ජනපතිට සමෘද්ධියෙන් ලක්ෂ 88ක් මැතිවරණ ප්‍රŜ
ජනපතිවරණ සමයේ ජනපතිට සමෘද්ධියෙන් ලක්ෂ 88ක් දීලා
ප්‍රධාන පුවත 2010 මාර්තු 08 වෙනි සදුදා, 11:48
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සතු මුදල් ලක්ෂ 88කට වැඩි ප්‍රමාණයක් කඩිනම් ව්‍යාපෘතියකට මුවාවෙමින් ලබා දී ඇතැයි Anticorruptsl.com වෙබ් අඩවිය වාර්තාකරයි.
එම වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු අරමුණු කර ගනිමින් සමෘද්ධි අධිකාරිය විසින් පසුගිය දෙසැම්බර් මස ක්‍රියාත්මක කළ කඩිනම් වැඩ සටහන සදහා මෙම මුදල් ප්‍රමාණය වැය කර තිබේ.
එය වෙබ් අඩවියේ වාර්තා කර ඇත්තේ පහත අයුරිනි,
රජ නැගුමක්වූ ගම නැගුම
ජනපතිවරණය වෙනුවෙන් සමෘද්ධි අධිකාරියේ මුදල් කාබාසිනියාවූ අයුරු
පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීතිය පසෙක තබා රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථාපිත මණ්ඩල ජනාධිපතිවරයා සහ ඔහුගේ ගෝල බාලයිනට හිතූ හිතූ ආකාරයෙන් මැතිවරණ කටයුතු සදහා යොදාගත් බව කවුරුත් හොදින් දන්නා කාරණයකි. මැතිවරණය අවසානයේ මැතිවරණ කොමසාරිස්වරයා දැඩි ආතතියක් යටතේ සිදුකළ කතාවේ පවා ඒ සම්බන්ධයෙන් රජයට බරපතල විවේචනයක් එල්ලවී තිබිණි. මේවන විට එවැනි කාරණා කිහිපයක් සහ තවත් කරුණු රාශියක් මුල් කර ගනිමින් මැතිවරණ ප්‍රතිඵලය අධිකරණය හමුවේ අභියෝගයට පවා ලක්කර ඇත. ඒ කෙසේ වෙතත් අප මේ සැරසෙන්නේ තවත් එක් මැතිවරණ දූෂණයක් සම්බන්ධයෙන් ඔබට පැවසීමට නොවේ. මැතිවරණ නීතියටද පයින් ගසා ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් සමෘද්ධි අධිකාරියේ මුදල් කෝටි ගණනින් කාබාසිනියා කළ ආකාරය ඔබ හමුවේ තැබීමටයි.
අහසින් කඩා පාත්වූ ව්‍යාපෘතිය
මෙම කතා පුවතට පාදකවන්නේ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය යටතේ ක්‍රියාත්මකවන ‘‘ජාතික සවිය ගම නැඟුම’’ වැඩ සටහනයි. මෙම ජාතික වැඩ සටහන ජනතාව සවිබල ගැන්වීමේ අරමුණින් මහින්ද චින්තනය යටතේ යෝජනාවූ වැඩ සටහනකි. ගම් මට්ටමින් හඳුනාගත් සංවර්ධන අවශ්‍යතාවන් ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනයට ඉවහල් වන පරිදි ක්‍රියාත්මක කර ග්‍රාමීය සම්පත් ඵලදායී අයුරින් ග්‍රාමීය ආර්ථිකයේ උන්නතිය සඳහා යොදා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව දැක්වේ.
ඒ අරමුණු එසේ තිබියදී පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මෙම වැඩ සටහනේ වාර්ෂික සැලැස්මේ කිසි තැනක නොතිබූ කඩිනම් වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට සමෘද්ධි අධිකාරිය හිටි අඩියේ පියවර ගෙන තිබුණි. 2009.12.02 දින සිට 200912.28 දින දක්වා මෙම වැඩ සටහන ක්‍රියාත්මක විය. ඒ සදහා දිස්ත්‍රික් මට්ටමින් සහ කලාප මට්ටමින් ජනතාව ඒකරාශී කර මහජන නියෝජිතයින්ගේ සහභාත්වයෙන් වැඩසටහන් පවත්වන ලදී.
කඩිනම් ව්‍යාපෘතියේ රහස
එම වැඩ සටහන්වල ප්‍රකාශිත අරමුණ වූයේ ඒ වන විටත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා දිස්ත්‍රික් මට්ටමින් සිදුකරනු ලැබූ ප්‍රාග්ධන භාණ්ඩ හා උපකරණ, බීජ හා රෝපණ ද්‍රව්‍ය බෙදා හැරීමේ කාර්යයන් කඩිනම් කර 2009 වර්ෂයට අදාල ව්‍යාපෘති සියල්ල නිම කිරීමයි. නමුත් මෙම කඩිනම් සද්කාර්යයේ සැබෑ අරමුණ හෙළිදරව්වන්නේ සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල් ආර්.ජී.බී. තිලකසිරි මහතා විසින් දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ඇතුළු නිලධාරීන් වෙත යොමුකළ ලිපිවලිනි. 2009.11.17 දින සහ 2009.12.07 දින යොමුකර ඇති ලිපි දෙකෙහිම සදහන් වන්නේ ජනතා සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩ සටහන් සදහා අනිවාර්යයෙන් ප්‍රදේශයේ හෝ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් සහභාගීකරවාගන්නා ලෙසයි. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී හිටි අඩියේ හදිසි ව්‍යාපෘති කඩා පාත්වීමේ රහස එයයි. එබැවින් මෙම වැඩ සටහන සමෘද්ධි ලාභීන් කේන්ද්‍රකරගත් ජනාධිපතිවරයාගේ ප්රචාරක ව්‍යාපාරයේ එක් අංගයක්ම වූ බව ඉතා පැහැදිලිය.
පහත පළවන්නේ සමෘද්ධි අධ්‍යක්ෂකවරයා දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ඇතුළු නිලධාරීන් වෙත යොමුකළ එක් ලිපියකි
ජනතාවගේ සමෘද්ධිය කැපෙද්දී ජනපතිට සමෘද්ධි අධිකාරියෙන් ලක්ෂ 88ක්
ගැටලූව වන්නේ සමෘද්ධි ලාභීන්ගේ ප්රතිලාභ දිනෙන් දින කප්පාදු වෙමින් තිබියදී, ඇතැම් සමෘද්ධි ලාභීන්ගේ සමෘද්ධි ප්රතිලාභ පවා අහිමි වෙමින් තිබියදී මෙලෙස හදිසි ව්‍යාපෘතිවලට මුවාවී ජනාධිපතිවරයාගේ ප්රචාරක රුලි පැවැත්වීම සදහා කෝටි ගණනින් මහජන මුදල් නාස්ති වී තිබීමයි. මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සදහා සමුද්ධි අධිකාරිය විසින් එක් දිස්ත්‍රික්කයකට රුපියල් 25000.00 ක්ද, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට රුපියල් 10000.00 ක්ද සහ කළාපයකට රුපියල් 5000.00 බැගින් ප්‍රතිපාදන ලබා දී තිබේ. ඒ අනුව පරිපාලන දිස්ත්‍රික්ක 22 සදහා රුපියල් 550000.00 ක්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 316 සදහා රුපියල් 3,160,000.00 ක්ද කළාප 1018 සදහා රුපියල් 5,090,000.00 ක්ද ලෙස වැඩ සටහන සදහා රුපියල් 8,800,000.00 සමෘද්ධි අධිකාරිය විසින් යොදවා තිබේ. (එම මුදල් නිකුත්කළ ආකාරය සමෘද්ධි අධිකාරියේ ලිපිවල සටහන්ව ඇත්තේ පහත අයුරිනි)
ඒ අනුව පැහැදිලිවන්නේ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ සමෘද්ධිලාභීන් ඉලක්ක කරගත් ප්රචාරක කටයුතු සදහා සමෘද්ධි අධිකාරිය රුපියල් 88 ලක්ෂයක් වැයකර ඇති බවයි.
මේ රුපියල් ලක්ෂ 88 සමෘද්ධි අධිකාරිය මගින් වැයකර ඇත්තේ සමෘද්ධි සහනාධාර ලබන අහිංසක ජනතාව වෙනුවෙන් නොවේ. එක් මැතිවරණ අපේක්ෂකයකු වෙනුවෙනි. ප්රශ්නය වන්නේ ඒ අපේක්ෂකයා එසේ මෙසේ අපේක්ෂකයකු නොවේ. ඔහු මේ රටේ ප්‍රධාන පුරවැසියාය. ප්‍රධාන පුරවැසියා මේ ආකාරයෙන් මහජන මුදල් සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් වැය කරන විට එය රටට දෙන ආදර්ශය කුමක්ද? සමෘද්ධිලාභී ජනතාව අන්ත දුඛිත ජිවිත ගතකරද්දී රටේ නායකයා ඒ අහිසකයන්ගේ බත් පතෙන් හොරකම් කර ගැනීම දේශපේ්රමයද? විසදියයුතු මෙවැනි ප්‍රශ්න රාශියක් අප හමුවේ තිබේ.