Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ජපනා හපනා’ කියන්නේ නිතරම ඇසෙන වගේම අපි කාටත් සුපුරුදු කියමනක්. ලෝ වැසියන් අතර සිරුරෙන් කුඩා වුණත් සෑම අංශයකින් ම ඉහළම දස්කම් දැක්වීම ගැන වගේම ඔවුන්ගේ ශාරීරක සුවතාවය සහ ආචාරශීලි බව ගැන ජපන් ජාතිකයන් ලොවපුරා ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. එසේම ලෝකයේ ඉහළම සාක්ෂරතාවයන් හිමි රටවල් අතරින් එකක් ලෙස ජපානය සලකන්න පුළුවන්. ඔවුන්ගේ සාක්ෂරතාවය 99.9% ක්. මෙසේ ජපනුන් හපනුන් වීම පිටුපස ඇති රහස වන්නේ ඔවුන්ගේ අධ්‍යාපන රටාවයි.

ජපානය තුළ මූලික අධ්‍යාපනය (Elementary Education) එනම් ප්‍රථම වසරේ සිට හය වැනි වසර දක්වා සහ පහළ ද්විතීක අධ්‍යාපනය (Lower Secondary Education) එනම් හත් වැනි වසරේ සිට නව වැනි වසර දක්වා අනිවාර්යයි. එසේම බොහෝමයක් සිසුන් මේ කාල සීමාව තුළ අධ්‍යාපනය හදාරන්නේ පොදු පාසල් මගින්.

අනිවාර්ය නොවුණත් ජපන් සිසුන්ගෙන් 94.3% ක් ඔවුන්ගේ ඉහළ ද්වීතීක අධ්‍යාපනය එනම් දහ වැනි වසරේ සිට දොළොස් වැනි වසර දක්වා සම්පූර්ණ කරනවා

දැනුමට පෙර හොඳ පුරුදු

මීට වසර දහයකට හෝ පහළොවකට කලින් ශ්‍රී ලංකාවේ පොඩිත්තෝ අකුරු ලිවීම ඉගෙන ගත්තේ පළමු ශ්‍රේණියට ඇතුළත් වුණාට පස්සේ. නමුත් අද වන විට බොහෝමයක් පෙර පාසල්වල සිංහල සහ ඉංග්‍රීසි අක්ෂර මාලාවන් ඉගැන්වීම සිදු කරනවා. සිංහල අකුරුවල ඇති සංකීර්ණ බව නිසා බොහෝමයක් පොඩිත්තන්ට එවැනි පොඩි වයසකදී නිසි පරිදි සිංහල අකුරු ග්‍රහණය කර ගැනීම අපහසුයි. ඒ නිසා ඔවුන් පෙර පාසල් යාමට මැලිකමක් දක්වනවා. මෙසේ ඉතාමත් කුඩා වයසේ දී දරුවන්ට අකුරු ලිවීමට හුරු කිරීම ළමා මනසට සුදුසුද?

ජපානයේ තත්ත්වයට මෙයට හාත්පසින්ම වෙනස්. ජපන් අධ්‍යාපනය ක්‍රමය තුළ දරුවෙකු පාසලේ මුල් වසර තුනක කාලය තුළ කිසිදු විභාගයට මුහුණ දෙන්නේ නැහැ. එම වසර කිහිපය තුළදී සිදු වන්නේ දරුවන් තුළ හොඳ පුරුදු ඇති කිරීම සහ පෞරුෂත්වය වර්ධනය කිරීමයි. එසේම අනෙක් අයට ගරු කිරීම මෙන්ම පරිසරයට සහ සතුන්ට ආදරය කිරීමට ඔවුන්ට කියා දෙනවා. මේ කාලය තුළදී ළමා මනසට ස්වයං පාලනය, සාධාරණත්වය සහ අධිෂ්ඨානය වැනි ගතිගුණ ඇතුළු කිරීම සිදු වෙනවා. එසේම පරිත්‍යාගශීලී වීම, කරුණික බව සහ සානුකම්පිත වීම ඉගැන්වීම සිදු කරන්නේද මේ අවධිය තුළ යි.

පිරිසිදුකම සහ පිළිවෙළ

ශ්‍රී ලංකාවේ පාසල්වල වගේ ජපන් පාසල්වල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වෙනම සේවක මණ්ඩලයක් දකින්නට නැහැ. පන්ති කාමර, ආපනශාලා පමණක් නොව නාන කාමර සහ වැසිකිළි පිරිසිදු කිරීම සිදු කරන්නේත් සිසු සිසුවියන් විසින්. පාසල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ඔවුන්ව කුඩා කණ්ඩායම්වලට වෙන් කර වසර පුරා කටයුතු සිදු විය යුතු ආකාරය දක්වමින් කාලසටහනක් පිළියෙළ කිරීම මෙහිදී සිදුකරනවා. මේ තුළින් ඔවුන් පිරිසිදුව සිටීමට, කණ්ඩායමක් සමග වැඩ කිරීමට සහ අනෙක් අයට උපකාර කිරීමට ඉගෙන ගන්නා බවයි ජපන් අධ්‍යාපන ක්රමයේ විශ්වාසය වන්නේ.

එසේම අතු ගෑම, පොළොව පිරිසිදු කිරීම, ජනේල ශුද්ධ කිරීම වැනි කටයුතු සඳහා කාලය සහ ශ්‍රමය වැය කිරීමේදී අනෙකුත් පුද්ගලයන්ගේ කටයුතු සඳහා ගරු කිරීමටත් පොදු ස්ථාන පිරිසිදුව තබා ගැනීමටත් ඔවුන් පුරුදු වන්නේ නිරායාසයෙන්.

ගණිතය පහසුයි

ජපන් ජාතිකයන් විශ්වාස කරන්නේ ඉගැන්වීම තුළින් ඉගෙනීම පහසු වන බවයි. ඒ නිසා ගණිතය ඉගැන්වීමේදී ඔවුන් යොදා ගන්නේ සාකච්ඡා කරමින් ඉගෙන ගැනීම සිදු කළ හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක්. ගණිත ගුරුවරයා පන්තියට පැමිණි පසු මුලින්ම සිදු වන්නේ අදාළ කාලපරිච්ඡේදය තුළ ඉගෙන ගත යුතු පාඩම පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමයි. ඉන් පසුව සරල උදාහරණයක් ලබා දීමද ඒ ආශ්රිත පැනයක් කළුලෑල්ලේ සටහන් කිරීමද සිදු වෙනවා.

පළමුව පැනය විසඳන කෙනා ඔහුගේ පිළිතුර ගුරුවරයා වෙත යොමු කරනවා. ඔහුගේ පිළිතුර නිවැරදි නම් එයින් ගුරුවරයාගේ කාර්යභාරය අවසන් වෙනවා. ඉන් පසුව ගුරුවරයා බවට පත් වන්නේ නිවැරදි පිළිතුර ලබා දුන් සිසුවායි. ඔහු දෙවැනියට ගණිත පැනය විසඳන සිසුවාගේ පිළිතුර නිවැරදි දැයි පරීක්ෂා කර බලනවා. මේ ආකාරයට පන්තියේ සෑම සිසුවෙක්ටම ගුරුවරයෙක් වීම සඳහා අවස්ථාව හිමි වෙනවා. මේ සම්පූර්ණ කාලය තුළදී සිසුන් ව නිරීක්ෂණය කරන සැබෑ ගුරුතුමා අවශ්‍ය වුවහොත් පමණක් ඔහුගේ මග පෙන්වීම ලබා දෙනවා.

මේ ආකාරයට ගණිත ගැටලු සාකච්ඡා කිරීම සහ තවකෙක්ට ඉගැන්වීම මගින් ඒවා ඉක්මනින් ග්‍රහණය කර ගත හැකි බවයි අධ්‍යාපනඥයින්ගේ අදහස වන්නේ. ජපන් අධ්‍යාපන රටාව තුළ ක්‍රියාත්මක වන මෙම ක්‍රමවේදය ඉතාමත් සාර්ථක, ගණිතය කෙරෙහි සිසුන් තුළ ඇල්මක් ඇති කරන ආකාරයේ එකක් ලෙස සැලකෙනවා. මෙවැනි ක්‍රමවේදයක් ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමයට හඳුන්වා දීමෙන් සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතය අසමත් වන ප්‍රමාණය සැලකිය යුතු තරම් අඩු කර ගත හැකි වේවි.

සමබර ආහාර වේලක්

ශ්‍රී ලාංකීය සිසුන් බහුතරයක් දෙනා පාසල් යන විට නිවසෙන් දහවල් ආහාර රැගෙන යනවා. නොඑසේ නම් පාසල් ආපනශාලාවෙන් මිලදී ගන්නවා. බොහෝ විට ඔවුන්ගේ ආහාර වේලට අඩංගු වන්නේ ක්ෂණික ආහාරයක්. ඇතැම් අවස්ථාවලදී දෛනික පෝෂණ අවශ්‍යතා සැපිරීම සඳහා එය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මේ තත්ත්වය සලකා බලා අධ්‍යාපන අමාත්‍යංශය මගින් සමබර ආහාර වේලක් ලබාදීමට විවිධ ක්‍රමවේදයන් අනුගමනය කළද අද වනවිට ඒ කිසිවක් නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

ජපන් අධ්‍යාපන ක්‍රමය තුළ සමබර ආහාර වේලක් සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මූලික සහ පහළ ද්විතීක අධ්‍යාපනය ලබන කාලය තුළදී සෑම සිසුවෙක්ටම ජපන් රජය මගින් දහවල් ආහාර වේල ලබාදෙනවා. සිසුන්ට ලබා දියයුතු ආහාර වර්ග සහ ඒවායේ ප්‍රමාණය තීරණය කිරීම සිදු කරන්නේ පෝපණවේදීන් විසින්. බොහෝ වෙලාවට මෙම ආහාර වේල තුළ බත්, එළවළු, මස් හෝ මාළු සහ නැවුම් එළකිරි අඩංගු වෙනවා. අතුරුපස සඳහා ලබා දෙන්නේ පලතුරු සහ යෝගට් පමණයි.

ජපන් සිසුන් ආහාර ගැනීම සිදු කරන්නේ පන්ති කාමරයේ සිටයි. ආහාර ගන්නා අතරතුරදී ගුරුවරයා සමග අදාළ ආහාරවල පෝෂණය සහ ඒවා සකස් කරන ආකාරය සාකච්ඡා කිරීම සිදුවෙනවා. මෙහි අරමුණ වන්නේ ගුරුවරයා සහ සිසුන් අතර මනා සම්බන්ධතාවක් ඇති කිරීම යි.

අභිලේඛන විද්‍යාව සහ කාව්‍ය ශාස්ත්‍රය

සාම්ප්‍රදායික ජපන් අභිලේඛන විද්‍යාව හඳුන්වන්නේ ෂෝදෝ ලෙසයි. මෙහිදී උණ ගසේ කෙඳි මගින් සැකසූ පින්සලක් ආධාරයෙන් අකුරු ලිවීම සිදුකරනවා. ජපන් ජාතිකයන් එය ජපන් සිතුවම් කලාව මෙන්ම වැදගත් කලාවක් ලෙසයි සලකන්නේ.

හයිකු යනුවෙන් හඳුන්වන්නේ ජපන් ජාතිකයන්ට ආවේණික කාව්‍ය ශාස්ත්‍රයක්. එහිදී සරල බස් වහරයක් යොදා ගනිමින් ගැඹුරු අර්ථයක් ගෙන දෙන කෙටි කවි පන්ති රචනා කිරීම සිදුවෙනවා.

ජපන් පාසල්වල සාමාන්‍ය විෂයයන්ට අමතරව අභිලේඛන විද්‍යාව සහ කාව්‍ය ශාස්ත්‍රය ඉගැන්වීම සිදුකරනවා. එ් තුළින් බලාපොරොත්තු වන්නේ ජපන් සංස්කෘතියට ගරු කිරීම සහ සියවස් ගණනක් පැරණි සාම්ප්‍රදායන් ආරක්ෂා කිරීම යි.

මෙවැනි විශිෂ්ට ලක්ෂණ හේතුවෙන් ජපන් අධ්‍යාපන රටාව ලෝකයේ අනෙකුත් රටවලට ආදර්ශයක් සපයනවා. සාමාන්‍යයෙන් බොහෝ රටවල සිසුන් පාසලෙන් කට්ටි පැනීමට පුරුදුවී සිටියත් ජපන් සිසුවෙකුගේ පැමිණීමේ සාමාන්‍ය 98% ඉක්මවනවා. එසේම වාර්තා පෙන්වාදෙන ආකාරයට ජපන් සිසුන්ගෙන් 91% ක් පන්තියේදී ගුරුවරයා පවසන දේ කෙරෙහි මනා අවධානය යොමු කරනවා.

ජපන් අධ්‍යාපන රටාව ගැන කතා කිරීමේ දී ලීලානන්ද ගමාච්චි මහතා විසින් ‘හරි පුදුම ඉස්කෝලෙ’ නමින් සිංහලයට නැගූ ටෙට්සුකෝ කුරොයානගී මහත්මියගේ ‘මදොගිවා නො ටොට්ටෝ චං’ ග්රන්ථයට හිමි වන්නේ ඉහළ ස්ථානයක්. එම ග්‍රන්ථයේ සඳහන් සොසාකු කොබයාෂි මහතා විසින් හඳුන්වා දුන් ඉගෙනුම් ක්‍රමවේද බොහෝමයක් ජපන් අධ්‍යාපනඥයින් විසින් පාසල් විෂයධාරා සැලකීමේ දී සැලකිල්ලට ගන්නවා.

උස්ස ගත්තේ මෙතනින්

http://sinhala.roar.lk/features/lessons-we-can-learn-from-japanese-education-system/

[QUOTE="plant, post: 21061922, member: 560096"] [SIZE="5"]‘ජපනා හපනා’ කියන්නේ නිතරම ඇසෙන වගේම අපි කාටත් සුපුරුදු කියමනක්. ලෝ වැසියන් අතර සිරුරෙන් කුඩා වුණත් සෑම අංශයකින් ම ඉහළම දස්කම් දැක්වීම ගැන වගේම ඔවුන්ගේ ශාරීරක සුවතාවය සහ ආචාරශීලි බව ගැන ජපන් ජාතිකයන් ලොවපුරා ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. එසේම ලෝකයේ ඉහළම සාක්ෂරතාවයන් හිමි රටවල් අතරින් එකක් ලෙස ජපානය සලකන්න පුළුවන්. ඔවුන්ගේ සාක්ෂරතාවය 99.9% ක්. මෙසේ ජපනුන් හපනුන් වීම පිටුපස ඇති රහස වන්නේ ඔවුන්ගේ අධ්‍යාපන රටාවයි.[/SIZE] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/Picture-1-760x507.jpg[/IMG] [SIZE="5"]ජපානය තුළ මූලික අධ්‍යාපනය (Elementary Education) එනම් ප්‍රථම වසරේ සිට හය වැනි වසර දක්වා සහ පහළ ද්විතීක අධ්‍යාපනය (Lower Secondary Education) එනම් හත් වැනි වසරේ සිට නව වැනි වසර දක්වා අනිවාර්යයි. එසේම බොහෝමයක් සිසුන් මේ කාල සීමාව තුළ අධ්‍යාපනය හදාරන්නේ පොදු පාසල් මගින්. අනිවාර්ය නොවුණත් ජපන් සිසුන්ගෙන් 94.3% ක් ඔවුන්ගේ ඉහළ ද්වීතීක අධ්‍යාපනය එනම් දහ වැනි වසරේ සිට දොළොස් වැනි වසර දක්වා සම්පූර්ණ කරනවා[/SIZE] [SIZE="6"]දැනුමට පෙර හොඳ පුරුදු[/SIZE] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/Picture-2-760x428.jpg[/IMG] [SIZE="5"]මීට වසර දහයකට හෝ පහළොවකට කලින් ශ්‍රී ලංකාවේ පොඩිත්තෝ අකුරු ලිවීම ඉගෙන ගත්තේ පළමු ශ්‍රේණියට ඇතුළත් වුණාට පස්සේ. නමුත් අද වන විට බොහෝමයක් පෙර පාසල්වල සිංහල සහ ඉංග්‍රීසි අක්ෂර මාලාවන් ඉගැන්වීම සිදු කරනවා. සිංහල අකුරුවල ඇති සංකීර්ණ බව නිසා බොහෝමයක් පොඩිත්තන්ට එවැනි පොඩි වයසකදී නිසි පරිදි සිංහල අකුරු ග්‍රහණය කර ගැනීම අපහසුයි. ඒ නිසා ඔවුන් පෙර පාසල් යාමට මැලිකමක් දක්වනවා. මෙසේ ඉතාමත් කුඩා වයසේ දී දරුවන්ට අකුරු ලිවීමට හුරු කිරීම ළමා මනසට සුදුසුද? ජපානයේ තත්ත්වයට මෙයට හාත්පසින්ම වෙනස්. ජපන් අධ්‍යාපනය ක්‍රමය තුළ දරුවෙකු පාසලේ මුල් වසර තුනක කාලය තුළ කිසිදු විභාගයට මුහුණ දෙන්නේ නැහැ. එම වසර කිහිපය තුළදී සිදු වන්නේ දරුවන් තුළ හොඳ පුරුදු ඇති කිරීම සහ පෞරුෂත්වය වර්ධනය කිරීමයි. එසේම අනෙක් අයට ගරු කිරීම මෙන්ම පරිසරයට සහ සතුන්ට ආදරය කිරීමට ඔවුන්ට කියා දෙනවා. මේ කාලය තුළදී ළමා මනසට ස්වයං පාලනය, සාධාරණත්වය සහ අධිෂ්ඨානය වැනි ගතිගුණ ඇතුළු කිරීම සිදු වෙනවා. එසේම පරිත්‍යාගශීලී වීම, කරුණික බව සහ සානුකම්පිත වීම ඉගැන්වීම සිදු කරන්නේද මේ අවධිය තුළ යි.[/SIZE] [SIZE="6"]පිරිසිදුකම සහ පිළිවෙළ[/SIZE] [SIZE="5"]ශ්‍රී ලංකාවේ පාසල්වල වගේ ජපන් පාසල්වල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වෙනම සේවක මණ්ඩලයක් දකින්නට නැහැ. පන්ති කාමර, ආපනශාලා පමණක් නොව නාන කාමර සහ වැසිකිළි පිරිසිදු කිරීම සිදු කරන්නේත් සිසු සිසුවියන් විසින්. පාසල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ඔවුන්ව කුඩා කණ්ඩායම්වලට වෙන් කර වසර පුරා කටයුතු සිදු විය යුතු ආකාරය දක්වමින් කාලසටහනක් පිළියෙළ කිරීම මෙහිදී සිදුකරනවා. මේ තුළින් ඔවුන් පිරිසිදුව සිටීමට, කණ්ඩායමක් සමග වැඩ කිරීමට සහ අනෙක් අයට උපකාර කිරීමට ඉගෙන ගන්නා බවයි ජපන් අධ්‍යාපන ක්රමයේ විශ්වාසය වන්නේ. එසේම අතු ගෑම, පොළොව පිරිසිදු කිරීම, ජනේල ශුද්ධ කිරීම වැනි කටයුතු සඳහා කාලය සහ ශ්‍රමය වැය කිරීමේදී අනෙකුත් පුද්ගලයන්ගේ කටයුතු සඳහා ගරු කිරීමටත් පොදු ස්ථාන පිරිසිදුව තබා ගැනීමටත් ඔවුන් පුරුදු වන්නේ නිරායාසයෙන්.[/SIZE] [SIZE="5"]ගණිතය පහසුයි[/SIZE] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/Picture-4-760x986.jpg[/IMG] [SIZE="5"]ජපන් ජාතිකයන් විශ්වාස කරන්නේ ඉගැන්වීම තුළින් ඉගෙනීම පහසු වන බවයි. ඒ නිසා ගණිතය ඉගැන්වීමේදී ඔවුන් යොදා ගන්නේ සාකච්ඡා කරමින් ඉගෙන ගැනීම සිදු කළ හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක්. ගණිත ගුරුවරයා පන්තියට පැමිණි පසු මුලින්ම සිදු වන්නේ අදාළ කාලපරිච්ඡේදය තුළ ඉගෙන ගත යුතු පාඩම පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කිරීමයි. ඉන් පසුව සරල උදාහරණයක් ලබා දීමද ඒ ආශ්රිත පැනයක් කළුලෑල්ලේ සටහන් කිරීමද සිදු වෙනවා. පළමුව පැනය විසඳන කෙනා ඔහුගේ පිළිතුර ගුරුවරයා වෙත යොමු කරනවා. ඔහුගේ පිළිතුර නිවැරදි නම් එයින් ගුරුවරයාගේ කාර්යභාරය අවසන් වෙනවා. ඉන් පසුව ගුරුවරයා බවට පත් වන්නේ නිවැරදි පිළිතුර ලබා දුන් සිසුවායි. ඔහු දෙවැනියට ගණිත පැනය විසඳන සිසුවාගේ පිළිතුර නිවැරදි දැයි පරීක්ෂා කර බලනවා. මේ ආකාරයට පන්තියේ සෑම සිසුවෙක්ටම ගුරුවරයෙක් වීම සඳහා අවස්ථාව හිමි වෙනවා. මේ සම්පූර්ණ කාලය තුළදී සිසුන් ව නිරීක්ෂණය කරන සැබෑ ගුරුතුමා අවශ්‍ය වුවහොත් පමණක් ඔහුගේ මග පෙන්වීම ලබා දෙනවා. මේ ආකාරයට ගණිත ගැටලු සාකච්ඡා කිරීම සහ තවකෙක්ට ඉගැන්වීම මගින් ඒවා ඉක්මනින් ග්‍රහණය කර ගත හැකි බවයි අධ්‍යාපනඥයින්ගේ අදහස වන්නේ. ජපන් අධ්‍යාපන රටාව තුළ ක්‍රියාත්මක වන මෙම ක්‍රමවේදය ඉතාමත් සාර්ථක, ගණිතය කෙරෙහි සිසුන් තුළ ඇල්මක් ඇති කරන ආකාරයේ එකක් ලෙස සැලකෙනවා. මෙවැනි ක්‍රමවේදයක් ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමයට හඳුන්වා දීමෙන් සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතය අසමත් වන ප්‍රමාණය සැලකිය යුතු තරම් අඩු කර ගත හැකි වේවි. [/SIZE] [SIZE="6"]සමබර ආහාර වේලක්[/SIZE] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/Picture-5-760x468.jpg[/IMG] [SIZE="5"]ශ්‍රී ලාංකීය සිසුන් බහුතරයක් දෙනා පාසල් යන විට නිවසෙන් දහවල් ආහාර රැගෙන යනවා. නොඑසේ නම් පාසල් ආපනශාලාවෙන් මිලදී ගන්නවා. බොහෝ විට ඔවුන්ගේ ආහාර වේලට අඩංගු වන්නේ ක්ෂණික ආහාරයක්. ඇතැම් අවස්ථාවලදී දෛනික පෝෂණ අවශ්‍යතා සැපිරීම සඳහා එය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මේ තත්ත්වය සලකා බලා අධ්‍යාපන අමාත්‍යංශය මගින් සමබර ආහාර වේලක් ලබාදීමට විවිධ ක්‍රමවේදයන් අනුගමනය කළද අද වනවිට ඒ කිසිවක් නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජපන් අධ්‍යාපන ක්‍රමය තුළ සමබර ආහාර වේලක් සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මූලික සහ පහළ ද්විතීක අධ්‍යාපනය ලබන කාලය තුළදී සෑම සිසුවෙක්ටම ජපන් රජය මගින් දහවල් ආහාර වේල ලබාදෙනවා. සිසුන්ට ලබා දියයුතු ආහාර වර්ග සහ ඒවායේ ප්‍රමාණය තීරණය කිරීම සිදු කරන්නේ පෝපණවේදීන් විසින්. බොහෝ වෙලාවට මෙම ආහාර වේල තුළ බත්, එළවළු, මස් හෝ මාළු සහ නැවුම් එළකිරි අඩංගු වෙනවා. අතුරුපස සඳහා ලබා දෙන්නේ පලතුරු සහ යෝගට් පමණයි. ජපන් සිසුන් ආහාර ගැනීම සිදු කරන්නේ පන්ති කාමරයේ සිටයි. ආහාර ගන්නා අතරතුරදී ගුරුවරයා සමග අදාළ ආහාරවල පෝෂණය සහ ඒවා සකස් කරන ආකාරය සාකච්ඡා කිරීම සිදුවෙනවා. මෙහි අරමුණ වන්නේ ගුරුවරයා සහ සිසුන් අතර මනා සම්බන්ධතාවක් ඇති කිරීම යි.[/SIZE] [SIZE="6"]අභිලේඛන විද්‍යාව සහ කාව්‍ය ශාස්ත්‍රය[/SIZE] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/12/Picture-6-760x490.jpg[/IMG] [SIZE="5"]සාම්ප්‍රදායික ජපන් අභිලේඛන විද්‍යාව හඳුන්වන්නේ ෂෝදෝ ලෙසයි. මෙහිදී උණ ගසේ කෙඳි මගින් සැකසූ පින්සලක් ආධාරයෙන් අකුරු ලිවීම සිදුකරනවා. ජපන් ජාතිකයන් එය ජපන් සිතුවම් කලාව මෙන්ම වැදගත් කලාවක් ලෙසයි සලකන්නේ. හයිකු යනුවෙන් හඳුන්වන්නේ ජපන් ජාතිකයන්ට ආවේණික කාව්‍ය ශාස්ත්‍රයක්. එහිදී සරල බස් වහරයක් යොදා ගනිමින් ගැඹුරු අර්ථයක් ගෙන දෙන කෙටි කවි පන්ති රචනා කිරීම සිදුවෙනවා. ජපන් පාසල්වල සාමාන්‍ය විෂයයන්ට අමතරව අභිලේඛන විද්‍යාව සහ කාව්‍ය ශාස්ත්‍රය ඉගැන්වීම සිදුකරනවා. එ් තුළින් බලාපොරොත්තු වන්නේ ජපන් සංස්කෘතියට ගරු කිරීම සහ සියවස් ගණනක් පැරණි සාම්ප්‍රදායන් ආරක්ෂා කිරීම යි. මෙවැනි විශිෂ්ට ලක්ෂණ හේතුවෙන් ජපන් අධ්‍යාපන රටාව ලෝකයේ අනෙකුත් රටවලට ආදර්ශයක් සපයනවා. සාමාන්‍යයෙන් බොහෝ රටවල සිසුන් පාසලෙන් කට්ටි පැනීමට පුරුදුවී සිටියත් ජපන් සිසුවෙකුගේ පැමිණීමේ සාමාන්‍ය 98% ඉක්මවනවා. එසේම වාර්තා පෙන්වාදෙන ආකාරයට ජපන් සිසුන්ගෙන් 91% ක් පන්තියේදී ගුරුවරයා පවසන දේ කෙරෙහි මනා අවධානය යොමු කරනවා. ජපන් අධ්‍යාපන රටාව ගැන කතා කිරීමේ දී ලීලානන්ද ගමාච්චි මහතා විසින් ‘හරි පුදුම ඉස්කෝලෙ’ නමින් සිංහලයට නැගූ ටෙට්සුකෝ කුරොයානගී මහත්මියගේ ‘මදොගිවා නො ටොට්ටෝ චං’ ග්රන්ථයට හිමි වන්නේ ඉහළ ස්ථානයක්. එම ග්‍රන්ථයේ සඳහන් සොසාකු කොබයාෂි මහතා විසින් හඳුන්වා දුන් ඉගෙනුම් ක්‍රමවේද බොහෝමයක් ජපන් අධ්‍යාපනඥයින් විසින් පාසල් විෂයධාරා සැලකීමේ දී සැලකිල්ලට ගන්නවා. [/SIZE] [COLOR="Red"][SIZE="5"]උස්ස ගත්තේ මෙතනින් [/SIZE][/COLOR] [url]http://sinhala.roar.lk/features/lessons-we-can-learn-from-japanese-education-system/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom