Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චෙස්ටර් නගරයට සමු දීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චෙස්ටර් නගරයට සමු දීම (Goodbye Chester)

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේම එංගලන්තයට පය තිබ්බෙ අවධානම් කිහිපයක්ම ඔලුවෙ තියාගෙන. කාත් කවුරුවත් නැති, නොදන්නා රටේ කොතනින් කොහොම වරදියිද දන්නෙ නැති නිසා පුළුවන් උපරිමයෙන් වෙබ්සයිට් බලලා දැනුවත් වෙලා, පරිස්සම් වුන එක තමයි කලේ. අපි දෙන්නා ගත්ත තීරණයට උපරිම සාධාරණයක් කරමින්, එංගලන්තයේ පළවෙනි මාස හය අපේ ජීවිතේට අමුතුම අත්දැකීම් ටිකක් එකතු කලා.

චෙස්ටර් කියන්නෙ සංචාරක පාරාදීසියක්. ලංකාවෙ ඒ හා සමාන සංචාරක නගරයක් හිතින් මවාගන්න නම්, හග්ගල මල්වත්තේ තියන සිරියාවයි, උදේට හාවා එලියෙ තියන මීදුමයි, හවසට ගෝල් ෆේස් එකේ (ඉස්සර) ඉර බැහැගෙන යනකොට තියන ලස්සනයි, ගාලු කොටුවෙ තේජසයි, නුවර දළදා වීදියේ රැජින හෝටලේ ලඟ තියන අලංකාරයයි, පොලොන්නරුව නිශ්ශංකලතා මන්ඩපය සහ ඒ අවට තියන පුරාණ නටඹුන් වල විභූතියයි සේරම එකම නගරයක තියනවා කියලා හිතින් මවාගන්න ඕන. ඒ තරම් සංචාරක නැරඹුම් ස්ථාන තියන, එංගලන්තයේ තියන සංචාරක පුරවරයකට තමයි අපි දන්නෙම නැතිව අඩිය තියලා තිබුනෙ. හිටපු මාස හයේ එලියට බහින හැම දවසකම phone එක එලියට අරං photo එකක් ගහන්න හිතෙන ලස්සනක් ඒ නගරයේ තියනවා. ඒ වගේමයි සංචාරක නැරඹුම් ස්ථාන 30කට ආසන්න ගණනක් තියනවා. අපිට මාස හයට බලලා ඉවර කරන්න බැරිව ඉතිරි වුනේ අතේ ඇඟිලි ගානට වුන තැන් ටිකක් මම හිතන්නෙ.

චෙස්ටර් කියන්නෙ ආදි රෝමන් භාෂාවෙන් බලකොටුව හෝ තාප්පයකින් වටවුන ආරක්ෂිත මරමස්ථානය කියන අදහස. පුරාතනයේ රෝමන් වරුන් විසින් එංගලන්තය ආක්රමනය කරන කල්හි පිහිටවපු බොහොම සැලසුම් සහගත නගරයක් මේක. "චෙස්ටර්" කියන උපසර්ගය අගට එන නගර 23ක් එංගලන්තය පුරාම විසිරිලා තියනවා. මැන්චෙස්ටර්, චිචෙස්ටර්, රොචෙස්ටර් ඒ අතරින් බොහොම ප්‍රසිද්ධ නගර. cester, caster, xeter යන උපසර්ග පද වලින් අවසන් වෙන නගර නාම වලිනුත් හැඟවෙන්නේ මේ අදහසමයි කියලා කියනවා. රෝමන් වරු එංගලන්තය ආක්‍රමණය කිරීමෙන් පසු පිහිටුවා ගත් රාජ්‍යයට එල්ලවන ආක්‍රමණ මැඩ පැවැත්වීමට පිහිටවපු මේ නගර යුධමය වශයෙන් මෙන්ම සියළුම අංග වලින් සමන්විත නගර බවට පත් කරන්න ඒ කාලයේ ඉඳලම උනන්දු වෙලා තියනවා.

චෙස්ටර් නගරයේ විශේෂත්වය වඩාත් හොඳින් මේ රෝමන් ඉදිකිරීම් සංරක්ෂණය වුන (කල) නගර අතරින් එකක් වීම. නගරය වටේටම ආරක්ෂාවට තාප්පයක් බැඳලා තියෙන්නෙ. ඒ වගේම නගරය මධ්‍යයෙන් හරි මැදින් වෙන්වෙන්න තවත් තාප්පයක් බැඳලා තියනවා. මේ හැම තාප්පයක් උඩම මීටරයක් විතර පළල තියන අඩිපාරක් තියනවා. තාප්ප උඩින්ම නගරය වටා සහ ඒ හරහා ඇවිදින්න පුළුවන්. ඊට අමතරව මේ නගරයේ විදිමත් උමං මාර්ග පද්ධතියකුත් තියනවා. ඒවා සංචාරකයන්ට ඇතුල් වෙලා නරඹන්න පුළුවන්. නගරය මධ්‍යයෙන් තාප්පයක් ඉදිකරලා තියෙන්නෙ හදිසි ආක්‍රමණයකින් නගරයේ එක් පැත්තකට සතුරන් ඇතුල් වුනොත්, නගරයේ අනෙක් පසට පසු බහින්න පුළුවන් වෙන්න කියලයි පුවරු වල විස්තර කරලා තියෙන්නෙ.

චෙස්ටර් කියන මේ රෝමන් බලකොටු නගරය පිහිටලා තියෙන්නෙ එංගලන්තයේ වයඹ පලාතේ (North West) තියන චෙෂයර් (Cheshire) කියන ප්‍රාන්තයේ (county). ඩී ගඟ (river Dee) අසබඩ පිහිටුවලා තියන මේ නගරයේ වටේටම දිය අගලක් විදියට ඩී ගඟේ දිගුවක් ඉදි කරලා තියනවා. එතකොට තාප්පයට පිටින් ගඟ තියන නිසා ආරක්ෂාව තවත් තහවුරු වෙනවා.

උද්‍යාන 8ක් මේ නගරය තුල සහ අවට ඉදි කරලා තියනවා. මේ වෙනකොටත් ඒ උද්‍යාන ඒ අයුරින්ම නඩත්තු වෙනවා කවුරුවත් අනවසර ඉදිකිරීම් ඉදි කරලා නැහැ.  පෞරාණික නටඹුන්, පෞරාණික ගොඩනැගිලි, එංගලන්තයේ පැරණිම තුරඟ තරඟ පිටිය, එංගලන්තයේ විශාලම සත්වෝද්‍යානය, ඔරු, පාරු, නැව් චාරිකා ඇති අලංකාර ඩී ගඟ, කළු සුදු ගොඩනැගිලි බලන්න එංගලන්තේ ඉන්න අයත් චෙස්ටර් වලට එනවලු. මේක කොවිඩ් වසංගත තත්වය එන්න කලින් සංචාරක තෝතැන්නක් කියලා කියනවා.

චෙෂයර් කියන්නෙ එංගලන්තයේ posh culture එකක් තියන ප්‍රාන්තයක් කියලා තමයි කියන්නෙ. මොකද ජාත්‍යන්තර කරනයට හසු නොවුන ප්‍රාන්ත කිහිපය අතරින් එකක් නිසා. ආසියානු සහ මුස්ලිම් සංක්‍රමණිකයන් බොහොම අතලොස්සක් තමා මේ නගරයේ ඉන්නෙ. ඉතින් මේ නගරයෙට එන කෙනෙකුට ඉංග්‍රීසි සංස්කෘතිය (English culture) උපරිමයෙන් අත්විඳින්න පුළුවන්. ඉංග්‍රීසි සංස්කෘතිය මොකක්ද කියනවා නම්, ඔවුන් බොහොම ඉවසිලිවන්තයි, අනෙකාට ගරු කරනවා, හැම විටම ස්තූතියි, සමාවන්න කියන වචන කියනවා අපිට දරාගන්න බැරි තරම්. අවුරුදු 80 පැනපු අය ගොඩක් ඉන්නවා. විදුලි රෝදපුටු වලින් යන්න පුළුවන් විදියට මුළු නගරයම ගොඩ නැගිලා තියනවා. බස් එකට, සුපර් මාකට එකට, කොටින්ම චෙස්ටර් තාප්පෙටත් යන්න පුළුවන් රෝද පුටුවෙන්ම. මට මේ වයසක උන්දැලා අපිට කතා කරන්නෙ "සර්" කියලා. ඒක නම් මේ පලාතෙ විතරයි දකින්න පුළුවන් කියලත් කියනවා.

ටෙස්කෝ සුපර්, ලිඩ්ල්, අල්ඩි, අස්ඩා, අයිස්ලන්ඩ්, ටෙස්කෝ එක්ස්ප්‍රස් වගේ අඩු මිල සුපර් මාකට් දාම වල ශාකා දෙක ගානෙ වගේ තියනවා චෙස්ටර් නගරයේ. හැබැයි මොරිසන්ස්, සෑන්ස්බරි, වෙයිට්රෝස් වගේ වැඩි මිල සුපර් මාකට් වලටත් මිනිස්සු අඩුවක් නැතිව යනවා. මාරුවෙන් මාරුවට මේවයෙන් බඩු අරගෙන, අපි දෙන්නා තීරණය කලේ අඩුම මිලට හොඳම බඩු තියෙන්නෙ Tesco Superstore එකේ සහ Aldi එකේ කියලයි.

ඉතින් මේ ආසියානුවොත් බොහොම අඩු නගරයේ ලංකාවෙ සිංහල කෙනෙක් හම්බෙන එක අහම්බයක්. ඒ හම්බුනත් සිංහල කියලා හිතෙන්නෙ නෑ. ඉන්දියන් කෙනෙක් වෙන්න ඇති කියලා මූණ වත් බලන්නෙ නැතුව යනවා ගොඩක් වෙලාවට. ඔය අතරේ අපි දෙන්නා යනවා ටෙස්කෝ සුපර්ස්ටෝ එකකට බඩු ගන්න. (අපිට පයින් යන දුරින් ටෙස්කෝ සුපර් දෙකක්ම තිබුනා.) ටෙස්කෝ කියන්නෙ අඩු මිලට තියන සුපර් මාකට් දාම කිහිපය අතරින් එකක් වුනත්, පිරිසිදු බව, පිළිවෙල අතින් නම් කිසිම අඩුවක් නැහැ. කොටින්ම ලංකාවෙ එච්චර පිරිසිදු, පිළිවෙල එකක් දැකලා වත් නැහැ. (අපි ඩොටේ වුනාට, ඔය කොළඹ අලුතෙන් දාපු ස්පාර් එකටත් ගිහිං තියනවා ඈ. නැත්තං හිතයි කීල්ස් එක ගැන මේ කියන්නෙ කියලා.) මේ සුපර් මාකට් වල බඩු ගන්නකොට අපිටම බඩු ස්කෑන් කරලා බිල හදාගෙන, කාඩ් එකෙන් සල්ලි ගෙවලා එන්න පුළුවන් නිසා කොරෝනා අවධානම බොහොම අඩුයි. හැබැයි මුල්ම දවස් වල අපිට ලංකාවෙ කාඩ් එකෙන් ගෙවනකොට අමතර ගානක් කැපෙන නිසා, රුපියල් වලින් පවුම් වලට මාරු කරගෙන ආපු සල්ලි වලින් ගෙවන්න අපි කැෂියර් එක ලඟට ගියා. ලංකාවෙදි කාසි පාවිච්චි කරලා පුරුද්දකුත් නෑ නෙ අපිට හරියට, බිල් එක පවුම් 22ක් වැටුනා. මම පර්ස් එකෙන් විස්සෙ කොලේකුයි, පනහෙ කොලේකුයි ඇදලා ගන්නකොට අපේ නෝනා කියනවා "සාක්කුවෙ දෙකේ කාසියක් දාගෙන ආවා නේද?" කියලා. එතකොට කැෂියර් එකේ ඉන්න අවුරුදු 40ක 50ක විතර ඉන්දියන් නහයක් තියන මනුස්සයෙක් මට කියනවා, "එහෙනම් මට ලේසියි, ඕගොල්ලො ශ්‍රී ලංකාවෙන්ද?" කියලා. අපි ඔව් කියලා ඒ මහත්තයා එක්ක එකිනෙකා හඳුනාගත්තා. ඒ මහත්තයා චෙස්ටර් විශ්ව විද්‍යාලෙ පශ්චාත් උපාධියකුත් කරපු බොහොම තැන්පත්, ආචාරශීලී කෙනෙක්. ටෙස්කො එකෙත් ඒ දවස් වල කොවිඩ් 19 තත්වය නිසා සේවකයන් අඩු ගානක් සේවයේ යොදවන නිසා මේ මැනේජර් මහත්තයා කැෂියර් වැඩෙත් කරනවා.

සරත් මහත්මයා සහ නෝනා අවුරුදු 15කට විතර කලින් තමයි එංගලන්තයට ඇවිත් තියෙන්නෙ දරුවන් දෙන්නත් එක්ක. ඒ ඇවිත් චෙස්ටර් වල තමා ස්ථීරව පදිංචි වෙලා ඉන්නෙ. නෝනා ජාතික සෞඛ්‍ය සේවාවෙ නර්ස් කෙනෙක්. ඉතිං මේ දෙන්නා දැන හඳුනගත්තම එයාලා අපිට නත්තල් නිවාඩුවට එයාලගෙ ගෙදර එන්න කිව්වා. අපිට අරං යන්න දේකුත් නැහැ. සල්ලිත් තවම නැහැ. ටෙස්කො එකේ වැඩ කරන කෙනෙකුට ටෙස්කො එකෙන් තෑගි අරං ගිහිල්ලා වැඩකුත් නැහැ. අනිත් gift shops ඇරලා තිබුනෙත් නැහැ. ලංකාවෙන් ගෙනාපුවත් මාස දෙක වෙනකොට සේරම වගේ ඉවර වෙලා. ඉතිං තියන විදියට මොනා හරි ඔතාගෙන ගියා අපිත්. ගියා කිව්වට, සරත් මහත්තයා ගෙදරටම ඇවිත් එක්ක ගියා. එදා උදේ ඉඳලා රෑ 11 විතර වෙනකල් අපි දොඩමළු වුනා. අපිට ඉංග්‍රීසි විදියට නත්තල් කෑම මේසෙයක් පිළියෙල කරලා, කෑමෙන් පස්සෙ cheese table එක පිළියෙල කරලා හැම දෙයක්ම විස්තර ඇතිව කියලා දුන්නා. එදා විශේෂත්වය තමයි සරත් මහත්තයාගෙ ළමයි දෙන්නා තමා සම්පූර්ණ කෑම මේසෙ පිළියෙල කලේ. ඒ දෙන්නම පිරිමි ළමයි වුනත්, උයන්න බොහොම දක්ෂයි, මස් මාළු වර්ග විතරක් 8ක් විතර පිළියෙල කරලා තිබුනා. ඒ හැම එකක් ගැනම අපිට කියලා දුන්නා. ප්‍රියා නෝනා, අපේ නෝනා වගේම බොහොම දොඩමළු කෙනෙක්. ඉතිං අපේ නෝනට හොඳට හිතට අල්ලනවා. ඉවරයක් නැතිව හිනා වෙවී කියවලා කියවලා මහන්සි නිසා රෑ වෙලා චිත්‍රපටියක් බැලුවා. ඒක තේරුවෙත් ප්‍රියා නෝනාමයි. එයා ඒ කාලෙ ආස එකක් කියලා තේරුවේ. බලද්දි අපි දෙන්නා ඉපදුන අවුරුද්දෙ ඉංග්‍රීසි චිත්‍රපටියක්. කතාව නම් බොහොම ලස්සනයි. එදා අපිට කන්නත් දීලා, අපිටම නත්තල් තෑගිත් ගොඩක් දීලා, Tesco එකෙන් gift කාඩ් එකකුත් දීලා තමයි ආපහු ගෙනත් දැම්මෙ.

රට යන කෙනෙක් තව කෙනෙක් යනවට කැමති නෑ, උදව් කරන්නෙ නෑ කියලා මතයක් තිබ්බට, එහෙම එකක් නෑ. එංගලන්තෙ අපිට හම්බුන හැම කෙනෙක්ම වචනයෙන් කියන්න බැරි තරම් ත්‍යාගශීලී, පොළවෙ පය ගහලා ඉන්න මිනිස්සු. තව කෙනෙක් මත යැපෙන්නෙ නැතිව, තමන්ගේ උනන්දුව, කැපවීම තියනවා නම්, හැම කෙනෙක්ම තමන්ගේ පෞද්ගලික කාලය පවා කැප කරලා උදව් කරන්න කැමතියි කියන එක දැක්කා. මොකද චෙස්ටර් වල නැතත් දුරින් ඉන්න අය ගොඩක් මහන්සි වෙලා අපිට උදව් කරන්න උත්සහ කලා. ලන්ඩන් වල ඉන්න එක පන්තියේ හිටපු යාළුවෙක් සහ එයාගෙ මහත්තයා නිතර හොයලා බැලුවා සහ උපදෙස් දුන්නා එයාලගෙ අත්දැකීම් එක්ක. Exeter වල ස්ථීර පදිංචිව ඉන්න නම වත් නොදැන හිටපු අයියා කෙනෙක් නිතර කෝල් කරලා උපදෙස් දුන්නා ගොඩක් දේවල් වලට. තවත් වචනෙන් හරි උදව් කරපු කීප දෙනෙක්ම හම්බුනා සමාජ මාධ්‍ය වලින්ම.

හැමෝගෙම උපදෙස් සහ අපි දෙන්නගෙ ධෛර්යය, කැපවීම එක්ක කොරන්ටයින්, ලොක්ඩවුන්, කර්ෆිව් ඇතුළු එකී මෙකී නොකී බාධක සේරම පහු කරලා අපි මාස හයේ සංධිස්ථානයට ආවා. මාස 6න් ගෙදර කුලී ගිවිසුම ඉවර කරලා, මැන්චෙස්ටර් වලට එන්න තීරණය කලා. ඒ කතාව වෙනම කියන්නම්. මැන්චෙස්ටර් වල ගෙවපු දවස් කීපයෙන් හිතුනා, චෙස්ටර් වලට අපි මුලින්ම ආපු එක කොච්චර දෙයක්ද කියලා. එංගලන්තෙට අධ්‍යාපනයට එන කෙනෙකුට ඉහලින්ම නිර්දේශ කරනවා චෙස්ටර් විශ්ව විද්‍යාලෙට යන්න කියලා.

PS : පින්තූර දාන්නේ නැහැ මේකේ ඉන්න එක එකා ඇද කියන නිසා.

PPS : එංගලන්තෙට එන්න එපා කියලා තර්ක කරන අයට අද නම් reply කරන්නේ නැහැ.

[QUOTE="ජොසී, post: 26277893, member: 510387"] චෙස්ටර් නගරයට සමු දීම (Goodbye Chester) කොවිඩ් 19 වසංගත තත්වය හමුවේම එංගලන්තයට පය තිබ්බෙ අවධානම් කිහිපයක්ම ඔලුවෙ තියාගෙන. කාත් කවුරුවත් නැති, නොදන්නා රටේ කොතනින් කොහොම වරදියිද දන්නෙ නැති නිසා පුළුවන් උපරිමයෙන් වෙබ්සයිට් බලලා දැනුවත් වෙලා, පරිස්සම් වුන එක තමයි කලේ. අපි දෙන්නා ගත්ත තීරණයට උපරිම සාධාරණයක් කරමින්, එංගලන්තයේ පළවෙනි මාස හය අපේ ජීවිතේට අමුතුම අත්දැකීම් ටිකක් එකතු කලා. චෙස්ටර් කියන්නෙ සංචාරක පාරාදීසියක්. ලංකාවෙ ඒ හා සමාන සංචාරක නගරයක් හිතින් මවාගන්න නම්, හග්ගල මල්වත්තේ තියන සිරියාවයි, උදේට හාවා එලියෙ තියන මීදුමයි, හවසට ගෝල් ෆේස් එකේ (ඉස්සර) ඉර බැහැගෙන යනකොට තියන ලස්සනයි, ගාලු කොටුවෙ තේජසයි, නුවර දළදා වීදියේ රැජින හෝටලේ ලඟ තියන අලංකාරයයි, පොලොන්නරුව නිශ්ශංකලතා මන්ඩපය සහ ඒ අවට තියන පුරාණ නටඹුන් වල විභූතියයි සේරම එකම නගරයක තියනවා කියලා හිතින් මවාගන්න ඕන. ඒ තරම් සංචාරක නැරඹුම් ස්ථාන තියන, එංගලන්තයේ තියන සංචාරක පුරවරයකට තමයි අපි දන්නෙම නැතිව අඩිය තියලා තිබුනෙ. හිටපු මාස හයේ එලියට බහින හැම දවසකම phone එක එලියට අරං photo එකක් ගහන්න හිතෙන ලස්සනක් ඒ නගරයේ තියනවා. ඒ වගේමයි සංචාරක නැරඹුම් ස්ථාන 30කට ආසන්න ගණනක් තියනවා. අපිට මාස හයට බලලා ඉවර කරන්න බැරිව ඉතිරි වුනේ අතේ ඇඟිලි ගානට වුන තැන් ටිකක් මම හිතන්නෙ. චෙස්ටර් කියන්නෙ ආදි රෝමන් භාෂාවෙන් බලකොටුව හෝ තාප්පයකින් වටවුන ආරක්ෂිත මරමස්ථානය කියන අදහස. පුරාතනයේ රෝමන් වරුන් විසින් එංගලන්තය ආක්රමනය කරන කල්හි පිහිටවපු බොහොම සැලසුම් සහගත නගරයක් මේක. "චෙස්ටර්" කියන උපසර්ගය අගට එන නගර 23ක් එංගලන්තය පුරාම විසිරිලා තියනවා. මැන්චෙස්ටර්, චිචෙස්ටර්, රොචෙස්ටර් ඒ අතරින් බොහොම ප්‍රසිද්ධ නගර. cester, caster, xeter යන උපසර්ග පද වලින් අවසන් වෙන නගර නාම වලිනුත් හැඟවෙන්නේ මේ අදහසමයි කියලා කියනවා. රෝමන් වරු එංගලන්තය ආක්‍රමණය කිරීමෙන් පසු පිහිටුවා ගත් රාජ්‍යයට එල්ලවන ආක්‍රමණ මැඩ පැවැත්වීමට පිහිටවපු මේ නගර යුධමය වශයෙන් මෙන්ම සියළුම අංග වලින් සමන්විත නගර බවට පත් කරන්න ඒ කාලයේ ඉඳලම උනන්දු වෙලා තියනවා. චෙස්ටර් නගරයේ විශේෂත්වය වඩාත් හොඳින් මේ රෝමන් ඉදිකිරීම් සංරක්ෂණය වුන (කල) නගර අතරින් එකක් වීම. නගරය වටේටම ආරක්ෂාවට තාප්පයක් බැඳලා තියෙන්නෙ. ඒ වගේම නගරය මධ්‍යයෙන් හරි මැදින් වෙන්වෙන්න තවත් තාප්පයක් බැඳලා තියනවා. මේ හැම තාප්පයක් උඩම මීටරයක් විතර පළල තියන අඩිපාරක් තියනවා. තාප්ප උඩින්ම නගරය වටා සහ ඒ හරහා ඇවිදින්න පුළුවන්. ඊට අමතරව මේ නගරයේ විදිමත් උමං මාර්ග පද්ධතියකුත් තියනවා. ඒවා සංචාරකයන්ට ඇතුල් වෙලා නරඹන්න පුළුවන්. නගරය මධ්‍යයෙන් තාප්පයක් ඉදිකරලා තියෙන්නෙ හදිසි ආක්‍රමණයකින් නගරයේ එක් පැත්තකට සතුරන් ඇතුල් වුනොත්, නගරයේ අනෙක් පසට පසු බහින්න පුළුවන් වෙන්න කියලයි පුවරු වල විස්තර කරලා තියෙන්නෙ. චෙස්ටර් කියන මේ රෝමන් බලකොටු නගරය පිහිටලා තියෙන්නෙ එංගලන්තයේ වයඹ පලාතේ (North West) තියන චෙෂයර් (Cheshire) කියන ප්‍රාන්තයේ (county). ඩී ගඟ (river Dee) අසබඩ පිහිටුවලා තියන මේ නගරයේ වටේටම දිය අගලක් විදියට ඩී ගඟේ දිගුවක් ඉදි කරලා තියනවා. එතකොට තාප්පයට පිටින් ගඟ තියන නිසා ආරක්ෂාව තවත් තහවුරු වෙනවා. උද්‍යාන 8ක් මේ නගරය තුල සහ අවට ඉදි කරලා තියනවා. මේ වෙනකොටත් ඒ උද්‍යාන ඒ අයුරින්ම නඩත්තු වෙනවා කවුරුවත් අනවසර ඉදිකිරීම් ඉදි කරලා නැහැ. 😊 පෞරාණික නටඹුන්, පෞරාණික ගොඩනැගිලි, එංගලන්තයේ පැරණිම තුරඟ තරඟ පිටිය, එංගලන්තයේ විශාලම සත්වෝද්‍යානය, ඔරු, පාරු, නැව් චාරිකා ඇති අලංකාර ඩී ගඟ, කළු සුදු ගොඩනැගිලි බලන්න එංගලන්තේ ඉන්න අයත් චෙස්ටර් වලට එනවලු. මේක කොවිඩ් වසංගත තත්වය එන්න කලින් සංචාරක තෝතැන්නක් කියලා කියනවා. චෙෂයර් කියන්නෙ එංගලන්තයේ posh culture එකක් තියන ප්‍රාන්තයක් කියලා තමයි කියන්නෙ. මොකද ජාත්‍යන්තර කරනයට හසු නොවුන ප්‍රාන්ත කිහිපය අතරින් එකක් නිසා. ආසියානු සහ මුස්ලිම් සංක්‍රමණිකයන් බොහොම අතලොස්සක් තමා මේ නගරයේ ඉන්නෙ. ඉතින් මේ නගරයෙට එන කෙනෙකුට ඉංග්‍රීසි සංස්කෘතිය (English culture) උපරිමයෙන් අත්විඳින්න පුළුවන්. ඉංග්‍රීසි සංස්කෘතිය මොකක්ද කියනවා නම්, ඔවුන් බොහොම ඉවසිලිවන්තයි, අනෙකාට ගරු කරනවා, හැම විටම ස්තූතියි, සමාවන්න කියන වචන කියනවා අපිට දරාගන්න බැරි තරම්. අවුරුදු 80 පැනපු අය ගොඩක් ඉන්නවා. විදුලි රෝදපුටු වලින් යන්න පුළුවන් විදියට මුළු නගරයම ගොඩ නැගිලා තියනවා. බස් එකට, සුපර් මාකට එකට, කොටින්ම චෙස්ටර් තාප්පෙටත් යන්න පුළුවන් රෝද පුටුවෙන්ම. මට මේ වයසක උන්දැලා අපිට කතා කරන්නෙ "සර්" කියලා. ඒක නම් මේ පලාතෙ විතරයි දකින්න පුළුවන් කියලත් කියනවා. ටෙස්කෝ සුපර්, ලිඩ්ල්, අල්ඩි, අස්ඩා, අයිස්ලන්ඩ්, ටෙස්කෝ එක්ස්ප්‍රස් වගේ අඩු මිල සුපර් මාකට් දාම වල ශාකා දෙක ගානෙ වගේ තියනවා චෙස්ටර් නගරයේ. හැබැයි මොරිසන්ස්, සෑන්ස්බරි, වෙයිට්රෝස් වගේ වැඩි මිල සුපර් මාකට් වලටත් මිනිස්සු අඩුවක් නැතිව යනවා. මාරුවෙන් මාරුවට මේවයෙන් බඩු අරගෙන, අපි දෙන්නා තීරණය කලේ අඩුම මිලට හොඳම බඩු තියෙන්නෙ Tesco Superstore එකේ සහ Aldi එකේ කියලයි. ඉතින් මේ ආසියානුවොත් බොහොම අඩු නගරයේ ලංකාවෙ සිංහල කෙනෙක් හම්බෙන එක අහම්බයක්. ඒ හම්බුනත් සිංහල කියලා හිතෙන්නෙ නෑ. ඉන්දියන් කෙනෙක් වෙන්න ඇති කියලා මූණ වත් බලන්නෙ නැතුව යනවා ගොඩක් වෙලාවට. ඔය අතරේ අපි දෙන්නා යනවා ටෙස්කෝ සුපර්ස්ටෝ එකකට බඩු ගන්න. (අපිට පයින් යන දුරින් ටෙස්කෝ සුපර් දෙකක්ම තිබුනා.) ටෙස්කෝ කියන්නෙ අඩු මිලට තියන සුපර් මාකට් දාම කිහිපය අතරින් එකක් වුනත්, පිරිසිදු බව, පිළිවෙල අතින් නම් කිසිම අඩුවක් නැහැ. කොටින්ම ලංකාවෙ එච්චර පිරිසිදු, පිළිවෙල එකක් දැකලා වත් නැහැ. (අපි ඩොටේ වුනාට, ඔය කොළඹ අලුතෙන් දාපු ස්පාර් එකටත් ගිහිං තියනවා ඈ. නැත්තං හිතයි කීල්ස් එක ගැන මේ කියන්නෙ කියලා.) මේ සුපර් මාකට් වල බඩු ගන්නකොට අපිටම බඩු ස්කෑන් කරලා බිල හදාගෙන, කාඩ් එකෙන් සල්ලි ගෙවලා එන්න පුළුවන් නිසා කොරෝනා අවධානම බොහොම අඩුයි. හැබැයි මුල්ම දවස් වල අපිට ලංකාවෙ කාඩ් එකෙන් ගෙවනකොට අමතර ගානක් කැපෙන නිසා, රුපියල් වලින් පවුම් වලට මාරු කරගෙන ආපු සල්ලි වලින් ගෙවන්න අපි කැෂියර් එක ලඟට ගියා. ලංකාවෙදි කාසි පාවිච්චි කරලා පුරුද්දකුත් නෑ නෙ අපිට හරියට, බිල් එක පවුම් 22ක් වැටුනා. මම පර්ස් එකෙන් විස්සෙ කොලේකුයි, පනහෙ කොලේකුයි ඇදලා ගන්නකොට අපේ නෝනා කියනවා "සාක්කුවෙ දෙකේ කාසියක් දාගෙන ආවා නේද?" කියලා. එතකොට කැෂියර් එකේ ඉන්න අවුරුදු 40ක 50ක විතර ඉන්දියන් නහයක් තියන මනුස්සයෙක් මට කියනවා, "එහෙනම් මට ලේසියි, ඕගොල්ලො ශ්‍රී ලංකාවෙන්ද?" කියලා. අපි ඔව් කියලා ඒ මහත්තයා එක්ක එකිනෙකා හඳුනාගත්තා. ඒ මහත්තයා චෙස්ටර් විශ්ව විද්‍යාලෙ පශ්චාත් උපාධියකුත් කරපු බොහොම තැන්පත්, ආචාරශීලී කෙනෙක්. ටෙස්කො එකෙත් ඒ දවස් වල කොවිඩ් 19 තත්වය නිසා සේවකයන් අඩු ගානක් සේවයේ යොදවන නිසා මේ මැනේජර් මහත්තයා කැෂියර් වැඩෙත් කරනවා. සරත් මහත්මයා සහ නෝනා අවුරුදු 15කට විතර කලින් තමයි එංගලන්තයට ඇවිත් තියෙන්නෙ දරුවන් දෙන්නත් එක්ක. ඒ ඇවිත් චෙස්ටර් වල තමා ස්ථීරව පදිංචි වෙලා ඉන්නෙ. නෝනා ජාතික සෞඛ්‍ය සේවාවෙ නර්ස් කෙනෙක්. ඉතිං මේ දෙන්නා දැන හඳුනගත්තම එයාලා අපිට නත්තල් නිවාඩුවට එයාලගෙ ගෙදර එන්න කිව්වා. අපිට අරං යන්න දේකුත් නැහැ. සල්ලිත් තවම නැහැ. ටෙස්කො එකේ වැඩ කරන කෙනෙකුට ටෙස්කො එකෙන් තෑගි අරං ගිහිල්ලා වැඩකුත් නැහැ. අනිත් gift shops ඇරලා තිබුනෙත් නැහැ. ලංකාවෙන් ගෙනාපුවත් මාස දෙක වෙනකොට සේරම වගේ ඉවර වෙලා. ඉතිං තියන විදියට මොනා හරි ඔතාගෙන ගියා අපිත්. ගියා කිව්වට, සරත් මහත්තයා ගෙදරටම ඇවිත් එක්ක ගියා. එදා උදේ ඉඳලා රෑ 11 විතර වෙනකල් අපි දොඩමළු වුනා. අපිට ඉංග්‍රීසි විදියට නත්තල් කෑම මේසෙයක් පිළියෙල කරලා, කෑමෙන් පස්සෙ cheese table එක පිළියෙල කරලා හැම දෙයක්ම විස්තර ඇතිව කියලා දුන්නා. එදා විශේෂත්වය තමයි සරත් මහත්තයාගෙ ළමයි දෙන්නා තමා සම්පූර්ණ කෑම මේසෙ පිළියෙල කලේ. ඒ දෙන්නම පිරිමි ළමයි වුනත්, උයන්න බොහොම දක්ෂයි, මස් මාළු වර්ග විතරක් 8ක් විතර පිළියෙල කරලා තිබුනා. ඒ හැම එකක් ගැනම අපිට කියලා දුන්නා. ප්‍රියා නෝනා, අපේ නෝනා වගේම බොහොම දොඩමළු කෙනෙක්. ඉතිං අපේ නෝනට හොඳට හිතට අල්ලනවා. ඉවරයක් නැතිව හිනා වෙවී කියවලා කියවලා මහන්සි නිසා රෑ වෙලා චිත්‍රපටියක් බැලුවා. ඒක තේරුවෙත් ප්‍රියා නෝනාමයි. එයා ඒ කාලෙ ආස එකක් කියලා තේරුවේ. බලද්දි අපි දෙන්නා ඉපදුන අවුරුද්දෙ ඉංග්‍රීසි චිත්‍රපටියක්. කතාව නම් බොහොම ලස්සනයි. එදා අපිට කන්නත් දීලා, අපිටම නත්තල් තෑගිත් ගොඩක් දීලා, Tesco එකෙන් gift කාඩ් එකකුත් දීලා තමයි ආපහු ගෙනත් දැම්මෙ. රට යන කෙනෙක් තව කෙනෙක් යනවට කැමති නෑ, උදව් කරන්නෙ නෑ කියලා මතයක් තිබ්බට, එහෙම එකක් නෑ. එංගලන්තෙ අපිට හම්බුන හැම කෙනෙක්ම වචනයෙන් කියන්න බැරි තරම් ත්‍යාගශීලී, පොළවෙ පය ගහලා ඉන්න මිනිස්සු. තව කෙනෙක් මත යැපෙන්නෙ නැතිව, තමන්ගේ උනන්දුව, කැපවීම තියනවා නම්, හැම කෙනෙක්ම තමන්ගේ පෞද්ගලික කාලය පවා කැප කරලා උදව් කරන්න කැමතියි කියන එක දැක්කා. මොකද චෙස්ටර් වල නැතත් දුරින් ඉන්න අය ගොඩක් මහන්සි වෙලා අපිට උදව් කරන්න උත්සහ කලා. ලන්ඩන් වල ඉන්න එක පන්තියේ හිටපු යාළුවෙක් සහ එයාගෙ මහත්තයා නිතර හොයලා බැලුවා සහ උපදෙස් දුන්නා එයාලගෙ අත්දැකීම් එක්ක. Exeter වල ස්ථීර පදිංචිව ඉන්න නම වත් නොදැන හිටපු අයියා කෙනෙක් නිතර කෝල් කරලා උපදෙස් දුන්නා ගොඩක් දේවල් වලට. තවත් වචනෙන් හරි උදව් කරපු කීප දෙනෙක්ම හම්බුනා සමාජ මාධ්‍ය වලින්ම. හැමෝගෙම උපදෙස් සහ අපි දෙන්නගෙ ධෛර්යය, කැපවීම එක්ක කොරන්ටයින්, ලොක්ඩවුන්, කර්ෆිව් ඇතුළු එකී මෙකී නොකී බාධක සේරම පහු කරලා අපි මාස හයේ සංධිස්ථානයට ආවා. මාස 6න් ගෙදර කුලී ගිවිසුම ඉවර කරලා, මැන්චෙස්ටර් වලට එන්න තීරණය කලා. ඒ කතාව වෙනම කියන්නම්. මැන්චෙස්ටර් වල ගෙවපු දවස් කීපයෙන් හිතුනා, චෙස්ටර් වලට අපි මුලින්ම ආපු එක කොච්චර දෙයක්ද කියලා. එංගලන්තෙට අධ්‍යාපනයට එන කෙනෙකුට ඉහලින්ම නිර්දේශ කරනවා චෙස්ටර් විශ්ව විද්‍යාලෙට යන්න කියලා. PS : පින්තූර දාන්නේ නැහැ මේකේ ඉන්න එක එකා ඇද කියන නිසා. PPS : එංගලන්තෙට එන්න එපා කියලා තර්ක කරන අයට අද නම් reply කරන්නේ නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom