Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනතාවට-විදුලි-සැර-වැද්දීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතාවට-විදුලි-සැර-වැද්දීම

විදුලි බිල ඉතිහාසයේ නොවූ විරූ අයුරින් ඉහළ නැංවීමට පිඹුරුපත් සකසා අවසන්ය. ආණ්ඩුව ඒ සඳහා බැලූ බැල්මට සාධාරණ සේ පෙනෙන තර්කයක් ද ඉදිරිපත් කරයි. විදුලි බල මණ්ඩලය (ලංවිම) විදුලිය සපයන්නේ රුපියල් බිලියන ගණනින් පාඩු විඳිමිනි. එම පාඩුව භාණ්ඩාගාරය විසින් පියවමින් සිටියි. භාණ්ඩාගාරය එම මුදල සොයන්නේ ජනතාවගෙන් බදු අය කිරීමෙනි. එවිට විදුලිය පාවිච්චි කරන අය මෙන්ම අඳුරේ සිටින අය ද මණ්ඩලයේ පාඩුව පියවීමට දායක වේ. එමෙන්ම විදුලිය සුරකින අය මෙන්ම නාස්තිකාර ලෙස පරිභෝජනය කරන අය ද එක සේ පාඩුව ගෙවීමට දායක වෙති. එය අසාධාරණය. එබැවින් විදුලි බිල වැඩි කිරීමෙන් විදුලි පාරිභෝගිකයාට මෙම පාඩුව ගෙවීම භාර දිය යුතුය.

ඉහත තර්කය බැලූ බැල්මට සාධාරණය. නමුත් ඒ තුල වැදගත් කරුණු ගණනාවක් යටපත් කර ඇත. ඒවා මතු කර ගැනීමට අපි අද වෙර දරමු.

2012 වසරේ ලංවිම දැවැන්ත ළෙස පාඩු විඳීමට කාරණා කිහිපයක් බලපාන ලදී. පළමු හේතුව වූයේ මාස 15ක් පුරා පැවැති නියඟයයි. ලංකාවේ හිරු එළිය සහ සුළඟ විදුලි නිෂ්පාදනයට යොදා ගන්නේ මද වශයෙනි. එබැවින් පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම මෙන් රැඳී ඇත්තේ ජලය මතයි. හොඳින් වැසි පවතින සමයක පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය 40%ක් පමණ වන අතර ඩීසල්, ගල් අඟුරු සහ දැවිතෙල් යොදා ඉතිරි 60% නිපදවේ. නියඟය හේතුවෙන් පොසිල ඉන්ධන විදුලි නිෂ්පාදනය 85-90% තරම් ඉහළ අගයක් ගන්නා ලදී. සාමාන්‍යයෙන් ජල විදුලි ඒකකයක පිරිවැය රු1.50ක් වන විට තාප විදුලි ඒකකයක් රු23ක් වේ. එබැවින් නියං සමයේ ඩීසල් මත රැඳියාව වැඩි බැවින් අනිවාර්රයෙන්ම විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යයි.

මේ අනුව නියං සමයේ දී ලංවිම අලාභය ඉහළ යයි. නමුත් මෙම නියඟය පැමිණෙන විට නොරොච්චලේ විදුලි බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණේ නම් සහ සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරය ඉදිකර තිබුණේ නම් ඩීසල් භාවිතය අවම කිරීමට තිබුණි. සියළුම තාප ප්රබවයන්ගෙන් විදුලිය නිෂ්පාදනය කරන විට රු 23ක ඒකක පිරිවැයක් තිබුණත් ගල් අඟුරු ඒකකයක පිරිවැය වන්නේ රු8කි. එබැවින් විදුලි බිල ඉහළ යෑමේ බර දැරිය යුත්තේ සාමාන්‍ය ජනතාව නොව නොරොච්චලේ ලෙඩ වීමට වගකිවයුත්තන් සහ සාම්පූර් ප්‍රමාදයට වගකිවයුත්තන්ය. ඉන්දියාවේ අසාධාරණ කොන්දේසි වලට ලංකාව එකඟ නොවීම හේතුවෙන් සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදි කිරීම වසර 10කට වඩා එක තැන පල් වන බව ප්‍රකට රහසකි. එබැවින් ඉන්දියාව එකඟ නොවන්නේ නම් කළ යුතුව ඇත්තේ විවෘත මිළ ගණන් කැඳවා ලංකාවට වාසිදායක රටක් සමග එක් වී බලාගාරය ඉදි කිරීමයි. ලංකාවේ එකම අසල්වැසියා තරහ කර ගැනීමට අකැමති නම් මෙම කේවල් කිරීම් යන අතරේ තවත් ගල් අඟුරු හෝ වඩාත් උචිත ගෑස් විදුලි බලාගාරයක් ඉදි කිරීමට පියවර ගැනීමයි.

2012 වසරේ දී ලෝක වෙළඳපොලේ ඛණිජතෙල් මිළ ඉහළ ගොස් නැත. එවැනි පසුබිමක විදුලි නිෂ්පාදන වියදම දැවැන්ත ළෙස ඉහළ ගියේ ලංකාවට ඩීසල් සඳහා වැඩි මිළක් ගෙවීමට සිදු වූ බැවිනි. එසේ වූයේ පසුගිය වසර තුල රුපියල බරපතල ලෙස අවප්‍රමාණය කිරීමයි. පසුගිය වසරේ ඛණිජතෙල් මිලේ කැපී පෙනෙන වෙනසක් සිදු නොවූ බැවින් වසර පුරාම ඩීසල් ලීටරයක මිළ ඩොලර් 1ක් යැයි සිතමු. 2011 වසරේ දී රු 111ක් වුණු ඩොලරය 2012 දී රු 128ක් දක්වා ඉහළ ගිය බැවින් ඩීසල් මිළ වෙනස් නොවී තිබිය දී ඩීසල් සඳහා ගෙවිය යුතු රුපියල් ගණන 17කින් ඉහළ ගොස් තිබිණි. මෙසේ ඩීසල් මිළ ඉහළ ගියේ රුපියල අවප්‍රමාණය කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හේතුවෙනි.

ශ්‍රී ලංකාව වැනි අත්‍යාවශ්‍ය නොවන ද්‍රව්‍ය අපනයනය කර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන රටකට මුදල අවප්‍රමාණය කිරීමෙන් විදේශ විනිමය අර්බූදයට විසඳුම් සෙවිය නොහැකි බව මෙම මාතෘකාව මතුවන සෑම අවස්ථාවකම ලියුම්කරු පෙන්වා දී ඇත. ඊට කදිම නිදසුන වන්නේ රුපියලේ ඉතිහාසයයි. 1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය 1977 නොවැම්බර් 16 දින රුපියලට ස්ථාවර විනිමය අනුපාතයක් ලබා දෙනු වෙනුවට වෙළඳපොළ ඉල්ලුම සහ සැපයුම අනුව එය තීරණය වීමට අවස්ථාව දී රුපියල පාකර හැරිණි. ඒ සමගම ඩොලරයක වටිනාකම රු 9 සිට රු16 දක්වා පිරිහිණි. එදා සිට අද දක්වා අඛණ්ඩව රුපියල අවප්‍රමාණය වී එය රු135 දක්වා ඉහළ යන ලදී. ඒ අනුව රුපියල 15 ගුණයකින් පිරිහී ඇත. නමුත් රුපියල අවප්‍රමාණය කිරීමේ අරමුණ වන අපනයන ආදායම වැඩි වී ආනයන අධෛර්යමත් වීම නම් සිදු වී නැත. ඒ වෙනුවට ආනයන වියදම මෙන්ම විදේශ ණය ද වැඩි වී විදේශ විනිමය අර්බූදය උග්‍ර වී ඇත. එවැනි ඉතිහාසයක් අත්විඳිමින් යළිත් රුපියල අවප්‍රමාණය කිරීම යනු රෑ වැටුණු වලේ දවල් වැටීමකි. ඒ අනුව රුපියල අවප්‍රමාණය වීමෙන් ලංවිම ලැබූ පාඩුව පැටවිය යුත්තේ දුප්පත් පාරිභෝගිකයා මත නොව වැරදි තීන්දු ගත් නිළධාරින් මතයි.

නියඟය නොපැමිණියත් රුපියල අවප්‍රමාණය නොකළත් ලංවිම පාඩු ලබනු ඇත. ඒ ලංවිම දළ අලාභයක් විඳින ආයතනයක් බැවිනි. ඉහත දී දැක්වූ විදුලි නිෂ්පාදන වියදමට සම්ප්‍රේෂණ සහ බෙදා හැරීම් වියදම් ළෙස තවත් රුපියල් හයක් එකතු වේ. ඒ අනුව ඒකකයක සමස්ත පිරිවැය රු 23ක් වේ. නමුත් විදුලි මණ්ඩලය ඒකකයක් විකුණන්නේ රු 16ටයි. එබැවින් සෑම විකුණන ඒකකයකටම රුපියල් 7ක් මණ්ඩලයට අලාභ වේ. මීට හේතු වී ඇත්තේ රු60 වැනි අධික මිළ ගණන් යටතේ විදුලිය මිළ දී ගැනීමට ලංවිම පෞද්ගලික අංශය සමග ගිවිසුම් ගත වීමයි. එමෙන්ම ලාභ ප්‍රබව තිබිය දී මිළ අධික ප්රබවයන්ගෙන් මිළ දී ගැනීම් කිරීමයි.

මෙම ගනුදෙනු සඳහා නිළධාරින්ගේ මැදිහත්වීම් මෙන්ම දේශපාලකයින්ගේ ආශිර්වාදය ද ලැබී තිබීමට පුළුවන. මෙම ගිවිසුම් අවලංගු කිරීමට හෝ දූෂිත නිළධාරින්ට දඬුවම් කිරීමට කිසිවෙක් කටයුතු කර නැත. මෙම මඩි තර කර ගැනීමෙන් සිදුවන අලාභය ද අවසානයේ දී පටවා ඇත්තේ විදුලි පාරිභෝගිකයා මතයි. විදුලි පිරිවැය දැරිය යුත්තේ විදුලි පාරිභෝගිකයා බවට කිසිම විවාදයක් නැත. නමුත් නිළධාරින්ගේ අදූරදර්ශි තීන්දු සහ දූෂිත ගනුදෙනු හේතුවෙන් ඇති වන පාඩුව ද පාරිභෝගිකයා මත පැටවීම කිසිම ආකාරයකින් අනුමත කළ නොහැක.

විදුලි බිල වැඩි කළ ආකාරය ද අපූරුය. විදුලිය පිරිමැස්මෙන් පාවිච්චි කරන කුඩා පාරිභෝගිකයාට මිළ 60%කට අධික ප්‍රමාණයකින් වැඩි කරන විට නාස්තිකාර පාරිභෝගිකයාට මිළ අඩු කර නාස්තිය දිරිමත් කර ඇත. ඒකක 30ට අඩුවෙන් භාවිතා කරන්නේ විදුලි ලාම්පු 3-4ක් සමග රූපවාහිනිය සහ විදුලි මදිනය භාවිතා කරන සාමාන්‍ය ජනතාවයි. ඔවුන් අරපිරිමැස්මෙන් භාවිතා කරන බැවින් තවදුරටත් ඔවුන්ට විදුලිය ඉතිරි කළ නොහැක. ඒකක 180ට වඩා භාවිතා කරන්නේ සෑම කාමරයකම වායුසමීකරණ සවි කර ශීතකරණ කිහිපයක් භාවිතා කරමින් රාත්‍රිය පුරා වත්ත වටා ආරක්ෂක ලාම්පු දල්වා සිටින අයයි. ඒ අයගෙන් ඒකකයකට අය කළ මුදල රු 36 සිට රු 24 දක්වා අඩු කර ඇත. ඇත්තෙන්ම අනවශ්‍ය විදුලි පහන් නිවා දමමින් ද සූර්ය කෝෂ මිළ දී ගනිමින් ද විදුලිය ඉතිරි කළ හැක්කේ මේ පිරිසටයි.

විදුලි පාරිභෝගිකයින්ගෙන් 87%ක් ම භාවිතා කරන්නේ විදුලි ඒකක 120ට අඩුවෙනි. ඔවුන් සමස්ත විදුලියෙන් පරිභෝජනය කරන්නේ 25%කි. සමස්ත නිෂ්පාදනයෙන් 40%ක් ජලය වැනි පුනර්ජනනීය ප්‍රභව භාවිතා කර නිපදවන බැවින් අනෙකුත් පාරිභෝගිකයින් ද එම මට්ටමේ භාවිතා කරන්නේ නම් ඩීසල් වැනි ඉන්ධන යොදාගෙන විදුලි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නැත. ඒ අනුව ඒකක 120ට අඩුවෙන් භාවිතා කරන අයගෙන් ඉන්ධන ගැලපුම් ගාස්තු අය කිරීමේ කිසිම පදනමක් නැත. නමුත් ඉහළම පාරිභෝගිකයින්ගෙන් අය කරන 40%ක ගාස්තුව මෙම පාරිභෝගිකයින්ගෙන් ද අය කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම මෙම පාරිභෝගිකයින්ගෙන් අවශ්‍යතා සඳහා ඩීසල් වලින් විදුලි නිෂ්පාදන නොකරන බැවින් එහි පිරිවැය මොවුන්ගෙන් අය කර ගැනීම ද අසාධාරණය.

වත්මන් මිළ සූත්‍රය ප්‍රසිද්ධ වූ සැනෙන් බලශක්ති ක්ෂේත්රයේ විද්වතුන්ගෙන් ඊට දැවැන්ත විරෝධයක් මතු විය. ඉන්පසු මහජන උපයෝගිතා කොමිසම මහජන අදහස් ලබා ගැනීමට තීරණය කරන ලදී. මේ සූත්‍රයේ අඩුපාඩු පිළිබඳ ඉතාම තාර්කික අදහස් එහි දී ඉදිරිපත් කර තිබිණි. නමුත් එම යෝජනා සහ විවේචන සියල්ලම ඉවත දමා යෝජිත සූත්‍රයම ක්‍රියාත්මක කිරීමට තරම් බලධරයින් මුරණ්ඩු සහ අසංවේදි වී ඇත.

මට පෙනෙන අයුරින් ආණ්ඩුවේ සතුරන් සිටින්නේ ආණ්ඩුවෙන් පිටත නොව ආණ්ඩුව තුලමයි. මෙම සූත්‍රය සැකසුවේ කවුරුන්දැයි මම නොදනිමි. ඔහු දැන් සිටින්නේ අවුරුදු උත්සවයේ සැඟවුණු අමුත්තා මෙනි. ඔහු කවුරුන් වුවත් සරත් ෆොන්සේකා මහතාට සහ ශිරාණි බණ්ඩාරනායක මැතිණියට සිදු කිරීමට නොහැකි වුණු හානියක් ආණ්ඩුවට සිදුකර ඇත. මෙවැනි මිතුරන් ආණ්ඩුවට සිටින විට ආණ්ඩුව බිඳ දැමීමට පිටතින් සතුරන් පැමිණිය යුතු නොවේ.

උදය ගම්මන්පිල

Source https://www.facebook.com/photo.php?fbid=10151564231064253

[QUOTE="MC New York, post: 14870311, member: 461456"] [b]ජනතාවට-විදුලි-සැර-වැද්දීම[/b] [INDENT][INDENT][INDENT][SIZE="4"][COLOR="Navy"]විදුලි බිල ඉතිහාසයේ නොවූ විරූ අයුරින් ඉහළ නැංවීමට පිඹුරුපත් සකසා අවසන්ය. ආණ්ඩුව ඒ සඳහා බැලූ බැල්මට සාධාරණ සේ පෙනෙන තර්කයක් ද ඉදිරිපත් කරයි. විදුලි බල මණ්ඩලය (ලංවිම) විදුලිය සපයන්නේ රුපියල් බිලියන ගණනින් පාඩු විඳිමිනි. එම පාඩුව භාණ්ඩාගාරය විසින් පියවමින් සිටියි. භාණ්ඩාගාරය එම මුදල සොයන්නේ ජනතාවගෙන් බදු අය කිරීමෙනි. එවිට විදුලිය පාවිච්චි කරන අය මෙන්ම අඳුරේ සිටින අය ද මණ්ඩලයේ පාඩුව පියවීමට දායක වේ. එමෙන්ම විදුලිය සුරකින අය මෙන්ම නාස්තිකාර ලෙස පරිභෝජනය කරන අය ද එක සේ පාඩුව ගෙවීමට දායක වෙති. එය අසාධාරණය. එබැවින් විදුලි බිල වැඩි කිරීමෙන් විදුලි පාරිභෝගිකයාට මෙම පාඩුව ගෙවීම භාර දිය යුතුය. ඉහත තර්කය බැලූ බැල්මට සාධාරණය. නමුත් ඒ තුල වැදගත් කරුණු ගණනාවක් යටපත් කර ඇත. ඒවා මතු කර ගැනීමට අපි අද වෙර දරමු. 2012 වසරේ ලංවිම දැවැන්ත ළෙස පාඩු විඳීමට කාරණා කිහිපයක් බලපාන ලදී. පළමු හේතුව වූයේ මාස 15ක් පුරා පැවැති නියඟයයි. ලංකාවේ හිරු එළිය සහ සුළඟ විදුලි නිෂ්පාදනයට යොදා ගන්නේ මද වශයෙනි. එබැවින් පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම මෙන් රැඳී ඇත්තේ ජලය මතයි. හොඳින් වැසි පවතින සමයක පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය 40%ක් පමණ වන අතර ඩීසල්, ගල් අඟුරු සහ දැවිතෙල් යොදා ඉතිරි 60% නිපදවේ. නියඟය හේතුවෙන් පොසිල ඉන්ධන විදුලි නිෂ්පාදනය 85-90% තරම් ඉහළ අගයක් ගන්නා ලදී. සාමාන්‍යයෙන් ජල විදුලි ඒකකයක පිරිවැය රු1.50ක් වන විට තාප විදුලි ඒකකයක් රු23ක් වේ. එබැවින් නියං සමයේ ඩීසල් මත රැඳියාව වැඩි බැවින් අනිවාර්රයෙන්ම විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යයි. මේ අනුව නියං සමයේ දී ලංවිම අලාභය ඉහළ යයි. නමුත් මෙම නියඟය පැමිණෙන විට නොරොච්චලේ විදුලි බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණේ නම් සහ සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරය ඉදිකර තිබුණේ නම් ඩීසල් භාවිතය අවම කිරීමට තිබුණි. සියළුම තාප ප්රබවයන්ගෙන් විදුලිය නිෂ්පාදනය කරන විට රු 23ක ඒකක පිරිවැයක් තිබුණත් ගල් අඟුරු ඒකකයක පිරිවැය වන්නේ රු8කි. එබැවින් විදුලි බිල ඉහළ යෑමේ බර දැරිය යුත්තේ සාමාන්‍ය ජනතාව නොව නොරොච්චලේ ලෙඩ වීමට වගකිවයුත්තන් සහ සාම්පූර් ප්‍රමාදයට වගකිවයුත්තන්ය. ඉන්දියාවේ අසාධාරණ කොන්දේසි වලට ලංකාව එකඟ නොවීම හේතුවෙන් සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදි කිරීම වසර 10කට වඩා එක තැන පල් වන බව ප්‍රකට රහසකි. එබැවින් ඉන්දියාව එකඟ නොවන්නේ නම් කළ යුතුව ඇත්තේ විවෘත මිළ ගණන් කැඳවා ලංකාවට වාසිදායක රටක් සමග එක් වී බලාගාරය ඉදි කිරීමයි. ලංකාවේ එකම අසල්වැසියා තරහ කර ගැනීමට අකැමති නම් මෙම කේවල් කිරීම් යන අතරේ තවත් ගල් අඟුරු හෝ වඩාත් උචිත ගෑස් විදුලි බලාගාරයක් ඉදි කිරීමට පියවර ගැනීමයි. 2012 වසරේ දී ලෝක වෙළඳපොලේ ඛණිජතෙල් මිළ ඉහළ ගොස් නැත. එවැනි පසුබිමක විදුලි නිෂ්පාදන වියදම දැවැන්ත ළෙස ඉහළ ගියේ ලංකාවට ඩීසල් සඳහා වැඩි මිළක් ගෙවීමට සිදු වූ බැවිනි. එසේ වූයේ පසුගිය වසර තුල රුපියල බරපතල ලෙස අවප්‍රමාණය කිරීමයි. පසුගිය වසරේ ඛණිජතෙල් මිලේ කැපී පෙනෙන වෙනසක් සිදු නොවූ බැවින් වසර පුරාම ඩීසල් ලීටරයක මිළ ඩොලර් 1ක් යැයි සිතමු. 2011 වසරේ දී රු 111ක් වුණු ඩොලරය 2012 දී රු 128ක් දක්වා ඉහළ ගිය බැවින් ඩීසල් මිළ වෙනස් නොවී තිබිය දී ඩීසල් සඳහා ගෙවිය යුතු රුපියල් ගණන 17කින් ඉහළ ගොස් තිබිණි. මෙසේ ඩීසල් මිළ ඉහළ ගියේ රුපියල අවප්‍රමාණය කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හේතුවෙනි. ශ්‍රී ලංකාව වැනි අත්‍යාවශ්‍ය නොවන ද්‍රව්‍ය අපනයනය කර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන රටකට මුදල අවප්‍රමාණය කිරීමෙන් විදේශ විනිමය අර්බූදයට විසඳුම් සෙවිය නොහැකි බව මෙම මාතෘකාව මතුවන සෑම අවස්ථාවකම ලියුම්කරු පෙන්වා දී ඇත. ඊට කදිම නිදසුන වන්නේ රුපියලේ ඉතිහාසයයි. 1977 බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය 1977 නොවැම්බර් 16 දින රුපියලට ස්ථාවර විනිමය අනුපාතයක් ලබා දෙනු වෙනුවට වෙළඳපොළ ඉල්ලුම සහ සැපයුම අනුව එය තීරණය වීමට අවස්ථාව දී රුපියල පාකර හැරිණි. ඒ සමගම ඩොලරයක වටිනාකම රු 9 සිට රු16 දක්වා පිරිහිණි. එදා සිට අද දක්වා අඛණ්ඩව රුපියල අවප්‍රමාණය වී එය රු135 දක්වා ඉහළ යන ලදී. ඒ අනුව රුපියල 15 ගුණයකින් පිරිහී ඇත. නමුත් රුපියල අවප්‍රමාණය කිරීමේ අරමුණ වන අපනයන ආදායම වැඩි වී ආනයන අධෛර්යමත් වීම නම් සිදු වී නැත. ඒ වෙනුවට ආනයන වියදම මෙන්ම විදේශ ණය ද වැඩි වී විදේශ විනිමය අර්බූදය උග්‍ර වී ඇත. එවැනි ඉතිහාසයක් අත්විඳිමින් යළිත් රුපියල අවප්‍රමාණය කිරීම යනු රෑ වැටුණු වලේ දවල් වැටීමකි. ඒ අනුව රුපියල අවප්‍රමාණය වීමෙන් ලංවිම ලැබූ පාඩුව පැටවිය යුත්තේ දුප්පත් පාරිභෝගිකයා මත නොව වැරදි තීන්දු ගත් නිළධාරින් මතයි. නියඟය නොපැමිණියත් රුපියල අවප්‍රමාණය නොකළත් ලංවිම පාඩු ලබනු ඇත. ඒ ලංවිම දළ අලාභයක් විඳින ආයතනයක් බැවිනි. ඉහත දී දැක්වූ විදුලි නිෂ්පාදන වියදමට සම්ප්‍රේෂණ සහ බෙදා හැරීම් වියදම් ළෙස තවත් රුපියල් හයක් එකතු වේ. ඒ අනුව ඒකකයක සමස්ත පිරිවැය රු 23ක් වේ. නමුත් විදුලි මණ්ඩලය ඒකකයක් විකුණන්නේ රු 16ටයි. එබැවින් සෑම විකුණන ඒකකයකටම රුපියල් 7ක් මණ්ඩලයට අලාභ වේ. මීට හේතු වී ඇත්තේ රු60 වැනි අධික මිළ ගණන් යටතේ විදුලිය මිළ දී ගැනීමට ලංවිම පෞද්ගලික අංශය සමග ගිවිසුම් ගත වීමයි. එමෙන්ම ලාභ ප්‍රබව තිබිය දී මිළ අධික ප්රබවයන්ගෙන් මිළ දී ගැනීම් කිරීමයි. මෙම ගනුදෙනු සඳහා නිළධාරින්ගේ මැදිහත්වීම් මෙන්ම දේශපාලකයින්ගේ ආශිර්වාදය ද ලැබී තිබීමට පුළුවන. මෙම ගිවිසුම් අවලංගු කිරීමට හෝ දූෂිත නිළධාරින්ට දඬුවම් කිරීමට කිසිවෙක් කටයුතු කර නැත. මෙම මඩි තර කර ගැනීමෙන් සිදුවන අලාභය ද අවසානයේ දී පටවා ඇත්තේ විදුලි පාරිභෝගිකයා මතයි. විදුලි පිරිවැය දැරිය යුත්තේ විදුලි පාරිභෝගිකයා බවට කිසිම විවාදයක් නැත. නමුත් නිළධාරින්ගේ අදූරදර්ශි තීන්දු සහ දූෂිත ගනුදෙනු හේතුවෙන් ඇති වන පාඩුව ද පාරිභෝගිකයා මත පැටවීම කිසිම ආකාරයකින් අනුමත කළ නොහැක. විදුලි බිල වැඩි කළ ආකාරය ද අපූරුය. විදුලිය පිරිමැස්මෙන් පාවිච්චි කරන කුඩා පාරිභෝගිකයාට මිළ 60%කට අධික ප්‍රමාණයකින් වැඩි කරන විට නාස්තිකාර පාරිභෝගිකයාට මිළ අඩු කර නාස්තිය දිරිමත් කර ඇත. ඒකක 30ට අඩුවෙන් භාවිතා කරන්නේ විදුලි ලාම්පු 3-4ක් සමග රූපවාහිනිය සහ විදුලි මදිනය භාවිතා කරන සාමාන්‍ය ජනතාවයි. ඔවුන් අරපිරිමැස්මෙන් භාවිතා කරන බැවින් තවදුරටත් ඔවුන්ට විදුලිය ඉතිරි කළ නොහැක. ඒකක 180ට වඩා භාවිතා කරන්නේ සෑම කාමරයකම වායුසමීකරණ සවි කර ශීතකරණ කිහිපයක් භාවිතා කරමින් රාත්‍රිය පුරා වත්ත වටා ආරක්ෂක ලාම්පු දල්වා සිටින අයයි. ඒ අයගෙන් ඒකකයකට අය කළ මුදල රු 36 සිට රු 24 දක්වා අඩු කර ඇත. ඇත්තෙන්ම අනවශ්‍ය විදුලි පහන් නිවා දමමින් ද සූර්ය කෝෂ මිළ දී ගනිමින් ද විදුලිය ඉතිරි කළ හැක්කේ මේ පිරිසටයි. විදුලි පාරිභෝගිකයින්ගෙන් 87%ක් ම භාවිතා කරන්නේ විදුලි ඒකක 120ට අඩුවෙනි. ඔවුන් සමස්ත විදුලියෙන් පරිභෝජනය කරන්නේ 25%කි. සමස්ත නිෂ්පාදනයෙන් 40%ක් ජලය වැනි පුනර්ජනනීය ප්‍රභව භාවිතා කර නිපදවන බැවින් අනෙකුත් පාරිභෝගිකයින් ද එම මට්ටමේ භාවිතා කරන්නේ නම් ඩීසල් වැනි ඉන්ධන යොදාගෙන විදුලි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නැත. ඒ අනුව ඒකක 120ට අඩුවෙන් භාවිතා කරන අයගෙන් ඉන්ධන ගැලපුම් ගාස්තු අය කිරීමේ කිසිම පදනමක් නැත. නමුත් ඉහළම පාරිභෝගිකයින්ගෙන් අය කරන 40%ක ගාස්තුව මෙම පාරිභෝගිකයින්ගෙන් ද අය කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම මෙම පාරිභෝගිකයින්ගෙන් අවශ්‍යතා සඳහා ඩීසල් වලින් විදුලි නිෂ්පාදන නොකරන බැවින් එහි පිරිවැය මොවුන්ගෙන් අය කර ගැනීම ද අසාධාරණය. වත්මන් මිළ සූත්‍රය ප්‍රසිද්ධ වූ සැනෙන් බලශක්ති ක්ෂේත්රයේ විද්වතුන්ගෙන් ඊට දැවැන්ත විරෝධයක් මතු විය. ඉන්පසු මහජන උපයෝගිතා කොමිසම මහජන අදහස් ලබා ගැනීමට තීරණය කරන ලදී. මේ සූත්‍රයේ අඩුපාඩු පිළිබඳ ඉතාම තාර්කික අදහස් එහි දී ඉදිරිපත් කර තිබිණි. නමුත් එම යෝජනා සහ විවේචන සියල්ලම ඉවත දමා යෝජිත සූත්‍රයම ක්‍රියාත්මක කිරීමට තරම් බලධරයින් මුරණ්ඩු සහ අසංවේදි වී ඇත. මට පෙනෙන අයුරින් ආණ්ඩුවේ සතුරන් සිටින්නේ ආණ්ඩුවෙන් පිටත නොව ආණ්ඩුව තුලමයි. මෙම සූත්‍රය සැකසුවේ කවුරුන්දැයි මම නොදනිමි. ඔහු දැන් සිටින්නේ අවුරුදු උත්සවයේ සැඟවුණු අමුත්තා මෙනි. ඔහු කවුරුන් වුවත් සරත් ෆොන්සේකා මහතාට සහ ශිරාණි බණ්ඩාරනායක මැතිණියට සිදු කිරීමට නොහැකි වුණු හානියක් ආණ්ඩුවට සිදුකර ඇත. මෙවැනි මිතුරන් ආණ්ඩුවට සිටින විට ආණ්ඩුව බිඳ දැමීමට පිටතින් සතුරන් පැමිණිය යුතු නොවේ.[/COLOR] [SIZE="4"]උදය ගම්මන්පිල[/SIZE] Source [url]https://www.facebook.com/photo.php?fbid=10151564231064253[/url] [/SIZE][/INDENT][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom