Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති තුමනි, ඔබට තෝරා ගැනීම් දෙකක් තිබŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති තුමනි, ඔබට තෝරා ගැනීම් දෙකක් තිබ&#354

සාක්ෂි එක්කම ලියලා තියෙනවා පඹයාට රෙවෙන්න... පඹයාට දෙවෙනි තේරීම කරන්න වෙලා.. මේ විදියේ මිනිස්සු ඉන්නවානම් රටක් හදන එක ගේමක් නෙවෙයි..

Source:

http://www.dailymirror.lk/article/Lasantha-s-daughter-writes-to-President-158631.html

හිතවත් ජනාධිපති සිරිසේන,

පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ගත් ඔබගේ තීරණය පිළිබඳව

2018 වසරේ නොවැම්බර් මස 18 වැනි ඉරිදා දින, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 73 වැනි ජන්ම දිනය විය. මෙම අවස්ථාව සමරා ජනාධිපති රාජපක්ෂ ඔහුගේ නිළ නිවස සමීපයෙහි පිහිටි විහාරස්ථානයක පින්කමකට සහභාගී වූ අතර, එම අවස්ථාවට ඔබගේ පොලිස්පති වරයා වන පූජිත් ජයසුන්දර මහතාද සහභාගී විය. හිටපු ජනාධිපතිගේ උපන්දිනය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග එක්ව සැමරීමෙන් පසුව, ජයසුන්දර මහතා පොලිස් මූලස්ථානයට ගොස්, අංකය සහ දිනය දරන මාරු කිරීමේ නියෝගයට අත්සන් තබන ලදී.

ඔබ හොඳින් දන්නා පරිදි, මෙම නියෝගය වනුයේ, පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා හෙවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්මූහ මංකුල විමර්ශන භාර නිළධාරියාව, අනිර්දිෂ්ට "සේවා අවශ්‍යතා " මත ඉවත් කිරීමේ නියෝගයයි. මෙම නියෝගය මතුපිටින් පෙනෙන පරිදි පොලිස්පති වරයා නිකුත් කළ නියෝගයක් වුවත්, ඔහු මෙම නියෝගය ඔබගේ බලපෑම මත, අකමැත්තෙන් නිකුත් කරන ලද්දක් බව ඔහු රහසක් වශයෙන් තබා නැත. මෙය ඔබගේ ඉතා කල්පනාකාරී උපන් දින තෑග්ගක් වූ නමුත්, එය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය විනා, ගෝඨාභයගේ නොවේ.

ඔබ විසින් මගේ පියාගේ වැනි සාහසික ඝාතන වලට යුක්තිය පසිඳලන බවට පොරොන්දු දුන් වේදිකාවක් මත ජනාධිපතිවරයා ලෙස ඓතිහාසිකව තෝරා ගන්නට හරියටම වසර හයකට පෙර, එනම් 2009 වසරේ ජනවාරි 8 වැනිදා දින, අමානුෂික ලෙස ඝාතනය කරන ලද මගේ පියා වන ලසන්ත වික්රමතුංගගේ ඝාතනය පිළිබඳව ප්‍රධාන අපරාධ පරීක්ෂකයා වූයේ, පොලිස් පරීක්ෂක සිල්වා බව මම දනිමි.

2009 වසරේ ජනවාරියේ, වවුනියාවෙන් අහිංසක තරුණයන් දෙදෙනෙක් පැහැර ගෙන, අමු අමුවේ මරා දමා, අනුරාධපුරයේදී ඔවුන්ගේ සිරුරු පුළුස්සා අලු කර දමන්නේ, මේ අපරාධය සිදුවූ ස්ථානයේ සාක්ෂි වශයෙන් ඔවුන්ගේ මෝටර් සයිකලය තබන්නටය. තමාට පහර දීමට පැමිණෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය පිළිබඳව තොරතුරු ඇතුළත් විය හැකි, මගේ පියාගේ අවසන් වචන සහිත සටහන් පොතද, ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරීන් විසින් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොවන පරිදි සහමුලින්ම විනාශ කර දමන්නට සහාය වෙති. පසුගිය දෙවසර පුරාවට ඔහු ( පොලිස් පරීක්ෂක සිල්වා ) වෙහෙස නොබලා, වවුනියාවේ සහ අනුරාධපුරයේ සැරිසරා, දුසිම් ගණනක් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්ණ කර, දශකයකට වඩා පැරණි සාම්පල සඳහා ඩී.එන්.ඒ වාර්ථා ලබාගනිමින්, අවසානයේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකුත් සමග, මෙයට වගකිව යුතු පොලිස් නිළධාරීන් අත් අඩංගුවට ගත්තේය.

2010 වසරේ ජනවාරි 18 වැනිදා, මගේ පියාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණයේ සුවිශේෂී ස්ථානයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණියේ, නුවර එළියේ කාර්මිකයෙකු යුද හමුදා බුද්ධි අංශයේ "ට්‍රිපොලි" නම් හමුදා ඛාණ්ඩයට අයත් සෙබළෙකු, තම හැඳුනුම් පත භාවිතා කර, මගේ පියාට එල්ල වූ ප්‍රහාරය සංවිධානය කිරීම සඳහා සිම් කාඩ්පත් මිළට ගත් අයෙකු ලෙස හඳුනා ගැනීමත් සමගය. සියළු බළ ඇති ගෝඨාභය රාජපක්ෂ, පුද්ගලික නියෝගයක් මගින් මේ ට්‍රිපොලි ඛණ්ඩයේ අණදෙන නිළධාරියාව වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ තානාපති සේවයක ස්ථානගත කරන විට, මෙම සම්බන්ධය පිළිබඳව සාක්ෂිකරුගේ ප්‍රකාශය සටහන් වූවා පමණි.

අනතුරුව, මෙම අපරාධ පරීක්ෂණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ක්ෂණිකව උදුරාගෙන, ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශයට ලබා දෙන ලද අතර, ඔවුහු ඉහත සඳහන් කළ අහිංසක කාර්මිකයා ගොතන ලද ව්‍යාජ චෝදනා මත අත් අඩංගුවට ගෙන, ට්‍රිපොලි හමුදා ඛණ්ඩය සම්බන්ධ සියලු තොරතුරු වසා දමන ලදී. මේ සියල්ල අප දන්නේ නිශාන්ත සිල්වාගේ පරීක්ෂණ වලට ස්තූති වන්ත වන්නටය. මෙම අසරණ කාර්මිකයා 2011 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, රක්ෂිත අත් අඩංගුවේදී අබිරහස් ලෙස මිය නොයන්නට, අපට මීටත් වඩා තොරතුරු දැන ගත හැකිව තිබිණි.

මා නිශාන්ත සිල්වා හඳුනන්නේ, ඔහු මගේ පියාගේ මරණය සම්බන්ධයෙන් මගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙල්බර්න් නුවරට පැමිණි සමයේ සිටය. මිග් ගණුදෙණුව පිළිබඳව හෙළිදරව් කිරීම නිසා, ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් ඝාතනය කිරීමට ඉඩ ඇති බව, මගේ පියා පුන පුනා ප්‍රකාශ කළ බව, මම ඔහුට එවිට කීවෙමි. නිශාන්ත සිල්වා නිර්භීත ලෙස මෙය ගල්කිස්සේ අධිකරණයට වාර්ථා කරන ලදී. මගේ පියා තමන්ගේ ඝාතනයට අණ දෙන්නා පිළිබඳව කී දෙය නිවැරදිද යන්න තීරණය කළ හැක්කේ අධිකරණයකට පමණක් වන නමුත්, ඔහු මිග් ගණුදෙණුව පිළිබඳව නිසැකවම නිවැරදි විය. එෆ්.සී.අයි.ඩී පරීක්ෂණ පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගෙවන ලද මුදලෙන් අඩක්, මෙම ගණුදෙනුවේ මැදිහත් කරුවන් විසින් මෙහෙයවන ව්‍යාජ රහස්‍ය සමාගමකට යවා ඇති බවත්, මගේ පියා විසින් හෙළිදරව් කරන ලද අන්දමටම, ගෝඨාභය රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකු වන උදයංග වීරතුංග නැමැත්තා මේ ගණුදෙනුවට දැඩි ලෙස සම්බන්ධව සිටි බවත්ය.

නිශාන්ත සිල්වා හමුවූ දා සිටම, මා ඔහුගේ කාරුණික බව, නිහතමානීත්වය සහ රැකියාවට ඇති කැප වීම, පිළිබඳව ප්‍රසාදයට පත්වූයෙමි. මා ඔහුගේ කාර්යයන් පිළිබඳව සොයා බැලීමෙන් පසුව, ඔහු විසින් සිදු කරනු ලබන ඉහළ පෙලේ පරීක්ෂණයන් පිළිබඳව විමතියට පත්වීමි. 2008 වසරේ මැයි මාසයේ මාධ්‍යවේදී කීත් නොයාර් අමානුෂික ලෙස පැහැරගෙන ගොස්, වධ බන්ධනයන්ට ලක් කිරීම පිළිබඳව පරීක්ෂණ වලටද නායකත්වය දෙමින් සිටියේ ඔහුය. නිශාන්ත සිල්වාගේ කණ්ඩායම විසින් මිලියන ගණනක් දුරකථන වාර්ථා ප්‍රතිනිර්මාණය කර පරීක්ෂා කර, සාක්ෂි ප්‍රකාශ සියයකට අධික ප්‍රමාණයක් වාර්ථාගත කළ අතර, කීත් නොයාර් හිංසනයට ලක්වූ හමුදා බුද්ධි අංශයේ ආරක්ෂිත නිවස්නය සොයාගෙන, එහි තිබී එම නිවස හමුදා බුද්ධි අංශය මගින් බද්දට ගෙන සිටි බව ඔප්පු කළ හැකි ලියකියවිලිද සොයාගෙන, හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු හමුදා බුද්ධි අංශ නිළධාරීන් අට දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී. එයින් සත් දෙනෙකු, මගේ පියාගේ ඝාතනයට සම්බන්ධ කුප්‍රකට "ට්‍රිපොලි" සුදු වෑන් බළකායේ අය විය.

ඇත්තටම ඔහු එම කුප්‍රකට සුදු වෑන් රථයද සොයාගෙන, එයද අධිකරණයට ඉදිරිපත් කළේය. මේ මරණයේ එන්ජිම ඔබේ මැතිවරණය ප්රචාරයේ සංකේතයක් වූ අතර, එමඟින් ඔබේ ප්‍රතිවාදීන්ගේ කෘර සාහසිකත්වය සංකේතවත් කළේය. ඔබ විසින් එය සොයාගත් මිනිසාට උසස් වීමක් ප්රදානය කරනු විනා, ඔහුගේ රැකියාව කඩාකප්පල් කිරීමට උත්සාහ නොකරනු ඇති බවට යමෙකු අපේක්ෂා කරන්නට ඇත. ඇත්ත වශයෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය විසින් යුද හමුදාවෙන් සහ ආරක්ෂක අමාත්‍යංශයෙන් අතිශය වැදගත් ලියකියවිලි සහ වාර්ථා ඉල්ලා සිටි අවස්ථාවේ, ඊනියා ජාතික ආරක්ෂාව පදනම් කර ගනිමින්, යුද හමුදාවට මෙම පරීක්ෂණය සඳහා සහාය නොදෙන ලෙස ඔබ විසින් පුද්ගලිකව නියෝග නොකරන්නට, පොලිස් පරීක්ෂක සිල්වාට මෙම ට්‍රිපොලි හමුදා ඛණ්ඩය සහ එයට අණදුන් අයගේ අතර සම්බන්ධයද සොයාගන්නට අවකාශය තිබිණි.

2010 ජනවාරි ජනාධිපතිවරණය ආසන්නයේදී කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ඝාතනය කිරීම සම්බන්ධව හමුදා බුද්ධි අංශයේ තවත් ඝාතක කල්ලියක සාමාජිකයන් හඳුනාගෙන, අත් අඩංගුවට ගන්නා ලද්දේද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ කණ්ඩායම විසිනි. එහිදීද, නිශාන්තගේ කණ්ඩායම විසින් ලක්ෂ ගණනක් දුරකථන වාර්ථා පරීක්ෂා කර, හමුදා ස්ථාන කිහිපයක් සෝදිසි කිරීමට ලක් කර, සුවිශාල සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශයන් ප්‍රමාණයක් වාර්ථාගත කළහ. අධිකරණ ලියවිලි වලට අනුව, සැකකරුවන්ව සිට පසුව සාක්ෂිකරුවන් වූවන් අවම වශයෙන් දෙදෙනෙකුවත්, එක්නැලිගොඩ පැහැර ගැනීම සහ මරා දැමීම සිදු කරන ලද්දේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත.

ඇවන්ගාඩ් සමුද්‍ර සේවා සමාගම විසින් පාලනය කරන ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ පරීක්ෂණය අතර තුර, 2015 වසර මුලදී, පළමු වරට ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් ගෙන ඒමට කටයුතු කළේද නිශාන්ත සිල්වාගේ කණ්ඩායමයි. ගෝඨාභය රාජපක්ෂගේ බළය මත, ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් මුහුදේ දමන ලද අවි ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය ලැයිස්තු ගත කීරීමෙන්ද, බැංකු ගිණුම් සෝදිසි කිරීමෙන්ද, ඔහුගේ කණ්ඩායම විශාල වැඩ කොටසක් කරන ලදී. මෙම පරීක්ෂණය අවසන් වන ලද්දේ, 2015 ජූනි මාසයේදී ඔබගේ නීතිපතිවරයා විසින්, අනීතිකව ලියාපදිංචි කරන ලද සහ ලියාපදිංචි නොකරන ලද ස්වයංක්‍රීය ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය පුරවන ලද පාවෙන අවි ගබඩාවේ මෙහෙයුම් වලින් "ගිනි අවි ආඥා පණත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පණත, හෝ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතට අදාළ කිසිදු වරදක් හෙළිදරව් වී නොමැති බවට" තීරණය කිරීමත් සමගය.

2008 සහ 2009 වසර වල තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගෙනගොස්, මරා දැමීම සහ ඔවුන්ගේ අසරණ පවුල් වලින් කප්පම් ඉල්ලීම සම්බන්ධවද පරීක්ෂණ මෙහෙයවන ලද්දේ නිශාන්ත සිල්වා විසින් වන අතර, එහිදී චූදිත ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිළධාරීන් කිහිප දෙනෙකුද, සුපරික්ෂාකාරීව හඳුනාගෙන අත් අඩංගුවට ගනු ලැබුවේ, පොලිස් පරීක්ෂක සිල්වා විසිනි. ඔබගේ හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා, මේ බිහිසුණු මිනීමැරුම් වලට සම්බන්ධ වී, නීතියෙන් පලා යමින් සිටි නාවික හමුදා නිළධාරියෙකුට රැකවරණය දී, රටින් පිට කිරීමට සම්බන්ධ බවට සාක්ෂි විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් අප්‍රතිහත ධෛර්යයක්, පොලිස් පරීක්ෂක සිල්වා සතුවිය. - නිශාන්ත සිල්වා "එල්.ටී.ටී.ඊ සහචරයෙකු" බවට අබූත සහ තහවුරු නොකරන ලද " බුද්ධි තොරතුරු" ඔබට ලබා දී තිබෙන්නේද, පොලිස් පරීක්ෂක සිල්වා විසින් අත් අඩංගුවට ගනු ලැබීමට අවශ්‍ය කර සිටින, මේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානියාම වීම දෛවයේ සරදමකි. මේ බුද්ධි තොරතුරු ඔබ ඔබේ පොලිස්පති වරයාට බලහත්කාරයෙන් ගිල්ලවා, ශ්‍රී ලංකා පොලීසියේ සිටින ඉතාම නිර්භීතම, වැඩිම කැපවීමක් සහිත විශිෂ්ඨ ගණයේ රහස් පරීක්ෂක වරයෙකුගේ කීර්ති නාමය විනාශ කිරීමට උත්සාහ දරයි.

මා නිශාන්ත සිල්වා පිළිබඳව විශේෂයෙන් සංවේගයට පත්වන්නේ මෙහිදීය. මාගේ ළමා අවදිය පුරාවටම මා දුටු දෙයක් වන්නේ, මගේ පියා විසින් යමෙකු පිළිබඳව හෙළිදරව්වක් කළ සෑම අවස්ථාවකදීම, එම සත්‍යය ඔවුන්ගේ කීර්තිය සුණු විසුණු කර දමන තරමට ඉතා කටුක, බිඳ හෙළිය නොහැකි වන්නේ නම්, ඔවුන් ප්‍රතිචාර දක්වනුයේ කිසිදු සාක්ෂියකින් තොරව මගේ පියා "එල්.ටී.ටී.ඊ සහචරයෙකු" බවට චෝදනා නැගීමෙනි. නිදසුනක් ලෙස, මගේ පියා මිග් ගණුදෙණුව පිළිබඳව හෙළි කල විට, ඔහු සහ ඔහුගේ පුවත්පත එල්.ටී.ටී.ඊ සංවිධානයේම කොටස් ලෙස හඳුන්වා දෙන ක්‍රියාන්විතයක් ආරක්ෂක අමාත්‍යංශය මඟින් මෙහෙයවන ලදී. නමුත් සත්‍යය ඉස්මතු විය. සත්‍යය හැමවිටම ඉස්මතු වන්නේය.

නිශාන්ත සිල්වා පිළිබඳව සත්‍යය වන්නේ, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතිහාසයටම සිටි එල්.ටී.ටී.ඊ සංවිධානයට විශාලම හිරිහැරයක් වූ පුද්ගලයන්ගෙන් කෙනෙකුය, යන්නය. කණිෂ්ඨ නිළධාරියෙකු ලෙස ඔහු, කටුනායක ගුවන් තොටුපළට 2000 වසරේදී එල්ල වූ ප්‍රහාරයට අදාළ සැලසුම් කිරීම සහ පහසුකම් සැලසීම කරන ලද එල්.ටී.ටී.ඊ බුද්ධි ජාලය පිළිබඳව කරන ලද අපරාධ පරීක්ෂණයටද සම්බන්ධ විය. 2006 වසරෙදී සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාට එල්ල වූ ඝාතන තැත පිළිබඳවද පරීක්ෂණ මෙහෙයුම් කරුවා වූයේ ඔහුය. හෙතෙම මෙම සිද්ධි වලටද, 2008 වසරේ ජෙනරාල් ජානක පෙරේරා ඝාතනයටද සම්බන්ධ වූ එල්.ටී.ටී.ඊ ජාලයන් විනාශ කර දමන ලද අතර, ඒවාට අමතරව තවත් ත්‍රස්ත විරෝධී මෙහෙයුම් රැසකට සම්බන්ධ වූයේය.

ඔබගේ උඩඟු අත්තේවාසික අඥානයන් පිනවීමටද, ඔබ අලුතින් සොයාගෙන සිටින දේශපාලනික සගයන්ගෙන් "ලකුණු දමා ගැනීමටද", නිශාන්ත සිල්වා වැනි විශ්වාසවන්ත මහජන සේවකයෙක්ට සහ ජාතික වීරවරයෙකුට ත්‍රස්තවාදී හංවඩුව ගසන්නට දරන නිරර්ථක උත්සාහය මඟින්, ඔබ ජනාධිපති පදවිය ඔබට පෙර එම පදවිය දැරූවන් කිසිවෙකුත් නොදැමූ තරම් පහත් තත්වයකට ඇද දමමින් සිටියි. මගේ පියාට නොයෙක් අවස්ථා වලදී චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් දෙදෙනා සමගම තදබල ලෙස එකඟ නොවන තැන් විය. ඔවුහු ආපසු ගන්නට කැමති බොහෝ දෑ එකිනෙකාට කියාගත්හ. නමුත් කුමාරතුංග ජනාධිපතිවරියවත්, රාජපක්ෂ ජනාධිවරයාවත්, මගේ පියා කොටි සංවිධානයට අයත් පුද්ගලයෙකු ලෙස හංවඩු ගසන තරම් පහත් තත්වයකට වැටුණේ නැත. එවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීමේ හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ වැනි පහත් මට්ටමේ පුද්ගලයන්ට පමණක් වන අතර ඔබද එවැනි මට්ටමේ පහත් අයකු බව දැන් පෙනෙන්නට ඇත.

මා ඔබට කියා සිටින්නේ, ඔබ දිවුරුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තහවුරු කිරීමට සහ ආරක්ෂා කිරීමට මිස, ඔබගේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ආරක්ෂා කිරීමටවත්, සුදුවෑන් මගින් පාලනය ගෙනගිය අය ආරක්ෂා කිරීමටවත් නොවන බව සිහිපත් කර ගන්නා ලෙසය. මේ අය කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් වරදකරුවන්දැයි මා නොදනිමි. ඔබත් නොදනී. එය අධිකරණයක් මඟින් තීන්දු කළ යුත්තේ, ඔබ විසින් දණහිසින් කපා දමන්නට පෙර නිශාන්ත සිල්වා වැනි අය විසින් ඉතා සුහුරුව සහ වෙහෙස නොබලා කරමින් සිටි පරීක්ෂණ වැනි තදබල අපරාධ පරීක්ෂණ මාලාවකට පසුවය. අපගේ කාර්යය වන්නේ, අපරාධ විනිශ්චය ක්‍රියාවලියේදී අදාළ අපරාධ පරීක්ෂකයන්ට අවශ්‍ය වන කවර ආකාරයකින් හෝ සහාය ලබා දීමයි.

එය නම් මා වැනි සාක්ෂි කරුවෙකුට හැඟෙන පරිදි ඔවුන්ගේ ප්‍රශ්ණ වලට සත්‍ය සහ සම්පූර්ණ පිළිතුරු දීමය. රාජ්‍ය නායකයා වශයෙන් ඔබට නම් එය ඔබේ පෞද්ගලික සබඳතා, දේශපාලනික අවශ්‍යතා සහ කැමැත්තට ඉදිරියෙන් නීතිය තැබීමය. එය නම්, පරීක්ෂකයන්ට සත්‍ය සොයාගෙන, එය අධිකරණයක් ඉදිරියට පමුණුවන්නට අවශ්‍ය සම්පත්, දේශපාලනික කැමැත්ත සහ සහාය රාජ්‍ය වෙතින් ලබා දීමය. සියල්ලටම වඩා, ඔබගේ කාර්යභාරය වන්නේ නිශාන්ත සිල්වා විසින් කළ පරිදි යුක්තිය පසිඳලීම කෙරෙහි ඇති කැපවීම ගෙන දෙන්නේ පූජනීයත්වයක් මිස පළිගැනීමකට ලක්වීමක් නොවන බව, රට පුරා සිටින පොලිස් නිළධාරීන්ට සුපැහැදිලි කර දීමය.

මා හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙරෙහි මෙන්ම ජාතික පොලිස් කොමිසම සහ ව්‍යවස්ථාදායක සභාව බඳු ස්වාධීන ආයතන කෙරෙහි විශ්වාසයක් ඇත. ඔබ හට එලෙස බලය නිර්දය ලෙස අවභාවිතා කරන්නට ඔවුහු ඉඩ නොතබනු ඇත.

ජනාධිපති තුමනි, ඔබට තෝරා ගැනීම් දෙකක් තිබේ. ඔබට, නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම ආපසු හරවා, ඔහුට ඔහුගේ රාජකාරිය කරගෙන යෑමට ඉඩ හැරීම මඟින්, වැරදි උපදෙස් නිසා සිදුවූ විනිශ්චයෙහි වරදක් ක්ෂණිකව නිවැරදි කළ ජනාධිපතිවරයෙකු ලෙස මතකයට එක්විය හැක.

නැතහොත්, ඔබට ස්වාධීන පොලිස් කොමිසම මඟින් හෝ, අධිකරණයක් මගින් ඔබගේ නියෝගය නැවත විමසා බලා කර අවලංගු කර දමන තෙක් සිටිය හැක. එසේ වුවහොත් ඔබ, රටේ ඉහළම අපරාධ පරීක්ෂණ කිහිපයක් නවත්වන්නට ගොස් අසාර්ථක වූ ජනාධිපතිවරයෙකු ලෙස මතකයට එක්වනු ඇත. වරද්දා නොගන්න ජනාධිපතිතුමනි ! ඔබ මගේ පියාට සහ අනෙක් හිංසාවන්ට ලක්වූවන්ට යුක්තිය පසිඳලීම අවහිර කරන්නට උත්සාහ කළහොත්, ඔබ අසාර්ථක වනු ඇත.

ඔබේ විශ්වාසී,

අහිම්සා වික්‍රමතුංග

පිටපත් : ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිට, ජාතික පොලිස් කොමිසමේ සභාපතිට, පොලිස්පතිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට

(ලියුමේ සිංහල පරිවර්තනය සහ ඡායාරූප අන්තර්ජාලයෙනි.)

[QUOTE="Smartm, post: 23920034, member: 114079"] [b]ජනාධිපති තුමනි, ඔබට තෝරා ගැනීම් දෙකක් තිබŢ[/b] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සාක්ෂි එක්කම ලියලා තියෙනවා පඹයාට රෙවෙන්න... පඹයාට දෙවෙනි තේරීම කරන්න වෙලා.. මේ විදියේ මිනිස්සු ඉන්නවානම් රටක් හදන එක ගේමක් නෙවෙයි..:yes::yes::yes: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Source: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]http://www.dailymirror.lk/article/Lasantha-s-daughter-writes-to-President-158631.html [/SIZE] [SIZE=3] [/SIZE] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3] හිතවත් ජනාධිපති සිරිසේන,[/SIZE][/B] [SIZE=3] පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ගත් ඔබගේ තීරණය පිළිබඳව --------------------------------------------- 2018 වසරේ නොවැම්බර් මස 18 වැනි ඉරිදා දින, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 73 වැනි ජන්ම දිනය විය. මෙම අවස්ථාව සමරා ජනාධිපති රාජපක්ෂ ඔහුගේ නිළ නිවස සමීපයෙහි පිහිටි විහාරස්ථානයක පින්කමකට සහභාගී වූ අතර, එම අවස්ථාවට ඔබගේ පොලිස්පති වරයා වන පූජිත් ජයසුන්දර මහතාද සහභාගී විය. හිටපු ජනාධිපතිගේ උපන්දිනය, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග එක්ව සැමරීමෙන් පසුව, ජයසුන්දර මහතා පොලිස් මූලස්ථානයට ගොස්, අංකය සහ දිනය දරන මාරු කිරීමේ නියෝගයට අත්සන් තබන ලදී.[/SIZE] [SIZE=3] ඔබ හොඳින් දන්නා පරිදි, මෙම නියෝගය වනුයේ, පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා හෙවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්මූහ මංකුල විමර්ශන භාර නිළධාරියාව, අනිර්දිෂ්ට "සේවා අවශ්‍යතා " මත ඉවත් කිරීමේ නියෝගයයි. මෙම නියෝගය මතුපිටින් පෙනෙන පරිදි පොලිස්පති වරයා නිකුත් කළ නියෝගයක් වුවත්, ඔහු මෙම නියෝගය ඔබගේ බලපෑම මත, අකමැත්තෙන් නිකුත් කරන ලද්දක් බව ඔහු රහසක් වශයෙන් තබා නැත. මෙය ඔබගේ ඉතා කල්පනාකාරී උපන් දින තෑග්ගක් වූ නමුත්, එය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය විනා, ගෝඨාභයගේ නොවේ.[/SIZE] [SIZE=3] ඔබ විසින් මගේ පියාගේ වැනි සාහසික ඝාතන වලට යුක්තිය පසිඳලන බවට පොරොන්දු දුන් වේදිකාවක් මත ජනාධිපතිවරයා ලෙස ඓතිහාසිකව තෝරා ගන්නට හරියටම වසර හයකට පෙර, එනම් 2009 වසරේ ජනවාරි 8 වැනිදා දින, අමානුෂික ලෙස ඝාතනය කරන ලද මගේ පියා වන ලසන්ත වික්රමතුංගගේ ඝාතනය පිළිබඳව ප්‍රධාන අපරාධ පරීක්ෂකයා වූයේ, පොලිස් පරීක්ෂක සිල්වා බව මම දනිමි.[/SIZE] [SIZE=3] 2009 වසරේ ජනවාරියේ, වවුනියාවෙන් අහිංසක තරුණයන් දෙදෙනෙක් පැහැර ගෙන, අමු අමුවේ මරා දමා, අනුරාධපුරයේදී ඔවුන්ගේ සිරුරු පුළුස්සා අලු කර දමන්නේ, මේ අපරාධය සිදුවූ ස්ථානයේ සාක්ෂි වශයෙන් ඔවුන්ගේ මෝටර් සයිකලය තබන්නටය. තමාට පහර දීමට පැමිණෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය පිළිබඳව තොරතුරු ඇතුළත් විය හැකි, මගේ පියාගේ අවසන් වචන සහිත සටහන් පොතද, ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරීන් විසින් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොවන පරිදි සහමුලින්ම විනාශ කර දමන්නට සහාය වෙති. පසුගිය දෙවසර පුරාවට ඔහු ( පොලිස් පරීක්ෂක සිල්වා ) වෙහෙස නොබලා, වවුනියාවේ සහ අනුරාධපුරයේ සැරිසරා, දුසිම් ගණනක් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්ණ කර, දශකයකට වඩා පැරණි සාම්පල සඳහා ඩී.එන්.ඒ වාර්ථා ලබාගනිමින්, අවසානයේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකුත් සමග, මෙයට වගකිව යුතු පොලිස් නිළධාරීන් අත් අඩංගුවට ගත්තේය.[/SIZE] [SIZE=3] 2010 වසරේ ජනවාරි 18 වැනිදා, මගේ පියාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණයේ සුවිශේෂී ස්ථානයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණියේ, නුවර එළියේ කාර්මිකයෙකු යුද හමුදා බුද්ධි අංශයේ "ට්‍රිපොලි" නම් හමුදා ඛාණ්ඩයට අයත් සෙබළෙකු, තම හැඳුනුම් පත භාවිතා කර, මගේ පියාට එල්ල වූ ප්‍රහාරය සංවිධානය කිරීම සඳහා සිම් කාඩ්පත් මිළට ගත් අයෙකු ලෙස හඳුනා ගැනීමත් සමගය. සියළු බළ ඇති ගෝඨාභය රාජපක්ෂ, පුද්ගලික නියෝගයක් මගින් මේ ට්‍රිපොලි ඛණ්ඩයේ අණදෙන නිළධාරියාව වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ තානාපති සේවයක ස්ථානගත කරන විට, මෙම සම්බන්ධය පිළිබඳව සාක්ෂිකරුගේ ප්‍රකාශය සටහන් වූවා පමණි.[/SIZE] [SIZE=3] අනතුරුව, මෙම අපරාධ පරීක්ෂණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ක්ෂණිකව උදුරාගෙන, ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශයට ලබා දෙන ලද අතර, ඔවුහු ඉහත සඳහන් කළ අහිංසක කාර්මිකයා ගොතන ලද ව්‍යාජ චෝදනා මත අත් අඩංගුවට ගෙන, ට්‍රිපොලි හමුදා ඛණ්ඩය සම්බන්ධ සියලු තොරතුරු වසා දමන ලදී. මේ සියල්ල අප දන්නේ නිශාන්ත සිල්වාගේ පරීක්ෂණ වලට ස්තූති වන්ත වන්නටය. මෙම අසරණ කාර්මිකයා 2011 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, රක්ෂිත අත් අඩංගුවේදී අබිරහස් ලෙස මිය නොයන්නට, අපට මීටත් වඩා තොරතුරු දැන ගත හැකිව තිබිණි.[/SIZE] [SIZE=3] මා නිශාන්ත සිල්වා හඳුනන්නේ, ඔහු මගේ පියාගේ මරණය සම්බන්ධයෙන් මගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙල්බර්න් නුවරට පැමිණි සමයේ සිටය. මිග් ගණුදෙණුව පිළිබඳව හෙළිදරව් කිරීම නිසා, ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් ඝාතනය කිරීමට ඉඩ ඇති බව, මගේ පියා පුන පුනා ප්‍රකාශ කළ බව, මම ඔහුට එවිට කීවෙමි. නිශාන්ත සිල්වා නිර්භීත ලෙස මෙය ගල්කිස්සේ අධිකරණයට වාර්ථා කරන ලදී. මගේ පියා තමන්ගේ ඝාතනයට අණ දෙන්නා පිළිබඳව කී දෙය නිවැරදිද යන්න තීරණය කළ හැක්කේ අධිකරණයකට පමණක් වන නමුත්, ඔහු මිග් ගණුදෙණුව පිළිබඳව නිසැකවම නිවැරදි විය. එෆ්.සී.අයි.ඩී පරීක්ෂණ පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගෙවන ලද මුදලෙන් අඩක්, මෙම ගණුදෙනුවේ මැදිහත් කරුවන් විසින් මෙහෙයවන ව්‍යාජ රහස්‍ය සමාගමකට යවා ඇති බවත්, මගේ පියා විසින් හෙළිදරව් කරන ලද අන්දමටම, ගෝඨාභය රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකු වන උදයංග වීරතුංග නැමැත්තා මේ ගණුදෙනුවට දැඩි ලෙස සම්බන්ධව සිටි බවත්ය.[/SIZE] [SIZE=3] නිශාන්ත සිල්වා හමුවූ දා සිටම, මා ඔහුගේ කාරුණික බව, නිහතමානීත්වය සහ රැකියාවට ඇති කැප වීම, පිළිබඳව ප්‍රසාදයට පත්වූයෙමි. මා ඔහුගේ කාර්යයන් පිළිබඳව සොයා බැලීමෙන් පසුව, ඔහු විසින් සිදු කරනු ලබන ඉහළ පෙලේ පරීක්ෂණයන් පිළිබඳව විමතියට පත්වීමි. 2008 වසරේ මැයි මාසයේ මාධ්‍යවේදී කීත් නොයාර් අමානුෂික ලෙස පැහැරගෙන ගොස්, වධ බන්ධනයන්ට ලක් කිරීම පිළිබඳව පරීක්ෂණ වලටද නායකත්වය දෙමින් සිටියේ ඔහුය. නිශාන්ත සිල්වාගේ කණ්ඩායම විසින් මිලියන ගණනක් දුරකථන වාර්ථා ප්‍රතිනිර්මාණය කර පරීක්ෂා කර, සාක්ෂි ප්‍රකාශ සියයකට අධික ප්‍රමාණයක් වාර්ථාගත කළ අතර, කීත් නොයාර් හිංසනයට ලක්වූ හමුදා බුද්ධි අංශයේ ආරක්ෂිත නිවස්නය සොයාගෙන, එහි තිබී එම නිවස හමුදා බුද්ධි අංශය මගින් බද්දට ගෙන සිටි බව ඔප්පු කළ හැකි ලියකියවිලිද සොයාගෙන, හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු හමුදා බුද්ධි අංශ නිළධාරීන් අට දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී. එයින් සත් දෙනෙකු, මගේ පියාගේ ඝාතනයට සම්බන්ධ කුප්‍රකට "ට්‍රිපොලි" සුදු වෑන් බළකායේ අය විය.[/SIZE] [SIZE=3] ඇත්තටම ඔහු එම කුප්‍රකට සුදු වෑන් රථයද සොයාගෙන, එයද අධිකරණයට ඉදිරිපත් කළේය. මේ මරණයේ එන්ජිම ඔබේ මැතිවරණය ප්රචාරයේ සංකේතයක් වූ අතර, එමඟින් ඔබේ ප්‍රතිවාදීන්ගේ කෘර සාහසිකත්වය සංකේතවත් කළේය. ඔබ විසින් එය සොයාගත් මිනිසාට උසස් වීමක් ප්රදානය කරනු විනා, ඔහුගේ රැකියාව කඩාකප්පල් කිරීමට උත්සාහ නොකරනු ඇති බවට යමෙකු අපේක්ෂා කරන්නට ඇත. ඇත්ත වශයෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය විසින් යුද හමුදාවෙන් සහ ආරක්ෂක අමාත්‍යංශයෙන් අතිශය වැදගත් ලියකියවිලි සහ වාර්ථා ඉල්ලා සිටි අවස්ථාවේ, ඊනියා ජාතික ආරක්ෂාව පදනම් කර ගනිමින්, යුද හමුදාවට මෙම පරීක්ෂණය සඳහා සහාය නොදෙන ලෙස ඔබ විසින් පුද්ගලිකව නියෝග නොකරන්නට, පොලිස් පරීක්ෂක සිල්වාට මෙම ට්‍රිපොලි හමුදා ඛණ්ඩය සහ එයට අණදුන් අයගේ අතර සම්බන්ධයද සොයාගන්නට අවකාශය තිබිණි.[/SIZE] [SIZE=3] 2010 ජනවාරි ජනාධිපතිවරණය ආසන්නයේදී කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ඝාතනය කිරීම සම්බන්ධව හමුදා බුද්ධි අංශයේ තවත් ඝාතක කල්ලියක සාමාජිකයන් හඳුනාගෙන, අත් අඩංගුවට ගන්නා ලද්දේද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ කණ්ඩායම විසිනි. එහිදීද, නිශාන්තගේ කණ්ඩායම විසින් ලක්ෂ ගණනක් දුරකථන වාර්ථා පරීක්ෂා කර, හමුදා ස්ථාන කිහිපයක් සෝදිසි කිරීමට ලක් කර, සුවිශාල සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශයන් ප්‍රමාණයක් වාර්ථාගත කළහ. අධිකරණ ලියවිලි වලට අනුව, සැකකරුවන්ව සිට පසුව සාක්ෂිකරුවන් වූවන් අවම වශයෙන් දෙදෙනෙකුවත්, එක්නැලිගොඩ පැහැර ගැනීම සහ මරා දැමීම සිදු කරන ලද්දේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත.[/SIZE] [SIZE=3] ඇවන්ගාඩ් සමුද්‍ර සේවා සමාගම විසින් පාලනය කරන ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ පරීක්ෂණය අතර තුර, 2015 වසර මුලදී, පළමු වරට ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් ගෙන ඒමට කටයුතු කළේද නිශාන්ත සිල්වාගේ කණ්ඩායමයි. ගෝඨාභය රාජපක්ෂගේ බළය මත, ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් මුහුදේ දමන ලද අවි ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය ලැයිස්තු ගත කීරීමෙන්ද, බැංකු ගිණුම් සෝදිසි කිරීමෙන්ද, ඔහුගේ කණ්ඩායම විශාල වැඩ කොටසක් කරන ලදී. මෙම පරීක්ෂණය අවසන් වන ලද්දේ, 2015 ජූනි මාසයේදී ඔබගේ නීතිපතිවරයා විසින්, අනීතිකව ලියාපදිංචි කරන ලද සහ ලියාපදිංචි නොකරන ලද ස්වයංක්‍රීය ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය පුරවන ලද පාවෙන අවි ගබඩාවේ මෙහෙයුම් වලින් "ගිනි අවි ආඥා පණත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පණත, හෝ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතට අදාළ කිසිදු වරදක් හෙළිදරව් වී නොමැති බවට" තීරණය කිරීමත් සමගය.[/SIZE] [SIZE=3] 2008 සහ 2009 වසර වල තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගෙනගොස්, මරා දැමීම සහ ඔවුන්ගේ අසරණ පවුල් වලින් කප්පම් ඉල්ලීම සම්බන්ධවද පරීක්ෂණ මෙහෙයවන ලද්දේ නිශාන්ත සිල්වා විසින් වන අතර, එහිදී චූදිත ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිළධාරීන් කිහිප දෙනෙකුද, සුපරික්ෂාකාරීව හඳුනාගෙන අත් අඩංගුවට ගනු ලැබුවේ, පොලිස් පරීක්ෂක සිල්වා විසිනි. ඔබගේ හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා, මේ බිහිසුණු මිනීමැරුම් වලට සම්බන්ධ වී, නීතියෙන් පලා යමින් සිටි නාවික හමුදා නිළධාරියෙකුට රැකවරණය දී, රටින් පිට කිරීමට සම්බන්ධ බවට සාක්ෂි විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් අප්‍රතිහත ධෛර්යයක්, පොලිස් පරීක්ෂක සිල්වා සතුවිය. - නිශාන්ත සිල්වා "එල්.ටී.ටී.ඊ සහචරයෙකු" බවට අබූත සහ තහවුරු නොකරන ලද " බුද්ධි තොරතුරු" ඔබට ලබා දී තිබෙන්නේද, පොලිස් පරීක්ෂක සිල්වා විසින් අත් අඩංගුවට ගනු ලැබීමට අවශ්‍ය කර සිටින, මේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානියාම වීම දෛවයේ සරදමකි. මේ බුද්ධි තොරතුරු ඔබ ඔබේ පොලිස්පති වරයාට බලහත්කාරයෙන් ගිල්ලවා, ශ්‍රී ලංකා පොලීසියේ සිටින ඉතාම නිර්භීතම, වැඩිම කැපවීමක් සහිත විශිෂ්ඨ ගණයේ රහස් පරීක්ෂක වරයෙකුගේ කීර්ති නාමය විනාශ කිරීමට උත්සාහ දරයි.[/SIZE] [SIZE=3] මා නිශාන්ත සිල්වා පිළිබඳව විශේෂයෙන් සංවේගයට පත්වන්නේ මෙහිදීය. මාගේ ළමා අවදිය පුරාවටම මා දුටු දෙයක් වන්නේ, මගේ පියා විසින් යමෙකු පිළිබඳව හෙළිදරව්වක් කළ සෑම අවස්ථාවකදීම, එම සත්‍යය ඔවුන්ගේ කීර්තිය සුණු විසුණු කර දමන තරමට ඉතා කටුක, බිඳ හෙළිය නොහැකි වන්නේ නම්, ඔවුන් ප්‍රතිචාර දක්වනුයේ කිසිදු සාක්ෂියකින් තොරව මගේ පියා "එල්.ටී.ටී.ඊ සහචරයෙකු" බවට චෝදනා නැගීමෙනි. නිදසුනක් ලෙස, මගේ පියා මිග් ගණුදෙණුව පිළිබඳව හෙළි කල විට, ඔහු සහ ඔහුගේ පුවත්පත එල්.ටී.ටී.ඊ සංවිධානයේම කොටස් ලෙස හඳුන්වා දෙන ක්‍රියාන්විතයක් ආරක්ෂක අමාත්‍යංශය මඟින් මෙහෙයවන ලදී. නමුත් සත්‍යය ඉස්මතු විය. සත්‍යය හැමවිටම ඉස්මතු වන්නේය.[/SIZE] [SIZE=3] නිශාන්ත සිල්වා පිළිබඳව සත්‍යය වන්නේ, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතිහාසයටම සිටි එල්.ටී.ටී.ඊ සංවිධානයට විශාලම හිරිහැරයක් වූ පුද්ගලයන්ගෙන් කෙනෙකුය, යන්නය. කණිෂ්ඨ නිළධාරියෙකු ලෙස ඔහු, කටුනායක ගුවන් තොටුපළට 2000 වසරේදී එල්ල වූ ප්‍රහාරයට අදාළ සැලසුම් කිරීම සහ පහසුකම් සැලසීම කරන ලද එල්.ටී.ටී.ඊ බුද්ධි ජාලය පිළිබඳව කරන ලද අපරාධ පරීක්ෂණයටද සම්බන්ධ විය. 2006 වසරෙදී සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාට එල්ල වූ ඝාතන තැත පිළිබඳවද පරීක්ෂණ මෙහෙයුම් කරුවා වූයේ ඔහුය. හෙතෙම මෙම සිද්ධි වලටද, 2008 වසරේ ජෙනරාල් ජානක පෙරේරා ඝාතනයටද සම්බන්ධ වූ එල්.ටී.ටී.ඊ ජාලයන් විනාශ කර දමන ලද අතර, ඒවාට අමතරව තවත් ත්‍රස්ත විරෝධී මෙහෙයුම් රැසකට සම්බන්ධ වූයේය.[/SIZE] [SIZE=3] ඔබගේ උඩඟු අත්තේවාසික අඥානයන් පිනවීමටද, ඔබ අලුතින් සොයාගෙන සිටින දේශපාලනික සගයන්ගෙන් "ලකුණු දමා ගැනීමටද", නිශාන්ත සිල්වා වැනි විශ්වාසවන්ත මහජන සේවකයෙක්ට සහ ජාතික වීරවරයෙකුට ත්‍රස්තවාදී හංවඩුව ගසන්නට දරන නිරර්ථක උත්සාහය මඟින්, ඔබ ජනාධිපති පදවිය ඔබට පෙර එම පදවිය දැරූවන් කිසිවෙකුත් නොදැමූ තරම් පහත් තත්වයකට ඇද දමමින් සිටියි. මගේ පියාට නොයෙක් අවස්ථා වලදී චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් දෙදෙනා සමගම තදබල ලෙස එකඟ නොවන තැන් විය. ඔවුහු ආපසු ගන්නට කැමති බොහෝ දෑ එකිනෙකාට කියාගත්හ. නමුත් කුමාරතුංග ජනාධිපතිවරියවත්, රාජපක්ෂ ජනාධිවරයාවත්, මගේ පියා කොටි සංවිධානයට අයත් පුද්ගලයෙකු ලෙස හංවඩු ගසන තරම් පහත් තත්වයකට වැටුණේ නැත. එවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීමේ හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ වැනි පහත් මට්ටමේ පුද්ගලයන්ට පමණක් වන අතර ඔබද එවැනි මට්ටමේ පහත් අයකු බව දැන් පෙනෙන්නට ඇත.[/SIZE] [SIZE=3] මා ඔබට කියා සිටින්නේ, ඔබ දිවුරුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තහවුරු කිරීමට සහ ආරක්ෂා කිරීමට මිස, ඔබගේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ආරක්ෂා කිරීමටවත්, සුදුවෑන් මගින් පාලනය ගෙනගිය අය ආරක්ෂා කිරීමටවත් නොවන බව සිහිපත් කර ගන්නා ලෙසය. මේ අය කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් වරදකරුවන්දැයි මා නොදනිමි. ඔබත් නොදනී. එය අධිකරණයක් මඟින් තීන්දු කළ යුත්තේ, ඔබ විසින් දණහිසින් කපා දමන්නට පෙර නිශාන්ත සිල්වා වැනි අය විසින් ඉතා සුහුරුව සහ වෙහෙස නොබලා කරමින් සිටි පරීක්ෂණ වැනි තදබල අපරාධ පරීක්ෂණ මාලාවකට පසුවය. අපගේ කාර්යය වන්නේ, අපරාධ විනිශ්චය ක්‍රියාවලියේදී අදාළ අපරාධ පරීක්ෂකයන්ට අවශ්‍ය වන කවර ආකාරයකින් හෝ සහාය ලබා දීමයි.[/SIZE] [SIZE=3] එය නම් මා වැනි සාක්ෂි කරුවෙකුට හැඟෙන පරිදි ඔවුන්ගේ ප්‍රශ්ණ වලට සත්‍ය සහ සම්පූර්ණ පිළිතුරු දීමය. රාජ්‍ය නායකයා වශයෙන් ඔබට නම් එය ඔබේ පෞද්ගලික සබඳතා, දේශපාලනික අවශ්‍යතා සහ කැමැත්තට ඉදිරියෙන් නීතිය තැබීමය. එය නම්, පරීක්ෂකයන්ට සත්‍ය සොයාගෙන, එය අධිකරණයක් ඉදිරියට පමුණුවන්නට අවශ්‍ය සම්පත්, දේශපාලනික කැමැත්ත සහ සහාය රාජ්‍ය වෙතින් ලබා දීමය. සියල්ලටම වඩා, ඔබගේ කාර්යභාරය වන්නේ නිශාන්ත සිල්වා විසින් කළ පරිදි යුක්තිය පසිඳලීම කෙරෙහි ඇති කැපවීම ගෙන දෙන්නේ පූජනීයත්වයක් මිස පළිගැනීමකට ලක්වීමක් නොවන බව, රට පුරා සිටින පොලිස් නිළධාරීන්ට සුපැහැදිලි කර දීමය.[/SIZE] [SIZE=3] මා හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙරෙහි මෙන්ම ජාතික පොලිස් කොමිසම සහ ව්‍යවස්ථාදායක සභාව බඳු ස්වාධීන ආයතන කෙරෙහි විශ්වාසයක් ඇත. ඔබ හට එලෙස බලය නිර්දය ලෙස අවභාවිතා කරන්නට ඔවුහු ඉඩ නොතබනු ඇත.[/SIZE] [SIZE=3] [B]ජනාධිපති තුමනි, ඔබට තෝරා ගැනීම් දෙකක් තිබේ. ඔබට, නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම ආපසු හරවා, ඔහුට ඔහුගේ රාජකාරිය කරගෙන යෑමට ඉඩ හැරීම මඟින්, වැරදි උපදෙස් නිසා සිදුවූ විනිශ්චයෙහි වරදක් ක්ෂණිකව නිවැරදි කළ ජනාධිපතිවරයෙකු ලෙස මතකයට එක්විය හැක.[/B][/SIZE] [B][SIZE=3] නැතහොත්, ඔබට ස්වාධීන පොලිස් කොමිසම මඟින් හෝ, අධිකරණයක් මගින් ඔබගේ නියෝගය නැවත විමසා බලා කර අවලංගු කර දමන තෙක් සිටිය හැක. එසේ වුවහොත් ඔබ, රටේ ඉහළම අපරාධ පරීක්ෂණ කිහිපයක් නවත්වන්නට ගොස් අසාර්ථක වූ ජනාධිපතිවරයෙකු ලෙස මතකයට එක්වනු ඇත. වරද්දා නොගන්න ජනාධිපතිතුමනි ! ඔබ මගේ පියාට සහ අනෙක් හිංසාවන්ට ලක්වූවන්ට යුක්තිය පසිඳලීම අවහිර කරන්නට උත්සාහ කළහොත්, ඔබ අසාර්ථක වනු ඇත.[/SIZE][/B] [SIZE=3] ඔබේ විශ්වාසී,[/SIZE] [SIZE=3] අහිම්සා වික්‍රමතුංග පිටපත් : ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිට, ජාතික පොලිස් කොමිසමේ සභාපතිට, පොලිස්පතිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට [/SIZE] [SIZE=3] (ලියුමේ සිංහල පරිවර්තනය සහ ඡායාරූප අන්තර්ජාලයෙනි.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom