Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජයලාල් රෝහණ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිහිප වතාවක් මැරිලා ඉපදුණු මිනිහෙක්

දුක් කම්කටොළු ගොන්නක් පසුකර ජීවිතයේ ක්ෂේම භූමියකට පැමිණ අර්ථපූර්ණ ජීවිතයක් ගත කරන සුන්දර කලාකරුවෙක් මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වෙනවා. වේදිකාව, රූපවාහිනිය, සිනමාව, ගුවන් විදුලිය,යන කලා ක්ෂේත්රයන්ට අමතරව විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් ලෙස සුවහසක් සිසු දරුවන්ගේ නැණ නුවණ පාදන මේ නිහතමානී කලාකරුවා ජයලාල් රෝහණ.

පාසල් ගියේ සතියට දවස් තුනයි

මගේ ගම ජයවර්ධනපුර කෝට්ටේ. අපේ රටේ දකින්න ලැබෙන සුන්දර පළාත්වලින් ලස්සන, වටිනා ප්‍රදේශයක්. අප්පච්චි, අම්මා, මල්ලි, නංගී, සහ මම අපේ පවුලේ සාමාජිකයන්.දියවන්නා ඔය ආසන්නව නිවෙස පිහිටා තිබු නිසාවෙන් කුඩා කාලයේ මුහුණදුන් රසබර සිදුවීම් බොහෝමයි.1971 පළමු වසරට පාසලට ඇතුළත් කළ වසර.මට මතකයි අම්මයි,අප්පච්චියි ගෙවල්වලට ආසන්නම පාසලවන කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයට මාව ඇතුළත්කළා.කාලය ගෙවීයද්දී 1976 අගභාගයේදි අපේ ගෙදරට බොහොම නරක කල දසාවක් උදාවුණා. ඒ කිසියම් පිරිසක් විසින් අප්පච්චි ඝාතනය කිරීමයි. එතකොට හරියටම වයස 13 ලැබුවා විතරයි. අම්මත් රැකියාවක් නොකරන නිසා එතැන් පටන් ජීවිත ගමන ගෙවා දැමීම ලෙහෙසි පහසු වුණේ නෑ. ඉන් පසුව මම පාසල් ගියේ සතියට දවස් තුනයි. ඉතිරි දවස් දෙක මේසන් බාස්ලට අත්උදවු දෙන්න, කොන්ක්‍රීට් අනන්න වැනි දවස් කුලියට මුදල් උපයන්න වෙහෙසුණා. එහෙම කරල කොහොම හරි සා.පෙළ හොඳින් සමත්වුණා. පසුව පෙර ලෙසම පාසල් යනගමන් මුදල් උපයමින් උසස් පෙළත් හොඳින් සමත්වුණා. ඕකට තමයි කියන්නේ බඩට කන්න නැතිවෙන තරමට දුක දැනෙනවා වැඩියි.එතකොට ඒ දුකෙන් ගැලවෙන්න හොඳම මාර්ගය ඉගෙනගෙන ගොඩයන එකයි කියන හැඟීම හිතට එනවා.ඔය විදිහට ජීවිතේට ආපු සියලු බාධක ජයගනිමින් පවුලටත් ශක්තිය වෙමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නත් වාසනාව උදාකරගත්තා.

'ලෝකා'නාට්‍යයට සම්මාන නමයක්

1987 වසර වනවිට වේදිකාවේ ජයලාල් රෝහණ කියන නම ෙප්ර්ක්ෂකයන්ට ටික ටික හුරු පුරුදු වෙන්න පටන් ගත්තා. ඒවන විට කෙටි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදනය, අංගරචනය, රංගනය ආදියෙන් දායක වී සිටියා.1987 දී මගේ 'ලෝකා' වේදිකා නාට්‍යය යෞවන සම්මාන උළෙලේදි සම්මාන 9 ක් ලබාගෙන හොඳම නාට්‍යය බවට පත්වීම නාට්‍ය ක්ෂේත්රයේ ලැබූ ජයග්‍රහණයක්. හොඳම නළුවා, හොඳම නිෂ්පාදක, හොඳම රචකයා, හොඳම පසුතල නිර්මාණ ශිල්පය ආදී සම්මාන නමයක් මගේ නාට්‍යයට ඒ වසරේදී හිමිවීම සුවිශේෂියි. රොජර් සෙනෙවිරත්න, රසාදරී පීරිස්, ප්‍රසාද් සූරියආරච්චි වැනි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් එහි රංගනයෙන් දායකවුණා. විශේෂයෙන් ප්‍රසාද් සූරියආරච්චිත් මා සමග කරට කර රඟ පෑම නිසා ඔහුටත් විශිෂ්ඨ රංගනය වෙනුවෙන් පිදෙන සම්මානයක් හිමි වුණා. 2005 සුමති සම්මාන උළෙලේදී 'ඉසුරු යෝගය' ටෙලිනාට්‍යයේ කළ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය හිමිවුවා. සුමින්ද සිරිසේන, රොජර් සෙනෙවිරත්න යන ප්‍රවීණයන් දෙදෙනාගේ නමත් සමගයි මගේ නම යෝජනා වී මට හොඳම නළුවාට හිමි සම්මානය හිමි වන්නේ. මට මතකයි ඔවුන් දෙදෙනාම ඉතාම නිහතමානීව මට සුබපතපු හැටි. ඉසුරු යෝගය නිෂ්පාදක සුසිවන් ද සිල්වා මහතාට ස්තූතිවන්ත වනවා එවැනි චරිතයකට මාව තෝරා ගැනීම සම්බන්ධව.

තුන්වතාවක්ම නොමැරී බේරුණා

මම ජීවිතයේ කිහිප අවස්ථාවකදීම මැරිලා ඉපදුණු මිනිසෙක්.එකක් පිට කොටුවේ බස් ස්ටෑන්ඩ් එකට ත්රස්තවාදීන් විසින් කළ බෝම්බ පිපිරීම. හරියටම අප්‍රේල් මාසේ 21වැනිදාවක්. නීතිඥ හේමන්ත ගමගේ මිතුරාත්,මමත්, තවත් මිතුරෙකුත් එම ස්ථානයේ සිටියා. හේමන්ත සහ මම බේරුණත් අනිත් මිතුරා බෝම්බයෙන් මියගියා. අදටත් ඔහුව මතක්වෙන වාර අනන්තයි. තවත් වරක් නුගේගොඩ රොටරියෙ උගන්වා හයිලෙවල් පාර දිගේ දෙහිවලට ආවා කෝච්චියට නගින්න.එහෙත් ආපහු හිතුණා බස් එකේ පිටකොටුවට යනවා කියා තීරණය වෙනස්කර අඩි කිහිපයයි ඉදිරියට යන්න වුණේ විශාල ශබ්දයක් කන ළඟින්ම ඇසුණා. බෝම්බය පිපිරී ගිනි ජාලාවක් අහසට නගිනවා.එදත් මගේ දිවි බේරුණේ පරණ පිනකින්.ඇස් ඉදිරිපිට මිනිසුන් මැරී වැටෙනවා දුටු දෙවැනි අවස්ථාව එයයි . තවත් වරෙක දෙමටගොඩදී මුහුණ දුන් බිහිසුණු දුම්රිය අනතුර කිසි ම පුද්ගලයකුට නොවේවා කියා හැම වෙලේම ප්‍රාර්ථනා කරනවා.එදා විශ්වවිද්‍යාලයේ සිට ගෙදර යන්න දෙමටගොඩ කෝච්චිපාර හරහා යමින් සිටියදී ජංගම දුරකථනයෙන් කතාකරමිනුයි ගමන්කළේ. පිටුපසින් පැමිණි දුම්රියක හැපී විසිවී ගොස් තිබෙනවා. වුණේ මොකද්ද කියා කිසිම දෙයක් අදටත් හිතාගන්න බෑ. කොහොම හරි හැමෝම හිතල තිබුණෙ මම මැරිලා කියල. දන්න කියන අයත් දැක දැකම අහකබලා ගෙනයද්දී දෙමටගොඩ චූටි මල්ලි කියන හිත හොඳ මනුස්සයා මාව ත්‍රී රෝද රථයක දමාගෙන රෝහලට ගෙනිහින් තිබෙන්නේ අනික් අය කියන කිසිත් පිළිනොගෙන මට තවමත් පණ තිබෙනවා කියමින්. ඔහු නොහිටින්න ජයලාල් රෝහණ කියන පුද්ගලයා අද ජීවතුන් අතර නෑ. හැම මොහොතකම මට ඔහුව සිහිවනවා. මගේ පණ රැකදුන්නාට ඔහුට අනේක වාරයක් පින්. මගේ රසිකයනුත් එම අවස්ථාවේ මා වෙනුවෙන් බෝධි පූජා පවත්වා සුවය ප්රාර්ථනාකර තිබෙනවා.මට හිතෙන්නෙ මෙවැනි මාරක අනතුරුවලින් බේරෙන්නෙ අපි කරන යහපත් ක්‍රියා නිසා වෙන්න ඇති.

කසාදෙට වැයවුණේ 45000යි

මනාලියව මනාලයාම හැඩ ගැන්වු පුවතක් සමහරවිට ඔබ අසාවත් නැතිව ඇති. ඒත් මගේ පෙම්වතිය පසුව බිරිය කරගන්න විවාහ වු දිනයේ ඇයව හැඩගැන්වුයේ මගේ අතින්මයි.අපි රූපලාවන්‍ය ශිල්පීන් කිහිපදෙනෙක් ළඟටම ගොස් මිල ගණන් විමසුවා හැඩගන්වා ගැනීමට. ඔවුන් ඉල්ලන තරම් මුදලක් වැය කිරීමට අප දෙදෙනාටම නොහැකිබව තේරුණා. පසුව මම කීවා මගේ ළඟ තිබෙන මෙකප් සෙට්එකෙන් මම හැඩගන්වන්නම් කියා.රුපියල් 45000 කින් විවාහ උත්සවය ගත් පුද්ගලයෙක් මම. අද කාලෙ වගේ ලෝන් දාලා විවාහ වෙලා බෙල්ලෙ වැල දාගන්නේ නැතිව අතේ තියෙන ගානට විවාහ උත්සවය ගත්තා.ඒ නිසා අදත් සතුටින් ඉන්නවා.

පළමු සංචාරය ඉතාලියට

2014වසරේදී ඉතාලියේ මකොලි විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකට සහභාගිවීම ජීවිතයේ අමතක නොවන අත්දැකීම් රැසක් ලැබූ අවස්ථාවක්. එහිදී මට හමුවුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගන්වන මහාචාර්යවරයෙක්.දන්න කියන කවුරුත් නැති රටක එතුමා මුණ ගැසුණු විට මට හරිම සතුටක් දැණුනා. ඒ වෙලාවේ හැඟුනා ලෝකේ කොහේ ගියත් ලාංකිකයකු හමුවනවා කියන කියමන. එහිදී බහුවාර්ගික ජනතාවට එක්දින දේශනයක් පවත්වන්නට සිදුවුණා. ඉන් පසුව විවිධ රටවල්වලට සංචාරය කළත් පළමු සංචාරය මැරෙන තුරාවට අමතක වන්නේ නෑ.

'ගොන්ඩෝලා'පළමු දර්ශනයට අමුත්තෙක්

පසුගිය ජුනි 22දා මගේ අලුත්ම වේදිකා නාට්‍ය 'ගොන්ඩෝලා'වේදිකා ගත වුණා. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙමින් සුබ මොහොතින් පහන පත්තුකිරීමට පැමිණියේ මගේ පාසලවන කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ නාට්‍ය ඉගැන්වු පතිරගේ ගුරු මෑණියන්. ඇය තමයි එදා පුතා කැමැතිද නාට්‍ය කරන්න කියා මාව එක්කගෙන ගිහින් නාට්‍ය රංගනයට යොමුකළේ. එතුමිය නොහිටින්න ජයලාල් රෝහණ කියන රංගන ශිල්පියා බිහි නොවන්නත් පුළුවන්.රංගන දිවියට,රැකියාව හොඳින් කරගෙනයෑමට බිරිඳගෙන් සහ දරුවන්ගෙන් ලැබෙන සහායත් අමතක කළ නොහැකියි. ඇය යක්කල ශ්රීචන්ද්රජෝතිි විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරනවා.දියණිය ගම්පහ යසෝදරාදේවි බාලිකාවේ උසස් පෙළ හදාරන අතර ඇය භාත්කණ්ඩේ විභාගයේ අවසාන වසරේ ඉගෙන ගනිමින් සිටිනවා. පුතා කොළඹ ආනන්ද විද්‍යාලයේ තාක්ෂණ විෂයයන්ගෙන් අධ්‍යාපනය හදාරනවා.ජීවිතයේ කිසිම දවසක අතීතය අමතක කර අනාගතයට යා නොහැකියි.අතීතයේ අනේක දුක්විඳ වර්තමානයේ සතුටුවිය හැකි තැනක සිටිම ගැන තිබෙන්නේ නිහතමානී සතුටක්.

[QUOTE="N A K A M U R A, post: 24044854, member: 566874"] [CENTER][SIZE="5"][COLOR="Black"][B]මම කිහිප වතාවක් මැරිලා ඉපදුණු මිනිහෙක් [/B][/COLOR][/SIZE] [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/07/27/ras-15-1.jpg?itok=HCdEG_gR[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]දුක් කම්කටොළු ගොන්නක් පසුකර ජීවිතයේ ක්ෂේම භූමියකට පැමිණ අර්ථපූර්ණ ජීවිතයක් ගත කරන සුන්දර කලාකරුවෙක් මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වෙනවා. වේදිකාව, රූපවාහිනිය, සිනමාව, ගුවන් විදුලිය,යන කලා ක්ෂේත්රයන්ට අමතරව විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් ලෙස සුවහසක් සිසු දරුවන්ගේ නැණ නුවණ පාදන මේ නිහතමානී කලාකරුවා ජයලාල් රෝහණ. පාසල් ගියේ සතියට දවස් තුනයි මගේ ගම ජයවර්ධනපුර කෝට්ටේ. අපේ රටේ දකින්න ලැබෙන සුන්දර පළාත්වලින් ලස්සන, වටිනා ප්‍රදේශයක්. අප්පච්චි, අම්මා, මල්ලි, නංගී, සහ මම අපේ පවුලේ සාමාජිකයන්.දියවන්නා ඔය ආසන්නව නිවෙස පිහිටා තිබු නිසාවෙන් කුඩා කාලයේ මුහුණදුන් රසබර සිදුවීම් බොහෝමයි.1971 පළමු වසරට පාසලට ඇතුළත් කළ වසර.මට මතකයි අම්මයි,අප්පච්චියි ගෙවල්වලට ආසන්නම පාසලවන කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයට මාව ඇතුළත්කළා.කාලය ගෙවීයද්දී 1976 අගභාගයේදි අපේ ගෙදරට බොහොම නරක කල දසාවක් උදාවුණා. ඒ කිසියම් පිරිසක් විසින් අප්පච්චි ඝාතනය කිරීමයි. එතකොට හරියටම වයස 13 ලැබුවා විතරයි. අම්මත් රැකියාවක් නොකරන නිසා එතැන් පටන් ජීවිත ගමන ගෙවා දැමීම ලෙහෙසි පහසු වුණේ නෑ. ඉන් පසුව මම පාසල් ගියේ සතියට දවස් තුනයි. ඉතිරි දවස් දෙක මේසන් බාස්ලට අත්උදවු දෙන්න, කොන්ක්‍රීට් අනන්න වැනි දවස් කුලියට මුදල් උපයන්න වෙහෙසුණා. එහෙම කරල කොහොම හරි සා.පෙළ හොඳින් සමත්වුණා. පසුව පෙර ලෙසම පාසල් යනගමන් මුදල් උපයමින් උසස් පෙළත් හොඳින් සමත්වුණා. ඕකට තමයි කියන්නේ බඩට කන්න නැතිවෙන තරමට දුක දැනෙනවා වැඩියි.එතකොට ඒ දුකෙන් ගැලවෙන්න හොඳම මාර්ගය ඉගෙනගෙන ගොඩයන එකයි කියන හැඟීම හිතට එනවා.ඔය විදිහට ජීවිතේට ආපු සියලු බාධක ජයගනිමින් පවුලටත් ශක්තිය වෙමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නත් වාසනාව උදාකරගත්තා. 'ලෝකා'නාට්‍යයට සම්මාන නමයක් 1987 වසර වනවිට වේදිකාවේ ජයලාල් රෝහණ කියන නම ෙප්ර්ක්ෂකයන්ට ටික ටික හුරු පුරුදු වෙන්න පටන් ගත්තා. ඒවන විට කෙටි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදනය, අංගරචනය, රංගනය ආදියෙන් දායක වී සිටියා.1987 දී මගේ 'ලෝකා' වේදිකා නාට්‍යය යෞවන සම්මාන උළෙලේදි සම්මාන 9 ක් ලබාගෙන හොඳම නාට්‍යය බවට පත්වීම නාට්‍ය ක්ෂේත්රයේ ලැබූ ජයග්‍රහණයක්. හොඳම නළුවා, හොඳම නිෂ්පාදක, හොඳම රචකයා, හොඳම පසුතල නිර්මාණ ශිල්පය ආදී සම්මාන නමයක් මගේ නාට්‍යයට ඒ වසරේදී හිමිවීම සුවිශේෂියි. රොජර් සෙනෙවිරත්න, රසාදරී පීරිස්, ප්‍රසාද් සූරියආරච්චි වැනි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් එහි රංගනයෙන් දායකවුණා. විශේෂයෙන් ප්‍රසාද් සූරියආරච්චිත් මා සමග කරට කර රඟ පෑම නිසා ඔහුටත් විශිෂ්ඨ රංගනය වෙනුවෙන් පිදෙන සම්මානයක් හිමි වුණා. 2005 සුමති සම්මාන උළෙලේදී 'ඉසුරු යෝගය' ටෙලිනාට්‍යයේ කළ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය හිමිවුවා. සුමින්ද සිරිසේන, රොජර් සෙනෙවිරත්න යන ප්‍රවීණයන් දෙදෙනාගේ නමත් සමගයි මගේ නම යෝජනා වී මට හොඳම නළුවාට හිමි සම්මානය හිමි වන්නේ. මට මතකයි ඔවුන් දෙදෙනාම ඉතාම නිහතමානීව මට සුබපතපු හැටි. ඉසුරු යෝගය නිෂ්පාදක සුසිවන් ද සිල්වා මහතාට ස්තූතිවන්ත වනවා එවැනි චරිතයකට මාව තෝරා ගැනීම සම්බන්ධව. [SIZE="4"][COLOR="Black"][B]තුන්වතාවක්ම නොමැරී බේරුණා මම ජීවිතයේ කිහිප අවස්ථාවකදීම මැරිලා ඉපදුණු මිනිසෙක්.එකක් පිට කොටුවේ බස් ස්ටෑන්ඩ් එකට ත්රස්තවාදීන් විසින් කළ බෝම්බ පිපිරීම. හරියටම අප්‍රේල් මාසේ 21වැනිදාවක්. නීතිඥ හේමන්ත ගමගේ මිතුරාත්,මමත්, තවත් මිතුරෙකුත් එම ස්ථානයේ සිටියා. හේමන්ත සහ මම බේරුණත් අනිත් මිතුරා බෝම්බයෙන් මියගියා. අදටත් ඔහුව මතක්වෙන වාර අනන්තයි. තවත් වරක් නුගේගොඩ රොටරියෙ උගන්වා හයිලෙවල් පාර දිගේ දෙහිවලට ආවා කෝච්චියට නගින්න.එහෙත් ආපහු හිතුණා බස් එකේ පිටකොටුවට යනවා කියා තීරණය වෙනස්කර අඩි කිහිපයයි ඉදිරියට යන්න වුණේ විශාල ශබ්දයක් කන ළඟින්ම ඇසුණා. බෝම්බය පිපිරී ගිනි ජාලාවක් අහසට නගිනවා.එදත් මගේ දිවි බේරුණේ පරණ පිනකින්.ඇස් ඉදිරිපිට මිනිසුන් මැරී වැටෙනවා දුටු දෙවැනි අවස්ථාව එයයි . තවත් වරෙක දෙමටගොඩදී මුහුණ දුන් බිහිසුණු දුම්රිය අනතුර කිසි ම පුද්ගලයකුට නොවේවා කියා හැම වෙලේම ප්‍රාර්ථනා කරනවා.එදා විශ්වවිද්‍යාලයේ සිට ගෙදර යන්න දෙමටගොඩ කෝච්චිපාර හරහා යමින් සිටියදී ජංගම දුරකථනයෙන් කතාකරමිනුයි ගමන්කළේ. පිටුපසින් පැමිණි දුම්රියක හැපී විසිවී ගොස් තිබෙනවා. වුණේ මොකද්ද කියා කිසිම දෙයක් අදටත් හිතාගන්න බෑ. කොහොම හරි හැමෝම හිතල තිබුණෙ මම මැරිලා කියල. දන්න කියන අයත් දැක දැකම අහකබලා ගෙනයද්දී දෙමටගොඩ චූටි මල්ලි කියන හිත හොඳ මනුස්සයා මාව ත්‍රී රෝද රථයක දමාගෙන රෝහලට ගෙනිහින් තිබෙන්නේ අනික් අය කියන කිසිත් පිළිනොගෙන මට තවමත් පණ තිබෙනවා කියමින්. ඔහු නොහිටින්න ජයලාල් රෝහණ කියන පුද්ගලයා අද ජීවතුන් අතර නෑ. හැම මොහොතකම මට ඔහුව සිහිවනවා. මගේ පණ රැකදුන්නාට ඔහුට අනේක වාරයක් පින්. මගේ රසිකයනුත් එම අවස්ථාවේ මා වෙනුවෙන් බෝධි පූජා පවත්වා සුවය ප්රාර්ථනාකර තිබෙනවා.මට හිතෙන්නෙ මෙවැනි මාරක අනතුරුවලින් බේරෙන්නෙ අපි කරන යහපත් ක්‍රියා නිසා වෙන්න ඇති. [/B][/COLOR][/SIZE] කසාදෙට වැයවුණේ 45000යි මනාලියව මනාලයාම හැඩ ගැන්වු පුවතක් සමහරවිට ඔබ අසාවත් නැතිව ඇති. ඒත් මගේ පෙම්වතිය පසුව බිරිය කරගන්න විවාහ වු දිනයේ ඇයව හැඩගැන්වුයේ මගේ අතින්මයි.අපි රූපලාවන්‍ය ශිල්පීන් කිහිපදෙනෙක් ළඟටම ගොස් මිල ගණන් විමසුවා හැඩගන්වා ගැනීමට. ඔවුන් ඉල්ලන තරම් මුදලක් වැය කිරීමට අප දෙදෙනාටම නොහැකිබව තේරුණා. පසුව මම කීවා මගේ ළඟ තිබෙන මෙකප් සෙට්එකෙන් මම හැඩගන්වන්නම් කියා.රුපියල් 45000 කින් විවාහ උත්සවය ගත් පුද්ගලයෙක් මම. අද කාලෙ වගේ ලෝන් දාලා විවාහ වෙලා බෙල්ලෙ වැල දාගන්නේ නැතිව අතේ තියෙන ගානට විවාහ උත්සවය ගත්තා.ඒ නිසා අදත් සතුටින් ඉන්නවා. පළමු සංචාරය ඉතාලියට 2014වසරේදී ඉතාලියේ මකොලි විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකට සහභාගිවීම ජීවිතයේ අමතක නොවන අත්දැකීම් රැසක් ලැබූ අවස්ථාවක්. එහිදී මට හමුවුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගන්වන මහාචාර්යවරයෙක්.දන්න කියන කවුරුත් නැති රටක එතුමා මුණ ගැසුණු විට මට හරිම සතුටක් දැණුනා. ඒ වෙලාවේ හැඟුනා ලෝකේ කොහේ ගියත් ලාංකිකයකු හමුවනවා කියන කියමන. එහිදී බහුවාර්ගික ජනතාවට එක්දින දේශනයක් පවත්වන්නට සිදුවුණා. ඉන් පසුව විවිධ රටවල්වලට සංචාරය කළත් පළමු සංචාරය මැරෙන තුරාවට අමතක වන්නේ නෑ. 'ගොන්ඩෝලා'පළමු දර්ශනයට අමුත්තෙක් පසුගිය ජුනි 22දා මගේ අලුත්ම වේදිකා නාට්‍ය 'ගොන්ඩෝලා'වේදිකා ගත වුණා. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙමින් සුබ මොහොතින් පහන පත්තුකිරීමට පැමිණියේ මගේ පාසලවන කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ නාට්‍ය ඉගැන්වු පතිරගේ ගුරු මෑණියන්. ඇය තමයි එදා පුතා කැමැතිද නාට්‍ය කරන්න කියා මාව එක්කගෙන ගිහින් නාට්‍ය රංගනයට යොමුකළේ. එතුමිය නොහිටින්න ජයලාල් රෝහණ කියන රංගන ශිල්පියා බිහි නොවන්නත් පුළුවන්.රංගන දිවියට,රැකියාව හොඳින් කරගෙනයෑමට බිරිඳගෙන් සහ දරුවන්ගෙන් ලැබෙන සහායත් අමතක කළ නොහැකියි. ඇය යක්කල ශ්රීචන්ද්රජෝතිි විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරනවා.දියණිය ගම්පහ යසෝදරාදේවි බාලිකාවේ උසස් පෙළ හදාරන අතර ඇය භාත්කණ්ඩේ විභාගයේ අවසාන වසරේ ඉගෙන ගනිමින් සිටිනවා. පුතා කොළඹ ආනන්ද විද්‍යාලයේ තාක්ෂණ විෂයයන්ගෙන් අධ්‍යාපනය හදාරනවා.ජීවිතයේ කිසිම දවසක අතීතය අමතක කර අනාගතයට යා නොහැකියි.අතීතයේ අනේක දුක්විඳ වර්තමානයේ සතුටුවිය හැකි තැනක සිටිම ගැන තිබෙන්නේ නිහතමානී සතුටක්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom