Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජගුවරයාගේ ආත්මයට තෙලේසාපය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජගුවරයාගේ ආත්මයට තෙලේසාපය

ජගුවරයාගේ ආත්මයට තෙලේසාපය

කෙම්පෙරි පැල තුළ ඇති එල්ලෙන වැල් ඇඳේ හාන්සි වී සිටි. නිවුණු ගිනි මැලයෙන් නඟින දුමේ සුවඳින් වාතය බර ය. පාම් කොළ අතුවලින් සෑදූ බිත්තියේ හිඩැස් අතරින් හිරු එළිය පෙරී එයි. ඒ, එළියෙන් කෙම්පෙරි ගේ මුහුණත් ගෙල වටා බැඳී පබළු පොටත් නැහැවෙමින් තිබේ.

අසූ නව වියැති කෙම්පෙරි ලතින් අමෙරිකාවට අයත් ඉක්වදෝරයේ වෙසෙන හුආඔරානි [Huaorani] ගෝත්‍රයේ යකැදුරා ය. ජගුවරයා ගේ හෙවත් අමෙරිකානු දිවියාගේ ආත්මය ඇත්තේ ඔහු සමඟ ය. වනාන්තරයේ හැම බිම් අඟලකම ඇවිදින මුත් ජගුවරයාගේ හිත බෙහෙවින් චංචල වී තිබෙන බව කෙම්පෙරි කියයි.

හුආඔරානි ඇත්තන්ගේ භූමියට දැන් උදාවී තිබෙන්නේ සෙනසුරුගේ කල දසාව ය. අමෙරිකාවෙන් ආ තෙල් කොම්පැනිකාරයන් ගෙන් එයට හැමදාමත් කරදර තිබිණ. ජගුවරයාගේ ආත්මය ළඟ එන මරණයෙන් පවා කෙළවර විය හැකි මහා ව්‍යසනයක් පෙන්නුම් කරන්නට පටන් ගෙන තිබෙන්නේ ඒ නිසා විය යුතුය.

පසුගිය අවුරුදු 50 මුළුල්ලේ කෙම්පෙරිගේ ගෝත්‍රයට විණ කළේ ඉක්වදෝරයේ තෙල් නිධි හාරන්නට ඒරොප්පෙන් ආ කොම්පැනි කාරයන් ය. වනාන්තරයෙන් පිටත වෙසෙන මිනිසුන් සමඟ කිසිම ඇයි හොඳයියක් නොපැවැත් වූ හුආඔරානි ගෝත්‍රිකයන්ට ඔවුන් සමඟ ගැටෙන්නට සිදුවූයේ තෙල් නිධි හෑරීම නිසා ය.

කෙම්පෙරි ට තමන් ගේ ගෝත්‍රයෙන් පිට කෙනෙකු වනාන්තරය ඇතුළේ දී මුණ ගැසුණේ මීට අවුරුදු පනහකට හැටකට ඉස්සර ය. එදා කෙම්පෙරිත් තවත් මිතුරෝ කිහිපදෙනෙකුත් වඳුරන් දඩයම් කරන්නට කැළෑ වැදී සිටියෝ ය. හුආඔරානි ගෝත්‍රයෙන් පිට කෙනෙකුගේ අඩි පාරක් කෙම්පෙරිගේ සගයෙකු ගේ ඇස ගැටුණේ ඒ අතරතුර ය. ඔවුහු ඒ පසුපස ලුහු බැන්දෝ ය.

වනාන්තරයේ එළි කළ බිම් කඩක මිනිසුන් තිදෙනෙක් වාඩි ලාගෙන සිටිය හ. ඉන් කෙනෙක් නින්දට වැටී සිටියේ ය. ඔහු නැවත කිසිදා නැඟිට්ටේ නැත. කෙම්පෙරි ගේ සගයෝ ඒ මිනිසුන් තිදෙනා ම මරා දැමුවෝ ය. ඔවුන් අතින් මැරුම් කෑවේ එදා ඉක්වදෝරයේ තෙල් සම්පත සොරා ගන්නට ආ උතුරු අමෙරිකානු කොම්පැනියේ සේවකයන් තිදෙනෙකි.

කෙම්පෙරි ඔවුන් ගේ නිජ බිම ආක්‍රමණිකයන් ගෙන් රැක ගත්තේ ඒ විදියට ය.

මේ සිද්ධියෙන් ටික දවසකට පසු කෙම්පෙරිගේ පැල්පත උඩින් අහස් යාත්‍රාවක් පියාඹා ගෙන ගියේ ය. පියාඹන යකඩ කුරුල්ලෙකු කෙම්පෙරි දූපතේ පළමු වතාවට දුටුවේ එදා ය. ඊට පසු දවස් තුනක් තිස්සේ එය ඉහළ අහසේ කරක් ගැසුවේ ය. හතර වැනි දවසේ දී එය පැල්පත්වලට උඩින් ගෑවී නොගෑ වී පියාසර කළේ ය. කව්දෝ ඉහළ අහසේ සිට යකඩ කටකින් මෙසේ බෙරිහන් දුන්නේ ය. හුආඔරානි භාෂාවෙන් කතා කළ නිසා කෙම්පෙරිට එය තේරුම් ගන්නට පුළුවන් විය.

“හොඳට ජීවත් වෙන්න ඕනෑ නම් මිනී මරන එක නවත්තපල්ලා!”

ඔවුන් කවුදැයි කෙම්පෙරි දැන ගත්තේ ඊට ටික දවසකට පසුව ය. ඔවුන් මිෂනාරිවරු ය. තෙල් සම්පතින් පොහොසත් භූමියෙන් හුආ ඔරානි ගෝත්‍රිකයන් පළවා හැරීම සඳහා ඉක්වදෝරේ ආණ්ඩුව පත් කර තිබුණේ ඔවුන්ව ය.

මේ හැම දේම සිදු වෙන්නට පටන් ගත්තේ 1960 ගණන්වල දී අමෙරිකානු ටෙක්සාකෝ තෙල් සමාගම තෙල් නිධි සොයාගෙන ඉක්වදෝරයට පැමිණීමත් සමඟ ය. ඔවුන්ට තෙල් නිධි හෑරීමට ආණ්ඩුවෙන් අවසරය ලැබිණ. එහෙත් නිධි හාරන්නට පළමුව ඒ බිමේ සිටි හුආඔරානි ගෝත්‍රිකයන් ඉවත් කළ යුතු විය.

ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේම හුආඔරානි ගෝත්‍රිකයෝ මේ බිමේ විසුවේ එහි තෙල් සම්පතක් කියා දෙයක් තිබෙන බවක් වත් නො දැන ය. ඔවුන්ට තෙල් කුමකට ද? හිරු එළියත්, පිරිසුදු වාතයත්, ඇළේ දොළේ ගංගාවේ සීතල වතුරත් වනාන්තරයේ පළ වැලත්, දඩයමෙන් සොයා ගන්නා මස් මාළුත් තිබෙන විට තෙල් කුමකට ද? ඇත්තට ම ඔවුන්ට තෙල්වලට වඩා වටින්නේ පොළොවත් වනාන්තරයත් ය.

වනාන්තරය සමඟ ඔවුන්ට තිබුණේ වෙන් කරන්නට බැරි තරමේ සබඳතාවකි. එහෙත්, තෙල් සමාගම් මේ සබඳතාව සදහටම බිඳ දැමුවෝ ය. තෙල් නිධි සහිත භූමියෙන් ඉවත් කළ හුආඔරානි ගෝත්‍රිකයෝ වෙනත් තැන්වල පදිංචි කරවනු ලැබූහ.

ඔවුන්ට වනාන්තරයත් සමඟ පැවැත්වූ සහ සම්බන්ධතාව මුළුමනින් නැතිවිණ. තවත් බොහෝ දෙනෙක් වසංගත රෝගවලින් මිය ගියහ. කෙම්පෙරි වැනි ගෝත්‍රිකයෝ සීමිත පිරිසක් අදත් ගැඹුරු වැසි වනාන්තරයේ සොබා දහම සමඟ ජීවත් වෙමින්, තෙල් කොම්පැනිකාරයන් ගෙන් වහන් වී වාසය කරති.

අද හුආඔරානි ගෝත්‍රිකයෝ වනාන්තර ය මැදින් ගලන ගඟ ළඟ භෝගයක් වගා කරන්නටත් බය වෙති. අද එය එතරම්ම අපිරිසුදු ය.

තෙල් අපද්‍රව්‍ය වලින් එය දූෂණය වෙලා ය. එනිසා ම මේ මෑතක දී උතුරු අමෙරිකානු ටෙක්සාකෝ තෙල් සමාගමට ඉක්වදෝරයේ ඇමසන් ප්‍රදේශයේ පරිසර දූෂණය කිරීමේ චෝදනාවට වන්දිය වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 9 ක දඩයක් නියම විය.

ටෙක්සාකෝ සමාගමට පරිසර දූෂණය කිරීමේ චෝදනාව එල්ල වන්නට පටන් ගත්තේ 1993 වසරේ දී ය. ඔවුන් ට නීතිය හමුවට ද යන්නට සිදු විය. ඉක්වදෝර් වැසියන් 30,000 ක් සමඟ ඇමසන් ප්‍රදේශයේ විසූ ගෝත්‍ර 5 කට අයත් ජනතාවක් එයට එක් වූහ.

1964 වසරේ සිට 1990 වසර දක්වා ඊශාන දිග ඉක්වදෝරයේ තෙල් නිධි හෑරීමෙන් ලබාගත් අපද්‍රව්‍ය තෙල් ගැලුම් මිලියන 17 ක් වැසි වනාන්තරයට මුදා හරින ලදැයි ඔවුහු ටෙක්සා කෝ සමාගමට චෝදනා එල්ල කළෝ ය.

ඒ සමඟම තෙල් නිධි හෑරීමේ දී ලැබුණු විෂ ජලය ගැලුම් බිලියන 18 ක් ද මේ ස්වාභාවික පරිසරයට මුදා හැරිය බවට ද තවත් චෝදනාවක් නැඟිණ. පරිසර දූෂණය නිසා මේ ප්‍රදේශයේ වෙසෙන වැසියන්ට පිළිකා සහ ජන්ම විකෘතිතා ඇතිවීමේ අවදානමක් තිබෙන බව ද හෙළි විය.

එහෙත් අමෙරිකානු තෙල් සමාගම මේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේ ය.

එසේ වුවත් වෙනදා නිල් පැහැයෙන් දිලෙමින් වැසි වනාන්තරය ඇතුළෙන් ගැලූ ගංගාවල ජලය මත බොරපාට තෙල් තට්ටු පා විය. වැසි වනාන්තර අවට ඇති වගා බිම් වැනසී ගියේ ය. ගොවිපොළවල සිටි සතුන් ද මිය ගිය අතර අවට ප්‍රදේශවල වැසියන් පිළිකා රෝගවලට ගොදුරු වීමද ඉහළ ගියේ ය.

පරිසර වේදින්ගේ ද දැඩි උද්ඝෝෂණ හමුවේ තෙල් සමාගම ට කර අරින්නට බැරි විය. දැන් ඔවුන් මේ සිදුවී ඇති පරිසර හානිය යළිත් යථා තත්ත්වයට පත් කිරීමට ඩොලර් බිලියන 9 ක් වියදම් කළ යුතු ය. එහෙත් පැමිණිලි පක්ෂය කියන්නේ දඩය ඊටත් වඩා වැඩි කළාට කමක් නැති බවකි.

ඒ කෙසේ වුවත් කෙම්පෙරි ගේ රැහේ ඇත්තන්ට වැසි වනාන්තරය සමඟ තිබූ ඔවුන් ගේ සාමකාමී ජීවිතය යළි ලැබේ දැයි සැක සහිත ය. පරිසරයේ බිඳ වැටුණු සමතුලිතතාව මුදල්වලින් යළි ඇති කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැත. තවමත් මේ නිවර්තන පාරාදීසය තුළ ජගුවරයාගේ ආත්මය කරදර සිතින් පියමං ක

[QUOTE="AnurangaSS, post: 11499124, member: 92055"] [b]ජගුවරයාගේ ආත්මයට තෙලේසාපය[/b] [SIZE="4"]ජගුවරයාගේ ආත්මයට තෙලේසාපය [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=30272&d=1307408648[/IMG] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=30273&d=1307408673[/IMG] කෙම්පෙරි පැල තුළ ඇති එල්ලෙන වැල් ඇඳේ හාන්සි වී සිටි. නිවුණු ගිනි මැලයෙන් නඟින දුමේ සුවඳින් වාතය බර ය. පාම් කොළ අතුවලින් සෑදූ බිත්තියේ හිඩැස් අතරින් හිරු එළිය පෙරී එයි. ඒ, එළියෙන් කෙම්පෙරි ගේ මුහුණත් ගෙල වටා බැඳී පබළු පොටත් නැහැවෙමින් තිබේ. අසූ නව වියැති කෙම්පෙරි ලතින් අමෙරිකාවට අයත් ඉක්වදෝරයේ වෙසෙන හුආඔරානි [Huaorani] ගෝත්‍රයේ යකැදුරා ය. ජගුවරයා ගේ හෙවත් අමෙරිකානු දිවියාගේ ආත්මය ඇත්තේ ඔහු සමඟ ය. වනාන්තරයේ හැම බිම් අඟලකම ඇවිදින මුත් ජගුවරයාගේ හිත බෙහෙවින් චංචල වී තිබෙන බව කෙම්පෙරි කියයි. හුආඔරානි ඇත්තන්ගේ භූමියට දැන් උදාවී තිබෙන්නේ සෙනසුරුගේ කල දසාව ය. අමෙරිකාවෙන් ආ තෙල් කොම්පැනිකාරයන් ගෙන් එයට හැමදාමත් කරදර තිබිණ. ජගුවරයාගේ ආත්මය ළඟ එන මරණයෙන් පවා කෙළවර විය හැකි මහා ව්‍යසනයක් පෙන්නුම් කරන්නට පටන් ගෙන තිබෙන්නේ ඒ නිසා විය යුතුය. පසුගිය අවුරුදු 50 මුළුල්ලේ කෙම්පෙරිගේ ගෝත්‍රයට විණ කළේ ඉක්වදෝරයේ තෙල් නිධි හාරන්නට ඒරොප්පෙන් ආ කොම්පැනි කාරයන් ය. වනාන්තරයෙන් පිටත වෙසෙන මිනිසුන් සමඟ කිසිම ඇයි හොඳයියක් නොපැවැත් වූ හුආඔරානි ගෝත්‍රිකයන්ට ඔවුන් සමඟ ගැටෙන්නට සිදුවූයේ තෙල් නිධි හෑරීම නිසා ය. කෙම්පෙරි ට තමන් ගේ ගෝත්‍රයෙන් පිට කෙනෙකු වනාන්තරය ඇතුළේ දී මුණ ගැසුණේ මීට අවුරුදු පනහකට හැටකට ඉස්සර ය. එදා කෙම්පෙරිත් තවත් මිතුරෝ කිහිපදෙනෙකුත් වඳුරන් දඩයම් කරන්නට කැළෑ වැදී සිටියෝ ය. හුආඔරානි ගෝත්‍රයෙන් පිට කෙනෙකුගේ අඩි පාරක් කෙම්පෙරිගේ සගයෙකු ගේ ඇස ගැටුණේ ඒ අතරතුර ය. ඔවුහු ඒ පසුපස ලුහු බැන්දෝ ය. වනාන්තරයේ එළි කළ බිම් කඩක මිනිසුන් තිදෙනෙක් වාඩි ලාගෙන සිටිය හ. ඉන් කෙනෙක් නින්දට වැටී සිටියේ ය. ඔහු නැවත කිසිදා නැඟිට්ටේ නැත. කෙම්පෙරි ගේ සගයෝ ඒ මිනිසුන් තිදෙනා ම මරා දැමුවෝ ය. ඔවුන් අතින් මැරුම් කෑවේ එදා ඉක්වදෝරයේ තෙල් සම්පත සොරා ගන්නට ආ උතුරු අමෙරිකානු කොම්පැනියේ සේවකයන් තිදෙනෙකි. කෙම්පෙරි ඔවුන් ගේ නිජ බිම ආක්‍රමණිකයන් ගෙන් රැක ගත්තේ ඒ විදියට ය. මේ සිද්ධියෙන් ටික දවසකට පසු කෙම්පෙරිගේ පැල්පත උඩින් අහස් යාත්‍රාවක් පියාඹා ගෙන ගියේ ය. පියාඹන යකඩ කුරුල්ලෙකු කෙම්පෙරි දූපතේ පළමු වතාවට දුටුවේ එදා ය. ඊට පසු දවස් තුනක් තිස්සේ එය ඉහළ අහසේ කරක් ගැසුවේ ය. හතර වැනි දවසේ දී එය පැල්පත්වලට උඩින් ගෑවී නොගෑ වී පියාසර කළේ ය. කව්දෝ ඉහළ අහසේ සිට යකඩ කටකින් මෙසේ බෙරිහන් දුන්නේ ය. හුආඔරානි භාෂාවෙන් කතා කළ නිසා කෙම්පෙරිට එය තේරුම් ගන්නට පුළුවන් විය. “හොඳට ජීවත් වෙන්න ඕනෑ නම් මිනී මරන එක නවත්තපල්ලා!” ඔවුන් කවුදැයි කෙම්පෙරි දැන ගත්තේ ඊට ටික දවසකට පසුව ය. ඔවුන් මිෂනාරිවරු ය. තෙල් සම්පතින් පොහොසත් භූමියෙන් හුආ ඔරානි ගෝත්‍රිකයන් පළවා හැරීම සඳහා ඉක්වදෝරේ ආණ්ඩුව පත් කර තිබුණේ ඔවුන්ව ය. මේ හැම දේම සිදු වෙන්නට පටන් ගත්තේ 1960 ගණන්වල දී අමෙරිකානු ටෙක්සාකෝ තෙල් සමාගම තෙල් නිධි සොයාගෙන ඉක්වදෝරයට පැමිණීමත් සමඟ ය. ඔවුන්ට තෙල් නිධි හෑරීමට ආණ්ඩුවෙන් අවසරය ලැබිණ. එහෙත් නිධි හාරන්නට පළමුව ඒ බිමේ සිටි හුආඔරානි ගෝත්‍රිකයන් ඉවත් කළ යුතු විය. ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේම හුආඔරානි ගෝත්‍රිකයෝ මේ බිමේ විසුවේ එහි තෙල් සම්පතක් කියා දෙයක් තිබෙන බවක් වත් නො දැන ය. ඔවුන්ට තෙල් කුමකට ද? හිරු එළියත්, පිරිසුදු වාතයත්, ඇළේ දොළේ ගංගාවේ සීතල වතුරත් වනාන්තරයේ පළ වැලත්, දඩයමෙන් සොයා ගන්නා මස් මාළුත් තිබෙන විට තෙල් කුමකට ද? ඇත්තට ම ඔවුන්ට තෙල්වලට වඩා වටින්නේ පොළොවත් වනාන්තරයත් ය. වනාන්තරය සමඟ ඔවුන්ට තිබුණේ වෙන් කරන්නට බැරි තරමේ සබඳතාවකි. එහෙත්, තෙල් සමාගම් මේ සබඳතාව සදහටම බිඳ දැමුවෝ ය. තෙල් නිධි සහිත භූමියෙන් ඉවත් කළ හුආඔරානි ගෝත්‍රිකයෝ වෙනත් තැන්වල පදිංචි කරවනු ලැබූහ. ඔවුන්ට වනාන්තරයත් සමඟ පැවැත්වූ සහ සම්බන්ධතාව මුළුමනින් නැතිවිණ. තවත් බොහෝ දෙනෙක් වසංගත රෝගවලින් මිය ගියහ. කෙම්පෙරි වැනි ගෝත්‍රිකයෝ සීමිත පිරිසක් අදත් ගැඹුරු වැසි වනාන්තරයේ සොබා දහම සමඟ ජීවත් වෙමින්, තෙල් කොම්පැනිකාරයන් ගෙන් වහන් වී වාසය කරති. අද හුආඔරානි ගෝත්‍රිකයෝ වනාන්තර ය මැදින් ගලන ගඟ ළඟ භෝගයක් වගා කරන්නටත් බය වෙති. අද එය එතරම්ම අපිරිසුදු ය. තෙල් අපද්‍රව්‍ය වලින් එය දූෂණය වෙලා ය. එනිසා ම මේ මෑතක දී උතුරු අමෙරිකානු ටෙක්සාකෝ තෙල් සමාගමට ඉක්වදෝරයේ ඇමසන් ප්‍රදේශයේ පරිසර දූෂණය කිරීමේ චෝදනාවට වන්දිය වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 9 ක දඩයක් නියම විය. ටෙක්සාකෝ සමාගමට පරිසර දූෂණය කිරීමේ චෝදනාව එල්ල වන්නට පටන් ගත්තේ 1993 වසරේ දී ය. ඔවුන් ට නීතිය හමුවට ද යන්නට සිදු විය. ඉක්වදෝර් වැසියන් 30,000 ක් සමඟ ඇමසන් ප්‍රදේශයේ විසූ ගෝත්‍ර 5 කට අයත් ජනතාවක් එයට එක් වූහ. 1964 වසරේ සිට 1990 වසර දක්වා ඊශාන දිග ඉක්වදෝරයේ තෙල් නිධි හෑරීමෙන් ලබාගත් අපද්‍රව්‍ය තෙල් ගැලුම් මිලියන 17 ක් වැසි වනාන්තරයට මුදා හරින ලදැයි ඔවුහු ටෙක්සා කෝ සමාගමට චෝදනා එල්ල කළෝ ය. ඒ සමඟම තෙල් නිධි හෑරීමේ දී ලැබුණු විෂ ජලය ගැලුම් බිලියන 18 ක් ද මේ ස්වාභාවික පරිසරයට මුදා හැරිය බවට ද තවත් චෝදනාවක් නැඟිණ. පරිසර දූෂණය නිසා මේ ප්‍රදේශයේ වෙසෙන වැසියන්ට පිළිකා සහ ජන්ම විකෘතිතා ඇතිවීමේ අවදානමක් තිබෙන බව ද හෙළි විය. එහෙත් අමෙරිකානු තෙල් සමාගම මේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේ ය. එසේ වුවත් වෙනදා නිල් පැහැයෙන් දිලෙමින් වැසි වනාන්තරය ඇතුළෙන් ගැලූ ගංගාවල ජලය මත බොරපාට තෙල් තට්ටු පා විය. වැසි වනාන්තර අවට ඇති වගා බිම් වැනසී ගියේ ය. ගොවිපොළවල සිටි සතුන් ද මිය ගිය අතර අවට ප්‍රදේශවල වැසියන් පිළිකා රෝගවලට ගොදුරු වීමද ඉහළ ගියේ ය. පරිසර වේදින්ගේ ද දැඩි උද්ඝෝෂණ හමුවේ තෙල් සමාගම ට කර අරින්නට බැරි විය. දැන් ඔවුන් මේ සිදුවී ඇති පරිසර හානිය යළිත් යථා තත්ත්වයට පත් කිරීමට ඩොලර් බිලියන 9 ක් වියදම් කළ යුතු ය. එහෙත් පැමිණිලි පක්ෂය කියන්නේ දඩය ඊටත් වඩා වැඩි කළාට කමක් නැති බවකි. ඒ කෙසේ වුවත් කෙම්පෙරි ගේ රැහේ ඇත්තන්ට වැසි වනාන්තරය සමඟ තිබූ ඔවුන් ගේ සාමකාමී ජීවිතය යළි ලැබේ දැයි සැක සහිත ය. පරිසරයේ බිඳ වැටුණු සමතුලිතතාව මුදල්වලින් යළි ඇති කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැත. තවමත් මේ නිවර්තන පාරාදීසය තුළ ජගුවරයාගේ ආත්මය කරදර සිතින් පියමං ක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom