Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය

මිනිසුන් යොදාගෙන කල භයානක අත්හදා බැලීම් සහ පර්යේෂණ ගැන සඳහන් කරද්දී බොහෝදෙනාට මතක් වෙන්නේ දෙවන ලෝක යුද සමයේ නාසි වෛද්‍යවරයෙක් වූ මෙන්ගෙල්ය.නමුත් එවැනි අත්හදා බැලීම් කල එකම ජාතිය ඔවුන් නොවේ.20 වන සියවස තුල සිදුවූ වඩා කෲරතම මානව අත්හදා බැලීම් සිදුකලේ ජපාන අධිරාජ්‍යය හමුදාවයි.ඒ ඔවුන්ගේ Unit 731 නම් විශේෂිත ඒකකයකිනි.ජපනුන් Unit 731 ඔස්සේ සිදුකල බොහෝ යුද අපරාධ හිතාමතාම වළලා දමන ලදි.ඊට හේතුව ඇමෙරිකා එක්සත් ජනපදයයි.ජපානයේ යටත් වීමෙන් පසුව ඇමෙරිකානුවන්, Unit 731 සහ ඔවුන්ගේ මානව පර්යේෂණ පිළිබඳව ගැන තොරතුරු දැනගන්නට විශේෂ උනන්දුවක් දැක්වූ අතර යුද අපරාධවලට සමාව ලබාදෙන පොරොන්දුව පිට ජපනුන්ගේ එම මානව පර්යේෂණවල තොරතුරු ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලබාගන්නා ලදි.මෙම ගනුදෙනුව නිසා ජපනුන් මැන්චූරියාවේ විද්‍යාගාර තුල කල කෲර අත්හදා බැලීම් ලෝකයට හෙළි වුනේ ඉතා සුළුවෙනි.මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ජපනුන් විසින් Unit 731 යටතේ සිදුකල අපරාධ සම්බන්ධ සංක්ෂිප්ත විස්තරයකි.

ආරම්භය

Unit 731 හි ඉතිහාසය ඇරඹෙන්නේ තනි මිනිසෙක් වටාය.ඔහු නමින් ෂිරෝ ඉෂීය.ඉෂී දක්ෂ පුද්ගලයෙකි.ඔහු කියොටො රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට තරම් දක්ෂයෙක් විය.ඉෂී අඩි 6ක් පමණ උස පුද්ගලයෙක් විය(සාමාන්‍යයෙන් ජපනුන් එතරම් උස ජාතියක් නොවේ).මෙම කරුණ එතරම් වැදගත් නොවුනද ඔහු යන ඕනෑම තැනකදී මෙම උස නිසා අවධානය දිනාගන්නට සමත්විය.

Unit 731 හි නිර්මාතෘ - General Shirō Ishii

1922 දී ඉෂී යළි කියොටෝ විශ්වවිද්‍යාලයට එන්නේ ඔහුගේ අධ්‍යාපනය කටයුතු සහ බැක්ටීරියා,මස්තුවේදය,නිවාරණ ඖෂධ සහ රෝග විනිශ්චය සම්බන්ධව අධ්යලනය කිරීමටය.එම වසරේම ඔහු කියුෂු වෙත යයි.ඉහළ වේගයකින් පැතිරයන වසංගත රෝගයක් එහි තිබිණි.මෙම රෝගය බොහෝදෙනා බිලිගත් අතර රෝගීන්ගේ මොළයේ මේ නිසා ඉදිමුම් ඇතිවිය.එම නිසා රෝගය ගැන අධ්‍යයනයට පෙර රෝගියා මියයයි.ඉෂී මේ සම්බන්ධව පරික්ෂණ සිදුකල අතර ආසාදනය, ජලය පෙරා පානය කිරීමෙන් වළක්වා ගැනීමට ඔහු ක්‍රමයක් සෙවීය.ඔහු එය සාර්ථකව අත්හදා බැලු අතර ඔහුගේ සගයන් ඉන් බොහෝ උද්දාමයට පත්විය.ඉෂී තම නිර්මාණය ජපාන අධිරාජ්‍යයා ඉදිරියේ පවා ආදර්ශනය කර පෙන්වූ බව කියවේ(තම පෙරණය කොතරම් විශිෂ්ඨද යත් ඊට මුත්‍රා පෙවා පිරිසිදු ජලය බවට පත් කල හැකි යැයි ඔහු එම අවස්ථාවේදී ආදර්ශනය කල බව කියවේ.)1928 දී ඔහු වසර දෙකක අධ්‍යයන කාලයකට ජපානය හැර යයි.එහිදි ඉෂී ලොවපුරා රටවල් රැසක සංචාරය කරන අතර ඊට ඇමෙරිකාව,ජර්මනිය සහ ප්‍රංශය ඇතුලු රටවල් රැසක් ඇතුලත්ය.ඔහු රැගෙන එන දැනුම ජපානයේ ඉරණම ප්‍රබල ලෙස වෙනස් කරාවි යැයි ඔහු විශ්වාස කරන ලදි

දෙවන ලෝක යුද සමයේ ජපාන අධිරාජ්‍යවාදීන්ගේ ව්‍යාප්තිය (ජපනුන්ගේ යටත්විජිත)

ජපානය ලොව ප්‍රබලයෙක් බවට පත් කරාවි යැයි ඉෂී විශ්වාස කල ව්‍යාපෘති සඳහා ඔහුට පහසුවෙන්ම මූල්‍ය ආධාර සහ පහසුකම් ලබා ගත හැකිවූයේ කර්නල් චිකාහිකෝ කොයිසුමි(හමුදා ශල්‍ය වෛද්‍යවරයෙක් වූ අතර පසුව ජපානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විය.),කර්නල් ටෙෂුසාන් නැගට්(හමුදා අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා කාර්යාංශයේ ප්‍රධානියා) සහ නොබුයොෂි අරකි (හමුදා අමාත්‍යවරයා) ආදී ඉහළ පෙලේ නිලධාරීන් සමග ඔහුගේ තිබූ දැඩි බැඳීම නිසාය.1930 දී තම සංචාරය නිමවා ඉෂී පැමිණෙන්නේ කර්නල් කොයිසුමී(දිගු කාලයක් තිස්සේ රසායනික සහ ජීව විද්‍යාත්මක සංග්රාම සඳහා ව්‍යාපෘතියක් ගැන අදහසක් ඔහු තුල තිබිණි) වෙතයි.කොයිසුමි ශල්යවෛද්යවරයෙක් වූ නිසා අනෙක් හමුදා නිලධාරීන්ට තරම් ගෞරවයක් ඔහුට නොතිබිණි.නමුත් කොයිෂුමි ,ඉෂී යොදාගෙන එම තත්ත්වය වෙනස් කල බව කියවේ.

චීනය තුල ජපාන යටත්විජිත

1931 වසරේ මැන්චූරියා ආක්‍රමණයෙන් ඇරඹි ජපානයේ යටත්විජිත දිනාගැනීමේ ව්‍යාපාරය තුල නැගෙනහිර ආසියාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවිය.ජපන් හමුදා දරුණු ලෙස චීන ජනතාවට සැලකූ අතර චීනය තුල ජපන් සෙබලුන් බරපතල ස්ත්‍රී දූෂණයේ යෙදිණි.මෙහි දැක්වෙන්නේ ජපානය විසින් මැන්චූරියා ආක්‍රමණයේදී සහ ඉන්පසුව හැසිරුණු ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයකි.

චීනයේ මැන්චූරියා ප්‍රදේශය 1931 සැප්තැම්බර් මාසයේදී ජපානයට නතුවිය.කොරියා අර්ධද්වීපයද ජපාන අධිරාජ්‍යවාදීන්ට නතුව තිබිණි.මැන්චූරියාව රසායනික සහ ජීවවිද්‍යාත්මක අවි සම්බන්ධ පර්යේෂණ සඳහා වඩාත් සුදුසුම ස්ථානයක් බව ජපනුන්ට වැටහුණි.ඒ එම ප්‍රදේශය ලෝකයෙන් හුදකලාව පිහිටීම නිසාය.Unit 731 පළමුවරට පිහිටුවන ලද්දේ හාර්බින් නගරයේය.නමුත් සිරකරුවන් පිරිසක් විසින් එම විද්‍යාගාරය පුපුරවා හරින ලදි.ඉන්පසු ඉෂීට සිදුවූයේ වෙනත් ස්ථානයක් සොයාගැනීමටය.Unit 731,දරුණු ගනයේ අත්හදා බැලීම් මිනිසුන් යොදාගෙන සිදුකල කණ්ඩායමක් වුවද ඔවුන් පෙනී සිටියේ "ක්වන්ටන් හමුදාවේ ජල සම්පාදන සහ වසංගත රෝග නිවාරණ ඒකකය" යන නමින්ය.1936 අගෝස්තු 1දා ඉෂීව මෙම ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදි.1937 පසුව චීනය තුල ජපානයේ යුද තත්ත්වය වැඩිවිය.

හාර්බින් නගරය

චීන කොමියුනිස්ට්වාදීන් චීනයේ දකුණු ප්‍රදේශවල විසිරී සිටියහ.ඔවුන් ජපනුන්ට එරෙහිව යුදවැදී සිටියහ.

Unit 731හි විද්‍යාගාරය පින්ග්ෆෑන් හි පිහිටුවන ලදි.එය වර්ග කිලෝමීටර් තුනක් පුරා පැතිරුණ භූමියක් අත්කර ගත්තේය.මෙම Unit 731 ඒකකය උස තාප්පවලින් වටකර,අධි වෝල්ටීයතා කම්බිවලින් ආරක්ෂා කර තිබිණි.එම භූමියේ ගොඩනැගිලි 150ක් පමණ තිබුණු බව කියවේ.ඒවා අතර සිරකරුවන්ට රැඳවුම් මධ්යණස්ථාන,උදුනක්,සතුන් රදවා තැබු ඉදිකිරීමක් සහ ගුවන් පිටියක් තිබිණි.එහි 7 සහ 8 වන කොටස් ගුවනේ සිට බලද්දී පියවි ඇසට නොපෙනෙන ලෙස නිර්මාණය කර තිබිණි.මෙම ගොඩනැගිලි බැක්ටීරියා නිෂ්පාදනයට සහ පර්යේෂණ සඳහා යොදාගත්හ.

මැන්චූරියාවේ පින්ග්ෆෑන්ග් හි(දකුණු හාර්බින් හි ) ඉදිකර තිබූ Unit 731හි ගොඩනැගිලි සංකීර්ණය ගුවනට දිස්වූ අයුරු

Unit 731 පවත්වාගෙන ගිය ස්ථානයේ ඉතිරිව තිබෙන නටඹුන්වූ ගොඩනැගිලි

Unit 731 අංශ අටකට බෙදා තිබිණි

1.බැක්ටීරියා පර්යේෂණ

2.සංග්රාම සම්බන්ධ පර්යේෂණ සහ යුද අවි අත්හදා බැලීම්

3.ජල පෙරණ නිෂ්පාදනය

4.බැක්ටීරියා මහා පරිමාණයෙන් නිපදවීම සහ ගබඩා කිරීම

5. අධ්‍යාපනික අංශය

6.සැපයුම් අංශය

7.පොදු කටයුතු

8.සායනික රෝග විනිශ්චය

Unit 731 ඒකකය පවත්වාගෙන ගිය ගොඩනැගිලි සංකීර්ණයේ ගුවන් ඡායාරූපයක්

Unit 731හි සේවය කල වෛද්‍යවරු සහ අනෙකුත් හමුදා ප්‍රධානීන්ගේ සමූහ ඡායාරූපයක්

Unit 731 හි රහස්‍යභාවයට හැමවිටම ප්‍රමුඛත්වය ලැබිණි.මෙම ඒකකයේ සාමාජිකයින් පින්ග්ෆෑන් වෙතත් ඉන් පිටතටත් ප්‍රවාහනය කලේ ආවරණය කල ට්‍රක් රථවලය.තවද එම වාහනවල ලියාපදිංචි අංක තහඩුව නිතර නිතර වෙනස් කෙරිණි.වෛරස් සහ වෙනත් රෝගකාරක පතුරවා හැරීමට වඩාත් සුදුසු මෙන්ම කාර්යක්ෂම ක්‍රමයක් වන්නේ ජල මාර්ග බව ඉෂී දැන සිටියේය.වරක් පින්ග්ෆෑන් හි මහාමාරිය රෝගකාරක සහ බැක්ටීරියා කිලෝග්රෑයම් තුන්සියයක් පමණ නිපදවා තිබේ.ලෝක ජනගහනය කිහිපවරක්ම සමූල ඝාතනය කිරීමට ප්‍රමාණවත් බැක්ටිරියා නිපදවීමෙ හැකියාවක් Unit 731හි තිබු නිෂ්පාදනාගාර සතුවූ බව කියවේ.1941 වසරේදී ඉෂී තම විශිෂ්ඨතම මිතුරා සොයාගන්නා ලදි.ඒ මැක්කාය.ආසාදිත මීයන්ගෙන් ලේ උරා බොන මැක්කන් මහාමාරිය විෂ බීජ දහස්ගණනක් උකහා ගන්නා බව ඉෂීගේ අධ්‍යයනයන්ගෙන් දැන ගන්නට ලැබිණි.මෙලෙස විෂබීජ ශරීරගත වූ මැක්කෙක් කරන එක් සපාකෑමකින් අදාල රෝගකාරක විෂ බීජ 10,000-24,000ක් පමණ ධාරක දේහයට ඇතුලුවේ.මෙම පරීක්ෂණවලට සජීවි මිනිස් ධාරකයන් ලෙස චීන සිරකරුවන් යොදාගන්නා ලදි.

Unit 731 හි ප්‍රධානියාගේ යෝජනාවක් අනුව නිර්මාණය කල මහාමාරිය බෝම්බය - මෙය මහාමාරිය ආසාදිත මැක්කන්ගෙන් සමත්විත වූ බවයි පැවසෙන්නේ.

ඉෂීගේ මෙම රහස් පර්යේෂණ එහි සිටි දහස්ගණනක්වූ සේවකයන් රහසක් ලෙස රකින ලදි.මරණයේ කුටි හෙවත් 7 සහ 8 වන කොටස්වලට උමං ඔස්සේ යැවූ සිරකරුවන් යළි පැමිණියේ නැත.ජපාන භූමියෙන් ඈතින් පිහිටි මැන්චූරියාව මෙම මානව පර්යේෂණ සඳහා සුදුසු යැයි ඉෂී තීරණය කලේ පර්යේෂණ සඳහා එහි අවශ්‍ය තරම් මිනිසුන් සිටින නිසාය.ජෙනරාල් ඉෂී පරීක්ෂණවලට මිනිසුන් සොයාගත්තේ සිර කඳවුරක් වූ හොගොයින්වලිනි.මෙම සිර කඳවුරේ සිටි තොරතුරක් ලබාගත නොහැකි සහ ජපනුන්ට සහයෝගය නොදැක්වූ රුසියානුවන් සියලුදෙනා කෙලින්ම පර්යේෂණාගර සංකීර්ණය වෙත යවන ලදි.මෙම පරීක්ෂණාගාරවල සිදුකෙරුණු අත්හදා බැලීම්වල ගොදුරු බවට පත්වුනේ චීන සෙබලුන්( 70% ක් පමණ චීන ජාතිකයන්ය),ඔත්තුකරුවන්,කොරියානුවන්,රුසියානුවන්,මිත්‍ර හමුදාවල යුද සිරකරුවන්,සාමාන්‍යය ජනයා(මැන්චූරියාවේ ගැහැණු ,පිරිමි,ළමුන්,බිළිදුන්,ගර්භණී කාන්තාවන්)ආදීන්ය.සැකයක් නැති අහිංසක මිනිසුන් පවා Unit 731හි ගොදුරු බවට පත්විය.ඉන් සමහරක් මෙම පර්යේෂණාගාර වෙත ගෙන්වා ගත්තේ රැකියා ලබාදෙන බව පවසමින්ය.තරුණයන්,මව්වරු,කුඩා ළමුන් සහ ගැබිණි කාන්තාවන් ඔවුන්ගේ උගුලට හසුවිය.Unit 731 ඒකකය පින්ග්ෆෑන් හි පිහිටුවා තිබූ කාලයේ පුද්ගලයන් 3000ක් පමණ විවිධ අත්හදා බැලීම් වෙනුවෙන් මරාදමන ලදි.මෙහි සිර කුටි අපායක් මෙන් විය.ඒවා යකඩ දොරවලින් ආරක්ෂා කර තිබිණි.සිරකරුවන්ගේ බාහු දම්වැල්වලින් බැද තිබූ අතර සමහරුන්ගේ බාහු ඒ නිසා කුණුවී තිබිණි.තුවාල ඇතුලින් අස්ථි මතුව පෙනිනි.තවත් සමහරු දහඩිය දමන දැඩි උණ රෝගවලින් පෙළිණි.සමහර සිරකරුවන් නිතරම වේදනාවෙන් කෑගසමින් සිටි අතර ශ්වසන පද්ධතියේ ආසාදන නිසා නිතරම කැස්ස ඇතිවිය.බොහෝදෙනා තුවාල වලින් ගහණ ශරීර සහිත විය.නිරෝගී පුද්ගලයන් සමග රෝගීන් එකට තැබුවේ රෝග පැතිර යාම අධ්‍යයනය කිරීමටය.ආසාදනයෙන් වැළකීමට මෙම සිරකරුවන් ප්රාඑථමික නිවාරණ ක්‍රම භාවිත කලහ.සිරකාරියන් දිනපතා දූෂණය කෙරිණි.ඒ Unit 731හි ආරක්ෂකයන් විසින්ය.ජපන් වෛද්‍යවරුන් රෝග ව්‍යාප්ත කිරීමට විවිධ ක්‍රම භාවිතා කලහ.ඔවුන් සිර කුටිවලට ,ආහාරවලට,ජලයට,පළතුරු සහ විස්කෝතු ආදියට නොපෙනෙන ලෙස විෂ බීජ ඉසින ලදි.

Unit 731 හි සේවය කල වෛද්‍යවරු සහ විද්‍යාඥයින්

සූයෝ අකිමොටෝ යනු දේහ තරල සම්බන්ධව විශේෂඥ දැනුමක් තිබූ වෛද්‍යවරයෙක් වූ අතර ඔහුව ටෝකියෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් චීනයේ මැන්චූරියාවට යවනු ලැබුවේ Unit 731හි සේවය කරනු පිණිසය."එහි පැමිණි ඔහු දුටුදෙයින් කම්පනයට පත්විය ඒ මිනිසුන් යොදාගෙන කර අමානුෂික පර්යේෂණ දැකීමෙන්ය.එහි සිටි විද්‍යාඥයින්ගේ අතලොස්සකට පමණක් හෘද සාක්ෂියක් තිබෙන්නට ඇතැයි ඔහු පසුව කියා තිබේ."ඔවුන් සිරකරුවන්ට සැලකුවේ සතුන්ට මෙන්ය.මෙම සිරකරුවන් සතුරන් වූ අතර ඔවුන් මරණයට කැප කර තිබිණි.මිනිසුන් යොදාගෙන කරන පරීක්ෂණවලට සහභාගී නොවී සිටීමට මම බොහෝසෙයින් උත්සාහ කලෙමි.පර්යේෂණ අංශයේ ප්‍රධානී මේජර් ජෙනරල් කිකුචි වෙත මා තුන් හතර වතාවක්ම අස්වීමේ ලිපි බාර දුන්නද පිටවී යාමට ඉඩක් නොලැබුණි.මා ඉවත්ව ගිය හොත් රහසිගතව මරාදමාවි යැයි ඔවුන් කිවා"වෛද්‍ය අකිමොටෝ තමන් මුහුණ දුන් ඒ අමිහිරි අත්දැකීම එලෙස වචනයට පෙරලන ලදි.

Unit 731 හි සිදුකල අත්හදා බැලීම් සහ පර්යේෂණ සමහරක්

අවි පරීක්ෂා කිරීම

මිනිසුන් වෙනස් දුර ප්‍රමාණවලින් රදවා අත් බෝම්බ පිපිරවීම් සිදුකර තිබේ.

සිරකරුවන් ගින්නට නිරාවරණය කර සිදුවන හානිය පරීක්ෂා කරන ලදි.

මිනිසුන් වෙනස් දුර ප්‍රමාණවලින් රඳවා බෝම්බ පිපිරවීම් ,රසායනික අවි සහ අනෙකුත් ජීවවිද්‍යාත්මක අවිවල ප්රිහාරයන්ට ලක් කරන ලදි.

බෝම්බ පිපිරවීමකට සිරකරුවන් නිරාවරණය කිරීමට මෙහි දැක්වෙන ආකාරයට Unit 731 මගින් අත්හදා බැලීම් කර තිබේ.

කණුවක බැඳ දැමූ චීන ජාතිකයන් කිහිපදෙනෙක්

ජීවවිද්‍යාත්මක පර්යේෂණ

සිරකරුවන්ට එන්නත් ලබාදෙන අයුරින් විෂබීජ එන්නත් කර මතුවන රෝග ලක්ෂණ අධ්‍යයනය කරන ලදි.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ප්‍රතිකාර නොකල විට ඒවායින් ඇතිකරන ප්‍රතිඵල ගැන අධ්‍යයනය සඳහා පිරිමි සහ කාන්තා රැඳවියන්ට උපදංශය සහ සුදුබින්දුම යන රතී රෝගකාරක වලින් ආසාදනය කරන ලදි.

සිරකරුවන් මැක්කන් යොදාගෙන ආසාදනය කල අතර එහි අරමුණ මැක්කන් ජීවවිද්‍යාත්මක අවියක් ලෙස සංග්‍රාමයකදී යොදා ගැනීමයි.

මහාමාරිය ආසාදිත මැක්කන්,ආසාදිත ඇඳුම් සහ අනෙකුත් ද්‍රව්‍ය බෝම්බ තුල බහා චීනයේ විවිධ ප්‍රදේශවලට ගුවනින් මුදාහරින ලදි.එම විෂබීජ නිසා හටගත් කොළරාව,ඇන්ත්රැයක්ස් සහ මහාමාරිය ආදී රෝග නිසා චීන වැසියන් ලක්ෂ 4ක් වත් මරණයට පත්වන්නට ඇතැයි සැලකේ.

තුලරෙමියා(සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන රෝගයකි.ආසාදිත ස්ථානයේ තුවාලයක් ඇතිවන අතර උණ සහ බර අඩුවීම අනෙක් රෝග ලක්ෂණයි )රෝගකාරක චීන වැසියන් යොදාගෙන පරීක්ෂාවට ලක් කරන ලදි.

Unit 731 ඒකකය ඊට අනුබද්ධ ඒකක(Unit 731 යනු මෙහි දැක්වෙන උප ඒකකවල මූලස්ථානයයි.Unit 516 (Qiqihar), Unit 543 (Hailar), Unit 773 (Songo unit), Unit 100 (Changchun), Unit Ei 1644 (Nanjing), Unit 1855 (Beijing), Unit 8604 (Guangzhou), Unit 200 (Manchuria), Unit 9420 (Singapore))මගින් ජීවවිද්‍යාත්මක අවි නිපදවන ලදි.ඒවා දෙවන ලෝක යුද සමයේ චීන ජනයාට(හමුදා සෙබලුන්ට සහ සිවිල්වැසියන්ට ) එරෙහිව භාවිතා කරන ලදි.ගුවන් යානා මගින් චීන නගරවලට මහාමාරිය විෂබීජ පතුරවා හරින ලදි.(1940-නින්ග්බෝ,1941-හුනාන් පළාතේ චැන්ඩේ).ඉන් ඇතිවූ වසංගතවලින් දහස් ගණන් ජනයා මරුමුවට පත්විය.

ඇන්ත්රැක්ස්,කොළරාව,බොටුලිසම් සහ තවත් රෝගකාරක ඇතුලත් බෝම්බ නිපදවීමටද Unit 731 ඒකකය ක්රි්යා කලේය.මේවා කෘෂිකාර්මික ප්රලදේශ,ජල සංචායක,ළිං සහ තවත් ප්‍රදේශ ඉලක්ක කරගෙන මුදා හරින ලදි.ඉන් මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු පරීක්ෂාවට විද්‍යාඥයින්ට විශේෂ ආරක්ෂාවක් සහිත ඇඳුම් නිකුත් කර තිබිණි.

අත්හදා බැලීම්වලට ලක්වූ පිරිසකගේ මළ සිරුරු

විද්‍යාගාර තුල

පරීක්ෂණයකට ලක්වූවෙක් රැගෙන යන ආරක්ෂිත ඇඳුම් පැළද ගත් ජපනුන්

කුඩා දරුවෙකුගේ දේහයට යම් දෙයක් ඉසින ජපන් විද්‍යාඥයින්

අත්හදා බැලීම්වලට ලක්වූ සිරකරුවන්

Unit 731 හි අනෙකුත් පර්යේෂණ

පණපිටින් වැළලීම

සේලයින් වෙනුවට මුහුදු වතුර යොදාගත හැකි දැයි පරීක්ෂා කිරීමට ඒවා සිරකරුවන්ට එන්නත් කරන ලදි.

සතුන්ගේ රුධිරය මිනිසුන්ට එන්නත් කර ප්‍රතිඵල අධ්‍යයනය කරන ලදි.

සිරකරුවන් මියයන තෙක් කේන්ද්රාපසාරණය(කැරකවීම) භාජනය කරන ලදි.

නිර්වින්දනයෙන් තොරව සිරකරුවන්ගේ ශරීර විච්ඡේදනය කිරීම.නිර්වින්දනයට යොදාගන්නා රසායනිකයන් නිසා ශරීරයේ වෙනස්කම් සිදුවන බැවින් එම ක්‍රියාවලිය මඟ හැර විච්ඡේදන කටයුතු සිදුකර තිබේ

පණ පිටින් විච්ඡේදනය කිරීම.මියගිය පසු දේහය ක්‍රමයෙන් කුණුවන නිසා එය පරීක්ෂණවල ප්‍රතිඵලවලට බලපාන බැවින් ජීවතුන් අතර සිටියදීම පිරිමින්,ගැහැණුන්,ළමුන්,බිළිදුන් විච්ඡේදනයට ලක් කරන ලදි.

වෛද්‍යවරු විසින්ම ගැබ් ගැන්වූ ස්ත්‍රීන්ව දරු ගැබත් සහිතවම විච්ඡේදන කටයුතුවලට යොදාගන්නා ලදි.මෙම ස්ත්‍රීන්ව ජපාන සෙබලුන් ලවා දූෂණය කර ගැබ් ගැනීමට සල්සවා තිබේ.

සිරකරුවන්ගේ පාද සහ අත් කපා දමා රුධිරවහනය අධ්යහයනය කරන ලදි.

කපා දැමූ බාහු ශරීරයේ ප්‍රතිවිරුද්ධ දිශාවලට යළි බද්ධ කරන ලදි.

සමහරුන්ගේ බාහු මිදීමට ලක් කර අයිස් දියවීම ගැන සහ තුවාල ගැන අධ්‍යයනය කරන ලදි.

තවත් සමහරුන් පණපිටින් සිටියදී ඔවුන්ගේ ආමාශය ඉවත් කරන ලදි.

සිරකරුවන් පාදවලින් එල්ලා තබා ඔවුන් මියයාමට කොපමණ වේලාවක් ගතවේදැයි සොයාබලන ලදි.

අශ්වයන්ගේ මුත්රාන සිරකරුවන්ගේ වකුගඩු තුලට එන්නත් කරන ලදි

සිරකරුවන් නිරාහාරව තබන ලදි.

රැඳවියන් ඉතා ඉහල සහ පහත් උෂ්ණත්වයන්ට නිරාවරණය කරන ලදි.එහිදී මිනිස් සමට කොතරම් කාලයක් නොනැසී පැවතිය හැකිදැයි සොයාබලන ලදි.අධික උෂ්ණත්ව හමුවේ මිනිසෙකුගේ පැවැත්මද සොයා බැලිනි.

මාරාන්තික එක්ස් කිරණ මාත්රාවන්ට මිනිසුන් නිරාවරණය කරන ලදි.

සිරකරුවන්ට අමතරව චීන සිවිල් වැසියන්ද ඔවුන්ගේ පර්යේෂණවල ගොදුරු බවට පත්විය.ඒ චීන වැසියන්ගේ ගම්මානවලට ගුවනින් කොළරාව,ඇන්ත්රැක්ස් ආදීය ගුවනින් හෙළීමෙන්ය.මෙම විෂ බීජ පතුරවා හැරිම්වලින් ඇතිවූ ලෙඩරෝගාදියෙන් චීන වැසියන් 400,000ක් පමණ මිය යන්නට ඇතැයි සැලකේ.

පණපිටින් වළලන අවස්ථාවක්

පණපිටින් වළලන අවස්ථාවක්

ගර්භණී කාන්තාවක් විච්ඡේදනය කරන අයුරු

රුසියානු ජාතික ගර්භණී කාන්තාවක් සිය දරුවා ගැබෙහි සිටියදීම විච්ඡේදනය කල අවස්ථාවක්-හි මෙවැනි සිද්ධීන් සුලභව සිදුවිය.කාන්තාවන් දූෂණය කර ගැබ් ගන්වා විවිධ පර්යේෂණයන්ට යොදාගෙන තිබේ.උපදින දරුවන් දිවිගලවා ගන්නට සමත් වුවත් ඔවුන්ට වැඩිකල් ජීවත්වන්නට ඉඩක් නොලැබුණි.මන්ද එම බිළිදුන්ද ජපනුන්ගේ අත්හදා බැලීම්වලට යොදාගන්නා ලදි.

කුඩා දරුවෙක්ව විච්ඡේදනය කල අවස්ථාවක්

උදර සහ උරස් කුහර විවෘත කල රුසියානු කාන්තාවක්

තවත් විච්ඡේදනය කිරීමක්

විච්ඡේදනය කිරීම්

පහත දැක්වෙන්නේ Unit 731හි සිදුකල සමහරක් රසායනික පරීක්ෂාවන් සහ රෝග ආසාදනය කිරීම්ය.

Unit 731 මගින් ජීවවිද්‍යාත්මක සහ රසායනික යුද්ධයක් සඳහා අවශ්යග කරන අවි පවා නිපද වූ අතර එම වැඩකටයුතු වෙනුවෙන් වෛද්‍යවරු සහ විද්‍යාඥයින් රැසක් සහභාගී කරගෙන තිබේ,ඔවුන් සජීවී මිනිස් දේහ මෙම පරීක්ෂාවන් සහ අත්හදා බැලීම් සඳහා යොදාගෙන තිබේ.ඔවුන් ප්‍රධාන වශයෙන්ම ජීවවිද්‍යාත්මක සහ රසායනික අවි ප්‍රහාර එල්ල කිරීම සහ සතුරන්ගෙන් එල්ලවන එවැනි ප්‍රහාරවලින් ගැලවෙන අයුරු පරීක්ෂාවට ලක් කර තිබේ.ඉහත දැක්වෙන්නේ ඔවුන් සිරකරුවන් සඳහා යොදාගත් විෂබීජ සහ රසායනිකයන්ය.

සමහරක් ජපනුන් Unit 731හි මානව පර්යේෂණ හුදෙක් පිස්සු විද්‍යාඥයින් පිරිසක් සිදුකල අමානුෂික ක්‍රියාවන් ලෙස පිළිනොගනියි.ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ Unit 731 මගින් සිදුකල සොයාගැනීම් සහ ප්‍රතිකාර විධිය.ඔවුන් ඊට උදාහරණ ලෙස පෙන්වන්නේ ශීතල නිසා ඇතිවන තුවාලවලට Unit 731 ඒකකය විසින් සොයාගත් ප්රතිකර්මයයි.ජපනුන්ගේ මෙම පරීක්ෂණයට සහ අත්හදා බැලීමට හේතුවන්නට ඇත්තේ යම් දිනෙක ඔවුන්ට රුසියාව සමග සටනකට යාමට සිදුවුවහොත්(ජපනුන් තුල රුසියාව ආක්‍රමණය කිරීමේ අදහසක් තිබෙන්නේට ඇතැයි විශ්වාස කල හැකිය) එරටදී අත්විදින්නට වන අධික ශීතල නිසා ඇතිව තුවාලවලට සාර්ථක ප්‍රතිකර්මයක් සොයාගැනීමයි.මෙම පරීක්ෂණය සඳහා සිරකරුවන්ගේ බාහු අධික ශීතලට පත්කර මිදීමට සලස්සවා එම කොටස වෙනස් උෂ්ණත්ව සහිත ජලයෙන් නහවන ලදි.අදටත් මේ සඳහා භාවිතා කරන ප්රතිකර්මය වන්නේ අදාල ශරීරාංගය(බාහු)සෙල්සියස් අංශක 38-50 අතර උෂ්ණත්වයේ පසුවන ජලයේ ගිල්වීමයි.

ජපනුන් නිර්මාණය කල ආසාදනවලින් ආරක්ෂාවීමට හැකි විශේෂ ඇඳුමක්

ජපන් සිරකරුවෙක්

ජපාන රජය මෙම මානව පර්යේෂණ සිදුකල බව කිසිදාක නිල වශයෙන් පිළිගෙන නැත.ජපානය යටත්වීමට පෙර මෙම විද්‍යාගාර සහ අනෙකුත් ගොඩනැගිලි ඇතුලු ප්‍රබල සාක්ෂි රැසක් ජපනුන් විසින් විනාශ කරන ලදි.ඉතිරිව සිටි සිරකරුවන් වෙඩි තබා ඝාතනය කර තිබේ.Unit 731හි සේවය කල සමහරක් යුද්ධය අවසානයේදී අත් අඩංගුවට ගන්නා ලදි.ජපානය තුල ඔවුන්ගෙන් කිසිවෙක් වරදකරුවන් ලෙස අධිකරණය ඉදිරියට ගෙන ගියේ නැත.ඒ Unit 731 යටතේ සිදුකල මානව පර්යේෂණවල තොරතුරු එක්සත් ජනපදයට සපයන රහසිගත ගිවිසුමක් ඇතිකරගැනීම නිසාය.

දෙවන කොටසින් හමුවෙමු.

දෙවන කොටස

Source:jesus-is-savior.com

toddlertime.com

unit731.org

mtholyoke.edu

wikipedia.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19433648, member: 547562"] [b]ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය[/b] [CENTER][IMG]http://i.imgur.com/7Kimv0v.jpg[/IMG][/CENTER] [SIZE="3"]මිනිසුන් යොදාගෙන කල භයානක අත්හදා බැලීම් සහ පර්යේෂණ ගැන සඳහන් කරද්දී බොහෝදෙනාට මතක් වෙන්නේ දෙවන ලෝක යුද සමයේ නාසි වෛද්‍යවරයෙක් වූ මෙන්ගෙල්ය.නමුත් එවැනි අත්හදා බැලීම් කල එකම ජාතිය ඔවුන් නොවේ.20 වන සියවස තුල සිදුවූ වඩා කෲරතම මානව අත්හදා බැලීම් සිදුකලේ ජපාන අධිරාජ්‍යය හමුදාවයි.ඒ ඔවුන්ගේ Unit 731 නම් විශේෂිත ඒකකයකිනි.ජපනුන් Unit 731 ඔස්සේ සිදුකල බොහෝ යුද අපරාධ හිතාමතාම වළලා දමන ලදි.ඊට හේතුව ඇමෙරිකා එක්සත් ජනපදයයි.ජපානයේ යටත් වීමෙන් පසුව ඇමෙරිකානුවන්, Unit 731 සහ ඔවුන්ගේ මානව පර්යේෂණ පිළිබඳව ගැන තොරතුරු දැනගන්නට විශේෂ උනන්දුවක් දැක්වූ අතර යුද අපරාධවලට සමාව ලබාදෙන පොරොන්දුව පිට ජපනුන්ගේ එම මානව පර්යේෂණවල තොරතුරු ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලබාගන්නා ලදි.මෙම ගනුදෙනුව නිසා ජපනුන් මැන්චූරියාවේ විද්‍යාගාර තුල කල කෲර අත්හදා බැලීම් ලෝකයට හෙළි වුනේ ඉතා සුළුවෙනි.මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ජපනුන් විසින් Unit 731 යටතේ සිදුකල අපරාධ සම්බන්ධ සංක්ෂිප්ත විස්තරයකි.[/SIZE] [CENTER][B][SIZE="4"]ආරම්භය [/SIZE][/B][/CENTER] [SIZE="3"]Unit 731 හි ඉතිහාසය ඇරඹෙන්නේ තනි මිනිසෙක් වටාය.ඔහු නමින් ෂිරෝ ඉෂීය.ඉෂී දක්ෂ පුද්ගලයෙකි.ඔහු කියොටො රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට තරම් දක්ෂයෙක් විය.ඉෂී අඩි 6ක් පමණ උස පුද්ගලයෙක් විය(සාමාන්‍යයෙන් ජපනුන් එතරම් උස ජාතියක් නොවේ).මෙම කරුණ එතරම් වැදගත් නොවුනද ඔහු යන ඕනෑම තැනකදී මෙම උස නිසා අවධානය දිනාගන්නට සමත්විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TzEETBx.jpg[/IMG] [B]Unit 731 හි නිර්මාතෘ - General Shirō Ishii [/B][/CENTER] [SIZE="3"]1922 දී ඉෂී යළි කියොටෝ විශ්වවිද්‍යාලයට එන්නේ ඔහුගේ අධ්‍යාපනය කටයුතු සහ බැක්ටීරියා,මස්තුවේදය,නිවාරණ ඖෂධ සහ රෝග විනිශ්චය සම්බන්ධව අධ්යලනය කිරීමටය.එම වසරේම ඔහු කියුෂු වෙත යයි.ඉහළ වේගයකින් පැතිරයන වසංගත රෝගයක් එහි තිබිණි.මෙම රෝගය බොහෝදෙනා බිලිගත් අතර රෝගීන්ගේ මොළයේ මේ නිසා ඉදිමුම් ඇතිවිය.එම නිසා රෝගය ගැන අධ්‍යයනයට පෙර රෝගියා මියයයි.ඉෂී මේ සම්බන්ධව පරික්ෂණ සිදුකල අතර ආසාදනය, ජලය පෙරා පානය කිරීමෙන් වළක්වා ගැනීමට ඔහු ක්‍රමයක් සෙවීය.ඔහු එය සාර්ථකව අත්හදා බැලු අතර ඔහුගේ සගයන් ඉන් බොහෝ උද්දාමයට පත්විය.ඉෂී තම නිර්මාණය ජපාන අධිරාජ්‍යයා ඉදිරියේ පවා ආදර්ශනය කර පෙන්වූ බව කියවේ(තම පෙරණය කොතරම් විශිෂ්ඨද යත් ඊට මුත්‍රා පෙවා පිරිසිදු ජලය බවට පත් කල හැකි යැයි ඔහු එම අවස්ථාවේදී ආදර්ශනය කල බව කියවේ.)1928 දී ඔහු වසර දෙකක අධ්‍යයන කාලයකට ජපානය හැර යයි.එහිදි ඉෂී ලොවපුරා රටවල් රැසක සංචාරය කරන අතර ඊට ඇමෙරිකාව,ජර්මනිය සහ ප්‍රංශය ඇතුලු රටවල් රැසක් ඇතුලත්ය.ඔහු රැගෙන එන දැනුම ජපානයේ ඉරණම ප්‍රබල ලෙස වෙනස් කරාවි යැයි ඔහු විශ්වාස කරන ලදි[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/g6yeUpp.png[/IMG][/CENTER] [B][CENTER]දෙවන ලෝක යුද සමයේ ජපාන අධිරාජ්‍යවාදීන්ගේ ව්‍යාප්තිය (ජපනුන්ගේ යටත්විජිත)[/CENTER][/B] [SIZE="3"]ජපානය ලොව ප්‍රබලයෙක් බවට පත් කරාවි යැයි ඉෂී විශ්වාස කල ව්‍යාපෘති සඳහා ඔහුට පහසුවෙන්ම මූල්‍ය ආධාර සහ පහසුකම් ලබා ගත හැකිවූයේ කර්නල් චිකාහිකෝ කොයිසුමි(හමුදා ශල්‍ය වෛද්‍යවරයෙක් වූ අතර පසුව ජපානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විය.),කර්නල් ටෙෂුසාන් නැගට්(හමුදා අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා කාර්යාංශයේ ප්‍රධානියා) සහ නොබුයොෂි අරකි (හමුදා අමාත්‍යවරයා) ආදී ඉහළ පෙලේ නිලධාරීන් සමග ඔහුගේ තිබූ දැඩි බැඳීම නිසාය.1930 දී තම සංචාරය නිමවා ඉෂී පැමිණෙන්නේ කර්නල් කොයිසුමී(දිගු කාලයක් තිස්සේ රසායනික සහ ජීව විද්‍යාත්මක සංග්රාම සඳහා ව්‍යාපෘතියක් ගැන අදහසක් ඔහු තුල තිබිණි) වෙතයි.කොයිසුමි ශල්යවෛද්යවරයෙක් වූ නිසා අනෙක් හමුදා නිලධාරීන්ට තරම් ගෞරවයක් ඔහුට නොතිබිණි.නමුත් කොයිෂුමි ,ඉෂී යොදාගෙන එම තත්ත්වය වෙනස් කල බව කියවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/IeQvi6H.gif[/IMG][/CENTER] [B][CENTER]චීනය තුල ජපාන යටත්විජිත[/CENTER][/B] [SIZE="3"]1931 වසරේ මැන්චූරියා ආක්‍රමණයෙන් ඇරඹි ජපානයේ යටත්විජිත දිනාගැනීමේ ව්‍යාපාරය තුල නැගෙනහිර ආසියාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවිය.ජපන් හමුදා දරුණු ලෙස චීන ජනතාවට සැලකූ අතර චීනය තුල ජපන් සෙබලුන් බරපතල ස්ත්‍රී දූෂණයේ යෙදිණි.මෙහි දැක්වෙන්නේ ජපානය විසින් මැන්චූරියා ආක්‍රමණයේදී සහ ඉන්පසුව හැසිරුණු ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/HY9eejJ.jpg[/IMG] [IMG]http://i.imgur.com/fdyrVaT.jpg[/IMG] [IMG]http://i.imgur.com/fDy64En.jpg[/IMG] [IMG]http://i.imgur.com/dD8ENml.jpg[/IMG] [IMG]http://i.imgur.com/SCJ0PNX.jpg[/IMG] [IMG]http://i.imgur.com/LmsLEe2.jpg[/IMG] [IMG]http://i.imgur.com/c8uNogw.jpg[/IMG][/CENTER] [SIZE="3"]චීනයේ මැන්චූරියා ප්‍රදේශය 1931 සැප්තැම්බර් මාසයේදී ජපානයට නතුවිය.කොරියා අර්ධද්වීපයද ජපාන අධිරාජ්‍යවාදීන්ට නතුව තිබිණි.මැන්චූරියාව රසායනික සහ ජීවවිද්‍යාත්මක අවි සම්බන්ධ පර්යේෂණ සඳහා වඩාත් සුදුසුම ස්ථානයක් බව ජපනුන්ට වැටහුණි.ඒ එම ප්‍රදේශය ලෝකයෙන් හුදකලාව පිහිටීම නිසාය.Unit 731 පළමුවරට පිහිටුවන ලද්දේ හාර්බින් නගරයේය.නමුත් සිරකරුවන් පිරිසක් විසින් එම විද්‍යාගාරය පුපුරවා හරින ලදි.ඉන්පසු ඉෂීට සිදුවූයේ වෙනත් ස්ථානයක් සොයාගැනීමටය.Unit 731,දරුණු ගනයේ අත්හදා බැලීම් මිනිසුන් යොදාගෙන සිදුකල කණ්ඩායමක් වුවද ඔවුන් පෙනී සිටියේ "ක්වන්ටන් හමුදාවේ ජල සම්පාදන සහ වසංගත රෝග නිවාරණ ඒකකය" යන නමින්ය.1936 අගෝස්තු 1දා ඉෂීව මෙම ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදි.1937 පසුව චීනය තුල ජපානයේ යුද තත්ත්වය වැඩිවිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/t4NtRkE.png[/IMG][/CENTER] [B][CENTER]හාර්බින් නගරය[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/4DKkYiw.png[/IMG] [B]චීන කොමියුනිස්ට්වාදීන් චීනයේ දකුණු ප්‍රදේශවල විසිරී සිටියහ.ඔවුන් ජපනුන්ට එරෙහිව යුදවැදී සිටියහ.[/B] [SIZE="3"]Unit 731හි විද්‍යාගාරය පින්ග්ෆෑන් හි පිහිටුවන ලදි.එය වර්ග කිලෝමීටර් තුනක් පුරා පැතිරුණ භූමියක් අත්කර ගත්තේය.මෙම Unit 731 ඒකකය උස තාප්පවලින් වටකර,අධි වෝල්ටීයතා කම්බිවලින් ආරක්ෂා කර තිබිණි.එම භූමියේ ගොඩනැගිලි 150ක් පමණ තිබුණු බව කියවේ.ඒවා අතර සිරකරුවන්ට රැඳවුම් මධ්යණස්ථාන,උදුනක්,සතුන් රදවා තැබු ඉදිකිරීමක් සහ ගුවන් පිටියක් තිබිණි.එහි 7 සහ 8 වන කොටස් ගුවනේ සිට බලද්දී පියවි ඇසට නොපෙනෙන ලෙස නිර්මාණය කර තිබිණි.මෙම ගොඩනැගිලි බැක්ටීරියා නිෂ්පාදනයට සහ පර්යේෂණ සඳහා යොදාගත්හ. [/SIZE] [IMG]http://i.imgur.com/NOdDXGf.jpg[/IMG] [B]මැන්චූරියාවේ පින්ග්ෆෑන්ග් හි(දකුණු හාර්බින් හි ) ඉදිකර තිබූ Unit 731හි ගොඩනැගිලි සංකීර්ණය ගුවනට දිස්වූ අයුරු[/B] [IMG]http://i.imgur.com/FNxx5BP.jpg[/IMG][/CENTER] [B][CENTER]Unit 731 පවත්වාගෙන ගිය ස්ථානයේ ඉතිරිව තිබෙන නටඹුන්වූ ගොඩනැගිලි[/CENTER][/B] [B][CENTER][SIZE="3"]Unit 731 අංශ අටකට බෙදා තිබිණි[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"] 1.බැක්ටීරියා පර්යේෂණ 2.සංග්රාම සම්බන්ධ පර්යේෂණ සහ යුද අවි අත්හදා බැලීම් 3.ජල පෙරණ නිෂ්පාදනය 4.බැක්ටීරියා මහා පරිමාණයෙන් නිපදවීම සහ ගබඩා කිරීම 5. අධ්‍යාපනික අංශය 6.සැපයුම් අංශය 7.පොදු කටයුතු 8.සායනික රෝග විනිශ්චය[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/vVGv5CB.jpg[/IMG][/CENTER] [B][CENTER]Unit 731 ඒකකය පවත්වාගෙන ගිය ගොඩනැගිලි සංකීර්ණයේ ගුවන් ඡායාරූපයක්[/CENTER][/B] [IMG]http://i.imgur.com/LKYzn7K.jpg[/IMG][/CENTER] [B][CENTER]Unit 731හි සේවය කල වෛද්‍යවරු සහ අනෙකුත් හමුදා ප්‍රධානීන්ගේ සමූහ ඡායාරූපයක්[/CENTER][/B] [SIZE="3"]Unit 731 හි රහස්‍යභාවයට හැමවිටම ප්‍රමුඛත්වය ලැබිණි.මෙම ඒකකයේ සාමාජිකයින් පින්ග්ෆෑන් වෙතත් ඉන් පිටතටත් ප්‍රවාහනය කලේ ආවරණය කල ට්‍රක් රථවලය.තවද එම වාහනවල ලියාපදිංචි අංක තහඩුව නිතර නිතර වෙනස් කෙරිණි.වෛරස් සහ වෙනත් රෝගකාරක පතුරවා හැරීමට වඩාත් සුදුසු මෙන්ම කාර්යක්ෂම ක්‍රමයක් වන්නේ ජල මාර්ග බව ඉෂී දැන සිටියේය.වරක් පින්ග්ෆෑන් හි මහාමාරිය රෝගකාරක සහ බැක්ටීරියා කිලෝග්රෑයම් තුන්සියයක් පමණ නිපදවා තිබේ.ලෝක ජනගහනය කිහිපවරක්ම සමූල ඝාතනය කිරීමට ප්‍රමාණවත් බැක්ටිරියා නිපදවීමෙ හැකියාවක් Unit 731හි තිබු නිෂ්පාදනාගාර සතුවූ බව කියවේ.1941 වසරේදී ඉෂී තම විශිෂ්ඨතම මිතුරා සොයාගන්නා ලදි.ඒ මැක්කාය.ආසාදිත මීයන්ගෙන් ලේ උරා බොන මැක්කන් මහාමාරිය විෂ බීජ දහස්ගණනක් උකහා ගන්නා බව ඉෂීගේ අධ්‍යයනයන්ගෙන් දැන ගන්නට ලැබිණි.මෙලෙස විෂබීජ ශරීරගත වූ මැක්කෙක් කරන එක් සපාකෑමකින් අදාල රෝගකාරක විෂ බීජ 10,000-24,000ක් පමණ ධාරක දේහයට ඇතුලුවේ.මෙම පරීක්ෂණවලට සජීවි මිනිස් ධාරකයන් ලෙස චීන සිරකරුවන් යොදාගන්නා ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/OunROef.jpg[/IMG][/CENTER] [B][CENTER]Unit 731 හි ප්‍රධානියාගේ යෝජනාවක් අනුව නිර්මාණය කල මහාමාරිය බෝම්බය - මෙය මහාමාරිය ආසාදිත මැක්කන්ගෙන් සමත්විත වූ බවයි පැවසෙන්නේ.[/CENTER][/B] [SIZE="3"]ඉෂීගේ මෙම රහස් පර්යේෂණ එහි සිටි දහස්ගණනක්වූ සේවකයන් රහසක් ලෙස රකින ලදි.මරණයේ කුටි හෙවත් 7 සහ 8 වන කොටස්වලට උමං ඔස්සේ යැවූ සිරකරුවන් යළි පැමිණියේ නැත.ජපාන භූමියෙන් ඈතින් පිහිටි මැන්චූරියාව මෙම මානව පර්යේෂණ සඳහා සුදුසු යැයි ඉෂී තීරණය කලේ පර්යේෂණ සඳහා එහි අවශ්‍ය තරම් මිනිසුන් සිටින නිසාය.ජෙනරාල් ඉෂී පරීක්ෂණවලට මිනිසුන් සොයාගත්තේ සිර කඳවුරක් වූ හොගොයින්වලිනි.මෙම සිර කඳවුරේ සිටි තොරතුරක් ලබාගත නොහැකි සහ ජපනුන්ට සහයෝගය නොදැක්වූ රුසියානුවන් සියලුදෙනා කෙලින්ම පර්යේෂණාගර සංකීර්ණය වෙත යවන ලදි.මෙම පරීක්ෂණාගාරවල සිදුකෙරුණු අත්හදා බැලීම්වල ගොදුරු බවට පත්වුනේ චීන සෙබලුන්( 70% ක් පමණ චීන ජාතිකයන්ය),ඔත්තුකරුවන්,කොරියානුවන්,රුසියානුවන්,මිත්‍ර හමුදාවල යුද සිරකරුවන්,සාමාන්‍යය ජනයා(මැන්චූරියාවේ ගැහැණු ,පිරිමි,ළමුන්,බිළිදුන්,ගර්භණී කාන්තාවන්)ආදීන්ය.සැකයක් නැති අහිංසක මිනිසුන් පවා Unit 731හි ගොදුරු බවට පත්විය.ඉන් සමහරක් මෙම පර්යේෂණාගාර වෙත ගෙන්වා ගත්තේ රැකියා ලබාදෙන බව පවසමින්ය.තරුණයන්,මව්වරු,කුඩා ළමුන් සහ ගැබිණි කාන්තාවන් ඔවුන්ගේ උගුලට හසුවිය.Unit 731 ඒකකය පින්ග්ෆෑන් හි පිහිටුවා තිබූ කාලයේ පුද්ගලයන් 3000ක් පමණ විවිධ අත්හදා බැලීම් වෙනුවෙන් මරාදමන ලදි.මෙහි සිර කුටි අපායක් මෙන් විය.ඒවා යකඩ දොරවලින් ආරක්ෂා කර තිබිණි.සිරකරුවන්ගේ බාහු දම්වැල්වලින් බැද තිබූ අතර සමහරුන්ගේ බාහු ඒ නිසා කුණුවී තිබිණි.තුවාල ඇතුලින් අස්ථි මතුව පෙනිනි.තවත් සමහරු දහඩිය දමන දැඩි උණ රෝගවලින් පෙළිණි.සමහර සිරකරුවන් නිතරම වේදනාවෙන් කෑගසමින් සිටි අතර ශ්වසන පද්ධතියේ ආසාදන නිසා නිතරම කැස්ස ඇතිවිය.බොහෝදෙනා තුවාල වලින් ගහණ ශරීර සහිත විය.නිරෝගී පුද්ගලයන් සමග රෝගීන් එකට තැබුවේ රෝග පැතිර යාම අධ්‍යයනය කිරීමටය.ආසාදනයෙන් වැළකීමට මෙම සිරකරුවන් ප්රාඑථමික නිවාරණ ක්‍රම භාවිත කලහ.සිරකාරියන් දිනපතා දූෂණය කෙරිණි.ඒ Unit 731හි ආරක්ෂකයන් විසින්ය.ජපන් වෛද්‍යවරුන් රෝග ව්‍යාප්ත කිරීමට විවිධ ක්‍රම භාවිතා කලහ.ඔවුන් සිර කුටිවලට ,ආහාරවලට,ජලයට,පළතුරු සහ විස්කෝතු ආදියට නොපෙනෙන ලෙස විෂ බීජ ඉසින ලදි.[/SIZE] [CENTER][SIZE="3"]Unit 731 හි සේවය කල වෛද්‍යවරු සහ විද්‍යාඥයින්[/SIZE] [IMG]http://i.imgur.com/DSpY4Pa.jpg[/IMG] [IMG]http://i.imgur.com/lhuH5CK.jpg[/IMG][/CENTER] [SIZE="3"]සූයෝ අකිමොටෝ යනු දේහ තරල සම්බන්ධව විශේෂඥ දැනුමක් තිබූ වෛද්‍යවරයෙක් වූ අතර ඔහුව ටෝකියෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් චීනයේ මැන්චූරියාවට යවනු ලැබුවේ Unit 731හි සේවය කරනු පිණිසය."එහි පැමිණි ඔහු දුටුදෙයින් කම්පනයට පත්විය ඒ මිනිසුන් යොදාගෙන කර අමානුෂික පර්යේෂණ දැකීමෙන්ය.එහි සිටි විද්‍යාඥයින්ගේ අතලොස්සකට පමණක් හෘද සාක්ෂියක් තිබෙන්නට ඇතැයි ඔහු පසුව කියා තිබේ."ඔවුන් සිරකරුවන්ට සැලකුවේ සතුන්ට මෙන්ය.මෙම සිරකරුවන් සතුරන් වූ අතර ඔවුන් මරණයට කැප කර තිබිණි.මිනිසුන් යොදාගෙන කරන පරීක්ෂණවලට සහභාගී නොවී සිටීමට මම බොහෝසෙයින් උත්සාහ කලෙමි.පර්යේෂණ අංශයේ ප්‍රධානී මේජර් ජෙනරල් කිකුචි වෙත මා තුන් හතර වතාවක්ම අස්වීමේ ලිපි බාර දුන්නද පිටවී යාමට ඉඩක් නොලැබුණි.මා ඉවත්ව ගිය හොත් රහසිගතව මරාදමාවි යැයි ඔවුන් කිවා"වෛද්‍ය අකිමොටෝ තමන් මුහුණ දුන් ඒ අමිහිරි අත්දැකීම එලෙස වචනයට පෙරලන ලදි.[/SIZE] [B][CENTER][SIZE="4"]Unit 731 හි සිදුකල අත්හදා බැලීම් සහ පර්යේෂණ සමහරක්[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="3"]අවි පරීක්ෂා කිරීම[/SIZE][/CENTER][/B] [CENTER][SIZE="3"]මිනිසුන් වෙනස් දුර ප්‍රමාණවලින් රදවා අත් බෝම්බ පිපිරවීම් සිදුකර තිබේ. සිරකරුවන් ගින්නට නිරාවරණය කර සිදුවන හානිය පරීක්ෂා කරන ලදි. මිනිසුන් වෙනස් දුර ප්‍රමාණවලින් රඳවා බෝම්බ පිපිරවීම් ,රසායනික අවි සහ අනෙකුත් ජීවවිද්‍යාත්මක අවිවල ප්රිහාරයන්ට ලක් කරන ලදි.[/SIZE] [IMG]http://i.imgur.com/StL1QX6.jpg[/IMG][/CENTER] [B][CENTER]බෝම්බ පිපිරවීමකට සිරකරුවන් නිරාවරණය කිරීමට මෙහි දැක්වෙන ආකාරයට Unit 731 මගින් අත්හදා බැලීම් කර තිබේ.[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/cbS28pG.jpg[/IMG][/CENTER] [B][CENTER]කණුවක බැඳ දැමූ චීන ජාතිකයන් කිහිපදෙනෙක්[/CENTER][/B] [B][CENTER][SIZE="3"]ජීවවිද්‍යාත්මක පර්යේෂණ[/SIZE][/CENTER][/B] [SIZE="3"]සිරකරුවන්ට එන්නත් ලබාදෙන අයුරින් විෂබීජ එන්නත් කර මතුවන රෝග ලක්ෂණ අධ්‍යයනය කරන ලදි. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ප්‍රතිකාර නොකල විට ඒවායින් ඇතිකරන ප්‍රතිඵල ගැන අධ්‍යයනය සඳහා පිරිමි සහ කාන්තා රැඳවියන්ට උපදංශය සහ සුදුබින්දුම යන රතී රෝගකාරක වලින් ආසාදනය කරන ලදි. සිරකරුවන් මැක්කන් යොදාගෙන ආසාදනය කල අතර එහි අරමුණ මැක්කන් ජීවවිද්‍යාත්මක අවියක් ලෙස සංග්‍රාමයකදී යොදා ගැනීමයි. මහාමාරිය ආසාදිත මැක්කන්,ආසාදිත ඇඳුම් සහ අනෙකුත් ද්‍රව්‍ය බෝම්බ තුල බහා චීනයේ විවිධ ප්‍රදේශවලට ගුවනින් මුදාහරින ලදි.එම විෂබීජ නිසා හටගත් කොළරාව,ඇන්ත්රැයක්ස් සහ මහාමාරිය ආදී රෝග නිසා චීන වැසියන් ලක්ෂ 4ක් වත් මරණයට පත්වන්නට ඇතැයි සැලකේ. තුලරෙමියා(සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන රෝගයකි.ආසාදිත ස්ථානයේ තුවාලයක් ඇතිවන අතර උණ සහ බර අඩුවීම අනෙක් රෝග ලක්ෂණයි )රෝගකාරක චීන වැසියන් යොදාගෙන පරීක්ෂාවට ලක් කරන ලදි. Unit 731 ඒකකය ඊට අනුබද්ධ ඒකක(Unit 731 යනු මෙහි දැක්වෙන උප ඒකකවල මූලස්ථානයයි.Unit 516 (Qiqihar), Unit 543 (Hailar), Unit 773 (Songo unit), Unit 100 (Changchun), Unit Ei 1644 (Nanjing), Unit 1855 (Beijing), Unit 8604 (Guangzhou), Unit 200 (Manchuria), Unit 9420 (Singapore))මගින් ජීවවිද්‍යාත්මක අවි නිපදවන ලදි.ඒවා දෙවන ලෝක යුද සමයේ චීන ජනයාට(හමුදා සෙබලුන්ට සහ සිවිල්වැසියන්ට ) එරෙහිව භාවිතා කරන ලදි.ගුවන් යානා මගින් චීන නගරවලට මහාමාරිය විෂබීජ පතුරවා හරින ලදි.(1940-නින්ග්බෝ,1941-හුනාන් පළාතේ චැන්ඩේ).ඉන් ඇතිවූ වසංගතවලින් දහස් ගණන් ජනයා මරුමුවට පත්විය. ඇන්ත්රැක්ස්,කොළරාව,බොටුලිසම් සහ තවත් රෝගකාරක ඇතුලත් බෝම්බ නිපදවීමටද Unit 731 ඒකකය ක්රි්යා කලේය.මේවා කෘෂිකාර්මික ප්රලදේශ,ජල සංචායක,ළිං සහ තවත් ප්‍රදේශ ඉලක්ක කරගෙන මුදා හරින ලදි.ඉන් මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු පරීක්ෂාවට විද්‍යාඥයින්ට විශේෂ ආරක්ෂාවක් සහිත ඇඳුම් නිකුත් කර තිබිණි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/boM9Yh3.jpg[/IMG] [IMG]http://i.imgur.com/G7QCN7q.jpg[/IMG][/CENTER] [B][CENTER]අත්හදා බැලීම්වලට ලක්වූ පිරිසකගේ මළ සිරුරු[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/VLyv9Wj.jpg[/IMG] [IMG]http://i.imgur.com/0HKgc5b.jpg[/IMG] [IMG]http://i.imgur.com/iPyVKHW.jpg[/IMG][/CENTER] [B][CENTER]විද්‍යාගාර තුල[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/A9fK4ID.jpg[/IMG][/CENTER] [B][CENTER]පරීක්ෂණයකට ලක්වූවෙක් රැගෙන යන ආරක්ෂිත ඇඳුම් පැළද ගත් ජපනුන්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/U2ynLoE.jpg[/IMG][/CENTER] [B][CENTER]කුඩා දරුවෙකුගේ දේහයට යම් දෙයක් ඉසින ජපන් විද්‍යාඥයින්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/bMSE0MD.jpg[/IMG] [SIZE="3"]අත්හදා බැලීම්වලට ලක්වූ සිරකරුවන්[/SIZE] [IMG]http://i.imgur.com/taQIRsp.jpg[/IMG] [IMG]http://i.imgur.com/q5Q9bdy.jpg[/IMG] [IMG]http://i.imgur.com/CxhLYS4.jpg[/IMG] [IMG]http://i.imgur.com/bKKcXUz.jpg[/IMG] [IMG]http://i.imgur.com/J9hLmnQ.jpg[/IMG] [B][SIZE="3"]Unit 731 හි අනෙකුත් පර්යේෂණ[/SIZE][/B][/CENTER] [SIZE="3"]පණපිටින් වැළලීම සේලයින් වෙනුවට මුහුදු වතුර යොදාගත හැකි දැයි පරීක්ෂා කිරීමට ඒවා සිරකරුවන්ට එන්නත් කරන ලදි. සතුන්ගේ රුධිරය මිනිසුන්ට එන්නත් කර ප්‍රතිඵල අධ්‍යයනය කරන ලදි. සිරකරුවන් මියයන තෙක් කේන්ද්රාපසාරණය(කැරකවීම) භාජනය කරන ලදි. නිර්වින්දනයෙන් තොරව සිරකරුවන්ගේ ශරීර විච්ඡේදනය කිරීම.නිර්වින්දනයට යොදාගන්නා රසායනිකයන් නිසා ශරීරයේ වෙනස්කම් සිදුවන බැවින් එම ක්‍රියාවලිය මඟ හැර විච්ඡේදන කටයුතු සිදුකර තිබේ පණ පිටින් විච්ඡේදනය කිරීම.මියගිය පසු දේහය ක්‍රමයෙන් කුණුවන නිසා එය පරීක්ෂණවල ප්‍රතිඵලවලට බලපාන බැවින් ජීවතුන් අතර සිටියදීම පිරිමින්,ගැහැණුන්,ළමුන්,බිළිදුන් විච්ඡේදනයට ලක් කරන ලදි. වෛද්‍යවරු විසින්ම ගැබ් ගැන්වූ ස්ත්‍රීන්ව දරු ගැබත් සහිතවම විච්ඡේදන කටයුතුවලට යොදාගන්නා ලදි.මෙම ස්ත්‍රීන්ව ජපාන සෙබලුන් ලවා දූෂණය කර ගැබ් ගැනීමට සල්සවා තිබේ. සිරකරුවන්ගේ පාද සහ අත් කපා දමා රුධිරවහනය අධ්යහයනය කරන ලදි. කපා දැමූ බාහු ශරීරයේ ප්‍රතිවිරුද්ධ දිශාවලට යළි බද්ධ කරන ලදි. සමහරුන්ගේ බාහු මිදීමට ලක් කර අයිස් දියවීම ගැන සහ තුවාල ගැන අධ්‍යයනය කරන ලදි. තවත් සමහරුන් පණපිටින් සිටියදී ඔවුන්ගේ ආමාශය ඉවත් කරන ලදි. සිරකරුවන් පාදවලින් එල්ලා තබා ඔවුන් මියයාමට කොපමණ වේලාවක් ගතවේදැයි සොයාබලන ලදි. අශ්වයන්ගේ මුත්රාන සිරකරුවන්ගේ වකුගඩු තුලට එන්නත් කරන ලදි සිරකරුවන් නිරාහාරව තබන ලදි. රැඳවියන් ඉතා ඉහල සහ පහත් උෂ්ණත්වයන්ට නිරාවරණය කරන ලදි.එහිදී මිනිස් සමට කොතරම් කාලයක් නොනැසී පැවතිය හැකිදැයි සොයාබලන ලදි.අධික උෂ්ණත්ව හමුවේ මිනිසෙකුගේ පැවැත්මද සොයා බැලිනි. මාරාන්තික එක්ස් කිරණ මාත්රාවන්ට මිනිසුන් නිරාවරණය කරන ලදි. සිරකරුවන්ට අමතරව චීන සිවිල් වැසියන්ද ඔවුන්ගේ පර්යේෂණවල ගොදුරු බවට පත්විය.ඒ චීන වැසියන්ගේ ගම්මානවලට ගුවනින් කොළරාව,ඇන්ත්රැක්ස් ආදීය ගුවනින් හෙළීමෙන්ය.මෙම විෂ බීජ පතුරවා හැරිම්වලින් ඇතිවූ ලෙඩරෝගාදියෙන් චීන වැසියන් 400,000ක් පමණ මිය යන්නට ඇතැයි සැලකේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/IjSdk3C.jpg[/IMG][/CENTER] [B][CENTER]පණපිටින් වළලන අවස්ථාවක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/X0Jtf69.jpg[/IMG][/CENTER] [B][CENTER]පණපිටින් වළලන අවස්ථාවක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/M1o2i4N.jpg[/IMG][/CENTER] [B][CENTER]ගර්භණී කාන්තාවක් විච්ඡේදනය කරන අයුරු[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/EK8f0DI.jpg[/IMG][/CENTER] [B][CENTER]රුසියානු ජාතික ගර්භණී කාන්තාවක් සිය දරුවා ගැබෙහි සිටියදීම විච්ඡේදනය කල අවස්ථාවක්-හි මෙවැනි සිද්ධීන් සුලභව සිදුවිය.කාන්තාවන් දූෂණය කර ගැබ් ගන්වා විවිධ පර්යේෂණයන්ට යොදාගෙන තිබේ.උපදින දරුවන් දිවිගලවා ගන්නට සමත් වුවත් ඔවුන්ට වැඩිකල් ජීවත්වන්නට ඉඩක් නොලැබුණි.මන්ද එම බිළිදුන්ද ජපනුන්ගේ අත්හදා බැලීම්වලට යොදාගන්නා ලදි.[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/g56A6y8.jpg[/IMG][/CENTER] [B][CENTER]කුඩා දරුවෙක්ව විච්ඡේදනය කල අවස්ථාවක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/nfiJvFE.jpg[/IMG] [B]උදර සහ උරස් කුහර විවෘත කල රුසියානු කාන්තාවක්[/B] [IMG]http://i.imgur.com/RudHoDK.jpg[/IMG] [B]තවත් විච්ඡේදනය කිරීමක්[/B] [CENTER][SIZE="3"]විච්ඡේදනය කිරීම්[/SIZE][/CENTER] [IMG]http://i.imgur.com/E8oNWE3.jpg[/IMG] [IMG]http://i.imgur.com/KeJzoUn.jpg[/IMG] [IMG]http://i.imgur.com/1YQyQbh.jpg[/IMG] [IMG]http://i.imgur.com/fXVM00o.jpg[/IMG] [IMG]http://i.imgur.com/DLG0Ons.jpg[/IMG] [IMG]http://i.imgur.com/pAzPgQH.jpg[/IMG] [IMG]http://i.imgur.com/YMhp2XN.jpg[/IMG] [IMG]http://i.imgur.com/WsoRBWD.jpg[/IMG] [IMG]http://i.imgur.com/TQTcV5k.jpg[/IMG] [IMG]http://i.imgur.com/gMq7tsB.jpg[/IMG] [IMG]http://i.imgur.com/r4P5wXa.jpg[/IMG] [IMG]http://i.imgur.com/rKxW15J.jpg[/IMG] [IMG]http://i.imgur.com/1F58FPU.jpg[/IMG] [SIZE="3"][B]පහත දැක්වෙන්නේ Unit 731හි සිදුකල සමහරක් රසායනික පරීක්ෂාවන් සහ රෝග ආසාදනය කිරීම්ය.[/B][/SIZE] [IMG]http://i.imgur.com/jKccMQp.png[/IMG][/CENTER] [SIZE="3"]Unit 731 මගින් ජීවවිද්‍යාත්මක සහ රසායනික යුද්ධයක් සඳහා අවශ්යග කරන අවි පවා නිපද වූ අතර එම වැඩකටයුතු වෙනුවෙන් වෛද්‍යවරු සහ විද්‍යාඥයින් රැසක් සහභාගී කරගෙන තිබේ,ඔවුන් සජීවී මිනිස් දේහ මෙම පරීක්ෂාවන් සහ අත්හදා බැලීම් සඳහා යොදාගෙන තිබේ.ඔවුන් ප්‍රධාන වශයෙන්ම ජීවවිද්‍යාත්මක සහ රසායනික අවි ප්‍රහාර එල්ල කිරීම සහ සතුරන්ගෙන් එල්ලවන එවැනි ප්‍රහාරවලින් ගැලවෙන අයුරු පරීක්ෂාවට ලක් කර තිබේ.ඉහත දැක්වෙන්නේ ඔවුන් සිරකරුවන් සඳහා යොදාගත් විෂබීජ සහ රසායනිකයන්ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/eajaZ4Q.jpg[/IMG] [IMG]http://i.imgur.com/d7fkJwb.jpg[/IMG] [IMG]http://i.imgur.com/2LIcAce.jpg[/IMG][/CENTER] [SIZE="3"]සමහරක් ජපනුන් Unit 731හි මානව පර්යේෂණ හුදෙක් පිස්සු විද්‍යාඥයින් පිරිසක් සිදුකල අමානුෂික ක්‍රියාවන් ලෙස පිළිනොගනියි.ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ Unit 731 මගින් සිදුකල සොයාගැනීම් සහ ප්‍රතිකාර විධිය.ඔවුන් ඊට උදාහරණ ලෙස පෙන්වන්නේ ශීතල නිසා ඇතිවන තුවාලවලට Unit 731 ඒකකය විසින් සොයාගත් ප්රතිකර්මයයි.ජපනුන්ගේ මෙම පරීක්ෂණයට සහ අත්හදා බැලීමට හේතුවන්නට ඇත්තේ යම් දිනෙක ඔවුන්ට රුසියාව සමග සටනකට යාමට සිදුවුවහොත්(ජපනුන් තුල රුසියාව ආක්‍රමණය කිරීමේ අදහසක් තිබෙන්නේට ඇතැයි විශ්වාස කල හැකිය) එරටදී අත්විදින්නට වන අධික ශීතල නිසා ඇතිව තුවාලවලට සාර්ථක ප්‍රතිකර්මයක් සොයාගැනීමයි.මෙම පරීක්ෂණය සඳහා සිරකරුවන්ගේ බාහු අධික ශීතලට පත්කර මිදීමට සලස්සවා එම කොටස වෙනස් උෂ්ණත්ව සහිත ජලයෙන් නහවන ලදි.අදටත් මේ සඳහා භාවිතා කරන ප්රතිකර්මය වන්නේ අදාල ශරීරාංගය(බාහු)සෙල්සියස් අංශක 38-50 අතර උෂ්ණත්වයේ පසුවන ජලයේ ගිල්වීමයි. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/GANKxxP.jpg[/IMG][/CENTER] [B][CENTER]ජපනුන් නිර්මාණය කල ආසාදනවලින් ආරක්ෂාවීමට හැකි විශේෂ ඇඳුමක්[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/Hnwl3BS.jpg[/IMG][/CENTER] [B][CENTER]ජපන් සිරකරුවෙක්[/CENTER][/B] [SIZE="3"]ජපාන රජය මෙම මානව පර්යේෂණ සිදුකල බව කිසිදාක නිල වශයෙන් පිළිගෙන නැත.ජපානය යටත්වීමට පෙර මෙම විද්‍යාගාර සහ අනෙකුත් ගොඩනැගිලි ඇතුලු ප්‍රබල සාක්ෂි රැසක් ජපනුන් විසින් විනාශ කරන ලදි.ඉතිරිව සිටි සිරකරුවන් වෙඩි තබා ඝාතනය කර තිබේ.Unit 731හි සේවය කල සමහරක් යුද්ධය අවසානයේදී අත් අඩංගුවට ගන්නා ලදි.ජපානය තුල ඔවුන්ගෙන් කිසිවෙක් වරදකරුවන් ලෙස අධිකරණය ඉදිරියට ගෙන ගියේ නැත.ඒ Unit 731 යටතේ සිදුකල මානව පර්යේෂණවල තොරතුරු එක්සත් ජනපදයට සපයන රහසිගත ගිවිසුමක් ඇතිකරගැනීම නිසාය.[/SIZE] [CENTER]දෙවන කොටසින් හමුවෙමු. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=19435956#post19435956"][COLOR="RoyalBlue"]දෙවන කොටස[/COLOR][/URL][/CENTER] Source:jesus-is-savior.com toddlertime.com unit731.org mtholyoke.edu wikipedia.org -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom