Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරණ පිරිවැය සහ අයුතු ලභය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණ පිරිවැය සහ අයුතු ලභය

ජනාධිපති තරඟය ලාබ වැඩියිද?

මේ වන විට නොවැම්බර් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. ඇප මුදල් තැන්පත් කළ අයගෙන් හය දෙනෙකු නාම යෝජනා භාර දී නැහැ. ඒ අය අතරින් චමල් රාජපක්ෂ නාම යෝජනා භාර නොදීමට හේතුව පැහැදිලි කරුණක්. ඔහු ඇප මුදල් තැන්පත් කළේ ගෝඨාභයට එරෙහි නඩුවේ තීන්දුව අවාසිදායක එකක් වුනානම් ගෝඨාභය වෙනුවට තරඟ කිරීමටයි. නාම යෝජනා නුදුන් ඉතිරි අය අතර කුමාර් වෙල්ගමත් කැපී පෙනෙනවා.

කොහොම වුනත්, අවසාන වශයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. මෙය වාර්තාගත තරඟකරුවන් ගණනක්. තරඟකරුවන් ප්‍රමාණය ඉහළ යාම නිසා ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදම රුපියල් බිලියන හතරේ සිට පහ දක්වා රුපියල් බිලියනයකින් ඉහළ යනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් ගණන ඉහළ යන තරමට ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදමත් ඉහළ යනවා. නමුත්, එය සිදු වන්නේ රේඛීය ලෙස නෙමෙයි. ඒ කියන්නේ වැඩිවන සෑම අපේක්ෂකයෙකු හේතුවෙන්ම වියදම වැඩි වන්නේ සමාන මුදලකින් නෙමෙයි.

තරඟ කරන්නේ එක් අයෙක් පමණක්නම්, ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු නැහැ. ඒ නිසා, වියදම නොසලකා හැරිය හැකි තරම් සුළු වියදමක් පමණයි. එහෙත්, තරඟකරුවන් ගණන දෙදෙනෙකු වූ වහාම වියදම විශාල ලෙස ඉහළ යනවා. ජනාධිපතිවරණය පැවැත්වීමේ අවම වියදම මෙන්ම දෙවන තරඟකරුවකු ඉදිරිපත් වීමේ ආන්තික වියදම රුපියල් බිලියන 3.5 කට අඩු නැතැයි මා හිතනවා. මැතිවරණ රාජකාරි වල නිරත වන නිලධාරීන් වෙනුවෙන් ගෙවිය යුතු දීමනා, ඉන්ධන වියදම් ඇතුළු ප්‍රවාහන වියදම් හා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ වියදම් ආදිය මෙයට ඇතුළත්.

තරඟකරුවන් ගණන වැඩිවන තරමට මේ සියලුම වියදම් ඉහළ යනවා. මා හිතන ආකාරයට තෙවන අපේක්ෂකයාගෙන් පසුව වැඩිවන සෑම අපේක්ෂකයෙකු නිසාම ඉහළ යන ආන්තික පිරිවැය යම් තරමකින් හෝ ටිකින් ටික ඉහළ යනවා. ඒ කියන්නේ, තෙවන අපේක්ෂකයෙකු එකතු වීම නිසා වියදම රුපියල් මිලියන 30කින් ඉහළ යනවානම්, සිවුවන අපේක්ෂකයෙකු එකතු වූ විට වියදම රුපියල් මිලියන 30කට වඩා වැඩියෙන් ඉහළ යනවා.

මේ ආකාරයට තරඟයට අමතර අපේක්ෂකයෙකු එකතු වීම නිසා ඉහළ යන මැතිවරණ වියදම තරඟ කරන මුළු අපේක්ෂයින් ගණන මත තීරණය වන්නක් වුවත්, අපට කිසිදු අපේක්ෂකයකු පළමු අපේක්ෂකයා හෝ අවසන් අපේක්ෂකයා ලෙස නම් කරන්න පදනමක් නැති නිසා කිසියම් නිශ්චිත අපේක්ෂකයෙකු තරඟයට එකතු වීම නිසා ඉහළ ගිය මැතිවරණ වියදම ඇස්තමේන්තු කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, එක් අපේක්ෂයෙකුගේ වියදම ලෙස අපට සලකන්න වෙන්නේ මුළු වියදම අපේක්ෂකයින් ගණනෙන් බෙදූ විට ලැබෙන මුදලයි.

රුපියල් බිලියන පහක වියදම තිස් පහෙන් බෙදූ විට රුපියල් මිලියන 143ක පමණ මුදලක්. නමුත්, එයින් කියැවෙන්නේ එක් අපේක්ෂකයෙකු තරඟයෙන් ඉවත් වූවානම් රුපියල් මිලියන 143ක පමණ මහජන මුදල් ඉතිරි වන බව නෙමෙයි. එසේ ඉතිරි වන මුදල රුපියල් මිලියන 30කට පමණ ආසන්න මුදලක් විය හැකියි. පසුගිය ජනාධිපතිවරණ සඳහා වැය වූ මුදල් ප්‍රමාණ පිළිබඳ දත්ත තිබේනම් මේ මුදල වඩා නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි.

හරි. ගණන කීය වුනත් තරඟකරුවෙකු එකතු වීමේ සැලකිය යුතු වියදමක් තියෙනවනේ. දැන් මේ වියදම දරන්නේ කවුද?

වියදම දරන්නේ රටේ ජනතාව මිස ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් නෙමෙයි. අපි 18ට අඩු අය අයින් කරලා රටේ ඡන්දදායකයින් ගණනින් බෙදලා බලමු. මේ ගණන මිලියන 15.7ක්නේ. ඒ කියන්නේ එක් ඡන්දදායකයෙකු විසින් දරන වියදම රුපියල් 320ක් පමණ වෙනවා.

මැතිවරණ පැවැත්වීම වෙළඳපොළ යාන්ත්‍රනය තුළ තීරණය වන ක්‍රියාවලියක් නොවන නිසා ඡන්දදායකයකුට මැතිවරණයේ වටිනාකම රුපියල් 320ට වඩා වැඩිද කියා අපිට හරියටම නිගමනය කරන්න බැරි වුනත්, එය එසේයැයි අපි උපකල්පනය කරමු. බොහෝ දෙනෙක් මැතිවරණයෙන් තමන් කැමති අපේක්ෂකයාව තෝරා පත් කර ගන්න විශාල උනන්දුවක් දරනවනේ. ඒ උනන්දුව එක්ක බැලුවහම ඔය රුපියල් 320 ලොකු ගාණක් නෙමෙයි කියා හිතන්න අමාරු නැහැ.

එතකොට ඡන්දය නොදාන අය? ඒ අය අතරෙන් වුවත් සෑහෙන පිරිසකට ජනාධිපතිවරණය රුපියල් 320ක් වටිනවා කියා මම හිතනවා. ඔවුන් ඡන්දය නොදැමීමෙන් අදහස් වන්නේ ඡන්දය දමන අයගේ බහුතර තීරණය සමඟ අනුගත වීමට තිබෙන කැමැත්ත මිසක් ඡන්දය පැවැත්වෙනවාට තිබෙන අකැමැත්තක් කියා මම හිතන්නේ නැහැ. නමුත්, මැතිවරණ අවශ්‍ය නැති, මැතිවරණය වෙනුවෙන් රුපියල් 320ක් වැය කරන්න කැමති නැති යම් පිරිසකුත් ඇති. ඒ අයටනම් සිදු වෙන්නේ අකැමැත්තෙන් මැතිවරණ වියදම් වලට දායක වෙන්නයි. එහෙම අය ගොඩක් ඉන්නවා කියා මම හිතන්නේ නැහැ. මොකද මැතිවරණ තියන්න කියා ඉල්ලන අය මිසක් මැතිවරණ එපා කියා කියන අය එතරම් නැහැනේ.

මේ විදිහට රටේ ගොඩක් අය ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් 320 බැගින් ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා කියා හිතුවොත්, ඔවුන් ඒ මිල කැමැත්තෙන් ගෙවන්නේ තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු දැකීමෙන් ලබන මානසික සතුට හා වෙනත් මුදල් වාසි ඇත්නම් ඒවා වෙනුවෙනුයි. වෙනත් අයෙකු ජයග්‍රහණය කළොත් ඒ සතුට ලැබෙන්නේ නැහැ.

තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇතැයි සහතිකයක් කිසිදු ඡන්දදායකයෙකුට නැහැ. එහෙත්, ඒ සඳහා කිසියම් සම්භාවිතාවක් තිබෙන බව ඔවුන් දන්නවා. අපේක්ෂයා දිනුවොත් ලැබෙන මානසික හෝ මුදල් වාසිය මේ සම්භාවිතාවයෙන් ගුණ කළ විට ඡන්දදායකයෙකුගේ අපේක්ෂිත වාසියේ වටිනාකම ලැබෙනවා. ඡන්දදායකයෙකු ඡන්දයකට කැමති වන්නේ මේ අපේක්ෂිත වාසිය මැතිවරණය වෙනුවෙන් ගෙවිය යුතු මිලට වඩා වැඩිනම් පමණයි.

ඇතැම් ඡන්දදායකයින්ට මේ විදිහට මැතිවරණය වෙනුවෙන් ගෙවිය යුතු මිල ගෙවීමෙන් පසුව ලැබෙන අතිරික්ත වාසිය වුවත් ගොඩක් වැඩියි. මැතිවරණ වලදී තමන්ගේ අපේක්ෂකයා වෙනුවෙන් මුදල් හා ශ්‍රමය වැය කරන්නේ එවැනි අයයි. තවත් ඇතැම් අයට කවුරු දිනුවත් වෙනසක් නැහැ. ඒ නිසා, මැතිවරණයෙන් වැඩක් නැහැ. නමුත්, එහෙම කියලා එවැන්නෙකුට මැතිවරණයේ වියදම් වලට දායක නොවී සිටීමේ හැකියාවක් නැහැ. රජය ඒ මුදල කොහොමටත් බලෙන්ම ගන්නවා. ඒ නිසා, එවැන්නෙකුට කළ හැක්කේ මැතිවරණය හා අදාළව තමන්ගේ පාලනය යටතේ තිබෙන වියදම් කොටස අඩු කර ගැනීම පමණයි. ඡන්දය නොදා සිටීම එය කරන එක් ක්‍රමයක්.

දැන් මේ ඡන්දදායකයාගේ පැත්තනේ. එතකොට අපේක්ෂකයාගේ පැත්ත?

අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ලැබෙන ප්‍රධානම වාසිය වන්නේ එසේ ඉදිරිපත් වීමෙන් රටේ ජනාධිපති වීමට අවස්ථාවක් ලැබීමයි. ජනාධිපති වීමේ වාසි ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත්, මේ වාසි ලැබෙන්නේ දිනුවොත් පමණයි. දිනන එක සහතික නැහැ. එහෙත්, දිනන්න යම් සම්භාවිතාවක් තිබෙනවා. ඒ අනුව, ලැබෙන අපේක්ෂිත වාසිය ගණනය කළ හැකියි. දිනන්න කවර හෝ සම්භාවිතාවක් පෙනෙන්නට ඇති අයෙකුට මේ අපේක්ෂිත වාසිය ඉතා විශාල එකක්. එයට සාපේක්ෂව දැරිය යුතු වියදම එතරම් විශාල නැහැ.

නමුත්, මේ වාසිය තිබෙන්නේ ජයග්‍රහණය කිරීමට කවර හෝ සම්භාවිතාවක් ඇත්නම් පමණයි. එහෙමනම්, ජයග්‍රහණය කරන්න කිසිම ඉඩක් නැති බව හොඳින්ම දන්නා අපේක්ෂයින් බුරුතු පිටින් තරඟයට ඉදිරිපත් වෙන්නේ ඇයි?

මෙයට හේතුව, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට කිසිදු ඉඩක් නැතත්, තරඟයට ඉදිරිපත් වීමේ වෙනත් වාසි තිබීමයි. මේ වෙනත් වාසි යනු ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා ලැබෙන ප්‍රචාරනාත්මක වාසියයි.

මේ වාසියත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇතැම් අපේක්ෂකයින් හා ගත් විට ඔවුන් මේ ප්‍රචාරනාත්මක වාසිය යොදා ගන්නේ තමන්ගේ අනාගත දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන්. නමුත්, මේ වන විට මීට අමතරව මේ ප්‍රචාරනාත්මක වාසිය දේශපාලනික නොවන පෞද්ගලික වාසි වෙනුවෙන් ලබා ගැනීමේ ප්‍රවනතාවක්ද ඇති වී තිබෙනවා. ඒ පෞද්ගලික වාසිය වෙනත් අපේක්ෂයෙකු දිනවීමෙන් හෝ වෙනත් අපේක්ෂයෙකුගේ ජයග්‍රහණය වැළැක්වීමෙන් ලබන වාසියක් වෙන්නත්, ඒ දෙකම නොවන වඩා පෞද්ගලික ආකාරයේ වාසියක් වෙන්නත් පුළුවන්.

මේ යන ආකාරයට ගියොත් අනාගතයේදී වෙළඳ ප්‍රචාරණය අරමුණු කර ගනිමින් වුවත් අපේක්ෂකයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි. උදාහරණයක් විදිහට කුඩ නිෂ්පාදකයෙකුට තමන්ගේ කුඩ ප්‍රචාරණය කර ගැනීම පිණිස කුඩය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එය වෙළඳ දැන්වීම් වෙනුවෙන් මුදල් වැය කරනවාට වඩා ලාබ විය හැකියි.

ප්රජාතන්ත්රවාදයේ මූලධර්ම අනුව බැලුවොත්, දිනන්න ඉඩක් තිබුණත් නැතත්, ඕනෑම කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩ හැරීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම, නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුව බැලුවොත් කවුරු හෝ තමන්ට කවර හෝ වාසියක් ලැබෙන කටයුත්තක නිරත වීමේ වැරැද්දක් නැහැ. ඒ නිසා යමෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ දිනීමේ අරමුණින්ද එහෙම නැත්නම් වෙනත් අරමුණකින්ද කියන එක අදාළ කරුණක් නෙමෙයි. එහෙමනම්, මේකේ තියෙන වැරැද්ද මොකක්ද?

මෙතැන තිබෙන වැරැද්ද මෙහිදී අනුන්ගේ පානෙන් එළිය බැලීමක් හෙවත් ෆ්‍රී රයිඩින් ප්‍රශ්නයක් තිබීමයි. කෙනෙක් කිසියම් වාසියක් ලැබීමේ කිසිදු අවුලක් නැතත්, එහි මිල ගෙවන්න වෙන්නේ වෙන අයෙකුටනම් එහි වැරැද්දක් තිබෙනවා. මෙහිදී, සුළු පිරිසක් විසින් අනිසි සේ ලබා ගන්නා ප්රචාරාත්මක වාසියේ මිල ගෙවන්න සිදු වන්නේ ඒ මිල ගෙවීමට කිසිදු අවශ්‍යතාවයක් හෝ කැමැත්තක් නැති පිරිසකටයි.

උදාහරණයක් විදිහට ටියුෂන් ගුරුවරයෙක් තමන්ට වැඩිපුර සිසුන් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරණයට තරඟ කරනවා කියා හිතමු. ඔහුට දිනන්න කිසිදු අරමුණක් නැහැ. ජනාධිපතිවරණයට තරඟ කර ලබන ප්‍රචාරනාත්මක වාසිය වෙන ආකාරයකින් ලබා ගන්නනම් ඔහුට මිලියන ගණනක් වැය වෙනවා. මේ වැඩේ ඊට වඩා ලාබයි. ඒ නිසා, ඔහුට විශාල වාසියක් ලැබෙනවා. එහි ප්‍රශ්නයක් නැහැ. ප්රශ්නය තිබෙන්නේ ඔහු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා මිලියන ගණනකින් මැතිවරණ පිරිවැය ඉහළ යාමයි. එය ගෙවන්න වෙන්නේ වෙනත් පිරිසකටයි. ඔවුන්ට ඒ මිල නොගෙවා සිටීමේ හැකියාවක් නැහැ. රජයෙන් ඒ මුදල ඔවුන්ගෙන් බලෙන්ම අය කර ගන්නවා.

ඉහත කී තත්ත්වය වලක්වා ගන්නනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයෙකුගෙන් එහි මිල අය කර ගත යුතුයි. තරඟකරුවන් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල හරහා සිදු වන්නේ මේ කාර්යයයි. අවශ්‍ය අවම ඡන්ද ප්‍රතිශතය ලබා ගන්නා අපේක්ෂකයෙකුට තමන් විසින් තැන්පත් කළ ඇප මුදල ආපසු ලැබෙනවා. ඔවුන්ගේ මැතිවරණ පිරිවැය කොටහ ගෙවන්නට කැමැත්තෙන් සිටින පිරිසක් රටේ සිටින බව තහවුරු වී තිබෙන නිසා ඇප මුදල ආපසු දීමේ වැරැද්දක් නැහැ. එහෙත්, ඒ බව තහවුරු කළ නොහැකි අය තමන් නිසා ඉහළ ගිය මැතිවරණ වියදම් පියවිය යුතුයි. ඇප මුදල් රාජසන්තක කිරීමේ මූලධර්මය මෙයයි.

ජනාධිපතිවරණයට තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු විසින් රුපියල් 50,000ක මුදලක්ද ස්වාධීන අපේක්ෂකයෙකු විසින් රුපියල් 75,000ක මුදලක්ද ඇප සේ තැන්පත් කළ යුතුයි. මේ ඇප මුදල ආපසු ලැබෙන්නේ 12.5%ක අවම ඡන්ද ප්‍රතිශතයක් ලබාගතහොත් පමණයි. මෙතෙක් ලංකාවේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම සිදුවී තිබෙන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයින් දෙදෙනාගේ හැර අනෙකුත් සියලුම අපේක්ෂයින්ගේ ඇප මුදල් රාජසන්තක වීමයි. මේ ආකාරයට තමන්ගේ ඇප මුදල රාජසන්තක වන බව දැන දැනම බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඇප ලෙස තැන්පත් කරන සොච්චම් මුදලට සාපේක්ෂව තමන්ට ලැබෙන ප්‍රචාරනාත්මක වාසිය ගොඩක් වැඩි නිසයි.

මේ ඇප මුදල් නිර්ණය වී තිබෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පණතේ ප්‍රතිපාදන අනුවයි. 1981දී රුපියල් 50000ක් කියා කියන්නේ සැලකිය යුතු මුදලක්. ඒ වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 5,725ක් පමණයි. එහෙත්, 2018 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 666,817 දක්වා 116 ගුණයකින් වැඩි වී තිබෙනවා. මේ වැඩි වීමට උද්ධමනය හේතුවෙන් රුපියලේ මූර්ත අගය පහළ යාම සහ මූර්ත ආර්ථික වර්ධනය යන කරුණු දෙකම හේතු වී තිබෙනවා. එයට සමාන්තරව මැතිවරණ වියදම්ද ඉහළ ගොස් ඇතත් අපේක්ෂයින් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණ වෙනස් වී නැහැ.

පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂයක අපේක්ෂයෙකු විසින් තැන්පත් කළ යුතු වූ ඇප මුදල එවක රටේ ඒක පුද්ගල ආදායම මෙන් 8 ගුණයකටත් වැඩියි. එසේ තිබියදීත් අපේක්ෂකයින් 6 දෙනෙකු තරඟයට ඉදිරිපත් වුනා. ඉන් පසුව, රටේ ආදායම් ක්‍රමයෙන් ඉහළ යද්දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය ඇප මුදල ක්‍රමක්‍රමයෙන් සුළු මුදලක් බවට පත් වුනා. රුපියල් 50,000ක් කියා කියන්නේ 2018දී ලංකාවේ ඒක පුද්ගල ආදායමෙන් 1/13කටත් අඩු මුදලක්. මේ ආකාරයට ඇප සේ තැන්පත් කළ යුතු මුදලේ නාමික අගය වෙනස් නොවීම හා මූර්ත අගය පහළ යාමට සමාන්තරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තරඟකරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා.

1982- 6

1989- 3

1994- 6

1999- 13

2005- 13

2010- 22

2015- 19

2019- 35

රටේ ඒක පුද්ගල ආදායම ඉහළ යාම සැලකුවොත් 1981දී නිර්ණය වූ රුපියල් 50,000 හා 75,000 මුදල් ප්‍රමාණ 2018 වන විට රුපියල් මිලියන 5.8 හා රුපියල් මිලියන 8.7 මට්ටමට ඉහළ ගොස් තිබිය යුතුයි. නමුත්, එසේ වී නැහැ. ඊළඟ ජනාධිපතිවරණයට පෙර හෝ මේ ඇප මුදල් ප්‍රමාණ විශාල ලෙස ඉහළ නොදැම්මොත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයින් ගණන සීය පන්නයි.

උපුටා ගැනිම ඉකොනොමැට්ටාගෙන්

[QUOTE="Mayaratne, post: 24831449, member: 518275"] [b]ජනාධිපතිවරණ පිරිවැය සහ අයුතු ලභය[/b] [SIZE="3"][B]ජනාධිපති තරඟය ලාබ වැඩියිද?[/B] මේ වන විට නොවැම්බර් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. ඇප මුදල් තැන්පත් කළ අයගෙන් හය දෙනෙකු නාම යෝජනා භාර දී නැහැ. ඒ අය අතරින් චමල් රාජපක්ෂ නාම යෝජනා භාර නොදීමට හේතුව පැහැදිලි කරුණක්. ඔහු ඇප මුදල් තැන්පත් කළේ ගෝඨාභයට එරෙහි නඩුවේ තීන්දුව අවාසිදායක එකක් වුනානම් ගෝඨාභය වෙනුවට තරඟ කිරීමටයි. නාම යෝජනා නුදුන් ඉතිරි අය අතර කුමාර් වෙල්ගමත් කැපී පෙනෙනවා. කොහොම වුනත්, අවසාන වශයෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා. මෙය වාර්තාගත තරඟකරුවන් ගණනක්. තරඟකරුවන් ප්‍රමාණය ඉහළ යාම නිසා ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදම රුපියල් බිලියන හතරේ සිට පහ දක්වා රුපියල් බිලියනයකින් ඉහළ යනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් ගණන ඉහළ යන තරමට ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදමත් ඉහළ යනවා. නමුත්, එය සිදු වන්නේ රේඛීය ලෙස නෙමෙයි. ඒ කියන්නේ වැඩිවන සෑම අපේක්ෂකයෙකු හේතුවෙන්ම වියදම වැඩි වන්නේ සමාන මුදලකින් නෙමෙයි. තරඟ කරන්නේ එක් අයෙක් පමණක්නම්, ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු නැහැ. ඒ නිසා, වියදම නොසලකා හැරිය හැකි තරම් සුළු වියදමක් පමණයි. එහෙත්, තරඟකරුවන් ගණන දෙදෙනෙකු වූ වහාම වියදම විශාල ලෙස ඉහළ යනවා. ජනාධිපතිවරණය පැවැත්වීමේ අවම වියදම මෙන්ම දෙවන තරඟකරුවකු ඉදිරිපත් වීමේ ආන්තික වියදම රුපියල් බිලියන 3.5 කට අඩු නැතැයි මා හිතනවා. මැතිවරණ රාජකාරි වල නිරත වන නිලධාරීන් වෙනුවෙන් ගෙවිය යුතු දීමනා, ඉන්ධන වියදම් ඇතුළු ප්‍රවාහන වියදම් හා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ වියදම් ආදිය මෙයට ඇතුළත්. තරඟකරුවන් ගණන වැඩිවන තරමට මේ සියලුම වියදම් ඉහළ යනවා. මා හිතන ආකාරයට තෙවන අපේක්ෂකයාගෙන් පසුව වැඩිවන සෑම අපේක්ෂකයෙකු නිසාම ඉහළ යන ආන්තික පිරිවැය යම් තරමකින් හෝ ටිකින් ටික ඉහළ යනවා. ඒ කියන්නේ, තෙවන අපේක්ෂකයෙකු එකතු වීම නිසා වියදම රුපියල් මිලියන 30කින් ඉහළ යනවානම්, සිවුවන අපේක්ෂකයෙකු එකතු වූ විට වියදම රුපියල් මිලියන 30කට වඩා වැඩියෙන් ඉහළ යනවා. [CENTER][IMG]https://1.bp.blogspot.com/-_8VFQsz5lFc/XZtfpvcEUBI/AAAAAAAAEBI/Sf0dl85G6tQp6G0rD1EXVOaa8VW8COhXACLcBGAsYHQ/s320/electtion%2Bexpenses.png[/IMG][/CENTER] මේ ආකාරයට තරඟයට අමතර අපේක්ෂකයෙකු එකතු වීම නිසා ඉහළ යන මැතිවරණ වියදම තරඟ කරන මුළු අපේක්ෂයින් ගණන මත තීරණය වන්නක් වුවත්, අපට කිසිදු අපේක්ෂකයකු පළමු අපේක්ෂකයා හෝ අවසන් අපේක්ෂකයා ලෙස නම් කරන්න පදනමක් නැති නිසා කිසියම් නිශ්චිත අපේක්ෂකයෙකු තරඟයට එකතු වීම නිසා ඉහළ ගිය මැතිවරණ වියදම ඇස්තමේන්තු කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, එක් අපේක්ෂයෙකුගේ වියදම ලෙස අපට සලකන්න වෙන්නේ මුළු වියදම අපේක්ෂකයින් ගණනෙන් බෙදූ විට ලැබෙන මුදලයි. රුපියල් බිලියන පහක වියදම තිස් පහෙන් බෙදූ විට රුපියල් මිලියන 143ක පමණ මුදලක්. නමුත්, එයින් කියැවෙන්නේ එක් අපේක්ෂකයෙකු තරඟයෙන් ඉවත් වූවානම් රුපියල් මිලියන 143ක පමණ මහජන මුදල් ඉතිරි වන බව නෙමෙයි. එසේ ඉතිරි වන මුදල රුපියල් මිලියන 30කට පමණ ආසන්න මුදලක් විය හැකියි. පසුගිය ජනාධිපතිවරණ සඳහා වැය වූ මුදල් ප්‍රමාණ පිළිබඳ දත්ත තිබේනම් මේ මුදල වඩා නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි. හරි. ගණන කීය වුනත් තරඟකරුවෙකු එකතු වීමේ සැලකිය යුතු වියදමක් තියෙනවනේ. දැන් මේ වියදම දරන්නේ කවුද? වියදම දරන්නේ රටේ ජනතාව මිස ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් නෙමෙයි. අපි 18ට අඩු අය අයින් කරලා රටේ ඡන්දදායකයින් ගණනින් බෙදලා බලමු. මේ ගණන මිලියන 15.7ක්නේ. ඒ කියන්නේ එක් ඡන්දදායකයෙකු විසින් දරන වියදම රුපියල් 320ක් පමණ වෙනවා. මැතිවරණ පැවැත්වීම වෙළඳපොළ යාන්ත්‍රනය තුළ තීරණය වන ක්‍රියාවලියක් නොවන නිසා ඡන්දදායකයකුට මැතිවරණයේ වටිනාකම රුපියල් 320ට වඩා වැඩිද කියා අපිට හරියටම නිගමනය කරන්න බැරි වුනත්, එය එසේයැයි අපි උපකල්පනය කරමු. බොහෝ දෙනෙක් මැතිවරණයෙන් තමන් කැමති අපේක්ෂකයාව තෝරා පත් කර ගන්න විශාල උනන්දුවක් දරනවනේ. ඒ උනන්දුව එක්ක බැලුවහම ඔය රුපියල් 320 ලොකු ගාණක් නෙමෙයි කියා හිතන්න අමාරු නැහැ. එතකොට ඡන්දය නොදාන අය? ඒ අය අතරෙන් වුවත් සෑහෙන පිරිසකට ජනාධිපතිවරණය රුපියල් 320ක් වටිනවා කියා මම හිතනවා. ඔවුන් ඡන්දය නොදැමීමෙන් අදහස් වන්නේ ඡන්දය දමන අයගේ බහුතර තීරණය සමඟ අනුගත වීමට තිබෙන කැමැත්ත මිසක් ඡන්දය පැවැත්වෙනවාට තිබෙන අකැමැත්තක් කියා මම හිතන්නේ නැහැ. නමුත්, මැතිවරණ අවශ්‍ය නැති, මැතිවරණය වෙනුවෙන් රුපියල් 320ක් වැය කරන්න කැමති නැති යම් පිරිසකුත් ඇති. ඒ අයටනම් සිදු වෙන්නේ අකැමැත්තෙන් මැතිවරණ වියදම් වලට දායක වෙන්නයි. එහෙම අය ගොඩක් ඉන්නවා කියා මම හිතන්නේ නැහැ. මොකද මැතිවරණ තියන්න කියා ඉල්ලන අය මිසක් මැතිවරණ එපා කියා කියන අය එතරම් නැහැනේ. මේ විදිහට රටේ ගොඩක් අය ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් 320 බැගින් ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා කියා හිතුවොත්, ඔවුන් ඒ මිල කැමැත්තෙන් ගෙවන්නේ තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු දැකීමෙන් ලබන මානසික සතුට හා වෙනත් මුදල් වාසි ඇත්නම් ඒවා වෙනුවෙනුයි. වෙනත් අයෙකු ජයග්‍රහණය කළොත් ඒ සතුට ලැබෙන්නේ නැහැ. තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇතැයි සහතිකයක් කිසිදු ඡන්දදායකයෙකුට නැහැ. එහෙත්, ඒ සඳහා කිසියම් සම්භාවිතාවක් තිබෙන බව ඔවුන් දන්නවා. අපේක්ෂයා දිනුවොත් ලැබෙන මානසික හෝ මුදල් වාසිය මේ සම්භාවිතාවයෙන් ගුණ කළ විට ඡන්දදායකයෙකුගේ අපේක්ෂිත වාසියේ වටිනාකම ලැබෙනවා. ඡන්දදායකයෙකු ඡන්දයකට කැමති වන්නේ මේ අපේක්ෂිත වාසිය මැතිවරණය වෙනුවෙන් ගෙවිය යුතු මිලට වඩා වැඩිනම් පමණයි. ඇතැම් ඡන්දදායකයින්ට මේ විදිහට මැතිවරණය වෙනුවෙන් ගෙවිය යුතු මිල ගෙවීමෙන් පසුව ලැබෙන අතිරික්ත වාසිය වුවත් ගොඩක් වැඩියි. මැතිවරණ වලදී තමන්ගේ අපේක්ෂකයා වෙනුවෙන් මුදල් හා ශ්‍රමය වැය කරන්නේ එවැනි අයයි. තවත් ඇතැම් අයට කවුරු දිනුවත් වෙනසක් නැහැ. ඒ නිසා, මැතිවරණයෙන් වැඩක් නැහැ. නමුත්, එහෙම කියලා එවැන්නෙකුට මැතිවරණයේ වියදම් වලට දායක නොවී සිටීමේ හැකියාවක් නැහැ. රජය ඒ මුදල කොහොමටත් බලෙන්ම ගන්නවා. ඒ නිසා, එවැන්නෙකුට කළ හැක්කේ මැතිවරණය හා අදාළව තමන්ගේ පාලනය යටතේ තිබෙන වියදම් කොටස අඩු කර ගැනීම පමණයි. ඡන්දය නොදා සිටීම එය කරන එක් ක්‍රමයක්. දැන් මේ ඡන්දදායකයාගේ පැත්තනේ. එතකොට අපේක්ෂකයාගේ පැත්ත? අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ලැබෙන ප්‍රධානම වාසිය වන්නේ එසේ ඉදිරිපත් වීමෙන් රටේ ජනාධිපති වීමට අවස්ථාවක් ලැබීමයි. ජනාධිපති වීමේ වාසි ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත්, මේ වාසි ලැබෙන්නේ දිනුවොත් පමණයි. දිනන එක සහතික නැහැ. එහෙත්, දිනන්න යම් සම්භාවිතාවක් තිබෙනවා. ඒ අනුව, ලැබෙන අපේක්ෂිත වාසිය ගණනය කළ හැකියි. දිනන්න කවර හෝ සම්භාවිතාවක් පෙනෙන්නට ඇති අයෙකුට මේ අපේක්ෂිත වාසිය ඉතා විශාල එකක්. එයට සාපේක්ෂව දැරිය යුතු වියදම එතරම් විශාල නැහැ. නමුත්, මේ වාසිය තිබෙන්නේ ජයග්‍රහණය කිරීමට කවර හෝ සම්භාවිතාවක් ඇත්නම් පමණයි. එහෙමනම්, ජයග්‍රහණය කරන්න කිසිම ඉඩක් නැති බව හොඳින්ම දන්නා අපේක්ෂයින් බුරුතු පිටින් තරඟයට ඉදිරිපත් වෙන්නේ ඇයි? මෙයට හේතුව, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට කිසිදු ඉඩක් නැතත්, තරඟයට ඉදිරිපත් වීමේ වෙනත් වාසි තිබීමයි. මේ වෙනත් වාසි යනු ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා ලැබෙන ප්‍රචාරනාත්මක වාසියයි. මේ වාසියත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇතැම් අපේක්ෂකයින් හා ගත් විට ඔවුන් මේ ප්‍රචාරනාත්මක වාසිය යොදා ගන්නේ තමන්ගේ අනාගත දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන්. නමුත්, මේ වන විට මීට අමතරව මේ ප්‍රචාරනාත්මක වාසිය දේශපාලනික නොවන පෞද්ගලික වාසි වෙනුවෙන් ලබා ගැනීමේ ප්‍රවනතාවක්ද ඇති වී තිබෙනවා. ඒ පෞද්ගලික වාසිය වෙනත් අපේක්ෂයෙකු දිනවීමෙන් හෝ වෙනත් අපේක්ෂයෙකුගේ ජයග්‍රහණය වැළැක්වීමෙන් ලබන වාසියක් වෙන්නත්, ඒ දෙකම නොවන වඩා පෞද්ගලික ආකාරයේ වාසියක් වෙන්නත් පුළුවන්. මේ යන ආකාරයට ගියොත් අනාගතයේදී වෙළඳ ප්‍රචාරණය අරමුණු කර ගනිමින් වුවත් අපේක්ෂකයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි. උදාහරණයක් විදිහට කුඩ නිෂ්පාදකයෙකුට තමන්ගේ කුඩ ප්‍රචාරණය කර ගැනීම පිණිස කුඩය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එය වෙළඳ දැන්වීම් වෙනුවෙන් මුදල් වැය කරනවාට වඩා ලාබ විය හැකියි. ප්රජාතන්ත්රවාදයේ මූලධර්ම අනුව බැලුවොත්, දිනන්න ඉඩක් තිබුණත් නැතත්, ඕනෑම කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩ හැරීමේ වැරැද්දක් නැහැ. ඒ වගේම, නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුව බැලුවොත් කවුරු හෝ තමන්ට කවර හෝ වාසියක් ලැබෙන කටයුත්තක නිරත වීමේ වැරැද්දක් නැහැ. ඒ නිසා යමෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ දිනීමේ අරමුණින්ද එහෙම නැත්නම් වෙනත් අරමුණකින්ද කියන එක අදාළ කරුණක් නෙමෙයි. එහෙමනම්, මේකේ තියෙන වැරැද්ද මොකක්ද? මෙතැන තිබෙන වැරැද්ද මෙහිදී අනුන්ගේ පානෙන් එළිය බැලීමක් හෙවත් ෆ්‍රී රයිඩින් ප්‍රශ්නයක් තිබීමයි. කෙනෙක් කිසියම් වාසියක් ලැබීමේ කිසිදු අවුලක් නැතත්, එහි මිල ගෙවන්න වෙන්නේ වෙන අයෙකුටනම් එහි වැරැද්දක් තිබෙනවා. මෙහිදී, සුළු පිරිසක් විසින් අනිසි සේ ලබා ගන්නා ප්රචාරාත්මක වාසියේ මිල ගෙවන්න සිදු වන්නේ ඒ මිල ගෙවීමට කිසිදු අවශ්‍යතාවයක් හෝ කැමැත්තක් නැති පිරිසකටයි. උදාහරණයක් විදිහට ටියුෂන් ගුරුවරයෙක් තමන්ට වැඩිපුර සිසුන් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරණයට තරඟ කරනවා කියා හිතමු. ඔහුට දිනන්න කිසිදු අරමුණක් නැහැ. ජනාධිපතිවරණයට තරඟ කර ලබන ප්‍රචාරනාත්මක වාසිය වෙන ආකාරයකින් ලබා ගන්නනම් ඔහුට මිලියන ගණනක් වැය වෙනවා. මේ වැඩේ ඊට වඩා ලාබයි. ඒ නිසා, ඔහුට විශාල වාසියක් ලැබෙනවා. එහි ප්‍රශ්නයක් නැහැ. ප්රශ්නය තිබෙන්නේ ඔහු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා මිලියන ගණනකින් මැතිවරණ පිරිවැය ඉහළ යාමයි. එය ගෙවන්න වෙන්නේ වෙනත් පිරිසකටයි. ඔවුන්ට ඒ මිල නොගෙවා සිටීමේ හැකියාවක් නැහැ. රජයෙන් ඒ මුදල ඔවුන්ගෙන් බලෙන්ම අය කර ගන්නවා. ඉහත කී තත්ත්වය වලක්වා ගන්නනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයෙකුගෙන් එහි මිල අය කර ගත යුතුයි. තරඟකරුවන් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල හරහා සිදු වන්නේ මේ කාර්යයයි. අවශ්‍ය අවම ඡන්ද ප්‍රතිශතය ලබා ගන්නා අපේක්ෂකයෙකුට තමන් විසින් තැන්පත් කළ ඇප මුදල ආපසු ලැබෙනවා. ඔවුන්ගේ මැතිවරණ පිරිවැය කොටහ ගෙවන්නට කැමැත්තෙන් සිටින පිරිසක් රටේ සිටින බව තහවුරු වී තිබෙන නිසා ඇප මුදල ආපසු දීමේ වැරැද්දක් නැහැ. එහෙත්, ඒ බව තහවුරු කළ නොහැකි අය තමන් නිසා ඉහළ ගිය මැතිවරණ වියදම් පියවිය යුතුයි. ඇප මුදල් රාජසන්තක කිරීමේ මූලධර්මය මෙයයි. ජනාධිපතිවරණයට තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු විසින් රුපියල් 50,000ක මුදලක්ද ස්වාධීන අපේක්ෂකයෙකු විසින් රුපියල් 75,000ක මුදලක්ද ඇප සේ තැන්පත් කළ යුතුයි. මේ ඇප මුදල ආපසු ලැබෙන්නේ 12.5%ක අවම ඡන්ද ප්‍රතිශතයක් ලබාගතහොත් පමණයි. මෙතෙක් ලංකාවේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම සිදුවී තිබෙන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයින් දෙදෙනාගේ හැර අනෙකුත් සියලුම අපේක්ෂයින්ගේ ඇප මුදල් රාජසන්තක වීමයි. මේ ආකාරයට තමන්ගේ ඇප මුදල රාජසන්තක වන බව දැන දැනම බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඇප ලෙස තැන්පත් කරන සොච්චම් මුදලට සාපේක්ෂව තමන්ට ලැබෙන ප්‍රචාරනාත්මක වාසිය ගොඩක් වැඩි නිසයි. මේ ඇප මුදල් නිර්ණය වී තිබෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පණතේ ප්‍රතිපාදන අනුවයි. 1981දී රුපියල් 50000ක් කියා කියන්නේ සැලකිය යුතු මුදලක්. ඒ වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 5,725ක් පමණයි. එහෙත්, 2018 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 666,817 දක්වා 116 ගුණයකින් වැඩි වී තිබෙනවා. මේ වැඩි වීමට උද්ධමනය හේතුවෙන් රුපියලේ මූර්ත අගය පහළ යාම සහ මූර්ත ආර්ථික වර්ධනය යන කරුණු දෙකම හේතු වී තිබෙනවා. එයට සමාන්තරව මැතිවරණ වියදම්ද ඉහළ ගොස් ඇතත් අපේක්ෂයින් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණ වෙනස් වී නැහැ. පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂයක අපේක්ෂයෙකු විසින් තැන්පත් කළ යුතු වූ ඇප මුදල එවක රටේ ඒක පුද්ගල ආදායම මෙන් 8 ගුණයකටත් වැඩියි. එසේ තිබියදීත් අපේක්ෂකයින් 6 දෙනෙකු තරඟයට ඉදිරිපත් වුනා. ඉන් පසුව, රටේ ආදායම් ක්‍රමයෙන් ඉහළ යද්දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය ඇප මුදල ක්‍රමක්‍රමයෙන් සුළු මුදලක් බවට පත් වුනා. රුපියල් 50,000ක් කියා කියන්නේ 2018දී ලංකාවේ ඒක පුද්ගල ආදායමෙන් 1/13කටත් අඩු මුදලක්. මේ ආකාරයට ඇප සේ තැන්පත් කළ යුතු මුදලේ නාමික අගය වෙනස් නොවීම හා මූර්ත අගය පහළ යාමට සමාන්තරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තරඟකරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. 1982- 6 1989- 3 1994- 6 1999- 13 2005- 13 2010- 22 2015- 19 2019- 35 රටේ ඒක පුද්ගල ආදායම ඉහළ යාම සැලකුවොත් 1981දී නිර්ණය වූ රුපියල් 50,000 හා 75,000 මුදල් ප්‍රමාණ 2018 වන විට රුපියල් මිලියන 5.8 හා රුපියල් මිලියන 8.7 මට්ටමට ඉහළ ගොස් තිබිය යුතුයි. නමුත්, එසේ වී නැහැ. ඊළඟ ජනාධිපතිවරණයට පෙර හෝ මේ ඇප මුදල් ප්‍රමාණ විශාල ලෙස ඉහළ නොදැම්මොත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයින් ගණන සීය පන්නයි.[/SIZE] [I][SIZE="3"]උපුටා ගැනිම ඉකොනොමැට්ටාගෙන්[/SIZE][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom