ජනපතිගෙන් අමුතුම අයවැය යෝජනාවක්

chamindakk2

Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    https://lankacnews.com/ජනපතිගෙන්-අමුතුම-අයවැය-ය/

    මෙරට සියලුම ජනවර්ගව, සංස්කෘතීන් සම්ප්‍රදායන් සහ අගනාකම් සැමරීම සඳහා විශේෂ දිනයක් ඉදිිරි අයවැය යෝජනාවලියට ඇතුලත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ යාපනයේ වැල්වෙටිතුරෙයි හි පැවති ජන හමුවක් අමතමිනි.

    මෙතෙක් ජාතික ආගමික සංස්කෘතික උත්සව වෙන වෙනම සැමරුවත් ශ්‍රී ලාංකික ජාතියම එකට සමරන උත්සවයක් නොතිබූ බවත් එනිසා ඔක්තෝම්බර් මාසයේදී සියලු දෙනා එක්ව එම මහා මංගල්‍යය සමරන බවත් පැවසූ ඔහු සියලු ජාතීන්ගේ සංස්කෘතිය, ආගම, ජාතිකත්වය, ආහාර රටා ජීවන රටා, සංගීත, නාට්‍ය, කාව්‍ය ආදී සියලු දෑ එම ජාතික උත්සවයේදී සමරනු ලබන බවද ජනාධිපතිවරයා පැවසුවේය.

    “දෙමළ, සිංහල, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් අපි ඔක්කොම එකතුවෙලා සමරන දිනයක් ඕන නැද්ද?.

    අපි සැලසුම්කරලා තියෙනවා ඔක්තෝබර් මාසයේ මේ සියලු ජනප්‍රජාවන්ගේ සංස්කෘතීන්, ආහාර රටා, ජීවන රටා…ඒ වගේම අඳින පළදින රටා, සංගීතය මේ ඔක්කොම එකතුකරලා ජාතියේ මහා මංගල්‍යයක් පවත්වන්න.

    අපි ඈත්වෙලා හිටියට අපේ දරුවන්ට ඈත්වෙලා ඉන්න දෙන්න හොඳ නෑ. අපේ පරම්පරාව යුද්ධ කරගත්තට අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කරගන්න ඉඩ දෙන්නේ නෑ.

    උතුර, දකුණ, නැගෙනහිර සියලු ජන දරුවන් එකට එකතුවෙන රාජ්‍යක් බවට අපි මේ රාජ්‍ය පත්කරනවා”
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Jaathin samagi karanna puluwn lapa wesha ballage mawthumiya yahana uda sathapala hama jaathiyakama minissu athin dushanaya karanna deela.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,363
    100,243
    113
    ඔක්තෝම්බර් මාසේ කියද්දී ලොකෙකටම වැදගත් මාසයක්. මේ රුසියාවට ඔක්තෝම්බර් මාසේ වැදගත් වෙන හැටි.

    https://si.m.wikipedia.org/wiki/ඔක්තොම්බර්_විප්ලවය
    ඔ්තෝම්බර් විප්ලවය එහෙමත් නැත්තං බෝල්ෂෙවික් විප්ලවය.

    ලංකාවත් ඔක්තොම්බර් වලම එහෙම කරන එක ගොඩක් හොදයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ඉතින් දැනුත් එකතුයි නේ .

    ඔය වගේ අපි වෙනස් ජාතින් කියල අමුතු විදියට සමරන එක ඇතුලෙම තමයි බෙදීම තියෙන්නේ .

    ඔය සමරන්න යන්නේ බෙදීම .
    පුලුවන් නම් ඔය වගේ ඒවා හැම ජාතියක් ම ආගමක් ම උන් එකම විදියට ඇදල , හොයාගන්න බරි විදියට උත්සවයක් ගන්න කියපන් ලපයට .
    බෑ . බෙදීම පෙන්නන එක තමයි ඔය වගේ උත්සව තියල කරන්නේ . :rofl:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ඇත්තටම ඒක නම් සුපිරිම වැඩක්.:cool:.මෙතරම් කල් හිටපු හැම නායකයෙක්ම රටේ මිනිස්සු බෙදන්න නේ හැදුවේ තමන්ගේ වාසියට ..අනුර ඉතිහාසගත වෙනවා මේ වගේ වැඩ නිසා..ඒ වගේම ජාත්‍යන්තරව අනුරට සෑහෙන්න වටිනාකමක් ලැබෙනවා..:love::love::love:
     
    • Love
    Reactions: Spiderman.Ayya

    Similar threads