ජනප්‍රියම ක්‍රීඩා තරුව ලෙස මතීෂ පතිරණට ඉන්දියාවෙන් සම්මානයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    An-award-from-India-to-Mathisha-Pathirana-as-the-most-popular-sports-star


    ජනප්‍රියම ක්‍රීඩා අයිකනය සඳහා ඉන්දියාවේදී පිරිනමන Behindwoods Gold Icon සම්මානය ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලබාදී ඇත.

    පන්දු යැවීමේ දක්ෂතා නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින ඔහු ඉන්දියාවේ විශාලතම සම්මාන උළෙල වලින් එකක් වන Behindwoods Gold Icon 2024 හි මෙකී සම්මානය දිනා ගත්තේය.

    “වඩාත් ජනප්‍රිය අයිකනය සඳහා BEHINDWOODS GOLD ICON සම්මානය පිරිනැමීමට ලැබීම සතුටට කරුණකි – Sports to Our Baby Slinga,” Behindwoods 'X' හි සටහනක් මගින් නිවේදනය කළේය.

    මතීෂ පතිරණ ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංගීත නිර්මාපකයෙකු වන අනිරුද් රවිචන්දර් සමඟ සෙල්ෆි ඡායාරූපයකට ද පෙනී සිටියේය.

    012110967.jpg




    012110966.jpg