Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපන් ගමන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක සිද්ද වුණේ හතේ පන්තියෙදි .

ඉංග්‍රීසි උගන්නපු රණවක ටීචර් පන්තියට ආව.

ටීච මට ගුරුමේසෙ ලගට කතා කළා.

"පුතා ..ඔයාව ජපන් ශිෂ්‍යත්ව වැඩ සටහනකට තෝරගෙන තියනව.මේක ගොඩාක් වටින අවස්තාවක්.ඔයාට ජපනයට යන්නත් පුලුවන්.එහෙ ගිහින් ඉගෙනගන්න,හැමදේම ලැබෙනව.

මේ ගැන කතා කරගන්න අම්මට හෙට එන්න කියන්න"

ලොකුවට යමක් තේරුනේ නැතත් ජපන් ප්‍රභූ යුවලක් මා වෙනුවෙන් ඉගෙනගෙන අවසන් වනතෙක් වියදම් දරන බවත්,මට ජපානයට යාමට වාසනාව උදාවී ඇති බවත් වැටහුණි.

පසුදින අම්මා පාසලට පැමිණියාය.

පාස්පොර්ට් සෑදිය යුතු බවත්,

ඒසදහා ගතයුතු ජායාරූප ප්‍රමාණයන් පිළිබද වත් රණවක ටීචර් අම්මා දැනුම්වත් කළාය.

එදාම හවස ස්ටුඩියෝ එකෙන් අවශ්‍ය ජායාරූප අරගත් නමුත් අද මෙන් විනාඩි කීපයකින් ඒව ලබා ගත නොහැකි විය.රාත්‍රී 8:00පමණ ඒවා ලබාගත හැකිවිය.

උප්පැන්න සහතිකයේ පිටපත්

,ග්‍රාමසේවක සහතිකය,අඩුආදායම් ලාභී පවුලක් බව සහතික කරන ලියුම වගෙ ගොඩාක් දේවල් අම්මට ගේන්න කිව්ව.ඔක්කොම බාරදුන්න..දැන් ඇගිලි ගනින්නෙ ජපන් යන්න.පොඩි ආඩම්බරේකුත් මට තිබුණා.

සතියකට පස්සෙ ලොකු පන්තිවලට ඉංග්‍රීසි උගන්වන ජයසූරිය මිස් පන්තියට ආව..රණවක ටීචට කණට කරල මොනවද කිව්වා.

"පුතා..මෙහාට එන්න.."

"හෙට අම්මට එන්න කියන්න.

ලොකු ඉංග්‍රීසි මිස්ව හම්බවෙන්න කියන්න"

ජපන් යන වැඩේ හරි ඇති..නියමයි..මට හිතුණා.

පහුවදා අම්ම ඉස්කෝලෙට ආව.

අම්මයි මායි ගිහින් ජයසූරිය මිස් හම්බ වුණා..

"අනේ..අම්මේ ලොකු වැරදීමක් වෙලා..එයාල sponsor කරන්නෙ ගෑනු ළමයකුට විතරයිලු.එයාල සමාව ඉල්ලල ලියුමකුත් එවල.අම්මලට මේවෙනුවෙන් ගිය වියදම් වලට සල්ලිත් එවල "

ටීච ලියුම් කවරයක් අම්ම අතට දුන්න.ඊටපස්සෙ ඉංග්‍රීසි ලියුමක් දීල අස්සන් කරන්න කිව්ව.සල්ලි බාරගත්ත කියල...අම්ම කැඩිච්ච අකුරෙන් නම ලිව්ව.ලියුම් කවරෙ දාහෙ කොල 5ක් තිබුණා.ඒකාලෙ ඒක ලොකු ගාණක්.

අපි ඉස්කෝලෙන් එලියට ආවෙ මාර සතුටකින්..ජපන් යන්න බැරි උනාට වඩා සල්ලි ගොඩාක් ලැබුණ එක මගෙ පොඩි හිතට සතුට ගෙනාව.

"අම්මෙ..සුදුපාට දුවන්න දාන සපත්තු දෙකක් ගමුකෝ"

අපි එන ගමන්ම බත්තරමුල්ල හන්දියෙන් සපත්තු දෙහෙකුත් අරන් ආවා..මන් ඒවගෙ සපත්තු දෙකක් ගන්න ආසාවෙන් හිටියෙ..

ජපන් ගමන අමතක උණා.

අපේ පන්තියෙ හිටපු ගෑනු ළමයෙකුත් ඉස්කෝලෙන් අස්වෙලා ගිහින්..

කාලය ගෙවුණ.සාපෙළ ඉවරවෙලා උසස් පෙළට වෙන ඉස්ස්කෝලෙකට යන්න අස්වීම ගත්ත.මගෙ ලිපිගොනුව අරන ආවෙ මමමයි.

ම්න් නිකමට පෙරළල බැලුව.අපෙ අම්මගෙ කණ අස්සන තියෙන ඉංග්‍රීසි ලියුමක්.මන් අරගෙන කියෙව්ව..යන්තම් තේරුම් ගන්න පුලුවන් උණා ඒකෙ ලියල තිබ්බ දේ..

"මගේ දරුවා විදේශයකට යැවීමට එකග නැත.මේ අවස්තාව වෙනත් දරුවෙකුට ලබාදීමට විරුද්ධ නොවෙමි"

(ආ..අපේ පන්තියෙන් අස්වෙලා ගිය ගෑණු ළමයා ,දැන් ඉන්නෙ ජපානෙ,පස්සෙ දැනගත්ත එයා ජයසූරිය මිස්ගෙ අක්කගෙ දුව කියල..)

- උපුල් රූපසිංහ

[QUOTE="WaterMelon, post: 25612180, member: 563796"] [SIZE=5]මේක සිද්ද වුණේ හතේ පන්තියෙදි . ඉංග්‍රීසි උගන්නපු රණවක ටීචර් පන්තියට ආව. ටීච මට ගුරුමේසෙ ලගට කතා කළා. "පුතා ..ඔයාව ජපන් ශිෂ්‍යත්ව වැඩ සටහනකට තෝරගෙන තියනව.මේක ගොඩාක් වටින අවස්තාවක්.ඔයාට ජපනයට යන්නත් පුලුවන්.එහෙ ගිහින් ඉගෙනගන්න,හැමදේම ලැබෙනව. මේ ගැන කතා කරගන්න අම්මට හෙට එන්න කියන්න" ලොකුවට යමක් තේරුනේ නැතත් ජපන් ප්‍රභූ යුවලක් මා වෙනුවෙන් ඉගෙනගෙන අවසන් වනතෙක් වියදම් දරන බවත්,මට ජපානයට යාමට වාසනාව උදාවී ඇති බවත් වැටහුණි. පසුදින අම්මා පාසලට පැමිණියාය. පාස්පොර්ට් සෑදිය යුතු බවත්, ඒසදහා ගතයුතු ජායාරූප ප්‍රමාණයන් පිළිබද වත් රණවක ටීචර් අම්මා දැනුම්වත් කළාය. එදාම හවස ස්ටුඩියෝ එකෙන් අවශ්‍ය ජායාරූප අරගත් නමුත් අද මෙන් විනාඩි කීපයකින් ඒව ලබා ගත නොහැකි විය.රාත්‍රී 8:00පමණ ඒවා ලබාගත හැකිවිය. උප්පැන්න සහතිකයේ පිටපත් ,ග්‍රාමසේවක සහතිකය,අඩුආදායම් ලාභී පවුලක් බව සහතික කරන ලියුම වගෙ ගොඩාක් දේවල් අම්මට ගේන්න කිව්ව.ඔක්කොම බාරදුන්න..දැන් ඇගිලි ගනින්නෙ ජපන් යන්න.පොඩි ආඩම්බරේකුත් මට තිබුණා. සතියකට පස්සෙ ලොකු පන්තිවලට ඉංග්‍රීසි උගන්වන ජයසූරිය මිස් පන්තියට ආව..රණවක ටීචට කණට කරල මොනවද කිව්වා. "පුතා..මෙහාට එන්න.." "හෙට අම්මට එන්න කියන්න. ලොකු ඉංග්‍රීසි මිස්ව හම්බවෙන්න කියන්න" ජපන් යන වැඩේ හරි ඇති..නියමයි..මට හිතුණා. පහුවදා අම්ම ඉස්කෝලෙට ආව. අම්මයි මායි ගිහින් ජයසූරිය මිස් හම්බ වුණා.. "අනේ..අම්මේ ලොකු වැරදීමක් වෙලා..එයාල sponsor කරන්නෙ ගෑනු ළමයකුට විතරයිලු.එයාල සමාව ඉල්ලල ලියුමකුත් එවල.අම්මලට මේවෙනුවෙන් ගිය වියදම් වලට සල්ලිත් එවල " ටීච ලියුම් කවරයක් අම්ම අතට දුන්න.ඊටපස්සෙ ඉංග්‍රීසි ලියුමක් දීල අස්සන් කරන්න කිව්ව.සල්ලි බාරගත්ත කියල...අම්ම කැඩිච්ච අකුරෙන් නම ලිව්ව.ලියුම් කවරෙ දාහෙ කොල 5ක් තිබුණා.ඒකාලෙ ඒක ලොකු ගාණක්. අපි ඉස්කෝලෙන් එලියට ආවෙ මාර සතුටකින්..ජපන් යන්න බැරි උනාට වඩා සල්ලි ගොඩාක් ලැබුණ එක මගෙ පොඩි හිතට සතුට ගෙනාව. "අම්මෙ..සුදුපාට දුවන්න දාන සපත්තු දෙකක් ගමුකෝ" අපි එන ගමන්ම බත්තරමුල්ල හන්දියෙන් සපත්තු දෙහෙකුත් අරන් ආවා..මන් ඒවගෙ සපත්තු දෙකක් ගන්න ආසාවෙන් හිටියෙ.. ජපන් ගමන අමතක උණා. අපේ පන්තියෙ හිටපු ගෑනු ළමයෙකුත් ඉස්කෝලෙන් අස්වෙලා ගිහින්.. කාලය ගෙවුණ.සාපෙළ ඉවරවෙලා උසස් පෙළට වෙන ඉස්ස්කෝලෙකට යන්න අස්වීම ගත්ත.මගෙ ලිපිගොනුව අරන ආවෙ මමමයි. ම්න් නිකමට පෙරළල බැලුව.අපෙ අම්මගෙ කණ අස්සන තියෙන ඉංග්‍රීසි ලියුමක්.මන් අරගෙන කියෙව්ව..යන්තම් තේරුම් ගන්න පුලුවන් උණා ඒකෙ ලියල තිබ්බ දේ.. [B]"මගේ දරුවා විදේශයකට යැවීමට එකග නැත.මේ අවස්තාව වෙනත් දරුවෙකුට ලබාදීමට විරුද්ධ නොවෙමි"[/B] (ආ..අපේ පන්තියෙන් අස්වෙලා ගිය ගෑණු ළමයා ,දැන් ඉන්නෙ ජපානෙ,පස්සෙ දැනගත්ත එයා ජයසූරිය මිස්ගෙ අක්කගෙ දුව කියල..) - උපුල් රූපසිංහ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom