Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනපතිවරනය පෙනි පෙනී මහමැතිවරනයක් මොකො?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපතිවරනය පෙනි පෙනී මහමැතිවරනයක් මොකො?

ජනාධිපතිවරණය පෙනි පෙනී මහ මැතිවරණයක් කුමටද

හදිසි පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනතාවගේ අනුමැතිය ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ඇතැයි සති අන්තයේදී මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. මේ වසර අගභාගයේදී පැවැත්විය යුතු ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනතාවගේ කැමැත්ත විමසීමට තිබෙන නීතිමය හැකියාව පිළිබඳව මේ වනවිට නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබෙන බවද එම වාර්තාව සඳහන් කරයි.

රට තුළ දැනට පවතින විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර මතුවී තිබෙන අර්බුදවලට මහමැතිවරණය විසඳුමක් වනු ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කරන බව මේ කතාවේ යටිපෙළ වශයෙන් හඳුනාගත හැකිය. ඉතාම පැහැදිලිව මේ වසරේ දෙසැම්බර් මස 07 වැනිදාට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පැහැදිලිය. වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක කළ මතය විමසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ වසර 05කින් ධුර කාලය අවසන් වන බවය. ඒ අනුව ලබන වසරේ ජනවාරි 8 වැනිදා වනවිට නව ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය දිවුරුම් දී සිටිය යුතුය. මේ නිසා ජනාධිපතිවරණය ඊට මාසයකට පෙර පවත්වා අවසන් කර තිබීම අවශ්‍යය.

ජනාධිපතිවරණය පැවැත්වීම ඉර හඳ මෙන් පැහැදිලි කාරණාවක් තිබියදී ඊට පෙර කඩිමුඩියේ මහමැතිවරණයක් පැවැත්වීමට අදහස් කිරීම තේරුම්ගත නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ පෙබරවාරි මාසයේ 17 වැනිදායින් පසුව ඕනෑම දිනයක මහමැතිවරණය පැවැත්වීමට අවකාශ තිබේ. වත්මන් පාර්ලිමේන්තුවේ පාලන කාලය වසර 4 1/2 ක් ගෙවීයාමෙන් පසුව එය ඕනෑම මොහොතක විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ජනාධිපතිවරයාට බලය තිබීම ඊට හේතුවය. එවැනි තත්ත්වයක් තුළ මහමැතිවරණයක් හදිසියේ කැඳවීමට අදහසක් ඇතිකර ගැනීම ලිහන්න තිබෙන මල්ල ඔබා බැලීමක් නොවේදැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය.

මහමැතිවරණය පැවැත්වීමට මහජනතාවගේ අදහස් විමසීමේ ජනමත විචාරණයක් පැවැත්වීම ද ආවාට ගියාට කළහැකි දෙයක් ද නොවේ. එය තවත් මැතිවරණයකි. ඒ සඳහා මහජනතාවගේ බදු මුදලින් රුපියල් කෝටි 400කට වැඩි මුදලක් වැය කළ යුතුය. “එදා වේල ටුවර්ස්” තත්ත්වයක ආර්ථිකයක් පවතින රටකට එවැනි වියදමක් දැරීම කෙසේවත් ඔරොත්තු නොදෙනු ඇත. රටේ පාලනය භාරව කටයුතු කරන පාර්ශ්ව දෙකේ ගැටලු විසඳා ගැනීමට නොහැකි වීම මහජනතාවගේ වැරැද්දක් නොවේ. එය අරමුණු කර ගනිමින් එතරම් මුදලක් වැය කිරීමෙන් කිසිම පලක් නැත. මේ රටේ විසඳීමට තවත් විශාල ගැටලු_ පවතිද්දී එවැනි පල රහිත ක්‍රියාවකට වැයකරන කාලය පවා අපරාධයකි. අනෙක් අතට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට වඩා තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට මේ ආකාරයට තීරණවලට එළඹීම ද යුක්ති සහගත නැත.

හදිසි මහ මැතිවරණයක් කැඳවීමේ වෑයමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩිව විරෝධය පළකරන බවද අසන්නට ලැබිණි. මේ පක්ෂ දෙකම ප්‍රකාශ කර ඇත්තේ නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම අවශ්‍ය බවය. රටේ මහජනතාව වෙතින් ද මේ අවස්ථාවේදී මහ මැතිවරණයකට යායුතු බවට හඬක් නැඟෙන්නේ නැත. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර යළිත් වරක් මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් වශයෙන් ජනමත විචාරණයක් යොදවා ගැනීම කිසිසේත් ප්‍රායෝගික නොවන බවද පැවසීමට කැමැත්තෙමු.

රටේ මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සඳහන්ය. ඒ ගැන යම් අපැහැදිලි තත්ත්වයක් පැවතිණි නම් ඒ තත්ත්වය ද පසුගිය ඔක්තෝබර් 26 වැනිදායින් පසුව උද්ගත වූ අර්බුදයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුවල පැහැදිලිව සඳහන් වෙයි. ඇතැම් නීති විශාරදයන් පෙන්වා දෙන්නේ මහමැතිවරණයක් පැවැත්වීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී තිබියදී සහ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද කරුණු නිරාකරණය දී තිබියදී ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් අදහස් විමසීම නිවැරැදි ක්‍රමවේදය නොවන බවය. ව්‍යාවස්ථාවේ සඳහන් කරුණුවලට පටහැණි දේ පිළිබඳ මතය විමසීම සිදුනොකළ යුතු බව ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී තිබේ. මේ අනුව පෙනෙන්නට තිබෙන්නේ හදිසි මහමැතිවරණයට යාම සඳහා ජනාධිපතිවරයා තුළ යම් අදහසක් ඇත්නම් එයට දේශපාලන වශයෙන් පමණක් නොව නීති අංශවලින්ද දැඩි විරෝධයක් එල්ලවනු ඇති බවය. එය රටේ තිබෙන ප්‍රශ්න විසඳීමක් නොව තවත් ප්‍රශ්න රැසක් ඇතිකිරීමට හේතුවනු ඇත.

ජනාධිපතිවරණයකට පෙර මහජන මතය විමසීමට අවශ්‍යම නම් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට කෝටි සියගණනක් වැයකර කාලයත් කා දමනවාට වඩා ගතහැකි හොඳම ක්‍රියාමාර්ගයක් තිබේ. එනම් තවදුරටත් කල්දමමින් තිබෙන පළාත් සභා මැතිවරණය වහාම පැවැත්වීමට කටයුතු යෙදීමය. ඒ සඳහා මුදල් වෙන්කර තිබෙන බැවින් අතිරේක මුදලක් වැයවන්නේ ද නැත. එය මහ මැතිවරණය අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කිරීමට යොදවා ගතහැකි හොඳම “ජනමත විචාරණය” බව අපගේ වැටහීමය

[QUOTE="master1, post: 24584218, member: 304977"] [b]ජනපතිවරනය පෙනි පෙනී මහමැතිවරනයක් මොකො?[/b] [SIZE="3"]ජනාධිපතිවරණය පෙනි පෙනී මහ මැතිවරණයක් කුමටද හදිසි පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනතාවගේ අනුමැතිය ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ඇතැයි සති අන්තයේදී මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. මේ වසර අගභාගයේදී පැවැත්විය යුතු ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනතාවගේ කැමැත්ත විමසීමට තිබෙන නීතිමය හැකියාව පිළිබඳව මේ වනවිට නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබෙන බවද එම වාර්තාව සඳහන් කරයි. රට තුළ දැනට පවතින විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර මතුවී තිබෙන අර්බුදවලට මහමැතිවරණය විසඳුමක් වනු ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කරන බව මේ කතාවේ යටිපෙළ වශයෙන් හඳුනාගත හැකිය. ඉතාම පැහැදිලිව මේ වසරේ දෙසැම්බර් මස 07 වැනිදාට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පැහැදිලිය. වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක කළ මතය විමසීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ වසර 05කින් ධුර කාලය අවසන් වන බවය. ඒ අනුව ලබන වසරේ ජනවාරි 8 වැනිදා වනවිට නව ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය දිවුරුම් දී සිටිය යුතුය. මේ නිසා ජනාධිපතිවරණය ඊට මාසයකට පෙර පවත්වා අවසන් කර තිබීම අවශ්‍යය. ජනාධිපතිවරණය පැවැත්වීම ඉර හඳ මෙන් පැහැදිලි කාරණාවක් තිබියදී ඊට පෙර කඩිමුඩියේ මහමැතිවරණයක් පැවැත්වීමට අදහස් කිරීම තේරුම්ගත නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ පෙබරවාරි මාසයේ 17 වැනිදායින් පසුව ඕනෑම දිනයක මහමැතිවරණය පැවැත්වීමට අවකාශ තිබේ. වත්මන් පාර්ලිමේන්තුවේ පාලන කාලය වසර 4 1/2 ක් ගෙවීයාමෙන් පසුව එය ඕනෑම මොහොතක විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ජනාධිපතිවරයාට බලය තිබීම ඊට හේතුවය. එවැනි තත්ත්වයක් තුළ මහමැතිවරණයක් හදිසියේ කැඳවීමට අදහසක් ඇතිකර ගැනීම ලිහන්න තිබෙන මල්ල ඔබා බැලීමක් නොවේදැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. මහමැතිවරණය පැවැත්වීමට මහජනතාවගේ අදහස් විමසීමේ ජනමත විචාරණයක් පැවැත්වීම ද ආවාට ගියාට කළහැකි දෙයක් ද නොවේ. එය තවත් මැතිවරණයකි. ඒ සඳහා මහජනතාවගේ බදු මුදලින් රුපියල් කෝටි 400කට වැඩි මුදලක් වැය කළ යුතුය. “එදා වේල ටුවර්ස්” තත්ත්වයක ආර්ථිකයක් පවතින රටකට එවැනි වියදමක් දැරීම කෙසේවත් ඔරොත්තු නොදෙනු ඇත. රටේ පාලනය භාරව කටයුතු කරන පාර්ශ්ව දෙකේ ගැටලු විසඳා ගැනීමට නොහැකි වීම මහජනතාවගේ වැරැද්දක් නොවේ. එය අරමුණු කර ගනිමින් එතරම් මුදලක් වැය කිරීමෙන් කිසිම පලක් නැත. මේ රටේ විසඳීමට තවත් විශාල ගැටලු_ පවතිද්දී එවැනි පල රහිත ක්‍රියාවකට වැයකරන කාලය පවා අපරාධයකි. අනෙක් අතට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට වඩා තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට මේ ආකාරයට තීරණවලට එළඹීම ද යුක්ති සහගත නැත. හදිසි මහ මැතිවරණයක් කැඳවීමේ වෑයමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩිව විරෝධය පළකරන බවද අසන්නට ලැබිණි. මේ පක්ෂ දෙකම ප්‍රකාශ කර ඇත්තේ නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම අවශ්‍ය බවය. රටේ මහජනතාව වෙතින් ද මේ අවස්ථාවේදී මහ මැතිවරණයකට යායුතු බවට හඬක් නැඟෙන්නේ නැත. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර යළිත් වරක් මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් වශයෙන් ජනමත විචාරණයක් යොදවා ගැනීම කිසිසේත් ප්‍රායෝගික නොවන බවද පැවසීමට කැමැත්තෙමු. රටේ මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සඳහන්ය. ඒ ගැන යම් අපැහැදිලි තත්ත්වයක් පැවතිණි නම් ඒ තත්ත්වය ද පසුගිය ඔක්තෝබර් 26 වැනිදායින් පසුව උද්ගත වූ අර්බුදයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුවල පැහැදිලිව සඳහන් වෙයි. ඇතැම් නීති විශාරදයන් පෙන්වා දෙන්නේ මහමැතිවරණයක් පැවැත්වීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී තිබියදී සහ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද කරුණු නිරාකරණය දී තිබියදී ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් අදහස් විමසීම නිවැරැදි ක්‍රමවේදය නොවන බවය. ව්‍යාවස්ථාවේ සඳහන් කරුණුවලට පටහැණි දේ පිළිබඳ මතය විමසීම සිදුනොකළ යුතු බව ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී තිබේ. මේ අනුව පෙනෙන්නට තිබෙන්නේ හදිසි මහමැතිවරණයට යාම සඳහා ජනාධිපතිවරයා තුළ යම් අදහසක් ඇත්නම් එයට දේශපාලන වශයෙන් පමණක් නොව නීති අංශවලින්ද දැඩි විරෝධයක් එල්ලවනු ඇති බවය. එය රටේ තිබෙන ප්‍රශ්න විසඳීමක් නොව තවත් ප්‍රශ්න රැසක් ඇතිකිරීමට හේතුවනු ඇත. ජනාධිපතිවරණයකට පෙර මහජන මතය විමසීමට අවශ්‍යම නම් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට කෝටි සියගණනක් වැයකර කාලයත් කා දමනවාට වඩා ගතහැකි හොඳම ක්‍රියාමාර්ගයක් තිබේ. එනම් තවදුරටත් කල්දමමින් තිබෙන පළාත් සභා මැතිවරණය වහාම පැවැත්වීමට කටයුතු යෙදීමය. ඒ සඳහා මුදල් වෙන්කර තිබෙන බැවින් අතිරේක මුදලක් වැයවන්නේ ද නැත. එය මහ මැතිවරණය අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කිරීමට යොදවා ගතහැකි හොඳම “ජනමත විචාරණය” බව අපගේ වැටහීමය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom