Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජර්මන් යුද්ධ ටැංකිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන ලෝක සංග්‍රාමයේ භාවිතා වූ හොඳම ජර්මන් යුද්ධ ටැංකිය.

මේ ආකාරයේ විස්තර වලදී අප බොහෝවිට අමතක කරන කරුණක් වන්නේ, ඒ යුධ භුමියේ හෝ යුධ ටැංකියේ ගමන් ගත් සෙබළුන්ට අයත් වන ඉරණමයි. සතුරු ප්‍රහාරයක් වුවහොත් සදාකාලික අබ්බගාතයෙක් වීම හෝ මිය යාම නියත වේ. සුන්දර තාරුණ්‍යය කැප කර යුද්ධය වෙනුවෙන් දිවි පිදූ ඒ “නාදුණන සෙබලා” ට අප ගරු කල යුතු තවත් හේතුවක් එය වේ. දරුණු තුවාල ලබා මියයාම, සදහට අබ්බගාතයෙක් වීමට වඩා දහස් ගුණයක් හොඳ වුවද, බොහෝ විට යුධ භුමියේ සත්‍ය තත්වය කියා පාන්නේ එසේ යන්තම් දිවි ගලවාගත් සෙබළුන් වේ.

විශේෂයෙන් යුධ ටැංකියක හිරවී, එනම් ලෝහමය ටැංකියක් හාත්පසින් ගිණි ගන්නා විට ඇතුලේ දැවී මිය යාම, කිසිසේත් මරණය වැළඳ ගැනීමේ හොඳ ක්‍රමයක් නම් නොවේ. සතුරු ප්‍රහාරයකදී වදින උණ්ඩයකින් යුධ ටැංකියක් බේරා ගැනීමට කල හැකි සියලු උපායයන් යොදනු ලැබේ. යුධ ටැංකි නිර්මාපකයන් ට තිබී හොඳම පිළියම වූයේ, තම යුධ ටැංකියේ වෙඩි වදින පරාසයේ බිත්ති හැකිතාක් ඝනකම කිරීමයි. එහෙත් මෙය නිර්මාපකයාගේ පැත්තෙන් පහසු දෙයක් නොවේ.

මක්නිසාදයත්, එවිට යුධ ටැංකියේ බර වැඩි වීම නිසා වේගයෙන් ධාවනය කිරීම මෙන්ම ක්ෂණික පාලනය අපහසු වීම නිසාය. එවිට යුධ ටැංකිය ලෙහෙසියෙන් වෙඩි තබා දැමිය හැකි පාත්තයෙක් මෙනි. ඝනකම තහඩු නැත්නම්, එය වේගයෙන් චලනය කල හැක. එහෙත් සතුරු ප්‍රහාරයකදී පහසුවෙන් විනාශ වේ. මෙන්න මේ අවස්ථා දෙකේ සමබරතාවය ඉතා වැදගත් වේ.

“ජර්මන් පැන්තර් යුධ ටැංකිවල” මේ සමබරතාවය තිබින. ගැන සොයන විට ඒවා රුසියානු T -34 ටැංකි වලට සමාන බවක් පෙනේ. පළමු මූලාකෘතිය නිෂ්පාදනය කළේ, අද දින ඉහළ තත්වයේ ට්‍රක් රථ නිෂ්පාදනය කරන ජර්මන් “MAN” සමාගම විසිනි. ඔවුන් 1942 සැප්තැම්බර් මාසයේදී ජර්මනියේ නියුරම්බර්ග් [Nuernberg] කාර්මික නගරයේ නිෂ්පාදනය ආරම්භ කළහ. මේ යුධ ටැංකියක් අද දින එංගලන්තයේ “Bovington” යුධ ටැංකි කෞතුකාගාරයේ ඇත. “පැන්තර් යුද ටැංකි”, ඝන සන්නාහයකින් දැඩි ලෙස සන්නද්ධ නොවූ නමුත් බොහෝ දුරට සමබර නිර්මාණයක් විය.

එය වේගවත්ම ජර්මානු ටැංකි වලින් එකක් වූ අතර, ඉතා පහසුවෙන් චලනය කල හැකි තුවක්කුවකින්ද සමන්විත විය.

එහි ඇති නරකම දෝෂය වූයේ එන්ජිම ආපසු ක්‍රියා විරහිත වුවහොත් ගිනිගැනීමේ ප්රවණතාවයි. මෙයට “බැක් ෆයර්” යයි කියනු ලැබේ. පරණ යුරෝපීය මෝටර් සයිකල් පැද ඇති කෙනෙක් ඒ ගැන දනී. කෙටියෙන් කිවහොත් පණ ගැන්වීමේදී එන්ජිම අනෙක් පසට වටයක් පමණ කරකැවීමට අවකාශ ඇත. දෝෂයන් වූයේ එන්ජිම ගිනිගැනීමේ ප්‍රවණතාවය සහ යම් තරමක අවිශ්වාසයක්, නිතර නිතර හා දක්ෂ නඩත්තු කිරීම සහ ප්‍රවේශමෙන් පැදවීම අවශ්‍ය වීමයි. “Model G” යනු පැන්තර් හි අවසාන ප්‍රධාන නිෂ්පාදන ප්‍රභේදය වූ අතර එය යුද්ධය අවසානයේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ ගොඩනඟන ලද එකකි.

මේවා බ්‍රිතාන්‍යයේ සහ ජර්මනියේ අත්හදා බැලූ අතර පසුව බ්‍රිතාන්‍යයන් කල “සෙන්චූරියන්” යුධ ටැංකි නිර්මාණයට දායක වන්නට ඇතයි කියති.

සුප්‍රසිද්ධ කර්ස්ක් [Kursk] සටනේ, “පැන්සර් IV” සමඟ “පැන්තර්” ද භාවිතා විය. “පැන්තර් යුධ ටැංකියේ” විශේෂ ලකුණක් විය. එනම් යුධ භුමියේ සතුරා විසින් කණින ලද අගල් වලින් විගස ගොඩ ඒමේ හැකියාවයි. පින්තුරය නිරීක්ෂණය කල විට එය පෙනී යයි. එනම් එහි ඉදිරියේ ඇති රෝද සමතලා පොලවේ ගැටෙන්නේ නැත. එනිසා, වලකට වැටුණු විට එහි හිර නොවී, පහසුවෙන් ගොඩට ඒමේ හැකියාව වැඩි වේ.

පැන්තර් හී නිශ්චිත නම වන්නේ “Panzerkampfwagen V Aus G” අතර වෙනත් ආකාර “SdKfz 171, VK3002, Panther I, Pz Kpfw Panther (Aus G) සේ වේ. එය දෙවන ලෝක සංග්‍රාමයේ හොඳම ජර්මානු ටැංකිය යයි කියති. සමහර විට දෙවන ලෝක සංග්‍රාමයේ ඕනෑම සටන්කරුවෙකු විසින් සටනේදී භාවිතා කල හොඳම මධ්‍යම ටැංකිය එය විය. හොඳම ටැංකිය සඳහා වන සම්මානය සඳහා වන අනෙක් තරඟකරුවෙක් සිටී නම් එය සෝවියට් රුසියන් යුධ ටැංකියක් වන “T34” වන අතර, එහි පෙර අනුවාදයන් “පැන්තර්” හි සැලසුමේ සමහර අංගයන් වල ආභාෂය ලබා ඇත.

1941 ජූලි මාසයේදී රුසියානුන් විසින් ජර්මානුවන්ට පහර දීමේදී සෝවියට් T34/76 සහ KV ටැංකි ඔවුන්ව සම්පූර්ණයෙන්ම පුදුමයට පත් කලෝය. ජර්මානු ඕනෑම ටැංකියකට වඩා ඒවා උසස් විය. එයට එරෙහිව, ජර්මානු හමුදා සඳහා ඉක්මනින්ම නව ටැංකියක් අවශ්‍ය විය.

ඒ අනුව ජර්මන් යුධ යාන්ත්‍රණය විසින් “Daimler Benz” සහ “MAN” සමාගම් වලින් නව මධ්‍යම ටැංකියක් සැලසුම් කරන ලෙස ඉල්ලා සිටියේය. අවසානයේ MAN නිර්මාණය ජයග්‍රහණය කළ අතර පළමු මූලාකෘතිය 1942 සැප්තැම්බර් මාසයේදී එළි දැක්විණි.

ඇත්ත වශයෙන්ම නැගී ගෙන ආ ආයතනයක් සේ වූ ඩේම්ලර් කණ්ඩායමේ, “මර්සිඩීස් බෙන්ස්” ආයතනයේ කීර්තියට එය විශාල පහරක් වූවායි කියනු ලැබේ. කෙසේ වුවද, “පැන්තර්” සේ නම් කරන ලද එම නව යුධ ටැංකිය 1943 මැයි මස අවසානය වන විට සේවයට සූදානම් විය යුතු බවට හිට්ලර් නියෝග කළේය.

Panther Aus D 1943 ජූලි මාසයේදී කර්ස්ක් සටනේදී සිය පළමු සටන ආරම්භ කළ අතර එය ඉතිහාසයේ විශාලතම යුධ ටැංකි සටන විය. බොහෝ මුල් ආකෘති පැන්තර්ස් ටැංකි අහිමි වූයේ සතුරාගේ ක්‍රියාවට වඩා යාන්ත්‍රික දෝෂයක් නිසාය. එනම් රෝද රිම් වල අසාර්ථකත්වය, සම්ප්‍රේෂණයේ [ගියර් පෙට්ටියේ ගැටළු] සහ එන්ජිම ගිනිගැනීමේ ප්‍රවණතාව වැනි දෝෂ හේතුවෙනි.

පැන්තර් බඳට ලෝහමය තහඩු වෑල්ඩින් කර ඇති අතර බෑවුම් සහිත, ඝන, සන්නාහයකින් යුක්ත විය. බඳ ඉදිරිපස ඉහළ කොටස සෙන්ටිමීටර 6 ක්, ටර්ට් ඉදිරිපස සෙන්ටිමීටර් 8 ක් ඝනකම තහඩු ඇත. එවිට බොහෝ සතුරු ටැංකි තුවක්කු මගින් එල්ල කරන වෙඩි පහරට ප්‍රතිරෝධය දැක්වීමට එය සමත් විය. දම්වැල දෙපස විශාල රෝද යුගල අටක් මත ගෙන තිබිණි. ඉදිරියට ගියර් 7ක් සහ පසුපසට ගියර් 1 ක් ඇති ගියර් පෙට්ටිය බඳෙහි ඉදිරිපස වූ අතර, ප්රතිරෝධිත අශ්ව බල 700 ක ජලයෙන් සිසිල් වන “මේබැක් පෙට්‍රල් එන්ජිම” [Maybach HL230P30,] පිටුපස විය.

කාර්මික දත්ත :- මේ එන්ජින් වල කාර්බියුරේටර් ක්‍රමය පැවතිනි. එක හේතුවක් වූයේ ස්ථාවර ඉන්ධන විදීම් ක්‍රම [Fuel injection] ඒ කාලයේ නොතිබීම විය. ඒ හැරත් මෙය යුද්ධය විය. යුද්ධයේ ඉන්ධන ඉතිරි කිරීමක් ගැන සැලකීමක් නැත. උදාහරණයක් සේ මෑතක් වනතුරු රේස් තරඟ සඳහා භාවිතා වන මෝටර් රථ වල පැරණි කාර්බියුරේටර් ක්‍රම වඩාත් ජනප්‍රිය විය.

කෙටියෙන් කිවහොත් එය “ඉදිරිපස රෝද” වලින් දුවන මෝටර් රථයක් මෙන් විය. ඊට හේතුව වූයේ, යුධ ටැංකියේ ජීව නාලිය වන එන්ජිමට වැඩි ආරක්ෂාවක් ලබා දීමට වෙඩි සහ බෝම්බ වලින් වඩාත් ආරක්ෂිත සේ පසුපසට දැමීමේ අවශ්‍යතාවයයි. සරළ “ටෝර්ශන් බාර් “ හැරවීමේ ක්‍රමය [Torsion bar-Google please] නිසා එය මෝටර් රථයක් මෙන් ක්‍රියාත්මක කිරීමට හැකි විය. වැඩි විස්තර සඳහා ටයිගර් යුධ ටැංකි බලන්න.

පැන්තර් ටැංකියේ උණ්ඩයට ඉහළ ප්‍රවේගයක් දෙන, නිරවද්‍ය 7.5cm තුවක්කුවක් සවි කර ඇත. උණ්ඩයේ වේගය තත්පරයට මීටර් 1,120ක් විය. එය මීටර් 1,000 ක් ඈත ඇති එහෙත් අංශක 30 ක බෑවුම් සහිත, සෙන්ටි මීටර් 14.9ක් ඝනකම සන්නාහ තහඩුවක් විනිවිද යා හැකිය. මේ තත්ත්ව සහතිකයේ විශේෂයක් ඇත. එනම් උණ්ඩයකට පහසුවෙන් විනිවිද යා හැක්කේ, ඊට ලම්භකව ඇති ඉලක්කයක් හරහාය. එහෙත් ආනතියකින් යුතු ඉලක්කයක් පවා විනිවිද යා හැකි මේ පැන්තර් හී උණ්ඩය කොතෙක් බලවත්ද යන්න ඉහත දත්තයෙන් පෙනේ.

පැයට කිලෝ මීටර් 45 වේගයක් ගතහැකි, ටොන් 45.5 ක් බර, මෝටර් රථයක් මෙන් පාලනය කිරීමට පහසු. “පැන්තර් යුධ ටැංකි” අටසිය පනහක් වැඩි දියුණු කර නිෂ්පාදනය කරන ලද අතර, ඒ ප්‍රමාණය හිට්ලර් නියෝග කරන ලද ඉලක්කය අභිබවා ගියේය!

“Panther Aus G” යනු, සටනේදී අධෝරක්ත රාත්‍රී දර්ශන ආධාරක භාවිතා කළ පළමු ටැංකියයි. ටරට් එකේ සවි කරන ලද අධෝරක්ත සෙවුම් ආලෝකයක් මගින් ලැබෙන සහායයෙන් අණ දෙන නිලධාරියා සඳහා අධෝරක්ත දර්ශනයක් තිබිණ.

පසුව 7.5cm තුවක්කුවේ පහර දීමේ බලය සහ නිරවද්‍යතාවය මෙන්ම එහි අධෝරක්ත කිරණ හරහා දැකිය හැකි දර්ශන වල ගුණාත්මක භාවය ගැන බ්‍රිතාන්‍යයන් සහ මිත්‍ර හමුදා පුදුමයට පත් විය. එය බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු ටැංකියකින් සොයාගත් ඕනෑම දෙයකට වඩා බෙහෙවින් උසස් යැයි සැලකේ. “පැන්තර්” ටැංකි, “ටයිගර් I සහ II ” ටැංකි මෙන් දැඩි ලෙස සන්නද්ධ හෝ සන්නද්ධ නොවීය. එහෙත් එය වඩා හොඳ සමතුලිත, සමබර නිර්මාණයක් විය.

අපට කිසි කලෙක මේ ආකාරයේ යුධ ටැංකියක් හදන්න තියා, කුඩා විදුළි වාහනයක් වත් නිර්මාණය කරන්න නොහැකි වෙනු ඇත. එහෙත් මේ යුධ ටැංකි තැනීමට මුල් වූ සම්ප්රදායයන්, යුද්ධයට ගැලපී යන ආකාරයෙන් ඒවා නිර්මාණය කල අයුරු දැන ගැනීමෙන් අපේ සිතීමේ සහ තාක්ෂණික තර්කනයේ නිම් වළලු පුළුල් වනු ඇත. අවබෝධ කරගත යුතු අනෙක් කරුණ වන්නේ, යුද්ධයක් ඉදිරියේ ආර්ථික කරුණු වලට එතරම් තැනක් නොදීමයි.

මේ දැනුම සහ නිර්මාණ මිනිසාගේ යහපත සඳහා භාවිතා කළා නම් ලෝකය සුරපුරයක් වන්නට තිබිණ. දෙවන මහා ලෝක සංග්‍රාමය නිසා ලෝකයේ කාබනික විමෝචනය සැලකියයුතු ආකාරයකින් ඉහළ යන්නට ඇත.

නමුත් ලෝකය හිතුවක්කාරය. එය කරකැවෙන්නේ මානුෂික හේතු හෝ පාරිසරික හේතු නිසා නොව මුදලට සහ බලයට කෑදර නායකයන් නිසා ය.

[ATTACH=full]161747[/ATTACH]

[QUOTE="IMUNA, post: 27410602, member: 392391"] දෙවන ලෝක සංග්‍රාමයේ භාවිතා වූ හොඳම ජර්මන් යුද්ධ ටැංකිය. මේ ආකාරයේ විස්තර වලදී අප බොහෝවිට අමතක කරන කරුණක් වන්නේ, ඒ යුධ භුමියේ හෝ යුධ ටැංකියේ ගමන් ගත් සෙබළුන්ට අයත් වන ඉරණමයි. සතුරු ප්‍රහාරයක් වුවහොත් සදාකාලික අබ්බගාතයෙක් වීම හෝ මිය යාම නියත වේ. සුන්දර තාරුණ්‍යය කැප කර යුද්ධය වෙනුවෙන් දිවි පිදූ ඒ “නාදුණන සෙබලා” ට අප ගරු කල යුතු තවත් හේතුවක් එය වේ. දරුණු තුවාල ලබා මියයාම, සදහට අබ්බගාතයෙක් වීමට වඩා දහස් ගුණයක් හොඳ වුවද, බොහෝ විට යුධ භුමියේ සත්‍ය තත්වය කියා පාන්නේ එසේ යන්තම් දිවි ගලවාගත් සෙබළුන් වේ. විශේෂයෙන් යුධ ටැංකියක හිරවී, එනම් ලෝහමය ටැංකියක් හාත්පසින් ගිණි ගන්නා විට ඇතුලේ දැවී මිය යාම, කිසිසේත් මරණය වැළඳ ගැනීමේ හොඳ ක්‍රමයක් නම් නොවේ. සතුරු ප්‍රහාරයකදී වදින උණ්ඩයකින් යුධ ටැංකියක් බේරා ගැනීමට කල හැකි සියලු උපායයන් යොදනු ලැබේ. යුධ ටැංකි නිර්මාපකයන් ට තිබී හොඳම පිළියම වූයේ, තම යුධ ටැංකියේ වෙඩි වදින පරාසයේ බිත්ති හැකිතාක් ඝනකම කිරීමයි. එහෙත් මෙය නිර්මාපකයාගේ පැත්තෙන් පහසු දෙයක් නොවේ. මක්නිසාදයත්, එවිට යුධ ටැංකියේ බර වැඩි වීම නිසා වේගයෙන් ධාවනය කිරීම මෙන්ම ක්ෂණික පාලනය අපහසු වීම නිසාය. එවිට යුධ ටැංකිය ලෙහෙසියෙන් වෙඩි තබා දැමිය හැකි පාත්තයෙක් මෙනි. ඝනකම තහඩු නැත්නම්, එය වේගයෙන් චලනය කල හැක. එහෙත් සතුරු ප්‍රහාරයකදී පහසුවෙන් විනාශ වේ. මෙන්න මේ අවස්ථා දෙකේ සමබරතාවය ඉතා වැදගත් වේ. “ජර්මන් පැන්තර් යුධ ටැංකිවල” මේ සමබරතාවය තිබින. ගැන සොයන විට ඒවා රුසියානු T -34 ටැංකි වලට සමාන බවක් පෙනේ. පළමු මූලාකෘතිය නිෂ්පාදනය කළේ, අද දින ඉහළ තත්වයේ ට්‍රක් රථ නිෂ්පාදනය කරන ජර්මන් “MAN” සමාගම විසිනි. ඔවුන් 1942 සැප්තැම්බර් මාසයේදී ජර්මනියේ නියුරම්බර්ග් [Nuernberg] කාර්මික නගරයේ නිෂ්පාදනය ආරම්භ කළහ. මේ යුධ ටැංකියක් අද දින එංගලන්තයේ “Bovington” යුධ ටැංකි කෞතුකාගාරයේ ඇත. “පැන්තර් යුද ටැංකි”, ඝන සන්නාහයකින් දැඩි ලෙස සන්නද්ධ නොවූ නමුත් බොහෝ දුරට සමබර නිර්මාණයක් විය. එය වේගවත්ම ජර්මානු ටැංකි වලින් එකක් වූ අතර, ඉතා පහසුවෙන් චලනය කල හැකි තුවක්කුවකින්ද සමන්විත විය. එහි ඇති නරකම දෝෂය වූයේ එන්ජිම ආපසු ක්‍රියා විරහිත වුවහොත් ගිනිගැනීමේ ප්රවණතාවයි. මෙයට “බැක් ෆයර්” යයි කියනු ලැබේ. පරණ යුරෝපීය මෝටර් සයිකල් පැද ඇති කෙනෙක් ඒ ගැන දනී. කෙටියෙන් කිවහොත් පණ ගැන්වීමේදී එන්ජිම අනෙක් පසට වටයක් පමණ කරකැවීමට අවකාශ ඇත. දෝෂයන් වූයේ එන්ජිම ගිනිගැනීමේ ප්‍රවණතාවය සහ යම් තරමක අවිශ්වාසයක්, නිතර නිතර හා දක්ෂ නඩත්තු කිරීම සහ ප්‍රවේශමෙන් පැදවීම අවශ්‍ය වීමයි. “Model G” යනු පැන්තර් හි අවසාන ප්‍රධාන නිෂ්පාදන ප්‍රභේදය වූ අතර එය යුද්ධය අවසානයේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ ගොඩනඟන ලද එකකි. මේවා බ්‍රිතාන්‍යයේ සහ ජර්මනියේ අත්හදා බැලූ අතර පසුව බ්‍රිතාන්‍යයන් කල “සෙන්චූරියන්” යුධ ටැංකි නිර්මාණයට දායක වන්නට ඇතයි කියති. සුප්‍රසිද්ධ කර්ස්ක් [Kursk] සටනේ, “පැන්සර් IV” සමඟ “පැන්තර්” ද භාවිතා විය. “පැන්තර් යුධ ටැංකියේ” විශේෂ ලකුණක් විය. එනම් යුධ භුමියේ සතුරා විසින් කණින ලද අගල් වලින් විගස ගොඩ ඒමේ හැකියාවයි. පින්තුරය නිරීක්ෂණය කල විට එය පෙනී යයි. එනම් එහි ඉදිරියේ ඇති රෝද සමතලා පොලවේ ගැටෙන්නේ නැත. එනිසා, වලකට වැටුණු විට එහි හිර නොවී, පහසුවෙන් ගොඩට ඒමේ හැකියාව වැඩි වේ. පැන්තර් හී නිශ්චිත නම වන්නේ “Panzerkampfwagen V Aus G” අතර වෙනත් ආකාර “SdKfz 171, VK3002, Panther I, Pz Kpfw Panther (Aus G) සේ වේ. එය දෙවන ලෝක සංග්‍රාමයේ හොඳම ජර්මානු ටැංකිය යයි කියති. සමහර විට දෙවන ලෝක සංග්‍රාමයේ ඕනෑම සටන්කරුවෙකු විසින් සටනේදී භාවිතා කල හොඳම මධ්‍යම ටැංකිය එය විය. හොඳම ටැංකිය සඳහා වන සම්මානය සඳහා වන අනෙක් තරඟකරුවෙක් සිටී නම් එය සෝවියට් රුසියන් යුධ ටැංකියක් වන “T34” වන අතර, එහි පෙර අනුවාදයන් “පැන්තර්” හි සැලසුමේ සමහර අංගයන් වල ආභාෂය ලබා ඇත. 1941 ජූලි මාසයේදී රුසියානුන් විසින් ජර්මානුවන්ට පහර දීමේදී සෝවියට් T34/76 සහ KV ටැංකි ඔවුන්ව සම්පූර්ණයෙන්ම පුදුමයට පත් කලෝය. ජර්මානු ඕනෑම ටැංකියකට වඩා ඒවා උසස් විය. එයට එරෙහිව, ජර්මානු හමුදා සඳහා ඉක්මනින්ම නව ටැංකියක් අවශ්‍ය විය. ඒ අනුව ජර්මන් යුධ යාන්ත්‍රණය විසින් “Daimler Benz” සහ “MAN” සමාගම් වලින් නව මධ්‍යම ටැංකියක් සැලසුම් කරන ලෙස ඉල්ලා සිටියේය. අවසානයේ MAN නිර්මාණය ජයග්‍රහණය කළ අතර පළමු මූලාකෘතිය 1942 සැප්තැම්බර් මාසයේදී එළි දැක්විණි. ඇත්ත වශයෙන්ම නැගී ගෙන ආ ආයතනයක් සේ වූ ඩේම්ලර් කණ්ඩායමේ, “මර්සිඩීස් බෙන්ස්” ආයතනයේ කීර්තියට එය විශාල පහරක් වූවායි කියනු ලැබේ. කෙසේ වුවද, “පැන්තර්” සේ නම් කරන ලද එම නව යුධ ටැංකිය 1943 මැයි මස අවසානය වන විට සේවයට සූදානම් විය යුතු බවට හිට්ලර් නියෝග කළේය. Panther Aus D 1943 ජූලි මාසයේදී කර්ස්ක් සටනේදී සිය පළමු සටන ආරම්භ කළ අතර එය ඉතිහාසයේ විශාලතම යුධ ටැංකි සටන විය. බොහෝ මුල් ආකෘති පැන්තර්ස් ටැංකි අහිමි වූයේ සතුරාගේ ක්‍රියාවට වඩා යාන්ත්‍රික දෝෂයක් නිසාය. එනම් රෝද රිම් වල අසාර්ථකත්වය, සම්ප්‍රේෂණයේ [ගියර් පෙට්ටියේ ගැටළු] සහ එන්ජිම ගිනිගැනීමේ ප්‍රවණතාව වැනි දෝෂ හේතුවෙනි. පැන්තර් බඳට ලෝහමය තහඩු වෑල්ඩින් කර ඇති අතර බෑවුම් සහිත, ඝන, සන්නාහයකින් යුක්ත විය. බඳ ඉදිරිපස ඉහළ කොටස සෙන්ටිමීටර 6 ක්, ටර්ට් ඉදිරිපස සෙන්ටිමීටර් 8 ක් ඝනකම තහඩු ඇත. එවිට බොහෝ සතුරු ටැංකි තුවක්කු මගින් එල්ල කරන වෙඩි පහරට ප්‍රතිරෝධය දැක්වීමට එය සමත් විය. දම්වැල දෙපස විශාල රෝද යුගල අටක් මත ගෙන තිබිණි. ඉදිරියට ගියර් 7ක් සහ පසුපසට ගියර් 1 ක් ඇති ගියර් පෙට්ටිය බඳෙහි ඉදිරිපස වූ අතර, ප්රතිරෝධිත අශ්ව බල 700 ක ජලයෙන් සිසිල් වන “මේබැක් පෙට්‍රල් එන්ජිම” [Maybach HL230P30,] පිටුපස විය. කාර්මික දත්ත :- මේ එන්ජින් වල කාර්බියුරේටර් ක්‍රමය පැවතිනි. එක හේතුවක් වූයේ ස්ථාවර ඉන්ධන විදීම් ක්‍රම [Fuel injection] ඒ කාලයේ නොතිබීම විය. ඒ හැරත් මෙය යුද්ධය විය. යුද්ධයේ ඉන්ධන ඉතිරි කිරීමක් ගැන සැලකීමක් නැත. උදාහරණයක් සේ මෑතක් වනතුරු රේස් තරඟ සඳහා භාවිතා වන මෝටර් රථ වල පැරණි කාර්බියුරේටර් ක්‍රම වඩාත් ජනප්‍රිය විය. කෙටියෙන් කිවහොත් එය “ඉදිරිපස රෝද” වලින් දුවන මෝටර් රථයක් මෙන් විය. ඊට හේතුව වූයේ, යුධ ටැංකියේ ජීව නාලිය වන එන්ජිමට වැඩි ආරක්ෂාවක් ලබා දීමට වෙඩි සහ බෝම්බ වලින් වඩාත් ආරක්ෂිත සේ පසුපසට දැමීමේ අවශ්‍යතාවයයි. සරළ “ටෝර්ශන් බාර් “ හැරවීමේ ක්‍රමය [Torsion bar-Google please] නිසා එය මෝටර් රථයක් මෙන් ක්‍රියාත්මක කිරීමට හැකි විය. වැඩි විස්තර සඳහා ටයිගර් යුධ ටැංකි බලන්න. පැන්තර් ටැංකියේ උණ්ඩයට ඉහළ ප්‍රවේගයක් දෙන, නිරවද්‍ය 7.5cm තුවක්කුවක් සවි කර ඇත. උණ්ඩයේ වේගය තත්පරයට මීටර් 1,120ක් විය. එය මීටර් 1,000 ක් ඈත ඇති එහෙත් අංශක 30 ක බෑවුම් සහිත, සෙන්ටි මීටර් 14.9ක් ඝනකම සන්නාහ තහඩුවක් විනිවිද යා හැකිය. මේ තත්ත්ව සහතිකයේ විශේෂයක් ඇත. එනම් උණ්ඩයකට පහසුවෙන් විනිවිද යා හැක්කේ, ඊට ලම්භකව ඇති ඉලක්කයක් හරහාය. එහෙත් ආනතියකින් යුතු ඉලක්කයක් පවා විනිවිද යා හැකි මේ පැන්තර් හී උණ්ඩය කොතෙක් බලවත්ද යන්න ඉහත දත්තයෙන් පෙනේ. පැයට කිලෝ මීටර් 45 වේගයක් ගතහැකි, ටොන් 45.5 ක් බර, මෝටර් රථයක් මෙන් පාලනය කිරීමට පහසු. “පැන්තර් යුධ ටැංකි” අටසිය පනහක් වැඩි දියුණු කර නිෂ්පාදනය කරන ලද අතර, ඒ ප්‍රමාණය හිට්ලර් නියෝග කරන ලද ඉලක්කය අභිබවා ගියේය! “Panther Aus G” යනු, සටනේදී අධෝරක්ත රාත්‍රී දර්ශන ආධාරක භාවිතා කළ පළමු ටැංකියයි. ටරට් එකේ සවි කරන ලද අධෝරක්ත සෙවුම් ආලෝකයක් මගින් ලැබෙන සහායයෙන් අණ දෙන නිලධාරියා සඳහා අධෝරක්ත දර්ශනයක් තිබිණ. පසුව 7.5cm තුවක්කුවේ පහර දීමේ බලය සහ නිරවද්‍යතාවය මෙන්ම එහි අධෝරක්ත කිරණ හරහා දැකිය හැකි දර්ශන වල ගුණාත්මක භාවය ගැන බ්‍රිතාන්‍යයන් සහ මිත්‍ර හමුදා පුදුමයට පත් විය. එය බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු ටැංකියකින් සොයාගත් ඕනෑම දෙයකට වඩා බෙහෙවින් උසස් යැයි සැලකේ. “පැන්තර්” ටැංකි, “ටයිගර් I සහ II ” ටැංකි මෙන් දැඩි ලෙස සන්නද්ධ හෝ සන්නද්ධ නොවීය. එහෙත් එය වඩා හොඳ සමතුලිත, සමබර නිර්මාණයක් විය. අපට කිසි කලෙක මේ ආකාරයේ යුධ ටැංකියක් හදන්න තියා, කුඩා විදුළි වාහනයක් වත් නිර්මාණය කරන්න නොහැකි වෙනු ඇත. එහෙත් මේ යුධ ටැංකි තැනීමට මුල් වූ සම්ප්රදායයන්, යුද්ධයට ගැලපී යන ආකාරයෙන් ඒවා නිර්මාණය කල අයුරු දැන ගැනීමෙන් අපේ සිතීමේ සහ තාක්ෂණික තර්කනයේ නිම් වළලු පුළුල් වනු ඇත. අවබෝධ කරගත යුතු අනෙක් කරුණ වන්නේ, යුද්ධයක් ඉදිරියේ ආර්ථික කරුණු වලට එතරම් තැනක් නොදීමයි. මේ දැනුම සහ නිර්මාණ මිනිසාගේ යහපත සඳහා භාවිතා කළා නම් ලෝකය සුරපුරයක් වන්නට තිබිණ. දෙවන මහා ලෝක සංග්‍රාමය නිසා ලෝකයේ කාබනික විමෝචනය සැලකියයුතු ආකාරයකින් ඉහළ යන්නට ඇත. නමුත් ලෝකය හිතුවක්කාරය. එය කරකැවෙන්නේ මානුෂික හේතු හෝ පාරිසරික හේතු නිසා නොව මුදලට සහ බලයට කෑදර නායකයන් නිසා ය. [ATTACH type="full"]161747[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom