Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චූං පාං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චූං පාං - An epic sri lankan short story (පට්ටම කෙටිකතාවක්)

මුලදි චූන් පාන් ආවේ ලොකු ලොරි වගේ පිටිපස්ස වීදුරු ගහලා හදපු වෑන් එකක. ඒක ආවෙ තාර පාර දිගේ විතරයි. ඒකෙ සද්දෙ හරියට පොඩි ළමයෙකුගේ බැටරි දාන සෙල්ලම් බඩුවකින් එන සද්දයක් වගේ එකක්. පාර දිගේ හැමදාම හතරහමාරට විතර යන චූන් පාන් සද්දේ පාර අපේ ගෙවල් පැත්තටත් ලාවට ඇහුණා.

අපිට තාර පාරට ටිකක් දුර නිසා අපේ පැත්තෙ අය නම් චූන් පාන් සද්දෙට ප්‍රතිචාර දක්වන්න ගියේ නැහැ. මොකද ඒ සද්දේ ඇහිල පාන් ගන්න දුවන් යන්න තරම් දුරක නොවෙයි අපි උන්නේ්. ඇරත් අපේ පාර ප්‍රධාන පාරට වැටෙන තැනම හන්දියෙතමයි අපි ගණුදෙනු කරන කඩේ තිබුණෙ. ‘ණයට තුරහටත් දෙන මුදලාලිගෙ මූණ බල බල වෙන වෑං වලිං පාං ගන්න ඇහැක’ කියල අපේ අම්මගෙන් චූන් පාන් ගන්න ඇහුවනම් කියාවි.

කොහොම උණත් අපේ පැත්තට චූන් පාන් ඇත්තටම චූූන් එකක් උණා. මං දවසක් පන්ති ඇරිලා ඇවිත් ඉන්නකොට -අම්ම එවෙලෙ ඉදියෙ දිය මැස්ස ළග වළං හෝද හෝද- අම්ම පෙරළල අල්ල ගෙන අතුල්ලමින් හිටපු වළදේ ගැට්ටෙ එක තැනත පොල් කොහු කෑෑල්ල නවත්තගෙන එක එල්ලේ ඉස්සරහ එක පැත්තක් බලං ඉන්නව මං දැක්ක. අපේ ටොමියත් එච්චර වෙලා මගේ කකුල් දෙක ළග ලැගල හිටියෙ. මං හිටියෙ පේමන්ට් එක උඩ වාඩි වෙලා බොඳ මීදුම් කියව කියව. ඒකට බ්‍ර්වුන් පේපර් කවරයක් දාල තිබුණු නිසා බය නැතිව අම්ම ඉන්න තැනක උණත් කියෙව්වේ මං ඉස්කොලෙ පොතක් බලනව ඇති කියල හිතාගන්න අම්මට ඉඩ දීල. සංසලාගෙ කකුල් දෙක පණ නැති වෙච්ච හරිය නිසා මට තේරුණේ නැහැ ටොමිය නැගිටල ගියේ කොයි වෙලාවෙදිද වත් කියල. ඌ දිය මැස්සට ටිකක් එහා තියෙන පොඩි ගල් පොත්ත උඩට නැගල කන්දෙක උල්කරගෙන බලං ඉදියෙ අම්ම ගල් ගැහිල වගේ බලං ඉන්න දිහාවමයි. ඒ දෙන්නම කළෙ බලං ඉදිල්ලකට වඩා අහං ඉඳිල්ලක් කියල මට තේරුණෙ අම්මගෙ පැහැදිලි කිරිල්ලෙන් පස්සෙ.

චූං පාං සද්දෙ අඅඩුවෙලා ඈතට යද්දි අම්ම අයෙත් පොල් කොහු කෑල්ල වළඳ වටේ කරකවන්න පටන් ගත්තා. ටොමියත් ගල් පොත්තෙන් බැහහැල ඇවිත් මගේ ළගින් ඉදගත්ත. අම්ම ඊට පස්සෙ මගේ පැත්තට මූණහැරෙව්ව. අම්ම මෙච්චර වෙලා බලං ඉදල තියෙන්නෙ හිනාවෙවී බව මට ඒත්තු ගියේ මූණෙ ඉතිරිවෙලා තිබුණු හිනා කෑල්ලෙන්.

‘ඇහුණයි සුදු නෝන, දැං පල්ලෙහ තාර පාර දිගෙත් චූං පාං යනවනෙ‘. අම්ම කිව්ව. හරි විනෝදයි නෙ ඒ සද්දෙ.

‘අපිටත් පාර අයිනෙ හිටිය නම් වෑන් එකෙන් චූන් පාන් ගන්න තිවුණ‘ මම කිව්වා.

‘අනේ මක්කටෙයි. කොයි කඩෙං ගත්තත් පාං නෙව‘

එහෙම කියල අම්ම වළං ටික අරං කුස්සිය පැත්තට ගියා. තාත්ත හවස ගෙදර ආවහමත් අම්ම තාත්තත් එක්ක චූං පාං ගැන කතා කළා. ලොකු නංගි මැදට පැනල කිව්ව ‘අම්මෙ අපිත් චූං පාං ගේමු දවසක්’ කියල. තාත්ත එවෙලෙ දුන්නු උත්තරේ අම්ම හවස මට දුන්නු එකමයි. ‘අනේ මක්කටෙයි. කොයි කඩෙං ගත්තත් පාං නෙව’

ඊට පස්සෙ උදේ පාන්දර සීල නැන්දත් එක්කත් අම්ම චූන් පාං ගැන කතා කරනව මට ඇහුණ. සීල නැන්දත් ඒ ගැන කතා කර කර ඉදල කිව්ව

‘පාර අයිනෙ ඉන්න ඈයන්ගෙ තුට්ටු දෙකට කෙලින ජවාාරමක් ඕක. ඇයි අරක ටිලිං ටිලිං ගාගෙන යන කොට ගෙවල්වල පුංචි ඈයො බනිස් කන්න නාහෙං අඩනවනෙ’

‘ඒකන නං ඇත්ත. එකාතකට අනේ මක්කටෙයි. කොයි කඩෙං ගත්තත් පාං නෙව’.

කොහොම හරි මං දැක්ක විදියට චූං පාං නිසා පාර දෙපැත්තෙ මිනිස්සුංගෙ ජීවිතවල අමුතු ප්රබෝධයක් ඇති වෙලා තිබුණ. ඒක ප්‍රබෝධයක්ද ජීවන රාටාවේ වෙනසක් ද කියල මට හරියට තේරුණේ නැහැ. සමහර වෙලාවට ‘චූ පාං වෑං එක එනකං බලං ඉන්නව’ කිය කිය නාකි ආච්චිල සීයලත් පාර දෙපැත්තෙ හංදිවලට වෙලා හිටං හිටියා. ඒක විනාඩි පහක් පරක්කු උණොත් ‘මොකද දන්නෙ නෑ අද තාම චූංපාන් ආවෙ නැත්තේ’ කියල පාන් ගන්න බලං නොඉඳපු මිනිස්සුත් කියන්න පටන් ගත්තා. සමහර වෙලාවට ප්‍රධාන පාරවල් දෙපැත්තෙ තියෙන පොඩි අඩි පාරවල්, දෙවැටවල්, වෙල් නියරවල් දිගේ මිනිස්සු - මිනිස්සු කිව්වට විශෙෂයෙන් ගෑනු (ලිහං හැලෙන කොණ්ඩ බැඳ බැඳ) සහ ළමයි (බාගෙට ඇඳපු කමිස බඩෙං පල්ලෙහට ඇද ඇද) චූං පාං අරගන්න දුවගෙන ආව. පාර දෙපැත්තෙ ගෙවල්වල ළමයින් හවස කහට බොන වෙලාවට රෝස් පාං බාගයක් හරි නොගත්තොත් ඤරු ඤුරු ගාන්න පටන් ගත්ත.

අපේ තාත්තත් දවසක් පාරෙදි අහු වෙලා චූං පාං අරං ආව. අම්ම ඊට පස්සෙන්ද උදේ මිදුල අතු ගාන ගමං සීල නැන්දට කියනව ඇහුණ අපි ඊයෙ රෑට චූං පාං කාපු බව. සීල නැන්දත් කිව්ව ‘අපට තවම කන්න බැරි උණා දවසක ගෙනත් කන්න ඕන’ කියල.

චූන් පාන් කියන එක අපේ අම්මලගෙ වාග් කෝෂෙ ස්ථාවර වචනයක් බවට පත් උණා.

‘නංගියේ අද සීට්ටුවෙ නොම්මර දානවා. චූං පාං වෙලාවට යං නේද?’

‘චූං පාංනුත් ගියා. තාම බැරි උණා දලූ ටික කඩල ඉවර කරගන්න.’

‘අර මල්ලිකාගෙ ළමයා අඬන්න පටං ගත්තම නවත්තන්නෙ නැහැ. චූං පාං වෑං එකේ ස්දදෙ වගේ.’

‘ටවුමෙ ඉදන් එන්න බස් එකට එන්න පැය දෙකක් විතර යනවනෙ. ඇයි ඒක ගෙයක් ගෙයක් ගානෙ නවත්තනවනෙ. හරියට චූං පාං වෑං එක වගේ.’

චූං පාං ගමේ අනිත් අයට වඩා විශේෂ සම්බන්ධයක් අපේ ගෙදරත් එක්ක ඇති කරගත්තේ ටිකක් අමුතු විදියට. ආරංචිය අහපු හැටියෙ අම්ම ඩිංගක් දෑතට ඇද්දත් පස්සේ නම් ඒ ගැන සෑහෙන්න සතුටු උණා.

‘මුදලාලිට ආරංචි වෙලා මෙයැයිට ඉගෙන්ගන්න ඇහැකෙයි කියල. ඒකනෙ එන්නෙයි කිව්වෙ. ලේසිත් නෑ වැඩේ. ඇයි සල්ලි ගන්නත් වෙන්නෙ මෙයැයිටමනෙ. අපේ හිතවත් කමට මුදලාලි කිව්ව මිසක් වෙන කාටවත් දෙන වැඩ නෙවෙයි මෙව්ව.’

තාත්ත මට ලැබිච්ච අවස්ථාව ගැන සංතෝසෙන් විස්තර කළා. දවස් කීපයකට පස්සේ මං කළු පාට සායකුයි රෝස පාට බ්ලවුස් එකකුයි ඇඳල ගහගෙන යන්න සෙන්ට් පොඞ්ඩක් තිබුණ නම් කොච්චර අගේද කියල කල්පනා කර කර ඒ වෙනුවට නැහැමින් පවුඩර් ටිකක් හැට්ටෙ අස්සට හලාගෙන චූං පාං ත්‍රිවිල් එකේ වැඩට ගියා.

ටවුමෙ බේකරියකින් එවන චූං පාන් වෑන් එකට අභියෝගයක් කරන්න අපේ ගමේ බේකරි මුදලාලිට හිතිල තමයි චූං පාං ත්රීඑවීල් එකක් පටං ගත්තෙ. ඒකෙ පිටිපස්සේ ඉදගෙන කට්ටියට චූං පාං විකුණන එක තමයි මගේ ජොබ් එක. ඒ ගැන තාත්ත කියපු ගමංම මට හිතුණෙ යකෝ ත්‍රීවිල් එකක එක සැරේට ගෙනියන්න පුළුවන් පාන් ගෙඩි කීයද කියල. ඒත් මං ඇහුවේ ත්‍රීවිල් එක එලවන්නෙ එන්නෙ කවුද කියල. තාත්ත දැනං හිටියෙ මුදලාලිගෙ නෑ කෙනෙක් වෙන අනුරධපුරේ ඉළන්දාරියෙක් ඇවිත් ඉන්නව කියන්න විතරයි.

චූං පාං ත්‍රීවිල් එක චූං පාං වෑන් එකට අභියෝගයක් උනාද කියල මං දන්නේ නැති උණත් නිදහස් වෙළඳපොළේ භාණ්ඩ විකිණීමේ තරඟයට මානුෂීය මුහුණුවරක් දෙන්න අපේ බේකරි මුදලාලි උත්සාහ අරගෙන තිබුණා. ඒ කියන්නේ චූං පාං වෑන් එක යන ප්‍රධාන පාරෙ ත්‍රීවිල් එකේ පාන් විකුණන්න එපා කියල මුදලාලි කියල තිබුණා. අනික වෑන් එක ගිහින් පැය බාගෙකට පස්සෙ තමයි ත්‍රීවිල් එක ගියේ. ඒකත් වෑන් එකේ වගේම වීදුරු ගහල පිටිපස්ස ලොකු කරපු ත්‍රීවිල් එකක්.

අසංක ටිකක් සද්දන්ත එකෙක් කියල මට හිතුණක් මහ ලොකු උසක් තිබුණෙ නෑ. අපේ පන්තිවල හිටපු ළමයින්ට වඩා මහත ඇගක් තිබුණ නිසා එයා ලොකුවට පෙනුණ. පළවෙනි දවසෙම එයා මට චූං පාං එක්ක තියෙන කෑම ජාතිවල මිල කියල දීපු විදියට නම් එයා හරි හොදයිනෙ කියල හිතුණ. ඒත් මට ඇල්ලූවෙ නැත්තෙ මිනිස්සු ඉන්න තැංවලදිත් එයා මට ඉතුරු සල්ලි දෙන විදිය ගැන උපදෙස් දුන්න එක. එක එක්කෙනාට දෙන්න ඕන ඉතුරු ගාන බඩු දීල ඉවරවන්නත් කලිං එයා මට කියන්න පටන් ගත්ත. එයා මට උපදෙස් දුන්නේ උදව්ක් විදියටද එහෙම නැත්තං එයාගෙ පණ්ඩිතකම පෙන්නන්නද කියල මට හිතාගන්න බැරි උණා. එයා කියන්න කලිං බොහෝ විට මං ගාන මනෝමයෙන් හදලත් ඉවරයි.

අපේ චූං පාන් ත්‍රීවිල් එක ගම් දෙක තුනක අතුරු පාරවල් දිගේ ගියා. අදුරන අය සෑහෙන්න. මුල් දවස් ටිකේ් නම් ලැජ්ජාවක් ඇති උණාට පස්සේ හරි ගියා. ඉස්කෝලෙ ළමයි වගේම ගුරුවරුත් හමු උණා. .මිස්ල නම් හුගක් වෙලාවට ඇහුුවෙ මං ඒ ලෙවල් කරන්නේ මොවයින් ද අපේ ඉස්කෝලෙම ද නැත්ම්ම් ටවුන් එකේ ඉස්කෝලෙට යනවද කියල. ඒ ගොල්ල කිව්වට මම නම් විශ්වාස කළේ නැහැ පාස් වෙලා තියෙයි කියල. අනිත් එක මොන තරම් වදයක්ද උසස් පෙළ කරන එක. කැම්පස් යනවට වැඩිය නරකද බේකරියෙ තංගල්ලෙ හාමිනේ වගේ මුදලාලි නෝන කෙනෙක් වෙන එක.

අසංක මගේ කකුල ඇල්ලූවෙ සාමාන්‍ය පෙළ ප්‍රතිපල එන්න සතියකට විතර කලින්. එයා ළඟදි ඉදන් වැඩිය කතා කරන්න පටන් අරගෙන තිබුණත් මට ඒක ලොකු වෙනසක් විදියට දැනුනෙ නෑ. අපි හැදාම චූන් පාන් විකුණල ආයෙ බේකරියට එන්න කලිං හන්දියක වාහනේ නවත්තල සල්ලි ගැනල පිළිවෙළට හරි ගස්සගන්නව. මට එහෙම සල්ලි ගණින හැම දාකම හිතෙන දෙයක් තමයි මොකෙක් හරි හොරෙක් අවිත් මේ සල්ලි උදුරගෙන ගියොත් මොනව වෙයිද කියල. අපි දෙන්න එකතු වෙලා සල්ල හංගගෙන බොරු කියනව කියල මුදලාලි හිතන්න ඉඩ තියෙනවනෙ. ‘නංගි මං ඔයාට ආදරෙයි’ කියල එයා මගේ කලවය මැද හරියෙන්ම ඇල්ලූවෙ ඒ වගේ සල්ලි ගැන ගැන හිටපු වෙලාවක. හොරෙක් පැන්නේ නෑ කියල ෂුවර් උණත් මම බය උණේම හොරෙක් කියල. මම ගිරිය යටින් කෑ ගහපු සද්දෙට බය චේච්ච අසංක ත්‍රීවිල් එක ස්ටාට් කරල රේස් කරපු ගැම්ම නැවැත්තුවෙ බේකරියටම ඇවිත්. වෙනද පිළිවෙළකට හදල දෙන සල්ලි මිටිය වෙනුවට අද දහයෙ-විස්සෙ- පනහෙ- සීයෙ (එදා පන්සීයකුත් තිබුණද කොහෙද) කොල අච්චාරුවක් වගේ තියෙන පෙට්ටිය මුදලාලිගෙ ඉස්සරහින් තියපු එක ගැන මුදලාලිට පුදුම හිතෙන්නත් කලිං මං යනව කියල ඉක්මනට ආව. මං ගෙදර ආපු ගමන් අම්මට කිව්ව යටි බඩ රිදෙනව කියල .

මං වැඩට නොයා ඉන්න ක්ර මයක් කල්පනා කළා. විභාගෙ ප්රිතිඵල ඉක්මනටම ආවොත් නම් උසස් පෙළ ගැන කියල වැඬේ මගාරින්න පුළුවන්. මං ජීවිතේ පළවෙනි වතාවට ‘අනේ විභාගේ පාස් වෙලා තිබියං දෙයියනේ’ කියල ප්‍රාර්ථනා කළා. කොහොම උණත් මගේ කලව උඩ මොනව හරි අපවිත්‍රව දෙයක් තිියෙනව වගේ මට දිගින් දිගටම දැනුණා. මං ලිඳට ගිහින් නාගත්තේ ඒ හින්දමයි. අම්මා මට බලූ බැණුම් බැන්න ලෙඩ තියෙද්දිත් නෑව කියල.

මට විනාඩියෙන් විනාඩියට අසංක මතක් උණා. ඒ හැම වෙලාවෙම මම මූසලය කියල තොල් මැතිරුවා.

පහුවෙනිද උදේත් මං ඇඳට වෙලා හිටිය. අම්ම තාත්තට කියව ඇහුණ හවස් වෙනකම් මට හොඳ වෙන එකක් නැති බව. ‘ඒ මොකද‘ කියල තාත්ත අහපු ප්ර්ශ්නෙට අම්ම තාත්තගෙ ඇගට කඩන් පැන්න. ‘ඔහෙට මක්කටෙයි ගෑණු ලෙඩ. ගිහින් කියන එකයි ඇත්තෙ මුදලාාලිටයි තංගල්ලෙ හාමිනේටයි එන්න වෙන්නැති විත්තිය.’

පහුවෙනිද හවස මං කාමරේට වෙලා අහගෙන හිටිය චූන් පාන් ත්රීලවිල් එක එන සද්දෙ ඇහෙනකං. ඒත් චූූන් පාන් වෑන් එක ගිහිල්ලත් සෑහෙන්න වෙලාවක් යනකං ඒක ආවෙ නෑ. මං හිටියෙ පුදුම බයකින්. අසංක පැනල ගිහිල්ලවත්ද කියල මං හිතනකොටත් මගේ ඇග හීතල උණා. මම වැඩට එන්නෙ නැත්තෙ මං කාරණාව ගෙදරට කියපු නිසා කියල එයා බයවෙන්න ඇති කියල මට හිතුණ. පොඩි සහනයක් දැණුනෙ තාත්ත රෑ ගෙදර ඇවිත් කියපු විස්තරෙන්.

‘මෙයැයි ලෙඩවෙච්ච නිසා මුදලාලිගෙ තංගල්ලෙ හාමිනේ හරි යන්නලූ ඉදියෙ ත්‍රීවිල් එකේ. ඒ උණාට අසංක ළමය ටත් ලෙඩ ගතියෙං හින්ද පස්සෙ නොයා ඉදියලූ. මමත් ගිහිං බැලූව. හරි ලෙඩ පාටින් තමයි හිටියෙ.’

මම තාත්තට කිව්ව හෙට මං එන විත්තිය මුදලාලිට කියන්න කියල. අම්මත් කිව්ව එක දිගට නොයා ඉදියොත් ජොබ් එකට වෙන කෙනෙක් හොයාගනියි කියල. අම්ම බය වෙලා මට දවසට ඒගොල්ල රුපියල් සීයක් දෙන එක නවතියි කියල. අපි ඒ දවස්වල පන්ති ඇන්දෙ එකසිය පණහෙ බ්ලව්ස්. එහෙව් එකේ සීයක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද. මට හවස් මං වෙනදට වඩා පැය බාගෙකට කලින් ලේස්තිවෙලා බේකරිය පැත්තට ගියා. ‘ළමයො දැන් හොදයි නේද?’ කියල මං යනකොටම බේකරියෙ හාමිනේ හක්කෙ නරක් වෙච්ච දතත් පේන තරමට හිනාවෙලා ඇහුව විදියෙන් මං දැනගත්ත චූුන් පාන් නොයන දවසක පාඩුව සුළු පටු නොවෙයි කියල. අසංක මට මූණ දුන්නෙම නෑ. නිසසද්දවම හිටිය විදියට නම් මට පව් කියල හිතුණ. ඒ පව් කියල හිතුණ එක හින්දම මම හවස ආපහු එද්දි මං යනව කියල ආව. මං හිනා උණේ නැත්තෙ මගේ හිතේ තියෙන කැමැත්ත එයාට පෙනෙයි කියල.

ඇත්තටම කියනව නම් ඒ වෙන කොට මගේ හිතේ අසංක ගැන කැමැත්තක් ඇති වෙලයි තිබුණෙ. මගේ ඉස්සරහික් පේනන තියෙන පාට පාට නූල් හත් අට පොටක් බැදපු එයාගෙ අත් දඩු දෙක දකිද්දි මට උණුසුමක් වගේ හැගීමක් දැනෙන්න පටන් ගත්තා. ත්‍රීවිල් එකට බඩු පටවන කොට මගේ ළගින් යන එයාගෙ ඇදුම්වලින් ආපු ඒව හෝදපු සබන් කුඩු සුවදයි එයා ගොඩක්ම ළං උණාම දැනෙන දාඩිය සුවදයි මගේ හුස්ම ගන්න වේගේ වැඩි කරන හින්ද මං දැනගත්ත ජීවිතේ පළවෙනි වතාවට ඔන්න මං ආදරෙන් බැදිල කියල. ඒත් ඒක මල් ඵල ගැන්වෙන්න බාධාවන් දෙකක් තිබුණා. එකක් අසංක ඉස්සෙල්ලම මට ආදරේ ප්රනකාශ කළේ මගේ කලවේ මැද හරියෙන් අල්ලලා. (ඒක මතක් වෙන හැම මොහොතකම මම මූසලය කියල තොල් මතුරගත්තා.) බොද මීදුම් එකේ ධනුක සංසලා එක්ක ලිංගිකව සතුටු උණේ බැඳලත් අවුරුදු ගාණකට පස්සෙ. මට ඕනවෙලා තිබුණෙ ඒ වගේ පූජනීය ආදරයක්. එහෙව් එකේ මගේ පළවෙනි ආදරේ ලිංගිකත්වයට එච්චර සමීප කලව වගේ තැනකින් ආරම්භ වෙනවට මගේ හිතේ කිසිම කැමැත්තක් තිබුණෙ නෑ.

අනිත් එක සිද්ධිය උණු දවසෙ ඉදන් අසංක මට කතා කළේම නැහැ. ඔහේ බුම්මගෙන ඉදිය. දවස් දෙක තුනකට පස්සෙ එයා මට අත්‍යාවශ්‍යය දේවල්වලට පමණක් කතාකරන්න පටන් ගත්තා. -ඔය පෙට්ටිය මෙහාට දාන්න, ක්රීෙම් බනිස් කීයක් ඉතුරුද? , මාරු සල්ලි නැත්තම් දැන්ම මුදලාලිට කියන්න- ඔය වගේ දෙවල් එයා මට කියන්න පටන් ගත්තෙ නිකං මං එයාගෙ ගෝලය වගේ ස්වරයකින්. මුල් දවස්වල එයා මට කතා කරපු හැටි මතක් වෙද්දී මට මේ හැසිරීමට පිස්සු හැදුණා. අනිත් එය එයා මට මෙහෙම සලකන්නෙ එයා නෙවෙයි මං එයාගෙ කලවයෙන් නෙවෙයි ඊටත් උඩින් ඇල්ලූවා වගේ. මේ බව මතක් වෙන හැම මොහොතකම මම මළ පෙරේතයා කියල තොල් මතුරගත්තා. මම හැමදාම වැඩට ගියේ අසංක මට හොඳින් කතා කරයි කියල හිතාගෙන. ඒත් මමත් හැමදාම එයා මට කියන හැම දේටම ප්රඅතිචාර දැක්වුවේ පුළුවන් තරම් රළු විදියට.

එදා මායි අම්මයි කොරටුහේනෙ නැන්දලගෙ ගෙදර ගිහින් එද්දි අසංක හන්දියෙ ත්‍රීවිල් පාක් එකේ කතා කර කර ඉන්නව අපි දැක්ක. අපි බස් එකෙන් බහිද්දිත් එයා කොල්ලො කට්ටිය එක්ක ගජ කතාවක හිටියෙ. ඇවිල්ල මේ ටික දවසට එයා ගමේ කොල්ලන්ට හොදට සෙට් වෙලා තිබුණ.

අම්ම ඒ පැත්ත බලල හිනා උණාට මං නම් බලන්න ගියේ නැහැ. ‘මට බය අර බේකරියෙ දරුවත් මේ ගමේ නලකරේට වැටිල නාස්ති වෙයිද කියල.’ අම්ම කිව්වේ ටික දුරක් ආවට පස්සෙ. මම උත්තරයක් දෙනව වෙනුවට පිට දිගේ වැටිල තිබුණු කොණ්ඩ කරල ඉස්සරහට අරන් බූල් බෑන්ඞ් එක ගලවල ආපහු දාල අයිත් කොණ්ඩ කරල පිටිපස්සට විසි කළා. මගේ හිතේ තිියෙන්නෙ වෙන බයක්. එයා ගමේ කොල්ලොත් එක්ක එකතු වෙලා අච්චර විනෝදෙන් කියව කියව හිටියෙ මොනවද? මට හිතුණෙම මං ගැන කිියල. ගොඩක් පිරිමි අය මේ වගේ අවනම්බුවලින් බේරෙන්න කරන කපටි වැඩ මං ෆිල්ම්වල, නවකතාවල දැකල තිබුණා. මං එයාගෙ ඇගෙන් ඇල්ලූව කියල බොරුවක් හදල කියන්න එයාට පුළුවන්නෙ කියල මට කල්පනා උණා. දෙයියනේ එහෙම දෙයක් උණොත් ඉඳල මොටද කියල මං හිතුව.

මට හිතුණෙම එයා කිය කිය හිටියෙ මං ගැන දෙයක් කියල. ඔය ගැන කල්පනා කර කර ඉදිද්දිම බ්‍රහස්පතින්ද රෑ ප්‍රවෘත්තිවලට කිව්ව සිකුරාද ප්‍රතිඵල පිට කරන බව.

සදුද උදේ රිසල්ට් බලන්න ඉස්කෝලෙට ද්දිම ‘ආ චූන් පාන් අක්කෙ’ කියල පොඩි ළමයි මං දකිද්දිම කියන්න පටන් ගත්ත

‘අක්ක ගැන උදේ රැස්වීමෙත් කිව්ව. ඒත් හොඳටම පාස් වෙලා තියෙන්නෙ වෙන අක්ක කෙනෙක්.

‘අක්ක අද චූං පාං අරන් එන්නෙ නැද්ද. අක්ක පාස්ලූ නේද?‘

හොදටම පාස් වෙලා හිටියෙ නිසසංසලා. එයාට ඒ පහයි. මට ඒ තුනයි. එයාගෙන් ළමයිතුයි ගුරුවරුයි සේරම ඇහුවෙ උසස් පෙළට වෙනඉස්කෝලෙකට යනවද, මොනවයින්ද උසස් පෙළ කරන්නෙ වගේ දේවල්. එයා කිව්ව සයන්ස් කියල. මගෙනුත් ගොඩක් දෙනා ඒ වගේ ප්‍රශ්න ඇහුව. ඒත් මට ඒවට දෙන්න උත්තර තිබුණෙ නෑ. විභාගෙ පාස් වෙච්ච එක ලොකු සතුටක් උණාට උසස් පෙළත් කරන එක මොන තරම් වදයක්ද කියල මට හිතුණා.

මගේ ඇස් උඩ ගියේ එක මල්ලි කෙනෙක් කියපු එකකින්. ‘අක්කට දැන් ජොබ් එකෙන් අයින් වෙන්න වෙයි නේද? පාඩම් කරන්න තියෙනවනෙ. අසංක අයියට කියන්න තනියෙං චූං පාං විකුණගන්න කියල.’

ළමයි වගේම ගුරුවරුත් මගේ රිසල්ට් වගේම චූන් පාන් වැඩේ ගැනත් සම අවධානයක් යොමු කරල තිබුණා. ගෙදරට වෙලා නිකම් කාලය ගත කරන්නේ නැතිව රැකියාවක් කරපු, විභාගෙන් ඉහළින්ම සමත් වෙලා විදුහලට කීර්තියක් අත් කරල දීපු වීරවරියකගෙ චරිතෙ මටත් ආදේශ වෙලා තිබුණ.

ගුරුවරු දෙන්නෙක් පිට්ටෙන්න ළගදි හමු වෙලා මමයි නිසසංසලයි ඉස්කෝලෙට අත්පත් කරදීපු ගෞරවේ ගැන වර්ණනා කළා. අපි අරන් තියෙන්නේ මතක ඇති කාලෙක ඉස්කෝලෙ හොදම රිසාල්ට්ලූ. චූං පාං ජොබ් එකෙන් අයින් වෙනවද කියල ඒ එක මිස් කෙනෙක් ඇහුව. අද හවසටත් පාන් අරන් එනව නේද කියල අනිත් මිස් ඇහුව. එයා මට කියලයි තියෙන්නෙ අඩිය කර නොවෙච්ච හොද පාන් ගෙඩියක් හැමදාම වෙන් කරල අරන් එන්න කියල.

දැන් මගේ නම වෙනුවට මුලු ඉස්කෝලෙම චූං පාං කියන එක පාවිච්චි වෙනව නේද කියල මතක් වෙනකොට මට පොළවෙ පස් කන්න හිතුණ. එක සැරයක් අපේ ඉස්කෝලෙ ළමයෙකුට ජපන් ශිෂ්යවත්වයක් ලැබුණා. දක්ෂතම ළමයා තෝරලයි ඒක දුන්නෙ. එදා ඉඳන් එයාට කවුරුත් කිව්වෙ ජපන් කියල.

ඇයි අපිට පහළ පන්තියක නංගි කෙනෙකුට චිත්‍ර තරගෙකින් දිනල තෑගිවලට ටිකිරි මාරි පෙට්ටියක් ලැබිල තිබුණ. උදේ රැසවීමෙදි ඒක එයාට දුන්නු දවසෙ ඉදන් තාම එයාට කියන්නෙ ටිකිරි මාරි කියල.

අනිත් අතට ජපන්, ටිකිරි මාරි වගේ නමක් වගේ නෙවෙයි චූන් පාන් කියන්නේ. මොන නින්දාවකද? ඒ උණාට මං ජොබ් එකෙන් අයින් උණත් මේ පට බැඳිච්ච නමින් ගැලවෙන්න ගමේ ඉස්කෝලෙ ගියොත් නම් බැරි බව මට තේරුණා.

අනිත් පැත්තෙන් අසංක දකින දකින හැම වෙලාවකම මට අර බය ඇති උණා. එයා මගෙන් පළිගන්න ගමේ කොල්ලො එක්ක මං ගැන අනං මනං හදල කියන්න ඇති කියල. මම ඒ දවස් දෙකේ චූං පාන් විකුනන්න ගියේ මරන්න ගෙනියන හරකෙක් වගේ. වෙලාවට තමයිි චරිත ගෙදරටම ඇවිල්ල පන්ති යං කියල කිව්වෙ. මං විස්තර මොකුත් අහන්නෙ නැතිිව හා යමං කිව්ව.

මුල් දවසෙ පන්ති එකකින් වත් අය කළේ නෑ. පාට දෙකෙන් අච්චු ගහපු කොල මිටි ගණන් දුුන්නා. චරිත ගණන් පේල් නිසා එයා ණයට උසස් පෙළ කරන්නේ්. එයාට කරන්න පුලුවන් ආට් විතරනෙ. එයා ඇදන් යන පන්තිවලට ගිහින් මාත් වාඩි වෙලා ඉන්නව මිසක් මං මොන විෂයන් කරනවද කියලවත් හිතල තිබුණෙ නැහැ. ඒ උණාට චරිත ලේසි විෂයන් තෝරගන්න මට උපදෙස් දුන්න. එයා කිව්වෙ තුන්වෙනි පාර බැරි නම් හතරවෙනි පාර කරල හොරට හරි කැම්පස් යනව කියල.

මං ගෙදර ඇවිත් මෙහෙම කිව්ව.

‘අම්මෙ, සදුද උසස් පෙළ පන්ති පටන් ගන්නව. ඊට පස්සෙ වැඩට යන්න වෙන්නෙ නැහැ.‘

‘ඉතිං උදේ පන්ති ගිහින් එන්න බැරිය. පහට නෙව චූන් පාන් යන්නෙ.‘

‘අපිට ඕන වෙලාවට පන්ති තියෙනවය. කොහොමත් ඉස්කෝලෙ පටන් ගත්තම පන්ති යන්න වෙන්නෙ හවසනෙ.‘

‘ආ ඒකත් එහෙමද?‘

‘ඊටත් ටවුමෙ ඉස්කොලෙට ගිහිං ඇවිත් හවස වැඩට ගියාම රෑට මහන්සියටම පාඩම් කරන්න ඇහැක?‘

මං එහෙම කිව්වෙ සීනි නැතිව තේ බොන්න බෑ කියනව වගේ බොහෙම සාමාන්‍ය ස්වරයෙන්. ටවුුමෙ ඉස්කෝලෙට යන එක ඇරෙන්න වෙනකිසිම විකල්පයක් නෑ කියල අගවන්න මම ඒකෙන් උත්සාහ කළා.

අම්ම එවෙලෙ හිටියෙ පොඩි නංගිට බත් කව කව. මගේ කතාවට අම්ම මං දිහා බැලූවේ කොච්චර පුදුම වෙලා ද කිව්වොත් අම්මගෙ ඉලක්කෙ වැරදිලා බත් කට නංගිගේ කටේ වෙනුවට කනේ ගෑවුණා. ඇග දිගේ බත් හැලෙද්දි නංගි ගිරිය යටින්කෑ ගහල හිණා උණා. අම්ම වමතින් නංගිගෙ ඇගේ ඉදුල් පිහද පිහද මෙහෙම ඇහුවා.

‘මොකටෙයි අර ටවුටෙ ඉස්කොලෙට යන්නෙ. මෙහේ උසස් පෙළ නැතුවය?‘

‘මම චිත්‍ර කරන්නයි ඉන්නෙ. මේ ඉස්කොලෙ චිත්රත නෑනෙ‘

ඒක මගේ තුන් හිතකවත් තිබිච්ච දෙයක් නෙවෙයි. පන්තියට ගිය වෙලාවෙ මගේ රිසල්ට් අහපු ටවුමෙ ඉස්කෝලෙ ළමයෙක් තමයි කිව්වේ ඒ ලෙවල් චිත්‍ර කරා නම් සෞන්දර්ය කැම්පස් යන්න තිබුණ කියල. ඒකට අඩු රිසල්ට්වලින් ගන්නවලු. මට ඉතින් කැම්පස් උණක් නැති හින්ද ගණන් ගත්තෙ නෑ. ඒ උණාට මට චිත්රවලට ඒ එකක් තිබීම ගැන එයා වර්ණනා කරපු හැටියට මට සතුටක් ඇති උණා. චිත්රවලට ඒ එන්නෙ කලාතුරකින්ලූ. මට ඒක මතක් වෙලා තමයි අම්මට නිකමට කිව්වෙ චිත්රම කරන්න ඕන කියල. ඒත් ගමේ ඉස්කෝලෙ ගුරුවරුන්ගෙ හිත රිද්දන්නෙත් නැතිව වෙන ඉස්කෝලෙකට යන්න ඒක හොඳ උපක්‍රමයක් නේද කියල මට කල්පනා උණේ පස්සෙ.

එදා හවස චූන් පාන් විකුණන්න එන්නෙ අවසන් වතාවට කියල මං අසංකට කිව්වෙ නෑ.

මගෙන් පස්සෙ අවුරුද්දක් විතර අංසකත් එක්ක චූං පාන් විකුණනන් ගියේ පිරිමි ළමයෙක්. ළමයා සල්ලි හංගගෙන අහු උණාලූ. දෙවනි වතාවටත් ගණන් පේල් වෙචිච නිසා උසස් පෙළ කරන්න බැරිව ගෙදරට වෙලා ඉඳපු චරිත තමයි ඊට පස්සෙ චූන් පාන් ජොබ් එකට සෙට් උණේ. චරිත ගණන් පේල් වෙච්ච එක ඇහුවම මට සෑහෙන්න දුක හිතුණෙ එයාගෙ තිබුණ කැම්පස් උණ මතක් වෙලයි.

අලූත් ඉස්කෝලෙට ගිහින් උසස් පෙළ පටන් ගත්තු මුල් දවස්වල නිතර නිතර මතක් උණු අසංකගෙ අත් දඩු දෙක හින්ද පාඩම් කරන්න හිත එකලස් කරගන්න බැරි උණත්, හිටි ගමන්මහ රෑ හීනෙන් චූං පාන් සද්දෙඇහිල ඇහැඇරෙන්න ගත්තත් චිත්‍ර සර් කියපු කැම්පස් එකේ රසවත් විස්තර හින්ද පස්සෙ අසංක වෙනුවට කැම්පස් එක මැවෙන්න පටන් ගත්ත. අනිත් එක චිත්ර් සර්ගෙ තිබුණා අසංකට වඩා ලස්සන අත්. එයාගෙ අත් දඩුවල අසංකගෙ අත්වල වගේ නූල් හත් අට පොටක් වෙනුවට එක රත්තරං බේස්ලට් එකක් විතරක් තිබුණා. සමහර වෙලාවට මට අසංකගෙ අත් අමතක වෙලා චිත්ර් සර්ගෙ අත් මැවිල පේන්න පටන් ගත්තා. චූං පාං ත්‍රීවිල් එක වෙනුවට චිත්‍ර සර්රුයි මායි පේරාදෙණිය කැම්පස් එකේ ලව් කරන හැටි හීනෙන් පේනන පටන් ගත්තා. ඒත් අපි දහතුන වසරට ඇවිත් ටියුෂන්වල රිවිෂන් පටන් ගත්තම රෑ දෙක තුන වෙනකම් පාඩම් කළ නිසා ඉතුරු පැය ගාන ඔය එක අතක් වත් මතක් කරන්නෙ නැතිව නිදාගන්න මට පුළුවන් උණා.

මං කැම්පස් ගිහිං පළවෙනි එක්සෑම් එක ඉවර වෙලා ගෙදර ආව- ඒ වෙනකොට මං සායවල් වෙනුවට කලිසං අදින්නයි පුස්තකාලෙ කියනව වෙනුවට ලයිබ්රි කියන්නයි පුරුදු වෙලා ඉදියා- ගෙට ගොඩ වෙච්ච වෙලාවෙ ඉඳන් අම්ම ගමේ විස්තර කියන්න පටන් ගත්ත. ලොකු නංගිට ළඟදි ඉදන් ජොබ් එකකට යනව කියල අම්ම කිව්ව. හන්දියෙ අලූතින් දාපු කොමියුනිකේෂන් එකේ වැඩට නංගිට යන්න චාන්ස් එකක් ලැබිල.

‘උඹත් විබාගෙ ප්‍රොතිපල එනකං චූං පාං තීවිල් එකේ වැඩට ගියානෙව. වරදක් උණාය. මං ඒ හන්ද යන්න කිව්ව.‘

‘තවම චූං පාං යනවද අම්මෙ‘

‘එකට දෙක තුනක් යන්නෙ. අනේ මට නං මතකවත් නෑ කීයක් යනවද? කොහෙං යනවද? කීීයටද යන්නෙ? කින්ද මන්ද කියල. පාං කන්න ඕන උණොත් තාත්ත එනකොට අරං එනව. අනේ මක්ටෙයි කොයිබිං ගත්තත් පාං නෙව.‘

‘චූං පාං ත්‍රී.විල් එකේ තාම චරිත වැඩට යනවද?‘

‘නෑ මගෙ හිතේ දැං ඒ ත්රීවිල්එක යන්නෙ. ඒගොල්ල බැදලනෙ දැං‘

‘කවුද?‘

‘අසංක ළමයයි අනිත් ගැවුලමයයි. මේ නංගි වැඩට යන්නෙ එයැයිල අලූතින් දාපු කඬේ තමයි. ‘

‘අසංක කාවද බැන්දෙ?‘

‘ඇයි උඹේ යාලූව නෙව. චරිත. උඹ උන්නෙ නෑ නොව. මමත් මංගල්ලෙට ගියා. වැඩි ඔපේට ගත්තෙ නෑ. ඒකි කියනවනෙ ඔය සුකුරුත්තං වැඩක් නැහැයි කියල. ඒකි හරියට දුක් උණා උඹ නැති එකට. ඒත් ඉතිං උඹට විභාගෙය කිව්ව හින්ද කෝල් කරේ නැත්තෙ මං හිතේ. උඹේ වෙනුව නංගිටයි මටයි එන්න කිව්වෙ.‘

එතකොට නංගි ලේ්ස්ති වෙලා එළියට ආව. එයා ඇඳල හිටියෙ රෝස පාට කලිසමකුයි කලූපාට බ්ලවුස් එකකකුයිි. මං ඇහුව කොමිනිකේෂන් එකේ ඉන්නෙ කවුද කින්ද මන්ද කියල.

‘අසංක අයියලගෙ මල්ලි ඇවිත් ඉන්නවනෙ අනුරාධපුරේ ඉදන්. අසංකයිය වගේම තඩියෙක් තමයි. රස්තියාදුකාරයෙක් වගේ අතේ නූල් හත් අට පොටක් බැඳලා. ඒ උණාට හරි හොඳයි. පණ්ඩිතකම තමයි ඉවසන්න බැරි. මිනිස්සු ඉන්න තැන්වලත් මට ගණන් හිලවු බේරන හැටි කියනවා. ඒ උණාට එයැයිට කලිං මං ගණන් හදලත් ඉවරයි.‘ නංගි පවුඩර් ටිකක් නැහැමින් හැට්ටෙ අස්සට හලා ගන්න ගමන් කිව්වා.

‘අන්න නංගි මගේ හැන්ඞ් බෑග් එකේ සෙන්ට් බෝතලයක් ඇති. එයින් ටිකක් ගහගෙන යන්න.‘ මං කිව්වා.

Mudalinda Janappriya විසින් ලියූවකි.ඉස්සුවේ බුකියේ දැමූ පබ්ලික් පෝස්ටුවකිනි.

හොඳයි වටිනවා කියලා හිතුනනම් සලකලා යන්න අමතක කරන්න එපා. +++

[QUOTE="biskubiskulahila, post: 20026487, member: 470335"] [COLOR="Blue"][SIZE="5"]චූං පාං - An epic sri lankan short story (පට්ටම කෙටිකතාවක්)[/SIZE][/COLOR] [SIZE="4"]මුලදි චූන් පාන් ආවේ ලොකු ලොරි වගේ පිටිපස්ස වීදුරු ගහලා හදපු වෑන් එකක. ඒක ආවෙ තාර පාර දිගේ විතරයි. ඒකෙ සද්දෙ හරියට පොඩි ළමයෙකුගේ බැටරි දාන සෙල්ලම් බඩුවකින් එන සද්දයක් වගේ එකක්. පාර දිගේ හැමදාම හතරහමාරට විතර යන චූන් පාන් සද්දේ පාර අපේ ගෙවල් පැත්තටත් ලාවට ඇහුණා. අපිට තාර පාරට ටිකක් දුර නිසා අපේ පැත්තෙ අය නම් චූන් පාන් සද්දෙට ප්‍රතිචාර දක්වන්න ගියේ නැහැ. මොකද ඒ සද්දේ ඇහිල පාන් ගන්න දුවන් යන්න තරම් දුරක නොවෙයි අපි උන්නේ්. ඇරත් අපේ පාර ප්‍රධාන පාරට වැටෙන තැනම හන්දියෙතමයි අපි ගණුදෙනු කරන කඩේ තිබුණෙ. ‘ණයට තුරහටත් දෙන මුදලාලිගෙ මූණ බල බල වෙන වෑං වලිං පාං ගන්න ඇහැක’ කියල අපේ අම්මගෙන් චූන් පාන් ගන්න ඇහුවනම් කියාවි. කොහොම උණත් අපේ පැත්තට චූන් පාන් ඇත්තටම චූූන් එකක් උණා. මං දවසක් පන්ති ඇරිලා ඇවිත් ඉන්නකොට -අම්ම එවෙලෙ ඉදියෙ දිය මැස්ස ළග වළං හෝද හෝද- අම්ම පෙරළල අල්ල ගෙන අතුල්ලමින් හිටපු වළදේ ගැට්ටෙ එක තැනත පොල් කොහු කෑෑල්ල නවත්තගෙන එක එල්ලේ ඉස්සරහ එක පැත්තක් බලං ඉන්නව මං දැක්ක. අපේ ටොමියත් එච්චර වෙලා මගේ කකුල් දෙක ළග ලැගල හිටියෙ. මං හිටියෙ පේමන්ට් එක උඩ වාඩි වෙලා බොඳ මීදුම් කියව කියව. ඒකට බ්‍ර්වුන් පේපර් කවරයක් දාල තිබුණු නිසා බය නැතිව අම්ම ඉන්න තැනක උණත් කියෙව්වේ මං ඉස්කොලෙ පොතක් බලනව ඇති කියල හිතාගන්න අම්මට ඉඩ දීල. සංසලාගෙ කකුල් දෙක පණ නැති වෙච්ච හරිය නිසා මට තේරුණේ නැහැ ටොමිය නැගිටල ගියේ කොයි වෙලාවෙදිද වත් කියල. ඌ දිය මැස්සට ටිකක් එහා තියෙන පොඩි ගල් පොත්ත උඩට නැගල කන්දෙක උල්කරගෙන බලං ඉදියෙ අම්ම ගල් ගැහිල වගේ බලං ඉන්න දිහාවමයි. ඒ දෙන්නම කළෙ බලං ඉදිල්ලකට වඩා අහං ඉඳිල්ලක් කියල මට තේරුණෙ අම්මගෙ පැහැදිලි කිරිල්ලෙන් පස්සෙ. චූං පාං සද්දෙ අඅඩුවෙලා ඈතට යද්දි අම්ම අයෙත් පොල් කොහු කෑල්ල වළඳ වටේ කරකවන්න පටන් ගත්තා. ටොමියත් ගල් පොත්තෙන් බැහහැල ඇවිත් මගේ ළගින් ඉදගත්ත. අම්ම ඊට පස්සෙ මගේ පැත්තට මූණහැරෙව්ව. අම්ම මෙච්චර වෙලා බලං ඉදල තියෙන්නෙ හිනාවෙවී බව මට ඒත්තු ගියේ මූණෙ ඉතිරිවෙලා තිබුණු හිනා කෑල්ලෙන්. ‘ඇහුණයි සුදු නෝන, දැං පල්ලෙහ තාර පාර දිගෙත් චූං පාං යනවනෙ‘. අම්ම කිව්ව. හරි විනෝදයි නෙ ඒ සද්දෙ. ‘අපිටත් පාර අයිනෙ හිටිය නම් වෑන් එකෙන් චූන් පාන් ගන්න තිවුණ‘ මම කිව්වා. ‘අනේ මක්කටෙයි. කොයි කඩෙං ගත්තත් පාං නෙව‘ එහෙම කියල අම්ම වළං ටික අරං කුස්සිය පැත්තට ගියා. තාත්ත හවස ගෙදර ආවහමත් අම්ම තාත්තත් එක්ක චූං පාං ගැන කතා කළා. ලොකු නංගි මැදට පැනල කිව්ව ‘අම්මෙ අපිත් චූං පාං ගේමු දවසක්’ කියල. තාත්ත එවෙලෙ දුන්නු උත්තරේ අම්ම හවස මට දුන්නු එකමයි. ‘අනේ මක්කටෙයි. කොයි කඩෙං ගත්තත් පාං නෙව’ ඊට පස්සෙ උදේ පාන්දර සීල නැන්දත් එක්කත් අම්ම චූන් පාං ගැන කතා කරනව මට ඇහුණ. සීල නැන්දත් ඒ ගැන කතා කර කර ඉදල කිව්ව ‘පාර අයිනෙ ඉන්න ඈයන්ගෙ තුට්ටු දෙකට කෙලින ජවාාරමක් ඕක. ඇයි අරක ටිලිං ටිලිං ගාගෙන යන කොට ගෙවල්වල පුංචි ඈයො බනිස් කන්න නාහෙං අඩනවනෙ’ ‘ඒකන නං ඇත්ත. එකාතකට අනේ මක්කටෙයි. කොයි කඩෙං ගත්තත් පාං නෙව’. කොහොම හරි මං දැක්ක විදියට චූං පාං නිසා පාර දෙපැත්තෙ මිනිස්සුංගෙ ජීවිතවල අමුතු ප්රබෝධයක් ඇති වෙලා තිබුණ. ඒක ප්‍රබෝධයක්ද ජීවන රාටාවේ වෙනසක් ද කියල මට හරියට තේරුණේ නැහැ. සමහර වෙලාවට ‘චූ පාං වෑං එක එනකං බලං ඉන්නව’ කිය කිය නාකි ආච්චිල සීයලත් පාර දෙපැත්තෙ හංදිවලට වෙලා හිටං හිටියා. ඒක විනාඩි පහක් පරක්කු උණොත් ‘මොකද දන්නෙ නෑ අද තාම චූංපාන් ආවෙ නැත්තේ’ කියල පාන් ගන්න බලං නොඉඳපු මිනිස්සුත් කියන්න පටන් ගත්තා. සමහර වෙලාවට ප්‍රධාන පාරවල් දෙපැත්තෙ තියෙන පොඩි අඩි පාරවල්, දෙවැටවල්, වෙල් නියරවල් දිගේ මිනිස්සු - මිනිස්සු කිව්වට විශෙෂයෙන් ගෑනු (ලිහං හැලෙන කොණ්ඩ බැඳ බැඳ) සහ ළමයි (බාගෙට ඇඳපු කමිස බඩෙං පල්ලෙහට ඇද ඇද) චූං පාං අරගන්න දුවගෙන ආව. පාර දෙපැත්තෙ ගෙවල්වල ළමයින් හවස කහට බොන වෙලාවට රෝස් පාං බාගයක් හරි නොගත්තොත් ඤරු ඤුරු ගාන්න පටන් ගත්ත. අපේ තාත්තත් දවසක් පාරෙදි අහු වෙලා චූං පාං අරං ආව. අම්ම ඊට පස්සෙන්ද උදේ මිදුල අතු ගාන ගමං සීල නැන්දට කියනව ඇහුණ අපි ඊයෙ රෑට චූං පාං කාපු බව. සීල නැන්දත් කිව්ව ‘අපට තවම කන්න බැරි උණා දවසක ගෙනත් කන්න ඕන’ කියල. චූන් පාන් කියන එක අපේ අම්මලගෙ වාග් කෝෂෙ ස්ථාවර වචනයක් බවට පත් උණා. ‘නංගියේ අද සීට්ටුවෙ නොම්මර දානවා. චූං පාං වෙලාවට යං නේද?’ ‘චූං පාංනුත් ගියා. තාම බැරි උණා දලූ ටික කඩල ඉවර කරගන්න.’ ‘අර මල්ලිකාගෙ ළමයා අඬන්න පටං ගත්තම නවත්තන්නෙ නැහැ. චූං පාං වෑං එකේ ස්දදෙ වගේ.’ ‘ටවුමෙ ඉදන් එන්න බස් එකට එන්න පැය දෙකක් විතර යනවනෙ. ඇයි ඒක ගෙයක් ගෙයක් ගානෙ නවත්තනවනෙ. හරියට චූං පාං වෑං එක වගේ.’ චූං පාං ගමේ අනිත් අයට වඩා විශේෂ සම්බන්ධයක් අපේ ගෙදරත් එක්ක ඇති කරගත්තේ ටිකක් අමුතු විදියට. ආරංචිය අහපු හැටියෙ අම්ම ඩිංගක් දෑතට ඇද්දත් පස්සේ නම් ඒ ගැන සෑහෙන්න සතුටු උණා. ‘මුදලාලිට ආරංචි වෙලා මෙයැයිට ඉගෙන්ගන්න ඇහැකෙයි කියල. ඒකනෙ එන්නෙයි කිව්වෙ. ලේසිත් නෑ වැඩේ. ඇයි සල්ලි ගන්නත් වෙන්නෙ මෙයැයිටමනෙ. අපේ හිතවත් කමට මුදලාලි කිව්ව මිසක් වෙන කාටවත් දෙන වැඩ නෙවෙයි මෙව්ව.’ තාත්ත මට ලැබිච්ච අවස්ථාව ගැන සංතෝසෙන් විස්තර කළා. දවස් කීපයකට පස්සේ මං කළු පාට සායකුයි රෝස පාට බ්ලවුස් එකකුයි ඇඳල ගහගෙන යන්න සෙන්ට් පොඞ්ඩක් තිබුණ නම් කොච්චර අගේද කියල කල්පනා කර කර ඒ වෙනුවට නැහැමින් පවුඩර් ටිකක් හැට්ටෙ අස්සට හලාගෙන චූං පාං ත්‍රිවිල් එකේ වැඩට ගියා. ටවුමෙ බේකරියකින් එවන චූං පාන් වෑන් එකට අභියෝගයක් කරන්න අපේ ගමේ බේකරි මුදලාලිට හිතිල තමයි චූං පාං ත්රීඑවීල් එකක් පටං ගත්තෙ. ඒකෙ පිටිපස්සේ ඉදගෙන කට්ටියට චූං පාං විකුණන එක තමයි මගේ ජොබ් එක. ඒ ගැන තාත්ත කියපු ගමංම මට හිතුණෙ යකෝ ත්‍රීවිල් එකක එක සැරේට ගෙනියන්න පුළුවන් පාන් ගෙඩි කීයද කියල. ඒත් මං ඇහුවේ ත්‍රීවිල් එක එලවන්නෙ එන්නෙ කවුද කියල. තාත්ත දැනං හිටියෙ මුදලාලිගෙ නෑ කෙනෙක් වෙන අනුරධපුරේ ඉළන්දාරියෙක් ඇවිත් ඉන්නව කියන්න විතරයි. චූං පාං ත්‍රීවිල් එක චූං පාං වෑන් එකට අභියෝගයක් උනාද කියල මං දන්නේ නැති උණත් නිදහස් වෙළඳපොළේ භාණ්ඩ විකිණීමේ තරඟයට මානුෂීය මුහුණුවරක් දෙන්න අපේ බේකරි මුදලාලි උත්සාහ අරගෙන තිබුණා. ඒ කියන්නේ චූං පාං වෑන් එක යන ප්‍රධාන පාරෙ ත්‍රීවිල් එකේ පාන් විකුණන්න එපා කියල මුදලාලි කියල තිබුණා. අනික වෑන් එක ගිහින් පැය බාගෙකට පස්සෙ තමයි ත්‍රීවිල් එක ගියේ. ඒකත් වෑන් එකේ වගේම වීදුරු ගහල පිටිපස්ස ලොකු කරපු ත්‍රීවිල් එකක්. අසංක ටිකක් සද්දන්ත එකෙක් කියල මට හිතුණක් මහ ලොකු උසක් තිබුණෙ නෑ. අපේ පන්තිවල හිටපු ළමයින්ට වඩා මහත ඇගක් තිබුණ නිසා එයා ලොකුවට පෙනුණ. පළවෙනි දවසෙම එයා මට චූං පාං එක්ක තියෙන කෑම ජාතිවල මිල කියල දීපු විදියට නම් එයා හරි හොදයිනෙ කියල හිතුණ. ඒත් මට ඇල්ලූවෙ නැත්තෙ මිනිස්සු ඉන්න තැංවලදිත් එයා මට ඉතුරු සල්ලි දෙන විදිය ගැන උපදෙස් දුන්න එක. එක එක්කෙනාට දෙන්න ඕන ඉතුරු ගාන බඩු දීල ඉවරවන්නත් කලිං එයා මට කියන්න පටන් ගත්ත. එයා මට උපදෙස් දුන්නේ උදව්ක් විදියටද එහෙම නැත්තං එයාගෙ පණ්ඩිතකම පෙන්නන්නද කියල මට හිතාගන්න බැරි උණා. එයා කියන්න කලිං බොහෝ විට මං ගාන මනෝමයෙන් හදලත් ඉවරයි. අපේ චූං පාන් ත්‍රීවිල් එක ගම් දෙක තුනක අතුරු පාරවල් දිගේ ගියා. අදුරන අය සෑහෙන්න. මුල් දවස් ටිකේ් නම් ලැජ්ජාවක් ඇති උණාට පස්සේ හරි ගියා. ඉස්කෝලෙ ළමයි වගේම ගුරුවරුත් හමු උණා. .මිස්ල නම් හුගක් වෙලාවට ඇහුුවෙ මං ඒ ලෙවල් කරන්නේ මොවයින් ද අපේ ඉස්කෝලෙම ද නැත්ම්ම් ටවුන් එකේ ඉස්කෝලෙට යනවද කියල. ඒ ගොල්ල කිව්වට මම නම් විශ්වාස කළේ නැහැ පාස් වෙලා තියෙයි කියල. අනිත් එක මොන තරම් වදයක්ද උසස් පෙළ කරන එක. කැම්පස් යනවට වැඩිය නරකද බේකරියෙ තංගල්ලෙ හාමිනේ වගේ මුදලාලි නෝන කෙනෙක් වෙන එක. අසංක මගේ කකුල ඇල්ලූවෙ සාමාන්‍ය පෙළ ප්‍රතිපල එන්න සතියකට විතර කලින්. එයා ළඟදි ඉදන් වැඩිය කතා කරන්න පටන් අරගෙන තිබුණත් මට ඒක ලොකු වෙනසක් විදියට දැනුනෙ නෑ. අපි හැදාම චූන් පාන් විකුණල ආයෙ බේකරියට එන්න කලිං හන්දියක වාහනේ නවත්තල සල්ලි ගැනල පිළිවෙළට හරි ගස්සගන්නව. මට එහෙම සල්ලි ගණින හැම දාකම හිතෙන දෙයක් තමයි මොකෙක් හරි හොරෙක් අවිත් මේ සල්ලි උදුරගෙන ගියොත් මොනව වෙයිද කියල. අපි දෙන්න එකතු වෙලා සල්ල හංගගෙන බොරු කියනව කියල මුදලාලි හිතන්න ඉඩ තියෙනවනෙ. ‘නංගි මං ඔයාට ආදරෙයි’ කියල එයා මගේ කලවය මැද හරියෙන්ම ඇල්ලූවෙ ඒ වගේ සල්ලි ගැන ගැන හිටපු වෙලාවක. හොරෙක් පැන්නේ නෑ කියල ෂුවර් උණත් මම බය උණේම හොරෙක් කියල. මම ගිරිය යටින් කෑ ගහපු සද්දෙට බය චේච්ච අසංක ත්‍රීවිල් එක ස්ටාට් කරල රේස් කරපු ගැම්ම නැවැත්තුවෙ බේකරියටම ඇවිත්. වෙනද පිළිවෙළකට හදල දෙන සල්ලි මිටිය වෙනුවට අද දහයෙ-විස්සෙ- පනහෙ- සීයෙ (එදා පන්සීයකුත් තිබුණද කොහෙද) කොල අච්චාරුවක් වගේ තියෙන පෙට්ටිය මුදලාලිගෙ ඉස්සරහින් තියපු එක ගැන මුදලාලිට පුදුම හිතෙන්නත් කලිං මං යනව කියල ඉක්මනට ආව. මං ගෙදර ආපු ගමන් අම්මට කිව්ව යටි බඩ රිදෙනව කියල . මං වැඩට නොයා ඉන්න ක්ර මයක් කල්පනා කළා. විභාගෙ ප්රිතිඵල ඉක්මනටම ආවොත් නම් උසස් පෙළ ගැන කියල වැඬේ මගාරින්න පුළුවන්. මං ජීවිතේ පළවෙනි වතාවට ‘අනේ විභාගේ පාස් වෙලා තිබියං දෙයියනේ’ කියල ප්‍රාර්ථනා කළා. කොහොම උණත් මගේ කලව උඩ මොනව හරි අපවිත්‍රව දෙයක් තිියෙනව වගේ මට දිගින් දිගටම දැනුණා. මං ලිඳට ගිහින් නාගත්තේ ඒ හින්දමයි. අම්මා මට බලූ බැණුම් බැන්න ලෙඩ තියෙද්දිත් නෑව කියල. මට විනාඩියෙන් විනාඩියට අසංක මතක් උණා. ඒ හැම වෙලාවෙම මම මූසලය කියල තොල් මැතිරුවා. පහුවෙනිද උදේත් මං ඇඳට වෙලා හිටිය. අම්ම තාත්තට කියව ඇහුණ හවස් වෙනකම් මට හොඳ වෙන එකක් නැති බව. ‘ඒ මොකද‘ කියල තාත්ත අහපු ප්ර්ශ්නෙට අම්ම තාත්තගෙ ඇගට කඩන් පැන්න. ‘ඔහෙට මක්කටෙයි ගෑණු ලෙඩ. ගිහින් කියන එකයි ඇත්තෙ මුදලාාලිටයි තංගල්ලෙ හාමිනේටයි එන්න වෙන්නැති විත්තිය.’ පහුවෙනිද හවස මං කාමරේට වෙලා අහගෙන හිටිය චූන් පාන් ත්රීලවිල් එක එන සද්දෙ ඇහෙනකං. ඒත් චූූන් පාන් වෑන් එක ගිහිල්ලත් සෑහෙන්න වෙලාවක් යනකං ඒක ආවෙ නෑ. මං හිටියෙ පුදුම බයකින්. අසංක පැනල ගිහිල්ලවත්ද කියල මං හිතනකොටත් මගේ ඇග හීතල උණා. මම වැඩට එන්නෙ නැත්තෙ මං කාරණාව ගෙදරට කියපු නිසා කියල එයා බයවෙන්න ඇති කියල මට හිතුණ. පොඩි සහනයක් දැණුනෙ තාත්ත රෑ ගෙදර ඇවිත් කියපු විස්තරෙන්. ‘මෙයැයි ලෙඩවෙච්ච නිසා මුදලාලිගෙ තංගල්ලෙ හාමිනේ හරි යන්නලූ ඉදියෙ ත්‍රීවිල් එකේ. ඒ උණාට අසංක ළමය ටත් ලෙඩ ගතියෙං හින්ද පස්සෙ නොයා ඉදියලූ. මමත් ගිහිං බැලූව. හරි ලෙඩ පාටින් තමයි හිටියෙ.’ මම තාත්තට කිව්ව හෙට මං එන විත්තිය මුදලාලිට කියන්න කියල. අම්මත් කිව්ව එක දිගට නොයා ඉදියොත් ජොබ් එකට වෙන කෙනෙක් හොයාගනියි කියල. අම්ම බය වෙලා මට දවසට ඒගොල්ල රුපියල් සීයක් දෙන එක නවතියි කියල. අපි ඒ දවස්වල පන්ති ඇන්දෙ එකසිය පණහෙ බ්ලව්ස්. එහෙව් එකේ සීයක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද. මට හවස් මං වෙනදට වඩා පැය බාගෙකට කලින් ලේස්තිවෙලා බේකරිය පැත්තට ගියා. ‘ළමයො දැන් හොදයි නේද?’ කියල මං යනකොටම බේකරියෙ හාමිනේ හක්කෙ නරක් වෙච්ච දතත් පේන තරමට හිනාවෙලා ඇහුව විදියෙන් මං දැනගත්ත චූුන් පාන් නොයන දවසක පාඩුව සුළු පටු නොවෙයි කියල. අසංක මට මූණ දුන්නෙම නෑ. නිසසද්දවම හිටිය විදියට නම් මට පව් කියල හිතුණ. ඒ පව් කියල හිතුණ එක හින්දම මම හවස ආපහු එද්දි මං යනව කියල ආව. මං හිනා උණේ නැත්තෙ මගේ හිතේ තියෙන කැමැත්ත එයාට පෙනෙයි කියල. ඇත්තටම කියනව නම් ඒ වෙන කොට මගේ හිතේ අසංක ගැන කැමැත්තක් ඇති වෙලයි තිබුණෙ. මගේ ඉස්සරහික් පේනන තියෙන පාට පාට නූල් හත් අට පොටක් බැදපු එයාගෙ අත් දඩු දෙක දකිද්දි මට උණුසුමක් වගේ හැගීමක් දැනෙන්න පටන් ගත්තා. ත්‍රීවිල් එකට බඩු පටවන කොට මගේ ළගින් යන එයාගෙ ඇදුම්වලින් ආපු ඒව හෝදපු සබන් කුඩු සුවදයි එයා ගොඩක්ම ළං උණාම දැනෙන දාඩිය සුවදයි මගේ හුස්ම ගන්න වේගේ වැඩි කරන හින්ද මං දැනගත්ත ජීවිතේ පළවෙනි වතාවට ඔන්න මං ආදරෙන් බැදිල කියල. ඒත් ඒක මල් ඵල ගැන්වෙන්න බාධාවන් දෙකක් තිබුණා. එකක් අසංක ඉස්සෙල්ලම මට ආදරේ ප්රනකාශ කළේ මගේ කලවේ මැද හරියෙන් අල්ලලා. (ඒක මතක් වෙන හැම මොහොතකම මම මූසලය කියල තොල් මතුරගත්තා.) බොද මීදුම් එකේ ධනුක සංසලා එක්ක ලිංගිකව සතුටු උණේ බැඳලත් අවුරුදු ගාණකට පස්සෙ. මට ඕනවෙලා තිබුණෙ ඒ වගේ පූජනීය ආදරයක්. එහෙව් එකේ මගේ පළවෙනි ආදරේ ලිංගිකත්වයට එච්චර සමීප කලව වගේ තැනකින් ආරම්භ වෙනවට මගේ හිතේ කිසිම කැමැත්තක් තිබුණෙ නෑ. අනිත් එක සිද්ධිය උණු දවසෙ ඉදන් අසංක මට කතා කළේම නැහැ. ඔහේ බුම්මගෙන ඉදිය. දවස් දෙක තුනකට පස්සෙ එයා මට අත්‍යාවශ්‍යය දේවල්වලට පමණක් කතාකරන්න පටන් ගත්තා. -ඔය පෙට්ටිය මෙහාට දාන්න, ක්රීෙම් බනිස් කීයක් ඉතුරුද? , මාරු සල්ලි නැත්තම් දැන්ම මුදලාලිට කියන්න- ඔය වගේ දෙවල් එයා මට කියන්න පටන් ගත්තෙ නිකං මං එයාගෙ ගෝලය වගේ ස්වරයකින්. මුල් දවස්වල එයා මට කතා කරපු හැටි මතක් වෙද්දී මට මේ හැසිරීමට පිස්සු හැදුණා. අනිත් එය එයා මට මෙහෙම සලකන්නෙ එයා නෙවෙයි මං එයාගෙ කලවයෙන් නෙවෙයි ඊටත් උඩින් ඇල්ලූවා වගේ. මේ බව මතක් වෙන හැම මොහොතකම මම මළ පෙරේතයා කියල තොල් මතුරගත්තා. මම හැමදාම වැඩට ගියේ අසංක මට හොඳින් කතා කරයි කියල හිතාගෙන. ඒත් මමත් හැමදාම එයා මට කියන හැම දේටම ප්රඅතිචාර දැක්වුවේ පුළුවන් තරම් රළු විදියට. එදා මායි අම්මයි කොරටුහේනෙ නැන්දලගෙ ගෙදර ගිහින් එද්දි අසංක හන්දියෙ ත්‍රීවිල් පාක් එකේ කතා කර කර ඉන්නව අපි දැක්ක. අපි බස් එකෙන් බහිද්දිත් එයා කොල්ලො කට්ටිය එක්ක ගජ කතාවක හිටියෙ. ඇවිල්ල මේ ටික දවසට එයා ගමේ කොල්ලන්ට හොදට සෙට් වෙලා තිබුණ. අම්ම ඒ පැත්ත බලල හිනා උණාට මං නම් බලන්න ගියේ නැහැ. ‘මට බය අර බේකරියෙ දරුවත් මේ ගමේ නලකරේට වැටිල නාස්ති වෙයිද කියල.’ අම්ම කිව්වේ ටික දුරක් ආවට පස්සෙ. මම උත්තරයක් දෙනව වෙනුවට පිට දිගේ වැටිල තිබුණු කොණ්ඩ කරල ඉස්සරහට අරන් බූල් බෑන්ඞ් එක ගලවල ආපහු දාල අයිත් කොණ්ඩ කරල පිටිපස්සට විසි කළා. මගේ හිතේ තිියෙන්නෙ වෙන බයක්. එයා ගමේ කොල්ලොත් එක්ක එකතු වෙලා අච්චර විනෝදෙන් කියව කියව හිටියෙ මොනවද? මට හිතුණෙම මං ගැන කිියල. ගොඩක් පිරිමි අය මේ වගේ අවනම්බුවලින් බේරෙන්න කරන කපටි වැඩ මං ෆිල්ම්වල, නවකතාවල දැකල තිබුණා. මං එයාගෙ ඇගෙන් ඇල්ලූව කියල බොරුවක් හදල කියන්න එයාට පුළුවන්නෙ කියල මට කල්පනා උණා. දෙයියනේ එහෙම දෙයක් උණොත් ඉඳල මොටද කියල මං හිතුව. මට හිතුණෙම එයා කිය කිය හිටියෙ මං ගැන දෙයක් කියල. ඔය ගැන කල්පනා කර කර ඉදිද්දිම බ්‍රහස්පතින්ද රෑ ප්‍රවෘත්තිවලට කිව්ව සිකුරාද ප්‍රතිඵල පිට කරන බව. සදුද උදේ රිසල්ට් බලන්න ඉස්කෝලෙට ද්දිම ‘ආ චූන් පාන් අක්කෙ’ කියල පොඩි ළමයි මං දකිද්දිම කියන්න පටන් ගත්ත ‘අක්ක ගැන උදේ රැස්වීමෙත් කිව්ව. ඒත් හොඳටම පාස් වෙලා තියෙන්නෙ වෙන අක්ක කෙනෙක්. ‘අක්ක අද චූං පාං අරන් එන්නෙ නැද්ද. අක්ක පාස්ලූ නේද?‘ හොදටම පාස් වෙලා හිටියෙ නිසසංසලා. එයාට ඒ පහයි. මට ඒ තුනයි. එයාගෙන් ළමයිතුයි ගුරුවරුයි සේරම ඇහුවෙ උසස් පෙළට වෙනඉස්කෝලෙකට යනවද, මොනවයින්ද උසස් පෙළ කරන්නෙ වගේ දේවල්. එයා කිව්ව සයන්ස් කියල. මගෙනුත් ගොඩක් දෙනා ඒ වගේ ප්‍රශ්න ඇහුව. ඒත් මට ඒවට දෙන්න උත්තර තිබුණෙ නෑ. විභාගෙ පාස් වෙච්ච එක ලොකු සතුටක් උණාට උසස් පෙළත් කරන එක මොන තරම් වදයක්ද කියල මට හිතුණා. මගේ ඇස් උඩ ගියේ එක මල්ලි කෙනෙක් කියපු එකකින්. ‘අක්කට දැන් ජොබ් එකෙන් අයින් වෙන්න වෙයි නේද? පාඩම් කරන්න තියෙනවනෙ. අසංක අයියට කියන්න තනියෙං චූං පාං විකුණගන්න කියල.’ ළමයි වගේම ගුරුවරුත් මගේ රිසල්ට් වගේම චූන් පාන් වැඩේ ගැනත් සම අවධානයක් යොමු කරල තිබුණා. ගෙදරට වෙලා නිකම් කාලය ගත කරන්නේ නැතිව රැකියාවක් කරපු, විභාගෙන් ඉහළින්ම සමත් වෙලා විදුහලට කීර්තියක් අත් කරල දීපු වීරවරියකගෙ චරිතෙ මටත් ආදේශ වෙලා තිබුණ. ගුරුවරු දෙන්නෙක් පිට්ටෙන්න ළගදි හමු වෙලා මමයි නිසසංසලයි ඉස්කෝලෙට අත්පත් කරදීපු ගෞරවේ ගැන වර්ණනා කළා. අපි අරන් තියෙන්නේ මතක ඇති කාලෙක ඉස්කෝලෙ හොදම රිසාල්ට්ලූ. චූං පාං ජොබ් එකෙන් අයින් වෙනවද කියල ඒ එක මිස් කෙනෙක් ඇහුව. අද හවසටත් පාන් අරන් එනව නේද කියල අනිත් මිස් ඇහුව. එයා මට කියලයි තියෙන්නෙ අඩිය කර නොවෙච්ච හොද පාන් ගෙඩියක් හැමදාම වෙන් කරල අරන් එන්න කියල. දැන් මගේ නම වෙනුවට මුලු ඉස්කෝලෙම චූං පාං කියන එක පාවිච්චි වෙනව නේද කියල මතක් වෙනකොට මට පොළවෙ පස් කන්න හිතුණ. එක සැරයක් අපේ ඉස්කෝලෙ ළමයෙකුට ජපන් ශිෂ්යවත්වයක් ලැබුණා. දක්ෂතම ළමයා තෝරලයි ඒක දුන්නෙ. එදා ඉඳන් එයාට කවුරුත් කිව්වෙ ජපන් කියල. ඇයි අපිට පහළ පන්තියක නංගි කෙනෙකුට චිත්‍ර තරගෙකින් දිනල තෑගිවලට ටිකිරි මාරි පෙට්ටියක් ලැබිල තිබුණ. උදේ රැසවීමෙදි ඒක එයාට දුන්නු දවසෙ ඉදන් තාම එයාට කියන්නෙ ටිකිරි මාරි කියල. අනිත් අතට ජපන්, ටිකිරි මාරි වගේ නමක් වගේ නෙවෙයි චූන් පාන් කියන්නේ. මොන නින්දාවකද? ඒ උණාට මං ජොබ් එකෙන් අයින් උණත් මේ පට බැඳිච්ච නමින් ගැලවෙන්න ගමේ ඉස්කෝලෙ ගියොත් නම් බැරි බව මට තේරුණා. අනිත් පැත්තෙන් අසංක දකින දකින හැම වෙලාවකම මට අර බය ඇති උණා. එයා මගෙන් පළිගන්න ගමේ කොල්ලො එක්ක මං ගැන අනං මනං හදල කියන්න ඇති කියල. මම ඒ දවස් දෙකේ චූං පාන් විකුනන්න ගියේ මරන්න ගෙනියන හරකෙක් වගේ. වෙලාවට තමයිි චරිත ගෙදරටම ඇවිල්ල පන්ති යං කියල කිව්වෙ. මං විස්තර මොකුත් අහන්නෙ නැතිිව හා යමං කිව්ව. මුල් දවසෙ පන්ති එකකින් වත් අය කළේ නෑ. පාට දෙකෙන් අච්චු ගහපු කොල මිටි ගණන් දුුන්නා. චරිත ගණන් පේල් නිසා එයා ණයට උසස් පෙළ කරන්නේ්. එයාට කරන්න පුලුවන් ආට් විතරනෙ. එයා ඇදන් යන පන්තිවලට ගිහින් මාත් වාඩි වෙලා ඉන්නව මිසක් මං මොන විෂයන් කරනවද කියලවත් හිතල තිබුණෙ නැහැ. ඒ උණාට චරිත ලේසි විෂයන් තෝරගන්න මට උපදෙස් දුන්න. එයා කිව්වෙ තුන්වෙනි පාර බැරි නම් හතරවෙනි පාර කරල හොරට හරි කැම්පස් යනව කියල. මං ගෙදර ඇවිත් මෙහෙම කිව්ව. ‘අම්මෙ, සදුද උසස් පෙළ පන්ති පටන් ගන්නව. ඊට පස්සෙ වැඩට යන්න වෙන්නෙ නැහැ.‘ ‘ඉතිං උදේ පන්ති ගිහින් එන්න බැරිය. පහට නෙව චූන් පාන් යන්නෙ.‘ ‘අපිට ඕන වෙලාවට පන්ති තියෙනවය. කොහොමත් ඉස්කෝලෙ පටන් ගත්තම පන්ති යන්න වෙන්නෙ හවසනෙ.‘ ‘ආ ඒකත් එහෙමද?‘ ‘ඊටත් ටවුමෙ ඉස්කොලෙට ගිහිං ඇවිත් හවස වැඩට ගියාම රෑට මහන්සියටම පාඩම් කරන්න ඇහැක?‘ මං එහෙම කිව්වෙ සීනි නැතිව තේ බොන්න බෑ කියනව වගේ බොහෙම සාමාන්‍ය ස්වරයෙන්. ටවුුමෙ ඉස්කෝලෙට යන එක ඇරෙන්න වෙනකිසිම විකල්පයක් නෑ කියල අගවන්න මම ඒකෙන් උත්සාහ කළා. අම්ම එවෙලෙ හිටියෙ පොඩි නංගිට බත් කව කව. මගේ කතාවට අම්ම මං දිහා බැලූවේ කොච්චර පුදුම වෙලා ද කිව්වොත් අම්මගෙ ඉලක්කෙ වැරදිලා බත් කට නංගිගේ කටේ වෙනුවට කනේ ගෑවුණා. ඇග දිගේ බත් හැලෙද්දි නංගි ගිරිය යටින්කෑ ගහල හිණා උණා. අම්ම වමතින් නංගිගෙ ඇගේ ඉදුල් පිහද පිහද මෙහෙම ඇහුවා. ‘මොකටෙයි අර ටවුටෙ ඉස්කොලෙට යන්නෙ. මෙහේ උසස් පෙළ නැතුවය?‘ ‘මම චිත්‍ර කරන්නයි ඉන්නෙ. මේ ඉස්කොලෙ චිත්රත නෑනෙ‘ ඒක මගේ තුන් හිතකවත් තිබිච්ච දෙයක් නෙවෙයි. පන්තියට ගිය වෙලාවෙ මගේ රිසල්ට් අහපු ටවුමෙ ඉස්කෝලෙ ළමයෙක් තමයි කිව්වේ ඒ ලෙවල් චිත්‍ර කරා නම් සෞන්දර්ය කැම්පස් යන්න තිබුණ කියල. ඒකට අඩු රිසල්ට්වලින් ගන්නවලු. මට ඉතින් කැම්පස් උණක් නැති හින්ද ගණන් ගත්තෙ නෑ. ඒ උණාට මට චිත්රවලට ඒ එකක් තිබීම ගැන එයා වර්ණනා කරපු හැටියට මට සතුටක් ඇති උණා. චිත්රවලට ඒ එන්නෙ කලාතුරකින්ලූ. මට ඒක මතක් වෙලා තමයි අම්මට නිකමට කිව්වෙ චිත්රම කරන්න ඕන කියල. ඒත් ගමේ ඉස්කෝලෙ ගුරුවරුන්ගෙ හිත රිද්දන්නෙත් නැතිව වෙන ඉස්කෝලෙකට යන්න ඒක හොඳ උපක්‍රමයක් නේද කියල මට කල්පනා උණේ පස්සෙ. එදා හවස චූන් පාන් විකුණන්න එන්නෙ අවසන් වතාවට කියල මං අසංකට කිව්වෙ නෑ. මගෙන් පස්සෙ අවුරුද්දක් විතර අංසකත් එක්ක චූං පාන් විකුණනන් ගියේ පිරිමි ළමයෙක්. ළමයා සල්ලි හංගගෙන අහු උණාලූ. දෙවනි වතාවටත් ගණන් පේල් වෙචිච නිසා උසස් පෙළ කරන්න බැරිව ගෙදරට වෙලා ඉඳපු චරිත තමයි ඊට පස්සෙ චූන් පාන් ජොබ් එකට සෙට් උණේ. චරිත ගණන් පේල් වෙච්ච එක ඇහුවම මට සෑහෙන්න දුක හිතුණෙ එයාගෙ තිබුණ කැම්පස් උණ මතක් වෙලයි. අලූත් ඉස්කෝලෙට ගිහින් උසස් පෙළ පටන් ගත්තු මුල් දවස්වල නිතර නිතර මතක් උණු අසංකගෙ අත් දඩු දෙක හින්ද පාඩම් කරන්න හිත එකලස් කරගන්න බැරි උණත්, හිටි ගමන්මහ රෑ හීනෙන් චූං පාන් සද්දෙඇහිල ඇහැඇරෙන්න ගත්තත් චිත්‍ර සර් කියපු කැම්පස් එකේ රසවත් විස්තර හින්ද පස්සෙ අසංක වෙනුවට කැම්පස් එක මැවෙන්න පටන් ගත්ත. අනිත් එක චිත්ර් සර්ගෙ තිබුණා අසංකට වඩා ලස්සන අත්. එයාගෙ අත් දඩුවල අසංකගෙ අත්වල වගේ නූල් හත් අට පොටක් වෙනුවට එක රත්තරං බේස්ලට් එකක් විතරක් තිබුණා. සමහර වෙලාවට මට අසංකගෙ අත් අමතක වෙලා චිත්ර් සර්ගෙ අත් මැවිල පේන්න පටන් ගත්තා. චූං පාං ත්‍රීවිල් එක වෙනුවට චිත්‍ර සර්රුයි මායි පේරාදෙණිය කැම්පස් එකේ ලව් කරන හැටි හීනෙන් පේනන පටන් ගත්තා. ඒත් අපි දහතුන වසරට ඇවිත් ටියුෂන්වල රිවිෂන් පටන් ගත්තම රෑ දෙක තුන වෙනකම් පාඩම් කළ නිසා ඉතුරු පැය ගාන ඔය එක අතක් වත් මතක් කරන්නෙ නැතිව නිදාගන්න මට පුළුවන් උණා. මං කැම්පස් ගිහිං පළවෙනි එක්සෑම් එක ඉවර වෙලා ගෙදර ආව- ඒ වෙනකොට මං සායවල් වෙනුවට කලිසං අදින්නයි පුස්තකාලෙ කියනව වෙනුවට ලයිබ්රි කියන්නයි පුරුදු වෙලා ඉදියා- ගෙට ගොඩ වෙච්ච වෙලාවෙ ඉඳන් අම්ම ගමේ විස්තර කියන්න පටන් ගත්ත. ලොකු නංගිට ළඟදි ඉදන් ජොබ් එකකට යනව කියල අම්ම කිව්ව. හන්දියෙ අලූතින් දාපු කොමියුනිකේෂන් එකේ වැඩට නංගිට යන්න චාන්ස් එකක් ලැබිල. ‘උඹත් විබාගෙ ප්‍රොතිපල එනකං චූං පාං තීවිල් එකේ වැඩට ගියානෙව. වරදක් උණාය. මං ඒ හන්ද යන්න කිව්ව.‘ ‘තවම චූං පාං යනවද අම්මෙ‘ ‘එකට දෙක තුනක් යන්නෙ. අනේ මට නං මතකවත් නෑ කීයක් යනවද? කොහෙං යනවද? කීීයටද යන්නෙ? කින්ද මන්ද කියල. පාං කන්න ඕන උණොත් තාත්ත එනකොට අරං එනව. අනේ මක්ටෙයි කොයිබිං ගත්තත් පාං නෙව.‘ ‘චූං පාං ත්‍රී.විල් එකේ තාම චරිත වැඩට යනවද?‘ ‘නෑ මගෙ හිතේ දැං ඒ ත්රීවිල්එක යන්නෙ. ඒගොල්ල බැදලනෙ දැං‘ ‘කවුද?‘ ‘අසංක ළමයයි අනිත් ගැවුලමයයි. මේ නංගි වැඩට යන්නෙ එයැයිල අලූතින් දාපු කඬේ තමයි. ‘ ‘අසංක කාවද බැන්දෙ?‘ ‘ඇයි උඹේ යාලූව නෙව. චරිත. උඹ උන්නෙ නෑ නොව. මමත් මංගල්ලෙට ගියා. වැඩි ඔපේට ගත්තෙ නෑ. ඒකි කියනවනෙ ඔය සුකුරුත්තං වැඩක් නැහැයි කියල. ඒකි හරියට දුක් උණා උඹ නැති එකට. ඒත් ඉතිං උඹට විභාගෙය කිව්ව හින්ද කෝල් කරේ නැත්තෙ මං හිතේ. උඹේ වෙනුව නංගිටයි මටයි එන්න කිව්වෙ.‘ එතකොට නංගි ලේ්ස්ති වෙලා එළියට ආව. එයා ඇඳල හිටියෙ රෝස පාට කලිසමකුයි කලූපාට බ්ලවුස් එකකකුයිි. මං ඇහුව කොමිනිකේෂන් එකේ ඉන්නෙ කවුද කින්ද මන්ද කියල. ‘අසංක අයියලගෙ මල්ලි ඇවිත් ඉන්නවනෙ අනුරාධපුරේ ඉදන්. අසංකයිය වගේම තඩියෙක් තමයි. රස්තියාදුකාරයෙක් වගේ අතේ නූල් හත් අට පොටක් බැඳලා. ඒ උණාට හරි හොඳයි. පණ්ඩිතකම තමයි ඉවසන්න බැරි. මිනිස්සු ඉන්න තැන්වලත් මට ගණන් හිලවු බේරන හැටි කියනවා. ඒ උණාට එයැයිට කලිං මං ගණන් හදලත් ඉවරයි.‘ නංගි පවුඩර් ටිකක් නැහැමින් හැට්ටෙ අස්සට හලා ගන්න ගමන් කිව්වා. ‘අන්න නංගි මගේ හැන්ඞ් බෑග් එකේ සෙන්ට් බෝතලයක් ඇති. එයින් ටිකක් ගහගෙන යන්න.‘ මං කිව්වා.[/SIZE] [COLOR="Blue"][SIZE="5"]Mudalinda Janappriya විසින් ලියූවකි.ඉස්සුවේ බුකියේ දැමූ පබ්ලික් පෝස්ටුවකිනි.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]හොඳයි වටිනවා කියලා හිතුනනම් සලකලා යන්න අමතක කරන්න එපා. +++[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom