Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපානය කුණු පාලනය කරන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානය කුණු පාලනය කරන හැටි

ජපානය කුණු පාලනය කරන හැටි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයන නිවාඩු ලබා මා ජපානයේ සගා නගරයට පැමිණෙන්නේ 2013 වසරේදීය. එතැන් පටන් මේ වනතෙක් ගතවූ කාලය තුළදී ලැබූ අත්දැකීම්වලින් මට වැටහී ගිය එක් කාරණයක් නම් අපේ රටේ පවතින බොහෝමයක් පාරිසරික හා සමාජ ගැටලුවලට පැලැස්තර නොවන ස්ථිරසාර විසඳුම් ජපානයෙන් ඕනෑවටත් වඩා සොයාගත හැකි බවයි. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ ‘කුණු’ ප්රශ්නය විසඳා ගැනීමට ජපානයෙන් ලබාගත හැකි ප්‍රාෙයා්ගික විසඳුම් එමටය.

භාණ්ඩ පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින රටක් වුවත් ජපානය යනු කසළවලින් තොර ඉතා පිරිසිදු රටකි. මා වෙසෙන සගා නගරය හරහා ගලා යන ඇළ මාර්ග රාශියක් ඇතත් එම කිසිදු ඇළක් අපවිත්‍රවී නැති අතර ජලය ඉතා පැහැදිලිව විනිවිද දැකිය හැකිය. පාරේ ටොපි කොළයක තරම්වත් අපද්‍රව්‍ය දැකගත හැක්කේ ඉතාමත් කලාතුරකිනි. ජපානයේ වෙසෙන මිනිසුන් මෙතරම් තම වටපිටාව ගැන සංවේදී වීම සහ පරිසරය සම්බන්ධයෙන් ඉතා වගකීම් සහගතව කටයුතු කිරීම පිළිබඳව මුලදී මට ඇති වූයේ දැඩි කුතුහලයකි. නමුත් කාලයාගේ ඇවෑමෙන් මගේ ජපන් ජීවිතයේ අත්දැකීම් තුළින් ජපනුන්ගේ පරිසර හිතකාමී හැසිරීම පිළිබඳව මනා වැටහීමක් ලබා ගැනීමට හැකිවිය.

ජපානයේ කසළ කළමනාකරණය යනු රාජ්‍ය ආයතන, පෞද්ගලික සමාගම්, සමාජ සංවිධාන සහ පොදු ජනතාව ඇතුළු අංශ ගණනාවක සාමූහික ක්‍රියාකාරිත්වය යටතේ සිදුවන සමෝදානික ක්‍රියාවලියකි. මා අත්දැක ඇති ආකාරයට ජපානයේ කසළ කළමනාකරණය ඉතා සාර්ථක වීමට කාරණා දෙකක් බලපා ඇත. ඉන් එක් කාරණයක් නම් පොදු ජනතාවට කසළ නිසි ලෙස බැහැර කිරීම පහසු කරවන කාර්යක්ෂම යාන්ත්‍රණයක් රජය සතුවීමයි.

එම රාජ්‍ය යාන්ත්‍රණය සමග අත්වැල් බැඳගෙන සිටින පෞද්ගලික අංශයක්ද පැවතීම නිසා කසළ කළමනාකරණය තිරසාර හා වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යාමට රජයට හැකිවී ඇත. ජපානයේ කසළ කළමනාකරණය සාර්ථක වීමට බලපා ඇති අනෙක් කාරණය නම් ඒ සඳහා ජනතාව දක්වන සක්‍රීය දායකත්වයයි. මේ අනුව කසළ නිසි ලෙස බැහැර කිරීම විධිමත් කෙරෙන ජනතාවගෙන්ම සැදුම් ලත් අසල්වැසි සංගම් ක්‍රමයක් පැවැතීමත් හා ජපන් ජනයාගේ පාරිසරික සහ සමාජ හිතවාදී අාකල්පවල පොහොසත් බවත් ජපානයේ ලංකාවේ මෙන් ගඳ ගසන කුණු කඳු නොතිබීමට බලපා ඇති බව කිව හැකිය.

කසළ කළමනාකරණය පිළිබඳව ඉතාම විධිමත් යාන්ත්‍රණයක් ජපානයේ එක් එක් නගරවල ඇති නගර සභා හරහා ක්‍රියාත්මක වෙයි. කසළ නිවෙස්වලින් එක්රැස් කිරීමේ සිට එම කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමේ ක්‍රියාවලිය දක්වා වූ කාරණා රැසක් මෙම යාන්ත්‍රණය හරහා සිදුවෙයි. මෙය රජයට ආර්ථික වශයෙන් බරක් නොවන ආකාරයට ක්‍රියාත්මක කිරීමට යුහුසුළු වීම සගා නගර සභාවේ මම දුටු විශේෂත්වයකි. උදාහරණයක් ලෙස ‘සගා’ නගරයේ නගර සභාවට අයත් කසළ අංගණය විදුලි බලාගාරයකට සම කළ හැකි බව දැක්විය හැකිය. ජපානයේ කුණු කඳු ගැසීමේ සිරිතක් නැති අතර ඒ වෙනුවට සිදුවන්නේ පරිසර හානිය අවම වන ලෙස කසළ දහනාගාරයක් තුළදී ගිනි තැබීමයි.

මේ අනුව සගා නගර සීමාවේ එකතුවන සියලුම ගිනි තැබිය හැකි මෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කුණු සගා කසළ අංගණය තුළ ඇති දහනාගාරයට රැගෙන ගොස් ගිනි තැබීම සිදු කරයි. දහනය නිසා උත්පාදනය වන තාප ශක්තිය යොදාෙගන මෙම දහනාගාරය තුළදී විදුලිය නිෂ්පාදනය කරන අතර දැනට සගා නගරයේ ඇති සියලුම ප්‍රාථමික මෙන්ම ද්විතීක පාසල්වලට ද රාජ්‍ය ආයතන කිහිපයකටද මෙම නිෂ්පාදිත විදුලිය සැපයීම සිදු කරයි. මේ අනුව කසළ අංගණයේ නඩත්තුවට අවශ්‍ය මුදලින් යම් ප්‍රමාණයක් විදුලිය විකිණීමෙන් උපයාගනී. එයට අමතරව කුණු දහනයෙන් පසු ඉතුරු වන අළු සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍යයක් ලෙසට මෙන්ම බිම් ගොඩ කිරීම සඳහා පිරවුමක් ලෙසටද භාවිතා කරයි.

ප්ලාස්ටික්, බෝතල්, කඩදාසි, කාර්ඩ්බෝඩ්, ටින්, ඇළුමිනියම් සහ යකඩ ආදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ වෙන වෙනම කසළ අංගණය තුළදී පීඩනයක් යටතේ තලා කුට්ටි කොට අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අයත් ප්‍රතිචක්‍රීකරණ සමාගම්වලට ලබාදීම සිදු කරන අතර එම සමාගම් මගින් ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් අනතුරුව විවිධ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයන් ලෙස භාවිතා කරනු ලබයි.

මේ අනුව සගා නගර සභාව විසින් බාහිර ආයතන සමග පවත්වන මනා සම්බන්ධතාව සගා නගරය තුළ කසළ ගැටලුව ආශිර්වාදයක් බවට පත්කර ගැනීමට දායකවී ඇති බව පෙනී යයි. ඉහතින් දැක්වූ පරිදි විදුලිය හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ ආශ්රිත වෙළඳ ගනුදෙනුවලදී පමණක් නොව තාක්ෂණික කටයුතුවලදී සහය ලබා ගැනීම සඳහාත් සගා නගර සභාව විශ්වවිද්‍යාල හා වෙනත් ආයතන සමග නිරන්තර සම්බන්ධතාවක් පවත්වාගෙන යනු ලබයි.

කසළ එකතු කිරීමේ ක්රියාවලියද සගා නගරය තුළ ඉතා විධිමත් ලෙස සිදුවෙයි. කසළ වර්ග කළ යුතු ආකාරය, කසළ බහාලුම් කළ යුතු ආකාරය සහ කසළ වර්ග ගෙන යන එක් එක් දින සහ කාලවකවානු ගැන සඳහන් කාල සටහනක් සෑම සගා නිවැසියකුටම වසර ආරම්භයේදී ලබාදෙයි. සාමාන්‍ය ජනතාව විසින් ගිනි තැබිය හැකි කුණු ගිනි තැබිය නොහැකි ලෝහමය කොටස් වැනි දෑ අඩංගු කුණු ප්ලාස්ටික් බෝතල් ටින් හා වීදුරු බෝතල් ආදී ලෙස වෙන වෙනම කසළ වර්ග කොට නගර සභාවට ලබාදිය යුතුය. තවත් කාරණයක් නම් මෙම එක් එක් කුණු වර්ග බහාලීමට සැකසී ඇති විශේෂිත උර ජනතාව විසින්ම මුදල් ගෙවා ලබාගත යුතු වීමයි.

එම උර, ජපන් වැසියන්ගේ නිරන්තර පාරිභෝජන භාණ්ඩයක් නිසා සෑම වෙළඳසලකම පාහේ විකිණීමට තබා ඇත. කුණු වැඩියෙන් නිෂ්පාදනය වෙන නිවෙස්වලට කුණු බෑග් සඳහා වැඩි වියදමක් යන අතර කසළ ඇතිවීම පාලනය කෙරෙන නිවෙස්වලට යන පිරිවැය අඩුය. මේ අනුව මෙම ක්රමයේ කිසිදු සමාජ අසාධාරණයක් නොමැති අතර නගර සභාවෙන් සපයන සේවාවට සාපේක්ෂව ජනතාවට දැරීමට සිදුවන පිරිවැය ඉතා අඩු බව මෙහිලා සඳහන් කළ යුතුමය.

නගර සභාවෙන් පැමිණ කසළ රැගෙන යන තෙක් කසළ මලු පාරේ තැන තැන තැබීම සපුරා තහනම් අතර ඒ සඳහා නිවැසියන් කිහිප දෙනකු විසින් හවුලේ භාවිත කරන නිශ්චිත ආරක්ෂිත ස්ථාන (කපුටන් වැනි සතුන්ට ඇතුල් විය නොහැකිය. ගෘහයන් වැනි) මේ හේතුවෙන් නගර සභාවෙන් කුණු එකතු කරන සේවකයන්ටද තම කාර්යය පහසුවෙන් හා සනීපාරක්ෂක ලෙසට මෙන්ම ගෞරවාන්විතවද කරගෙන යාමට ඉඩ සැලසේ.

රජයේ දායකත්වයට එහායින් ගිය දායකත්වයක් සාමාන්‍ය ජනතාව විසින් කසළ කළමනාකරණය සඳහා දක්වන බව දැක මට ජපන් ජාතිකයක් ගැන ඇතිවූයේ මහත් ෙගෟරවයකි. මෙම මහජනතාව දායකත්වය තනි තනි පුද්ගලයන්ගේ සිට නොයෙක් සමාජ කණ්ඩායමක් දක්වාම විහිදී පවතියි. මෙහිදී මා හට වැටහී ගිය තවත් කාරණයක් නම් ජපන් වැසියන් කසළ කළමනාකරණයේදී දක්වන සැලකිලිමත් බව සහ දායකත්වය නීති රීතිවලට ඇති බිය නිසා සිදු නොකරන්නක් වීමත් ජපන් සමාජය තුළ කිඳා බැස ඇති සමාජ සම්මතයන් සහ මිනිසුන්ගේ යහපත් පරිසර හිතකාමී ආකල්ප මත පදනම් වී සිදුවන්නක් බවය.

කුඩා කාලයේ පටන් පාසලේදී ලබන විධිමත් අධ්‍යාපනය තුළින්ද නිවසේදී සහ සමාජ වටපිටාව තුළින් ලබන අත්දැකීම් හරහාද ජපනුන් පරිසරය පවිත්‍රව තබා ගැනීම ගැන මනා අවබෝධයක් සහ ආකල්පමය සංවර්ධනයක් ලබන බව මගේ වැටහීමයි. එයට හොඳම උදාහරණයක් නම් මගේ අවුරුදු දෙකක පුතනුවන්ගේ හැසිරීමයි. යම්කිසි ආහාරයක් ඔහුට ලබාදුන් විට පළමුවෙන්ම එම ආහාරය ඔතා ඇති කවරය ඔහු විසින්ම ජපන් බසින් කුණුවලට පවසන “ගොමි” යන වදන පවසා කුණු භාජනයට දැමීමට පුරුදු වී සිටී.

මේ අපි කියා දුන් දෙයක් නොව ඔහු දිවාකල ගත කරන ජපන් බසින් හොයිකුඑන් ලෙස හඳුන්වන දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් පුරුදුවී පැමිණෙන දේවල්ය. එපමණක් නොව මා අයත්වන සගා විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් (ශිෂ්‍ය සංගමයක්) විසින් විශ්වවිද්‍යාලය තුළ එකතු වන ප්ලාස්ටික් බෝතල් එකතු කොට ඒවා පිරිසුදුකොට ප්‍රතිචක්‍රීකරණය සඳහා සැකසීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යනු ලබයි. මෙවන් කාර්යයක් සඳහා තම වටිනා කාලය කැප කිරීමෙන් ඔවුන්ට මොන යම් වාසියක් අත්වේදැයි ඇසූ පැනයට ඔවුන් දුන් පිළිතුර වූයේ පරිසරය සුරැකීමට සක්‍රීයව දායකත්වය දැක්වීමෙන් ලැබෙන හිතේ සතුට බවයි.

ජපානයේ කසළ කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථකවීමට බලපෑ තවත් සමාජීය මට්ටමේ කාරණයක් ලෙස අසල්වැසි සංගම් (ජපන් බසින් ජිචිකයි ලෙස හඳුන්වන) වල ක්‍රියාකාරිත්වය දැක්විය හැකිය. අසල්වැසි සංගමයක් යනු යම් කිසි නිවාස සංකීර්ණයකට අයත් වන නිවැසියන් හෝ යම් පෙදෙසක එක ළඟ පිහිටි නිවාස කිහිපයක සාමාජිකයන් විසින් ඇති කර ගන්නා අන්‍යොන්‍ය පරෝපකාර සමිතියකි. රජයේ හෝ කිසිදු බාහිර ආයතනයක බලපෑමකින් තොරව අසල්වැසියන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක වෙන මෙම සංගම්, ජපානයේ එකිනෙකාට උදවු කර ගැනීම තම සංගමයේ නිවෙස්වලට අදාළ කසළ නිසි ලෙස බැහැර වෙනවාදැයි සොයා බැලීම තම නිවෙස් අවට ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම හා නොයෙක් සාම්ප්‍රදායික උළෙලවල් සංවිධානය කිරීම වැනි දේ මෙම අසල්වැසි සංගම් හරහා සිදු වෙයි. කසළ කළමනාකරණය නම් කාරණයේදී අසල්වැසි සංගම්වල ක්‍රියාකාරිත්වය මගේ අත්දැකීම් අනුව මෙලෙස සඳහන් කළ හැකිය.

මම වසර දෙකක් සගාහි පළාත් රජය විසින් පවත්වාගෙන ගිය නිවාස සංකීර්ණයකට අයත් නිවෙසක වාසය කළෙමි. එම යෝජනා ක්රමයේ අප නිවස පිහිටි කොටස (block) තුළ නිවෙස් 10ක් පිහිටා තිබුණු අතර මෙම නිවාස දහයේ සාමාජිකයන් එක් අසල්වැසි සංගමයකට අයත් විය. කුණු නගර සභාවට රැගෙන යාම සඳහා බැහැර කිරීමට අප නිවෙස් දහයටම එක් පොදු ස්ථානයක් තිබුණි. එක් එක් කුණු වර්ගය බැහැරකිරීමට සතියට අදාළ දිනයක් ඇති අතර එම දිනයට අදාළ කුණු වර්ගය පමණක් අදාළ කවරයට බහා උදේ 8.30ට කලින් බැහැර කිරීමට සියලුම නිවැසියන් වග බලාගත යුතුවිය.

මෙහිදී සංගමයේ සාමාජික නිවැසියන් කුණු නිසි ලෙස බැහැර කරනවාදැයි සොයා බැලීමේ වගකීමද තට්ටු මාරු ක්‍රමයකට සාමාජික නිවෙස් සියල්ලටම පැවරී තිබුණි. අප සංගමයේ නිවෙස් දහයක් තිබූ නිසා මා හටද සති 10කට වරක් එක් සතියක කාලයක් සඳහා මෙම වගකීම පැවරිණි.

මෙහිදී කුණු බැහැර කරන දිනයන්හි නිවැසියන් සියලු දෙනාම නිසි ලෙස කුණු බැහැර කර අත්දැයි සොයා බැලීම මෙන්ම නගර සභාවෙන් කුණු රැගෙන ගිය පසු කුණු බැහැර කරන ගෘහය සෝදා පවිත්‍ර කිරීම එම සතිය තුළ මට පැවරුණු වගකීමක් විය. කිසිදු දිනක වැරදියට කුණු දමා තිබුණු අසල්වාසි නිවැසියෙක් මට හමු නොවුණද යම් හෙයකින් යම් අයකු නිවැරදි ලෙස කසළ බැහැර නොකොට අසුවුවහොත් තම අසල්වාසීන් ඉදිරියේ ඒම පුද්ගලයාව අපසුතාවට පත්වීමට සිදුවීම නොවැළැක්විය හැකි කරුණක් බව කිවමනාය.

මේ අනුව ලංකාවේ කුණු ගැටලුව විසඳීමට නම් ඉතා විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් මෙන්ම පුද්ගල සහ සමාජ මට්ටම්වලින්ද තිරසාර වූ දායකත්වයක් අවශ්‍ය බව සගා නගරයේ මා ලැබූ අත්දැකීමෙන් පසක් වෙයි. මේ සඳහා පුද්ගල මට්ටමෙන් ලාංකික පුරවැසියන් පෙළ ගැස්වීම අධ්‍යාපනය හරහා දීර්ඝ කාලීනව සිදුවිය යුත්තක් බව කිවමනාය. ජපානයේ අසල්වාසී සංගම් වැනි යාන්ත්‍රණයක් අපේ රටේ ක්‍රියාත්මක කිරීම ඉතා යෝග්‍ය මෙන්ම එය එතරම් අපහසු නොවන කාරණයක් බවද මගේ හැඟීමයි. කුණුවලට පමණක් නොව ඩෙංගු මැඩලීමටද මෙහිදී අසල්වාසී සංගම්වලට වගවිය යුතුය. ඩෙංගු හා කසළ කළමනාකරණයට අමතරව අසල්වාසීන්ගේ සුහදත්වය වැඩි කිරීම මෙන්ම සංගමය පිහිටි ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදියෙන් සිටීමද අසල්වැසි සංගම්වලටද කළ හැකි අනෙක් කාර්යයන්ය.

සගාහි සමෝදානික ක්‍රමවේදය හෝ ඉන් කොටසක් හෝ පළමුව අප රටේ යම් නාගරික ප්‍රදේශයක නියම ව්‍යාපෘතියක් (pilot project) ලෙස ක්‍රියාත්මක කර එම අත්දැකීම ඔස්සේ අපට මෙම රාජ්‍ය පෞද්ගලික අංශ සමාජ පුද්ගල කසළ යන්ත්‍රණය රට තුළම ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැන සොයා බැලිය හැකිය.

එවැනි නිසි ක්‍රමවේදයකට අනුගත නොවී පැලැස්තර ක්‍රමවේදයන්ට පිවිසියහොත් අනාගත පරම්පරාවට මීතොටමුල්ල වැනි අමිහිරි අත්දැකීම් විඳින්නට සිදුවීම නොවැළැක්විය හැකි කරුණක් බව සිහිපත් කරනු කැමැත්තෙමි.

අනුරාධ ජයවීර

සගා විශ්වවිද්‍යාලය, ජපානය

කථිකාචාර්ය, කෘෂිව්‍යාප්ති විද්‍යා දෙපාර්තමේන්තුව, පේරාදෙණිය

විශ්වවිද්‍යාලය

[QUOTE="araki, post: 22811218, member: 360239"] [b]ජපානය කුණු පාලනය කරන හැටි[/b] [B][SIZE=4]ජපානය කුණු පාලනය කරන හැටි[/SIZE][/B] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_915b750094.jpg[/IMG][/SIZE] [SIZE=4]පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයන නිවාඩු ලබා මා ජපානයේ සගා නගරයට පැමිණෙන්නේ 2013 වසරේදීය. එතැන් පටන් මේ වනතෙක් ගතවූ කාලය තුළදී ලැබූ අත්දැකීම්වලින් මට වැටහී ගිය එක් කාරණයක් නම් අපේ රටේ පවතින බොහෝමයක් පාරිසරික හා සමාජ ගැටලුවලට පැලැස්තර නොවන ස්ථිරසාර විසඳුම් ජපානයෙන් ඕනෑවටත් වඩා සොයාගත හැකි බවයි. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ ‘කුණු’ ප්රශ්නය විසඳා ගැනීමට ජපානයෙන් ලබාගත හැකි ප්‍රාෙයා්ගික විසඳුම් එමටය. [/SIZE] [SIZE=4]භාණ්ඩ පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින රටක් වුවත් ජපානය යනු කසළවලින් තොර ඉතා පිරිසිදු රටකි. මා වෙසෙන සගා නගරය හරහා ගලා යන ඇළ මාර්ග රාශියක් ඇතත් එම කිසිදු ඇළක් අපවිත්‍රවී නැති අතර ජලය ඉතා පැහැදිලිව විනිවිද දැකිය හැකිය. පාරේ ටොපි කොළයක තරම්වත් අපද්‍රව්‍ය දැකගත හැක්කේ ඉතාමත් කලාතුරකිනි. ජපානයේ වෙසෙන මිනිසුන් මෙතරම් තම වටපිටාව ගැන සංවේදී වීම සහ පරිසරය සම්බන්ධයෙන් ඉතා වගකීම් සහගතව කටයුතු කිරීම පිළිබඳව මුලදී මට ඇති වූයේ දැඩි කුතුහලයකි. නමුත් කාලයාගේ ඇවෑමෙන් මගේ ජපන් ජීවිතයේ අත්දැකීම් තුළින් ජපනුන්ගේ පරිසර හිතකාමී හැසිරීම පිළිබඳව මනා වැටහීමක් ලබා ගැනීමට හැකිවිය. [/SIZE] [SIZE=4]ජපානයේ කසළ කළමනාකරණය යනු රාජ්‍ය ආයතන, පෞද්ගලික සමාගම්, සමාජ සංවිධාන සහ පොදු ජනතාව ඇතුළු අංශ ගණනාවක සාමූහික ක්‍රියාකාරිත්වය යටතේ සිදුවන සමෝදානික ක්‍රියාවලියකි. මා අත්දැක ඇති ආකාරයට ජපානයේ කසළ කළමනාකරණය ඉතා සාර්ථක වීමට කාරණා දෙකක් බලපා ඇත. ඉන් එක් කාරණයක් නම් පොදු ජනතාවට කසළ නිසි ලෙස බැහැර කිරීම පහසු කරවන කාර්යක්ෂම යාන්ත්‍රණයක් රජය සතුවීමයි. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c310e5520c.jpg[/IMG][/SIZE] [SIZE=4]එම රාජ්‍ය යාන්ත්‍රණය සමග අත්වැල් බැඳගෙන සිටින පෞද්ගලික අංශයක්ද පැවතීම නිසා කසළ කළමනාකරණය තිරසාර හා වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යාමට රජයට හැකිවී ඇත. ජපානයේ කසළ කළමනාකරණය සාර්ථක වීමට බලපා ඇති අනෙක් කාරණය නම් ඒ සඳහා ජනතාව දක්වන සක්‍රීය දායකත්වයයි. මේ අනුව කසළ නිසි ලෙස බැහැර කිරීම විධිමත් කෙරෙන ජනතාවගෙන්ම සැදුම් ලත් අසල්වැසි සංගම් ක්‍රමයක් පැවැතීමත් හා ජපන් ජනයාගේ පාරිසරික සහ සමාජ හිතවාදී අාකල්පවල පොහොසත් බවත් ජපානයේ ලංකාවේ මෙන් ගඳ ගසන කුණු කඳු නොතිබීමට බලපා ඇති බව කිව හැකිය. [/SIZE] [SIZE=4]කසළ කළමනාකරණය පිළිබඳව ඉතාම විධිමත් යාන්ත්‍රණයක් ජපානයේ එක් එක් නගරවල ඇති නගර සභා හරහා ක්‍රියාත්මක වෙයි. කසළ නිවෙස්වලින් එක්රැස් කිරීමේ සිට එම කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමේ ක්‍රියාවලිය දක්වා වූ කාරණා රැසක් මෙම යාන්ත්‍රණය හරහා සිදුවෙයි. මෙය රජයට ආර්ථික වශයෙන් බරක් නොවන ආකාරයට ක්‍රියාත්මක කිරීමට යුහුසුළු වීම සගා නගර සභාවේ මම දුටු විශේෂත්වයකි. උදාහරණයක් ලෙස ‘සගා’ නගරයේ නගර සභාවට අයත් කසළ අංගණය විදුලි බලාගාරයකට සම කළ හැකි බව දැක්විය හැකිය. ජපානයේ කුණු කඳු ගැසීමේ සිරිතක් නැති අතර ඒ වෙනුවට සිදුවන්නේ පරිසර හානිය අවම වන ලෙස කසළ දහනාගාරයක් තුළදී ගිනි තැබීමයි. [/SIZE] [SIZE=4]මේ අනුව සගා නගර සීමාවේ එකතුවන සියලුම ගිනි තැබිය හැකි මෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කුණු සගා කසළ අංගණය තුළ ඇති දහනාගාරයට රැගෙන ගොස් ගිනි තැබීම සිදු කරයි. දහනය නිසා උත්පාදනය වන තාප ශක්තිය යොදාෙගන මෙම දහනාගාරය තුළදී විදුලිය නිෂ්පාදනය කරන අතර දැනට සගා නගරයේ ඇති සියලුම ප්‍රාථමික මෙන්ම ද්විතීක පාසල්වලට ද රාජ්‍ය ආයතන කිහිපයකටද මෙම නිෂ්පාදිත විදුලිය සැපයීම සිදු කරයි. මේ අනුව කසළ අංගණයේ නඩත්තුවට අවශ්‍ය මුදලින් යම් ප්‍රමාණයක් විදුලිය විකිණීමෙන් උපයාගනී. එයට අමතරව කුණු දහනයෙන් පසු ඉතුරු වන අළු සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍යයක් ලෙසට මෙන්ම බිම් ගොඩ කිරීම සඳහා පිරවුමක් ලෙසටද භාවිතා කරයි. [/SIZE] [SIZE=4]ප්ලාස්ටික්, බෝතල්, කඩදාසි, කාර්ඩ්බෝඩ්, ටින්, ඇළුමිනියම් සහ යකඩ ආදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ වෙන වෙනම කසළ අංගණය තුළදී පීඩනයක් යටතේ තලා කුට්ටි කොට අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අයත් ප්‍රතිචක්‍රීකරණ සමාගම්වලට ලබාදීම සිදු කරන අතර එම සමාගම් මගින් ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් අනතුරුව විවිධ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයන් ලෙස භාවිතා කරනු ලබයි. මේ අනුව සගා නගර සභාව විසින් බාහිර ආයතන සමග පවත්වන මනා සම්බන්ධතාව සගා නගරය තුළ කසළ ගැටලුව ආශිර්වාදයක් බවට පත්කර ගැනීමට දායකවී ඇති බව පෙනී යයි. ඉහතින් දැක්වූ පරිදි විදුලිය හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ ආශ්රිත වෙළඳ ගනුදෙනුවලදී පමණක් නොව තාක්ෂණික කටයුතුවලදී සහය ලබා ගැනීම සඳහාත් සගා නගර සභාව විශ්වවිද්‍යාල හා වෙනත් ආයතන සමග නිරන්තර සම්බන්ධතාවක් පවත්වාගෙන යනු ලබයි. [/SIZE] [SIZE=4]කසළ එකතු කිරීමේ ක්රියාවලියද සගා නගරය තුළ ඉතා විධිමත් ලෙස සිදුවෙයි. කසළ වර්ග කළ යුතු ආකාරය, කසළ බහාලුම් කළ යුතු ආකාරය සහ කසළ වර්ග ගෙන යන එක් එක් දින සහ කාලවකවානු ගැන සඳහන් කාල සටහනක් සෑම සගා නිවැසියකුටම වසර ආරම්භයේදී ලබාදෙයි. සාමාන්‍ය ජනතාව විසින් ගිනි තැබිය හැකි කුණු ගිනි තැබිය නොහැකි ලෝහමය කොටස් වැනි දෑ අඩංගු කුණු ප්ලාස්ටික් බෝතල් ටින් හා වීදුරු බෝතල් ආදී ලෙස වෙන වෙනම කසළ වර්ග කොට නගර සභාවට ලබාදිය යුතුය. තවත් කාරණයක් නම් මෙම එක් එක් කුණු වර්ග බහාලීමට සැකසී ඇති විශේෂිත උර ජනතාව විසින්ම මුදල් ගෙවා ලබාගත යුතු වීමයි. [/SIZE] [SIZE=4]එම උර, ජපන් වැසියන්ගේ නිරන්තර පාරිභෝජන භාණ්ඩයක් නිසා සෑම වෙළඳසලකම පාහේ විකිණීමට තබා ඇත. කුණු වැඩියෙන් නිෂ්පාදනය වෙන නිවෙස්වලට කුණු බෑග් සඳහා වැඩි වියදමක් යන අතර කසළ ඇතිවීම පාලනය කෙරෙන නිවෙස්වලට යන පිරිවැය අඩුය. මේ අනුව මෙම ක්රමයේ කිසිදු සමාජ අසාධාරණයක් නොමැති අතර නගර සභාවෙන් සපයන සේවාවට සාපේක්ෂව ජනතාවට දැරීමට සිදුවන පිරිවැය ඉතා අඩු බව මෙහිලා සඳහන් කළ යුතුමය. [/SIZE] [SIZE=4]නගර සභාවෙන් පැමිණ කසළ රැගෙන යන තෙක් කසළ මලු පාරේ තැන තැන තැබීම සපුරා තහනම් අතර ඒ සඳහා නිවැසියන් කිහිප දෙනකු විසින් හවුලේ භාවිත කරන නිශ්චිත ආරක්ෂිත ස්ථාන (කපුටන් වැනි සතුන්ට ඇතුල් විය නොහැකිය. ගෘහයන් වැනි) මේ හේතුවෙන් නගර සභාවෙන් කුණු එකතු කරන සේවකයන්ටද තම කාර්යය පහසුවෙන් හා සනීපාරක්ෂක ලෙසට මෙන්ම ගෞරවාන්විතවද කරගෙන යාමට ඉඩ සැලසේ. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4c5bf1ef49.jpg[/IMG][/SIZE] [SIZE=4]රජයේ දායකත්වයට එහායින් ගිය දායකත්වයක් සාමාන්‍ය ජනතාව විසින් කසළ කළමනාකරණය සඳහා දක්වන බව දැක මට ජපන් ජාතිකයක් ගැන ඇතිවූයේ මහත් ෙගෟරවයකි. මෙම මහජනතාව දායකත්වය තනි තනි පුද්ගලයන්ගේ සිට නොයෙක් සමාජ කණ්ඩායමක් දක්වාම විහිදී පවතියි. මෙහිදී මා හට වැටහී ගිය තවත් කාරණයක් නම් ජපන් වැසියන් කසළ කළමනාකරණයේදී දක්වන සැලකිලිමත් බව සහ දායකත්වය නීති රීතිවලට ඇති බිය නිසා සිදු නොකරන්නක් වීමත් ජපන් සමාජය තුළ කිඳා බැස ඇති සමාජ සම්මතයන් සහ මිනිසුන්ගේ යහපත් පරිසර හිතකාමී ආකල්ප මත පදනම් වී සිදුවන්නක් බවය. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a642962ba1.jpg[/IMG][/SIZE] [SIZE=4]කුඩා කාලයේ පටන් පාසලේදී ලබන විධිමත් අධ්‍යාපනය තුළින්ද නිවසේදී සහ සමාජ වටපිටාව තුළින් ලබන අත්දැකීම් හරහාද ජපනුන් පරිසරය පවිත්‍රව තබා ගැනීම ගැන මනා අවබෝධයක් සහ ආකල්පමය සංවර්ධනයක් ලබන බව මගේ වැටහීමයි. එයට හොඳම උදාහරණයක් නම් මගේ අවුරුදු දෙකක පුතනුවන්ගේ හැසිරීමයි. යම්කිසි ආහාරයක් ඔහුට ලබාදුන් විට පළමුවෙන්ම එම ආහාරය ඔතා ඇති කවරය ඔහු විසින්ම ජපන් බසින් කුණුවලට පවසන “ගොමි” යන වදන පවසා කුණු භාජනයට දැමීමට පුරුදු වී සිටී. [/SIZE] [SIZE=4]මේ අපි කියා දුන් දෙයක් නොව ඔහු දිවාකල ගත කරන ජපන් බසින් හොයිකුඑන් ලෙස හඳුන්වන දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙන් පුරුදුවී පැමිණෙන දේවල්ය. එපමණක් නොව මා අයත්වන සගා විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් (ශිෂ්‍ය සංගමයක්) විසින් විශ්වවිද්‍යාලය තුළ එකතු වන ප්ලාස්ටික් බෝතල් එකතු කොට ඒවා පිරිසුදුකොට ප්‍රතිචක්‍රීකරණය සඳහා සැකසීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යනු ලබයි. මෙවන් කාර්යයක් සඳහා තම වටිනා කාලය කැප කිරීමෙන් ඔවුන්ට මොන යම් වාසියක් අත්වේදැයි ඇසූ පැනයට ඔවුන් දුන් පිළිතුර වූයේ පරිසරය සුරැකීමට සක්‍රීයව දායකත්වය දැක්වීමෙන් ලැබෙන හිතේ සතුට බවයි. [/SIZE] [SIZE=4]ජපානයේ කසළ කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථකවීමට බලපෑ තවත් සමාජීය මට්ටමේ කාරණයක් ලෙස අසල්වැසි සංගම් (ජපන් බසින් ජිචිකයි ලෙස හඳුන්වන) වල ක්‍රියාකාරිත්වය දැක්විය හැකිය. අසල්වැසි සංගමයක් යනු යම් කිසි නිවාස සංකීර්ණයකට අයත් වන නිවැසියන් හෝ යම් පෙදෙසක එක ළඟ පිහිටි නිවාස කිහිපයක සාමාජිකයන් විසින් ඇති කර ගන්නා අන්‍යොන්‍ය පරෝපකාර සමිතියකි. රජයේ හෝ කිසිදු බාහිර ආයතනයක බලපෑමකින් තොරව අසල්වැසියන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක වෙන මෙම සංගම්, ජපානයේ එකිනෙකාට උදවු කර ගැනීම තම සංගමයේ නිවෙස්වලට අදාළ කසළ නිසි ලෙස බැහැර වෙනවාදැයි සොයා බැලීම තම නිවෙස් අවට ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම හා නොයෙක් සාම්ප්‍රදායික උළෙලවල් සංවිධානය කිරීම වැනි දේ මෙම අසල්වැසි සංගම් හරහා සිදු වෙයි. කසළ කළමනාකරණය නම් කාරණයේදී අසල්වැසි සංගම්වල ක්‍රියාකාරිත්වය මගේ අත්දැකීම් අනුව මෙලෙස සඳහන් කළ හැකිය. මම වසර දෙකක් සගාහි පළාත් රජය විසින් පවත්වාගෙන ගිය නිවාස සංකීර්ණයකට අයත් නිවෙසක වාසය කළෙමි. එම යෝජනා ක්රමයේ අප නිවස පිහිටි කොටස (block) තුළ නිවෙස් 10ක් පිහිටා තිබුණු අතර මෙම නිවාස දහයේ සාමාජිකයන් එක් අසල්වැසි සංගමයකට අයත් විය. කුණු නගර සභාවට රැගෙන යාම සඳහා බැහැර කිරීමට අප නිවෙස් දහයටම එක් පොදු ස්ථානයක් තිබුණි. එක් එක් කුණු වර්ගය බැහැරකිරීමට සතියට අදාළ දිනයක් ඇති අතර එම දිනයට අදාළ කුණු වර්ගය පමණක් අදාළ කවරයට බහා උදේ 8.30ට කලින් බැහැර කිරීමට සියලුම නිවැසියන් වග බලාගත යුතුවිය. [/SIZE] [SIZE=4]මෙහිදී සංගමයේ සාමාජික නිවැසියන් කුණු නිසි ලෙස බැහැර කරනවාදැයි සොයා බැලීමේ වගකීමද තට්ටු මාරු ක්‍රමයකට සාමාජික නිවෙස් සියල්ලටම පැවරී තිබුණි. අප සංගමයේ නිවෙස් දහයක් තිබූ නිසා මා හටද සති 10කට වරක් එක් සතියක කාලයක් සඳහා මෙම වගකීම පැවරිණි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_210a1f60d6.jpg[/IMG][/SIZE] [SIZE=4]මෙහිදී කුණු බැහැර කරන දිනයන්හි නිවැසියන් සියලු දෙනාම නිසි ලෙස කුණු බැහැර කර අත්දැයි සොයා බැලීම මෙන්ම නගර සභාවෙන් කුණු රැගෙන ගිය පසු කුණු බැහැර කරන ගෘහය සෝදා පවිත්‍ර කිරීම එම සතිය තුළ මට පැවරුණු වගකීමක් විය. කිසිදු දිනක වැරදියට කුණු දමා තිබුණු අසල්වාසි නිවැසියෙක් මට හමු නොවුණද යම් හෙයකින් යම් අයකු නිවැරදි ලෙස කසළ බැහැර නොකොට අසුවුවහොත් තම අසල්වාසීන් ඉදිරියේ ඒම පුද්ගලයාව අපසුතාවට පත්වීමට සිදුවීම නොවැළැක්විය හැකි කරුණක් බව කිවමනාය. මේ අනුව ලංකාවේ කුණු ගැටලුව විසඳීමට නම් ඉතා විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් මෙන්ම පුද්ගල සහ සමාජ මට්ටම්වලින්ද තිරසාර වූ දායකත්වයක් අවශ්‍ය බව සගා නගරයේ මා ලැබූ අත්දැකීමෙන් පසක් වෙයි. මේ සඳහා පුද්ගල මට්ටමෙන් ලාංකික පුරවැසියන් පෙළ ගැස්වීම අධ්‍යාපනය හරහා දීර්ඝ කාලීනව සිදුවිය යුත්තක් බව කිවමනාය. ජපානයේ අසල්වාසී සංගම් වැනි යාන්ත්‍රණයක් අපේ රටේ ක්‍රියාත්මක කිරීම ඉතා යෝග්‍ය මෙන්ම එය එතරම් අපහසු නොවන කාරණයක් බවද මගේ හැඟීමයි. කුණුවලට පමණක් නොව ඩෙංගු මැඩලීමටද මෙහිදී අසල්වාසී සංගම්වලට වගවිය යුතුය. ඩෙංගු හා කසළ කළමනාකරණයට අමතරව අසල්වාසීන්ගේ සුහදත්වය වැඩි කිරීම මෙන්ම සංගමය පිහිටි ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදියෙන් සිටීමද අසල්වැසි සංගම්වලටද කළ හැකි අනෙක් කාර්යයන්ය. [/SIZE] [SIZE=4]සගාහි සමෝදානික ක්‍රමවේදය හෝ ඉන් කොටසක් හෝ පළමුව අප රටේ යම් නාගරික ප්‍රදේශයක නියම ව්‍යාපෘතියක් (pilot project) ලෙස ක්‍රියාත්මක කර එම අත්දැකීම ඔස්සේ අපට මෙම රාජ්‍ය පෞද්ගලික අංශ සමාජ පුද්ගල කසළ යන්ත්‍රණය රට තුළම ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැන සොයා බැලිය හැකිය. [/SIZE] [SIZE=4]එවැනි නිසි ක්‍රමවේදයකට අනුගත නොවී පැලැස්තර ක්‍රමවේදයන්ට පිවිසියහොත් අනාගත පරම්පරාවට මීතොටමුල්ල වැනි අමිහිරි අත්දැකීම් විඳින්නට සිදුවීම නොවැළැක්විය හැකි කරුණක් බව සිහිපත් කරනු කැමැත්තෙමි. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]අනුරාධ ජයවීර සගා විශ්වවිද්‍යාලය, ජපානය කථිකාචාර්ය, කෘෂිව්‍යාප්ති විද්‍යා දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom