු කෙතෙක් උත්සහ කළද ඇගේ ප්‍රේමය දිනාගත්තේ සිටුමැදුරේ කඩවසම් මෙහෙකරුවෙකි. නොබෝකලකින් ඇය ඔහු හා පැන ගියාය. සිටු මා පියන් ඇය මියගියා යෑයි සලකා ඇයව සිටුපවුලෙන් ඉවත් කළෝය. සිටුදියණිය දැන් තම දුප්පත් සැමියා සමග ආදරයෙන් දුක සැප සමව බෙදා ගනිමින් ජීවන තරගයේ යෙදෙන්නේ තම කුලුඳුල් දරුවා ලැබීමේ කාලයට ළඟා වූවාය. දැන ඇයට තම මව් සෙනෙහස අවැසිය. ඇය සැමියා සමග තම මව වෙත යන්නේ අතරමගදී දරුවා බිහිවිය. ඔවුන් මහ මග උපන් දරුවාට "පන්ථක" යෑයි නම් තැබූහ. කාලය වේගයෙන් ගලා යයි. දැන් ඇය තම දෙවෙනි දරු උපතටද සූදානම්ය. ඇය තම සැමියා සමග මව වෙත යන්නේ අතර මගදී දෙවන දරුවාද බිහිවිය. ඔවුන් තම පුංචි සුරතලාටද නම තැබුවේ "පන්ථක" කියාය. දැන් වැඩිමලා මහා පන්ථකය. පුංචි පුතා චුල්ල පන්ථකය. නොබෝ කලකින් මේ සුරතල් දරුවන් දෙදෙනාට තම මුතුන්මිත්තන් දැකීමට සිත්විය. අසල්වැසි ගම්දරුවන් සමඟ සෙල්ලම් කරන මහාපන්ථක කුමරා ඔවුන් බාප්පා, මුත්තා, අත්තම්මා කියනු අසා ”අපට නෑයෝ නැද්දැ” යි මවගෙන් ඇසීය. ”රජගහනුවර මහධන සිටාණෝ නුඹගේ මුත්තණුවෝය. එහි බොහෝ නෑයෝ වෙතී” යි මව කීවාය. එහි නොයාමට හේතු පහදා දුන් නමුත් දරුවන්ගේ ඇවිටිලි බොහෝ වූ හෙයින් රජගහ නුවරට යාමට තීරණය කළහ .... එසේ ගිය පසු නුවර දොරටුවෙහි නවාතැන් ගත් ඔවුහු තමන් ආ බව දන්වා යැවූහ. මවුපියෝ ඒ අසා ”මුන් දෙදෙනා අපගේ වංශයට හානි කළහ. මහත් අපරාධයක් කළහ. අපේ ඇසට පෙනෙමින් ළඟ නොසිටිය යුතුය” කියා කැමති තැනෙක ගොස් ජීවත් වීමට වස්තු සම්පත් දෙවා සිටු යුවල චුල්ල පන්ථක හා මහා පන්ථක තම සිටුමැදුරේ නවතා ගැනීමට කැමති වූහ. දැන් ඔවුන් දෙදෙනා ජීවත්වන්නේ තම ආච්චි හා සීයා භාරයේය. තම සීයා සමග නිතර බණ ඇසීමට වෙහෙරට යන මහාපන්ථක තම සීයාගෙන් අවසර ගෙන පැවිදි විය. උන්වහන්සේ නොබෝ කලකින් විදසුන් වඩා රහත් වූහ.

ටික දවසක් යනකොට පොඩි පන්ථක (චුල්ලපන්ථක) ටත් ගිහි ජීවිතය එපා විය . මහණ වෙලා ඉන්න අයියා ගත කරන ශාන්ත පැවිදි දිවිය දකින කොට චුල්ල පන්ථකට මහණ වීමට සිතක් ඇතිවිය . මේ අනුව චුල්ලපන්ථක, මහා පන්ථක හාමුදුරුවන්ගේ පන්සලට ගිහින් මහණ වූහ .

මල්ලියි කියල මහා පන්ථක හාමුදුරුවන්ගෙන් චුල්ල පන්ථක හාමුදුරුවන්ට වෙනසක් ලැබුණේ නැත . මහණ වෙච්ච දවසෙ ඉඳලා කාල සටහනක් අනුව වැඩ කරන්නත් ගාථා කට පාඩම් කරන්නත් පන්ථක පොඩි හාමුදුරුවන්ට සිදු වූහ.

මහා පන්ථක හාමුදුරුවෝ

“පදුමං යථා කොකනදං සුගන්ධං

පාතො සියා ඵුල්ල මවීත ගන්ධං

අංගීරසං පස්ස විරෝචමානං

තපන්ත මාදිච්ච මිවන්ත ලික්ඛෙ”

යන ගාථාව කට පාඩම් කරන්න යැයි චුල්ලපන්ථක හාමුදුරුවන්ට උගැන්වූහ. ගාථාවේ පදයෙන් පදය අර්ථය සමග වටහා දුන්හ. එහෙත් පොඩි පන්ථක හාමුදුරුවන්ටට කට පාඩම් කරන එක සිතට වද දෙන වැඩක් විය. දස දහස් වාරයක් පාඩම් කළත් එක පදයක් හෝ මතක තබා ගැනීමට නොහැකි විය.

මාස හතරක් තිස්සේ උත්සාහ කළත් එක අකුරක් හෝ මතක තබා ගත නොහැකි විය.

මහා පන්ථක හිමියෝ පොඩි පන්ථක කැඳවූහ.

“පන්ථක ඔයාට මහණකම් හරියන්නේ නැහැ. එක බණ පදයක් මතක තියා ගන්න බැරිව මොන මහණකමද? මටත් ලැජ්ජයි. මහණකම් කෙසේ වෙතත් ගිහිකම් නම් හරියාවි. ඒ නිසා ඔයා ගෙදර යන්න.”

මේ අතර ජීවක වෙද මහතා පන්සලට පැමිණ, බුදුන් ප්‍රධාන මහ සඟනට පසුවදා දහවල් දනට ආරාධනා කළේය. මහා පන්ථක හිමියෝ චුල්ල පන්ථක හිමියන් හැර ජීවක ආරාධනාව පිළිගත්හ. ඒ බව දැනගත් චුල්ල පන්ථක හාමුදුරුවන්ගේ කනගාටුව, ශෝකය, කලකිරීම තව තවත් වැඩිවිය.

එක මොහොතක් හෝ මේ පන්සලේ නොරැඳෙමි යැයි සිතූ චුල්ල පන්ථක හිමියෝ පහුවෙන්දා උදෙන්ම පන්සලෙන් පිටත් වූහ. මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකය දෙස බලන බුදු පියාණෝ කලකිරී ගෙදර යන චුල්ල පන්ථක පොඩි හිමියන් දුටු සේක. පා සිවුරු ගත් බුදු පියාණෝ පන්ථක පොඩි හාමුදුරුවන් යන මගට සෘද්ධියෙන් වැඩියෝය.

“පන්ථක කොහෙද මේ යන්නෙ?”

බුදුපියාණෝ විමසූහ.

“අයියා කිව්වා මට මහණකම් කරන්න බැරි බව. ඒ නිසා මං ගෙදර යනවා බුදුහාමුදුරුවනේ”

මහා කරුණාවෙන් ළතෙත් සිතැති මහා ශාන්ති නායකයාණෝ චුල්ල පන්ථක පොඩි හාමුදුරුවන්ගේ හිස පිරිමදිමින් මෙසේ වදාළහ.

“පන්ථක අයියට බෑ නුඹ ගෙදර යවන්න. ගාථා පාඩම් කර ගන්න මහන්සි වෙන්න ඕනෙ නැහැ. නුඹට එක දෙයක් කරන්න පුළුවන්ද?”

“ඒ මොකක්ද, බුදුහාමුදුරුවනේ?,,”

“පන්ථක ඔබට සිත හදා ගන්න පුළුවන්ද?”

“පුළුවන් බුදුහාමුදුරුවනේ”

ඉන්පසු බුදුහාමුදුරුවෝ සුදුරෙදි කැබැල්ලක් දී එය කිලිටි හරිමි, කිලිටි හරිමි යි කියමින් අත්ලේ පිරිමදින්නැයි පන්ථක හිමියන්ට කීහ. පන්ථක පොඩි හාමුදුරුවෝ බුදුපියාණන් වදාළ පරිදි කමටහන ක්‍රියාත්මක කළහ. ක්‍රමයෙන් අත්ලේ පිරිමැදි රෙදි කෑල්ල කිලිටි වන්නට විය.

ඒ කෙරේ සිහිය ඇති කරගත් පන්ථක හිමියෝ, පෙර වැඩූ කුසල් ඇත්තේ සිතේ කිළිටි ස්වභාවයත්, සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවයත් මැනවින් තේරුම් ගෙන සියලු කෙලෙසුන් නසා රහත් බව ලබා සියලු දුකින් මිදුණෝය.

චුල්ලපන්ථක තෙර පෙර භවයෙක රජෙක්ව ඉපද නුවර පැදකුණු කරන වේලෙහි නළලින් ඩාදිය පිරිසිදු සළුවෙන් පිසදැමීය. සළුව කිලිටි විය. මේ අපවිත්‍ර ශරීරය නිසා පවිත්‍ර සළුව කිලිටි විය. ඒ හේතුවෙන් උපන් සියල්ල මෙසේ අනිත්‍යතාවයෙන් යුක්තය කියා ඇති වූ අනිත්‍ය සංඥාවට මෙකල රජෝහරණය ම උන්වහන්සේට රහත්වීම සඳහා හේතු වූයේය.

ජීවක භාග්‍යවතුන් වහන්සේට පැන් පිළිගැන්වීය. උන්වහන්සේ ආරාමයේ තව භික්ෂූහු සිටිති” යි යි අතින් පාත්‍රය වැසූ සේක. මහාපන්ථක තෙර ”ස්වාමීනි, විහාරයෙහි භික්ෂූහු නැතැ” යි කීය. භාග්‍යවතුන් වහන්සේ ‘ඇති නැති බව දැන එව’ යි මිනිසකු යැවූහ. චුල්ලපන්ථක තෙරණුවෝ ”මාගේ සොහොයුරාණන්ට භික්ෂූන් ඇති බව පෙන්වමි” සිතා සිවුරු මහන, සිවුරු හෝදන, සිවුරු පඬු පොවන, පාඩම් කරන දහස් ගණන් භික්ෂූන් අඹවනය පුරා මැවූහ. ඒ පුරුෂයා දිවගොස් ‘අපමණ භික්ෂූහු සිටිතැ’ යි සැල කලේය. ”චුල්ලපන්ථක කැඳවා ගෙන එව” බුදුන් වදාළ කල්හි එහි ගිය පුරුෂයා ‘චුල්ලපන්ථකයන් කැඳවති’ කීය. සියල්ලෝම ”මම චුල්ලපන්ථක වෙමි. මම චුල්ලපන්ථක වෙමි” නැගී සිටියහ. ඔහු ගොස් ඒ බව සැල කලේය. ”එසේ නම් පළමු කීවහු අතින් අල්වා ගන්න. එවිට සෙස්සන් අතුරුදහන් වෙති” වදාළහ. එපරිද්දෙන් චුල්ලපන්ථක තෙරුන් කැඳවාගෙන ආපසු දන් වළඳා අනුමෙවෙනි බණ දෙසීම පන්ථක තෙරුන්ට පවරා විහාරයට වැඩි සේක.

සවස් වේලෙහි දම් සභාවට රැුස් වූ භික්ෂූන් වහන්සේ මේ පුවත මුල්කොට බුදුරජාණන් වහන්සේගේ ගුණ කථා කියමින් හුන්හ. එහි වැඩි භාග්‍යවතුන් වහන්සේ ”චුල්ලපන්ථක දැන් මා නිසා ධර්ම මහත්වයට පැමිණියේය. පෙර මා නිසා භෝග මහත්වයට පැමිණියේය” යි වදාළ සේක. මෙසේ මහ රහත් බවට පත් වූ චුල්ල පන්ථක හිමියන්ට ගාථා පදයක්වත් කටපාඩම් කරගත නොහැකි වූයේ ඇයි දැයි භික්ෂූන් වහන්සේලා බුදුපියාණන්ගෙන් ප්‍රශ්න කළහ.

එවිට මහා ශාන්ති නායකයාණෝ මෙසේ චුල්ල පන්ථක මහ රහතන් වහන්සේගේ අතීත කථාව පැහැදිළි කළහ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලයේදී පැවිදි ජීවිතයක් ගතකළ චුල්ල පන්ථක හිමියෝ එකල වියත් තෙරණු කෙනෙක් වූහ. ඉගෙනීමෙහි දක්ෂ වූහ. එහෙත් උන්වහන්සේ වැඩසිටි පන්සලේ නුවණ මද, උගනීමෙහි අදක්ෂ, පාඩම් නොසිටින ස්වාමීන් වහන්සේ නමක් වූහ. එකල පණ්ඩිතමානි වැනි වූ චුල්ල පන්ථක හිමියෝ නුවණ මඳ හිමියන්ට නොයෙක් අපහාස උපහාස කරමින් සිනාසුනහ. එහි ප්රථිඵලයක් වශයෙන් රහ්තවීමට පින තිබූ උන්වහන්සේට ;මකල සිව් මසක් ගත වුවත් එක ගාථා පදයක්වත් පාඩම් කරගත නොහැකි විය.

චුල්ල පන්ථක හිමියන්ගේ කතාව පණ්ඩිතමානි නුවණ මඳ, නිසි උගත්කමක් නොමැති පුද්ගලයන්ට ගරහන, ඔවුන් හිනාවට උපහාසයට, අපහාසයට ලක් කරන අයට කදිම පාඩමකි.

යමක් පිළිබඳ ස්වල්ප දැනුමෙන් පවා බොහෝ දෙනා උඬගු වෙති. මානයට පත්වෙති එකී ස්වල්ප දැනුම අවියක් කරගෙන සතර වටේ වණති, වැඩියෙන් ඉදිමෙති. එහතේ නිසි දැනුමක් ලැබූ පුද්ගලයෝ කවර විටෙකත් මානයට පත් නොවෙති. උඩගු නොවෙති. අඩු දැනුමක් හා නිසි දැනුමක් ඇත්තෝම මානයට පත්වෙති.

///මාගේ ශාස්තෘන් වන ශාක්‍ය පුත්‍ර වූ බුදුරජාණන් වහන්සේ එහි පැමිණියහ. මාගේ හිස පිරිමැද්දේය. මාගේ අතින් අල්ලාගෙන සංඝාරාමයට ඇතුළු කරවීය. පිරිසුදු මෙය ගෙන පිරිමදිමින් එක්ත්පසෙක හිඳ මනාකොට ඉටුවවයි (සිහි කරවයි) කියා මට අනුකම්පාවෙන් ශාස්තෘන් වහන්සේ මට රෙදි කඩක් දුන්නේ ය.

මම එම රෙදිකඩ දෝතින් ගෙන පියුම සිහි කෙළෙමි. එහි (පියුමෙහි) මාගේ සිත නැවතී කෙලෙස් වලින් මිදුණේ ය. රහත්බවට පැමිණියේ ය. සියලු තන්හි මනෝමය ශරීරයෙන් නිර්මිත කිරීමෙහි පරතෙරට පැමිණියේ, සියලු ආශ්‍රවයන් ප්රහාණපරිඥ වශයෙන් දැන දුරුකළේ, ආශ්‍රව රහිතව (රහත්ව) වෙසෙමි. මේ සිවි පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ්අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ සසුන ද කරන ලදිමි. මේ මගේ අන්තිම ඉපදීමයි. මෙයින් මතු ඉපදීමක් නැත.\\\

{{{ එදා චුල්ලපන්ථක පොඩි හාමුදුරුවන්ට පිහිට වීමට ලොව්තුරු බුදු පියාණන් වහන්සේ වැඩමවා වදාළහ. නමුත් අද සසුන අතහැර නික්මීයන අපේ පොඩි හාමුදුරුවරු රැකගැනීමට ලොව්තුරු බුදු පියාණන් වහන්සේ වැඩවාසය කරන්නේ නැත. මා මේ ලිපිය ලියන්නේ එසේ සසුන අතහැර යන අසරණ පොඩි හාමුදුරුවරු වෙනුවෙන් ගිහි පැවිදි ඔබගේ අවධානය වඩාත් යොමුවනු ඇතැයි යන බලවත් විශ්වාසයෙනි. }}}

මුදුන (Muduna)

[QUOTE="sherlock, post: 16752627, member: 106046"] [b]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ[/b] [B][SIZE="5"]මනෝමය කාය නිර්මාණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූ චුල්ලපන්ථක මහරහතන් වහන්සේ[/SIZE][/B] [SIZE="3"]රජගහනුවර ධනවත් හා කීර්තිමත් සිටුපවුලක් විය. මෙම සිටුපවුලට සිටියේ රූමත් දියණියක් පමණක්ම නිසා ඇයට ආදරයෙන් නම් අඩුවක් වූයේ නැත. දියණිය යොවුන් වියට එළඹි පසු ඇය රැකගනුවස් මා පියවරු කෙතෙක් උත්සහ කළද ඇගේ ප්‍රේමය දිනාගත්තේ සිටුමැදුරේ කඩවසම් මෙහෙකරුවෙකි. නොබෝකලකින් ඇය ඔහු හා පැන ගියාය. සිටු මා පියන් ඇය මියගියා යෑයි සලකා ඇයව සිටුපවුලෙන් ඉවත් කළෝය. සිටුදියණිය දැන් තම දුප්පත් සැමියා සමග ආදරයෙන් දුක සැප සමව බෙදා ගනිමින් ජීවන තරගයේ යෙදෙන්නේ තම කුලුඳුල් දරුවා ලැබීමේ කාලයට ළඟා වූවාය. දැන ඇයට තම මව් සෙනෙහස අවැසිය. ඇය සැමියා සමග තම මව වෙත යන්නේ අතරමගදී දරුවා බිහිවිය. ඔවුන් මහ මග උපන් දරුවාට "පන්ථක" යෑයි නම් තැබූහ. කාලය වේගයෙන් ගලා යයි. දැන් ඇය තම දෙවෙනි දරු උපතටද සූදානම්ය. ඇය තම සැමියා සමග මව වෙත යන්නේ අතර මගදී දෙවන දරුවාද බිහිවිය. ඔවුන් තම පුංචි සුරතලාටද නම තැබුවේ "පන්ථක" කියාය. දැන් වැඩිමලා මහා පන්ථකය. පුංචි පුතා චුල්ල පන්ථකය. නොබෝ කලකින් මේ සුරතල් දරුවන් දෙදෙනාට තම මුතුන්මිත්තන් දැකීමට සිත්විය. අසල්වැසි ගම්දරුවන් සමඟ සෙල්ලම් කරන මහාපන්ථක කුමරා ඔවුන් බාප්පා, මුත්තා, අත්තම්මා කියනු අසා ”අපට නෑයෝ නැද්දැ” යි මවගෙන් ඇසීය. ”රජගහනුවර මහධන සිටාණෝ නුඹගේ මුත්තණුවෝය. එහි බොහෝ නෑයෝ වෙතී” යි මව කීවාය. එහි නොයාමට හේතු පහදා දුන් නමුත් දරුවන්ගේ ඇවිටිලි බොහෝ වූ හෙයින් රජගහ නුවරට යාමට තීරණය කළහ .... එසේ ගිය පසු නුවර දොරටුවෙහි නවාතැන් ගත් ඔවුහු තමන් ආ බව දන්වා යැවූහ. මවුපියෝ ඒ අසා ”මුන් දෙදෙනා අපගේ වංශයට හානි කළහ. මහත් අපරාධයක් කළහ. අපේ ඇසට පෙනෙමින් ළඟ නොසිටිය යුතුය” කියා කැමති තැනෙක ගොස් ජීවත් වීමට වස්තු සම්පත් දෙවා සිටු යුවල චුල්ල පන්ථක හා මහා පන්ථක තම සිටුමැදුරේ නවතා ගැනීමට කැමති වූහ. දැන් ඔවුන් දෙදෙනා ජීවත්වන්නේ තම ආච්චි හා සීයා භාරයේය. තම සීයා සමග නිතර බණ ඇසීමට වෙහෙරට යන මහාපන්ථක තම සීයාගෙන් අවසර ගෙන පැවිදි විය. උන්වහන්සේ නොබෝ කලකින් විදසුන් වඩා රහත් වූහ. ටික දවසක් යනකොට පොඩි පන්ථක (චුල්ලපන්ථක) ටත් ගිහි ජීවිතය එපා විය . මහණ වෙලා ඉන්න අයියා ගත කරන ශාන්ත පැවිදි දිවිය දකින කොට චුල්ල පන්ථකට මහණ වීමට සිතක් ඇතිවිය . මේ අනුව චුල්ලපන්ථක, මහා පන්ථක හාමුදුරුවන්ගේ පන්සලට ගිහින් මහණ වූහ . මල්ලියි කියල මහා පන්ථක හාමුදුරුවන්ගෙන් චුල්ල පන්ථක හාමුදුරුවන්ට වෙනසක් ලැබුණේ නැත . මහණ වෙච්ච දවසෙ ඉඳලා කාල සටහනක් අනුව වැඩ කරන්නත් ගාථා කට පාඩම් කරන්නත් පන්ථක පොඩි හාමුදුරුවන්ට සිදු වූහ. මහා පන්ථක හාමුදුරුවෝ “පදුමං යථා කොකනදං සුගන්ධං පාතො සියා ඵුල්ල මවීත ගන්ධං අංගීරසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්ත ලික්ඛෙ” යන ගාථාව කට පාඩම් කරන්න යැයි චුල්ලපන්ථක හාමුදුරුවන්ට උගැන්වූහ. ගාථාවේ පදයෙන් පදය අර්ථය සමග වටහා දුන්හ. එහෙත් පොඩි පන්ථක හාමුදුරුවන්ටට කට පාඩම් කරන එක සිතට වද දෙන වැඩක් විය. දස දහස් වාරයක් පාඩම් කළත් එක පදයක් හෝ මතක තබා ගැනීමට නොහැකි විය. මාස හතරක් තිස්සේ උත්සාහ කළත් එක අකුරක් හෝ මතක තබා ගත නොහැකි විය. මහා පන්ථක හිමියෝ පොඩි පන්ථක කැඳවූහ. “පන්ථක ඔයාට මහණකම් හරියන්නේ නැහැ. එක බණ පදයක් මතක තියා ගන්න බැරිව මොන මහණකමද? මටත් ලැජ්ජයි. මහණකම් කෙසේ වෙතත් ගිහිකම් නම් හරියාවි. ඒ නිසා ඔයා ගෙදර යන්න.” මේ අතර ජීවක වෙද මහතා පන්සලට පැමිණ, බුදුන් ප්‍රධාන මහ සඟනට පසුවදා දහවල් දනට ආරාධනා කළේය. මහා පන්ථක හිමියෝ චුල්ල පන්ථක හිමියන් හැර ජීවක ආරාධනාව පිළිගත්හ. ඒ බව දැනගත් චුල්ල පන්ථක හාමුදුරුවන්ගේ කනගාටුව, ශෝකය, කලකිරීම තව තවත් වැඩිවිය. එක මොහොතක් හෝ මේ පන්සලේ නොරැඳෙමි යැයි සිතූ චුල්ල පන්ථක හිමියෝ පහුවෙන්දා උදෙන්ම පන්සලෙන් පිටත් වූහ. මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකය දෙස බලන බුදු පියාණෝ කලකිරී ගෙදර යන චුල්ල පන්ථක පොඩි හිමියන් දුටු සේක. පා සිවුරු ගත් බුදු පියාණෝ පන්ථක පොඩි හාමුදුරුවන් යන මගට සෘද්ධියෙන් වැඩියෝය. “පන්ථක කොහෙද මේ යන්නෙ?” බුදුපියාණෝ විමසූහ. “අයියා කිව්වා මට මහණකම් කරන්න බැරි බව. ඒ නිසා මං ගෙදර යනවා බුදුහාමුදුරුවනේ” මහා කරුණාවෙන් ළතෙත් සිතැති මහා ශාන්ති නායකයාණෝ චුල්ල පන්ථක පොඩි හාමුදුරුවන්ගේ හිස පිරිමදිමින් මෙසේ වදාළහ. “පන්ථක අයියට බෑ නුඹ ගෙදර යවන්න. ගාථා පාඩම් කර ගන්න මහන්සි වෙන්න ඕනෙ නැහැ. නුඹට එක දෙයක් කරන්න පුළුවන්ද?” “ඒ මොකක්ද, බුදුහාමුදුරුවනේ?,,” “පන්ථක ඔබට සිත හදා ගන්න පුළුවන්ද?” “පුළුවන් බුදුහාමුදුරුවනේ” ඉන්පසු බුදුහාමුදුරුවෝ සුදුරෙදි කැබැල්ලක් දී එය කිලිටි හරිමි, කිලිටි හරිමි යි කියමින් අත්ලේ පිරිමදින්නැයි පන්ථක හිමියන්ට කීහ. පන්ථක පොඩි හාමුදුරුවෝ බුදුපියාණන් වදාළ පරිදි කමටහන ක්‍රියාත්මක කළහ. ක්‍රමයෙන් අත්ලේ පිරිමැදි රෙදි කෑල්ල කිලිටි වන්නට විය. ඒ කෙරේ සිහිය ඇති කරගත් පන්ථක හිමියෝ, පෙර වැඩූ කුසල් ඇත්තේ සිතේ කිළිටි ස්වභාවයත්, සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවයත් මැනවින් තේරුම් ගෙන සියලු කෙලෙසුන් නසා රහත් බව ලබා සියලු දුකින් මිදුණෝය. චුල්ලපන්ථක තෙර පෙර භවයෙක රජෙක්ව ඉපද නුවර පැදකුණු කරන වේලෙහි නළලින් ඩාදිය පිරිසිදු සළුවෙන් පිසදැමීය. සළුව කිලිටි විය. මේ අපවිත්‍ර ශරීරය නිසා පවිත්‍ර සළුව කිලිටි විය. ඒ හේතුවෙන් උපන් සියල්ල මෙසේ අනිත්‍යතාවයෙන් යුක්තය කියා ඇති වූ අනිත්‍ය සංඥාවට මෙකල රජෝහරණය ම උන්වහන්සේට රහත්වීම සඳහා හේතු වූයේය. ජීවක භාග්‍යවතුන් වහන්සේට පැන් පිළිගැන්වීය. උන්වහන්සේ ආරාමයේ තව භික්ෂූහු සිටිති” යි යි අතින් පාත්‍රය වැසූ සේක. මහාපන්ථක තෙර ”ස්වාමීනි, විහාරයෙහි භික්ෂූහු නැතැ” යි කීය. භාග්‍යවතුන් වහන්සේ ‘ඇති නැති බව දැන එව’ යි මිනිසකු යැවූහ. චුල්ලපන්ථක තෙරණුවෝ ”මාගේ සොහොයුරාණන්ට භික්ෂූන් ඇති බව පෙන්වමි” සිතා සිවුරු මහන, සිවුරු හෝදන, සිවුරු පඬු පොවන, පාඩම් කරන දහස් ගණන් භික්ෂූන් අඹවනය පුරා මැවූහ. ඒ පුරුෂයා දිවගොස් ‘අපමණ භික්ෂූහු සිටිතැ’ යි සැල කලේය. ”චුල්ලපන්ථක කැඳවා ගෙන එව” බුදුන් වදාළ කල්හි එහි ගිය පුරුෂයා ‘චුල්ලපන්ථකයන් කැඳවති’ කීය. සියල්ලෝම ”මම චුල්ලපන්ථක වෙමි. මම චුල්ලපන්ථක වෙමි” නැගී සිටියහ. ඔහු ගොස් ඒ බව සැල කලේය. ”එසේ නම් පළමු කීවහු අතින් අල්වා ගන්න. එවිට සෙස්සන් අතුරුදහන් වෙති” වදාළහ. එපරිද්දෙන් චුල්ලපන්ථක තෙරුන් කැඳවාගෙන ආපසු දන් වළඳා අනුමෙවෙනි බණ දෙසීම පන්ථක තෙරුන්ට පවරා විහාරයට වැඩි සේක. සවස් වේලෙහි දම් සභාවට රැුස් වූ භික්ෂූන් වහන්සේ මේ පුවත මුල්කොට බුදුරජාණන් වහන්සේගේ ගුණ කථා කියමින් හුන්හ. එහි වැඩි භාග්‍යවතුන් වහන්සේ ”චුල්ලපන්ථක දැන් මා නිසා ධර්ම මහත්වයට පැමිණියේය. පෙර මා නිසා භෝග මහත්වයට පැමිණියේය” යි වදාළ සේක. මෙසේ මහ රහත් බවට පත් වූ චුල්ල පන්ථක හිමියන්ට ගාථා පදයක්වත් කටපාඩම් කරගත නොහැකි වූයේ ඇයි දැයි භික්ෂූන් වහන්සේලා බුදුපියාණන්ගෙන් ප්‍රශ්න කළහ. එවිට මහා ශාන්ති නායකයාණෝ මෙසේ චුල්ල පන්ථක මහ රහතන් වහන්සේගේ අතීත කථාව පැහැදිළි කළහ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලයේදී පැවිදි ජීවිතයක් ගතකළ චුල්ල පන්ථක හිමියෝ එකල වියත් තෙරණු කෙනෙක් වූහ. ඉගෙනීමෙහි දක්ෂ වූහ. එහෙත් උන්වහන්සේ වැඩසිටි පන්සලේ නුවණ මද, උගනීමෙහි අදක්ෂ, පාඩම් නොසිටින ස්වාමීන් වහන්සේ නමක් වූහ. එකල පණ්ඩිතමානි වැනි වූ චුල්ල පන්ථක හිමියෝ නුවණ මඳ හිමියන්ට නොයෙක් අපහාස උපහාස කරමින් සිනාසුනහ. එහි ප්රථිඵලයක් වශයෙන් රහ්තවීමට පින තිබූ උන්වහන්සේට ;මකල සිව් මසක් ගත වුවත් එක ගාථා පදයක්වත් පාඩම් කරගත නොහැකි විය. චුල්ල පන්ථක හිමියන්ගේ කතාව පණ්ඩිතමානි නුවණ මඳ, නිසි උගත්කමක් නොමැති පුද්ගලයන්ට ගරහන, ඔවුන් හිනාවට උපහාසයට, අපහාසයට ලක් කරන අයට කදිම පාඩමකි. යමක් පිළිබඳ ස්වල්ප දැනුමෙන් පවා බොහෝ දෙනා උඬගු වෙති. මානයට පත්වෙති එකී ස්වල්ප දැනුම අවියක් කරගෙන සතර වටේ වණති, වැඩියෙන් ඉදිමෙති. එහතේ නිසි දැනුමක් ලැබූ පුද්ගලයෝ කවර විටෙකත් මානයට පත් නොවෙති. උඩගු නොවෙති. අඩු දැනුමක් හා නිසි දැනුමක් ඇත්තෝම මානයට පත්වෙති. ///මාගේ ශාස්තෘන් වන ශාක්‍ය පුත්‍ර වූ බුදුරජාණන් වහන්සේ එහි පැමිණියහ. මාගේ හිස පිරිමැද්දේය. මාගේ අතින් අල්ලාගෙන සංඝාරාමයට ඇතුළු කරවීය. පිරිසුදු මෙය ගෙන පිරිමදිමින් එක්ත්පසෙක හිඳ මනාකොට ඉටුවවයි (සිහි කරවයි) කියා මට අනුකම්පාවෙන් ශාස්තෘන් වහන්සේ මට රෙදි කඩක් දුන්නේ ය. මම එම රෙදිකඩ දෝතින් ගෙන පියුම සිහි කෙළෙමි. එහි (පියුමෙහි) මාගේ සිත නැවතී කෙලෙස් වලින් මිදුණේ ය. රහත්බවට පැමිණියේ ය. සියලු තන්හි මනෝමය ශරීරයෙන් නිර්මිත කිරීමෙහි පරතෙරට පැමිණියේ, සියලු ආශ්‍රවයන් ප්රහාණපරිඥ වශයෙන් දැන දුරුකළේ, ආශ්‍රව රහිතව (රහත්ව) වෙසෙමි. මේ සිවි පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ්අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ සසුන ද කරන ලදිමි. මේ මගේ අන්තිම ඉපදීමයි. මෙයින් මතු ඉපදීමක් නැත.\\\ {{{ එදා චුල්ලපන්ථක පොඩි හාමුදුරුවන්ට පිහිට වීමට ලොව්තුරු බුදු පියාණන් වහන්සේ වැඩමවා වදාළහ. නමුත් අද සසුන අතහැර නික්මීයන අපේ පොඩි හාමුදුරුවරු රැකගැනීමට ලොව්තුරු බුදු පියාණන් වහන්සේ වැඩවාසය කරන්නේ නැත. මා මේ ලිපිය ලියන්නේ එසේ සසුන අතහැර යන අසරණ පොඩි හාමුදුරුවරු වෙනුවෙන් ගිහි පැවිදි ඔබගේ අවධානය වඩාත් යොමුවනු ඇතැයි යන බලවත් විශ්වාසයෙනි. }}}[/SIZE] මුදුන (Muduna) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom